IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන

 

නයගරා යැයි කියූ විගස අපට සිහි ගැන්වෙන්නේ ලෝ ප‍්‍රකට සුන්දර නයගරා දිය ඇල්ලයි. නයගරා උද්‍යානය ගැන කවුරුවත් කතා කරන්නේ නැති තරම්ය.  එහෙත් නයගරා වෙත පැමිණෙන ලෝ පුරා සිටින බොහෝ සංචාරකයෝ මෙම උද්‍යානයේ සැරිසැරීමට මෙන්ම නයගරා සිටි හෙවත් නයගරා නගරයේ සැරිසැරීමට ද අමතක නොකරති.
 

නයගරා ෆෝස්ල් ඇන්ඞ් පාක් ලෙස මෙම ස්ථානය හඳුන්වා ඇත.

සුන්දර නයගරාව දැක බලා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයින්ට නිදහසේ කාලය ගත කිරීම සඳහා මෙම උද්‍යානය නිර්මාණය වී ඇත. එය අද ඊයෙක සිදු වූවක් නම් නොවේ.

සුන්දර නයගරාව රැුක ගැනීම උදෙසා නයගරා කොමිසම නමින් කමිටුවක් 1885 වසරේ දී පත් කෙරිණි. මුලින්ම නයගරා කොමිසම බාරව කර්නල් කැසිමිර්, ජෝන් ඔ ලැන්ග්මූර් (සභාපති), ජේ. ග‍්‍රාන්ට් මැක්ඩොනල්ඞ් කටයුතු කර ඇත. ඔවුනගේ අනුදැනුම යටතේ ඉදිවූ නයගරා උද්‍යානය විවෘත වී ඇත්තේ 1888 මැයි 24 වැනිදා වික්ටෝරියා රැජිනගේ ප‍්‍රධානත්වයෙනි.

 

 

මෙම උද්‍යානය සඳහා පමණක් හෙක්ටයාර 62.2ක භූමි ප‍්‍රමාණයක් වෙන් කර ඇත. නයගරා ගංගාව ගලා යන කොටසේ සිට මෙම උද්‍යාන භූමිය දක්වා වෙන් කර ඇති භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 1,720ක් පමණ වේ. එලෙසින් විශාල භූමියක් කැනඩා බලධාරීන් විසින් මේ සඳහා වෙන් කර ඇත්තේ නයගරාව එරට ජාතික වශයෙන් සහ ඓතිහාසික වශයෙන් පිළිගැනෙන සංකේතයක් වන නිසාය.

නයගරා උද්‍යානය යනු නිදහසේ සැරිසැරීම සඳහා වූ එකක්ම නොවේ. උද්භිද උද්‍යානයක් ලෙස නිර්මාණය කර ඇති මෙහි ගෙවතු අලංකරණය ගැන හැදෑරීම සඳහා පාසලක් ද ඇත. එමෙන්ම නව නිර්මාණ එළිදැක්වීම සඳහා ස්ථානයක් ද තිබේ. උද්‍යානයේ සැරිසරණ විට මෙහි ඇති ගෙවතු අලංකරණයේ අපූර්ත්වය දැකගත හැකිය.

මෙම ජූලි මාසය මේ හරිත උද්‍යානයේ බැබලෙන, දිස්නෙ දෙන පැහැය දැක බලා ගැනීමට කදිම සමයකි. මෙකී සමය කැනඩා දේශයට හිරුඑළිය රන්වන් එළියක් ලෙස පතිත වන සමයයි. ඒ රන් හිරු එළියේ රැුස් තවරා ගන්නට රිසි සේ මනාප වන්නේ සුදු ජාතිකයින්ටත් වඩා මෙම ගහ කොළ බව කිව හැකිය. නයගරාව මුදා හරින සීත සමීරය දවටා ගන්නා මේ තුරු වැල් ලතාවකට රැඟුම් පාන්නේ ඒ හිරු එළියට කරන ආදරණීය සමාචාරයක් ලෙසිනි. මේ උද්‍යානය පුරා නිදහසේ පෙම් ලොව සැරිසරන පෙම්වතුන් වන්නේ සුන්දර පාත්තයින් ?නය. මේ සොඳුරු පක්‍ෂියා කැනඩාවේ ජාතික පක්‍ෂියා ද වේ. ඒ අභිමානය නිසාම දෝ මේ පාත්තයන් හරිම සුන්දරය. මෙහි පැමිණෙන සමහර සංචාරකයෝ සුන්දර පාත්තයින් හට දීම සඳහා ධාන්‍ය ආහාර රැගෙන එති. ඒ හැරත් ශීත ඍතුව එළැඹීමට පෙර මෙය ඔවුනට ලැබුණු  කදිම අවස්ථාවක්ම වන්නේය. මෙහි ඇති තුරු ලතා මෙතරම් හරිත පැහැය මුදා හරින්නේ ද ඒ නිසාම විය හැකිය. එනම් ශීත ඍතුව එළැඹි කළ මේ සියල්ල සුදෝ සුදු මල් තුහිනවලින් හිම සේලයෙන් වැසී යන නිසා විය හැකිය. එකී සමයේ දී මේ සියල්ල දිස් වන්නේ ශේෂ වූ නටබුන් ලෙසිනි.

 

 

නයගරාවේ සොඳුරු හරිත උද්‍යානය පුරා බොහෝ වේලාවක් ගත කරන සංචාරකයන් මීළඟට යන්නේ සමරු සිහිවටන අලෙවි කෙරෙන ස්ථානයටය. එය මහල් දෙකකින් පමණ සමන්විතය. උඩු මහලේ සාප්පු සංකීර්ණයක් මෙන්ම නයගරාව උඩ සිට නැරඹිය හැකි පරිදි වෙන් කරන ලද ස්ථානය පිහිටා ඇත.
පහත මාලයේ නයගරාව සංකේතවත් කෙරෙන බොහෝ සිහිවටන මිල දී ගත හැකි අලෙවිසල සහ ආහාරපාන ලබාගත හැකි අවන්හල් ජාලය සඳහා ඉඩ වෙන් කර තිබේ.

මෙලෙසින් නයගරාවට එන සංචාරකයන්  සැරිසරන්නේ මෙම නයගරා උද්‍යානය අවට පමණක් නොවේ. නයගරාව වෙත පැමිණෙන බොහෝ සංචාරකයෝ නයගරා නගරය වෙත ගොස් එහි ඇති අවන්හලකින් සප්පායම් වීමට මෙන්ම නගරය පුරා සැරිසැරීමට ද අමතක නොකරති. මේ නයගරා නගරය සැබැවින්ම අනෙකුත් නගර හා සසඳන විට ඒවාට වඩා වෙනස්ය. එතරම්ම උස් ගොඩනැගිලි වීදි පුරා නැත. උස් ගොඩනැගිලි කීපයක් නයගරා උද්‍යානයට එපිටින් පිහිටා ඇත. ඒ අතර එක් ගොඩනැගිල්ලක කැසිනෝ ශාලාවක් දැකගත හැකිය. එය පාවෙන අවන්හලක මෙිනි, එනම් මුළු නයගරා කලාපය දර්ශනය වන පරිදි නිමවා ඇත. එය ලොව උසම තැනක හෙවත් උස් ස්ථානයක පිහිටි කැසිනෝ ශාලාවක් ලෙස ප‍්‍රකටය. ලෝ පුරා සිටින කැසිනෝ ලෝලී ධන කුවේරයින් මෙතැනට පැමිණෙන්නේ නයගරාවේ අසිරිය විඳිමින් කැසිනෝ ක‍්‍රීඩා කිරීමටය.

මෙම විශේෂිත ස්ථානය මෙන්ම නයගරා නගරයේ ඇති විශේෂිත සිනමාශාලා ගැන ද සඳහන් කළ යුතුමය. එහි ඇති ත‍්‍රිමාණ සිනමා ශාලාවලට අමතරව නවතම 4ඞී හෙවත් සිව්මාන තාක්‍ෂණයෙන් යුතු චිත‍්‍රපට පෙන්වීමේ ශාලා ද ඇත. ඒවායේ බොහෝ විට තිරගත කරන්නේ හොල්මන් අවතාර ගැන පදනම් වූ කතා රැුගත් චිත‍්‍රපට හෝ බොහෝ විට ඩ‍්‍රැකියුලා කතා රැුගත් චිත‍්‍රපටය. එමගින් සිනමාශාලා අයත් ආයතන ප‍්‍රධානීන් බලාපොරොත්තු වන්නේ ත‍්‍රාසය මෙන්ම භීතිය සපිරි සජීව අත්දැකීමක ආස්වාදය නරඹන්නන් වෙත ලබා දීමටය. සමහර සංචාරකයින් ඩ‍්‍රැකියුලා චිත‍්‍රපටයක් නරඹා නයගරා ඇලි අසල තනි පංගලමේ කාලය ගත කරන්නට කැමැතිලූ.

 

 

එයින් ඔවුන් බලාපොරොත්තු වනවා විය හැක්කේ ත‍්‍රාසය උපරිමයෙන් ආස්වාදය කිරීමට හෝ අද්භූත ලෝකය ගැන විශ්වාස කරන නිසා ඒ අද්භූත ලෝකයේ සැරිසැරීමට විය හැකිය. කෙසේ වෙතත් නයගරා කලාපයට අයත් මෙකී සියලූ ස්ථාන කැනඩාවේ අනෙකුත් නගර හා ස්ථානවලට වඩා වෙනස්ය. ඒ වෙනස උපරිමයෙන් විඳ ගන්නා සංචාරකයින් අනිවාර්යයෙන්ම යන තවත් තැනක් තිබේ. ඒ ලෝ ප‍්‍රකට මල් ඔරලෝසුව දැක බලා ගැනීමටය. ඒ ගැන විස්තර ලබන සතියට....


කැනඩාවේ සංචාරයකට පසු...

 

කැනඩාවට විදුලිය දෙන නයගරා විදුලිබලාගාරය

 

නයගරා නගරය...

 

නයගරා ගොඩනැගිලි

 

ලොව උස් ස්ථානයක තැනූ කැසිනෝ ශාලාව

 

සිහිවටන අලෙවිහලේ බාහිර පෙනුම

 

සමරුපලකය...

 

උද්‍යානයේ අලංකාර නිමැවුමක්...

 

මිත‍්‍රශීලී නයගරා පාත්ත රෑණ....

 

සිතුවමක් නොවේ... උද්‍යානයේ හැඩයයි...

 

නිදහස් අවකාශය..


 

සුන්දර නයගරාව...
 



අදහස් (0)

රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන

රසික Saturday, 27 July 2013 08:58 AM

අපේ ආරක්ෂක ලේකම් තුමත් මහන්සි වෙන්නේ මේ විදියට රට ලස්සන කරන්නයි. එතුමාට ඒ පළපුරුද්ද ලැබෙන්ඩ ඇත්තේ දියුණු රටවල් වල ජීවත් උන නිසා වෙන්ඩ ඕනා.(නදී)

:       0       0

ජයී තිසර Friday, 26 July 2013 02:27 PM

උණුසුම සිසිල පිරි සිරි ලක හරි ඈතයි.. ශීතල කැනඩාවෙ ගිම්හානය මෙලෙසයි.. උද්‍යානයක ලස්සන නෙත් සිත් පිනවයි.. අමතක නොවෙන සුන්දර දේවල් මේවයි' (ස)

:       0       0

උපුල් Saturday, 27 July 2013 12:40 PM

අපේ ආරක්ෂක ලේකම් තුමා නිසා කොළඹ හරි ලස්සනයි. කොලබ 07 හරියට පිටරට වගෙයි (අ)

:       0       0

ලාල් Wednesday, 07 August 2013 06:58 PM

තියෙන්නේ අපේ රටේ වුණත් නොදන්නා අයට දැනගන්න. අපේ රටේ විදේශිකයෝ අගයන ගොඩක් ලස්සන තැන් ටිකත් මේ ලිපිය ළගින්ම දාන්න පුළුවන් නම් වටිනවා නේද? (නි)

:       0       0

කෝරාළ Sunday, 28 July 2013 02:24 AM

ලිපිය හොඳය. පරිසරය සුරැකීමට ඔවුන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඔබට වැටහුනානම් ඒ ගැන සහ දිය ඇල්ල නිසා එන සංචාරකයන්ගෙන් මුදල් උපයාගැනීමට යොදා ඇති අනෙකුත් උපක්‍රම ගැනත් ලියන්න. උදාහරණ විදියට 'ස්කයි වීල් එක', 'කිඩ්ස් ප්ලේ' සහ 'සෙලෙබ්‍රිට්ය් ස්ටටුඑස් '. මේ සියලු දේවල් අපේ බලදාරීන්ට වැදගත් වෙනවා සංචාරක ව්‍යාපාරය දියුණු කරන රටක් හැටියට. තවත් දෙයක්, පාර හොයාගන්න අමාරුවුනේ නැහැ නේද? ඒකත් වැදගත්. ලංකාවෙනම් තියෙන එකම එයාපෝර්ට් එකට යන පාරත් කාගෙන් හරි මගදී බැහැල අහන්නේ නැතුව හොයාගන්න අමරුයි. මාර්ග සලකුණු නිවැරදිව පැහැදිලිව නැති නිසා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 258 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 46 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 101 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 195 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 229 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 887 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site