IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රටට අපට සිදුවුණේ කුමක්ද?

අද අප රටක් හැටියට මුහුණ දී තිබෙන ප්‍රමුඛම අර්බුදය නම් ආර්ථික අර්බුදයයි. එහෙත් මේ අර්බුදයේ යථා ස්වභාවය ගැන රටේ ජනතාව දන්නේ නැත. ආණ්ඩුව ද ඇත්ත කියන්නේ නැත. අඩුම තරමින් අයවැය විවාදයේදී ද ඒ ගැන කතා කළේ නැත. කෙසේ වෙතත් මා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වන බව ජනාධිපතිවරයාට කීවේ කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල පැමිණි අවස්ථාවේය.

කොවිඩ් වසංගතයට මුහුණ දෙන ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා එදා මුළු ඇමැති මණ්ඩලයම කැඳවා තිබිණ. මා ජනාධිපතිවරයාට කීවේ කොවිඩ් වයිරසය පරයන අර්බුදයකට අනාගතයේදී මුහුණ දෙන්නට අපට සිදුවනු ඇති බවය. ඒ නිසා තමන්ට ඡන්දය දුන් හැටනව ලක්ෂයක් වූ ජනතාව කල්තියා දැනුවත් කරන වැඩපිළිවෙළකට යාම හොඳ බව අවධාරණය කළෙමි. එසේ කළහොත් අඩුම තරමින් හැටනව ලක්ෂයක් කෙසේ වෙතත් ඉන් අර්ධයක්වත් ජනතාව ආණ්ඩුව පැත්තේ හිටගනු ඇතැයි මම පෙන්වා දුන්නෙමි. එහෙත් ඔහු ඊට සිනාසුණා විනා කිසිවක් කීවේ නැත. දෙවනුව මා කීවේ මේ ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයි. කවර හෝ හෝටලයක තෙදින නේවාසික වැඩමුළුවක් පවත්වා කන්න බොන්න දී හෝ ආර්ථික අර්බුදයේ තරම මේ යැයි ඔවුන්ට කියා දිය යුතු බව මම කීවෙමි. 2008 ගෝලීය මූල්‍ය අර්බුදය පැමිණි අවස්ථාවේ ආර්ථික විද්‍යාඥයන්ගේ සහභාගීත්වයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ එවැනි වැඩමුළුවක් පැවැත් වූ ආකාරය ද මම සිහි කළෙමි. ඊට පෙර චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනියගේ පාලන කාලයේදී ද එවැනි වැඩමුළු පැවැත්විණි.

එහෙත් මේ කිසිවක් කිරීමට ජනාධිපතිවරයා සාවධාන නොවීය. අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයකට මේ ආර්ථික අර්බුදය ගැන මෙලෝ අවබෝධයක් නැත. මහජනතාව සිටින්නේ කෝප ගැන්වීය. ඔවුහු හාල් මිල ඉහළ ගියත් පාරට බසිති. ගෑස් නැති වුණත් පාරට බසිති. පොහොර නැති වුණත් පාරට බසිති. මේ පසුපස මහා අර්බුදයක් ඇතැයි පැහැදිලිව ජනතාවට සන්නිවේදනය කළේ නම් අඩු තරමින් ආණ්ඩුවට ඡන්දය දුන් මිනිසුන්ගෙන් කොටසක්වත් තත්ත්වය තේරුම් ගන්නවා ඇත. එහෙත් අද ආණ්ඩුවට පක්ෂ මිනිහෙක් සොයාගන්නටවත් නැත. රටක ජාතික ආපදාවක් පැමිණි විට යුද්ධයකදී අණ දෙන්නා මෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පාලනය කළ නොහැකිය. රාජ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රවාදී වීමට නම් මහජනතාව රාජ්‍ය නිලධාරීන් මැති ඇමැතිවරුන් දැනුවත් කිරීම අවශ්‍යය. එමෙන්ම විපක්ෂය සමග සංවාදයක් තිබිය යුතුය. සාකච්ඡා සම්මන්ත්‍රණ පොදු එකඟතාවක් නොමැති වූ විට රටක් පාලනය කළ හැකි නොවේ. දැන් ආණ්ඩුවත් අයාලේය. ජනතාවත් අයාලේය. ආර්ථිකයත් අයාලේය. රට අරාජිකය. 1948 නිදහස ලැබීමෙන් පසු මෙවැනි තත්ත්වයකට රට වැටී නැත.

රට මෙවැනි අර්බුදයකට තල්ලුවීමට බලපෑ ප්‍රධානම හේතුව නම් ණය අර්බුදයයි. ශ්‍රී ලංකාව ඇත්තේ ගත් ණය ගෙවාගත නොහැකි තැනකය. මුදල් ඇමැතිවරයාම ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව 2010 වනවිට සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 4595කි. 2020 වනවිට එය රුපියල් බිලියන 15,117කි. එහි විදේශ ණය පංගුව 2010 වනවිට රුපියල් බිලියන 2025කි. 2020 වනවිට රුපියල් බිලියන 6052කි. දේශීය ණය පංගුව රුපියල් බිලියන 2575 සිට රුපියල් බිලියන 9065ට වැඩි වී ඇත.

1978 දී රොනී ද මැල් මුදල් ඇමැතිවරයා තම පළමු අයවැය ඉදිරිපත් කරද්දී 1977 වනවිට මෙරට විදේශ ණය ප්‍රමාණය තිබුණේ ඇමෙරිකන් ඩොලර් 750කය. 1975 දී ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමැතිකමින් ඉවත් වනවිට එහි අගය ඇමෙරිකන් ඩොලර් 743කි. අද වනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන 30-40ත් අතරේ මහා විදේශ ණය කන්දක් වී තිබෙන්නේ එදා ඩොලර් 743 සිට පැමිණි ගමනය. සෑම ආණ්ඩුවක් යටතේම මෙසේ ක්‍රමානුකූලව ණය බර වැඩි වී ඇත. අප ඇසිය යුත්තේ ඊට හේතුවය. 1978 වනවිට අපේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 24කි. එහෙත් අද මහා භාණ්ඩාගාරයට එන්නේ සියයට 6ක් වැනි සුළු පංගුවකි. දැන් ඒ සියයට 6 ඊටත් අඩු විය යුතුය. ඒ ගැන හරිහමන් සංඛ්‍යාලේඛනවත් නැත.

රජයේ ආදායම අඩු වූ විට අයවැය හිඟයක් නිර්මාණය වේ. අපට දැන් රුපියල් ද නැත. ඩොලර් ද නැත. රුපියල් සඳහා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මාර්ගයෙන් රට තුළින් ණය ගත්තේය. අවසානයේ ඒවාත් උපරිම ණය ගෙවාගත නොහැකි තත්ත්වයට පැමිණියේය. ඉන් මත්තට කළේ රුපියල් බිලියන ගණනින් සල්ලි අච්චු ගැසීමය. එහෙත් අපට ඩොලර් අච්චු ගසන්නට බැරිය. යුද්ධය පැවැති සමයේ පවා බිලියන 4-8 අතර පවත්වා ගත් අපේ ඩොලර් සංචිතය දැන් තිබෙන්නේ 2-3 අතරේය. එසේ වුවත් වාර්ෂිකව ආපසු ඩොලර් බිලියන 3ක් පමණ අප ණය ද ගෙවිය යුතුය.

 1978 දී නව පාලනය සමග ජේ.ආර්. ජයවර්ධනගේ සිහිනය තිබුණේ අපේ රට අපනයන ආර්ථිකයකට ගෙනයන්නටය. එහෙත් දැන් ආනයනය අපනයනය මෙන් දෙගුණයකටත් වැඩිය. මේ නිසා එදිනෙදා කටයුතුවලටත් ආයෝජනයටත් පරිභෝජනයටත් සුබසාධනයටත් ආදී වශයෙන් සියලු දේ කරන්නට සිදුව තිබෙන්නේ ණයට මුදල් ගෙනය. විදේශීය ණය ගන්නේ කාගෙන්ද? සියයට 25ක් පමණ ගන්නේ විදේශ ආණ්ඩුවලිනි. ජපානයෙන් සියයට 10ක් චීනයෙන් සියයට 10ක් ආදී වශයෙනි. සියයට 45ක් පමණ ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළිනි. සෙසු ප්‍රමාණය ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා වැනි සංවිධානවලිනි. දැන් ණය උපරිමයටම හිර වී එහෙම ණය ගන්නවත් විදියක් නැත.

2022 අයවැයේ මේ කතා කිසිවක් නැත. අඩුම තරමින් මේ යථාර්ථය තමන්ගේ කැබිනට් මණ්ඩලයට කියන්නටවත් පාලකයන් අවංක විය යුතුය. මේ ඇත්ත ගැන දන්නා ආර්ථික විද්‍යාඥයන් සිටින්නේ ද කට වහගෙනය. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් තවත් ආර්ථික විද්‍යාඥයන් පිරිසකුත් සියලු දෙනා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නැයි කියාය. සැබැවින්ම මේ වනවිට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට 18 වතාවක් ගොස් තිබේ. පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ 1965දීය. මුදල් අමාත්‍යාංශය පවා මේ වර්ෂය සිය අයවැය වාර්තාවල වැරැදියට සඳහන් කර තිබෙන්නේ 1961 හැටියටය. මේ ණය ගැනීමට ප්‍රතිපක්ෂව කටයුතු කළේ සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමැති ආචාර්ය එන්.එම්. පෙරේරා ය. ඒ, බණ්ඩාරනායක මැතිනියගේ පාලනය යටතේ කර්මාන්ත සංවර්ධනයෙන් දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීමෙනි. අද වනවිට කාර්මික නිෂ්පාදන ඇත්තේම නැත. කෘෂිකර්ම නිෂ්පාදන සියයට 6ට බැහැලාය. එළවළු පලතුරු පවා ආනයනය කෙරේ.

රජයේ ආදායම මෙසේ අඩුවීමට පැමිණි පාලකයන් බදු සම්බන්ධයෙන් අනුගමනය කළ වැරැදි ප්‍රතිපත්ති ද හේතු විය. 1931 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ගෙන එන ලද බූදල් බද්ද අහෝසි කරනු ලැබුවේ 1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. තවද ධන බද්ද, තෑගි බද්ද, මුද්දර බද්ද, ප්‍රාග්ධන බද්ද ද අහෝසි කෙරිණි. ආදායම් බද්ද සියයට 70 සිට සියයට 55ට බැස්සුවේය. ප්‍රේමදාස ජනාධිපතිවරයා කළේ ඒ ආදායම් බද්ද සියයට 55 සිට සියයට 45ට බැස්සීමය. චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය සියයට 45ක් වූ ආදායම් බද්ද සියයට 35ට බැස්සූ පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ එය සියයට 24ටම බැස්සීමය. රාජපක්ෂ දෙවැනි පාලන කාලය පැමිණියේ එය සියයට 14ක් තරම් කුඩා පංගුවකටම ගෙන ඒමෙනි.

හරියට බැලුවොත් දැන් රාජ්‍ය භාණ්ඩාගාරයට ආදායම් බදු ගෙවන්නන් නැති තරම්ය. ඒ අඩුව පුරවන්නේ වක්‍ර බද්දෙනි. වක්‍ර බදු ගෙවන්නෝ පාරිභෝගිකයෝ හෙවත් සාමාන්‍ය ජනයා ය. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක පාලන කාලවල පිරිවැටුම් බද්දක් යැයි කියා දෙයක් තිබුණේ නැත.

පසුකාලීනව වැට් බද්දක් හැටියට නාමකරණය වූයේ එහෙම පැමිණි පිරිවැටුම් බද්දය. දැන් මේ පිරිවැටුම් බදු සහිත වක්‍ර බදු සියයට 85කි. ඍජු බදු සියයට 15කි. ලෝකයෙන්ම අඩුම ආදායම් බදු ගෙවන්නෝ ලංකාවේ ධනපතියෝය. ලෝකයේ වැඩිම වක්‍ර බදු ගෙවන්නෝ අපේ රටේ මහජනයාය. අවසාන විග්‍රහයේදී 1978 සිට අනුගමනය කළ මේ බදු පිළිවෙතින් පාලකයන් කර ඇත්තේ ඇති හැකි පන්තිය සැහැල්ලු කර පොදු ජනයා මත බර පැටවීමය.

මෙසේ බර පැටවීමේදී ආණ්ඩු ඉදිරිපත් කළ න්‍යාය වූයේ ප්‍රාග්ධන සම්පාදනය හා ආයෝජනය වැඩි කිරීමය. 2005-2014 මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී දළ දේශීය නිෂ්පාදිතය හා ඒක පුද්ගල ආදායම දෙගුණයක් වුවත් රාජ්‍ය ආදායම වැඩි වූයේ නැත. එසේ නම් ඒ මුදල්වලට වූයේ කුමක්ද? පරිභෝජනය කිරීමයි. චීනයේ දියුණුවේ රහස ගැන කතා කරන්නන් චීනය විදේශයන්ගෙන් ණය නොගත් බවත් ඉතිරි කිරීම් කළ බවත් ඇතැම්විට නොදන්නවා විය හැකිය. චීනයේ ආර්ථිකයේ රහස නම් ඉතිරි කිරීම්ය. අදටත් චීනයේ ඉතිරි කිරීම් සියයට 50-60ත් අතරේය. අපේ සියයට 22ය. ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයා ජාතික ඉතිරි කිරීමේ බැංකුවක් ගෙන ආවේ ඒ සඳහාය. එහෙත් දැන් එයත් වාණිජ බැංකුවක් වී ඇත. මා ඕ සේතුං කීවේ සතයක් හෝ ඉතිරි කරන්න කියාය.

ආණ්ඩුව ප්‍රාග්ධනය හැටියට පාවිච්චි කළේ කෝටි ගණනක් වූ ජනයාගේ ඉතුරුම්ය. ලංකාව ඒ වෙනුවට උත්තේජනය දුන්නේ සිය පුරවැසියන්ට පරිභෝජනය කරන්නටය. අන්තිමේදී අපට ආයෝජනත් නැත. ප්‍රාග්ධනයත් නැත. කර තිබෙන්නේ ණයට ගෙන කෑමය. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා තමාට සියල්ලට කර ගසන්නට වී ඇතැයි කීවත් ඔහු කියන දේවල් කරන්නට ද අවස්ථාවක් ලැබෙන්නේ නැත. දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හඳුනාගැනීමය.

ලක්ෂ 14ක් පමණ වූ රාජ්‍ය සේවකයන්ට මාස්පතා වැටුපක් ලැබේ. බඩු මිල ඉහළ ගියත් මැරෙන්නේ නැතිව ජීවත්වෙන්නට ඔවුන්ට එය ප්‍රමාණවත්ය. පෞද්ගලික අංශයේ සමාගම්වල සිටින සියයට 26ක් පමණ වූ සේවකයන්ට ද පඩි බාගයක් ලැබුණත් මැරෙන්නේ නැතිව ජීවත්වෙන්නට හැකිය.

ප්‍රශ්නය තිබෙන්නේ පදික වෙළෙඳුන්, සුළු වෙළෙන්දන්, ත්‍රිරෝද රථ රියැදුරන්, කුලී කම්කරුවන් ආදී සියයට 70ක් පමණ වූ අවිධිමත් ආර්ථිකයේ ජනයාටය. වහාම සවිමත් කළ යුත්තේ ඒ මිනිසුන්ය. මුදල් වෙන්කර ඇති ආකාරය අනුව නම් දිස්ත්‍රික් හා ගම්වලට වෙන්කර ඇති මුදල් පරිභෝජනයට පාවිච්චි කළහොත් නම් වැඩක් වෙන්නේ නැත. නිෂ්පාදන කෙසේ වෙතත් බඩු මිල ඉහළ යන වේගයත් ඩොලර් හිඟයත් එකට ගත් කල ඇත්තේ බරපතළ අර්බුදයකි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට එකල අපිත් මැරීගෙන වැඩ කළෙමු. ඔහු බලයට පැමිණියේ 2019 නොවැම්බරයේ ය. කොවිඩ් වසංගතය ආරම්භ වූයේ දෙසැම්බර් 31ය. හරියටම බලයට පැමිණ සති කීපයකි. වසංගතයේ පළමු රැල්ල පාලනයට ආණ්ඩුව සමත් වුවත් ඊළඟ රැලි සමග සෞභාග්‍යයේ දැක්මකට ඉඩක් නොවීය. ඒ කෙසේ වෙතත් ඉන්පසු පැමිණි ප්‍රශ්න හමුවේ මූර්තිමත් වූයේ ජනාධිපතිවරයා දේශපාලකයකු නොවන බවය. රටක ජාතික ආපදාවකදී පාලකයා සිටිය යුත්තේ ජනතාව සමග වෙනදාටත් වඩා සමීපවය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා ජනතාව අතර අද ඇත්තේ ලොකු පරතරයකි. එමතු නොව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් හා තමන්ගේම කැබිනට්ටුව සමග ඔහුට ඇත්තේ හොඳ සම්බන්ධයක් නොවේ.

ඔහු තවමත් වැඩ කරමින් සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් වාගේය. ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආවේම විධායක ජනාධිපතිවරයා ආණ්ඩුවේත් පක්ෂයේත් රාජ්‍යයේත් ත්‍රිවිධ හමුදාවේත් නායකයා යන තනතුරෙහි තබමිනි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ යනු පක්ෂයක නායකයෙක් නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තිබෙන්නේ ඔහුගෙන් ඈතය. එය මෙහෙයවනු ලබන්නේ මහින්ද රාජපක්ෂ විසින්වත් නොවේ. බැසිල් රාජපක්ෂ විසිනි. මන්ත්‍රීවරුන් අවනත වන්නේ තමන්ට නාමයෝජනා දෙන තැනැත්තාටය. ජේ.ආර්. ජයවර්ධන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලියුම් ටික සාක්කුවේ දාගෙන වැඩ පටන්ගත්තේ ඒ නිසාය. ආණ්ඩුව මේ සා වියවුලකට වැටෙන්නට හේතුව මේ පක්ෂ බල ව්‍යාපෘතිය හා ආණ්ඩුකරණය අතර දුරස්ථභාවය යැයි කීමෙහි වරදක් නැත.

ඉතින් අවසන ජනාධිපතිවරයාට කියන්නට යමක් තිබේ. වී.අයි. ලෙනින් කී ලෙසට නම් ඒ, “කවදාවත් ජනතාව හමුවේ සත්‍ය නොසඟවනු.” කියාය.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (12)

රටට අපට සිදුවුණේ කුමක්ද?

ලලිත් අම්බලන්ගොඩ Wednesday, 24 November 2021 11:45 AM

ඉතා හරවත් ලිපියක්... එහෙත් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැරිවේවි. කොහොම වුණත් රට මේ තත්වයට පත්වීිම සම්බන්ධයෙන් 77න් පසුව පැමිණි සමසමාජ කොමියුනිස්ට් ඇතුලු වාමාංශික නායකයෝත් බොහෝදුරට වගකිව යුතුයි. කොහොම වුණත් අපට දුකයි. මේ අපේ රට...

:       2       18

gamunuWednesday, 24 November 2021 11:25 PM

රටට අපට සිදුවුණේ කුමක්ද? රටේ ජනතාව 75% වගකිවයුත්තුවේ.

:       0       2

NMThursday, 25 November 2021 07:26 AM

රටේ ජනතාවට ඔබලාගේ දේශපාලන අවස්ථාවාදය සහ අවංකත්වය පිලිබදව අවබෝදයක් ලබාගැනීමට මෙම ලිපිය ප්‍රමාණවත් වේ. ඔබලා වැනි උගත් දේශපාලකයන්ගේ වංක හැසිරීම සහ නුගත් දේශපාලකයන් අතර වෙනසක් නොමැති බව පෙනෙන්නට තිබේ.

:       1       3

Royfedricks Wednesday, 24 November 2021 01:02 PM

සහෝදරයා අපි මැරිලා ඉපදිලා නැහැ. ත්‍රිවිල් පක්ෂයෙන් මන්ත්‍රීකමක් ගන්න බැරිවූ නිසාද සත්‍ය කතාකරන්නේ? මේ හැම අපරාධයකටම ඔබත් වගකිව යුතුයි. ලෙනින් පැවසූ කවදාවත් ජනතාව හමුවේ සත්‍ය නොසඟවනු. ඒ කාලේ මතක් නොවූයේ මන්ද? වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කරනවිට ඔබ දැරුවේ බන්ධනාගාර ඇමති තනතුරයි.. ඔබ ඒ පිළිබඳ සත්‍ය අදවන තෙක්වත් හෙලිකොට ඇද්ද?

:       2       16

RoyfedricksThursday, 25 November 2021 01:32 AM

නිවැරැදි කිරීමක් සහෝදරය. ඔබ නෙවෙයි බන්දනගාර ඇමති. වෙනත් කොමියුනිස්‍ට් මන්ත්‍රී කෙනෙක්. චන්ද්‍රසිරි ගජදීර. ඒ වුනත් ඒ මහා අපරාදය ගැන මුවෙන් නොබැණ තනතුරු රැකගෙන සිටි ඔබත් ඒ අපරාදයේ කොටස් කරුවෙක් නොවේද?

:       0       3

ධනන්ජය විජේසිංහ Wednesday, 24 November 2021 01:51 PM

ඔය එදා සමසමාජ කොමියුනිස්ට් ආදී විවිධාකාර නම් වලින් හඳුන්වා ගත් පක්ෂ, පාට, ව්‍යාපාර කඳවුරු අනුව බෙදී වෙන්වී රටේ ඇතිකර තැබූ බහුභූත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දේශපාලන භූමිකාව වශයෙන් කළ විනාශය නොවේද අද රටේ ජනතාව අද්විඳිමින් සිටින්නේ?. ඔය අවුරුදු හැත්තෑවකට එහා ගෙන ආ යල මහ දෙකන්නයේ අවස්ථාවාදී ආත්මාර්ථකාමී මමත්වය මුල්කරගෙන කටයුතු කරන ඔය පක්ෂ දේශපාලනය මෙවැනි රටකට ඔබින්නේ නැතිබව ඔබලා දැන්වත් තේරුම් නොගැනීම නොවේද? ඇතිවී ඇති ගැටළුව ප්‍රශ්නය. රටේ 1977න් පසුව ඇතිවූ දේශපාලන විපර්යාසය තුළ පාලකයා දේශපාලඥයින් සියල්ලන්ම දිනුම්... රටේ බහුතරයක් ජනතාව සදා අන්ත අසරණ එදාවේල සරිකර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇතිකර තැබීම නොවේද අදවනවිට රටේ දේශපාලනය විසින් උදාකර ක්‍රියාත්මක කර ඇත්තේ? එබැවින් එයට ඔබලාද ඇතුලුව සියලුම ජීවත්ව සිටින දේශපාලන ක්‍රියාකාරීන් වගකිවයුතු නොවේද?

:       1       10

කෝරලගේ Wednesday, 24 November 2021 02:54 PM

මෙයා ගිය රෙජීමය කාලේ කෝප් කමිටුවේ සභාපති වෙලා ඉන්න කොට මොනතරම් හොරකම් අහුවෙලත් කිසි දෙයක් හෙළිනොකර කට වහගෙන හිටියා... එදා ඒ හොරකම් වලට දඬුවම් දුන්නා නම් අද මේ රට මුහුණ පාලා තියෙන හොර කණ්ඩායම් වලට රටේ බලය යන්නේ නැහැ. අද වෙනකොට මේ රටේ කොරෝනා ලෙඩේ අස්සෙත් හැම ගනුදෙණුවකින්ම ප්‍රකෝටි ගණන් මහජන මුදල් කොල්ල කනවා. දැන් මෙයා මෙතන බොරු බයලා කියනවා. රට මේ තත්වයට පත්වීිම සම්බන්ධයෙන් මේගොල්ලෝ සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ...

:       0       17

Lal Wednesday, 24 November 2021 06:43 PM

77න් පස්සේ ආපු හැම දේශපාලුවෙක්ම රට කෑවා. රාජපක්ෂලා තමයි ඒ ටික හොඳටම කළේ...

:       0       12

L g P. jathunarachchi. Wednesday, 24 November 2021 09:24 PM

ඔබ ද එම අරමුණ සඳහා බලවත් හවුල්කරුවෙකු වේ.

:       0       5

NM Thursday, 25 November 2021 07:29 AM

මැතිවරණයක් සදහා තව වසර දෙකකට අසන්න කාලයක් ඇතත් ජනාධිපතිවරයා සත්භාවයෙන් රටට වෙනසක් වෙනුවෙන් අවස්තාවක් උදා කිරිමටද හැකියාවක් ඇත. ඔහු එසේ කරන්නේ නම් එය අගය කලයුතුවේ. වර්තමානයේ රටට සහ ජනතවට අත්වි තිබෙන්නාවූ ඉරණම වෙනස් විය යුතුව ඇත. පෝලිම් යුගය අවසන් කර ජනතවට පහසුවෙන් ඔවුන්ගේ දිනපතා කටයුතු කරගෙන යාමට අවස්තාව ජනතාව උදාකළ හැකිවේ.

:       5       1

PereraSaturday, 27 November 2021 07:24 AM

කරයි බම්බුවක්...

:       0       2

තිමල් Sunday, 28 November 2021 01:25 PM

අපෙන්ද අහන්නේ? පවතින හැම ආණඩුවට සහාය දීලා අවුරුදු 70ක් විතර හොඳට රට කාලා, තමන්‌ හොඳට සැප විඳලා දැන් අපෙන් අහනවා රටට, අපට වුණු දේ.... දැන් ගිහිල්ලා සෝම්බි චිත්‍රපටියක රඟපාන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3773 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12442 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 621 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 966 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1069 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 505 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25116 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site