ඔයාමඩුවේ දී පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනය ජනාධිපතිතුමා අතින් පෙබරවාරි 04 වැනිදා විවෘත වූ අතර එය 10 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර විශේෂත්වයක් වන්නේ ප‍්‍රදර්ශනයට සමගාමීව රුපියල් දශ ලක්‍ෂ 21,742 ප‍්‍රතිපාදන මගින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ යටිතල පහසුකම් දියුණු කිරීමේ විශේෂ වැඩ සටහනය. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ඔයාමඩුව පිහිටා ඇත්තේ අනුරාධපුර බටහිර දෙසිනි. ඒ විල්පත්තු ජාතික වනෝද්‍යාන මායිමට නුදුරිනි. වසර 30කට ප‍්‍රථම එය කොටි ත‍්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්වූ ප‍්‍රදේශයකි. අද එය දර්ශනීය ප‍්‍රදර්ශන භූමියකි. ඔයාමඩුව ගැමියන්ගේ ප‍්‍රධාන ජීවිකාව ගොවිතැනය. ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ගොවිපොළ භූමියකය. අක්කර 2,500ක එම භූමියේ අක්කර 500ක් ප‍්‍රදර්ශනයට අයත් වේ. මෑතක් වන තුරු ඔයාමඩුව හන්දිය ප‍්‍රසිද්ධව පැවතියේ ආරක්‍ෂක අංශ මුරපොළක් ලෙසය. විලච්චිය සහ තන්තිරිමලය දෙසින් අනුරාධපුරයට පැමිණෙන වාහන සහ පුද්ගලයන් පරීක්‍ෂාවට ලක් වූයේ එහිදීය. කලෙක යුද හමුදාව මගින් ද පසුව පොලිස් සහ සිවිල් ආරක්‍ෂක අංශ මගින් ද ඔයාමඩුව හන්දියේ මුරපොළ මෙහෙයවනු ලැබීය. ගවයන්ගේ ආහාරය සඳහා එදා තණ භූමියක්ව පැවති මෙය අද දර්ශනීය භූමියකි. ස්ථිර ගොඩනැගිලි, ප‍්‍රධාන මාර්ග, සන්නිවේදන පහසුකම්, විදුලි සහ ජල යෝජනා ක‍්‍රම ඇතුළු විවිධ පහසුකම් දැන් දක්නට ඇත. කුඩා වැව් සහ පොකුණු ද, එළවළු සහ පලතුරු වර්ග වැවූ වගා බිම් ද තැන තැන දිස්වේ. ප‍්‍රදර්ශන භූමියේ ඉදිකළ ජනාධිපති ලේකම් කාර්යාලය වර්ග අඩි 6,100කින් සමන්විතය. ඒ තුළ ආයතන 11 ප‍්‍රදර්ශන කුටිය. ප‍්‍රදර්ශනයෙන් පසු එය මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්වනු ඇත. ප‍්‍රදර්ශන කුටි පැවැත්වීම සඳහා ඉදි කරන ඉතා විශාල ගොඩනැගිලි 03 ප‍්‍රදර්ශනයෙන් පසු රජයේ වී සහ ධාන්‍ය ගබඩා බවට පත් වේ. මුදල් අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ රැසක ප‍්‍රදර්ශන කුටි මෙහි වඩාත් අවධානයට යොමුවනු ඇත. අවම පිරිවැයකින් එම කුටි තනා තිබීම සුවිශේෂීය. දැයට කිරුළ ප‍්‍රදර්ශනය වෙනුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ යටිතල පහසුකම් දියුණු කරන සංවර්ධන වැඩ සටහන් රැසකි. ඒ සඳහා වැය වන මුදල රුපියල් දශ ලක්‍ෂ 21,742කි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පිට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂයන්ගේ මෙහෙයවීමෙන් මෙම සංවර්ධන වැඩ සටහන් බොහෝමයක් ක‍්‍රියාත්මක කෙරේ. මෙහි දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශන කමිටුවේ සභාපතිවරයා වන්නේ රංජිත් සියඹලාපිටිය ඇමතිවරයාය. දැයට කිරුළ වැඩ සටහනේ ප‍්‍රධාන අරමුණ වන්නේ තෝරා ගන්නා දිස්ත‍්‍රික්කය ඒකාබද්ධ සංවර්ධනයට ලක් කිරීම සඳහා සංවර්ධන ව්‍යාපෘති සහ වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීමයි. ඒ තුළින් එහි සංවර්ධනයට අතිරේක ජවයක් එක් වනු ඇත. සංවර්ධන වේගය ශීඝ‍්‍ර කිරීමක් පමණක් නොව රටේ සමස්ත වශයෙන් සිදු වන සංවර්ධන කටයුතු දැයට කිරුළ ප‍්‍රදර්ශනය මගින් විදහා දැක්වේ. ජනතාව දැනුවත් කෙරේ. නැරඹීමට පැමිණෙතැයි අපේක්‍ෂිත සංඛ්‍යාව ලක්‍ෂ 20කට අධිකය. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක කිරීමට වැඩ සටහන් හඳුනා ගෙන රජරට උදානයේ කාර්ය සාධක ඉලක්ක කරා ළඟා වීම මෙහි අරමුණය. ඒ අනුව දළ දේශීය නිෂ්පාදනය සහ ඒකපුද්ගල ආදායම වැඩි කිරීම, දරිද්‍රතාව අවම කිරීම, සෞඛ්‍ය අධ්‍යාපන තත්ත්වය ඇතුළු සමාජ දර්ශකවල ඉහළ වර්ධනයක් ලබා ගැනීම මෙම ඒකාබද්ධ සංවර්ධන වැඩ සටහනේ අරමුණ වේ. දිස්ත‍්‍රික්කයේ සමෘද්ධි, දිවි නැගුම ගෘහ ඒකලවල සංවර්ධනය කළ යුතු අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සංඛ්‍යාව 31,931කි. අනුරාධපුර දිස්ත‍්‍රික් සංවර්ධන ව්‍යාපෘති මගින් අති කරන රැකියා අවස්ථා, ජීවනෝපාය මාර්ග සහ ආර්ථිකමය වාසි එම ප‍්‍රදේශයේ ජනතාවටම අත් වන අයුරින් සියලූ ව්‍යාපෘති සැලසුම් කෙරේ. දිස්ත‍්‍රික්කයේ පවතින භෞතික සම්පත් සහ මානව සම්පත් තිරසාර ලෙස සංවර්ධන කාර්ය සඳහා උපයෝගි කර ගැනේ. පශු සම්පත් සංවර්ධනය, මිරිදිය මත්ස්‍ය වගාව, අපනයනික වී වගාව, නව කෘෂි තාක්‍ෂණික දැනුම ලබා දීම සහ කෘෂි යටිතල පහසුකම් සංවර්ධනය මේ අනුව සිදු කෙරේ. බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාගේ මෙහෙයවීමෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක කරන දිවි නැගුම සහ මග නැගුම යටතේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන වැඩ පිළිවෙළ මෙහි දී ක‍්‍රියාත්මක වේ. මෙවර දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව ක‍්‍රියාත්මක වන වැඩ සටහනේ විශේෂිතම ව්‍යාපෘතිය වන්නේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ස්ථිර වහළක් නොමැති නිවාස 50,000ක් සඳහා එක් නිවසක් වෙනුවෙන් උළු කැට 1,000ක් ලබා දීමේ වැඩ සටහනය. දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක දැනටමත් එම ප‍්‍රතිලාභය හිමි වන නිවාස සංඛ්‍යාව 30,630කි. ලබා දෙන මුළු උළු ප‍්‍රමාණය ලක්‍ෂ 279කි. මේ සඳහා වැය වන මුළු මුදල රුපියල් දශ ලක්‍ෂ 800කි. රට පුරා උළු නිෂ්පාදකයන් මේ සඳහා සහභාගි කර ගන්නා අතර මේ බිඳ වැටී තිබූ උළු කර්මාන්තයට මෙමගින් නව පණක් ලැබීය. උළු කැටයක් සඳහා ගෙවූ මිල රුපියල් 30කි. ලංකා පිඟන් සංස්ථාව මෙන්ම සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමය ඇතුළු ආයතන රැසක්ම මේ සඳහා ක‍්‍රියාකාරීව දායක වුණි. මේ අනුව පිදුරු සෙවිලි කළ, ටකරන් දැමූ හෝ සෙවිලි තහඩු කළ නිවාස ඉදිරි වසරේ දී අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් දැක ගැනීමට නොහැකි වනු ඇත. එය රජරට ජනතාවගේ පාරිසරික සෞඛ්‍ය වඩාත් ඔප් නැංවීමට ද හේතු වනු ඇත. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ යටිතල පහසුකම් සඳහා වැය වන මුදල රුපියල් දශ ලක්‍ෂ 10,979කි. එය 2011 සහ 2012 වසරවල අයවැය රාමු යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කය ඉලක්ක කරගත් ව්‍යාපෘති අතරින් හඳුනාගත් ප‍්‍රමුඛ ව්‍යාපෘති වේ. ඒ අනුව මහ මාර්ග සංවර්ධනයට දශ ලක්‍ෂ 4,500කි. අන්තර්පළාත් මාර්ග සංවර්ධනයට දශ ලක්‍ෂ 2,700කි. සැමට විදුලිය ලබා දීමේ අරමුණ ඇතිව විදුලි පද්ධතිය පුළුල් කිරීමට දශ ලක්‍ෂ 1,500කි. ගම්මාන අතර අන්තර් සම්බන්ධතාව ඇති කිරීම සඳහා මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට රුපියල් දශ ලක්‍ෂ 914කි. සුළු වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණයට දශ ලක්‍ෂ 615කි. ජාතික වාරිමාර්ග සහ වැව් ප‍්‍රතිසංස්කරණයට දශ ලක්‍ෂ 550කි. අමුණු සහ ඇළ මාර්ග සංවර්ධනයට දශ ලක්‍ෂ 200කි. මාර්ග පද්ධතිය මුළුමනින්ම වාගේ නවීකරණය වී ඇත. කොළඹ-පුත්තලම පාර අනුරාධපුර දක්වා උසස් ප‍්‍රමිතියකින් නිම කරවා ඇත. අනුරාධපුර, කුරුණෑගල පාදෙනිය පාර වැඩ බොහෝ දුරට අවසන්ය. මඩකළපුව, පොළොන්නරුව, මරදන්කඩවල දක්වා පාර දැන් හොඳින් තනා ඇත. අනුරාධපුර හොරොව්පතාන හරහා ත‍්‍රිකුණාමලය පාර කාපට් කිරීම දැයට කිරුළට සමගාමීව ඇරඹිණි. අනුරාධපුර පදිවිය පාර, පොල්මුඬේ පාර, දඹුල්ල පාර ඇතුළු සිව් දෙසින්ම අනුරාධපුරයට ප‍්‍රවේශ වන මාර්ග පද්ධතිය වේගයෙන් සංවර්ධනය වෙමින් පවතී. මෙම නවීනතම මාර්ග යනු අනුරාධපුර සංවර්ධනයේ යෝධ පිම්මකි. ගමේ සිට නගරය දක්වා පමණක් නොව නගරයේ සිට අගනුවර දක්වා මෙම ප‍්‍රවාහන පද්ධතිය එක්වී ඇත. දියුණු ප‍්‍රවාහන පද්ධතියකින් තොරව ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැක. අනුරාධපුර දිස්ත‍්‍රික් සංවර්ධනයේ දී ප‍්‍රවාහන පද්ධතිය සඳහා ද ප‍්‍රමුඛතාව ලබා දී තිබේ. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23කි. එය ගම්මාන 702කින් සමන්විතය. ගම නැගුම වැඩ සටහන පුළුල් කිරීම සඳහා එක් ග‍්‍රාම නිලධාරි වසමකට ලබා දෙන මුදල දශ ලක්‍ෂ 2කි. ග‍්‍රාමීය මාතෘ සායන මධ්‍යස්ථාන 173ක් ප‍්‍රතිසංස්කරණය කිරීමට තෝරා ගෙන ඇති අතර ඉන් 150ක වැඩ දැනමටත් අවසන්ය. සංවර්ධනය කරන ලද පෙර පාසල් සංඛ්‍යාව 191කි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවි නැගුම වැඩ සටහන යටතේ ප‍්‍රදේශයේ ආර්ථික සංවර්ධනය සඳහා ක‍්‍රියාත්මක කරන වැඩ සටහන් රැසකි. ලක්‍ෂ 1,68,745කට බීජ කට්ටල බෙදා දී ඇත. බෙදා දී ඇති පැළ වර්ග සංඛ්‍යාව 2,61,320කි. ධීවර ව්‍යාපෘති 20,874ක් ක‍්‍රියාවට නැගේ. බෙදා දී ඇති පොල් පැළ සංඛ්‍යාව 1,37,693කි. ගෘහස්ථ කර්මාන්ත සඳහා හඳුනාගත් පවුල් 1,172කට රැකියා අවස්ථා හඳුනා දී ඇත. පැළ තවාන් 83ක් ඉදි කර තිබේ. මී මැසි පාලනයට ලබා දී ඇති පෙට්ටි සංඛ්‍යාව 4,440කි. පවුල් 4,646කට ගෘහාශ‍්‍රිත කිකිළියන් ඇති කිරීම සඳහා ලබා දීමට අපේක්‍ෂිත කිකිළි පැටවුන් සංඛ්‍යාව 64,460කි. දැයට කිරුළ වැඩ සටහනේ සංවර්ධන වැඩ කටයුතුවලින් අනුරාධපුර දිස්ත‍්‍රික්කය වසර 20ක් පෙරට ගොස් ඇත. දිළිඳුකම පිටු දැකීමේ වැඩ සටහනේ දී එය ඉටු කර ඇත්තේ නව දැක්මකි. දැයට කිරුළ අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අභිමානයකි. එහි ජීවත් වන ජනයාට නව ජවයකින් පියවර දස දහසක් පෙරට යාමට යෝධ සවියක් වනු නිසැකය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජරට දිනවන දැයට කිරුළ