ප්‍රශ්න ආකරයක රට ගිලී තිබේ. කොරෝනා වසංගතයත් ඒ හා බැඳුණු අතුරු ප්‍රශ්න රැසක්ද තිබේ. ඇතැම් ප්‍රශ්න පාවාඩ එළා ගෙන්වාගත් ඒවා වේ. පොහොර ප්‍රශ්නය එවැන්නකි. වගාවට පොහොර ඉල්ලා ගොවීහු රට දෙවනත් කරති. ඔවුන්ගේ එම වේදනාව සාධාරණය. පොහොර නොමැතිව ගොවිතැන් කළ නොහැකිය. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වූ විට ඔවුන් මුහුණ දෙන ඉරණම වටහා ගැනීමට අමුතු නුවණක් ඇවැසි නැත.
පොහොර ප්‍රශ්නය මතු වූයේ රසායනික පොහොර භාවිතය ඉවතලා කාබනික පොහොර භාවිතයට සීරු මාරුවීමත් සමගය. එය ඉතා යහපත් තීන්දුවක් බව කවුරුත් අවිවාදයෙන් පිළිගනිති. නිරෝගී මිනිසකු සහිත ලෙඩ රෝග හීන වූ සමාජයක් සඳහා එය අත්‍යවශ්‍ය වූවකි. එහෙත් ප්‍රශ්නය පැන නැගුණේ එම තීන්දුව එක රැයෙන් ක්‍රියාත්මක කිරීමට යාම නිසාය. එය පියවරෙන් පියවර ක්‍රමානුකූලව කළ යුත්තකි. එමගින් සිදු වූයේ අපගේ ගොවියන් රසායනාගාර මීයන් බවට පත්වීමය. රටේ කොඳුනාරටිය වන කෘෂිකර්මාන්තය අත්හදා බැලීමකට ලක් කිරීම කිසි ලෙසකින් හෝ යහපත් නැත. එම තීන්දුව අර්බුද පොකුරු නිර්මාණය කරන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වී තිබේ.
ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්ද විය නොහැකි වුවද යහපත් චේතනාවෙන් ගත් ප්‍රායෝගික තීන්දු නිවැරැදි කර ගත හැකිය. ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ යූරියා ගෙන්වීමට කැබිනට් මණ්ඩලයට ඉකුත් 12 වැනිදා යෝජනාවක් ඉදිරිපත් කරන බවය. මෙම සටහන තබන මොහොත වන විට කැබිනට් මණ්ඩලය රැස්වී නැත. එහෙයින් එතැන කුමක් සිදුවේදැයි අනුමාන හැකියාවෙන් එපිටය. එහෙත් එය ඉතා යහපත් යෝජනාවක් බව අපි පිළිගනිමු.
ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ පොස්පරස්, පොටෑසියම් මේ රටේ තිබුණද නයිට්‍රජන්වල ප්‍රශ්නයක් තිබෙන බවත් ලබන වසර සඳහා යූරියා සියයට 50 ක් ගෙන්වා 2023 වර්ෂයේදී එය සියයට 25 දක්වා අඩු කරගෙන ඊට පසු කාබනික පොහොර වැඩපිළිවෙළට යා හැකි බවය.
මෙහිදී අවධාරණය කරගත යුතු ප්‍රධානම කාරණය වන්නේ ගොවියා රසායනික පොහොරවලට යොමු වූයේ ඇයිද යන්නය. එය අප රටට පමණක් අදාළ වූ තත්ත්වයක් නොවේ. ගෝලීය තත්ත්වයකි. හරිත විප්ලවයත් සමග මුළු ලෝකයම රසායනික පොහොරවලට නැඹුරු විය. එයට බලපෑ සාධකය වන්නේ ජනගහනය වර්ධනය වීමය. වැඩි වන ජනගහනයට සාපේක්ෂව ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කළ යුතු විය. එය මහ පොළොවේ යථාර්ථයකි. අප රටද රසායනික පොහොර භාවිතයට යොමු වූයේ ඒ අනුවය. රසායනික පොහොර භාවිතයට අප රට යොමු වී දැන් වසර 70 ක් කල් ඉක්ම ගොස් තිබේ.
කාබනික පොහොර භාවිතයට යොමුවීමෙන් අස්වැන්නෙන් හතරෙන් තුනක් අඩුවේ. ගොවියාට එහිදී ඇති විසඳුම වන්නේ දැනට පවතින මිල තුන් ගුණයකින් වැඩි කිරීමය. එවිට ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වේ. එහෙත් පාරිභෝගිකයාට අත්වන්නේ දුක්ඛිත ඉරණමකි. කාබනික පොහොර භාවිතයට ක්‍රමානුකූලව යොමුවීමෙන් මෙම තත්ත්වය අවම කර ගත හැකිය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්කිතා විතානගේ මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ කාබනික පොහොර භාවිතයේදී එක්වරම පසට අයන පෝෂණ නිදහස් නොකරන බවත් කාබනික පොහොරෙන් එය නිදහස් කරන්නේ ඉතා මන්දගාමීව බවත්ය. එමෙන්ම ගසකට කාබනික පොහොර යෙදූ විට ඒවා පාංශු ජලය ඔස්සේ උරා ගන්නා අතර ඊට මාස තුනක් වැනි සැලකිය යුතු කාලයක් ගතවන බවය. ඒ අනුව කෙටි කාලීන බෝගවලට එය කිසිසේත්ම සුදුසු නොවන බව මහාචාර්යවරිය අවධාරණය කර අත.
මෙම විද්වත් මත කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මන්දයත් කෘෂිකර්මාන්තය යනු අධි සංවේදී ක්ෂේත්‍රයකි. එහි බිඳවැටීමක් සිදුවුවහොත් රටම අනතුරට පත් වේ. දැනටමත් නුදුරු අනාගතයේදී ලෝකයේ සාගතයක් එන බවට අනතුරු හැඟවීම් සිදු කෙරේ. එය ශ්‍රී ලංකාවටද අදාළ විය හැකිය. දැනටමත් එළවළු අස්වනු අඩු වී ඇත.
එමෙන්ම කාබනික පොහොරට යොමු වීම ඇතැමුන් වුවමනාවට වඩා දේශපාලනීකරණය කර තිබේ. එමගින් ඔවුහු රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරති. එහෙත් මෙම ප්‍රශ්නය දෙස අවධානය යොමු කළ යුතුවන්නේ බුද්ධිමත්වය.
මුළු ලෝකයම කොවිඩ් වසංගතය නිසා බරපතළ තර්ජනයකට මුහුණ පා සිටී. ආහාර නිෂ්පාදනයට මෙම තත්ත්වය ඉතා තදින් බලපා තිබේ. පළමුව ආහාර ප්‍රශ්නය විසඳාගත යුතුය. මුළු ලෝකයේම අවධානය යොමුවී තිබෙන්නේ ආහාර නිෂ්‍පාදනයට හා ආහාර සුරක්ෂිතතාවටය. අප රටටද එය එලෙසින්ම අදාළය. එහෙයින් මේ මොහොත යනු පරීක්ෂණවලට යොමු විය යුතු මොහොතක් නොවේ. මෙම අනතුරුදායක තත්ත්වය තුරන්වී යහපත් පරිසරයක් නිර්මාණය වූ විට අභියෝගාත්මක වුවත් අවශ්‍ය තීන්දු තීරණවලට යා හැකිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රසායනික පෝර වෙනුවෙන් ඉඩම් ඇමැතිගේ යෝජනාව