IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැදී සිටියේය. එසේ සිටියදී දිනෙක හොර රහසේ පලා ඇවිත් කිලෝමීටර් 1,800 දුරක්  ගෙවා මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සොයාගෙන ඔහු පැමිණියේය. ඒ බිහිසුණු ත්‍රාසජනක ගමන ගැන  නිශ්ශංක පින්තු මහතා අප සමග තොරතුරු හෙළි කළේය.

නිශ්ශංක මහතාට මොස්කව් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණීමට දින  දෙකහමාරක කාලයක් ගතවී තිබුණි.  ඒ කාලය පුරාවට ඔහු කුසගින්න නිවාගෙන ඇත්තේ වතුර පමණක් පානය කිරීමෙනි.

නිශ්ශංකට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණීමට  මග පාදා දුන්නේ ඔහු සමග ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් කළ පසුව බොහෝ කුළුපග  වූ රුසියන් ජාතික හමුදා සෙබළෙකි.

යුද්ධයේ දී  පසුව වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ මේ රුසියන් ජාතික මිතුරු සෙබළා ඔහු සතුව තිබූ සිම්පතක් නිශ්ශංකට  ලබා දී ඇත්තේ එම සිම්පත හරහා ලොකේෂන් බලාගෙන  මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටි ඉසව්ව සොයා ගන්නා ලෙස පවසමින්ය.

නිශ්ශංක  ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරී කර  තිබෙන නිර්භීත හිටපු සෙබළෙකි.

වන්නි මානුෂීය මෙහෙයුමේ ආරම්භයේ සිට අවසානය දක්වා ඉදිරිපෙළ සටන්කරුවකු ලෙස පෙන්වූ දක්ෂතා නිසා නිශ්ශංක  මහතා රණශූර පදක්කම ඇතුළු පදක්කම් ගණනාවක් හිමි කරගෙන තිබේ. යුද හමුදා විශේෂ බළකායේ ඔහු ශාරීරික අභ්‍යාස උපදේශකවරයකු ලෙසද කටයුතු කර ඇත.

 රුසියාවට ගිය ආකාරය, රුසියා යුද බිමේ ලැබූ අත්දැකීම් සහ යුද බිමෙන් පලා ආ ආකාරය ගැන තොරතුරු දැන ගැනීමට පෙරේදා (15) රාත්‍රියේ කුලියාපිටිය, උඩුබද්දාව ප්‍රදේශයේ පිහිටි ඔහු ගේ නිවසට  ගියෙමු.

හෝරා කිහිපයක් ඔහු සමග  කතාබහේදී   නිශ්ශංක  මහතා මෙසේ කීය.

“මගේ වයස අවුරුදු තිස්තුනක් වෙනවා. මට අවුරුදු තුන හමාරක ගැහැනු දරුවෙක් ඉන්නවා. යුද හමුදාවේ වසර දොළහක සේවයෙන් පසු  සේවයෙන් ඉවත් වූවා. මේ කාලය තුළ වැඩි හරියක් හිටියේ යුද බිමේ.

ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණු නිසා මේ රටේ ජීවත්වීම ලොකු අභියෝගයක් වුණා. කුමක් හෝ රැකියාවක් සොයාගෙන රට යන්න තීරණය කළා. ඔහොම ඉන්න අතරවාරේ රුසියානු යුද හමුදාවට සෙබළුන් බඳවා ගන්නා බවට  හමුදාවේ හිටිය මිතුරන් කිහිප දෙනකුගෙන් දැනගැනීමට ලැබුණා . ඒ අනුව රුසියානු තානාපති කාර්යාලය ආසන්නයේ පිහිටි විදේශීය රැකියා ඒජන්සියකින් රුසියාවට යන්න තීරණය කළා.. ඒ ඒජන්සීයේ ඉන්න සිංහල කෙනෙක් (ඔහු ගේ නම කියයි) ඒජන්තවරයා වශයෙන් කටයුතු කරනවා.

ලංකාවේ මුදලින් මාසෙකට ලක්ෂ හතක් දෙන බවත්  කුමන  හේතුවක් නිසා හෝ යුද බිමේදී මියගියහොත් රුපියල් කෝටි  දොළහක් පවුලේ අයට ලබාදෙන බවත් ඔහු පැවසුවා. ඒ විතරක් නෙමේ තවත් වරප්‍රසාද ගොඩක් ලබාදෙන බව කිව්වා. මාස හයකින් රුසියාවේ පුරවැසිකම ලබාදෙන බවත් මාත් එක්ක පැවසුවා.

 

රුසියාවට ගිහින් යුද හමුදාවට බැඳුණට පස්සේ මාස හයකින් එරට පුරවැසිකම ලබාදෙන බවත් එරට ගුවන් තොටුපොළට ඇතුළු වූ වහාම  එම රටේ පාස්පෝර්ට් එක හිමිවන බවත් තමන්ගේ බිරිඳ, දුව ඇතුළු පවුලේ අයට ද එරටට පැමිණ ජීවත්වීමේ හැකියාව ලැබෙන බවත් මාත් එක්ක කිව්වා.  මේ වගේ ලොකු වරප්‍රසාද ලැබෙනවා කිව්වහම කවුද රුසියානු හමුදාවට බැදෙන්න යන්න අකැමැති.

රුසියාවට යන්න ලක්ෂ හතක මුදලක් එම ඒජන්සියෙන් ඉල්ලු‍වා. එරටට ගියාම ඒ රටේ නියෝජිතයන්ට දෙන්න තවත් ලක්ෂ දෙකක් අවශ්‍ය වන බව පැවසුවා. ළඟ සල්ලි නොතිබූ නිසා මට අයිති  ගමේ තිබෙන පර්චස් විසි ගණනක එකම ඉඩම උකස් කරලා මේ සඳහා සල්ලි සොයා ගත්තා.

මාසෙක Visit වීසාවලින් රුසියාවට ගියා. මගේත් එක්ක දහ අට දෙනෙක් ගියා. ඉඩම් ගෙවල් දොරවල් උකස් කරලා තමයි  මේ අයත් රුසියාවට යන්න සල්ලි සොයාගෙන තිබෙන්නේ.

රුසියාවට ගිය පසු සිදුවූ දේවල් ගැන  නිශ්ශංක මහතා තොරතුරු හෙළි කළේ මේ අන්දමිනි .

රුසියාවේ තියෙන සුපිරි හෝටලයකට අපිව එක්කගෙන ගියා. හොඳට කන්න බොන්න දුන්නා. උපරිම විදිහට සැලකුවා.  පසුව අපි පුහුණු කඳවුරකට රැගෙන ගියා. ඒ කඳවුරේ ලංකාවෙන් ගිය දෙසීයක් විතර හිටියා. සමහරදාට බාර්ලි තමා උයලා කන්න දුන්නේ. හරි හමන් කෑමක් බීමක් ලැබුණේ නැහැ. අවම පහසුකම් තිබුණේ. අපි ඒ කඳවුරේ පුහුණුවීම් ලැබුවා. ඉන්දියානු ජාතිකයන් කළු ජාතිකයන්ද අපිත් එක්ක හිටියා. කඳවුරේ අණ දෙන නිලධාරියා රුසියන් ජාතිකයෙක්.

අපි එක්ක ගෙන ඇවිත් තියෙන්නේ රුසියානු හමුදාවට බඳවාගන්න නොවන බවත් කුලී හේවායන් ලෙස කටයුතු කිරීමට බවත්  තේරුම් ගත්තා.

අපිට මුදල් නොලැබීම ගැන විමසුවාම කඳවුරේ පෝලිම් කරලා සමහර රුසියන් සෙබළුන්   පිස්තෝල වලින් අපේ කකුල් අසලටම වෙඩි තිබ්බා. අපි ලෝකයේ  තිබුණ දරුණුතම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් පරාජය කරලා විජයග්‍රහණය කිරීමට දායක වුණු සෙබළුන්. උන් අපේ කකුල් දෙක ළඟට වෙඩි තිබ්බා යැයි කියා කිසිසේත් බය වුණේ හෝ සැලු‍ණේ නැහැ.

කඳවුරේ පුහුණුවීම් ලබමින් සිටින අතරවාරයේ ගාල්ලේ ඉන්න මගේ ඥාති සහෝදරයෙක්  ඉදිරි ආරක්ෂක වළල්ලේ දී මියගිය බවත් දැන ගැනීමට ලැබුණා. ඒ බොඩියවත් තවම ලැබුණේ නැහැ.

පුහුණුවීම්වලින් පස්සේ අපිව  යුක්රේනයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ  සටන් බිමට යැව්වා. වැඩියෙන්ම එල්ල වුණේ ඩ්‍රෝන යානා ප්‍රහාර තමා. සටන් බිමේදී  අපේ අය ඇතුළු සෙබළුන්ට තුවාල වුණා. පසුව සමහරු මියගිය බවත් දැනගැනීමට ලැබුණා. ලංකාවේ ආරක්ෂක අංශවල රාජකාරී කළ දහසකට ආසන්න පිරිසක් රුසියා යුද බිමේ  සේවය කරන බව මට එහිදී දැනගැනීමට ද ලැබුණා.

මාස එක හමාරක විතර කාලයක් අපි දිවා රෑ දෙකේ බංකර් වල රැඳී සිටිමින් සටන් කළා. අපි ගැන එච්චර සොයා බැලු‍වේ නැහැ. කන්න බොන්න ටිකවත් හරියට ලැබුණේ නැහැ. කිසිම මුදලක් ලැබුණේත් නැහැ. මහා වංචාවකට අසූවී ඇති බව තේරුම් ගියා. අපි මැරෙන්න බය නැහැ. අපි බය කියන එක හඳුනන්නේ නැති සෙබළු.

සටන් බිමෙන් පලා යන්න තීරණය කළා. අපිත් එක්ක සටන් කළ ඉන්දියානු ජාතික සොල්දාදුවෙක් හරිම කලකිරීමකින් හිටියේ. සටන් බිමෙන් පලා යමු කියා ඔහුට මම යෝජනා කළා. පැනලා යද්දි අහු වුණොත් වෙඩි තියලා මරා දමයි කියලා ඔහු ඊට කැමති වුණේ නැහැ. ඇත්තෙන්ම කියනවා නම් පැනලා යද්දි අහු වුණොත් වෙඩි තියලා මරා දමන බව මම තේරුම් අරගෙන හිටියේ. මැරුණත් කමන් නෑ කොහොම හරි පැනගන්නවා කියලා දැඩි ලෙස අධිෂ්ඨානය කරගත්තා.

 කාටවත් නොකියා දවසක් ගිනි අවිය හංගලා යුනිෆෝම් එක පිටින්ම ඉදිරි ආරක්ෂක වළල්ලෙන් කාටත් හොරා පැනගත්තා. මම පැනගන්න කලින් දවසක  රුසියානු ජාතික යුද හමුදා  සෙබළෙකුට වෙඩි වැදී තුවාල ලැබුවා.  සිම් එකක් මට දුන්නා. ඒ සිම් එක දීලා ඔහු කිව්වා මේකෙන් ගමන් මාර්ගය හොයාගෙන මෙතනින් පලායන්න නැත්නම් නිරපරාදේ මැරිලා යයි කියලා. මම ඒ සිම් එක මගේ ජංගම දුරකථනයට දමාගෙන මොස්කව් හි පිහිටි අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තියෙන ඉසව්ව හොයාගෙන යෑමේ අතිදුෂ්කර ගමන ආරම්භ කළා. මේ ගමනේදී වින්ද දුක් කරදර පීඩා ගැන කියන්න මට වචන නැහැ. දවස් දෙකහමාරකට විතර පස්සේ මොස්කව් නගරයට සේන්දු වුණා. එතන ඉඳලා සංචාරකයෙක් විදිහට  රඟපෑමක යෙදිලා මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ආවා.

ජංගම දුරකථනයෙන් ගූගල් මැප් එක සර්ච් කරලා බැලු‍වාම මම කිලෝමීටර් 1800 දුරක් ගෙවාගෙන පැමිණ තිබෙන බව දැන ගත්තා.

රුසියානු තානාපති කාර්යාලයට ආවාට පස්සේ මට නූල්ඩ්ස් හදලා කන්න දුන්නා. එදාම රෑ මාව ලංකාවට එව්වා. ඊට පස්සේ රහස් පොලිසියට ගිහින් කට උත්තරයක්ද ලබාදී ගෙදර පැමිණියා. මම ලංකාවට ආපු බව ගෙදර අය දැනගත්තෙත් රූපවාහිනී ප්‍රවෘත්තිවලින්.

සටන් බිමේ ඉඳලා නිරුපද්‍රිතව ලංකාවට ආපු එක ගැන අදටත් මට හිතාගන්න බැහැ. එක හීනයක් වගේ.

කෝටි ගණනින් මුදල්, විවිධ වරප්‍රසාද අපේක්ෂාවෙන් රුසියාවට ගිය ඔහු මෙරටට ආවේ අතේ සත පහක්වත් නොමැතිවය.

නිශ්ශංක  මහතා සමග අප පිළිසඳරේ යෙදී සිටියදී යුක්‍රේන් සටන් බිමේ සිටි ශ්‍රී ලාංකික සෙබලෙකු ඔහු ගේ ජංගම දුරකථනයට කතා කර ඔහුට කිව්වේ තමාට වෙඩි වැදී රෝහලකට රැගෙන ආ ආ බව ය.

රුසියාවට යාමට උකස් කළ ඔහුට අයත්  එකම ඉඩම බේරා ගැනීමට නොහැකි නිසා ඉඩම විකුණා ලැබෙන මුදලින් ඉඩම උකස් ගත් අයට මුදල් ගෙවා දැමීම සඳහා නිශ්ශංක  මහතා ඉඩම විකුණන බව සඳහන් කරමින් බැනරයක්ද එම ඉඩමේ ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දක්නට ලැබිණි

“මට අරමුණු දෙකක් තිබෙනවා. එක අරමුණක් තමා රුසියාවේ යුද බිමේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයින් සියලු‍ දෙනාම නිරුපද්‍රිතව මෙරටට ගෙන්වා ගැනීම. අනෙක් අරමුණ තමා එරට හමුදාවට බැඳෙන්න යෑම වළක්වා ගැනීම. කිසිම කෙනෙක් මේ වංචාකරුවන්ට හසුවෙන්න එපා කියා  අවධාරණය කරන්නේ” යැයි ඔහු අවසන් වශයෙන් පැවසීය.

 

(***)
සටහන: ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප - මාදම්පේ එස්. හේරත්



අදහස් (9)

රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව

saman dissanayake Friday, 17 May 2024 02:55 PM

මහා ලොකු ලොක බලවතා තමන්ගෙ රට රෑක ගන්න මිනිසුන් නෑ. ලජ්ජයි පුටින් යකො අපෙ රටෙ යුද්දෙ තියෙනකොට අපෙ රටෙ මිනිසු අවෙ යුද්දෙට කුලි හෙවයො නොවේ. ඔය ජනදිපතිකම දිපන් ලමයෙකුට

:       33       20

Malin Friday, 17 May 2024 03:07 PM

වයස 33 නම්, අවුරුදු 12 සේවා කාලේ වැඩි හරියක් හිටියේ කොයි යුද බිමේද? 2009 වෙද්දි වයස 18 නේ

:       5       49

sachithFriday, 17 May 2024 06:34 PM

මටත් තියෙන ප්‍රශ්නය මේක තමයි. මේකත් තවත් එක නාට්‍යයක් විතරයි කියලයි මම නම් හිතන්නේ. ඟගවල් දෙබෑ කරගෙන කැළණි මතු වෙච්චි රටක් නේ මේක..

:       5       21

Sadun Friday, 17 May 2024 04:25 PM

ලංකාවේ කොල්ලෝ පිරිසක් රුසියන් හමුදාවේ වැඩ කරලා සල්ලි හොයන්න තීරණය කළා. 2009 ශ්‍රී ලංකාවේ යුද සමය, නමුත් මේ අය ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කළේ නැත. හැබැයි මාධ්‍ය ඒ අය ගැන ගොසිප් වාර් තා කරන්න හරිම ආසයි ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් ඔවුන්ට කිසිදු මුදලක් ගෙවීමට කැමති නැත

:       1       20

සෙනෙවිරත්න Saturday, 18 May 2024 03:53 PM

මටත් ප්‍රශ්නය ඒකයි, මගේ දරුවට තිස් දෙකයි, යුද්ධය ඉවරවෙනකොට මිනිහ පාසල් යනවා...

:       1       10

Nishan Sunday, 19 May 2024 06:28 AM

ඔහුගේ වයස ඇත්තටම අවුරුදු 33 ක්ද? අපේ රටේ යුද්ධය ඉවර වුනේ 2009 අවුරුද්දේ මැයි 19 වෙනිදා. ඒ කියන්නේ මීට හරියටම අවුරුදු 15 කට කලින්. දැන් ඔහුගේ වයස අවුරුදු 33 ක් නම් යුද්දේ ඉවරවෙන මොහොතේ ඔහුගේ වයස අවුරුදු 14 ක් වගේ නේද? එතකොට කොහොමද අවුරුදු 14 ළමයෙක් අපේ හමුදාවේ විශේෂ බලකායේ සේවය කලේ?

:       0       12

ana Monday, 20 May 2024 08:55 AM

මේ මිනිහ කියන බොරු අහල මිනිස්සු හිතයි ලංකාවේ හමුදාව ළමා සොල්දාදුවෝ බදවා ගෙන හිටිය කියලා.

:       0       10

de silva berlin Tuesday, 21 May 2024 10:11 AM

මොහුගේ වයස යම් ප්‍රමාද දෝෂයක් නිසා වැරැදි ලෙස මෙහි සටහන්වී ඇත. මොහු විශේෂ කාර්ය බලකායේ අවුරුදු 12 සේවය කළබව සත්‍ය කරුණකි. රුසියානු හමුදාවට බැඳිලා සටන් කරන්න රුසියානුවන් අකැමැති බවත්, බොහෝවිට ඉදිරි ආරක්ෂක වළලුවල සේවය කරන්නේ කුලී හේවායන් වශයෙන් බඳවාගෙන බලෙන් රඳවාගෙන සිටින වහලුන් බවත් ප්‍රසිද්ධ කාරණයක්, පුටින් යනු මානව හිතවාදී හොඳ මනුෂ්‍යයකු නොවන බවත්, රුසියාවට විසිට් වීසා හදාගෙන ගොස් අතරමන් නොවන ලෙසත් පුරවැසිභාවය අරන් පදින්චි වෙන්න. රුසියාව යනු සුරපුරයක් නොවන බවත් කවුරුත් සිතට ගත යුතුයි.

:       0       3

Ananda Wednesday, 22 May 2024 12:45 PM

රුසියා ගිහින් ගොඩ ගියා නම් කාටවත් ඒ ගැන කියන්නේ නෑ. වැරදුණාම ආපහු ගෙනැල්ලා දෙන්න කියනවා. ලංකාව එපා කියලානේ මෙයලා ගිහින් තියෙන්නේ එහෙ PR ගන්න. අනිත් එක යුද්ධයකට ගිහින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේවා හැමෝටම හොඳ පාඩම්. වන්චා වලට අහුවුණාම ඒකට වග කියන්න ඕනෑ රජයද?

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 703 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1240 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 159 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 399 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 566 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 936 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2021 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site