නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති බොහෝ ජනාධිපති අපේක්ෂකයන්ගේ වේදිකාවල පවා නුවරඑළිය තැපැල් කාර්යාලය කතා මවන මාතෘකාවක් බවට පත්ව තිබිණි.
ඊට හේතු වූයේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පසුගිය රජය මගින් නුවරඑළිය තැපැල් කාර්යාලය එතැනින් ඉවත් කොට එම ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයට බදු දීමට ගෙන තිබූ තීරණය හේතුවෙනි. පසුව එම තීරණය මේ වනවිට නව රජය විසින් ක්‍රියාත්මක නොකිරීමටත්, එම ගොඩනැගිල්ල තවදුරටත් තැපැල් කාර්යාලය ලෙස පවත්වාගෙන යාමටත් තීරණය කොට තිබේ.
නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලීය ගොඩනැගිල්ල බැලූ බැල්මට පෙනෙනුයේ එංගලන්තයේ මනරම් සුවිසල් නිවසක් පරිද්දෙනි. නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යන දර්ශනීය මෙකී ගොඩනැගිල්ල මීට වසර 130 කට පමණ පෙර මෙරට යටත්විජිත අවදියේ ඉදිකරන ලද්දකි. බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1894 වර්ෂයේදී වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘතියට අනුව රතු ගඩොලින් ඉදිකර ඇති නුවරඑළිය තැපැල් කාර්යාලීය ගොඩනැගිල්ල නුවරඑළිය නගරයේ සලකුණ ලෙස හැඳින්වෙයි.
බ්‍රිතාන්‍ය යටත්විජිත සමය දක්වා දිවයන දීර්ඝ ඉතිහාසයක් ඇති මෙරට තැපැල් දෙපාර්තමේන්තුවට මේ වනවිට වසර 225 ක් ගතව ගොස් තිබේ. කොළඹ, ගාල්ල, මන්නාරම, යාපනය සහ ත්‍රිකුණාමලය යන නගර මුල්කර ගනිමින් මෙරට මුල්ම තැපැල් කාර්යාල පහ ස්ථාපිත කොට ඇත.
එසේ මෙරට ආරම්භ වූ තැපැල් කාර්යාල ගොන්නට ඉන්පසු එනම් 1894 වසරේදී නුවරඑළිය තැපැල් කාර්යාලය ද ඇතුළත් විය. මෙම මනරම් ගොඩනැගිල්ල ඉදිකිරීමට එංගලන්තයේ සිට ආනයනය කරන ලද ගොඩනැගිලි උපකරණ අතර, තේක්ක ලී දඬු ද උපයෝගී කරගෙන තිබේ. වහලය සෙවිලි කිරීම සඳහා 1865 වසරේදී බැංගලුරු හි නිෂ්පාදිත උළු ගෙනැවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම තැපැල් කාර්යාලීය ගොඩනැගිල්ලේ තවත් එක් සුවිශේෂ වූ අංගයක් වන්නේ ගොඩනැගිල්ලේ වහලය මතින් උඩට උස්සා සකසන ලද ඔරලෝසුවයි. එංගලන්තයේ SAINSBURY WACTHAMSTO හි නිෂ්පාදිත අඩි 40 ක් පමණ උසකින් සමන්විත මෙම ඔරලෝසුව පිත්තල හා වානේ සම්බන්ධ කර ගනිමින් නිර්මාණය කොට තිබේ. මෙකී ඉපැරණි ඔරලෝසුව විශාල ලඹකැට ආධාරයෙන් ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ පළමු තැපැල් මුද්දරය නිකුත් කොට ඇත්තේ 1857 වසරේදීය. එසේ ආරම්භ කරන ලද මෙරට මුද්දර ගොන්න අතරට නුවරඑළිය තැපැල් කාර්යාලයේ රුව ඇතුළත් රුපියල් 10 ක වටිනාකමකින් යුත් මුද්දරයක් ද නිකුත් කොට තිබේ. 1990 දෙසැම්බර් මස 26 දින ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව මගින් ලෝක තැපැල් දිනය සැමරීම සඳහා මෙම මුද්දරය නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි.
නුවරඑළිය තැපැල් කාර්යාලයේ පවතින ඵෙතිහාසික වටිනාකම හේතුවෙන් මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබිණි. 2007 පෙබරවාරි මස 23 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ අංක 1486 යටතේ නුවරඑළිය තැපැල් කාර්යාලීය ගොඩනැගිල්ල මෙසේ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කොට තිබේ.
මෙම ඉපැරණි ගොඩනැගිල්ල නැරඹීමට නුවරඑළියට පැමිණෙන බ්‍රිතාන්‍යයන් ඇතුළු දෙස් විදෙස් සංචාරකයන් සියලුම දෙනා අමතක නොකරති. නුවරඑළිය නගරයට පැමිණෙන ඔවුන්ගේ කැමරා කාච තුළ අනිවාර්යයෙන් සටහන් වන එක් දසුනක් වන්නේ ද මෙකී ගොඩනැගිල්ලය. මෙම තැපැල් කාර්යාලයේ ඇති සිහිවටන අලෙවිසලෙන් සමරු තැපැල් කාඩ්පතක් තම ආදරණීයන් වෙත යැවීමට මෙන්ම තම රටට ගෙන යාමට විදෙස් සංචාරකයෝ දැඩි කැමැත්තක් දක්වති.
නුවරඑළිය තැපැල් කාර්යාලීය ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට ඉකුත් රජය විසින් බදු දීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී විවිධ පාර්ශවවලින් දැඩි විරෝධය එම රජයට එල්ල විය. නුවරඑළියේ ස්වේච්ඡා සංවිධාන, තැපැල් සේවක සංගම්, විවිධ වෘත්තීය සමිති මෙන්ම නුවරඑළියේ ජනතාව මෙන්ම නුවරඑළියේ ජනතා හඬ ආදී සංවිධානය ඒ අතර ප්‍රධාන තැනක් ගෙන ඊට විරුද්ධව කටයුතු කළේය. විරෝධතා පැවැති සමයේ නුවරඑළියේ සංචාරයේ නිරත වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇතුළු විදේශිකයන් අවස්ථා කීපයකදීම එම විරෝධතාවලට එක්ව සහයෝගය දක්වමින් කටයුතු කරන අයුරු දක්නට ලැබිණි
(***)
සටහන හා ඡායාරූප
තලවකැලේ
ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Age
“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ” යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක්
වාහන ආනයන සීමා වසර පහකට පසු ලිහිල්වී මෙම මස පළමුවැනිදා සිට වාහන ආනයනයට අවසර ලැබී තිබේ. එය රටේ ආර්ථිකයටත්, විවිධ ක්ෂේත්‍රවලටත් අංශ කිහිපයකින් බලපාන කාර
හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට
ශ්රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී
2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රතු ගඩොලින් ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාලය
පැරකුම් Friday, 17 January 2025 05:25 AM
ඇත්ත වශයෙන්ම තැපැල් කාර්යාලය ඉන් ඉවත් කොට මෙම ගොඩනැගිල්ල සුරක්ෂිත කළයුතු බව අපගේ අදහසයි.
Kamal Koyrala Sunday, 19 January 2025 03:29 PM
සුරක්ෂිත කළ යුත්තේ ගජමිතුරන්ට හෝටල් දාන්න දීලද? මෙතෙක් කල් සුරක්ෂිතව නොවේද තිබුණේ?
පැරකුම්Tuesday, 21 January 2025 06:14 AM
ඒක නම් ඇත්ත තමයි කොයි රාලෝ. ඔන්න ඕක දීල දාමු ගජ මිතුරෙකුට හෝටලයක් දාගන්න කියල. ආයි මොනවා සුරක්ෂිත කරන්නද?
m. saman perera Monday, 20 January 2025 03:36 PM
බිල්ඩිම බේරුණා... තව පොඩ්ඩෙන් ජිම් පප්පා වැඩේ දෙනවා මේකට...!