IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රටට විනිමය ගේන රට රැකියා කරන්නන් රකිමු

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් සිටිය දී සිය හාම්පුතුන් අතින් පීඩාවට පත් වූ සහ වෙනත් ප්‍රශ්න ගැටලුවලට ලක්ව දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 48 දෙනකු  ඉකුත්දා මෙරටට පැමිණි බව අප පුවත්පත වාර්තා කළේය. කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචිව සිටි මෙම පිරිස අතර කාන්තාවන් 38 දෙනකු සහ පිරිමි 10 දෙනකු සිටි බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. 

මේ වූ කලී අගය කළ යුතු සමාජ සද්කාර්යයකි. රැකියාවක් සඳහා විදේශ ගතවන ඕනෑම අයකු උපන් බිමට බරක් නොවන මගක් තෝරා ගත්තෙකි. එමෙන්ම තමන් හා තමන්ගේ දරු පැටවුන්ගේ යැපීම ආණ්ඩුවට බාරදී නිකම් බලා සිටින්නකු ද නොවේ. 

එමෙන්ම නොරටක දහ දුක් විඳ උපයන මුදල මෙරටට එවා ජාතික ආර්ථිකය පෝෂණය  කිරීමෙහිලා මහගු දායකත්වයක් සපයන කෙනෙක්ද වෙයි. එබඳු පුරවැසියන්ගේ වටිනාකම  අවබෝධ කර ගැනීම ද අතිශයින්ම වැදගත්ය. කුවේට්  රාජ්‍යයේ දීර්ඝ කාලයක්  හව්හරණක්  නොමැතිව රැඳී සිටි මෙම පිරිස  ලංකාවට රැගෙන ඒමට පියවර ගැනීම අගය කළ යුතු වන්නේ එහෙයිනි. 

හාම්පුතුන්ගේ විවිධ පීඩාවලට ගොදුරුව හා වෙනත් ගැටලු හා ප්‍රශ්න නිසා කුවේට් රාජ්‍යයේ  රැඳී සිටි අපගේ ‘රට විරුවන්’ නැවත මෙරටට රැගෙන ඒමේ ‘මානුෂික මෙහෙයුමේ දී’ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එරට ආගමන විගමන නිලධාරීන් සමග මහත් වෙහෙසක් ගෙන කටයුතු කර ඇති බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය. ඔවුන්ට අපගේ ප්‍රණාමය හිමිවේ. 

මැද පෙරදිග ගෘහ සේවය මෙන්ම වෙනත් රැකියා ක්ෂේත්‍ර වර්තමානය වනවිට අතිශයින්ම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. ඉන්දියාව, පිලිපීනය මෙන්ම බංග්ලාදේශය වැනි රටවලින් අඩු වැටුපට මිනිස් ශ්‍රමය ලබා ගැනීමට හැකිවීම මීට එක් ප්‍රධාන හේතුවකි. ශ්‍රමය එසේ හෑල්ලුවී ගිය විට මිනිස් ජීවිතවල අගය ‘වාෂ්ප’ වී යාම විකෘතියක් නොවේ. ශ්‍රමයේ සිට ලිංගිකත්වය දක්වා සෑම ආකාරයකම සූරාකෑම්වලට රට විරුවන් ගොදුරුවන්නේ මෙම පරිසරය තුළය. 

වැලිකතරේ ගෘහ සේවය අතිශයින්ම පීඩාකාරී සහ වේදනාකාරී අත්දැකීම්ය. සිදුවන නොයෙක් ගැහැට ඉවසා දරා ගත නොහැකිව උඩුමහල් වලින් පැන ‘අවම’ හෝ ජීවිත ආරක්ෂාව සරිකර ගැනීමට උත්සාහ ගැනීමේ සිදුවීම් අපමණක් වාර්තාවීමෙන් පැහැදිලි වන්නේ එම කාරණයයි. ඇතැම් විට සදාකාලික ආබාධිත භාවයට පත්ව මෙරටට පැමිණීමේ ඉරණමට අමතරව ඇතැම් රටවිරුවන්ට මිනී පෙට්ටියක සැතපී යළිත් මව්රටට පැමිණීමේ ඉරණම බාර ගැනීමට සිදුවේ.

මෙම ශාලපත් ඉරණම නිසා ඇතැම් පිරිස් තම සේවා ස්ථානවලින් පැන විත් කුමන හෝ විසඳුමක් සොයති. එය බොහෝ සෙයින් අවදානම් සහගතය. මන්දයත් ගුවන් ගමන් බලපත්‍රය සහ අනෙකුත් ලියකියවිලි තිබෙන්නේ සේවා ස්ථානයේ වීමය. ශ්‍රමිකයන්ට මහ මගට පිවිසීමට සිදුවන්නේ හිස් අතිනි. නොරටක එසේ අසරණවීම හා අනාථවීම වචනයට නැගිය නොහැකි තරමේ භයානක අත්දැකීමකි. 

හාම්පුතුන්ගෙන් සිදුවන ගැහැට හා වෙනත් කාරණ නිසා සේවා ස්ථානයෙන් පලා එන පිරිස් සතුව ඇති ඒකාන්ත විශ්වාසය එරට ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල තමන්ට ආරක්ෂා කරනු ඇත යන්නයි. ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල පිහිටුවීමේ එක් ප්‍රධාන අරමුණක්  වන්නේද එයයි. එහෙත් ඇතැම් තානාපති කාර්යාවල සිටින ගිජුලිහිණි නිලධාරීන්ගේ පහසු ගොදුරු බවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පත්වීමට සම්බන්ධ අනුවේදනීය පුවත් ඉකුත් සමයේ එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවිය.

අපගේ ශ්‍රී ලාංකික කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා එමගින් තම මඩිය තර කර ගන්නා නිලධාරීන් සම්බන්ධ නිර්ලජ්ජිත සිදුවීම් රටේ අභිමානයට නින්දා සහගත කැළලකි. එබඳු නිලධාරීන්ට ඉහළින් ලැබෙන රැකවරණය නිසා බාධවකින් තොරව තම මාංශ වෙළඳාම සරු සාරෙට පවත්වා ගෙන යෑමේ හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ඉරණම ලෙයින් කඳුළෙන් හා සුසුමෙන් ලියැවීමට එයත් එක් හේතුවකි. 

ප්‍රශ්නවලට මුහුණ දෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට හව්හරණක් වීමේ ක්‍රමවේදයක් කුවේට්  රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තිබී ඇත. එරට අතරමංව අසරණව සිටි ශ්‍රී  ලාංකිකයන් 48 දෙනකුට නැවත මෙරටට පැමිණීමට අවස්ථාව උදාවූයේ එහෙයිනි. මෙම බලගතු ආදර්ශනය වෙනත් රටවල තානාපති කාර්යාල ද එයට හිමි නිසි බරින් හඳුනා ගන්නේ නම් ශ්‍රී ලාංකික රට විරුවන්ගේ ඉරණම යහපත් වනු නියතය. 

(***)



අදහස් (0)

රටට විනිමය ගේන රට රැකියා කරන්නන් රකිමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 27 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 738 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1276 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 170 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 403 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 573 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site