IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රජ මැදුරුවල හොල්මන් කරන එංගලන්ත රජ පරපුර

 

 

බකිංහැම් මාලිගය

 

 

ලොවම අඳුරේ ගිල්වමින් රාත‍්‍රිය එළැඹෙන්නේ ගුප්ත බියකරු නිහැඬියාවකට ලෝකය ඇද දමමිනි. මේ අන්ධකාරය තුළ රජ කරන්නේ දින ගෙවී වසර ගණනාවකට කලින් මෙලොව හැර ගිය විවිධ පුද්ගලයන්ගේ අවතාරය. මේ අවතාරවලට සැරිසරන්නට හොල්මන් කරන්නට කිසිම තහනමක් නැති සේය. මහා බලගතු බල පරාක‍්‍රමයෙන් පිරුණු රජ මැදුරක් වුවත් අවතාරයකට ප‍්‍රශ්නයක් නැත. ලන්ඩනයේ සුප‍්‍රසිද්ධ බකිංහැම් මන්දිරය ඇතුළු රජ මැදුරුවල පවා අවතාර සැරිසරන්නේ ඒ නිසාය.

එංගලන්ත මහ රැජිනගේ නිල මන්දිරය වූ බකිංහැම් මාළිගයේ පවා අවතාර සැරිසරන බව කිවහොත් ඔබ පුදුමයට පත් වනු ඇත.

එහෙත් මේ රජ මැදුරුවල අවතාර විසිපහක් පමණ ජීවත් වන බව කියැවේ. මේ අවතාර අතර කිරුළු දැරූවන් ද සිටින බව බොහෝ දෙනකු දැක තිබේ.
බකිංහැම් මාළිගය වූකලී කාමර 775කින් සමන්විත දැවැන්ත ප‍්‍රාසාදයකි. රාජකීයයන් සහ අමුත්තන් වෙනුවෙන් වෙන් කළ නිදන කාමර 52ක්, කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෙන් කළ නිදන කාමර 188ක්, කාර්යාල කාමර 92ක්, වැසිකිළි සහ නාන කාමර 78ක් ආදී වශයෙන් වූ කාමර රැසක් ඉහත කී කාමර 775ට ඇතුළත්ය. මේ අනුව මන්දිරයේ දිග මීටර් 108ක් පමණ වේ.
 

1 වැනි එළිසබෙත් රැජින
 
3 වැනි ජෝර්ජ් රජු
 
8 වන හෙන්රි රජු
 

මෙම සුවිශේෂ මැදුර බි‍්‍රතාන්‍ය රජ ගෙදර බවට පත් වූයේ 1837 වසරේදීය. එවකට එංගලන්ත රැුජිනිය වූයේ වික්ටෝරියා මහේෂිකාවයි. එහෙත් මේ මැදුර තිබූ භූමියෙහි අතීතයේ තිබී ඇත්තේ තාපසාරාමයකි.

වෙස්ට්මිනිස්ටර් ඇබේ ලෙස කියැවෙන මෙම තාපසාරාමය සඳහා ඉඩම පවරා ඇත්තේ වසර 1536 දී එබුරි නම් නින්දගමෙනි. එහෙත් අට වැනි හෙන්රි එංගන්තයේ රජ කළ සමයේ දී මේ තාපසාරාමය එතැනින් ඉවත් කළේය. ජේම්ස් රජ සමයේ දී මෙබිම මල්බෙරි වගාවක් සඳහා යොදා ගත් අතර එවක මෙහි රජ කළේ පටපණුවන්ය.

මේ බකිංහැම් මාළිගයේ හොල්මන් කරන අවතාර අතර එක් ප‍්‍රසිද්ධ අවතාරයක් වන්නේ හිටපු පූජකයෙකි.

කිසියම් වරදකට හිර කරන ලද මේ පූජකයා විඳි දඬුවම්වල බරපතළකම කොයි තරම් ද යත් ඔහු හිර කුටිය තුළම මිය ගොස් ඇත. ඉනික්බිතිව මෙබිම හැර නොගිය හෙතෙම අදටත් අවතාරයක් සේ මෙහිම සැරිසරයි. එදා පැළැඳි දුඹුරු පැහැති ලෝගුව පැළඳ ගෙනම සෑම නත්තල් දිනකම බකිංහැම් මාළිගයේ කාමරවලත් අවට එළිමහනේත් සැරිසරන මේ අවතාරය බකිංහැම් මාළිගයේ කොයි කාටත් හුරු පුරුදුය.

බකිංහැම් මාළිගයේ සැරිසරන අනෙක් සුපතල අවතාරය මේජර් ජෝන් ග්වායන්ගේය. ස්වකීය නිල ඇඳුම ඇඳගෙන පාවහන් බිම ගැටෙන විට නැගෙන ඩොක් ඩොක් හඬ නගමින් මහ රෑ තරප්පු පෙළ නගින බසින මේ අවතාරය වැඩි පුරම ගැවසෙන්නේ මාළිගයේ පහත මාලයේය. හත් වැනි එඞ්වඞ් රජුගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කළ ඔහු විවාහ වී සිටියේ රාජකීය පෙළපතකට  සම්බන්ධකම් ඇති තරුණියක සමගය. එහෙත් විවාහ දිවියේ තිබූ යම් යම් ගැටලූ හේතුවෙන් ඔහු එක් කලෙක ඇගෙන් දික්කසාද වූයේය. එහි ප‍්‍රතිඵලය වූයේ ජෝන් ප‍්‍රභූ සමාජයෙන් සාමාන්‍ය පංතියට පහත හෙළීමයි.

මමත්වය හිසේ තබාගෙන උජාරුවට ජීවත් වූ ජෝන් එතැන් පටන් දිවි ගෙවූයේ කනස්සල්ලෙනි. එක් දිනෙක බකිංහැම් මාළිගයෙහි වූ සිය රාජකාරි කාමරය තුළදීම හිසට වෙඩි තබාගෙන මිය ගිය ජෝන් එදා පටන් තවමත් බකිංහැම් මැදුරේ සැරිසරන අවතාරයකි.

එංගලන්ත රජ පවුල සතු තවත් රාජකීය මන්දිර කිහිපයක්ම තිබේ. මේ මැදුරුවල ද රාත‍්‍රියේ දී සැරිසරන අවතාර කිහිපයක්ම තිබේ. ඉන් සමහරෙක් රජුන් සහ රැුජිනියන් වීම පුදුමය දනවන සුළුය.

ජීවන ගමන් මගේ හැටනව වැනි අවුරුද්දේ දී මිය ගිය පළමු වැනි එළිසබෙන් රැජින තවමත් වින්ඞ්සර් මන්දිරය ඇතුළු රජ මාළිග අතැර ගොස් නැත.
දිනක් දෙවැනි එළිසබන් රැජින ඇගේ නැගණිය මාග‍්‍රට් සමග වින්ඞ්සර් මැදුරේ පුස්තකාලයේ කාලය ගත කළහ. ඔවුනට ඇසී ඇත්තේ පියවර හඬකි. මේ මහා රාත‍්‍රියේ සිය රජ මැදුර තුළ සැරිසරන්නේ හොල්මනක් දැයි බලන්නට දෙසොයුරියෝ පියවර හඬ ඇසුණු දෙසට ඇවිද ගියහ. සැබැවින්ම ඒ හොල්මනක් බව ඔවුනට පසක් වූයේ ඔවුන් ඉදිරිපිට සිටියේ පළමු වැනි එළිසබත් රැුජින නිසාවෙනි.

දෙපතුලටම දිගු කළු පාට ගවුම ඇඳ උරහිසින් කළු පාට ‘‘වෝල’’යක් දමාගත් ඇය අඩි උස සපත්තු පැළඳගෙන සිටියාය.

වින්ඞ්සර් රජ මැදුරෙහි සැරිසරන අනෙක් රාජකීය අවතාරය තුන් වැනි ජෝර්ජ් රජුගේය. ජීවිතයේ අවසන් සමයේ උමතු බවින් පෙලූණු ඔහු වැඩිපුරම කාලය ගෙවූයේ සිය කුටියෙහි සිට කවුළුවකින් පිටත බලාගෙනය. එවිට ඔහුට පෙනුණේ සිය හමුදා සෙබළුන් සරඹ ක‍්‍රීඩාවල යෙදෙන ආකාරයයි.

අභාවයෙන් පසුව වින්ඞ්සර් මාළිගා භූමිය තුළම වළ දැමූ බැවින්දෝ රජු මිය ගියත් මැදුර හැර නොගියේය.

පළමු වතාවට ජෝර්ජ් රජුගේ අවතාරය දැක ඇත්තේ උයන් පල්ලෙකි. රජු නිතර සිටි කුටියෙහි ජනේලයෙන් බලා ඉන්නා හැටි දුටු ඔහු පළමුව විමතියට පත් විය. පසුව එය අවතාරයක් බවට ඔහු වටහා ගත්තේය.

තුන් වැනි ජෝර්ජ් රජුගේ අවතාරය දුටු අට වැනි හෙන්රි රජු මේ අවතාරය හරියටම හඳුනා ගත්තේය. පුස්තකාලය කිට්ටුවම සැරිසරන මේ රාජකීයයා අදටත් ඇතැම් රැයක මැදුර තුළ ඇවිද යයි.

අට වැනි හෙන්රි ද තම රාජකීය මුතුන් මිත්තන් සමග අවතාර සංගමයේ සාමාජිකත්වය දරයි. හැබැයි ඔහු කාටවත් පෙනෙන්නට සිටින්නේ නැත. නමුත් ඔහු ඇවිදින හඬ නම් මාළිගයෙන් විටින් විට ඇසෙයි.
වින්ඞ්සර් මැදුර මතට සඳ එළිය පතිත වන රැුයක එහි සුන්දර උද්‍යානය වඩාත් අලංකාරව පෙනෙයි. මේ බඳු රැුයක තුන් වැනි රිචඞ් රජුගේ දඩයක්කාරයා මේ උද්‍යානයට  පිවිසෙයි. අතීතයේ මෙබිම පුරා දුව පනිමින් සතුන්ට ගිනි බින්ද ලෙසින් උයන පුරා සැරිසරන ඔහු හර්න්ගේ අවතාරයයි.  

වින්ඞ්සර් මැදුරට යාබදව පිහිටි වන රජදහනේ දඩයමේ යෑම තුන් වැනි රිචඞ් රජුගේ ප‍්‍රියතම විනෝදාංශයයි. ඔහු බොහෝ විට දඩයමේ යන්නේ සිය විශ්වාසවන්තම දඩයක්කාරයා වූ හර්න් සමගය. එදා ද රජු ගෝනෙකුට ගිනි බින්දේය. එහෙත් බරපතළ තුවාල ලැබූ ඌ වියරු වැටුණා මිස මිය ගියේ නැත.

මරු විකල්ලයෙන් වියරු වැටුණු ගෝනා රජුත් දඩයක්කාරයත් ඉදිරියට දිව ආ අතර උගේ බිහිසුණු ප‍්‍රහාරයට රජු ගොඳුරු වන්නට තිබුණේ ඇසිල්ලක් පමණි.
පලා යන්නැයි රජුට පැවසූ දඩයක්කාරයා පෙන්නා ඉදිරියට පැන්නේ රජුගේ ජීවිතය බේරා ගැනීමටය. මිනිසාත් තිරිසනාත් අතරට පැන්නේය. රජු බේරා ගත යුතු බැවින් දඩයක්කාරයා ගෝනා ඉදිරියට පැන්නේය. ඉක්බිති ඔහුත් ගෝනාත් අතර හටගත්තේ දරුණු අරගලයකි. ගෝනාගේ අං තට්ටුව දඩයක්කාරයාට තුවාල කළා සේම ඔහුගේ ගිනි අවිය ගෝනාට ද තුවාල කළේය. අවසානයේ ගෝනා මැරී වැටුණු අතර දඩයක්කාරයා තුවාල වී නොමැරී බිම වැටුණි.
”ගෝනාගේ අං තට්ටුව කපා දඩයක්කාරයාගේ හිස පළඳවන්න එතකොට ඔහුට සනීප වේවි,’’

මායාකරුවෙකු පැවසුවේය. එබැවින් මිය ගිය ගෝනාගේ අං තට්ටුව කපා දඩයක්කාරයාගේ හිස පැලැන්දුවේය. දින කීපයකට පසුව සුවපත් වූ හර්න් එවක් පටන් රජුගේ හිතෛෂිවන්තයා බවට පත් විය.

මේ ලෙන්ගතුකම අනෙකුත් දඩයක්කාරයන්ගේ ඊර්ෂ්‍යාවට හේතුවක් වූ අතර ඔවුහු රජුට හර්න් පිළිබඳ බොරු කේලාම් කීහ.

එහි ප‍්‍රතිඵලය වූයේ රජු විසින් හර්න් තනතුරෙන් පහ කිරීමය. ඉන් විස්සෝප වූ හර්න්, වින්ඞ්සර් මැදුර අද්දර වූ කැලයට ගොස්  ඕක් ගසකට නැගී එල්ලී සිය දිවි නසා ගත්තේය.

එවක් පටන් අදටත් මේ දඩයක්කාරයාගේ අවතාරය වින්ඞ්සර් මැදුර සහ ඔහු දිවි නසා ගත්  ඕක් ගස වැනි ස්ථානවල සැරිසරන්නේලූ.

ඇතැම් විටෙක මේ අවතාරය පෙනෙන්නේ ගෝන අං තට්ටුවක් සහිතව වන අතර තවත් වරෙක  ඕක් ගසේ එල්ලී සිටින ආකාරයටය.

එළිසබෙත් රැජිනත් ජෝර්ජ් රජුත් හෙන්රි රජුත් හිතුවාට වඩා බියක් හර්න් දුටු විට දැනෙන්නේ ඒ නිසාය.

ස්කොට්ලන්තයේ බැල්මෝර් මැදුරෙහි සැරිසරන ජෝන් බ‍්‍රවුන්ගේ අවතාරයේ කතාව ලබන සතියට.

 

 

 



අදහස් (0)

රජ මැදුරුවල හොල්මන් කරන එංගලන්ත රජ පරපුර

සමීර Monday, 25 November 2013 04:47 PM

මේවා පසිදුරන්ට අහු වෙන්නෙත් නැහැ.දියුණු කළ මනස මේ සියල්ල හොදට දකිනවා. බොහොම කැපකිරීමෙන් සතර වන ධ්‍යානය ලබා ගතහොත් මේ හැම දෙයකටම උත්තර තිබෙනවා. (නි)

:       0       0

නීෂා Saturday, 13 February 2016 01:20 AM

බලාගෙන ගියාම බකිම්හැම් මාළිගය කියන්නේ තනිකර හොල්මන් ගුහාවක්නේ. (නි)

:       0       0

නිපුන Wednesday, 18 December 2013 08:55 PM

අනේ මන්දා මේ කියන කතා ඇත්තද? (නදී)

:       0       0

ජීවා Sunday, 24 November 2013 05:32 PM

කෝ අර හොල්මන් බොරු කියලා කියන දොස්තර මහත්තුරු ටික. මේවත් බොරු සුද්දන්ට මානසික රෝග කියල ඔප්පු කරන්නේ නැත්ද? (නදී)

:       0       0

සමන්ත Thursday, 28 November 2013 01:45 AM

ලංකාවේ නැද්ද මෙහෙම හොල්මන් මන්දිර? (නි)

:       0       0

හිමකර Friday, 13 December 2013 04:26 PM

එහෙම දේවල් තියෙනවා නම් ඇයි දවල්ට පේන්නේ නැත්තේ? ඔක්කොම තමන්ගේ හිත තමයි.(නදී)

:       0       0

වංශ Monday, 25 November 2013 01:16 PM

තණ්හාව තමයි මේ හැමදේටම මුල. (නි)

:       0       0

අචිර Saturday, 07 December 2013 08:33 PM

හොල්මන් කියන්නේ බොරු ලංකාවේ දැක්කත් එංගලන්තයේ දැක්කත් ලෝකේ කොහේ දැක්කත් මේ සියල්ල මානසික දුර්වලතා නිසා සිදුවන දේවල්. මොවුන්ට මානසික ප්‍රතිකාර කල යුතුයි (දිල්)

:       0       0

සඳුනි Monday, 25 November 2013 09:11 PM

හර්න් කියන පොටෝඑක නම් අරන් තියෙන්නේ රොබින්හුඩ් ටෙලි නාට්‍යයෙන් ඒකනම් ෂුවර්. (අ)

:       0       0

rajikan Sunday, 24 November 2013 09:02 PM

මෙයාලට දානයක් දිල පින් දෙන්න (අ)

:       0       0

මර්වින් Thursday, 28 November 2013 12:28 PM

මහරැජින සහ පුත්‍රයා බුදු දහම වැළඳගත් බව ප්‍රසිද්ධ රහසක් නේද? ඔය නිතර දෙවේලේ වැඳ පුදාගන්න යන පන්සලේ හාමුදුරුවන්ට කියලා මේ අයට දානයක් දුන්නා නම් ඉවරනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1057 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4549 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site