IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රජ සැප අත නොහරින මැති-ඇමැති වරප්‍රසාද

 

වසර 5ක අවම සේවා කාලයක් සේවය කර ඇති මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප වශයෙන් හිමිවන්නේ මාසිකව ලබන මුදලින් 1/3ක ප්‍රමාණයකි. ඒ අනුව වසර 5 ක අවම සේවා කාලයක් හිමිවන මන්ත්‍රීවරයකු රුපියල් 18,091 ක මුදලක් විශ්‍රාම වැටුප ලෙස හිමිවේ.   ඇමැතිවරයකුට හෝ විපක්ෂ නායකවරයා වසර 5ක අවම සේවා කාලයක් ලබා ඇත්නම් විශ්‍රාම වැටුප රුපියල් 21,166කි. වසර 5ක අවම සේවා කාලයක් සපුරා ඇති කතානායකවරයකුගේ විශ්‍රාම වැටුප රුපියල් 22,833.50කි. වසර 5ක අවම සේවා කාලයක් සපුරන අගමැතිවරයකුගේ විශ්‍රාම වැටුප රුපියල් 23,500කි.

 

පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යා යුතු බවට රටේ ජනතාවගෙන් බහුතරයක් ඉල්ලා සිටිති. දැන් සති ගණනක් තිස්සේ විවිධ ආකාරයෙන් මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවත් මන්ත්‍රීවරු 225 දෙනා සැලෙන්නේ නැත. තනතුර රැක ගනිමින් නෑසූ ගානට සිටිති. තනතුර හැර යන්න තියා එවැන්නක් හිතන්නේද නැත. එයට එක් හේතුවක් ​ෙවන්නේ ඔවුන් ලබමින් සිටින රජසැප අතහැරීමට ඇති නොහැකියාවය.

 

මන්ත්‍රීවරුන් 225 දෙනාට හිමි වරප්‍රසාද මොනවාද? මේ සටහන් කරන්නේ ඒ පිළිබඳවයි. අපි පළමුව මන්ත්‍රී වැටුප හිමි​ෙවන ආකාරය බලමු.   


අග්‍රාමාත්‍යවරයාගේ වැටුප රුපියල් 71,500   
කතානායක වැටුප රුපියල් 68,000   
කැබිනට් හා රාජ්‍ය ඇමැති වැටුප රුපියල් 65,000   
විපක්ෂනායක වැටුප රුපියල් 65,000   
නියෝජ්‍ය කතානායක වැටුප රුපියල් 63,500   
නියෝජ්‍ය කාරක සභාපති වැටුප රුපියල් 63,500   
මන්ත්‍රී වැටුප රුපියල් 54,285   
මන්ත්‍රීවරු නඩත්තු කිරීමට වසරකට යන මුදල රුපියල් කෝටි 156කි. 

 

මන්ත්‍රී දීමනා

 

 වැටුපට අමතරව ප්‍රවාහන දීමනාව රුපියල් 10,000කි. දුරකථන දීමනාව රුපියල් 50,000කි. සංග්‍රහ දීමනාව රුපියල් 4500කි. කාරක සභා දීමනාව දිනකට රුපියල් 2,500කි. පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභාවලට සහභාගිවීම වෙනුවෙන්ද දිනකට රුපියල් 2,500 බැගින් ගෙවනු ලබයි.   
කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් 1,00,000 බැගින් (ලක්ෂයක්) ගෙවනු ලබයි.   


ඉන්ධන දීමනාව එක් එක් මන්ත්‍රීවරයා තේරීපත්වූ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර් ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළෙඳපොළ මිල ගණන් අනුව ගෙවනු ලබයි. උදාහරණයක් ලෙස කොළඹ ලීටර 383.94, ගම්පහ හා කළුතර ලීටර 355.58.   
මන්ත්‍රීවරුන්ට වසර පහකට වතාවක් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් හිමිවේ. ජනපති ජේ.ආර්.ගේ රජය සමයේ සිටම මෙම වරප්‍රසාදය පැවත එයි. මන්ත්‍රීවරුන් අති බහුතරයක් දෙනා කරන්නේ මෙසේ ලැබෙන වාහන බලපත්‍රය විකුණා මුදල් ලබා ගැනීමය. එසේ නොකළ මන්ත්‍රීවරුන් සිටියේ නම් ඒ අතේ අැඟිලි ගණනටත් වඩා අඩු ප්‍රමාණයකි. මේ වනවිට තීරුබදු රහිත වාහන බලපත්‍රය රුපියල් කෝටි පහකට වැඩි ගණනකට විකිණේ. 


ගෝඨාභය රජය යටතේ නවක මන්ත්‍රීවරුනට මෙම වරප්‍රසාදය මෙතෙක් හිමිවී නැත. එහෙත් එය මන්ත්‍රීධුරයේ සිටිනතාක් කල් අහිමි කරනු ඇතැයි විශ්වාස නොකෙරේ. රජයේ නිල කාලය අවසන්වීමට දිනකට හෝ ප්‍රථම සියලු මන්ත්‍රීවරුනට තීරුබදු නිදහස් වාහන බලපත්‍ර ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.   
එතෙක් සියලු මැති ඇමැතිවරුනට රජයෙන් වාහන ලබාදී ඇත. ඒ යටතේ ඇතැම් ඇමැතිවරු වාහන 3ක් හෝ 4ක් පාවිච්චි කරනු ලබන බවද වාර්තාවේ.

   
නිදහස් තැපැල් පහසුකම් යටතේ සෑම මන්ත්‍රීවරයකුටම වාර්ෂිකව රුපියල් 3,50,000 ක් වටිනා මුද්දර හිමිවේ. එහිදී එක් කාර්තුවකට රුපියල් 87,500 බැගින් ලබාදේ. ෆැක්ස් යන්ත්‍රයක් හා ෆොටෝ කොපි යන්ත්‍රයක් හිමිවේ. රුපියල් 6,000ක ලිපි ද්‍රව්‍ය හිමිවේ.   

 

කාර්ය මණ්ඩලය


ඇමැති කාර්ය මණ්ඩලය 15කි. ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට අතිකාල පැය 100කි. සංයුක්ත දීමනා දින 6කි. වාහනය සඳහා පෙට්‍රල් ලීටර් 218ක් වෙනුවෙන් රුපියල් 17,440.00කි. ඩීසල් වාහනයක් සඳහා ලීටර් 264කට රුපියල් 13,200කි.   


පෞද්ගලික ලේකම්වරයා, සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙක්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් සමීපතම නිලධාරින් පස් දෙනෙක් පත් කරගත හැකි අතර මේ අය බොහෝ විට පවුලේ සමීප ඥාතීන් හෝ  හිතවතුන්ය.   


ඇතැම් අයගේ මෙම තනතුරු හොබවන්නේ එකම වාසගම දරණ පවුලේම සාමාජිකයන්ය. 
බොහොමයක් ඇමැතිවරුන්ගේ පෞද්ගලික ලේකම් වන්නේ සිය බිරිඳය. මේ අයට නිල වාහනයකට හිමිකම් ලැබෙන අතර දුරකථන දීමනාව 7,500කි. ඇමැතිවරයා සඳහා සියලු සාකච්ඡා රැස්වීම් සංවිධානය කිරීමේ වගකීම් ඔහුගේ කාර්ය මණ්ඩලයට පැවැරී ඇති අතර බොහොමයක් අවස්ථාවල ඇමැතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්වන්නේද මෙම කාර්ය මණ්ඩලයයි.   


මන්ත්‍රීවරයකුගේ කාර්ය මණ්ඩලය 6කි. රියැදුරන් දෙදෙනෙක්, පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, පරිගණක ලිපිකරු හා පර්‌යේෂණ නිලධාරි වශයෙන් එම නිලධාරිහු සය දෙනා වෙති. ඔවුන් එක් අයකුගේ වැටුප රුපියල් 35,000කි. පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුනට කාර්ය මණ්ඩලය 6 දෙනෙකි.   
මැති ඇමැති කාර්ය මණ්ඩලයටද වසර 5කට පසු විශ්‍රාම වැටුපක් හිමිවේ. ඇමැතිවරයාගේ සියලු රාජකාරි නොවන ගනුදෙනු බොහෝ විට මෙම කාර්ය මණ්ඩලය මගින් සිදුවන බව වාර්තාවේ. විශේෂයෙන් කොමිස් ලබා ගැනීම, ඉඩම් ලබාදීම වැනි ව්‍යාපෘතිවලදී අතයට මුදල් හුවමාරුව පෞද්ගලික කාර්ය මණ්ඩලය සිදු කරන බව වාර්තාවේ.   

 

නිල නිවාස


කොළඹින් පිට ප්‍රදේශවලින් නියෝජනය වන මන්ත්‍රීවරුන් සඳහා නිල නිවාස ලබාදීම සිදුවේ. ඒ ඉතාම අඩු මිල ගණන්වලටය. මාදිවෙල මන්ත්‍රී නිවාස යෝජනා ක්‍රමයේ නිවසක කුලිය මසකට රුපියල් 1000කි. ඇමැතිවරුන් සඳහා විජයරාම පාර, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, බෞද්ධාලෝක මාවත, පැජට් පාර යන මාර්ග දෙපස නිල නිවාස පිහිටා ඇත. වැටුපෙන් සියයට සුළු මුදලක් මෙම නිවාසවල කුලිය වශයෙන් කපා ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.   


කොළඹ නගරයේ ඉතාම සුඛෝපභෝගි මෙම නිවාසවල නිවස හා භූමිය විශාල ඉඩකඩකින් යුක්ත නිදහසේ ජීවත්විය හැකිය. පසුගිය කාලවල මේවායේ පදිංචිව සිටි ඇතැම් ඇමැතිවරු ඉවත් කර ගත්තේ දැඩි පරිශ්‍රමයකිනි.  

 

මන්ත්‍රී විශ්‍රාම වැටුප   

මන්ත්‍රීවරුනට ඇති වැදගත්ම වරප්‍රසාදය වන්නේ විශ්‍රාම වැටුපයි. රජයේ සේවයේ විශ්‍රාම වැටුප සඳහා වයස වසර 67ක් සම්පූර්ණ කළ යුතුව ඇත. පෞද්ගලික අංශයේ සේවකයන්ට සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ලබා ගැනීම සඳහා වයස අවුරුදු 55ක් සම්පූර්ණ විය යුතුව ඇත. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට වසර 5ක නියෝජනයකින් පසුව විශ්‍රාම වැටුප හිමිවෙයි. මෙවර අයවැයෙන් එම වසර 5ක සීමාව වසර 10 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කරනු ලැබීය. නව තීරණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙතෙක් චක්‍රලේඛයක් නිකුත් කර නැත. එහෙත් වසර 5ක සේවා කාලය වෙනුවෙන් විශ්‍රාම වැටුප ක්‍රියාත්මක වන්නේ මෙසේය. 

 
වසර 5ක අවම සේවා කාලයක් සේවය කර ඇති මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප වශයෙන් හිමිවන්නේ මාසිකව ලබන මුදලින් 1/3ක ප්‍රමාණයකි. ඒ අනුව වසර 5 ක අවම සේවා කාලයක් හිමිවන මන්ත්‍රීවරයකුට රුපියල් 18,091 ක මුදලක් විශ්‍රාම වැටුප ලෙස හිමිවේ.   


ඇමැතිවරයකුට හෝ විපක්ෂ නායකවරයාට වසර 5ක අවම සේවා කාලයක් ලබා ඇත්නම් විශ්‍රාම වැටුප රුපියල් 21,166කි.   


වසර 5ක අවම සේවා කාලයක් සපුරා ඇති කතානායකවරයකුගේ විශ්‍රාම වැටුප රුපියල් 22,833.50කි. වසර 5ක අවම සේවා කාලයක් සපුරන අගමැතිවරයකුගේ විශ්‍රාම වැටුප රුපියල් 23,500කි.   
වසර 15ක් හෝ ඊට වැඩි කාලයක් මන්ත්‍රීවරයකු වශයෙන් සේවය කළා නම් මාසික වැටුපෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් විශ්‍රාම වැටුප ලෙස හිමිවේ. එවන් මන්ත්‍රීවරයකුගේ විශ්‍රාම වැටුප රුපියල් 44,190කි.   
ඒ අනුව වසර 15 කට වැඩි සේවා කාලයක් ඇති විපක්ෂනායකවරයකුට රුපියල් 42,332ක්ද, කතානායකවරයාට රුපියල් 25,666ක්ද, අගමැතිවරයාට රුපියල් 47,000ක්ද විශ්‍රාම වැටුප ලෙස හිමිවේ.   
මේ වනවිට විශ්‍රාම ලබා සිටින දේශපාලනඥයන් 254 කට හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 196 කට හා යැපෙන්නන් 7 දෙනකුට විශ්‍රාම වැටුප හිමිවෙයි.   


මන්ත්‍රීවරයෙක් මියගිය විට ඔහුගේ වැන්දඹු බිරිඳට එම විශ්‍රාම වැටුප හිමිවන ලෙස නීති සම්මත කර ඇති අතර වයස අවුරුදු 21 දක්වා දරුවන්ට එම විශ්‍රාම වැටුප හිමිවේ. ශාරීරික හෝ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය මණ්ඩලයක් නිර්දේශ කරනු ලබන අවස්ථාවක එම දරුවාට ජීවිත කාලයටම එම විශ්‍රාම වැටුප හිමිවේ.   


මැති ඇමැතිවරුන්ගේ කාර්ය මණ්ඩලයටද වසර 5ක සේවා කාලයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම් පැවරේ.   
මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 20ක රක්ෂණ ආවරණයක් වේ. හදිසි අනතුරකින් හෝ ත්‍රස්ත ක්‍රියාවකින් මියගියහොත් පවුලේ අයට ලක්ෂ 60ක මුදලක් හිමිවේ.   


සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට ලක්ෂ 50 ක මුදලක් වාර්ෂිකව හිමිවේ. මෙහිදී වැඩ කොන්ත්‍රාත්තු වැඩිපුර හිමිවන්නේ තමන්ගේ හිත මිත්‍රාදීන්ටය.   


එවන් අවස්ථාවලදී නිල නොවන මට්ටමින් ලබන වරප්‍රසාද ගණනාවකි. තම හිතවතුන්ට කොන්ත්‍රාත්තුව ලබාදීම මගින් කොමිස් මුදලට අමතරව තවත් වාසි බොහොමයකි. ඇතැම් මන්ත්‍රීවරු මෙම වරප්‍රසාද ලබන බව වාර්තාවේ. 

 
තවත් විශේෂත්වයක් වන්නේ තම දරුවන් කොළඹ ඉහළ පෙළේ පාසල්වලට ඇතුළත් කිරීමට අවස්ථාව ලැබීමයි. කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට දරුවා ඇතුළත් කර ගැනීමට මව්පියන් නොවිඳිනා දුක් විඳින අතරතුරදී මන්ත්‍රීධුරය ලැබුණු වහාම දරුවන්ද කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට ඇතුළත් කර ගැනීමේ වරප්‍රසාදය හිමිවේ.   

 

ආරක්ෂාව   


මන්ත්‍රීවරුනට ආරක්ෂක නිලධාරින් දෙදෙනා බැගින් හිමිවේ. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු හැර අනෙකුත් සියලු දෙනාටම පාහේ පොලිස් නිලධාරින් දෙදෙනා බැගින් ආරක්ෂාවට ලබාදී ඇත. ඇමැතිවරුනට එම සංඛ්‍යාව 5, 10, 15 ආදි වශයෙනි.   


ආරක්ෂක නිලධාරින් වටකරගෙන පොදු ජනතාව අතර ගැවසෙන විට මන්ත්‍රීවරු ලබන ආත්ම තෘප්තිය විශාල වරප්‍රසාදයක් වශයෙන් සළකති. වාහන පෝලිම් පසුකරමින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට ලැබෙන අවස්ථාව විශේෂ වරප්‍රසාදයකි. මන්ත්‍රී වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තුවට පැමිණීමේදී අවහිර බාධාවකින් ප්‍රමාදයකින් තොරව ඒ සඳහා අවස්ථාව ලබාදීම වරප්‍රසාදයක් ලෙස සලකනු ලබයි.

 

 

සටහන : 
දයාසීලී ලියනගේ

 



අදහස් (4)

රජ සැප අත නොහරින මැති-ඇමැති වරප්‍රසාද

Dr. HRS Keerthisinghe Thursday, 21 April 2022 10:38 PM

මාතෘභූමියේ ධනය නාස්තිකළා.

:       0       4

සිමියොන් Saturday, 23 April 2022 04:31 PM

ඔය දුප්පත් ජනතාව වෙනුවෙන්ම ඉන්නවා කියන ජනතා විමුක්ති පෙරමුණේ අයට පුළුවන්නේ මේවා එපා කියන්න. එක මන්ත්‍රී කෙනෙක් කාරක සභා දීමනා ඇතුළුව ලක්ෂ 6ක් විතර ගන්නවා. ඩ්‍රයිවර්ල දෙන්නෙක් සමග 6 දෙනෙක් සේවයට දෙනවා. කෝ මේ අය එපා කියනවා?

:       4       6

පෝල් ඉමානුවෙල් Friday, 29 April 2022 05:23 AM

ඔය ජවිපය කියන්නේ මිනීමරු බැටළු හම් පොරවාගත් කපටි, කෛරාටික වාසිය කොතැනද ඒ වෙනුවෙන් රටම වුණත් පාවලා දෙන... ත්‍රස්තවාදීන්, කොටින් කියලා නැහැ ඕනෑම දේකට සුදානම් නරි වෘක රැළක්‌. මේ අය නිසා වසර 71ක් විඳි දුකක්. ලැජ්ජා නැතිව අරයා කතා කරන හැටි..

:       0       0

Sunil Saturday, 30 April 2022 10:36 AM

හෙන තමයි වදින්න ඕනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2851 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12033 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 551 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 931 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1004 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 493 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site