IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රුපියල් පන්දාහක් නොදුන් නිසා හතර දෙනකු බිලිගත් මිනිහා

      33 

 

ලූණුවිල ප‍්‍රදේශයේ රජයේ රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍යවරිය, ඇයගේ සැමියා සහ දරුවන් දෙදෙනා අමානුෂික අන්දමින් ඝාතනය කර සිරුරු පොල්ලෙලි වළක ගිල්වීම රටම හැඬවූ රටම කථා කළ අනුවේදනීය සිද්ධියක් විය.

 

5
දොස්තර නෝනාගේ බාලවයස්කාර දියණිය ඝාතනය කිරීමට කළින් බරපතළ ලෙස ලිංගික අතවර කර තිබිණි.


”මේ වගේ අපරාධයක් කළ ඔවුන්ට වැහිනැති හෙණ ගහන්න  ඕනෑ. රජකාලේ දඬුවම් දෙන්න  ඕනෑ’’ දොස්තර නෝනාගේ ගෙදරට පැමිණි සිය ගණනකගේ මුවින් පිටවූයේ ඔයවගේ වදන්ය.

26
මේ සාහසික අපරාධය කළ අපරාධකරුවන් අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවැතියේ ලොකු අභියෝගයකි.ඒ වෙන කිසිවක් නිසා නොව මේ සාහසික අපරාධයකට ඔවුන් සැක කිසිම සාක්කියක් ඉතිරි නොකර තිබීමයි. එහෙත් අපරාධකරුවෙකු අපරාධයක් කර පලායනවිට කුමක් හෝ සාධකයක් සලකුණක් ඔවුන් නොදැනුවත්වම හෝ තබායන බව පොලිස් නිලධාරීන් අත්දැකීමෙන් දන්නා දෙයකි.


මෙම සිව් පුද්ගල ඝාතනයෙන් පසු වත්තේ මුරකරු හා ඔහුගේ බිරිය අතුරුදන්ව සිටි නිසා පොලිසිය මුල සිටම ඔවුන් කෙරෙහි සැකය යොමුවී තිබුණත් ඔවුන් ගැන කිසිදු හෝඩුවාවක් දන්නා තැනක් ගැන පොලිසියට දැන ගැනීමට ලැබී තිබුණේ නැත. සිව් පුද්ගල ඝාතනයේ සාහසිකයා අල්ලාගැනීමේ අභියෝගය ජය ගැනීමට පොලිසිය විවිධ ක‍්‍රමෝපායයන් සැලසුම් ක‍්‍රියාවට නංවනු ලැබීය.


මෙයින් එක් ක‍්‍රමෝපායක් වූයේ දොස්තර නෝනා ඇයගේ සැමියා සහ දරුදෙදෙනා පදිංචිව සිටි අක්කර තුනක පමණ විශාල වත්ත අස්සක් මුල්ලක් නෑර සෝදිසි කිරීමය. හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය සී. ද සිල්වා මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් 50 දෙනෙකු පමණ යොදවා වෛද්‍යවරියගේ ගෙවත්ත සෝදිසි කිරීමට පියවර ගත්තේ අපරාධකරුවා ගැන තොරතුරු හෙළිකර ගැනීමට කුමන හෝ සාධකයක් සොයාගැනීමටය.


වත්තේ පිහිටි මුර කුටියට ආසන්නයේ තිබූ කුණු ගොඩක් අවුස්සා බැලීමේදී ජංගම දුරකථන වලට යොදා ගන්නා පෙර ගෙවුම් කාඞ් පත් තුනක් සොයා ගැනීමට සෝදිසි මෙහෙයුමට එක්ව සිටි පොලිස් කණ්ඩායමට හැකිවී ඇත.


පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ නියමය පරිදි මේ සිව් පුද්ගල ඝාතනය සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වීමට වෙන්නප්පුවට පැමිණ සිටි විශේෂ රහස් පොලිස් කණ්ඩායමට මේ පෙර ගෙවුම් කාඞ් පත් දෙක බාරදෙනු ලැබුවේ ඒවා වත්තේ මුරකරු විසින් පාවිච්චිකර ඉවත දමා තිබූ ඒවා බව පෙනීගිය නිසාය. රහස් පොලිස් කණ්ඩායම මේ කාඞ් තුන ඒවා අයත් ජංගම දුරකථන සමාගමට ඉදිරිපත් කර ලද තාක්‍ෂණික පර්යේෂණ වලට ලක්කර ඇත.

1


මේ තාක්‍ෂණික පරීක්‍ෂණවලින් අනාවරණය කරගත් කරුණු මත රහස් පොලිස් කණ්ඩායම ගල්කිරියාගම - වටගල ප‍්‍රදේශයේ නිවසක් වටලනු ලැබුවේ පසුගිය 3 වැනිදායි. රහස් පොලිස් කණ්ඩායම වටලනු ලැබුවේ සිවු පුද්ගල ඝාතනයෙන් පසු අතුරුදන්ව සිටි වත්තේ මුරකරු හා ඔහුගේ බිරිය පදිංචිවී සිටි නිවසය. එහෙත් මුරකරු රහස් පොලිස් අත්අඩංගුවට පත්නොවී ගැලවී පැනගත්තේය. රහස් පොලිසියේ ඇස්වසා පැනගත් වත්තේ මුරකරු ගල්කිරියාගම නගරයට ගියේ බස් රථයක නැග කොළඹට පළායාමේ අදහසිනි.සැකකරු බස් රථයට ගොඩවනවාත් සමගම රහස් පොලිස් කණ්ඩායම ඔහු අල්ලාගත්තේය.


සැකකරු රහස් පොලිසියෙන් බේරී පළායාමට නොගත් උත්සාහයක් නැති බව කියති. බලවත් පරිශ‍්‍රමයක් යොදා සැකකරු මෙල්ලකර අල්ලා ගැනීමට රහස් පොලිස් නිලධාරීහු සමත්වූහ. වත්තේ මුරකරුගේ බිරියද රහස් පොලිස් අත්අඩංගුවට ගත් අතර පසුව පොලිසිය පැවසුවේ ඇය සැකකරුගේ බිරිය නොව අනියම් බිරිය බවය. වෛද්‍යවරිය, ඇයගේ සැමියා සහ දරු දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කළ වත්තේ මුරකරු රහස් පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූයේ ඒ අයුරිනි.


මෙසේ ඝාතනය කර තිබුණේ වෙන්නප්පුව, නැගෙනහිර නයිනමඩමේ පදිංචිව සිටි පුණ්‍යකුමාරි විජේතුංග (43), නලින් හෙට්ටිආරච්චි (52) යන අඹුසැමි යුවලය. ඔවුනගේ දරුවන් වන චාරුක ගයාන් (15) සහ පියුමි හෙට්ටිආරච්චි (13) යන සිවු දෙනාය.

2


දින දෙක තුනකින් සේවයට නොපැමිණ නිසා ඇතිවූ සැකය මත ලූණුවිල ප‍්‍රදේශයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය රුවන් පෙරමුණ දොස්තර මහතා වෙන්නප්පුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත කරන ලද සෝදිසියකදී ගෙවත්තේ පිහිටි පොල් මට්ටා වලේ ඔබා තිබියදී මේ සිවුදෙනාගේ සිරුරු සොයාගනු ලැබුවේ පසුගිය 1 වැනිදාය. සිරුරු සොයා ගැනීමෙන් පසු සොයාගත් අලූත් මන්නා පිහිය හලාවත කොට්ඨාස නිල සුනඛ අංශයේ ලැසීට ඉවකිරීමට සලස්වා ඇත. පොලිස් නිල සුනඛ ලැසී පිහිය ඉවකර කෙළින්ම ගියේ වත්තේ මුරකරු පදිංචිව සිටි මුර නිවසටය.  පොලිස් නිල සුනඛයා විසින් සපයන ලද ඒ හෝඩුවාව මෙම සිවු පුද්ගල ඝාතනයට මුරකරුගේ සම්බන්ධයක් ඇති බවට කදිම සාධකයක් බව පොලිසියට පෙනී ගොස් ඇත.


මෙම නිල සුනඛ ලැසී මෙහෙයවනු ලැබුවේ කොස්තාපල් අධිකාරී (45589) සහ කොස්තාපල් බණ්ඩාර (36388) යන මහත්වරුන් විසිනි.
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී සිසිර වීරකෝන් මහතා මේ කටයුතු අධීක්‍ෂණය කර ඇත. කොළඹ අපරාධ තොරතුරු වාර්තා කොට්ඨාසයේ (සී.ආර්.ඞී) ඇඟිලි සලකුණු විශේෂඥයින් සැකකටයුතු ඇඟිලි සලකුණු 08ක් එකතුකරගෙන තිබුණේ මුරකාරයා නවාතැන්ගෙන සිටි නිවසේ සහ එහි තිබූ බඩුබාහිරාදියවල තිබියදීය.


ඒ පරීක්‍ෂණ කටයුතු කර ඇත්තේ එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රියන්ත ජයකොඩි මහතාගේ අධීක්‍ෂණය යටතේය. රහස් පොලිස් කණ්ඩායම හා වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එක්ව සැකකරු හා සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලැබූහ. වෛද්‍යවරිය, ඇයගේ සැමියා හා එම යුවළගේ දරු  දෙදෙනා ඝාතනය කළ මේ කියන වත්තේ මුරකරුගෙන් ප‍්‍රශ්නකර ඇත්තේ මෙම ඝාතනවල සුළමුළ හෙළිකර ගැනීමටය. වෛද්‍යවරියගේ දියණිය සැකකරු විසින් දූෂණය කර පසුව ඝාතනය කර තිබෙන බව සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවිණි යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. වත්තේ මුරකරුවන පුංචි කංකානම්ගේ ගුණපාල නැමැති සැකකරු පොලිස් ප‍්‍රශ්නකිරීම්වලදී මෙසේ පවසා ඇතැයි කියති.

3


මේ ඒ පාපොච්චාරණයයි


සති අන්ත පත්තරේක තිබුණ දැන්වීමක් දැකලා මම ඒ දැන්වීම තිබුණ දුරකථන අංකයට කතා කළා. කතා කළ මහත්තයා කිව්වා මාසෙකට රුපියල් 15,000ක් දෙන්නම් කියා. මම කැමතිවුණා. මගේ අනියම් බිරිය නිත්‍යානුකූල බිරිය බව පවසා මා පසුගිය නොවැම්බර් මාසයේ ඒ වත්තේ වැඩට ගියා.
වත්තේ අයිතිකාර මහත්තයා නලින් කියා කෙනෙක්. නෝනා දොස්තර කෙනෙක්. පහුගිය 29 වැනිදා මා මහත්තයාගෙන් රුපියල් 5,000ක් ඉල්ලූවා. මේ පාර පඩියෙන් අඩුකරගන්න යැයි කියා තමා මා ඒ සල්ලි ඉල්ලූවේ. මහත්තයා සල්ලි දෙන්න බැහැම කිව්වා. කොච්චර ඉල්ලූවත් මහත්තයා සල්ලි දුන්නේ නැහැ. මට මේ හින්දා ලොකු තරහක් හිතට ආවා. මහත්තයා මරනවා කියා මම ඒ වේලාවේ හිතාගත්තා. ගෑනිට කිව්වා අපි ඉන්න ගෙදර දොර වහගෙන ඇතුළට වෙලා ඉන්න කියා. මම මොනවද කරන්නේ යන්නේ කියා ගෑනි දැනගෙන හිටියේ නැහැ.


කොහු මොලේ තියෙන ඔෆිස් කාමරයේ තියන මේන් සුවිච් එක  ඕප් කරලා නලින් මහත්තයා හොයාගෙන ගෙදර ගියා. මහත්තයා අපේ ගෙදර ලයිට් නැහැ. පොඞ්ඩක් ඇවිත් බලන්න කියා කිව්වා. මහත්තයා ආවා. ඒ වෙලාවේ මා මහත්තයාට මරන්න හදද්දී, ඇයි මාව මේ විදිහට මරන්න හදන්නේ. මම මොන වරදක් කළාටද කියා ඇසුවා. මාව මරන්න එපා කියා මහත්තයා බැගෑපත් වෙලා කියද්දීත් මම මහත්තයාව මැරුවා. මහත්තයා අම්මෝ කියාගෙන බිම ඇදගෙන වැටුණා. මම නලින් මහත්තයාගේ ගේ ළඟට ගිහින්, නෝනා, මහත්තයා මෝල ළඟ වැටිලා ඉන්නවා ඉක්මනට එන්න කියා කිව්වා. දොස්තර නෝනා දුවගෙන ආවා. ඒ පස්සෙන් දොස්තර නෝනාගේ පුතත් ආවා. දොස්තර නෝනාව මරලා ඊළඟට පුතාවත් මරලා දැම්මා. අනේ මුර මාමා මාව මරන්න එපා කියා දොස්තර නෝනාගේ පුතා කිව්වත් මා ගණන් ගත්තේ නැහැ.

10_SLTK_P_8


කිසිම දෙයක් සිද්ධ නොවච්ච විදිහට මම ආයෙත් නලින් මහත්තයාගේ ගෙදරට ගියා. පුංචි බේබි තාත්තා වත්තේ වැටිලා ඉන්නවා. තුවාලයක් තියෙනවා. ඒ හින්දා රෙදි පටියකුත් අරන් ඉක්මනට එන්න මාත් එක්ක යන්න. අම්මයි, අයියයි, තාත්තා ළඟට වෙලා ඉන්නවා කියා කිව්වා. මගේ කීම විශ්වාස කළ පුංචි බේබි රෙදි පටියක්ද අරගෙන ආවා. මම ඒ රෙදි පටියෙන් පුංචි බේබිගේ අත් දෙක තදකරලා ගැට ගැසුවා. ඇයි මුර මාමේ මගේ අත්දෙක ගැට ගැව්වේ කියා පුංචි බේබි බය වෙලා ඇසුවා.


මම තෝව අද මරණවා. ගෙදර තියෙන සල්ලි ටිකයි, රත්තරන් බඩු ටිකයි සේරම දීපිය කිව්වා. කෙල්ල හොඳටම බයවෙලා වෙවුලන්න පටන් ගත්තා. මම පුංචි බේබිව දොස්තර නෝනාගේ ගෙදරට අරගෙන ගියා. මගේ ළඟ තියෙන්නේ රුපියල් 700ක් විතරයි කියා. ඒ සල්ලි ටික දුන්නා. මගේ ළඟ තියෙන්නේ මෙච්චරයි. තාත්තාගේ බැංකු කාඞ් එක දෙන්නම්. ඒක අරන් ගිහින් සල්ලි ටික ඔක්කොම ගන්න මාව මරන්න එපා කියා කිව්වා. මම කිව්වා ඔය කාඞ් වලින් සල්ලි ගන්න මට තේරෙන්නේ නැහැ. අල්මාරිය ඇරලා ඒවායේ තියෙන රත්තරන් බඩු දීපං කියා. අල්මාරිවල තිබුණ රත්තරන් බඩු පුංචි බේබි මට අරගෙන දුන්නා. මම පුංචි බේබිවත් ඇදගෙන මුර නිවසට ආවා. පුංචි බේවි බයේ හඬමින් ආවා. කෑ නොගහ හිටපිය කිව්වා. බයටම හැඬිල්ල නැවැත්තුවා.


මගේ ගෑනිට කිව්වා තේ එකක් හදාගෙන වරෙන් කියා. එහෙම කියා මම පුංචි බේබිවත් අරගෙන කාමරයට ගිහින් දොර වසා ගත්තා. බේබි වේදනාවෙන් කෑ ගැහුවා. මම පුංචි බේබිට ලිංගික අතවර කළා. හොර ගෑනි මට බැන්නා. මම නිරුවත්තරයෙන්ම කාමරයෙන් එළියට ඇවිත් ගෑනිට දෙක තුනක් ඇනලා තෝ කටවහගෙන හිටපිය නැත්නම් තෝවත් මරලා වලේ ඔබනවා කිව්වා. ගෑනි හොඳටම බය වුණා. පැයකට විතර පස්සේ තමා කාමරයෙන් එළියට ආවේ. පුංචි බේබිවත් මැරුවා. මරලාම තමා කාමරයෙන් එළියට ආවේ. දොස්තර නෝනගේ ඇඟිල්ලේ දාගෙන තිබුණ මුද්ද ගලවාගෙන්න හැදුවා. බැරුව ගියා. පිහියක් අරන් ඇවිත් ඇඟිල්ල කපා වෙන් කරගත්තා. ඊට පස්සේ මුද්ද ගලවා ගත්තා. ඇඟිලි කෑල්ල පොල් මට්ට වලටම විසිකර දැම්මා.


මට ජාතික හැඳුනුම්පතක් තිබුණේ නැහැ. හොර ගෑනිගේ හැඳුනුම්පත තමා නලින් මහත්තයාට දුන්නේ. නලින් මහත්තයාගේ ගෙදරට ගිහින් ඒ හැඳුනුම්පතත් සොයාගෙන ආවා. රත්තරන් බඩු ටිකයි පුංචි බේබි දුන්නු රුපියල් 700 අරගෙන ගෑනිත් එක්ක නයිනමඩමේ හංදියට ඇවිත් බස් එකක නැගලා තෝප්පුවේ හංදියට ආවා. ඒ එද්දී ඝාතන වලට යොදාගත්තු අත් පොරවත් බෑග් එකක දාගෙන ආවා. පොරව අරගෙන බස් එකක යන එක අවදානම් කියා හිතුණා. ඒ හින්දා පොරව තෝප්පුව පාලම ළඟට ගිහින් මා ඔයට විසිකළා. කුරුණෑගලට ගිහින් එතැනින් ගල්කිරියාගමට ගියා. ගලේවෙල උකස්කඩයකට ගිහින් දොස්තර නෝනාගේ ඇඟිල්ල කපා ගත්තු මුද්ද, ගෑනිගේ හැඳුනුම්පත ඉදිරිපත්කරලා උකස් කරලා රුපියල් 30,000ක් ගත්තා. දොස්තර නෝනාගේ මහත්තයා රුපියල් 5000 නොදුන් නිසයි මුළු පවුලෙන්ම පළිගන්න හිතුවේ. මාව මේකට මාට්ටුවෙයි කියා හිතුවේම නැහැ. ගෑනිට කිව්වා කවදාවත් උඹ මේ ගැන කටක් හොල්ලන්න එපා. උඹ කාටහරි කියලා තිබුණොත් බෙල්ල කපලා මරා දමනවා කියා. මම ගෑනිව බයකරගෙන තමා හිටියේ.

zsdfh


මේ නරුමයා, තිරිසනා රුපියල් 5000ක් ඉල්ලා නොදුන් නිසා මුළු පවුලක්ම සමූල ඝාතනය කළ හැටි පොලිස් නිලධාරීන් සමග කියා ඇත්තේ එවැනි කතාවකි.


දොස්තර නෝනාගේ දරු දෙදෙනාට පාසල් යන අතර ඇයගේ දියණියට මේ නරුමයා කළේ අනෙක් තිදෙනාවත් වඩා දරුණු අපරාධයකි. ඒ අහිංසකාවියකට ලිංගික අතවර කර මරා දැමීමය.


හතරදෙනෙක් මරා දැමූ ඝාතකයා සමග අල්ලාගත් ඔහුගේ අනියම් බිරිය බව කියන කාන්තාව වැඩිදුර පරීක්‍ෂණ සඳහා රහස් පොලිසිය වෙන්නප්පුව මූලස්ථාන පොලිසියට බාරදෙනු ලැබුවාය.


වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන් දිසානායක යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකාර කාන්තාවගෙන් ප‍්‍රශ්නකර ප‍්‍රකාශයක් ලබාගෙන තිබේ.


සැකකාර කාන්තාව පොලිසියට ලබාදුන් ප‍්‍රකාශයේ මෙසේ සඳහන් කර ඇති බව දැනගැනීමට ඇත.


මට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. මගේ මිනිහා මාව අත්හැරලා ගිහින් ගොඩක් කල්. මම දංකොටුව ප‍්‍රදේශයේ තියන ඇඟළුම් කම්හලක සේවය කළා. දවසක් මගේ හෑන්ඞ් ෆෝන් එකට මිස් කෝල් එකක් ආවා. මම ඒ මිස් කෝල් එකට කතා කළා. ඒ කතා බහ අන්තිමේදී අනියම් සම්බන්ධයක් දක්වා දුර දිග ගියා. අවුරුද්දක විතර ඉස්සර ඉඳලා තමා අපි දෙන්නා අතර සම්බන්ධකම තිබුණේ. ගුණපාල දැදිගම පැත්තේ කෙනෙක්. එයාට බැඳලා දරුවෝ දෙන්නෙක් ඉන්න බව දන්නවා. එතැනින් එහා එයා ගැන කියන්න වෙන විස්තරයක් මම දන්නේ නැහැ.


දොස්තර නෝනාගේ මහත්තයාගෙත් සල්ලි රුපියල් 5000ක් ඉල්ලා නොදුන් නිසා ගුණපාල මේ ගෙදර කට්ටිය එක්ක තරහින් හිටියේ. මම  ඕක විතරක් නොවේ මුළු පවුලම මරනවා කිව්වා. මම කිව්වා ඒ වගේ අපරාධයක් කරන්න එපා කියා. මටත් ඒ සැරේ බැන්නා. ඒත් මම හිතුවේ නැහැ මේ වගේ අපරාධයක් කරයි කියා.


දොස්තර නෝනාගේ දුව ගුණපාල අරගෙන අපි ඉන්න ගෙදරට ආවා. මට කිව්වා ගිහින් තේ එකක් හදාගෙන වරෙන් කියා. ඔය අහිංසක ළමයාට කරදරයක් එහෙම කරනවා නෙමේ කියා මම කිව්වා. දොස්තර නොනාගේ බබා හඬමින් හිටියේ. දොස්තර නෝනාගේ බබාව අරගෙන මිනිහා කාමරයට ගියා. ටික වේලාවකින් ඒ ළමයා වේදනාවෙන් කෑ ගැහැව්වා.


මට තේරුම් ගියා මේ මනුස්සයා ළමයා දූෂණය කරනවා කියා මා කෑ ගසා කිව්වා පර බල්ලෝ, උඹ මොකද ඔය කරන්නේ. උඹටත් දරුවෝ ඉන්නවා නේද කියා. යකෝ තිරිසන් වැඩ කරන්න එපා කියා මම කෑගසා කිව්වා. නිරුවතින්ම ඇවිත් තෝ තොගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉඳපන් කියා මට පහරවල් දෙකතුනක් ඇන්නා. තොගෙත් බෙල්ල කපා මරනවා කියා මට තර්ජනය කළා. මාව මරා දමයි කියා හොඳටම බයවුණා. මට කරකියා ගන්න දෙයක් නැතුවයි හිටියේ. මා හොඳටම අසරණ වුණා. මේ මිනිහා මේ වගේ තිරිසනෙක් කියා මා දැගෙන හිටියේ නැහැ.


පොරවත් ඔයට විසිකරලා බස් එකේ නැගලා අපේ ගමට යද්දිත් කිව්වෙත් උඹ මේ ගැන කියලා තිබුණොත් මරනවා. හතර දෙනෙක් මරපු මට උඹව මරන එක එච්චර වැඩක් නෙමේ කියා ගුණපාල කිව්වා. ඒ හින්දා මා මේ ගැන කිසිම කෙනෙකුට කියන්න ගියේ නැහැ. උඹව කොයි වෙලාවක හරි මේකට පොලිසියට අහුවෙයි කියා මම කිහිපවරක්ම කිව්වා. මාව කවදාවත් පොලිසියට අහුවෙන්නේ නැහැ කියා ඔහු පැවසුවා.  ගුණපාල එහෙම කිව්වේ හැමවෙලාවෙම හිනා වෙමින්. උඹ කා එක්ක හරි කිව්වොත් තමා මාව මාට්ටු වෙන්නේ. එහෙම නැතුව මාව කවදාවත් පොලිසියට කොටුවෙන්නේ නැහැ, කියා පැවසුවා.


මම මේ කිසිම දෙයකට සම්බන්ධ වුණේ නැහැ. ගුණපාල තමා මරා දමපු හතර දෙනාම ගල් ගැටගසා පොල් ලෙලි වලට දැම්මේ යැයි සැකකාරිය පොලිස් නිලධාරීන් සමග පවසා ඇතැයි කියති.


කරාඹු ජෝඩු දෙකක්, රන් චේන් එකක්, මුද්දක්, රන් වළලූ දෙකක්, ජංගම දුරකථන 02ක්, රුපියල් 700 මුදලට අමතරව පැහැරගෙන ගොස් තිබූ අතර ඒවා උගස්කර තිබියදී හා අනියම් බිරියගේ නිවසේ තිබියදී රහස් පොලිසිය විසින් සොයා ගනු ලැබිණි.


සැකකාර කාන්තාව මෙම අපරාධ කිරීමට කිසිදු සම්බන්ධයක් හෝ ඒ සඳහා ආධාර අනුබලදීමක් සිදුකර නොතිබූ බව පොලිස් පරීක්‍ෂණවලින් කරුණු අනාවරණය වීම නිසා ඇය පොලිස් ඇප මත මුදාහරිනු ලැබුවාය. ඝාතන සඳහා යොදාගත් පොරව සොයා ගැනීමට ගිය අවස්ථාවේ සැකකාර ගුණපාල නැමැත්තා මාඔයට පැන සියදිවිනසාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. අත් මාංචු පිටින්ම සැකකරු මාඔයට පැන ඇත්තේ තෝප්පුව පාලම මතින්ය.


රහස් පොලිස් නිලධාරීන්ද තල්ලූකර දමා සැකකරු මා ඔයට පැන්න අවස්ථාවේ වහා ක‍්‍රියාත්මක වූ රහස් පොලිස් නිලධාරීන් සැකකරු ගොඩටගෙන  මාරවිල රෝහලට රැුගෙනගොස් ඇති බවත් වෛද්‍යවරුන් පරීක්‍ෂාකර බලා ඔහු මියගොස් සිටි බව දැනුම් දුන් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පවසයි. මාරවිල දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණ පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වනු ලැබුවේ හලාවත මූලික මහ රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඞී.කේ. විජේවර්ධන මහතාය.


හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය සී. ද සිල්වා සහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් හා මෙහෙයවීම යටතේ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන් දසනායක, උප පොලිස් පරීක්‍ෂක වීරසේකර, සැරයන්වරුන් වන අයි.එච්.එන්. ඊරියගොල්ල (53221), ගුණරත්න (21837) සහ ජයරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වනු ලැබූහ. වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන සහ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම පරීක්‍ෂණ සිදුකර ඇත.

 

m



අදහස් (0)

රුපියල් පන්දාහක් නොදුන් නිසා හතර දෙනකු බිලිගත් මිනිහා

රූපවතී Thursday, 15 January 2015 09:31 AM

හරිම අකමැත්තෙන් කියවපු ලිපියක් ...? මෙවන් මිනිසුන් වසන රටක හුළගවත් නොවැදේවා..!!! මුළු ලෝකෙන්ම තිරිසන් මුර්ගයින් වසන රටවල් දෙකනම්, ඇසූ, දුටුදේ අනුව මා කියන්නේ..ලංකාව සහ ඉන්දියාවයි ...? දෙවියනේ මෙවන් මිනිසුන්ව අයි පෝෂණය කරන්නේ හිරගෙවල් වල දමාගෙන ..අැයි වගකිව යුත්තන්ට එල්ලුම් ගහ ගෙනෙන්න බැරි ...? (බ)

:       0       0

පෙඩ්රික් Saturday, 17 January 2015 12:22 AM

කවදාකවත් වැඩට නොදන්නා අය ගන්න එපා (නි)

:       0       0

නිමල් Wednesday, 14 January 2015 01:23 AM

මේ සිද්ධිය සම්බන්ධ වැරදිකරු ගැන ප්‍රශ්නය මෙහෙම විසඳුන එක ගැන සතුටුයි (නි)

:       0       0

සබීර් Thursday, 29 January 2015 12:42 PM

මේ වගේ අපරාදකාරයන්ට එල්ලුම් ගහ මදි. මේ වගේ දේවල් ලෝකේ කොහෙවත් සිදුවෙන්න නරකයි. (නදී)

:       0       0

ශිරෝෂ් Friday, 16 January 2015 06:06 AM

රූපවති ගේ කතාවට සම්පුර්ණයෙන්ම එකග වෙමි. මෙවැනි තිරිසනුන් ට දස වද දී මරා දැමිය යුතුය . මුන්ව හිර ගෙට දමා පෝෂණය නොකර එල්ලුම් ගහ නීති ගත කරන්න. නව ජනාදිපතිතුමනි ඔබගේ අවදානයට (නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 13 January 2015 03:16 PM

එක පාරටම මොනවා ලියන්නද කියලා හිතාගන්න බැහැ. නිකන් කරකොල අත්හැරිය වගේ. නමුත් ගාතකයා මරුන එක ගැන සතුටුයි. (අ)

:       0       0

සෑම් Wednesday, 14 January 2015 05:00 PM

මහපොළොව නුහුල්ලන මේ වගේ අපරාධයක් මතුවට අහන්නට නොලැබේවා! මේ අපරාධය කළ සාහසිකයාට මතු භවයකදීවත් මේ කළ දෙය පටිසන් දෙනවා නියතයි .අහිංසක දරු පවුලට මතු කිසි භවයක මෙවන් විපතක් සිදුනොවේවා!ඔවුන්ගේ පෙර අකුසලයක් පළදුන්නා වෙන්න පුළුවන්.ඔබ හතර දෙනාම නිවනින් සැනසේවා කියා පතමි. (නි)

:       0       0

කුමුදිනි වත්සලා Friday, 16 January 2015 12:21 PM

මේ සමහරුන්ගේ අධූරදර්ශී තීරණ නිසා අහිංසක අපියි මැරුම් කන්නේ (නි)

:       0       0

රාජා ගුණවර්ධන Thursday, 15 January 2015 12:14 PM

මේ වගේ දේවල් වෙන්නෙ එල්ලුම්ගහ නැති නිසා කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

අනිෂ්ඛාන් Thursday, 15 January 2015 07:38 AM

මේ වගේ තිරිසන් වැඩක් කරපු තිරිසනා නරකාදියටම යත්වා (නදී)

:       0       0

ශ්‍යාමා Wednesday, 14 January 2015 06:12 AM

අපේ පොලිසියට තුති වන්ත වෙන්න ඕනේ අපරාධ කාරයෙකුට සැමදා හැංගිලා ඉන්න බැහැ කියන එක අයෙත් කියන්න කැමතියි. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1035 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4539 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 409 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1678 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site