IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රාජා දැකගන්න මහනුවරට මහ සෙනගක්

පසුගිය සතියෙන්... ජනාධිපතිවරයා කෙන්යාවේ සංචාරය කළ අවස්ථාවක මේ අනුරුව දැක තිබිණි. කෙන්යාවේ මාසබිට් ජාතික වනෝද්‍යානයේ 1919 දී උපත ලබන්නට ඇතැයි විශ්වාස කරන අහමඞ් නැමති හස්තියාගේ දළ අඩි දහයකට වඩා දිගැති වන අතර එක් දළයක් කිලෝ ග‍්‍රෑම් 68 ක් පමණ බරැතිය. මේ හස්තියා කොටු කැර දළ ගැනීමට මාන බලන ඇත් දළ ජාවාරම්කරුවන්ගෙන් අලියා බේරා දෙන ලෙස ඉල්ලා එරට ජනාධිපතිවරයාට ලිපි 5000 ට වඩා ප‍්‍රමාණයක් යොමු කැර තිබේ. එහි ප‍්‍රතිඵලය වූයේ අහමඞ් රැුකගැනීමට අලියා සැරි සරණ ස්ථාන වලට හමුදා ආරක්ෂාව සැපයීමයි. මේ දැවැන්ත හස්ථියා 1974 ජනවාරි මස 17 වැනි දින මියගියේය. මියගිය හස්ථියාගේ අනුරුවක් ෆයිබර් ග්ලාස් වලින් සකස් කළ ‘‘සිමර්මාන්’’ නමැති චර්ම ශිල්පියා ඇතාගේ දළ යුවල ද එම අනුරුවට සවි කළේය. අනතුරුව අහමඞ් හස්ථියාගේ අස්ථි රැගෙන ඒවා එකිනෙක පුරුද්දා එම කෞතුකාගාරයේම තැන්පත් කරන ලද්දේ ජේ.සී. හිල්මන් මහතා විසිනි. කෙන්යාවට ගිය ජනාධිපති ජයවර්ධනගේ මතකයේ මෙය රැඳී තිබිණි. රාජා මියගිය බව දැනගත් විටම ඔහුගේ අදහස වූයේ රාජා ඇතා යළි ප‍්‍රතිනිර්මාණය කළ යුතු බවයි. එදා අහමඞ් නමැති හස්තියාගේ හම ලබාගැනීමට එරට විශේෂඥයන්ට හැකියාවක් නොලැබුණ ද ජයවර්ධන මහතා කෞතුකාගාර අධ්‍යක්ෂිකා ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගෙන් ඉල්ලා සිටියේ රාජාගේ සජීවී හම යොදා අනුරුව තැනිය යුතු බවයි. ‘‘ගාමිණී මම ඔයාලා ගැන උපරිම විශ්වාසය තියනවා. ජනාධිපතිතුමාගේ අදහස රාජා සජීවී ආකාරයෙන්ම අනාගතයට දැක බලාගන්න සකස් කිරීම මේක අමාරු වැඩක් වුණත් අපි කොහොම හරි කරන්න  ඕන. රාජා කියන්නේ ජාතික වස්තුවක් නේ.’’ ගුණවර්ධන මහත්මිය එසේ කීවාය. මේ භාරදූර කාර්යය පැවරුණේ එකළ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා වූ ගාමිණී කුමාර විතාන මහතාටත් දිවංගත පාලිත සමරප්පෙරුම මහතාටත්ය. ‘‘මම කොළඹ යනකොටත් පාලිත අයියා නුවර යන්න පිටත් වෙලා. අපි මීට ඉහත විවිධ සතුන් දිවියන්, මුවන්, ගෝනුන් වැනි සතුන් සජීවී හම සහිතව සංරක්ෂණය කැර තිබුණත් අලියෙක් වැනි විශාල සතකු සංරක්ෂණය කැර තිබුණේ නැහැ. ඒ නිසා මෙය ඉතාමත්ම අමාරු කාර්යයක් වුණා. ඒත් අපේ අධ්‍යක්ෂතුමියත් දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාත් අප දිගින් දිගටම ධෛර්යමත් කළා. ඒක අපිට විශාල ශක්තියක් වුණා. අද ජීවතුන් අතර නොමැති පාලිත අයියාත් කොහොම හරි මේ වැඬේ කරමු මල්ලී කියලා වැඬේ පටන් ගත්තා.’’ දහස් සංඛ්‍යාත පිරිස් මහනුවරට පැමිණෙමින් තිබිණි. මියගිය රාජාගේ සිරුර දැක බලා වන්දනාමාන කිරීමට වැළ නොකැඞී ජනතාව පැමිණෙද්දී ආගමික වතාවත් සිදුකැරුණි. ඇතා භූමදාන කරන බව පවසා සාමාන්‍ය ජනතාව ඉවත් කැරුණි. එය අතිශය බැරෑරුම් කාර්යයක් විය. අනතුරුව වූයේ ඇතාගේ නිවැරදි මිනුම් ලබාගැනීමයි. ඉදිරියේදී සාදන අනුරුවට අවශ්‍ය මිනුම් කටයුතු ගැනීමට පැය ගණනක් ගතවූ බව විතාන මහතා සිහිපත් කරයි. මිනුම් ගැනීමෙන් අනතුරුව හම කපා ඉවත්කැර ගැනීම ආරම්භ කැරුණි. සරල බසින් කියන්නේනම් කළ යුත්තේ මෙතෙක් මුළු මහත් බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ එමෙන්ම සිරිලක ජාතික වස්තුවක් වූ රාජා හම ගැසීමයි. ‘‘රාජා හමගහනවා කියන එක ලෙහෙසි කාර්යයක් වුණේ නැහැ. මේක බෞද්ධ සංස්කෘතියට අනුව ඇතැම් අයගේ දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබුණා. ගතානුගතික අදහස් ඉස්මතුවුණා. ගොඩක් අය කියන්න පටන්ගත්තා මේ සතා හමගහන්න එපා කියලා. නමුත් මේ වෙලාවේ නෙරංජන් විජේරත්න මහත්මයා ඉතාමත්ම උපායශීලීව කටයුතු කරලා ඇතිවන්නට ගිය ගැටලූ රාශියක් මගහරවා ගත්තා.’’ අලියාගේ සමට යටින් ඝන මේද තට්ටුවක් පිහිටා තිබේ. මේ මේද තට්ටුවෙන් යම් ප‍්‍රමාණයක් ඉතිරිවන ආකාරයෙන් සම ඉවත් කැරුණි. මේ කාර්යය සඳහා පැය ගණනක් ගතවෙද්දී මහනුවර ප‍්‍රදේශයෙන් නැගෙන විරෝධතාව ද වැඩිවන්නට විය. ආචාර්ය ගුණවර්ධන මහත්මියත්, දියවඩන නිළමේතුමා එක්ව ඔවුහු සාකච්ඡා කළහ ඒ අනුව වෙනත් තීරණයක් ගන්නට සිදුවිය. පිට සහ උදර ප‍්‍රදේශයේ හම ඉවත්කිරීමෙන් අනතුරුව හම ඉවත් කිරීමට වඩාත් අපහසු හිස සහ පාද හතර ශරීරයෙන් වෙන් කැරුණි. හිසත් පාද හතරත් වෙන්කළ සම් කොටසුත් ලොරියක පටවාගෙන කෞතුකාගාරයෙන් පැමිණි පිරිස කොළඹ පැමිණියහ. රාජා ඇතාගේ මරණය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ද ප‍්‍රකාශයට පත්කැර තිබිණි. රාජ්‍ය ගෞරව සහිතව මෙරට මිහිදන් වූ එකම සත්ත්වයා වීමේ ගෞරවය හිමිකැරගත් රාජා හස්තියාගේ කඳ කොටස දළදා මාළිගය ආසන්නයේ මිහිදන් කැරුණි. ලබන සතියේ : රාජාගේ හිස කොළඹ කෞතුගාකාරයේ මිහිදන් කරයි.

සජීව විජේවීර  මියගිය රාජාට පණ දුන් හැටි  - 1
හිටපු දියවඩන නිලමේ  නෙරංජන් විජේරත්න ගාමිණී කුමාර විතාන      



අදහස් (0)

රාජා දැකගන්න මහනුවරට මහ සෙනගක්

සුරංග Thursday, 26 January 2012 10:38 AM

ඉතා හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1287 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4675 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 127 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 514 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 420 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1686 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site