උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. සකල ලංකාවාසි ජනී ජනයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් අනුබුදු මිහිඳුමහරහතන් වහන්සේ මෙරටට වැඩම කර අභිමානවත් ශිෂ්ටාචාරයකට මග ලකුණු කළ පොසොන් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකේය බොදු ජනයාගේ පරම පූජනීය දිනය ද වේ. ඒ වෙනුවෙන් දසතින් නැගෙන සාධුකාර හඬ, ඝණ්ටාර නාද මැද ගුවනට එසවෙන බෞද්ධ කොඩියේ සෙවණ යට හිඳිමින් පොසොන් පොහොය සමරන ජනී ජනයා සමග ලංකාදීපය ද අපමණ සැදැහැ සිතෙන් මෙසේ එක්වෙයි.
මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරනවිට රටේ ප්‍රධාන පුරවැසියා එනම් මහරජු සිටියේ මිහින්තලාවේ මුවන් දඩයමේය. එමගින් එකල පැවැති සමාජය සම්බන්ධයෙන් යම් චිත්‍රයක් මවාගත හැකිය. රජුගේ විනෝදාංශය මුව දඩයම වූ විට සෙසු ජනයාගේ ස්වරූපය වටහාගත හැකිය. එබඳු ජාතියක් ලොව රමණීය සංස්කෘතියක් සහිත අභිමානවත් ජාතියක් ලෙස නැගී සිටියේ මහින්දාගමනයේ ආනුභාවයෙනි.
ගමත් - පන්සලත්, නිල් ගොයමත් - කහ සිවුරත් මුසුවූ සංස්කෘතියේ පදනම අහිංසාව විය. සත්ව දඩයම වෙනුවට මුඩු පොළොව සරු පොෙළාවක් බවට පත්කර ශිෂ්ටාචාරගතවීමට පිටු බලය සැපයුණේ මහින්දාගමනය හේතුවෙනි. වසර දෙදහස් පන්සියයකට නොවැඩි ඉතිහාසයක් සම්බන්ධයෙන් උදම් අනන්නට අපට හැකිවී තිබෙන්නේ එහෙයිනි. එහෙත් ඒ සමගම අවධාරණය කළ යුතු කාරණාවක් තිබේ.
අපට උදම් ඇනීමට හැකි වී තිබෙන්නේ අතීතය සම්බන්ධයෙන් පමණි. වර්තමානය සම්බන්ධයෙන් එසේ උදම් ඇනීමේ හැකියාවක් නැත. සැබැවින්ම වර්තමානය සම්බන්ධයෙන් ඇතිවන්නේ තිගැස්මකි. අප මේ ගමන් කරමින් සිටින්නේ කවර දිශාවකට ද යන භීතිය මුසු ප්‍රශ්නාර්ථය දැල්වෙමින් තිබේ. එයත් සමග අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු රඳවාගත නොහැකි තත්වයකි. සමාජයක් එසේ කඩාවැටීමට ලක්වීම කිසිසේත්ම යහපත් නැත.
මුළුමහත් ලෝකයම දරුණු ලෙස වාණිජකරණයට ලක් වී තිබේ. ගෝලිය යථාර්ථය තුළ අප රටට පමණක් හුදෙකලා පැවැත්මක් නැත. අප ද එසේ ජාත්‍යන්තරකරණයට ලක් විය යුතුය. අප ජාත්‍යන්තරකරණයට ලක්විය යුත්තේ ශ්‍රී ලංකා සන්නාමයද මුද්‍රාවද රැගෙනය. එහෙත් අප යමින් සිටින්නේ එබඳු ගමනක් නොවේ යන්න ඒකාන්ත සත්‍යයකි.
අද රටේ මූලිකම ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය වේ. තුන්වේල යහමින් කා ජීවත් වූ සමාජයකට වේලක් කෑ පසු තව වේලක් කන්නේ කෙසේදැයි සිතීමට සිදු වී තිබේ. මෙම ප්‍රශ්නයට පිළිතුරක් නැද්ද?
මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට දායාද කළ බුදු දහම තුළ අන්තර්ගත ආර්ථික දර්ශනය යළිත් පණ පොවා පෙරට ගන්නේ නම් එය අපට සුවිසල් උත්තරයක් වනු ඇත. උපයන ධනය කොටස් හතරකට බෙදා එක් කොටසක් පරිභෝජනය සඳහා එනම් ජීවත්වීම සඳහා යෙදවිය යුත්තේය. කොටස් දෙකක් තමන් නියැලෙන කර්මාන්තයේ දියුණුව පිණිස යෙදවිය යුතුය. ඉතිරි කොටස ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීමට ඉතිරි කළ යුතුය.
මෙම බෞද්ධ ආර්ථික දර්ශනය බෞද්ධයන්ගෙන් කී දෙනකු අනුගමනය කරන්නේදැයි විමසිය යුතුය. එහෙයින් පොසොන් උත්සවය යනු ප්‍රදර්ශනාත්මක දිනයක් නොව එය අපගේ ජීවන දැක්ම මතු කරන උත්සවයක් බවට පත් කර ගත යුතුය. ඒ නුවණැස ඔබට පහළ වේවා! යන්න අපගේ පොසොන් ප්‍රාර්ථනය වේ.
(***)
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
රටට අභිමානය උදාකළ උතුම් පොසොන් පෝය