IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රූපවාහිනියෙන් - අන්තර්ජාලයෙන් දේව මෙහෙයට ගිය නත්තලක්

 

ලොක්ඩවුන් සීමා මධ්‍යයේ මිලියන ගණනක් කතෝලික බැතිමත්හු අද (25) නත්තල සැමරූහ.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය හේතුවෙන් මෙදා නත්තල් අසිරිය අඩු වූ තිබූ අතර මිලියන ගණනක් නිවෙස්වල සිට දේවස්ථානවල පැවැති දේවමෙහෙය සමඟ විඩියෝ තාක්ෂණය හා රූපවාහිනිය ඔස්සේ සම්බන්ධ වූහ.

නත්තල උදා වීමට ඔන්න මෙන්න තිබියදී එක්සත් රාජධානියෙන් සහ දකුණු අප්‍රිකාවෙන් වයිරසයේ නව ප්‍රභේද වාර්තා වීමත් සමඟ නැවත වරක් සංචාරක සීමා සහ ගුවන් ගමන් සීමා තහනම් පැනවීමට ලොව රටවල් රැසකින් වාර්තා විය.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට ලොවපුරා මිලියන 1.7කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබේ.

කෙසේ නමුත් ලොව රටවල් කිහිපයක එන්නත් නිෂ්පාදනය වීමත්, ඒවාට අවසර ලැබීමත් සහ රටවල් දැනටමත් ජනතාවට එන්නත් ලබාදීම ආරම්භ කිරීම නිසා ලෝකය නැවත වරක් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තුවක් ඇති වී තිබේ.

මෙසේ තිබියදී අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සහභාගීත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වෙන දේව මෙහෙය ද සුළු පිරිසකට සීමා කර තිබිණි.

දකුණු කොරියාවේ දේවස්ථාන හිස්ව තිබුණු බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. ලොවපුරා සිටින බිලියන 1.3ක් වන කතෝලික ප්‍රජාවගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ය. සාමන්‍යයෙන් නත්තල් උදාවේදී ශාන්ත පීතර චතුරශ්‍රය සහ ශාන්ත පීතර බැසිලිකාව බැතිමතුන්ගෙන් පිරී යන නමුත් මෙවර එහි දක්නට ලැබුණේ 200කටත් වඩා අඩු පිරිසකි. එහි පැමිණි සියලු දෙනා මුඛ ආවරණ පැලඳ සිටියහ.

ශාන්ත පීතර බැසිලිකාවේ සාමාන්‍යයෙන් දේව මෙහෙය පැවැත්වෙන්නේ මධ්‍යම රාත්‍රියේ වුව ද ඉතාලිය පනවා තිබෙන ලොක්ඩවුන් සීමා හේතුවෙන් දේව මෙහෙය මධ්‍යම රාත්‍රිය උදා වීමට පෙර පැවැත්විණි.

 


 
(ඒ.එෆ්.පී.)


055



අදහස් (0)

රූපවාහිනියෙන් - අන්තර්ජාලයෙන් දේව මෙහෙයට ගිය නත්තලක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 51 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1308 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 613 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 194 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4588 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12951 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site