IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රටට ධන උල්පත් මවන ලෝක උරුම රැකගනිමු

ඓතිහාසික උරුම අතින්ගත් විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව බොහෝ වාර්තා අත්පත් කරගත් රටකි. වසර 2500ක් තරම් අතීතයට දිවයන ඉතිහාසයක් සහ සංස්කෘතියක් ඇති ලංකාවේ උරුම හරුමකම් ලෝක ප්‍රකට විද්වතුන්ගේද ඇගයුමට හා සම්භාවනාවට පාත්‍ර වී තිබේ. භාරතයෙන් දායාදයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනැමූ බුදුසමය විසින් හික්මවන ලද සමාජය මේ ප්‍රබුද්ධ සංස්කෘතික හර පද්ධතිය නිර්මාණය කළ බව කීම වරදක් නොවේ.

අපට මෙම පෙරවදන සටහන් කරන්නට සිදුවූයේ ශ්‍රී ලංකාවේ ලෝක උරුම පිළිබඳ කතිකාව නැවතත් පුවත් මවන්නට පටන් ගැනීම නිසාය. ශ්‍රී ලංකාවේ දැනට ප්‍රකාශ වී තිබෙන ලෝක උරුම අටට අමතරව තවත් ලෝක උරුම ස්ථාන 10ක් හඳුනාගෙන ඇතැයි පුරාවිද්‍යා හා සංස්කෘතික බලධරයන් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවට වාර්තා කර තිබුණි. එහෙත් එම උරුම ස්ථාන හෝ ප්‍රදේශ කවරේ දැයි සඳහනක් නැත.

මෙම ලෝක උරුම ස්ථාන හෝ ප්‍රදේශ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ බලය ඇත්තේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝවටය. 1972 යුනෙස්කෝව සම්මත කරගත් ලෝක උරුම හා පාරිසරික උරුම රැක ගැනීමේ අන්තර් ජාතික සම්මුතිය අනුව මෙකී ලෝක උරුමය ප්‍රකාශයට පත් කෙරේ. මේ තාක් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති ලෝක උරුමස්ථාන ගණන 8කි.

එම ස්ථාන වන්නේ අනුරාධපුර පූජා නගරය, පොළොන්නරුව පූජා නගරය, මහනුවර පූජා නගරය, සීගිරිය, රන්ගිරි දඹුළු විහාරය, ගාලු‍ කොටුව, සිංහරාජ වනාන්තරය හා මධ්‍ය කඳුකරයේ සමනල හා දුම්බර (දුම්බානාගල) පරිසර පද්ධතිය. මෙයට අමතරව තවත් ස්ථාන හඳුනාගෙන ඇතැයි ප්‍රකාශ නිකුත්වන විට ඒ පිළිබඳව හැදෑරීම් කරන විද්වතුන් විසින් ප්‍රකාශයට පත් කරන ලද යෝජිත ස්ථාන ගණනාවක් ගැන සඳහන් වෙයි. මෙයින් ස්ථාන 3ක් ගැන පමණක් යුනෙස්කෝ වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ යෝජිත ලෝක උරුමස්ථාන ලෙස සටහන්ව ඇත. සේරුවිල මංගල රජමහා විහාරය, සේරුවිල සිට මහවැලි ගංගාව ඔස්සේ පුරාණයේ පැවති සිරිපා මාවත සහ රජගල නටබුන් මෙම ස්ථාන තුනය. ඒ හැර වෙනත් කිසිදු යෝජිත ලෝක උරුම ස්ථානයක් ගැන යුනෙස්කෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ නැත.

ලෝක උරුම ස්ථානයක් ප්‍රකාශයට පත් වූ විට එම ස්ථානයට හෝ ප්‍රදේශයට අලු‍ත් වටිනාකමක් එක්වෙයි. ඒ නිසා එම ස්ථාන ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම යුනෙස්කෝව විසින් අදාළ රටවල ආණ්ඩුවලට පවරා ඇත. එම පැවරීමේදී ලබාදී ඇති ප්‍රධානම නිර්දේශයක් වන්නේ අදාළ ස්ථානයේ පැවැත්මට හානිදායක කිසිවක් නොකළ යුතු බවයි. එහෙත් ශ්‍රී ලංකාව ගත් විට අපේ ලෝක උරුම ස්ථානවල සුරක්ෂිත බව සම්බන්ධව රටේ පාරිසරික හා සංස්කෘතික උරුම සුරැකීමේ සංවිධාන වරින්වර විවිධ ප්‍රශ්න මතුකර තිබේ. අනුරාධපුරය, පොළොන්නරුව ආදී පුදබිම්වල කෙරෙන අනවසර ඉදිකිරීම් ගැන මෙයට පෙර වාර ගණනාවක් වාර්තා ලැබී තිබුණි. එසේම ශ්‍රී ලංකාවේ පවත්නා අගනා පරිසර පද්ධතියක් ලෙස සැලකෙන ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව කෙරෙන හානිදායක ක්‍රියාකාරකම් හා ඉදිකිරීම් සම්බන්ධයෙන්ද වාර ගණනාවක්ම චෝදනා එල්ල විය. ගාලු‍ කොටුව සංරක්ෂණය කිරීමේ මුවාවෙන් එහි ලෝක උරුම ලක්ෂණවලට හානි කිරීමක් ගැනද ඇතැම් වාර්තාවල සඳහන් විය. මේ ආකාරයට මෙරට ලෝක උරුම ස්ථාන සම්බන්ධයෙන් කාලයෙන් කාලයට විවිධ අර්බුදකාරී තත්ත්ව හට ගැනිණ. එහෙත් එම චෝදනා මත මෙම ස්ථාන ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යුනෙස්කෝව පියවර නොගැනීම වාසනාවට කරුණකි.

මෙහිදී තවත් සිහිපත් කළයුතු කරුණක් තිබේ. රටක ලෝක උරුමයක් ප්‍රකාශයට පත් වූ විට. එම ස්ථානයට හෝ ප්‍රදේශය ජාතික හා ජාත්‍යන්තර අවධානයට ලක්වෙයි. එසේම ලෝක උරුමයක් ලෙස යම් ස්ථානයක් නම්කරනු ලැබූවිට විශේෂයෙන්ම සංචාරකයන්ගේ දැඩි අවධානය එම ස්ථානවලට යොමුවීම ස්වභාවිකය. එබැවින් දැනට මෙරට ප්‍රකාශ වී තිබෙන ලෝක උරුම ස්ථාන සංචාරක ගමනාන්ත වශයෙන් තවදුරටත් ජාත්‍යන්තරයෙහි ප්‍රවර්ධනය කළ හැකි නම් ඒවා රටට ඩොලර් ගලන ධන උල්පත් බවට පත්කර ගත හැකිය.

(***)



අදහස් (1)

රටට ධන උල්පත් මවන ලෝක උරුම රැකගනිමු

AB Sunday, 22 October 2023 05:50 AM

"ලෝක උරුම ස්ථාන සංචාරක ගමනාන්ත වශයෙන් තවදුරටත් ජාත්‍යන්තරයෙහි ප්‍රවර්ධනය කළ හැකි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවන් තිබේ". අවශ්‍ය වන්නේ ඇමැතිවරයාගේ සහ නිලධාරීන් ඒ පිළිබඳව දක්වන උනන්දුව, ඔවුන්ගේ හැකියාවන් සහ සංචාරකයින් ගෙන්වා ගැනීමට කරන්නා වූ නිර්මණශීලිත්වය සහ එම නිර්මාණශීලිත්වය ලංකාවේන් පිටට ගෙන යන්නේ කෙසේද යන්න මතය. එසේ නොමැතිනම් ලෝක උරුම ස්ථාන ඇතුළු අනෙක් සංචාරක ගමනාන්ත වලින් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකියි. සංචාරකයින් ලංකාවට පැමිණීමෙන් ලබෙන්නාවූ ආදායමෙන් යම් මුදල් ප්‍රමාණයක් යොදවා සංචාරක කලාප තුළ පහසුකම් ඉහළ දැමීමට කටයුතුම කළහැකිවේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අනුරගේ ගමන්මග
2024 සැප්තැම්බර් මස 23 717 1

දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ


ජනපතිවරණ ජනමත කැඩපත
2024 සැප්තැම්බර් මස 23 151 1

2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ


ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 721 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1237 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 1164 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 237 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23101 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22915 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site