IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රටේ අභිමානය ලොවටම පෙන්වන සෙංකඩගල දළදා පෙරහර

දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් මෙවර පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහර අද (30) රාත්‍රි 07 පසුවී විනාඩි 03.00ට උතුරු දිශාභිමුඛව පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය) යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය, (ත්‍රිකුණාමල විදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතුරින් විසිතුන් වැනි ලක්ෂණය වනුයේ “චත්තාලීස දන්ත” නම් වූ ලක්ෂණයයි. එය මහේශාක්‍ය බව මෙන්ම මහානුභාව සම්පන්න බව සනාථ කරන්නකි. මහනුවර දළදා මාලිගාවේ වැඩ වාසය කරන එම චත්තාලීස දන්ත නම් වූ ලක්ෂණයෙන් යුත් වාම දන්ත ධාතුන් වහන්සේ ක්‍රි.ව. 4 වැනි සියවසේ දී පමණ හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් කිත්සිරිමෙවන් රජ දවස ලංකාවට රැගෙන එන ලදී.  

වසර 2500 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන හෙළ සංස්කෘතියක දක්නට ලැබෙන අති උත්කර්ෂවත් සංස්කෘතිකාංග අතර මහනුවර ඇසළ පෙරහරට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. එපමණක් නොව මෙම පෙරහර මංගල්‍යය තුළින් ශ්‍රී ලාංකික හෙළ ජන ජීවිතය පුනර්ජීවයක් ඇති කරවනු ලබයි. එමෙන්ම ලාංකික හා ලාංකික නොවන බොහෝ අයගේ සිත් තුළ බෞද්ධ චින්තනය තුළින් සිය පැවැත්ම ඔප් නංවා ගැනීමට මංපෙත් සැලසේ.

පෙරහරේ වටිනාකම පිළිබිඹු කරන උත්කර්ෂවත් සංකේතය වන්නේ අලි ඇතුන්ය. පෙරහර සැණකෙළි අසිරියක් විත්‍රණය කරන කසකරුවන්, නර්තන ශිල්පීන්, බෙර වාදක ශිල්පීන්, පන්දම්කරුවන් ආදී විවිධ කණ්ඩායම් සිටියද පෙරහරේ අභිමානය, ප්‍රෞඪත්වය ඉස්මතු කිරීම සඳහා අලි ඇතුන්ගෙන් ඉටු වන්නේ විශාල සේවයකි. දළදා කරඬුව පවා වැඩමවීමට ඇතුන් යොදා ගැනීමෙන් එය මනාව වටහා ගත හැකිය. 

දළදා පෙරහරේ සියලු කටයුතුවල ආරම්භය සිදු වන්නේ ජ්‍යෝතිෂ්‍යමය නැකැත් චාරිත්‍රානුකූලව වන අතර සුබ නැකැත් සෑදීම අනිවාර්යයෙන්ම සිදුවන දෙයකි. ඒ සඳහා ම වෙන් වූ දෛවඥයෙකු මාළිගාවේ සිටියි. ඔහු නැකත් මොහොට්ටාල වශයෙන් හඳුන්වයි. ඔහුට අයිති රාජකාරිය වන්නේ දළදා වහන්සේගේ පුද පූජා හා උත්සව කටයුතුවල දී සුබ නැකැත් වේලාවන් සකස් කර දීමය.

පෙරහර මංගල්‍යයේ ඉතිහාසය 
පස්වැනි සියවසේ ලක්දිවට පැමිණි ෆාහියන් චීන භික්ෂුවකගේ දේශාටන සටහන්වලට අනුව අනුරාධපුර දළදා මැදුරේ සිට දළදා වහන්සේ පෙරහැරින් අභයගිරි විහාරය වෙත වැඩමවා ඇත. අනතුරුව පුරා දින අසූවක කාලයක් ඉමහත් ගෞරව පුර්වකව දළදා ප්‍රදර්ශනය පවත්වා තිබේ. පසුව පොළොන්නරුවට වැඩම වූ දළදා වහන්සේට පළමුවන පරාක්‍රමබාහු රජතුමා මහත් හරසර දක්වා ඇත. නගරය හා මංමාවත් අලංකරණය කොට උත්කර්ෂවත් පෙරහැරක් පවත්වා ඇති බව චූලවංශයේ සඳහන් වේ.

පසුව ආරක්ෂිත ක්‍රමෝපාය පිණිස දළදා වහන්සේ දඹදෙණියට වැඩම කරවා ඇත. එහිදී දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පුද සත්කාර හා ගරුබුහුමන්වලට දළදා වහන්සේ පාත්‍ර විණි. දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් සිය මාලිගාව අසල තෙමහල් මන්දිරයක දළදාව තැන්පත් කළ බව ද තම පියාණන් වූ විජයබාහු ඉදිකළ විජයසුන්දරාරාමයට ද දළදාව වැඩමවා මහත් පූජාවක් සිදු කළ බවට ද දඹදෙණි කතිකාවේ සඳහන් අයුරු විස්තර කර තිබේ. 

තවද දඹදෙණි දළදා මැදුරේ සිට සිරිවර්ධනපුරය දක්වා ඇති ප්‍රවේශ මාර්ග සකසා අලංකාර කොට දළදා වහන්සේ මෙන්ම පාත්‍ර ධාතුව පෙරහරින් වැඩම කරවීමටත් එයට පූජා පැවැත්වීමත් සම්බන්ධව විස්තර චූල වංශයේ තොරතුරු සඳහන් වෙයි. මේ ආකාරයේ දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා, වතාවත් හා වාර්ෂික පෙරහර මංගල්‍යය පැවැත්වීම පිළිබඳ තොරතුරු නොයෙක් මූලාශ්‍ර හා පොත්වල සඳහන් වේ. කෙසේ වෙතත් මහනුවර යුගය ආරම්භයෙන් පසුව මෙම පෙරහර මංගල්‍යයේ වෙනසක් දැකගත හැකි විය. මේ කාලයේ දී දළදා වහන්සේ වෙනුවෙන් පැවැත් වූ පෙරහර අහෝසි වී දේවාල පෙරහර පමණක් ඉතිරිවීම හඳුනා ගත හැකිය. දෙවන රාජසිංහ රජුගේ පාලන සමයේ මහනුවර රාජධානියේ සිරකරුවකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ඇසළ පෙරහර දෙවියන් උදෙසා පැවැත් වූ දේව පෙරහරක් ලෙස පෙන්වා දී තිබේ. 

මේ අනුව මහනුවර යුගයේ දී ශ්‍රී දළදා පෙරහරට දේව වන්දනය සහිත නව කොටස් එකතු වී තිබෙන බව හඳුනා ගත හැකිය. මහනුවර යුගයට පෙර දළදා වහන්සේ උදෙසාත් දෙවිවරුන් උදෙසාත් වෙන වෙනම පෙරහර පවත්වා තිබුණි. මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස උදාවූ සංස්කෘතික හා ආගමික පුනර්ජීවය හේතු කොට ගෙන එම පෙරහර දෙකම ඒකාබද්ධ කිරීමෙන් ඇසළ පෙරහරේ වර්තමාන ස්වරූපය සකස් වී ඇත.

ඇසළ පෙරහරේ ආරම්භය
විවිධ මූලාශ්‍රවලින් හෙළි වන ආකාරයට මහනුවර යුගයෙන් පසුව ඇසළ පෙරහැර ආරම්භයේ දී දේව පෙරහරක් වශයෙන් පැවතිණ. එනම් විෂ්ණු දෙවියන්ගේ උප්පත්තිය සැමරීම උදෙසා ඉපැරණි කාලයේ සිටම පැවත එන උත්සවයකි. එය ආරම්භ කෙරෙන්නේ දෙවියන් උපත ලද දිනයේය. මෙම උත්සවය පවත්වන්නේ විෂ්ණු දෙවියන් විසින් දෙවියන්ගේ පස මිතුරන් වූ අසුරයන් ජය ගැනීම සිහිකිරීමට බව ඇතැම් පැරණි ග්‍රන්ථවල සඳහන් වේ. මෙයට හොඳම සාක්ෂිය වන්නේ “කප” කපා ගැනීම, කප වැඩමවාගෙන ඒම, කප බෙදාහැරීම, කප සිටුවීම, දේවාල ඇතුළේ පෙරහර ආදී මේවා සියල්ලම දෙවියන් මුල් කර ගෙන සිදුවන්නක් වීම නිසාය. 

ඇතුළත පෙරහර
කප් සිටුවීමෙන් පසුව ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භයට පෙර දවස් පහක කාලයක් සතර මහා දේවාල ඇතුළත කුඩා පෙරහරක් පැවැත්වේ. මෙය “දේවාල ඇතුළත” පෙරහර නමින් හැඳින්වේ.  මෙම පෙරහර දේවාල වටේ පමණක් වාර තුනක් ගමනේ යෙදෙයි. මෙහිදී දේවාලයට සම්බන්ධ සේවාවන් හා නිරතව සිටින අය සහභාගී වේ. බෙර, දවුල්, හොරණෑ වාදනය ආදී සේවා බාරව සිටින පුද්ගලයෝද අනිවාර්යයෙන්ම මෙයට සහභාගී වෙති.

කුඹල් පෙරහර
මහ පෙරහරේ පළමු අදියර පටන් ගන්නේ කුඹල් පෙරහරෙනි. ඉසේ සිට පිළියක් වසාගත් බඩහැල බද්දා කලස් දෙකක් අතින් ගෙන වළං කදක් ගෙන්වාගත් අතවැස්සෙකු සමග මේ පෙරහර ඉදිරියෙන් පැමිණ ඒ කලස් දෙක හඳුන් කූඩමේ තබා යයි. මෙයට “කුඹල් පෙරහර” කියන්නේ ඒ නිසා බව පොත්පත්වල සඳහන් වේ. වර්තමානයේ මෙවැනි අංගයක් පෙරහරේ දක්නට නොලැබේ.

තවද මහජන සන්නිපාතය යන අරුත් දෙන කම්බල් යන වචනයක් දාවිඩ භාෂාවේ එයි. ඇතුළේ පෙරහැර නිමවා මහජනයා මුණගැසීමට ලැබෙන්නේ කුඹල් පෙරහැරෙන් නිසා මෙවැනි භාවිතයක් එකතු වූවා කියා සිතීමට හැකි බව මූලාශ්‍රවල වැඩිදුරටත් සඳහන් වේ. කුඹල් පෙරහර දින පහක් පුරාවට පැවැත්වේ. 

රන්දෝලි පෙරහර 
කුඹල් පෙරහරෙන් පසු ආරම්භ වන්නේ රන්දෝලි පෙරහරයි. ඇසළ පෙරහරේ අති උත්කර්ෂවත් දින පහ ලෙස මෙය හැඳින්වේ. සතර දේවාලවලට අයත් රන්දෝලි සතර පෙරහරේ වැඩමවීම නිසා මේ නම ලැබී තිබේ. 

අද රාත්‍රී 07.03 ආරම්භ වන ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ පෙරහැර ගෙවදීමෙන් පසු, ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙහි පෙරහර සිව් දේවාලවල පෙරහැරත් සමග පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රීකුණාමල වීදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාරව දළදා කරඬුව එහි තැන්පත් කොට සිව් දේවාලවල පෙරහැර ආපසු දේවාලයට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දියකැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේවා පූජා ඉටු කරනු ලැබේ. 

අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැන්පත් කරනු ලැබූ පෙරහර කරඬුව හෙට (31 දින) දහවල් පෙරහැර වශයෙන්, ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් වැඩම කර ගෙවදීමෙන් මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ නිමාව ඇරැඹේ. පසුව පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරු පෙරහර නිමාවට පත්වේ.

සටහන සහ ජායාරූප  සිසිර කුමාර බණ්ඩාර



අදහස් (1)

රටේ අභිමානය ලොවටම පෙන්වන සෙංකඩගල දළදා පෙරහර

Dinithi punsara Saturday, 16 December 2023 02:55 PM

ගොඩක් හොඳයි... ගොඩක් වටිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 616 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 972 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 140 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 389 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 556 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site