IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රුවන්වැලි මහා සෑය හුණු පිරියම් කරන හැටි

 

දෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති බව කියැවෙන ”රුවන් වැලි සෑය”

 

කුඩා දිය බුබුලක් අහස සිඹින මහා සෑයක් වී ඇති අපූරුව. පුරාවෘත්තයන්ට අනුව මහා නිර්මාණකරු විසින් පූර්ණ ලෙසම කළුගලින් නිමවා දුටුගැමුණු රජු වෙත පිළිගැන්වූ බව සඳහන් රුවන්වැලි සෑයේ ආකෘතිය අබිමුව මම නැවතී හිඳිමි. සළපතල මළුව මත දකුණු පස වාහල්කඩ අසලට වන්නට ඇති මේ කුඩා ශෛලමය චෛත්‍යය ඉතිහාසයේ නිහඬ සාක්ෂිකරුවකු වී හමාරය. කිසිදු චෛත්‍යයක තැන්පත් නොකළ තරමේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ තැන්පත් කොට ඇති හෙයින්ම ”අසදෘස මහාථූපය” ලෙස ද රුවන්වැලි සෑයට නම් පටබැඳී ඇත. අතීතයේ ”ද්‍රෝණයක්” ලෙස හඳුන්වා ඇත්තේ ”ලාස්” හතරකට නොඑසේනම් ”නැලි” දාසයකටය.
 

”එම්.ජී. සුනිල් ශාන්ත”
 
 ”කේ.ඒ. ප‍්‍රභාත්”
 
”කුමාරගේ සම්පත්”
 
”පී.කේ. ජයතිස්ස”
 
”ගාමිණි අබේරත්න”
 
”ඞී.ජේ. විමලතුංග”
 
”සුමිත් කුමාර”

කි‍්‍ර.පූ. 161-137 තරම් දුරාතීතේ දුටුගැමුණු රජ දවස ඉදිකිරීම් ආරම්භ කොට ඇති රුවන්වැලි සෑය ස්වර්ණමාලී, හේමමාලි, රත්නමාලි, රුවන්මැලි, මහාථූප ආදී නම් වලින්ද හඳුන්වා ඇති බවට පුරාවෘත්ත සාක්ෂි දරයි. ස්වර්ණමාලි නම් දෙවඟන විසූ තෙලඹු රුක්ෂය ඉවත් කොට එබිම මත චෛත්‍යය ඉදිකළ හෙයින් ස්වර්ණමාලි ලෙස නම් තැබූ බව ප‍්‍රකටව පවතින ජනප‍්‍රවාදයකි.

”හුණු ටොන් 10ක් විතර සම්පූර්ණයෙන්ම චෛත්‍යයේ හුණු ගාල ඉවර කරන්ඩ  ඕනෑ වෙනවා. අඩි 35 කට වැඩිය දිග උණ බම්බු 650 ක්, කොහු ලණු කිලෝ ග්රෑම් 650 ක්, ”කිත්තන්” ලණු අඟල් එකහමාරෙන් මීටර් 1,000 ක් විතරත්  ඕනෑ වෙනවා. ”කිත්තන්” ලණුම අඟල් දෙකෙන් මීටර් 200 ක් විතරයි, අඟලේ ප‍්‍රමාණෙන් මීටර් 800 ක් විතරයි අලූතෙන් ගන්ඩ වෙනවා. මොකද පාවිච්චි කරපු ලණු වල පොඩි හරි පලූද්දක් තිබ්බොත් ඒක හිතට හරි මදි. චෛත්‍යය සූරන්ඩ ගන්න ”වයර් බ‍්‍රෂ්” විතරක් දුසිම් 30 කට වැඩිය යනවා මේ වැඬේට”

රුවන්වැලි සෑයේ හුණු පිරියම් කිරීමේ කටයුත්තට මතුගම, වළල්ලාවිට හිඳ මෙහි පැමිණ සිටි ”කුමාරගේ සම්පත්” මා හා සිදුකළේ එවැනි හෙළිදරව්වකි. වර්ෂයක් පාසා සිදුවන රුවන්වැලි සෑ හුණු පිරියම් කිරීමේ කාර්ය වෘත්තිය නිපුනත්වයකින් යුතු මිනිස් ශ‍්‍රමය භාවිත වන අවස්ථාවක් ලෙසත්, විසල් ධන සම්භාරයක් වැයවන කාර්යයක් ලෙසත් හැඳින්විය හැකිය. මේ ශිල්පීන් පවසන පරිදි සමස්තයක් ලෙස මෙම හුණු පිරියම් කිරීමේ කාර්ය නිමා කිරීම සඳහා රුපියල් ලක්ෂ 65 කට ආසන්න මුදලක් වැයවේ. විවිධ රසයෙන් සපිරි අතීත මතකයන් යළි අවදිකළ ”සම්පත්” පහත දෑද මා හා පැවසුවේ නිර්ලෝභීවය.
”1981 අවුරුද්දේ ඉඳලා 2007 අවුරුද්ද වෙනකන්ම අපේ තාත්තා තමයි කට්ටිය අරගෙන ඇවිල්ලා චෛත්‍යයේ හුණු ගෑවේ. මාත් තාත්තත් එක්ක දන්න කියලා කාලේ ඉඳලා මේ වැඬේට අනුරාධපුරේට එනවා. මගේ අයියලා දෙන්නත් එදා ඉඳලා අද වෙනකන්ම මේ පිංකමට එකතු වෙනවා. 2007 ඉඳලා අවුරුදු හතරක් හුණු පිරියම් කරන එක වෙන කට්ටියක් තමයි කෙරුවේ. 2011 ඉඳලා ආපහු මේ වැඬේ අපිට පැවරුණා. අපි බොහෝම කැමැත්තෙන් මේ පිංකම කරන්නේ.”

සැඳෑ හිරු ක‍්‍රමයෙන් මෝදුවන අඳුර සමග හාදවෙමින් සිටී. වරෙක අනෝරා වැස්සටත් පුපුරු ගහන අව්වටත් හසුව මතුව ආ අතෝරක් දුර්වර්ණ පැල්ලම් අකා මකා දාගැබ සුදෝ සුදට හැරවීම මේ ශිල්පීන් අබිමුව ඇති අභියෝගයයි. උණ බම්බු ඉනිමං මත පියෙන් පිය නැග සෑය මත සුණු පිරියම් කරන්නවුන්ගේ දසුන මොහොතකට මා සිත සසල කරවයි. හමා එන සුළඟත්, විටෙක නැගී එන අකීකරු අව් රශ්මියත් මැද මතුව එන ජීවිත අවදානම කොතෙක් නම් විය හැකිද? එහෙත් මේ මිනිසුනට එහි ඇති අරුමයක් නැති සෙයකි.

”අපි කාලයක් තිස්සේ මේ වැඬේ කරන නිසා බයක් දැනෙන්නේ නෑ. අලූතින් මේ වැඩවලට එකතු වෙන කෙනෙකුට ඇත්තටම බයක් දැනෙන්න පුලූවන්. එහෙම එකපාරටම අලූතින් එන කෙනෙක් හුණු ගාන්ඩ චෛත්‍ය උඩට යවන්නේ නෑ. හුණු දිය කරන්ඩ, පලංචි බඳින්ඩ වගේ දේවල් වලට තමයි උදවු කරගන්නේ.”

ඉකුත් වසරේ ද මේ සලපතල මළුව මතදී මට මුණගැසුනු ඇල්පිටියේ සිට පැමිණි 52 හැවිරිදි ”එම්.ජී. සුනිල් ශාන්ත” මහතා මා හා පැවසුවේ එවැන්නකි. ඔහු සේම ”ජී.කේ. ජයතිස්ස මහතා” ද ඉකුත් වසරේ දී මේ බිම මත මා හා ලෙංගතු වූ අයෙකි. හෙතෙම හැටඑක් හැවිරිදිය. ඔහුගේ මෙන්ම මා තුළ ද එකම ඉසව්වකදී, එකම අරමුණක් සඳහා යළි හමුවීමේ සතුට දළුලා තිබිණි.

”ගිය පාර පත්තරේ දාපු විස්තරේ අපි දැක්කා. ඒ වෙලාවේ නම් කියාගන්ඩ බැරි තරම් ලොකු සතුටක් දැනුනා. ඉතිං මහත්තයාව මේ විදිහට ආයේ හම්බ වෙච්ච එකත් ලොකු සතුටක්” හෙතෙම පැවසීය.

එවක චෛත්‍යයේ ඉදිකිරීම් නිමා කිරීමට දුටුගැමුණු රජුට නොහැකිව ඇති බවත්, කි.පු. 137-119 දී රජ පැමිණි රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජ දවස ඉදිකිරීම් නිමා කොට ඇති බවත් ඉතිහාසයේ සඳහන්ව ඇත. මුල් වකවානුවේ අඩි 300 ක් උසට නිමවා ඇති රුවන්වැලි සෑයේ වටප‍්‍රමාණය අඩි 900 ක් පමණ වී ඇත. ගල් පුවරු ඇසුරින් නිර්මාණය කොට ඇති සම සතරැුස් සලපතල මළුවේ එක් අන්තයක දිග අඩි 480 ක් පමණකි. කි.ව. 1017 දී අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් සමග එහි වූ වෙහෙර විහාර ද විනාශයට පත්වී ක‍්‍රමයෙන් වල්වැදී ඇත.

”අපි ඉස්සෙල්ලම කරන්නේ පලංචි බඳින එක. පලංචි බඳින්ඩ විතරක් සති දෙක හමාරක් තුනක් විතර යනවා. ඊට පස්සේ ”වයර් බ‍්‍රෂ්” වලින් මුළු චෛත්‍යයම සම්පූර්ණයෙන්ම සූරනවා. ඊට පස්සේ හූරපු හුණු හේදෙන්ඩ වැස්සක් වහිනකන් ඉන්නවා. හුණු හේදුනාට පස්සේ තමයි හුණු ගාන්ඩ ගන්නේ. අපි වට දෙකක් හුණු ගානවා. සම්පූර්ණයෙන්ම හුණු ගාලා වැඩ ඉවර කරන්ඩ කොහොමත් මාස තුනක් තුන හමාරක් විතර යනවා. වැඬේ පටන් ගන්න කලින් ජයසිරිමා හාමුදුරුවන්ට භාර වෙනවා. කරදරයක් නැතිව අපිට මේ වැඬේ අවසන් කරන්න ආරක්ෂාව දෙන්ඩ කියලා. වෙසක් පෝයට කලින් වැඬේ ඉවර කරලා ශ්‍රී මහා බෝධිය ඉස්සරහ කිරි උතුරවලා භාරහාර ඔප්පු කරනවා.”

1981 වර්ෂයේ සිට මේ දක්වා හුණු පිරියම් කිරීමේ කටයුත්ත සඳහා මෙහි පැමිණ ඇති 46 වියැති ”සුමිත් කුමාර” පැවසුයේ එවැනි කථාවකි. ඔහු පෙර මා හා කතා කළ සම්පත්ගෙ සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකි.

”හොඳයි හදිසියේවත් වැස්ස වහින්ඩ ප‍්‍රමාද වුණොත් මොකද කරන්නේ” මා ඇසිමි.

”එහෙම වුණොත් ඉතිං බවුසර් වලින් වතුර ගෙනල්ලා චෛත්‍යයට වතුර ගහලා තමයි හුනු ගාන්ඩ ගන්නේ”

”මේ පාර කීදෙනෙක් විතර වැඩට ඇවිල්ලා ඉන්නවද?” මා යළි අමතක වන්නට ගිය පැනයක් හදිසියේ මතු කළෙමි.

”මේ පාර තිස්පස්දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. හැමෝම නම් අද නෑ. හැමෝම ඔය මාස තුන හතරම එක දිගට වැඩ කරන්නේ නෑ. සතියකට හමාරකට සැරයක් ගෙදර ගිහිල්ලා එන්ඩ යනවා.”

මෙම මහාර්ඝ කාර්යයේ ඇති පුළුල් බව පහදමින් සුමිත් යළි පැවසීය. කාලානුරූපව ගරා වැටී, වල්වැදුනු රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ”නාරංවිට සුමනසාර හිමියන්ගේ” මූලිකත්වයෙන් 19 වැනි ශතවර්ෂයේ දී ආරම්භ වී වර්ෂ 1940 පමණ වන විට අවසන්ව ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානය වන විට සෑයේ උස අඩි 338 කි. වටප‍්‍රමාණය අඩි 942 කි. රන් අලේපිත කොත සහ චූඩා මාණික්‍යයේ උස අඩි 25 ක් පමණකි. අක්කර පහක පමණ හතරැුස් මළුවක් තුළ චෛත්‍යය නිර්මාණය වී ඇත.

”කිත්තන් ලණු වලින් තමයි ඉනිමං රඳවගන්නේ. හතරැස් කොටුවේ ඉනිමං එල්ලනවා. වාහල්කඩවල් වලට ලණු ඇදලා ඉනිමං රඳවා ගන්නවා. වැඩි හරියක් මේ ඉනිමං උඩ ඉඳගෙන තමයි හුනු ගාන්නේ.”

වසර කිහිපයක් මුළුල්ලේ මතුගම සිට මෙහි පැමිණ වාර්ෂික හුණු පිරියම් කිරීමේ කාර්යයට දායක වන තිස්හය වියැති ”ඞී.ජේ. විමලතුංග” පැවසුවේ එවැන්නකි. උණ බම්බු මගින් අඩි 60 ක් දිගට සිටින සේ ඉනිමං සකසා සලපතල මළුවේ සිට ධාතු ගර්භයේ අඩි 60 ක පමණ ප‍්‍රමාණයේ හුණු පිරියම් කිරීම සිදුකරනු ලබති. අනතුරුව දේවතා කොටුව දක්වා තවත් ඉනිමං 07 ක් උපයෝගී කොටගෙන හුණු ගැල්වීම සිදුකරන බව මේ ශිල්පීන් සඳහන් කළ කරුණකි.

”මං 1988 අවුරුද්දේ ඉඳලා මේ හුණු පිරියම් කරන පිංකමට සම්බන්ධ වෙනවා.” මතුගම, වළල්ලාවිට සිට පැමිණි 57 හැවිරිදි ”ගාමිණී අබේරත්න මහතා” පැවසූයේ එවැන්නකි. ජීවිතයේ සැඳෑ සමයේ ද ජීවිතය ජීවත් කරවීම උදෙසා වෙහෙසෙන ඔහුගේ වෙහෙසකර දෙනෙත බොඳවී ඇත.
”උදේ කීයට ද වැඩ පටන් ගන්නේ” මතුවූ කුතුහලයෙන් යුතුව මා යළි ඇසීමි.

 

 හුණු පිරියම් කිරීමේ පිංකමට මතුගම, වළල්ලාවිට සිට පැමිණ ඇති සහපිරිවර

 

”උදේ හය විතර වෙනකොට වැඩ පටන් ගන්නවා. හවස පහ හමාර විතර වෙනකොට නවත්වනවා. දොළහ හමාරට විතර දවල්ට කෑමට වැඩ නවත්තපුවහම අපි පැය දෙකක් විතර ඉන්නවා. මධ්‍යහ්න වෙලාවට අව් රශ්නේ වැඩියි.” හේ පැවසීය.

”දැන් මේ එන හුළඟත් එක්ක හුණු ගාගෙන උඩට යනකොට බයක් එහෙම හිතෙන්නේ නැද්ද?” පුපුරු ගසන යෞවනයේ මං සලකුණු නොඅඩුව සපිරි අයෙකු වෙතින් මා ඇසිමි. හේ වළල්ලාවිට සිට පැමිණි 27 හැවිදිරි ”කේ.ඒ. ප‍්‍රභාත්” තරුණයාය.

”එක අතකින් මේක පිනක්.... අපි ඉතිං මාස තුන හතරක් තිස්සේ ගෙදරින් ඈත්වෙලා ඉන්නේ... කාලා බීලා සන්තෝෂෙන් ඉන්නවා. බොරු කියන්ඩ  ඕන නෑ කීයක් හරි හම්බ කරගන්ඩත් පුලූවන්. ඉතිං මොකටද බයවෙන්නේ.”

එළැඹෙන වෙසක් සහ විශේෂයෙන් පොසොන් පොහොය අරමුණු කොටගෙන දියත් වන මේ හුණු පිරියම් කිරීමේ කාර්යය අවසාන දුර්වර්ණ සේයා පසුබා සෑය සුදෝ සුදට හැරී ඇති ස්වර්ණමාලිය දිදුලනයුරු ඔබ මා නෙත ගැටෙනු ඇත.

 

සටහන හා ඡායාරූප  - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග

 

පෙළින් පෙළට උණ බම්බු ඉනිමං මත නැගී හුණු පිරියම් කරන දසුන

 

රුවන් වැලි සෑ ගර්භය මත සකස් කළ උණ බම්බු ඉනිමං රඳවා ඇති අයුරු

 

හුණු සූරා ඉවත් කිරීම සඳහා භාවිතා කරන ”වයර් බ‍්‍රෂ්”

 

ඉනිමං රැඳවීම සඳහා භාවිතා කරන ”කිත්තං ලණු”

 



අදහස් (33)

රුවන්වැලි මහා සෑය හුණු පිරියම් කරන හැටි

මේකලා Thursday, 11 April 2013 11:37 AM

සාධු...සාධු...සාධු.!

:       2       0

අසේල Wednesday, 17 April 2013 10:36 PM

මේ සඳහා අනුග්‍රහය දක්වන මහීල් ශ්‍රීමන්ත මහතාගේ නම සඳහන් නොවීම අඩුපාඩුවක් ලෙස පෙනේ. (ස)

:       1       0

කසුන් සදරුවන් Monday, 01 April 2013 02:37 PM

අපිටත් දායකවෙන්න පුලුවන් නම් ... සාදු සාදු සාදු ! (නි)

:       3       0

ඉදුනිල් ගයාන් Monday, 13 May 2013 07:02 PM

මෙවර හුනු හුණු පිරියම් කරන පිංකමට සම්බන්ධ විමට මටත් පුලුවන් වුණා.මේක ගොඩක් අමාරු කාර්යයක්. පුදුම රස්නයක් තියෙන්නෙ. ඒත් දැනෙන්නෙ නැහැ මහන්සියක්. (නි)

:       0       0

දිසානායක Monday, 01 April 2013 03:01 PM

විශ්වයේ තිබෙන බුද්ධ රෂ්මි බලයෙන්ද සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන්ගේ බලයෙන්ද ඔබ සැම ආරක්ෂා වී ඇත. (ස)

:       0       0

සේරා Sunday, 07 April 2013 04:43 PM

මේ ඉන්නෙත් ජාතික වීරයෝ පිරිසක් .(නදී)

:       0       0

පුෂ්පකුමාර Saturday, 13 April 2013 05:10 AM

මෙම ලිපිය ලියු මාධ්‍ය වේදීයාට කෘතඥ වෙමි. සුවහසක් මිනිසුන්ට බුද්ධාලම්භන ප්‍රිතිය ගෙන දීමට ස්වර්ණමාලි චෛත්‍ය රාජයාගේ හුණු පිළියම් කරන ශිල්පීන් සැමට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

මල්ලිකා Monday, 08 April 2013 08:42 PM

විශ්වයේ තිබෙන බුද්ධ රෂ්මි බලයෙන්ද සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ බලයෙන්ද ඔබ සැම ආරක්ෂා වී ඇත. සැමට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි! (නි)

:       0       0

ඉන්දික Monday, 15 April 2013 11:43 AM

මේක ලොකු පිනක්.. (නි)

:       0       0

නුවන් Saturday, 06 April 2013 12:20 PM

ලස්සනයි.. (ස)

:       0       0

නුවන් Saturday, 06 April 2013 12:14 PM

ඔබ සැමට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි...(ස)

:       0       0

චන්දන Thursday, 04 April 2013 01:15 PM

හොඳ වැඩක් කරන්නේ‍. ඔබලා සියලු දෙනාටම බුදු සරණයි. (ස)

:       0       0

සමන් කුමාර Wednesday, 17 April 2013 08:43 AM

මෙම පින්කම සදහා ලක්ෂ 65 මුදලක් වැයවෙනවා. ආසන්න වශයෙන් ඒකට අනුග්‍රහය දක්වන්න ලොකු උනන්දුවක් තියනවා. (නි)

:       0       0

එරංග Wednesday, 03 April 2013 07:59 AM

උතුම් පුණ්‍යකර්මයට සහභාගි වූ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි! (නි)

:       0       0

පාලිත Monday, 01 April 2013 12:17 PM

මෙවන් දේ කියවන්න දකින්න ලැබීම මහ පිනක්. (නදී)

:       0       0

ප්‍රදීපා Monday, 01 April 2013 12:17 PM

මහා සත්කාරයකට දායකවෙන ඔබ සැමට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි...!!!!!(නදී)

:       0       0

පුබුදු Monday, 01 April 2013 03:55 PM

සාධු...සාධු...සාධු... (දී)

:       0       0

මොහොමඩ් Thursday, 04 April 2013 03:00 PM

ඉතා හොඳයි. ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ! (ස)

:       0       0

සංජය අබේවර්ධන බණ්ඩාර Thursday, 11 April 2013 06:38 AM

කොහොමද බෞද්ධ අපේ ශ්‍රී විභූතිය. මෙවන් විශ්ව වන්දනීය පුදබිම් අයිති සිංහල නියම බෞද්ධයන්ට පමණයි (නි)

:       0       0

සංජය අබේවර්ධන බණ්ඩාර Thursday, 11 April 2013 06:53 AM

සියළු දෙවියෝ රකිත්වා මෙවන් වීරවරයන් ! (නි)

:       0       0

ශලිත Tuesday, 02 April 2013 08:14 PM

ඔබ සැම සියලු දෙනාටම ඇති උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු රැකවරණය ලැබේව තවට් මෙවන් උතුම් පින්කම් සිදු කීරීමට දධර්ය ශක්තිය ලැබේවා.(නු)

:       0       0

ගීතාංජලී Friday, 12 April 2013 06:27 PM

ඔබ සියලු දෙනාටම බෝසමිදු පිහිටයි! මටත් සහභාගි වන්න ඇත්නම්... (නි)

:       0       1

කුසම් ප්‍රියන්ත Tuesday, 02 April 2013 09:18 PM

මේඔබ සැමට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි...උතුම් පින්කමට සහභාගීවෙන්න ලැබීමත් ලොකු පින්කමක්.(නදී)

:       0       0

චාමර Tuesday, 02 April 2013 09:50 PM

වැදගත් ලිපියක්.

:       1       0

හෙළ බොදු බැතිමතෙකි Monday, 01 April 2013 11:17 PM

ඉදිරි දිනයක හුණු පිරියම් කිරීමේ පිංකමේ බැතිබර දායකත්වය දැරීම සදහා කොතරම් මුදලක් අවශ්‍ය වන්නේදැයි විමසා පිළිතුරු දෙන මෙන් ස්තුති පුර්වකව ඉල්ලා සිටින්නෙමු. (නි)

:       0       0

අනුරාධ Monday, 01 April 2013 06:16 PM

මේ උතුම් පින්කමට සහභාගීවෙන්න ලැබීමත් ලොකු පින්කමක්.(නදී)

:       0       0

සුරංග Thursday, 02 May 2013 02:29 PM

සාදු ! සාදු ! (ස)

:       0       0

බුද්ධික Tuesday, 02 April 2013 11:16 AM

ඔබ සැමට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි (ස)

:       0       0

ඉන්දික ජයතිලක Thursday, 04 April 2013 09:22 AM

2011-මේ උතුම් පින්කමට සහභාගීවෙන්න ලැබීම ලොකු පින්කමක්.(නදී)

:       0       0

ජයී තිසර Monday, 01 April 2013 01:58 PM

තම ජීවිත නොතකුවේය සිදුවිය හැකි අනතුරේ.. දිනපතාම වැඩ කෙරුවේ පා තබමින් පොලු අතරේ.. සතුටු සිතින් අප වෙනුවෙන් දහඩිය සෙලු සැම මිතුරේ.. ඔබේ ශ්‍රමය බැබලෙව්වා රන් වැලි සෑ අනුරපුරේ.(නදී)

:       0       0

වාසල Friday, 05 April 2013 05:13 PM

සාදු සාදු අනුමෝදම් .... මෙවනිපින්කම් බොහෝ වැදගත්.(නදී)

:       0       0

වාසල Friday, 05 April 2013 05:20 PM

සාදු සාදු අනුමෝදම්. මෙවැනි පින්කම් බොහෝ වැදගත්. (නදී)

:       1       0

ධම්මිකා තෙන්නකෝන් Saturday, 26 February 2022 10:18 AM

සාදු සාදු අනුමෝදන් වෙමි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 70 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5776 2

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 836 4

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1426 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 127 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39166 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site