බෝ නොවන රෝග වාර්තාවීමේ සංඛ්‍යා දත්ත
● ස්ථුලතාවය - සියයට 7
● අධිබර - සියයට 25
(පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් අතර ස්ථුලතාවය දෙගුණයකින් වැඩිය)
● දියවැඩියාව - සියයට 10
● අධිරුධිර පීඩනය - පුද්ගලයන් 8 දෙනකුගෙන් එක් අයකුට ඇත
● පිළිකාව - පුද්ගලයන් 100,000කින් 80 දෙනකු
● ශ්වසන රෝග - වැඩිහිටි සියයට 15
ළමා සියයට 15
● වකුගඩු - වාර්ෂිකව අලුත් රෝගීන් 5000ක් වාර්තා වේ.
‘ජීවන රටාවේ අයහපත් පුරුදු නිසා ඇතිවන බෝ නොවන රෝග ශ්‍රී ලංකාවේ ශීග්‍රලෙස වර්ධනය වී තිබේ’ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 25ක් නියමිත බරට වඩා වැඩි අතර සියයට 07ක් පමණ ස්ථුලතාවයෙන් පෙළෙති. වාර්ෂිකව ශ්‍රී ලංකාවේ දියවැඩියාව හා ඒ ආශ්‍රිත සංකූලතා නිසා මියයන සංඛ්‍යාව 10,000කි.
මේ වන විට අප රටේ මුළු ජනගහනයෙන් සියයට 8ක් දියවැඩියා රෝගයේ විවිධ අදියරයන් යටතේ ප්‍රතිකාර ලබන අතර මෙම රෝගයෙන් වැඩිහිටියන් වාර්තා වුවද දැන් දැන් රෝගය බහුල වශයෙන්ම තරුණ හා ළමා පිරිස් අතරින් හඳුනා ගැනීම බරපතළ ජාතික සෞඛ්‍ය ගැටලුවක් වෙමින් පවතින බව සෞඛ්‍ය පෝෂණ හා දේශය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
අන්තරාසර්ග පද්ධති පිළිබඳ වෛද්‍ය සම්මේලනයේදී මෙම කරුණු ඇමැතිවරයා ඉදිරිපත් කළ අතර ඒ වටා ගොඩනැගුණු සොයා බැලිය යුතු කරුණු ගණනාවකි. සංඛ්‍යා දත්ත මෙහි වෙනම පළවේ. ලෝකයේ ජනගහනය ශීඝ්‍ර ලෙස වර්ධනය වීමත් සමග, අනෙක් පැත්තෙන් ලෙඩ රෝග ද අතීතයට සාපේක්ෂව වැඩිවී ඇති බව ලොව තතු පෙන්වාදේ. ලෝකයම මේ වන විට මුහුණපා ඇති ප්‍රධානම අර්බුදය සංක්‍රාමික නොවන රෝග හෙවත් බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉහළ යෑමයි.
සමාජමය සහ ආර්ථිකමය වශයෙන් බලපෑමක් එල්ල කරනා මෙම තත්ත්වයේද, රටක බෝ නොවන රෝග වැඩිවීම, එරට නිෂ්පාදන ඵලදායිතාව හීනවීමටත්, ශ්‍රමික නිෂ්පාදනය අඩුවීමටත්, දරිද්‍රතාවන් වර්ධනය වීමටත්, සහ සමාජීය වශයෙන් ඉඩ ප්‍රස්තා අහිමිවීම් ආදී ගැටලු රෝගයට ගොදුරු වූ පුද්ගලයා මුහුණ දීමට සිදුව තිබෙන්නේ අවසනාවන්ත පරිදිය.
බෝ නොවන රෝග ලෙස දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය (අංශ භාගය) පිළිකා නිදන්ගත ශ්වසන රෝග සහ වකුගඩු රෝග හඳුනාගෙන තිබේ. මෙම සියලු රෝගයන් පුද්ගල චර්යාත්මක සාධක හේතුවෙන් ඇති වන අතර කෙටියෙන්ම සඳහන් කළහොත් බෝ නොවන රෝගයකට කෙනකු පත්වීම යනු ‘ඉල්ලන් කෑමකි’
බෝ නොවනා රෝග ඇතිවීමට බලපාන පොදු සාධක.
1. දුම්කොළ භාවිතය
2. මද්‍යසාර හෝ මධ්‍යසාර අඩංගු පානයන් භාවිතය
3. සෞඛ්‍ය නොවන ආහාර පුරුදු
4. ක්‍රියාශීලී නොවන ජීවිතය
5. මානසික ආතතිය
6. පරිසර දූෂණය ආදී සාධක බෝ නොවන රෝග ඇතිවීමට බලපාන පුද්ගල චර්යාත්මක සෘජු සාධකයන්ය. නිරෝගී ජීවිතයක් අපේක්ෂා කරන්නෙකුට මේ සියල්ල වෙනස් කරගත හැක.
නමුත් බෝ නොවන රෝග වැලඳීම වළක්වා ගත නොහැකි සාධක දෙක වන්නේ ජානමය සාධක සහ වයසට යාම වැනි කරුණුය. කෙසේ නමුත් වයස් බේදයකින් තොරව ඇතිවන බෝ නොවන රෝග ඇතිවීමට බලපාන ඉහතින් සඳහන් කළ සාධක පාලනය නොකිරීමෙන්, ශරීරයේ ප්‍රබල වෙනස්කම් රැසක් සිදුවිය හැක. එම නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම, රුධිර පීඩනය වැඩිවීම, ස්ථුලතාවය (ශරීර ස්කන්ධ දර්ශකය 30 වඩා වැඩිවීම (ඊඵෂ අගය)
අධිබර : කොලොස්ට්‍රෝල් මට්ටම ඉහළ යාම ආදී කරුණු රැසකට මුහුණ දීමට පුළුවන.
ලංකාවේ වාර්ෂිකව වාර්තාවන පුද්ගල මරණවලින් වැඩිම ප්‍රතිශතයක් බෝ නොවන රෝග හේතුවෙන් ඇති වන බැවින් බෝ නොවන රෝග ව්‍යාප්තිය අවම කර ගැනීම වාර්තමානය වන විට ජාතික වගකීමක් බවට පත්ව තිබේ. තවත් ආකාරයකට රෝග ව්‍යාප්තීන් හඳුනාගෙන ඊට සරිලන පරිදි සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇති කරමින් හා ආර්ථික හා සමාජ සන්දර්භයන් රෝග වැළැක්වීම හා පාලනය කිරීම වෙනුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමද, බෝ නොවනා රෝග ව්‍යාප්ති අවදානම අවම කර ගත හැකි සාධකයන්ය.
දියවැඩියාව : ලොව පුරා බෝ නොවන රෝගයන්ට ගොදුරුවන රෝගීන්ගේ වැඩි ප්‍රතිශතයක් දියවැඩියා රෝගීන් බව හඳුනාගෙන ඇත. දියවැඩියාව හේතුවෙන් වසරකට ලොව පුරා මිය යන සංඛ්‍යාව දස ලක්ෂ 1.5කි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීයව සිටින ජනගහණයෙන් සියයට 8කුත්, නාගරිකව සියයට 12කුත් දියවැඩියාවෙන් පෙළෙන බව මේ වනවිට හඳුනාගෙන තිබේ. 2035 වසර වන විට දියවැඩියා රෝගීන් දසලක්ෂ 592ක් වනු ඇතැයි ද මේ වන විට ඇස්තමේන්තු කර තිබේ. ලංකාවේ මේ වන විට ඇතිවී ඇති අනෙක් අවදානම් තත්ත්වය වන්නේ ස්ථුලතාවෙන් යුතු පාසල් දරුවන් අතර පූර්ව දියවැඩියා රෝග ලක්ෂණ ඇතිවී තිබීමය.
දියවැඩියාව යනු රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යෑමය. සාමාන්‍යයෙන් නිරෝගී අයෙකුගේ රුධිරයේ තිබිය යුත්තේ 100ට වඩා අඩු ප්‍රතිශතයකි. නිරාආහාර රුධිර පරීක්ෂාවකදී රුධිරයේ සීනි මට්ටම 126 වඩා වැඩි අගයක් ගන්නේ නම් එය දියවැඩියා රෝග තත්ත්වයක් ලෙසට වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දේ.
දියවැඩියාවේ රෝග ලක්ෂණ
1. අසාමාන්‍ය වෙහෙසකර බව 2. පිපාසය (අධික)
3. අධික බඩගින්න
4. දිනකට මුත්‍රා පිටකරන වාර ගණන වැඩිවීම (විශේෂයෙන් රාත්‍රියේදී)
5. කෙටි කාලයකදී බර අඩුවීම 6. පෙනීම බොඳවීම
7. ලිංගික අප්‍රාණික බව 8. අතපය හිරි වැටීම
9. තුවාල සුවවීමට ප්‍රමාද වීම
10. නිතර නිතර අසාදන ඇතිවීම සමේ දත්වල සහ මුත්‍රා ආශ්‍රිතව
මෙම රෝග ලක්ෂණ ඇතිවිය හැකි අතර රෝග ලක්ෂණ නොපෙන්වාද කෙනෙකුට දියවැඩියාව පැවතිය හැක.
දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙකු වෛද්‍ය උපදෙස් මත, වෛද්‍යවරයා, නියම කරන කාලවලදී රුධිර පරීක්ෂාවක් කර ගැනීම කළ යුතු අතර නිරෝගී අයෙකු වසරකට වරක් හෝ තම රුධිරයේ සීනි මට්ටම දැන ගැනීමට නිරාහාර රුධිර පරීක්ෂාවකට භාජනයවීම ඉතාම වැදගත්ය. එමෙන්ම දියවැඩියා රෝගියෙකු වසරකට වරක් මුත්‍රාවල මයික්‍රො ඇල්බියුමින් පරීක්ෂාවක් කිරීමද කළ යුතුය. රුධිර පීඩනය මැන ගැනීම සේම, වසරකට වරක් හෝ අක්ෂි පරීක්ෂා කරවා ගැනීමට දියවැඩියා රෝගීන් වග බලාගත යුතුය.
විශේෂ ස්තුතිය - සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාට.
තවත් කොටසක් ලබන සතියේ.....
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රටේ ජනගහනයෙන් කාලක් නියමිත බරට වැඩියි