IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රටම බිලිගන්නා කුඩු මාෆියාව

  DL_20170126_A025

ඔහු අපට හමු වූයේ කොළඹට ආසන්න පොලිසියක දී ය. උඩු කයේ කමිසයක් නැතිව සිටි මේ පුද්ගලයා දෙස බැලූ බැල්මට පෙනුණේ පොලිසියෙන් හොඳ හැටි ‘සැලකුම් ලැබූ‘ පුද්ගලයකු ලෙසය. බංකුවක වාඩි ගෙන සිටි මේ තරුණයා අපට අඳුන්වා දුන්නේ හිතවත් පොලිස් නිලධාරියෙකි. 


‘මේකව ඊයේ ගෙනාවේ. කුඩු ගැන ඕනා නම් මුගෙන් අහගහන්න. නොම්මර එකේ බඩුවක්.‘ යැයි කියමින් පොලිස් නිලධාරියා බංකුවේ වාඩි ගෙන සිටි පුද්ගලයා අසලටම ගොස් ඔහු   හඳුන්වා දී මදක් ඈතට ගියේය.  කොළඹට ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවකු වන එම පුද්ගලයා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ කුඩු නඩුවකටය. 

ඔහුට සඳුන් යැයි කියමු. සඳුන්ගේ වයස අවුරුදු 24කි. මුලින් අදි මදි කළත් පසුව කසුන් තම අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලමින් විස්තර කීවේය. 

Heroin‘මම බිමට කැට අල්ලන කෙනෙක් ගාවයි වැඩ කළේ. මං වැඩ කළ ගෙදර මහත්තයාගේ වැඩකට මං දෙමටගොඩට ආවා. වැඬේ ඉවර වෙලා මහත්තයා එනකම් දෙමටගොඩ පාර අයිනේ ඉන්නකොට පොලිසියෙන් ජිප් එකක් ඇවිත් මාව දාගත්තා. ඒකේ තවත් කොල්ලෝ හතර පස් දෙනෙක් හිටියා. කෙළින්ම අරගෙන ගියේ පොලිසියට. කුඩු තිබ්බා කියලා මාව උසාවි දැම්මා. මට දඩයක් ගැහුවත් ගෙවා ගන්නා සල්ලි තිබ්බේ නෑ. ඒ නිසා මාසයක් ඇතුළේ ඉන්න වුණා.  ඇත්තටම මං ගාව කුඩු තිබ්බේ නෑ. ඒ වෙන කොට මං කුඩු දැකලවත් තිබ්බේ නෑ. ඇතුළේ ඉදිද්දීයි මම කුඩු ගහන්න පුරුදු වුණේ.   මේ මාව පොලිසියට අහු වුණේ පස් වෙනි පාරටයි.‘ යැයි ඔහු කීවේය.

බන්ධනාගාරයේදී කුඩු ගහන්නට පුරුදු වුණු මේ තරුණයාට දැන් කුඩු ලැබෙන්නේ දෙමටගොඩ බේස්ලයින් පාර අයිනේ ස්ථානයකිනි. ඔහු අත්අඩංගුවට පත් පසුගිය සතිය වන විට දෙමටගොඩින් ඔහු කුඩු පැකට්ටුවක් මිලදී ගෙන තිබුණේ රුපියල් 1100කටය. පොලිස් අත්අඩංගුවට පත් වන විට එහි තිබූ කුඩු ප්‍රමාණය මිලි ග්‍රෑම් 15කි. එනම් මිලි ග්‍රෑම් 15ක් ඔහු මිල දී ගෙන තිබුණේ රුපියල් 1100කටය. 

‘ඉස්සර නම් 750කට වගේ පැකට් එකක් ගත්තා. දැන් බඩු ගණන් ගිහින්‘ ඔහු කීවේය.

ශ‍්‍රී ලංකාවේ එක්තරා පන්තියකට අයත් පිරිසක් අතීතයේ හෙරොයින් භාවිත කළත් වර්තමානය වන විට හෙය වෙනස් වී තිබේ.   පාසල් සිසුවාගේ සිට වයස් සීමාවකින් තොරව පිරිස් හෙරොයින් භාවිත කරති. අතීතයේ ධනවතුන්ගේ පවුල්වල දූපුතුන් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටියත් වර්තමානය වන විට හෙරොයින් භාවිතයට වැඩියෙන් ඇබ්බැහි වෙමින් සිටින්නේ දුප්පත් පවුල්වල පිරිස්ය.

ඔහු කුඩු මිල දී ගත් ස්ථානයට කුඩු මිලදී ගන්නට පාසල් ළමයි පවා පැමිණෙති. කොළඹ මෙවැනි ස්ථාන රැසක් තිබේ. කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ළමයි පවා මෙම ස්ථාන වලට එති. මෙම ස්ථානයෙන් කුඩු මිල දී ගන්නා පාසල් සිසුන් ඇතැමෙක් ඒවා පාවිච්චියට (කුඩු ගැසීමට) යන්නේ මාලිගාවත්තේ ස්ථානයකටය. පාසල් ළමයින් අතර මෙම ස්ථානය ප්‍රසිද්ධ තැනකි.

ඔහු කුඩු මිලදී ගන්නා පුද්ගලයාගේ ළඟම ඥාතියකු  සම්බන්ධ කර දුන්නේය. පොලිසියේ සිටි තරුණයාට කුඩු විකුණන පුද්ගලයා ද අතරමැදියකු වන අතර ඔහුට කුඩු ලැබෙන්නේ ගල්කිස්සේ පුද්ගලයකුගෙන් බව ඥාතියා කීවේය.

බස්නාහිර පළාතේම තවත් ප්‍රදේශයක කුඩුවලට ඇබ්බැහි වූ තරුණයකු අපට හමු විය. ඔහු දිනයකට රුපියල් 2000ක පමණ කුඩු ගැසීමට පුරුදු වී සිටියි. කුඩු ගැනීමට මුදල් නැති අවස්ථාවල දී ඔහු මුදල් ඉල්ලා මවට  පහර දුන් අවස්ථාද තිබේ.

‘මං ගන්න තැන 1000, 1200, 1500 වගේ පැකට් තියෙනවා. සාමාන්‍යයෙන් 1000 පැකට් එකක ෂොට් හතරක් වගේ තියෙනවා. 1500 එකක ෂොට් අටක් වගේ තියෙනවා.‘ යැයි මේ තරුණයා කීවේය.

ෂොට් හතරක් ඇතැයි කියන පැකට් එකක් භාවිත කළ හැක්කේ එක් වරක් පමණක් බව ඔහු කියයි. තමා දවසකට දෙවරක් කුඩු පාවිච්චියට පුරුදු වී ඇති නිසා රුපියල් 2000ක් පමණ යන බව ඔහු පවසයි. මේ තරුණයාගේ අසල් වාසියකු කීවේ ඔහු මුදල් ඉල්ලා නොදුන්විට මව සමග දබර වී නිවසේ බඩු පවා උකස් කරණ බවයි. එක් අවස්ථාවකදී නිවසේ වත්තේ තිබූ ගස් කපා විකිණූ බව ද අසල්වැසියා කීවේය.

හෙරොයින් යනු ශ්‍රී  ලංකාවේ නිෂ්පාදනය කරන මත්ද්‍රවයක් නොවේ. ”ඩයිඇසිටයිල් මෝෆීන්” (Diacetyl morphine) ලෙස හෙරොයින් හැඳින්වේ. මෝෆීන් නම් ද්ර ව්යඩයට තවත් රසායන ද්‍රව්‍යයන් කිහිපයක් එක්කර හෙරොයින් නිෂ්පාදනය කරයි. මොර්ෆීන් යනු පොපි ශාඛයෙන් නිෂ්පාදනය කරන ද්‍රවයයකි. පොපි ශාකයෙන් නිපදවන අබිංවලින් මෝර්ෆීන් නිෂ්පාදනය කරයි. සුදු, කහ, සහ දුඹුරු පැහැයෙන් හෙරොයින් පවතී. කුඩු, කැට සහ දියර ස්වභාවයන්ගෙන් හෙරොයින් දැකිය හැකිය. ශ්‍රී   ලංකාවේ වැඩි වශයෙන්ම හෙරොයින් ඇත්තේ කුඩු ලෙසය. ඇසිඞ් හෝ විනාකිරි මෙන් ගඳක් වහනය වන හෙරොයින්වල හොඳම වර්ගය සුදු පැහැයෙන් යුක්ත බව කියති. ලංකා වෙළෙඳපොළේ එවැනි හෙරොයින් නැත. 

P1130783ලංකාවේ හෙරොයින් භාවිතය ප්‍රචලිත වූයේ 1980 දශකයෙන් පසුවය. මුලින්ම ලංකාවට හෙරොයින් ආවේ විදේශ ගත වන ශ්‍රී ලාංකිකයන්ගෙනි.

අන්තරාගකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පසුගිය වසරේ දත්ත වලට අනුව ලංකාවේ හෙරොයින්වලට ඇබ්බැහිවූවන් සංඛ්‍යාව 45,000ක් පමණ වේ. ඒ අනුව වීදි මට්ටමේ හෙරොයින් කිලෝ 985ක් පමණ ඔවුනගේ භාවිතයට අවශ්‍ය බව ඇස්තමේන්තු ගත කර තිබේ. එය දිනකට කිලෝ ග්රෑ්ම් 2.7කි. 


 ශ්‍රී   ලංකාවට වැඩි වශයෙන් හෙරොයින් එන්නේ ඇෆ්ගනිස්ථානයේ සිට බව සොයාගෙන ඇත. ඇෆ්ගනිස්ථානයේ සිට ඉන්දියාව හරහා හෙරොයින් ගෙන ඒම එක් මාර්ගයක් ලෙස යොදා ගැනෙන අතර ඉරානය දෙසින් රුසියාවේ කැඩුණු ප්‍රාන්ත හරහා ගෙන ඒම තවත් මාර්ගයක් ලෙස ද පෙන්වාදිය හැකිය. අතීතයේ තත්ත්වය එලෙස වුවත් ලංකාවට දැන් වැඩි වශයෙන් හෙරොයින් එන්නේ පකිස්ථානයේ සිට  බව සොයා ගෙන තිබේ. 


ශ්‍රී   ලංකාවට හෙරොයින් ඇතුළුවන ප්‍රධාන මාර්ග දෙකකි. පළමුවැන්න මුහුදෙනි. දෙවැන්න ගුවනෙනි. අතීතයේ ලංකාවට හෙරොයින් වැඩි වශයෙන් එන්නේ ගුවන් මගින් බව කීවත් වර්තමානය වන විට අනාවරණය වී ඇත්තේ ලංකාවට වැඩි වශයෙන් හෙරොයින් එන්නේ මුහුදු මාර්ගයෙන් බවයි.   මුහුදු මගින් හෙරොයින් ලංකාවට ගෙනෙන ප්‍රධාන ක්‍රම දෙක වන්නේ කන්ටේනර සහ බෝට්ටු මගින් පමණි. කන්ටේනර මගින් කුඩු ගෙන ප්‍රධාන සිද්ධි රැසක් පසුගිය කාලයේ වාර්තා විය.


ඉන්දියාවේ සිට බටහිර වෙරළ තීරයට බෝට්ටු මගින් බහුල වශයෙන් හෙරොයින් ගෙන එන බවට ද ලංකාවේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතනවලට තොරතුරු ලැබී ඇත.  මීගමුවේ සිට හලාවත දෙසට මුහුදු තීරය ඒ අතර විශේෂත්වයක් ගනී. බෝට්ටු මගින් ගෙන එන හෙරොයින් ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතැම් ස්ථානවලින් ලංකාවට ඇතුළුවන බව ද කියති.


ශ්‍රී  ලංකාවේ එක්තරා පන්තියකට අයත් පිරිසක් අතීතයේ හෙරොයින් භාවිත කළත් වර්තමානය වන විට එය වෙනස් වී තිබේ.   පාසල් සිසුවාගේ සිට වයස් සීමාවකින් තොරව පිරිස් හෙරොයින් භාවිත කරති. අතීතයේ ධනවතුන්ගේ පවුල්වල දූපුතුන් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටියත් වර්තමානය වන විට හෙරොයින් භාවිතයට වැඩියෙන් ඇබ්බැහි වෙමින් සිටින්නේ දුප්පත් පවුල්වල පිරිස්ය. 


පසුගිය වසරේ හෙරොයින් වැරදි සම්බන්ධයෙන් පාසල් සිසුන් සියයක් පමණ අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි. 


ලංකාවේ වැඩි වශයෙන් හෙරොයින් භාවිත කරන්නේ චයිනීස් ක්‍රමයටයි. එනම් දුම ඉරීමේ ක්‍රමයකි. ඊට අමතරව එන්නත් මගින් විද ගැනීම ද ලංකාවේ සුළු වශයෙන් සිදුවේ. හික්කඩුව, මීගමුව ආදී සංචාරකයන් වැඩියෙන් ගැවසෙන ප්‍රදේශවල තවමත් හෙරොයින් විද ගැනීමේ ක්‍රමය භාවිත වෙයි.


ශ්‍රී   ලංකාවට ගෙන්වන හෙරොයින් අවසන් පාරිභෝගිකයා හෙවත් කුඩු ගසන්නා අතට පත් වන්නේ තැරැව්කරුවන් කිහිප දෙනකු අතට පත්වීමෙන් පසුවය. එලෙස පත්වන විට ගෙන්වන ලද හෙරොයින්වලට තවත් විවිධ අහිතකර දෑ එක් කරයි. හෙරොයින්වල ශූද්ධතාව යනු ඩයි ඇසිටයිල් මෝර්ෆීන් අඩංගු ප්‍රමාණයයි. ලංකාවට ගෙන්වන විට වැඩි ප්‍රතිශතයක් ඩයි ඇසිටයිල් මෝර්ෆීන් අඩංගු වුවත් විවිධ දෑ එක් කිරීම නිසා වීදි හෙරොයින්වල එම එම ප්‍රතිතිශතය   සියයට 15ක් පමණ වේ.   2011 වසර වන විට වීදි හෙරොයින් වල ශුද්ධ තාව හෙවත් ඩයි ඇසිටයිල් මෝර්ෆීන් ප්‍රමාණය සියයට 30ක් පමණ විය. එනම් වසර පහකට පසු එය සියයට පනහකින් අඩු වී තිබේ. 

Untitled-1
තැරැව්කරුවන් අතින් අතට පත් වෙද්දී ඔවුන් වැඩිපුර ලාබයත් තබා ගැනීම සඳහා හෙරොයින්වල ශූද්ධතාව අඩු කරයි. එනම්  ඩයිසිෆෑම්, ඇසිටමිනෝෆීන් සහ කැෆෙන් වැනි විවිධ වර්ග එකතු කරයි.


හෙරොයින් ශුද්ධතාවය  එන්න එන්නම අඩුවීමෙන් පෙනී යන්නේ ඒවාට විවිධ වර්ග එකතු කිරීම වැඩි කර ඇති බව යැයි ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කීවේය.


හෙරොයින් යනු නීතියෙන් තහනම් දෙයක් නිසා සත්‍ය වශයෙන්ම ඊට වෙළෙඳ පොළ මිලක් නියම කළ  නොහැකිය. එහෙත් සාමාන්‍යයෙන් ශ්‍රී  ලංකාවේ හෙරොයින් කිලෝවක් හැට ලක්ෂ පනස් දහසකට පමණ අලෙවිවන බව හඳුනාගෙන ඇත.  ඒ අනුව ලංකාවේ හෙරොයින් ග්‍රෑම් එකක මිල රුපියල් 6500 පමණ වෙයි. මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ගේ මිල ගණන් එසේ වුවත් හෙරොයින් වීදි වටිනාකම ඊට වෙනස්ය.


සුළු පරිමාණයෙන් හෙරොයින්  ව්‍යාපාරය කරන පුද්ගලයකු කීවේ තමා හෙරොයින් පැකට්ටුවක් මිලදී ගන්නේ රුපියල් අට දහසකට බවයි. එවැනි පැකට් පහක් පමණ රැගෙන විත් ඒවා එකතු කර යළි බෙහෙත් පෙති කුඩු වර්ගයක් ද යොදා එය පැකට් 20කට පමණ සකස් කර විකුණන බවයි. ඔහුගේ පැකට්ටුවක (මිලග්‍රෑම් 20ක පමණ) මිල රුපියල් 1200කි.


1984 අංක 13 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ වර්ග (සංශෝධන) පනතට අනුව හෙරොයින් ග්‍රෑම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදි කරුවකු වුවහොත් මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කළ හැකිය.


එමෙන්ම හෙරොයින් ග්‍රෑම්   1ත් 2ත් අතර ප්‍රමාණයක් ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ පුද්ගලයකුට රුපියල් ලක්ෂයකට නොඅඩු සහ රුපියල් පන් ලක්ෂයකට නොවැඩි දඩයකට ද, අවුරුදු හතකට නොඅඩු සහ අවුරුදු විස්සකට නොවැඩි කාලයක් දෙයාකාරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමකට ද යටත් කළ හැකිය.


හෙරොයින් ග්‍රෑම් එකකට අඩු ප්‍රමාණයක් ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත් රුපියල් පහළොස් දහසකට නොඅඩු, රුපියල් පනස් දහසකට නොවැඩි දඩයකට  ද, අවුරුදු තුනකට නොඅඩු, අවුරුදු හතකට නොවැඩි කාලයක් දෙයාකරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමට ද ලක් කළ හැකිය.


නීතිපති දෙපාර්තමේන්තුවෙන් 2012/ 04/18 වැනිදා තමින් සිආර්3/විවිධ05/12 අංකයෙන් පොලිසියට නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාවක දැක්වෙන්නේ ශූද්ධ තාව අනුව හෙරොයින් මිලි ග්‍රෑම් පන්සියයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්හට මහාධිකරණයේ නඩු පැවරිය යුතු බවයි. හෙරොයින් මිලිග්‍රෑම් 500ට අඩු වුවත් හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි සාක්කි ඇත්නම් හෝ හෙරොයින් සම්බන්ධයෙන්     පෙර වැරදි තුනක් හේ ඊට වැඩියෙන් ඇත්නම් මහාධිකරණයේ නඩු ගොනු කරන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී ඇත.  නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ ජාවාරම් කිරීම හා විකිණීම යනු දෙකක් බවයි. සුළු පරිමාණයෙන් අවසන් පාරිභෝගිකයාට හෙරොයින් අලෙවි කිරීම විකිණීම ලෙස ඔවුන් දක්වා ඇත. එවැනි වැරදි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය යුතුයි. 


හෙරොයින් භාවිතය නිසා ශ්‍රී ලංකාවේ අපරාධ වැඩිවී ඇතැයි සමාජ විද්‍යාඥයෝ කියති. හෙරොයින් නොමැතිකම නිසා ඇතිවන පීඩනය මැඩ ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වයට යොමුවන පිරිස් නිසා අපරාධ සිදු වෙයි. හෙරොයින් මිල දී ගැනීමට මුදල් නොමැති කම නිසා මුදල් සොයා ගැනීමට තවත් පිරිසක් අපරාධ කරති.

Untitled-2හෙරොයින් භාවිත කරන්නන් එය නවත්වන්නට උත්සාහ කරද්දී හෙරොයින් ජාවාරම්කරුවන් ඔවුනට නොමිලයේ හෙරොයින් ලබා දෙමින් ඊට නැවත හුරු කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිද වාර්තා වී තිබේ. බන්ධනාගාරගතවී සිටියදී පවා සැකකරුවන්ට හෙරොයින් ලැබීමට සලස්වන ක්‍රම ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය. ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ද ඊට නොඅඩුව ලැබෙන බව පසුගිය කාලයේ වාර්තා වූ සිද්ධීන් සමඟ පෙනී යයි.    හෙරොයින්වලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගත නොහැකි බවට ඇති මතය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බවත් හෙරොයින්වලට ඇබ්බැහි වූවන් ඉන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට හැකි බවත් වෛද්‍යවරු කියති.


හෙරොයින් භාවිත කර එය නැවැත්වූ සැණින් ඇතිවන ඇතැම්  ලක්ෂණ නිසා දිගින් දිගටම හෙරොයින් භාවිතයට යොමු සමහරු යොමු වෙති. වෛද්‍යවරු කියනුයේ  එම   ලක්ෂණ පවතින්නේ ටික දිනක් පමණක් බවයි. ඉන් පසු ඒවා  පහව යන බව වෛද්ය වරු කියති.   


හෙරොයින් සම්බන්ධයෙන් සමාජයේ වැඩි කතා බහකට ලක්වෙන දේශපාලකයෝද වෙති.  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ උසස් නිලධාරියෙකු කීවේ එක්තරා දේශපාලනඥයෙක් මීට කලකට පෙර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය හරහා හෙරොයින් ගෙන ආ බවට වාර්තා වූ බවයි.


මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ තොරතුරුවලට අනුව එකම  වාසගම ඇති දේශපාලනයට නෑකම් කියන සිව් දෙනෙක් මෙම ජාවාරමට සම්බන්ධ වී සිටියහ. කුඩු ජාවාරම නිසා දුර දිග ගිය දේශපාලන මතබේද ඇති වූ අවස්ථා ලංකා දේශපාලනයේ ඇත.


(මෙහි ඇති ඇතැම් නම් හා ප්‍රදේශ ආරූඪ නාමයන් වේ. පොලිසියට හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට විශේෂ ස්තුතිය.)

  2011 2012 2013 2014 2015
මධ්‍යම 292 399 924 849 745
නැගෙනහිර 31 28 57 56 29
උතුර 22 34 57 43 42
උතුරු මැද 98 165 424 415 295
වයඹ 313 274 836 1117 1008
සබරගමුව 148 173 191 483 581
දකුණ 597 895 1463 1947 1448
ඌව 58 57 153 129 119
බස්නාහිර 12881 14784 19560 18292 22272
එකතුව 14440 16809 23665 23331 26539

m



අදහස් (0)

රටම බිලිගන්නා කුඩු මාෆියාව

නුවන් Thursday, 02 February 2017 11:56 PM

දඬුවම් දියයුත්තේ මේවා විකිණුම්කරුවන්ටයි (නි)

:       0       0

චන්න Monday, 30 January 2017 01:10 AM

ඕවට වගකියන්න ඕනෑ වෙන කව්රුත් නෙමෙයි. මේ පවතින දේශපාලන ක්‍රමයයි. (නි)

:       0       0

ප්‍රියංකර Friday, 03 February 2017 08:07 AM

පවතින ගුප්ත රජය වහාම වගකීමක් නොගන්නේ නම් මේ රජයට විරුද්ධව ලෝක ය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයො බලවේගයක් නිර්මාණය කරගත යුතු යුගයක් බව අමතක නොකරමු. නීතිය යනු;සාමය/ආරක්ෂාව/සාධාරණය වෙන අතර මේවා නොදැන රට කරවන අවස්ථාවාදී ආර්ථික රාමුවෙ පෙලගැසෙන කූට වෙළඳුන් (දේශපාලකයෝ )ව පහකර දමන්න රාජ්‍ය නොව ජනතාව විසින් නිර්මාණ කරගත් නීතියකින් ජනතා නීති ව්‍යවස්ථාවක් අනුමත කරගැනීමේ බලයක් නිර්මාණය කරගැනීම කාලෝචිතයි සුභයි.(බ)

:       0       0

සරා Tuesday, 31 January 2017 09:44 AM

කුඩු බොන මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ.කුඩු ගෙන්වන ජාවාරම් කාරයෝ සැනසිල්ලේ වෙළඳාම කරනවා.කුඩු බොන්න පුරුදු කරන්නේ නොමිලේ.ටික දවසක් යනකොට බොන්න පුරුදුවෙනවා.සල්ලි නැතිවෙනකොට මොනවා හරි හොරකම් කරනවා,එහෙමත් බැරිවෙනකොට තවත් කෙනෙකුට කුඩු විකුණලා කුඩු මුදලාලි කෙනෙක් වෙනවා . මේක ඇති භයානක තත්වයක්.හරියට පිරමීඩ බිස්නස් එක වගේ දැන් ඇමෙරිකාවේ පුවත් බොහොමයක් කුඩු ගහල ළමයින් එක්ක පාර අයිනට වෙලා වාහනේ ඇතුලේ ඉන්න අවස්ථා බොහොමයක් තියෙනවා. අපිටත් එහෙම වෙන දිනේ දුර ඈතක නැහැ (බ)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 996 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 122 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1068 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 133 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 228 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 449 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site