IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


රූමත් ළඳුන්ගේ නිතඹ කැපූ මානසික රෝගියා

26-pg26d--main-pgs

 

මල් දුන්නෙන් මල් හීසර හදවතට විදිනු වෙනුවට පිහි තලයක් අත දරා මග හමුවන සුන්දර ලඳුන්ගේ නිතඹ කපන සිහිවිකල් වූ අනංගයකු මහරගම නගරයේ ජනතාවගේ නොමඳ සහයෝගය ඇතිව පොලිස් දැලට හසුකර ගැනීමට මහරගම පොලිසිය පසුගියදා සමත්විය. 


මේ අනංගයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි දෙදරු පියෙක් වීම මෙහි ඇති විශේෂත්වයයි. පිංතාරූ ශිල්පියෙක් හැටියට රැකියාව කරන්න මහරගම ප්‍රදේශයට පැමිණි සැකකරු පසුගිය මාස එකහමාර තුළ දී තමන්ගේ විකෘති ආශාව වෙනුවෙන් කාන්තාවන් තිදෙනෙකුගේ නිතඹ කපා තිබේ. ඒ සියල්ල සිදුකළේ මහරගම නගරයේදීමය. 


පළමුවරට තරුණියකගේ නිතඹ කැපුවේ පසුගිය ඔක්තෝබර් දෙවැනිදාය. එදින විනාඩි විස්සක් ඇතුළත තරුණියන් දෙදෙනෙකුගේ නිතඹ කැපීමෙන් ඔහු තෘප්තිමත් විය. වඩාත් තෘප්තිමත් වූයේ කිසිවෙකුටත් අසුනොවී පළායාමට හැකිවීම නිසාය. එදින ඔහුගේ ගොදුර බවට පත්වූයේ එෆ් එම් ගුවන් විදුලි නාලිකාවක නිවේදිකාවක් හා නීති සිසුවියකි. නීති සිසුවිය බසයට නගිනවාත් සමගම යමකට නිතඹ පෙදෙස සීරෙනවා මෙන් දැනුනද තදබදයත් සමග ඇයට ඒ ගැන තකන්නට වේලාවක් වූයේ නැත. එහෙත් බසයට ගොඩවූ පසු තමන්ගේ නිතඹ පෙදෙසින් ලේ ගලනවාත් සමග දැඩි වේදනාවක්ද දැනෙන්නට වූයෙන් නීති සිසුවිය පසු පස හැරී බලද්දී තම ඇඳුමත් සමගම විශාල කැපුම් පාරක් දැකිය හැකිවී ඇත. එයින් වික්ෂිප්ත භාවයට පත් ඇයගේ කෑ ගැසීම ඇසි රොක් වූ බසයේ සිටි මගීන් ඇය රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ. ඇය සුවපත් කිරීමට ඇගේ නිතඹට මැහුම් නවයක් යොදන්නට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරුන්ට සිදුවිය.


එදිනම එනම් ඔක්තෝබර් දෙවැනිදාම මහරගම නගරයේම තවත් ස්ථානයකදී බසයට ගොඩවන්නට ගිය එෆ්.එම්. නාලිකාවක නිවේදිකාවකටද නොසිතු නොපැතු අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. ඇයට මුලින්ම දැනුනේ කිසිවෙක් තම අත්බෑගයෙන් අදින බවකි. ඒ නිසා ඇය පසුපස හැරී බැලුවේ පික් පොකට් කාරයෙක්දැයි සැකයෙනි. එහෙත් ඇය පසුපස හැරී බලනවාත් සමගම හීයක වේගයෙන් ක්‍රියාත්මක වූ සැකකරු ඇයගේද නිතඹට කැපුමක් දමා පලා ගියේය. ඇයද කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබීය. එයට මැහුම් දහයක් දැමීමට වෛද්‍යවරුන්ට සිදුවිය.


මේ සිදුවීම් දෙකත් සමග පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. කලක් නිහඬව සිටි සැකකරු පසුගිය බදාදා යළිත් සයමස් ගැබිනියකගේ නිතඹ කැපුවේය. එයද සිදුකරන ලද්දේ ඇය මහරගම සිට 119 බස් මාර්ගයේ බසයකට ගොඩවන අතරතුරදීය. ඇය වේදනාවෙන් කෑ ගසද්දී පලා ගිය සැකකරු පසුපස හඹාගිය මගීන් හා නගරයේ සිටි ජනතාව මහරගම වීරක්කොඩි මාවත අසලදී ඔහුව අල්ලා ගැනීමට සමත් වූහ. පසුව පොලිසියට ඇමතුමක් ලබාදී සැකකරු පොලිසිට බාරදුන්හ. ඒ අතර කැපුම් තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබිණ. වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යරු ඇයගේ නිතඹටද මැහුම් අටක් යොදා ජීවිත දෙකක් බේරාගැනීමට සමත් වූහ. ඇය දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සහකාර ගබඩා පාලකවරියකු ලෙස සේවය කරන කාන්තාවකි.


සැකකරු මේ සියල්ල සිදුකර තිබෙන්නේ බසයට ගොඩවන කාන්තාවන්ටය. ඔහු රුවැති කාන්තාවන් දුටු විට ඔවුන් අසලින් ගැවසෙමින් සිට බසයට ගොඩවන අවස්ථාවේ මේ කැපීම සිදුකරන්නේ තමන්ට පලායාමට ඉඩකඩක් තබාගෙන වන්නට හැකි බවදට සැකකරන බවද පොලිසිය පවසයි. පසුගිය කාලය තුළ සිදුවූ නිතඹ කැපීම්වලදී වැඩිදෙනෙකුගෙන් කියවුණේ අනවශ්‍ය ලෙස හිර ඇඳුම් ඇඳගෙන අඟ පසඟ ප්‍රදර්ශනය වන අයුරින් ගමන් කරනවිට මිනිසුන්ට මෙවැනි දේවල් කරන්නට හිතෙන එක පුදුමයක් නොවන බවය. ඒ ආකාරයට කියවුණු කතාවලින් සැකකරුව ආරක්ෂා කරන ස්වභාවයක්ද දකින්නට තිබිණ. එහෙත් මෙවර සැකකරු තෝරාගත්තේ සයමස් ගැබිනියකි. එයින් පෙර කී තර්ක සියල්ල බිඳ වැටී සැකකරු මානසික රෝගියෙක් වීකෘති ආශාවකින් පෙළෙන්නක් බවට වන අදහස පෙරට පැමිණ තිබේ. කෙසේ වුවද සැකකරු පොලිසියට පවසා තිබෙන්නේ සුරූපි ලඳුන් දුටු විට තමන්ට මෙසේ කපන්නට සිතෙන බවය. 
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වන නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි විදුර ජයසිංහ මහතා මෙසේ පැවසීය.


“පසුගිය ඔක්තෝබර් මාසයේ වූ සිද්ධි දෙකෙන් පසු අපේ ඇත්දැකීම අනුව අදහසකට පැමිණියා යළිත් වැඩිකල් නොගොස් මෙවැනි සිදුවීමක් විය හැකි බව. ඒ නිසා අපේ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් නගරයේ සෙවිල්ලෙන් පසු වුණා. මෙවර සිදුවීමේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ ඒ මෙහෙයුම් ක්‍රියාත්මක වුණ නිසා වගේම නගරයේ ජනතාවගෙන් ලැබුණ දායකත්වයත් නිසයි. මහජනතාව මේ විදිහට අවදියෙන් සිටිනවා නම් අපරාධකරුවන්ට අපරාධයක් කර සැඟවීමට හෝ පලායාමට ඉඩක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි සැකකරු අත්අඩංගුවට ගැනීමට සහය දුන් මහරගම ජනතාවට ස්තුතිය පුදකරන්න අවශ්‍යයි. 


මෙම සිදුවීම් පෙළ සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක වූයේ නුගේගොඩ පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර පෙලිස් අධිකාරි විදුර ජයසිංහ මහත්වරුන්ගේ උපදෙස් පරිදි මහරගම ප්‍රධාන පොලිස් පරීක්ෂක තුවාන් සුලාරි මිඩින් මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක  ටී.ජේ.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක විතානගේ, පොලිස් කොස්තාපල් 73034 ලක්මාල් ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙනි. සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝග කෙරිණ. 


මෙම සැකකරුගේ ප්‍රශ්නය එතනින් කෙළවර විය හැකි නමුත් තවත් මෙවැනි විකෘති ආශාවන්ගෙන් පෙළෙන ගැහුනු, පිරිමි මේ සමාජය තුළ සිටිය හැකිය. අනාගතයේ බිහිවන්නටද හැකිය. මේ අය අත්අඩංගුවට ගෙන දඬුවම් දීම අත්‍යාවශ්‍ය වුවත් එයින් මේ ප්‍රශ්නය කෙළවර කළ හැකිද යන්න අප සලකා බැලිය යුතුව තිබේ. එසේම සාමාන්‍ය මිනිසකු විකෘති ආශාවන් සහිත පුද්ගලයෙක් බවට පත්වීමට බලපාන සමාජ වටපිටාව කුමක්ද? එම සමාජ වටපිටා වෙනස් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව ඊට වගකිව යුත්තන්ද සිතා බැලිය යුතුව තිබේ. 

giku



අදහස් (0)

රූමත් ළඳුන්ගේ නිතඹ කැපූ මානසික රෝගියා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 52 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 393 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1010 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1502 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 241 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 454 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 546 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 746 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2091 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site