IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රජිව් ගාන්ධි ඝාතන සැකකාර මුුරුගන්ගේ මව්පියන් කියන කතාව

03_SLTK_P7_Back    

 

එවකට තිබූ ඉන්දීය සභාග ආණ්ඩුව පිහිටුවා මාස කිහිපයක් යන්නට මත්තෙන් බිඳ වැටීම නිසා නැවත මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවූ අතර කොංග‍්‍රස් පක්‍ෂයේ නායකයා වශයෙන් අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්ව සිටියේ රජිව් ගාන්ධි මහතාය. ඔහු එවකට විපක්‍ෂය නියෝජනය කළේය. 

 

5656
රජිව් ගාන්ධි ඉන්දියාවේ අගමැතිවරයා ලෙස යළිත් පත්වීමට බොහෝ ඉඩකඩ තිබූ බව ඒ වන විටත් පෙනී ගොස් තිබූ නිසා වඩාත් බියට පත්ව තිගැස්මකට පත්ව සිටියේ එල්.ටී.ටී.ඊ. නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ය.


ඉන්දීය අගමැතිවරයා ලෙස රජිව් ගාන්ධි යළි බැරිවෙලාවත් තේරී පත්වුවහොත් තම සංවිධානයට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගනු ඇති බවත් ඒ නිසා තම සංවිධානය විනාශවී යනු ඇති බවත් කොටි නායකයා තුළ තදබල සැකයක් ඇතිවිය.


කොටි නායක ප‍්‍රභාකරන් බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන් වන්නියේ භූගත අධි ආරක්‍ෂිත නිවසක් වෙත කැඳවන්නේ ඔහුට අතිශයින්ම වැදගත් කාර්යයක් පැවරීමටය.

6
එය එසේ මෙසේ කාර්යයක් නොවන නිසා පොට්ටු අම්මාන්ව ප‍්‍රභාකරන් ඔහුගේ භූගත අධි ආරක්‍ෂිත නිවසට කැඳවා ඇත්තේ තනිවමය. මේ රහසිගත හමුවට වෙන කිසිවෙක් සහභාගි කර නොගැනීමට තරම් ප‍්‍රභාකරන් පරිස්සම් වී ඇත. 


‘‘රජිව් ගාන්ධි ආයෙත් ඉන්දියාවේ අගමැතිවරයා වෙන එක වළක්වන්න කිිසිම කෙනෙකුට බැහැ. දැනටත් ඉදිරියෙන් ඉන්නේ ගාන්ධි. මෙයා ආයෙත් බලයට ආවෙත් අපේ සංවිධානය ඉවරයි. එනිසා ගාන්ධි බලයට එන එක නවත්වන්න පුළුවන් අපට විතරයි. රජිව් ගාන්ධි මරන්න  ඕනෑ.”


වේලූපිල්ලේ ප‍්‍රභාකරන් කොංග‍්‍රස් නායකයා මෙන්ම අගමැති අපේක්‍ෂකයා වූ රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමට කොටි බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන්ට පවරා ඇත. මේ බව හෙළිදරව් වූයේ පසුව මෙරට ආරක්‍ෂක අංශය කළ සොයා ගැනීම්වලිනි. මෙවර තම නායකයා පැවරුවේ එසේ මෙසේ කටයුත්තක් නොවන බව වැටහී ගියත් පොට්ටු අම්මාන් කිසිම පැකිළීමකින් හෝ ප‍්‍රශ්න කිරීමකින් තොරවම රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ වගකීම බාරගත්තේ තම සංවිධානයේ අනාගත පැවැත්ම රැුඳී ඇත්තේ තමා අත බව මනාව වටහා ගැනීම නිසාය. 


රජිව් ගාන්ධි ඝාතනය කළ යුතු ආකාරය ඒ සඳහා තෝරා කොටි සාමාජික, සාමාජිකයන් ගැනීම ආදී සියලූ වගකීමක්ම පොට්ටු අම්මාන් අතින් ඉටුවිය. 
රජිව් ගාන්ධි ඝාතන සැලැස්මේ වර්තමාන තත්ත්වයන් ගැන වරින් වර පොට්ටු අම්මාන් කැඳවා විමසා බලා අවශ්‍ය උපදෙස් ලබාදීමටද ප‍්‍රභාකරන් පියවරගෙන ඇත.


පොට්ටු අම්මාන් මේ ඝාතන සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම සඳහා තෝ්රාගත්තේ විශ්වාසවන්තම හා පවරන  ඕනෑම කාර්යයක් අකුරටම ඉටුකරන ශිවරාසන් නමැති කොටි නායකයෙකි. 

8
කොටි සංවිධානයට බැඳීමට කලින් ශිවරාසන් සම්බන්ධව සිටියේ ටෙලෝ සංවිධානයටය.


ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ එවකට නායකයාව සිටි පත්මනාග නමැත්තා තමිල්නාඩුවට ගොස් සිටියදී කොටි කණ්ඩායමක් සමග රහසිගතව තමිල්නාඩුවට ඇතුළුවී ඔහු ඝාතනය කිරීමට ගියේද ශිවරාසන් නමැති මෙම කොටි නායකයාය. 


ඊ.පී.ආර්.එල්.එෆ්. නායකයා ඝාතනය කිරීමට ගිය කොටි කණ්ඩායමට නායකත්වය දුන් ශිවරාසන් ඉන්දීය ආරක්‍ෂක අංශවලට අසු නොවී යළිත් මෙරටට පැන ගැනීමට තරම් දක්‍ෂයෙක් විය. 


රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සැලසුම ක‍්‍රියාත්මක කිරීමට ශිවරාසන්ට බාරදීමට පොට්ටු අම්මාන් තීරණය කළේ ද පත්මනාභ ඝාතන සැලැස්ම ඔහු අකුරටම ඉටුකිරීම නිසාය. 


ශිවරාසන් කොටි සංවිධානය තුළ ප‍්‍රකටව සිටියේ ”එකැස් කොල්ලා” කියන අන්වර්ථ නාමයෙනි. මෙයට හේතුව ආරක්‍ෂක හමුදා සමග යාපනය අර්ධද්වීපයේදී ඇතිවූ සටනකදී ශිවරාසන්ට එක ඇසක් අහිමිවූ නිසාය. 


එක් ඇසක් අහිමිවූ ශිවරාසන් ඒ වෙනුවට වීදුරු ඇසක් සවිකරගත් අතර එකැස් කොල්ලා යන නාමය පටබැඳී ඇත්තේ ඉන් පසුවය. 


තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් නිවාස තුන හතරක්ම කුලියට ලබා ගත්තේ ද ශිවරාසන් හෙවත් එකැස් කොල්ලාගේ මැදිහත්වීමෙනි. නිවාස කුලියට ගත්තේ රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමට මරාගෙන මැරෙන කොටි කෙල්ල ඇතුළු ඝාතන සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට යන කොටි සාමාජික සාමාජිකාවන්ට නවාතැන් ගැනීමටය. 


ශිවරාසන්, ගාන්තන්, ජේ. අරිවාලන්, ජෙයකුමාර් හා පසස් නමැති කොටි සාමාජිකයින් ද කැටිව තමිල්නාඩුව බලා පිටත්ව යන්නේ රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු ඉටුකිරීම සඳහාය. 


ටික දවසක් තමිල්නාඩුවේ ගතකරමින් සිටි ශිවරාසන් හෙවත් එකැස් කොල්ලා යළිත් හොර රහසේ බෝට්ටුවකින් යාපනයට පැමිණ ඇත්තේ පොට්ටු අම්මාන් මුණගැසී ඉදිරියේ දී ගතයුතු ක‍්‍රියාමාර්ග මොනවාද කියා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය. 


ශිවරාසන් නැවතත් තමිල්නාඩුව බලා යන්නේ මුරුගන් නමැති කොටි සාමාජිකයාද කැටිවය. 


මුරුගන් ඔහු කොටි සංවිධානයට ගරිල්ලා භටයෙකු ලෙස එක්වූ පසු ලැබුණු නමය.


මොහුගේ සැබෑ නම වයිරවි පුල්ලේ වෙට්ටිවෙලර් ශ්‍රීකරන්ය. 


ශ්‍රීකරන් හෙවත් මුරුගන් නමැත්තාවද තමිල්නාඩුවට රැගෙන නොගොස් ශිවරාසන් යළිත් වන්නියට පැමිණෙන්නේ රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ අවසන් අදියර ක‍්‍රියාත්මක කිරීමට සති කිහිපයක් තිබියදීය. 


මුරුගන් නවාතැන් ගත්තේ නාලනී නමැති තරුණියකගේ නිවසේය. 


මෙවර ඔහු පැමිණියේ මරාගෙන මැරෙන කොටි කෙල්ලක් තමිල්නාඩුවට රැගෙන යාමටය. 


මරාගෙන මැරෙන මෙම කොටි කෙල්ල තේන්පුලි රාජරත්නම් ගයා ශ්‍රී හෙවත් ධනුය. 


ඇය වඩමාරච්චි ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. 


ධනු කියන නම ඇය සංවිධානයට එක්වීමෙන් පසු ලබාදුන් නම වූවාය. 


ශිවරාසා හෙවත් එකැස් කොල්ලා පොට්ටු අම්මාන් සමඟ ධනු ප‍්‍රභාකරන් හමුවීමට ගියේ භෝජන සංග‍්‍රහයකට සහභාගිවීමටය. 


මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට යන  ඕනෑම කොටි කොල්ලෙක් හෝ කොටි කෙල්ලක්ම කොටි නායක ප‍්‍රභාකරන් සමඟ භෝජන සංග‍්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදාවේ. 


ධනු ප‍්‍රභාකරන් සමඟ ඡුායාරූපයකට පෙනී සිටියාය. 


රජිව් ගාන්ධි මරා දමන්නේ ඇයිද යන්න ප‍්‍රභාකරන් ධනු නමැති මරාගෙන මැරෙන කොටි කෙල්ලට පහදා ඇති බවද කියැවේ. 


සිය ජීවිතය පූජා කරන්නට සූදානම් වන්නේ කොටි සංවිධානයේ අනාගත පැවැත්ම සඳහා මතු දවසක ඊළාම් රාජ්‍යය පිහිටු වූ පසු වීරවරියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ඔබ බවත් කොටි නායකයා ඔහුට පවසා ඇතැයිද කියන්නේ ඇයගේ ධෛර්ය ඉහළ නැංවීම සඳහාය.


ධනු, අවුරුදු විසි පහක තරම් වයසේ පසුවූ තරුණියක වූවාය. 


සුභා නමින් හැඳින්වෙන කොටි කෙල්ලක් ද ඔහුගේ සහායට ශිවරාසන් විසින් තමිල්නාඩුවට කැඳවාගෙන ගොස් ඇත. ශ්‍රී පෙරුම්බ‍්‍රදූර් යනු තමිල්නාඩු ප‍්‍රාන්තයේ පිහිටි කුඩා නගරයකි. 


රජිව් ගාන්ධි මහතා ශ්‍රී පෙරුම්බ‍්‍රදූර් නගරයේ පැවැත්වෙන මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමකට පැමිණෙන බව කල් ඇතිව ශිවරාසන් හෙවත් එකැස් කොල්ලා දැන ගත්තේ එරට පුවත්පත් මගිනි. 


ඝාතන සැලැස්ම ක‍්‍රියාත්මක කරනු ලැබීමට හොඳම තැන මේ රැුස්වීම බව තීරණය කරන්නේ ද ශිවරාසා විසිනි. 


ශිවරාසා මාධ්‍යවේදියකු ලෙස වෙස්වළාගත් අතර හරිබාබු නමැති ඉන්දීය ජාතික ඡුායාරූප ශිල්පියෙකුගේ ද සහාය ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇත්තේ කිසිවකුටත් සැකයක් නොවීමට වගබලා ගැනීම සඳහාය.


රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමට යන බවක් මේ ඉන්දීය ජාතික ඡුායාරූප ශිල්පියා කිසිවක් දැන සිට නොමැති බව පසුව කළ පරීක්‍ෂණවලින් හෙළිවිය. 
මාධ්‍යවේදියකු ලෙස වෙස්වළාගෙන සිටි ශිවරාසා හෙවත් එකැස් කොල්ලා රැුඳී සිටියේ රජිව් ගාන්ධි මහතා ගොඩවීමට නියමිතව සිටි වේදිකාව ආසන්නයේමය. 


තෙන්පුලි රාජරත්නම් ගයා ශ්‍රී හෙවත් ධනු නමැති විසිපස් හැවිරිදි තරුණිය ද මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය ද ඇඳගෙන වේදිකාව අසල රැුඳී සිටියේ මල් මාලයක්ද අතැතිව සිය ඉලක්කය සපුරා ගැනීමට අවස්ථාව උදාවෙන තෙක්ය.


රජිව් ගාන්ධි මහතා රැුස්වීම පැවැත්වෙන නගරයට පමිණීමට නියමිතව තිබූ හෙලිකොප්ටර් යානයේ එන්ජිමේ කාර්මික දෝෂයක් තිබෙන නිසා එම රැුස්වීමට යාමට නොහැකි බව මෙම නියමුවා පවසා තිබේ.


හෝටලයක නවාතැන්ගෙන සිටි රජිව් ගාන්ධි මහතා පැමිණි යානයේ එන්ජිමේ හටගෙන තිබූ දෝෂය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු ශ්‍රී පෙරුම්බ‍්‍ර¥ර් නගරය කරා පැමිණෙන විට හොඳටම රැ බෝවී තිබිණි. 


පොලිස් කාන්තාවන් පැමිණ වේදිකාව ආසන්නයේ රැඳී සිටි ධනුගෙන් ප‍්‍රශ්නකර එතැනින් ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඇය පවසා ඇත්තේ රජිව් ගාන්ධිට මල් මාලාවක් පැළඳවීමට පැමිණියා යැයි කියාය. 


රජිව් ගාන්ධි මහතා වේදිකාවට ගොඩවීමට යන අතරවාරයේ ධනු නමැති කොටි කෙල්ල මල් මාලය ද අතැතිව ගාන්ධි අසලට යාමට උත්සාහ කළ අවස්ථාවේ ආරක්‍ෂකයෙක් ඇයට යාමට ඉඩ ලබාදී නැත. 


මල් මාලයක් අතින් ගෙන තමා ඉදිරියට පැමිණීමට උත්සාහ කළ තරුණියක් පසෙකට තල්ලූ කර දමන අයුරු දුටු රජිව් ගාන්ධි මහතා ඇයට තමා ළඟට ඒමට ඉඩ දෙන ලෙස ආරක්‍ෂක නිලධාරීන්ට පවසා සිටියේය. 


මේ ඉන්නේ මිනිස් බෝම්බයක් බව රජිව් ගාන්ධි මහතා කිසිසේත්ම දැන සිටියේ නැත. ඔහු සිතා ඇත්තේ මැය තමාගේ ආධාරකාරියක් යැයි කියාය. 


රජිව් ගාන්ධි මහතා ළඟටම ගිය ධනු නමැති මිනිස් බෝම්බය ඊළඟට කළේ තම අත තිබූ මල් මාලය ගාන්ධි මහතාගේ ගෙලේ පැළඳීමය. 


ධනු සැරසී සිටියේ වටිනා සල්වාරි ඇඳුමකින්ය. ඇය කණ්ණාඩියක් ද පැළඳ සිටියාය. 


මල් මාලය පැලැන්දීමෙන් පසු රජිව් ගාන්ධි මහතාට නමස්කාර කිරීමට යන බව හඟවමින් ධනු පහත්වී සිය සිරුරේ බැඳගෙන සිටි අධි බලැති බෝම්බය පුපුරුවා හැරියේ ශ්‍රී පෙරුම්බූරදූර් නගරයම දෙදරුම් කවමින් මහ හඬක් නංවමින්ය. 


මිනිස් බෝම්බය පුපුරා යාමත් සමගම ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම අසහාය නායකයකුව සිටි රජිව් ගාන්ධි මහතාගේ සිරුර කෑලි කෑලිවලට කැඞීයාමට ගතවී ඇත්තේ ඇස්පිය හෙළන තරමටත් වඩා අඩු කාලයකි. 


ධනුගේ සිරුර ද කැබලි කැබලිවලට කැඞී ගියේ වේදිකාව අවට සිටි සැලකිය යුතු පිරිසකට මරු කැඳවමින් තවත් සිය ගණනකට බරපතළ තුවාල සිදු කරමිනි. 


රජිව් ගාන්ධි මහතා ඝාතනය කළේ 1991 වසරේ මැයි මස 21 වැනිදාය. 


කාලයක් ඉන්දියාවේ අගමැති ධුරය දරා ලෝක ජනනායකයන්ගේ ගෞරවාදරයට පාත‍්‍රවී සිටි රජිව් ගාන්ධි මහතාගේ මේ ඝාතනයෙන් ඉන්දියාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම පාහේ හෙල්ලූම් කා ගොස් තිබිණි. 


රජිව් ගාන්ධි මහතාගේ ඝාතනය ගැන සිදු කෙරුණු පරීක්‍ෂණ කණ්ඩායමේ නායකයා වූයේ එරට කීර්තිමත් අතිදක්‍ෂ පොලිස් ප‍්‍රධානියෙක්ව සිටි ආර්. කාර්ති කේසන් නමැති නිලධාරියාය. 


මිනිස්් බෝම්බය පුපුරායාමෙන් මියගිය අය අතර හරිබාබු නමැති ඉන්දීය ජාතික ඡුායාරූප ශිල්පියා ද විය. ඡුායාරූප ශිල්පියාගේ සිරුර කැබැලිවලට කැඞී ගියත් ඔහුගේ කැමරාවට කිසිම හානියක් සිදුව නොතිබිණි.


කාර්ති කේසන් පොලිස් නිලධාරියා ඇතුළු පොලිස් කණ්ඩායම මේ කැමරාව සොයා ගැනීමත් සමගම රජිව් ගාන්ධි ඝාතනයේ සියලූ රහස් නම් හෙළිදරව් වීමට පටන් ගත්තේය.


කැමරාවේ දළ සේයාපටයේ ඒ ගැන පැහැදිලිව සටහන්වී තිබිණි.


රජිව් ගාන්ධි මහතාගේ ඝාතන සැලැස්මට හවුල් වූ අය හඹාගොස් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ ඡුායාරූප කදිම සාක්කි විය.


කාර්ති කේසන් නම් පොලිස් ප‍්‍රධානියා ඇතුළු පොලිස් කණ්ඩායම රජිව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරේ මුරුගන්, ජේ. අරිවාලන්, ගාන්තන් හා ජෙය කුමාර් මෙන්ම පසස් නම් දෙමස්සිනෝ ද මුරුගන්ගේ බිරිය නාලනී ද වූහ.


මේ සම්බන්ධව කෙරුණු නඩු විභාගයේ ද මොවුන් සියලූ දෙනාට මරණ දඬුවම නියම වූ අතර පසුව නාලනීට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
මරණ දඬුවමට එරෙහිව මොවුන් අභියාචනා ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනයන් එරට අධිකරණයේ තවමත් විභාගවෙමින් පවතී. ඒ නිසා මොවුන් තවමත් එරට බන්ධනාගාරයක රඳවා තබා ඇත.


පලෙයි පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි කරන්නේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතාය.


පලෙයි ඉන්නාවීල් ගම්මානයට පසුගිය දිනක ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතා ගියේ ඒ ගම්මානයේ පැවැති සිවිල් ආරක්ෂක කමිටු රැුස්වීමකට සහභාගිවීම සඳහාය.


ප‍්‍රදේශයේ ජීවත්වන සෑම දමිළ ජාතිකයෙක් සමගම මිත‍්‍රශීලිව කටයුතු කරන නිසා කාගේත් ගෞරවාදරයට ලක්වී සිටින රාජපක්‍ෂ මහතා එක් සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයෙක් රජිව් ගාන්ධි ඝාතනය කිරීමට අත්අඩංගුවට පත්ව හිරේ ඉන්නා මුරුගන් නමැත්තාගේ මව හා පියා ද මේ ගම්මානයේ ජීවත්වන බව පවසා ඇත.


පොලිස් ස්ථානාධිපති රාජපක්‍ෂ මහතා මුරුගන්ගේ මව හා පියා මුණගැසීමට ගොස් තොරතුරු විමසා සිටීමට අමතක කර නොමැත.


රජිව් ගාන්ධි ඝාතනයේ තුන්වැනි විත්තිකරු ලෙස ඉන්දීය අධිකරණය විසින් නම්කර ඇත්තේ මුරුගන්ය.


‘‘රජිව් ගාන්ධි ඝාතනයේ විත්තිකරුවෙකු වන මුරුගන්ගේ අම්මයි තාත්තයි මගේ පොලිස් ඒරියා එකේ පදිංචිවෙලා ඉන්නවා’’ කියා මා සමඟ කිව්වෙ පොලිස් ස්ථානාධිපති රාජපක්‍ෂ මහතාය.


පලෙයි - ඉන්නාවීල් ගම්මානයට පසුගිය සෙනසුරාදා ගියේ මුරුගන්ගේ මව හා පියා සොයාගෙනය. 


මේ ගම්මානය පිහිටා ඇත්තේ කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේය. 


මුරුගන්ගේ මව හා පියා මුණගැසී කතාබහ කිරීමට අවස්ථාව ලැබුණේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතා නිසා වන අතර ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය ඔහුට පුද කරන්නෙමු.


වයිරපුල්ලේ වෙට්ටිවෙල් (77) මුරුගන්ගේ පියා වන අතර මව වෙට්ටිවෙල් සෝමතී (70) වන්නීය.


ගැහැනු දරුවන් හතර දෙනෙක් හා පිරිමි දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ තුන්වැනියා වෙට්ටිවෙල් ශ්‍රීකරන් හෙවත් මුරුගන්ය.


මේ අඹු - සැමි යුවළගේ දෙවැනියාද පුතෙකු වන අතර ඔහු ශිවශ්‍රී නමැත්තෙකි.


ශිවශ්‍රී නමැත්තා එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්ව සිටියදී 1987 වසරේ චාවකච්චේඡ්රියේ සිදුවූ බෝම්බ පිපිරීමකින් මියගොස් ඇත.


වෙට්ටිවෙල් වයිරම්පුල්ලේ සහ වෙට්ටිවෙල් සෝමතී ශ්‍රී ලංකාවේ කිසිම පුවත්පතකට රජිව් ගාන්ධි ඝාතනය ගැන මෙතෙක් සම්මුඛ සාකච්ඡුා ලබාදී නොමැති අතර මුල්වරට ඔවුන් සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙන්නේ ඉරිදා ලංකාදීපය වෙනුවෙනි.


ඉන්දීය මාධ්‍ය කිිහිපයක් වෙනුවෙන් ඔවුන් පසුකාලයක ඉන්දියාවට ගිය අවස්ථා කිහිපයකදී සම්මුඛ සාකච්ඡුා ලබාදී ඇත.


වෙට්ටිවෙල් සෝමතී නම් කියනුයේ මුරුගන් කියන අන්වර්ථ නාමය ලබාදී ඇත්තේ කොටි සංවිධානයෙන් නොවන බවය.ඇය කියන ආකාරයට මුරුගන් කියන අන්වර්ථ නාමය යොදා ඇත්තේ පුතා, රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූ පසුවය.


මෙතැන් සිට පෙළගැස්වෙන්නේ මුරුගන්ගේ මව කියන කතාවය.


‘‘මගේ පුතාගේ මව වෙට්ටිවෙල් ශ්‍රීකරන්. මට ගැහැනු දරුවෝ හතර දෙනෙක් හා පිරිමි දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. මගේ එක පුතෙක් කොටි සංවිධානයට බැඳිලා ඉද්දී 1987 වසරේ චාවකච්චේරිය ප‍්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් මියගියා. ඒ සිද්ධියෙන් කම්පනයට පත්වෙලා මගේ සැමියා අසනීප වුණා. තවමත් ඒ අසනීප ගතිය ටිකක් තියෙනවා.


ශ්‍රීකරන් කියන්නේ මගේ තුන්වැනි දරුවා. ඔහු පලෙයි වෙඞ්ඩයිකර්නි ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ විභාගය පාස්වෙලා උසස් පෙළ කරන්න පලෙයි සෙන්ට‍්‍රල් කොලේජ් එකට ගියා. පුතාට හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තිබුණා.


උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලයේ ශ්‍රීකරන් එල්.ටී.ටී.ඊ සංවිධානයට 1989 වසරේ බැඳුණා. එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳිලා ඉන්න අතරවාරයේ පුතාට යුරෝපීය රටකට යන්න  ඕනෑකම තිබුණා. යුරෝපීය රටකට යාමේ අදහසින් තමා ඔහු 1991 වසරේ මුල් කාලයේ ඉන්දියාවට ගියේ. ඒ කාලයේ මේ පැත්ත පාලනය කළේ කොටි සංවිධානයයි. ඊට පස්සේ පුතා ගැන කිසිම තොරතුරක් මට දැන ගැනීමට ලැබුණේ නැහැ.

ඔන්න අවුරුදු කිහිපයකට පස්සේ දවසක ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකින් කොටි පාලන ප‍්‍රදේශවලට ගුවනේ සිට පත්තරයක් බිම හෙළා තිබුණා.

එතකොට අපි පදිංචිවෙලා හිටියේ දැන් මේ ඉන්න ගෙදර නෙමේ. පලෙයි කෝවිල ළඟ ගෙදරක. අපේ ගමේ හුඟ දෙනෙක් ඒ පත්තරේ අහුලාගෙන තිබුණා. මගේ රාජා රාජේශ්වරී කියන දුවත් ඒ පත්තරයක් අහුලාගෙන ගෙදර ආවා. ඒක ඉංග‍්‍රීසි පත්තරයක්. මම දවසක් මේ පත්තරේ මොනවද තියෙන්නේ කියා ඉංග‍්‍රීසි දන්න කෙනෙකුට පෙන්නලා අහගත්තා. එතකොට තමා එයා කිව්වේ ඉන්දියාවේදී රජිව් ගාන්ධි ඝාතනයට මගේ පුතාත් අල්ලාගෙන බන්ධනාගාර ගත කරලා කියා. මට කියන්න බැරි වේදනාවක් ඇතිවුණා. අම්මා කෙනෙකුට උහුලා ගන්න තරම් බැරි දුකක්. පපුව පැලිලා යන තරමේ දුකක් වේදනාවක් ඇතිවුණා. මම හයියෙන් කෑගහලා ඇඬුවා. මට වෙන කරන්න දෙයක් ඒ වෙලාවේ ඉතිරිවෙලා තිබුණේ නැහැ. ඒ හින්දා හිතේ තිබුණ වේදනාව නැති වෙනකම්ම හැඬුවා. දවස් ගාණක් යනකම් හරියට කිසිම දෙයක් කෑවේ බිව්වේවත් නැහැ.


රජිව් ගාන්ධිගේ ඝාතනයට මගේ පුතා අත්අඩංගුවට අරගෙන තියෙනවා කියා ඒ කාලයේම සැමියා හා දරුවෝ ඒක දැනගෙන ඉඳලා තියෙනවා. ඒත් ඒ කිසිම කෙනෙක් මට මේ ගැන ආරංචි වෙන්න ඉඩ තියලා නැහැ. ඒ කාලයේ මම අසනීපයෙන් සිටිය නිසා තමා මේ බවක් කියා නැත්තේ. පුතා ඉන්දියාවේදී අත්අඩංගුවට අරන් තියෙන බව මම දැනගත්තේ ඔහු පොලිස් අත්අඩංගුවට අරගෙන අවුරුදු හතරකට විතර පස්සේ තමා. 


බන්ධනාගාරයේ ඉන්න අතරවාරයේ පුතා අපේ ගෙදරට ලියුමක් එවලා තිබුණා. මම නාලනී කියලා ඉන්දියාවේ ගැහැනු ළමයෙකු බැඳලා ගැහැනු දරුවෙකු ඉන්නවා කියා. මගේ බිරිඳ නාලනීත් රජිව් ගාන්ධි ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට අරගෙන දැන් බන්ධනාගාරයේ ඉන්නේ. ඒ හින්දා ඉන්දියාවට ඇවිත් දරුවා අරගෙන යන්න කියා ඒ ලියුමේ සඳහන් වෙලා තිබුණා මට අදටත් හොඳට මතකයි. ඒ වෙනකොට දරුවාගේ වයස අවුරුදු හයක් විතර වෙන බවත් පුතා එවපු ලියුමේ ලියා තිබුණා මට මතකයි. මේ ගැන දැන ගත්තාට පස්සේ මට ආයෙක් කියන්න බැරි තරම් වේදනාවක් ඇතිවුණා.’’


මේ ලියුම් ලැබුණාට පසුව වෙට්ටිවෙල් සෝමතී ඉන්දියාවට ගොස් ඇත්තේ ශ්‍රීකරන් හෙවත් මුරුගන්ගේ දියණිය මෙරටට කැඳවාගෙන ඒම සඳහාය.


මුරුගන්ගේ දියණිය ලංකාවට කැඳවාගෙන ඒම හා ඇය ගැන මතකය අවදිකරමින් වෙට්ටිවෙල් සෝමතී මෙසේ පැවසුවාය. මගේ පුතාගේ දුව එක්කගෙන එන්න ඉන්දියාවට ගියේ මමයි.  මිනිබිරියගේ වයස එතකොට අවුරුදු හයක් විතර වෙනවා. නාලනීගේ අම්මලා තාත්තලා තමා මිනිබිරිය හදාවඩාගෙන රැුකබලාගෙන ඉඳලා තියෙන්නේ. එයාගේ නම ශ්‍රීහරන් අරිත‍්‍රා. මම මිනිබිරිය අරගෙන ලංකාවට ඇවිත් ඇය ආදරයෙන් රැුකබලා ගත්තා. මම මිනිබිරියව ආනකෝට්ටෙයි ඉස්කෝලෙට යැව්වා. ඇය ඉගෙන ගන්න බොහොම දක්‍ෂ බව අපිට තේරුම් ගියා. ඇයට වැඩිදුර හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න ලන්ඩන්වලට අරගෙන ගියා. මගේ ඉතිරි දරුවෝ දෙන්නා ලන්ඩන්, පැරීසිය, ස්විට්සර්ලන්තයේ පදිංචියට ගිහින් දැන් ගොඩක් කල්. මමයි සැමියායි විතරයි මෙහේ පදිංචිවෙලා ඉන්නේ. මුරුගන් පුතාගේ දියණිය දැන් ලන්ඩන් රෝහලක වෛද්‍යවරියක්. ඇය වෛද්‍ය උපාධිය ලබාගත්තේ පසුගිය ජූලි මාසේ. මිනිබිරිය වෛද්‍ය උපාධිය ලබාගන්න දවසේ ඒ උත්සවයට සහභාගි වෙන්න මම ගියා.


ලන්ඩන් ඉඳලා මිනිබිරිය ඉන්දියාවේ බන්ධනාගාරගත වෙලා ඉන්න එයාගේ අම්මටයි තාත්තාටයි ඉඩක් ලැබුණු වෙලාවක දුරකථනයෙන් කතාබහ කරනවා. වෛද්‍ය උපාධිය ලබාගත්ත දවසෙත් මිනිබිරිය එයාගේ අම්මයි තාත්තයි මතක් කරලා හොඳටම හැඬුවා. වෛද්‍ය උපාධිය ගත්ත ගමන් ඇය තාත්තටයි අම්මටයි කතා කළා. නාලනී හා මගේ පුතාත් හරියට හැඬුවා. ඒ දෙන්නාට සතුට වගේම කියාගන්න බැරි දුකකුත් ඇතිවෙලා තිබුණේ. ‘‘අම්මේ දුව ගැන තමා අපිට තියෙන ලොකුම දුක කියා කියනවා.’’ 


සෝමතී මහත්මිය මෙසේද පවසන්නීය.
‘‘මිනිබිරිය එයාගේ අම්මයි තාත්තයි ගැන කිසිම මතකයක් නැහැ. මේ වෙනකම් කවදාවත් අපි එයාගේ අම්මයි තාත්තයි බලන්න බන්ධනාගාරයට එක්කගෙන ගිහින් නැහැ. රජිව් ගාන්ධි මහත්තයා මැරෙනකොට මගේ ලේලිය මාස 2ක විතර ගැබිනියක් කියා පස්සෙ කාලයක මම දැනගත්තා. පොලීසියෙන් අල්ලාගන්න එනකොට නාලනී ගෙදර දවල්ට කන්න කෑම උයමින් ඉඳලා තියෙන්නේ. පුතා නිදාගෙන ඉඳලා තියෙනවා.


විවාහවෙලා දරුවෙකුත් හම්බවෙන්න ඉද්දී ලේලියි පුතයි රජිව් ගාන්ධි හරි වෙනත් කෙනෙක් හරි මරන්න යයිද? නිකමට හිතලා බලන්න. රජිව් ගාන්ධි මරන්න උදව් කරන්න පුතා ඉන්දියාවට ගියා නම් කසාද බැඳලා දරුවෝ හදයිද? නාලනීත් විවාහවෙලා දරුවෝ හදයිද? යැයි කියා වෙට්ටිවෙල් සෝමතී අපෙන් විමසා සිටින්නීය.


ඇය පවසන්නේ මේ ඝාතනයට තම පුතා හා ලේලිය පටලවා ඇති බවය.


‘‘අම්මේ මම කොටි සංවිධානයේ සාමාජිකයෙක් බව ඇත්ත. ඒත් මම රජිව් ගාන්ධි මහත්තයා මරන්න උදව් කළේ නැහැ’’ කියා තමා මම පුතා බලන්න බන්ධනාගාරයට යන හැම වේලාවකම කියන්නේ. ලේලි කියන්නෙත් තමා මේ ගැන කිසිම දෙයක් නොදන්නා බව යැයි ද ඇය පවසන්නීය.


මම මේ වෙනකොට පුතා හා නාලනී රඳවා තබාගෙන ඉන්න බන්ධනාගාරවලට 10 - 15 වතාවක් විතර ගිහින් තියෙනවා. ඒ යන හැම වේලාවකම පුතයි ලේලියි ඒ ගොල්ලන්ව ඉන්න එකම දියණිය ගැන මතක් කර කර හඬන එක තමා කරන්නේ. පුතාවයි ලේලියි බලන්න ගිහින් පසුගිය 16 වැනිදා තමා මම ලංකාවට ආවේ. මේ පාර මාස තුනක් හිටියා. සෑම සතියකට වරක්ම මම ඒ දෙන්නා බලන්න බන්ධනාගාරයට ගියා. ඉන්දියාවට ගියාම මාස 2 - 3 විතර කාලයක් ඒ රටේ ඉන්නවා.


මම බන්ධනාගාරයට යන්නේ එන්නේ ත‍්‍රීවිල් එකකින්. බන්ධනාගාරයට යන්නේ මොකටද කියා සමහර රියදුරු මහත්වරු අහනවා. රජිව් ගාන්ධි මහත්තයා මරුවා කියා හිරේ දාලා ඉන්නේ මගේ පුතා මුරුගන් හා ලේලි කියා පවසනවා. ඒ දෙන්නා බලන්නයි යන්නේ කිව්වාම මගෙන් කිසිම මුදලක් ගන්නේ නැහැ. හෝටල්වලට ගියාමත් මට මුරුගන් පුතා කියා දැනගත්තම කනබොන ඒවාට සල්ලි ගන්නේ නැහැ. හැබැයි මම කවුද කියා කියන්න යන්නේ නැහැ.  ඒත් හුඟදෙනෙක් මාව කවුද කියා දන්නවා. ඒ කවුරුත් මට ආදරෙයි. ආයෙත් මම පුතයි ලේලියි බලන්න ඉන්දියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
මගේ පුතාත් ලේලිත් එක්ක ගොඩක් දෙනෙක් රජිව් ගාන්ධිගේ ඝාතනයට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අයගෙන් වැඩි පිරිසක් නඩුවේ දී නිදහස් වෙලා. මගේ පුතා, ලේලි, ගාන්තන්, ජේ. අරිවාලන්, ජෙයකුමාර් හා පසස් ඇතුළු හත් දෙනෙක් තවමත් බන්ධනාගාරයේ ඉන්නවා. මේ සේරම දෙනාට මරණ දඬුවම නියමවෙලා තියෙන්නේ. ලේලිට පවරපු මරණ දඬුවම පසුව ඉවත් කරලා ජීවිතාන්තය දක්වා දඬුවමක් ලබාදීලා තිබෙනවා.


මගේ පුතාව තුන්පාරක් එල්ලන්න ගිහින් අන්තිම මොහොතේ එල්ලා මරණ එක කල්ගියා. එක පාරක් පහුවදා එල්ලා මරන්න බාර කරලා ? පෝරකය එහෙම සූදානම් කරලා තිබුණත් ඒත් එදා එල්ලන එක කල්ගියා. පුතා හිරේට ආපු මුල් කාලයේ පිට්ටුවලට විස වර්ගයක් කලවම්කරලා කන්න දීලා මරා දමන්න හැදුවා කියා කිව්වා. පුතාට පිට්ටුවලට මොනව හෝ විසක් දීලා කියා තේරුම් ගිය නිසා එයා එදා කාලා තිබුණේ නැහැ.


හිරේට ආපු මුල් කාලයේ පුතාටයි එයත් එක්ක මරණ දඬුවම් නියමවෙලා ඉන්න අනිත් අයටයි එක් අයෙකුට බොන්න, නාන්න, මුහුණ හෝදගන්න, වැසිකිළි ගියාම හෝදගන්නයි දීලා තියෙන්නේ එක වතුර බකට් එකක් විතරයි. වයිකෝ ඇතුළු තමිල්නාඩුවේ ඉන්න දේශපාලන නායකයෝ මේකට විරුද්ධව ලොකු හර්තාල් කර තිබෙනවා. ඒ නිසා ඊට පස්සේ තමා ඇති තරම් වතුර දෙන්න පටන් අරගෙන තියෙන්නේ. දැන්නම් බන්ධනාගාරයේ අයගෙන් කරදර හිරිහැර නැහැ. පුතා දැන් බන්ධනාගාරයේ ප‍්‍රධානියෙක් විදිහට වැඩ කරනවා. පුතා කොණ්ඩය රැුවුල දිගට වවාගෙන ඇටමාල එහෙම දාගෙන ඉන්නේ. ළඟ තිබුණ හෑන්ෆෝන් එකෙන් පුතා පූසාරියෙක් විදියට ඇඳගෙන ඉන්න පොටෝ එකක්ද අරගත්තා. ඒ ෆොටෝ එක මිනිබිරියටත් පෙන්නා තිබෙනවා යැයි වෙට්ටිවෙල් සෝමතී පැවසුවේ ඒ ඡුායාරූපය ද අපට පෙන්වන අතරවාරයේය.


රජිව් ගාන්ධිගේ ඝාතනයට මරණ දඬුවම නියමවෙලා ඉන්න ගාන්තන් (උඩුප්පිඩි), ජෙයකුමාර් (යාපනය), පසස් (උප්පුවේලි), ජේ. අරිවාලන් (යාපනය) කියන අය බලන්න ඒ ගොල්ලන්ගේ පවුල්වල කිසිම කෙනෙක් ඔවුන් රඳවාගෙන ඉන්න ඉන්දියාවේ බන්ධනාගාරයට මේ වෙනකම් ගිහින් නැහැ. ඒ අය බලන්න යන්න ඔවුන්ට කිසිම වත්කමක් නැහැ. ඒ නිසයි බලන්න යන්නේ නැත්තේ. මම පුතාවයි ලේලිවයි බලන්න ගියාම ඔවුන්ගේ දුක සැප බලන්න යනවා. පුතාගෙයි ලේලිගෙයි නම් ලොකු විශ්වාසයක් තියෙනවා නිදහස ලැබෙයි කියා. අම්මේ දශ ලක්‍ෂයක විතර පෙත්සමක් අපිව නිදහස් කරන්න කියා අත්සන් කරලා ඉන්දියාවේ මධ්‍යම රජයට බාර දුන්නොත් නම් අපිට නිදහස ලැබෙයි කියා මාත් එක්ක කිහිපවතාවක්ම පුතා කියා තිබෙනවා යැයි මුරුගන්ගේ මව පවසන්නීය.


මම පුතාවයි ලේලිවයි බලන්න මුලින්ම ඉන්දියාවේ බන්ධනාගාරයට ගියේ 2006 වසරේ විතර. මම නම් මේ වෙනකොට තුන් හතර පාරක් වඩා ගිහින් නැහැ. මගේ බිරිඳ නම් නිතර නිතර යන්නේ මගේ පුතාටයි ලේලිටයි නිදහස ලැබෙයි කියා. මගෙත් ලොකු විශ්වාසයක් තිබෙනවා යැයි පැවසුවේ මුරුගන්ගේ පියා වන වෙට්ටිවෙල් වයිරවි පුල්ලේය.


මුරුගන් පලෙයි පදිංචිව සිටින ඔහුගේ පියාට බන්ධනාගාරයේ සිට දුරකථනයෙන් කතාකර ඇති බවට තොරතුරු හෙළිවීමෙන් පසු ඉන්දීය රජය ඒ බව මෙරට බලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසු වෙට්ටිවෙල් වයිරවි පුල්ලේ පොලිස් අත්අඩංගුවට පත්වී පසුව නිදහස් කර යවා ඇත.


කොටි සංවිධානයේ මරාගෙන මැරෙන සාමාජිකාවක් බෝම්බයක් පුපුරවා හැර ඝාතනයට ලක්වූ රජීව් ගාන්ධිගේ දියණියක වන ප‍්‍රියංකා ගාන්ධි, නාලනී හමුවීමට හිර ගෙදරට යාම මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට ඒ කාලයේ පත්ව තිබිණි.


ප‍්‍රියංකා ගාන්ධිගේ මේ ගමනේ අරමුණ වී තිබුණේ තම පියා මරා දමනු ලැබුවේ කොටි සංවිධානය විසින්ම දැයි කියා තහවුරු කර ගැනීමට බව ඇතැම් ඉන්දීය මාධ්‍ය එදාම වාර්තා කළේය.


තම පියා මරා දමනු ලැබ ඇත්තේ කොටි සංවිධානය විසින් බවට ප‍්‍රියංකා ගාන්ධි තහවුරු කර ගත්තාය.


ඉන්දියාව කොටි සංවිධානයට එරෙහිව නැගී සිටියේ ඒ බව තහවුරු කර ගත්තාට පසුවය.

 

m



අදහස් (0)

රජිව් ගාන්ධි ඝාතන සැකකාර මුුරුගන්ගේ මව්පියන් කියන කතාව

නදුන් Thursday, 07 January 2016 10:08 AM

හොද ලිපියක්.(හේ)

:       0       0

රජීව් Wednesday, 06 January 2016 04:07 PM

පව් මේ අහිංසක මිනිස්සු.නිදහස් කරන්න කියල පෙත්සමක්වත් අත්සන් කරමු. (කෞ)

:       0       0

සිල්වි Wednesday, 06 January 2016 05:13 PM

රජිව් , ඔයාට ඕනෑ නම් අත්සන් කරන්න. අපි නම් එහෙම කරන්නෙ නැහැ. තමන් කළදේවල් කවදාහරි විඳවන්න වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3301 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 375 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1018 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 179 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site