IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රට විවෘත කළ පමණින් යළි සැණකෙළි එපා

රට යළිත් විවෘත කෙරිණ. මෙහි ‘යළිත්’ යැයි සඳහන් කළේ වරින්වර රට වැසීමද යළිත් විවෘත වීම් ද සිදුවු හෙයිනි. රට විවෘත වූ ඒ සෑම අවස්ථාවකදීම ‘සියල්ල යහපත්’ යැයි සිතූ අනුවන පුරවැසියන් නිසා රට යළිත් වසා දැමීමට සිදුවිය. ඉතිහාසයයේ එකම දේ යළි යළිත් වන්නේ නම් එය ප්‍රහසනයක් නොව ඛේදවාචකයකි. එහෙයින් රට යළිත් වසා දැමීමට සිදු නොවන ලෙස කටයුතු කිරීමට සෑම පුරවැසියකු ඉදිරිපිටම බරපතළ වගකීමක් තිබේ. හාර ලක්ෂය ද ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ දොළොස් දහස් පන්සියය ද ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වූ රටක ජීවත්වන පුරවැසියාට එම වගකීම වටහා ගැනීම අසීරු නොවනු ඇත.

ඉකුත් අප්‍රේල් මාසය වන විට රටේ යම් තැන්පත් බවක් දක්නට ලැබිණි. ‘දිළිසෙන සියල්ල රත්‍රං නොවේ’. යන්න කියමනක් පමණක් නොව සත්‍යයකි. ‘‘ඇසට පෙනෙන සියල්ල සත්‍යනම් ලොවට විද්‍යාවක් අවශ්‍ය නොවන’’ බව ද එපමණටම ප්‍රත්‍යක්ෂ වූ සත්‍යයකි. එහෙත් අවශ්‍යම මොහොතේ බුද්ධිමත්ව කටයුතු නොකිරීම අනුවණයාගේ සිරිතය. එහෙයින් ​අප්‍රේල් මාසයේ දක්නට ලැබුණු කොරෝනා පසු බැසීම වසංගතය කෙළවර වී වසන්තය උදාවීම ලෙස වරවා වටහාගත් අනුවණයෝ රටපුරා දඩාවතේ ගියහ. ඒකාන්ත ප්‍රතිඵලය වූයේ අලුත් අවුරුදු පොකුරු බිහිවීමය. එතැන් පටන් කොවිඩ් මරණ වාර්තා වූයේ විදුලි වේගයෙනි. සැබැවින්ම අද හුස්ම ගන්නා සියල්ලෝම අහම්බෙන් දිවි ගලවා ගත්තෝ වෙති. සැබැවින්ම එය හාස්කමකි. ප්‍රාතිහාර්යයකි. එහෙයින්ම එළැඹ තිබෙන්නේ කිසිදු අත්වැරදීමකට හෝ ඉඩක් නොමැති  මොහොතකි. මේ මොහොතේ සිදු කරන ඕනෑම වැරැද්දක් නියත වශයෙන්ම මරණයට අත වැනීමකි.

සීමා කිරීම් මැද රට විවෘත කරනු ලැබුවේ කොවිඩ් මාරාන්තික වයිරසයේ බලපෑම මුළුමනින්ම තුරන් වී ඇති නිසා නොවේ. වයිරසයේ යම් පසුබෑමක් ඇතිවී තිබෙන හෙයිනි. අපට හෙට දවස සම්බන්ධයෙන් අනාවැකි කිව නොහැකිය. යම් පසුබෑමකට ලක්ව තිබෙන වයිරසය හෙට දිනයේ දී රළ ගසා මහා ප්‍රවාහයක්ව මතු විය හැකිය. එහෙයින් උපරිම සෞඛ්‍යරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම සෑම පුරවැසියකුගේම වගකීමකි.

රට විවෘත කළ ද පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වේ. අවමංගල උත්සවයකට සහභාගි විය හැකි උපරිම ගණන දහයකි. මංගල උත්සව පැවැත්විය නොහැකිය. සාද ජනහමු සංගීත සංදර්ශන මෙන්ම උපකාරක පන්ති තහනම්ය. බස් රථයක ගමන් කළ හැකි වන්නේ ආසන ගණනට පමණි. මෙම නීති අකුරටම පිළිපදින්නේ නම් මෙම නීති නැති රටක් ඉතා ඉක්මනින්ම උදාකර ගත හැකිය.

යතුරු පැදියක ගමන් කරන විට ‘හෙල්මටය’ පැළඳීම අනිවාර්ය වේ. එය නීතියකි. එම නීතිය කඩකරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි දඩයක් අය කෙරෙන වරදකි. මෙම නීතිය පනවා තිබෙන්නේ යතුරුපැදිකරුවාගේ ජීවිතය බේරා දීමට මිස දඩ මුදල් අය කිරීමට නොවේ. එහෙත් ඇතැම් යතුරුපැදිකරුවෝ එසේ නොසිතති. ඔවුන් හෙල්මටය පළඳින්නේ පොලිස් නිලධාරියකු දුටුවිටය. මේ නිසාම රටට අහිමිවන තරුණ පරපුර කොපමණ ද යන්න මාධ්‍ය වාර්තාවලින් වුව ද ඔප්පු වේ.

රට විවෘත කිරීමේ දී පනවා ඇති සීමා ද එසේය. මේවා පනවා තිබෙන්නේ මහජනයාගේම ආරක්ෂාවටය. එසේ නොමැතිව වෙනත් අරමුණකින් නොවේ. හොර රහසේ මංගල උත්සව පැවැත්වූ සාද පැවැත්වූ අවස්ථා රට වසා දමා තිබූ සමයේ වාර්තා විය. නිරෝධායන ඇඳිරි නීතිය නොතකා මහා පිරිස් සහභාගි වූ අවමංගල උත්සව ද විය. එමෙන්ම හොර රහසේ උපකාරක පංති වැඩමුළු නැවැත් වූ අවස්ථා ද විය. එසේ පැවැත් වූ වැඩමුළුවකට රැස්වී සිටි දරුවන් විශාල පිරිසකට කොවිඩ් වැළ ඳී තිබූ බව පරීක්ෂණවල දී අනාවරණය විය. අවදානම නොසලකා උද්ඝෝෂණ ද පැවැත්විණි.

වගකීම යනු පවතින තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනා ගැනීමය. අපි ඉන්දියාවේ තත්ත්වය අත්දුටුවෙමු. එය භාරතයේ විශාලා මහනුවරින් වෙනස් නොවීය. ගංගාවල මිනී පාවී ගියේය. මහ පාරවල්වල මළ සිරුරු දමනු ලැබීය. අසල්වැසියාගේ ඉරණම දැක දැකත් වගේ වගක් නැතිව සිටි අනුවණ පුරවැසියෝ අපේ රටේ කොරෝනා වගුර ගැඹුරු කළහ. මේ ඉතිහාසය අමතක නොකළ යුතුය. අපි සිරිතක් වශයෙන් බොහෝ දේ ඉක්මනින් අමතක කරන්නෙමු. එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ මුළු මහත් රටටමය. කෙනකුගේ වගකීමෙන් බැහැරවීම ඔහුට පමණක් නොව රටේ සෙස්සන්ට ද ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්නකි.

තමන්ගේ ජීවිතය රැඳී තිබෙන්නේ තමන්ගේ අතේ බව හොඳින් තේරුම් ගත යුතුය. ජීවිත ආරක්ෂා කරදීමට රජයට නොහැකිය. සෙස්සන්ට ද නොහැකිය. එහෙත් තමන්ගේ ජීවිත මෙන්ම අනුන්ගේ ජීවිත ද ආරක්ෂා කරදීමේ අනගිතම අවස්ථාවක් පුරවැසියන් ඉදිරිපිට තිබේ. එය ආශ්චර්යවත් අවස්ථාවකි. එයින් ප්‍රයෝජන ගැනීම පුරවැසියන්ගේ වගකීමය.

(***)

 



අදහස් (3)

රට විවෘත කළ පමණින් යළි සැණකෙළි එපා

සමරේ Sunday, 03 October 2021 04:08 PM

ඉතා හොඳ කතුවැකියක්. මේ ලියන දේ අපේ සියලුම දේශපාලකයෝ පවා තේරුම් ගෙන තමන්ගේ පාක්ෂිකයන්ට මේ ගැන කියාදෙනවා නම් කොච්චර හොඳද. මොකද අපේ සමහරුන් ඔවුන් කතිරය දමන අය කිව්වොත් විතරයි අහන්නේ. අනික් අතට ඕස්ට්‍රේලියාවේ වගේ නිකරුනේ පාරේ යන අයට සහ උද්ඝෝෂණ කරන අයට දැඩි දඬුවම් දෙන්න ඕන. ඩොලර් 500 සිට 5000 දක්වා දඩ ගහන සහ තදබල ලෙස උද්ඝෝෂණ මෙහෙයවන අය උසාවි ගෙනියන නිසාත් අවශ්‍ය තැන හමුදාව යොදවන නිසාත් උදාහරණයක් ලෙස බටහිර සහ ගිනිකොණ සිඩ්නි පළාත් නිසා දැන් සිඩ්නි පළාතේ අඩු වේගන යනවා. ඒ නීති දැම්මා කියලා විපක්ෂය විරුද්ධ වුණෙත් නෑ. ඔවුන් පවා කිව්වේ එන්නත් ගන්න සහ නීති පිළිපදින්න කියා. වැඩියෙන්ම කියන දේ අහන්නේ නැතුව විප්ලව කරන්න ගියේ අන්තවාදී අදහස් ඇති අය. ඔවුන්ගේ ක්‍රියාවන් නිසා තමයි අද මෙල්බර්න් නුවර අවට අය විඳවන්න වෙලා ඉන්නේ. ඒ නිසා අපේ ලංකාවේ අයත් මේ ලිපිය කියවා දෙපාරක් හිතන්න ට්‍රිප් සහ පාටි දාන්න ඉස්සෙල්ලා. තව මාසයක් ඉවසන්න. ළමයින්ගේ විභාග කිරීමට ඉඩ දෙන්න. ඊට පස්සේ ටික ටික එලියට යන්න.

:       0       1

anura Sunday, 03 October 2021 06:33 PM

ඇයි ඔක්තෝබර් 6 වෙනිදාට දැවැන්ත කෙළි පැවැත්වීමට රටට හා ජනතාවට ආදරේ පිරිසක් දැන්ම සූදානම් වෙනවානේ

:       0       0

pakeer Monday, 04 October 2021 11:12 PM

අනේ නිකන් ඉන්න... බලන්න බස් යන හැටි. පොල් පටවලා වගේ හවසට.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 443 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 212 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 71 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4113 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12564 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 663 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38213 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25168 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 295 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site