රජයේ රෝහල් අවට මෑතක සිට පෞද්ගලික උපස්ථායක සේවා මධ්‍යස්ථාන සුලබව දැකගත හැකිය. රෝහල්ගතව සිටින රෝගියකුට උපස්ථාන කිරීම සඳහා සේවා ආයතනයකට මුදල් ගෙවා එම සේවාව ලබාගැනීමට වර්තමානයේ අපේ ඇත්තෝද පුරුදුව සිටිති. මෙය එක් අතකට අප සමාජයේ විලාසිතාවකි. තවත් ආකාරයට පැවැසුවොත් එය පවුලේ ඥාතිත්වය දෙදරාගිය සමාජමය පිරිහීයාමකද තවත් සමාජ විද්‍යාත්මක කතාන්දරයකි. දරුවන්ට මව හෝ පියා හෝ වැඩිහිටියෙක් රෝගි වූ දින සිට දින කිහිපයක් ඒ වෙනුවෙන් උවටැන් කිරීමට යෙදවීමට අද කාලයේ නොහැකි වී ඇත. මුදල් කාලය හෝ මේ සමාජ කතාන්දරයෙන්ම එය අපට අප සමාජයට අහිමිකර තිබේ.
විශේෂයෙන්ම මෙම පෞද්ගලික සාත්තු සේවා මධ්‍යස්ථාන බිහිවන්නේ අසාධ්‍ය හා දුබල වූ රෝගීන්ට උපස්ථාන කිරීමේ අරමුණින්ය. වර්තමානයේ මෙකී සේවා ආයතන මුදල් ඉපයීමේ ජාවාරමක් බවට එම ආයතන හිමියන් විසින් පත්කරගනු ලැබ ඇත. මේ මහා ජාවාරමකි. සමාජයේ පවතින සංකීර්ණ හා කාර්යබහුලත්වය මෙන්ම විවිධ වූ ගැටලූ නිසා මෙකී සේවා ආයතනවල පිහිට පැතීමට අපේ ඇත්තන්ටද සිදුවී තිබේ.
මේවායේ සිටින සමහරු පිට පළාත්වලින් පැමිණෙන රෝගීන්ට උපස්ථායකයන් ලබාදීමේ දී අධික මුදල් අය කරති. එක් එක් උපස්ථායක ආයතනවලින් අයකරන්නේ ද එක එක මිල ගණන්ය.
මෙහි දී පැය විසිහතරක් ම රෝගියෙක් අසල සිටිනට නම් උපස්ථායකයාගේ දීමනාව වන්නේ රුපියල් 1700කි. කෑම බීම නැති නම් රුපියල් 1400කි. ඒ පිරිමි රෝගියෙක් සඳහාය. ගැහැනු රෝගියෙක් සඳහා උපස්ථාන කිරීම සඳහා රුපියල් 1400ක් අයකෙරේ. මේ අතර එක ළඟ සිටින රෝගින් දෙදෙනෙක් සඳහා උපස්ථාන කිරීම සඳහා ද රෝහල ඇතුළේම යම් පිරිසක් සූදානම්ව සිටිති. ඔවුනට අය කරනුයේ රුපියල් 1200ක් තරම් මුදලකි. ඒ අනුව උපස්ථාන සේවා දෙකක් කරන්නට ද පිරිස් රෝහල්හි හා පිටත සිටිති.
කල දුටු කල වළ ඉහගන්නාක් මෙන් ඇතැම් උපස්ථායක සේවා මධ්‍යස්ථානවලින් අය කරන්නේ ගිනි ගණන්ය. නිශ්චිත ගාස්තුවක් නොමැති අතර හිතූ හිතූ ආකාරයට එම ආයතන මුදල් අය කරති. වර්තමානයේ බොහෝ සේවාවන් කෙරෙන්නේ මුදලටය. ඒ පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙනි. සැබවින්ම වත්මන් සමාජයේ සෑම දෙයක්ම විකිණෙන්නේ මුදලටය. අද අසරණ වූ රෝගියකුට උවටැන් කිරීමද මුදලට විකිණී ඇත්තේය. ඇතැම් අවස්ථාවලදී තම ඥාතියකු රෝහල්ගතව සිටින විටදී ඔහුට උපස්ථාන කිරීමට පවුලේ අයට නොහැකිය. රෝගියා වෙනුවෙන් පැය විසිහතර පුරාම පවුලේ අයට කැපකිරීමට අපහසුය. මෙය මනාව තේරුම්ගත් මෙම ජාවාරම්කරුවෝ මේ ජාවාරම අපූරුවටම කරති.
මෙයට අමතරව නගරවල සමහර මිනිසුන් හා ගැහැනුන් මේ උපස්ථාන සේවා සපයන ආයතනවලට අමතරව උපස්ථාන සේවාව කරති. නමුත් පෙනී සිටින්නේ රෝගීන්ගේ ඥාතීන් මෙන්ය. මෙයද නගරවල හා රෝහල් අසල කදිම රස්සාවකි. මෙයට කියන්නේ ගොඩ පෙරකදෝරු උපස්ථායක සේවා සපයන්නන් වශයෙනි.
මේ නිසා අත මිට සරු ජන කොටස්වලට පමණක් නොව සමාජයේ ආර්ථික වශයෙන් පීඩා විඳින අතිබහුතරයකටද අකමැත්තෙන් වුවද මෙකී පෞද්ගලික උපස්ථායක සේවා ආයතනවල සෙවණ සෙවීමට සිදුවී ඇත්තේය. සෞඛ්‍ය සේවයෙහි ඇති ඉල්ලූම වර්ධනය වීමත් සමඟ අවශ්‍ය සේවා පහසුකම් සැපයීමට රාජ්‍ය අංශයට පමණක් නොහැකිවී ඇත. විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියත් සමඟ සෞඛ්‍ය සේවාවේ රාජ්‍ය අංශයට පමණක් පිරවිය නොහැකි එම හිඩැස නැතහොත් සැපයුම පිරවීමට සිදුව ඇත්තේ පෞද්ගලික අංශයටය. මේ නිසා අහිංසක රෝගීහු මෙන්ම අහිංසක රෝගීන්ගේ ඥාතිහුද අපහසුතාවයකට පත්වේ. නමුත් මෙම සේවාද අද නැතුවම බැරි තත්වයකට පත්ව තිබේ.
මේ නිසා රෝහල්ගතව සිටින රෝගියකුට ඇතැම් අවස්ථාවලදී පිහිට පැතීමට සිදුවී ඇත්තේ පෞද්ගලික උපස්ථායක සේවා ආයතනවලින් පමණක් නොවේ. අවශ්‍ය බෙහෙත් හේත් මෙන්ම විවිධ වූ පරීක්ෂණ මුදල් ගෙවා පෞද්ගලික අංශයෙන් කරවා ගැනීමට සිදුවී තිබේ. ඒ අධික මුදලක් ගෙවාය. මහ රෝහල් ආශ‍්‍රිතව හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති පුද්ගලික උපස්ථායක සේවා මධ්‍යස්ථාන සූත්තරය නම් මනහරය.
දිනපතා රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවීම නිසා ඔවුන්ට උවටැන් කිරීමට සිටින උපස්ථායකයන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවේ.
ඇත්තටම රජයේ රෝහල්වල උපස්ථායකයන්ට පැවරිලා තියෙන වැඩ කොටස විශාලයි. නමුත් දැඩි සත්කාරවලදී ඔවුන්ගෙන් වන සේවාව නිසි අයුරින් ඉටුවෙනවා. මේ නිසා උපස්ථායකයන්ට වාට්ටුවල සිටින සියලූම රෝගීන්ට උවටැන් කිරීම අපහසුය. මේ නිසා තමයි පෞද්ගලික උපස්ථායක සේවාවල සේවාව ලබාගැනීමට අපේ අයට සිදුවෙලා තියෙන්නේ. මෙම ආයතනවලින් යම් කිසි සේවාවක් සිදුවෙනවා. නමුත් එම ආයතනවල තත්ත්වය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. නිසි ප‍්‍රමිතියක් නැහැ. මුදල් ඉපයීමේ ජාවාරමක් විදියට තමයි සමහරක් ආයතන පවත්වාගෙන යන්නේ.
පෞද්ගලික උපස්ථායක සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේද නානා මාදිලියේ නම් වලිනි. ඇතැම් මධ්‍යස්ථාන සේවා සපයන ව්‍යාපාර ලෙස ලියාපදිංචි වී ඇත්තේය. විශේෂයෙන් මෙකී ආයතනවලින් රෝගියකුට උපස්ථාන කිරීම සඳහා දිනකට රුපියල් දහසේ සිට එක්දහස් හත්සීය දක්වා වූ මිල ගණන් අය කරති. නිශ්චිත ගාස්තුවක් නොමැති අතර දින භාගයකට සේවය සඳහා දවසේ ගාස්තුව ගෙවිය යුතුය. අනිත් කාරණය වන්නේ රෝගියාට මේ සඳහා නීත්‍යනුකූල ලියවිල්ලක් පවා මෙකී සේවා සපයන ආයතනවලිින් ලබා නොදීමයි.
මෙයට පිළියමක් වශයෙන් රෝගීන් ඇතුළත් කර ගන්නා අවස්ථාවේම සාත්තු සප්පායම් කරන්නාගේ නමද ගෙන අනන්‍යතාවක් ඇතිව කටයුතු කරන්ට පියවර ගන්නට ඇති අවස්ථාව ද තිබේ.
මෙකී සේවා මධ්‍යස්ථානවලින් රෝගීන්ට උවටැන් කිරීම සඳහා යොදවා සිටින සේවකයන්ට නිසි පුහුණුවක් නැත. ඇතැම් සේවකයන්ගෙන් හරිහැටි සේවාවන් ඉටුවන්නේද නැත. බොහෝ සේවකයන් තුළ පිරිසිදු බවක් නැති අතර අඳින ඇඳුම් පැළඳුම් ද ඉතා අපිරිසුදුය. ඇතැම් සේවකයන් නොයෙකුත් ලෙඩ රෝගවලට ලක්වූ අයවලූන්ය. රෝගීන්ට උපස්ථාන කිරීම සඳහා යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයක් ඔවුන්ට නැත. සමහරු මත්ද්‍රව්‍ය පානය කර රාති‍්‍රයේ උවටැන් සේවා කරන ආකාරය දැකිය හැකිය.
මෙකී සේවකයන් වැඩි දෙනකු රෝගීන් රැකබලා ගැනීමට පැමිණෙන්නේ අධික ලෙස බීමත්වය. චන්ඩියා බඬේ දමාගෙනය නැතිනම් සාක්කුවේ දමාගෙනයි. ඇතැමුන් මේ සඳහා රාත‍්‍රියට රෝහලට පැමිණෙන්නේ කාලේ බෝතලයක් ඉනේ ගසාගෙනය. රෝගියා රැකබලා ගැනීම කෙසේ වෙතත් පදමට බීමත්ව රෝගියා සිටින ඇඳට හේත්තුවී හොඳින් නිදා ගැනීමට ඇතැම් සේවකයෝ පුරුදුව සිටිති. එමෙන්ම එක් රෝගියකුට උපස්ථාන කිරීම සඳහා යොදවා සිටින සේවකයකු ඇතැම් අවස්ථාවලදී වාට්ටුවේදී හමුවන වෙනත් රෝගීන් ද බලා ගැනීමට කටයුතු කරන අතර ඒ මගින් ද සිදුවන්නේ මුදල් ගරා
ගැනීමයි. සැබැවින්ම මෙම සේවකයන් වෙතින් තමන්ගේ වගකීම හරි හැටි ඉටුවන්නේ නැත. සේවාවේ යෙදෙන්නේද කිසිම වගකීමකින් තොරවය.
අසාධ්‍ය රෝගීන්ට නින්ද ගිය පසු ඔවුන් බලා ගැනීමට සිටින පුද්ගලික සේවා ආයතනවල ඇතැම් උපස්ථායකයින් හිටි ගමන් වාට්ටුවෙන් අතුරුදන්වේ.
ඇතැම් අවස්ථාවලදී රෝගියාට ලබාදීමට ඇති බෙහෙත් වර්ගද මොවුන් නිසි පරිදි එම රෝගියාට ලබාදෙන්නේ නැත. අනිත් කාරණය වන්නේ මොවුන් මගින් වන නොයෙකුත් අපචාරයන්ය. සමාජ විරෝධී ක‍්‍රියාවන්ය. මෙකී සේවකයන් අතර ඇත්තේ අමුතුම තාලයේ දේවල්ය. මෙය වටා නිර්මාණය වී ඇත්තේ ද වෙනත් උපසංස්කෘතියකි. යම් යම් මානසික ආතතීන් ඇති අයද මෙහිදී දැකිය හැකිය.
රැුකබලා ගන්නා රෝගීන්ගේ මෙන්ම වාට්ටුවේ ඇතැම් රෝගීන්ගේ දේපළ ඇඳුම් පැළඳුම් රන්භාණ්ඩ පවා සොරකම් කරති. ජංගම දුරකථන මුදල් ද කෑම ජාතිද මේ අතර වේ. ඇතැම් උපස්ථායකයන් රෝගීන්ගේ ඇඳ ඇතිරිලි, උණුවතුර බෝතල් හා රෝගියාගේ පිටි පැකට් එක පවා සොරකම් කිරීමට පුරුදුව සිටිති. මියගිය රෝගීන්ගේ පවා භාණ්ඩ අතුරුදන්වීමේ සිද්ධීන්ද වාර්තාවී තිබේ. එමෙන්ම ඇතැම් උපස්ථායකයන් අතර පවතින අනියම් සම්බන්ධතා ද මෙහිදී දැකගත හැකිය. රෝගීන් ගේ ඥාතීන් සමඟද ඇතැම් අවස්ථාවලදී එම සම්බන්ධතා ඇතිවී තිබේ. පෞද්ගලික සේවාවල ඇතැම් උපස්ථායකයන්ගෙන් වාට්ටුවේ කාර්යමණ්ඩලවලට පවා සිදුවන්නේ නොයෙකුත් හිරිහැරයන්ය. මේවාට යම් පියවරක් ගන්නට නොහැකිය. එසේ යම් පියවරක් ගනු ලැබුවේ නම් රෝහල් පරිශ‍්‍රයෙන් පිටදී පහර කන්නට සිදුවේ. ඒ තරමටම මහා මාෆියාවක් මෙහි ඇති බව කිසිවකු නොදන්නාවූ ඛේදනීය කතාන්දරයකි.
ඇතැම් උපස්ථායක මධ්‍යස්ථානවල එකම පවුලේ මව, පියා, පුතා, දුව පවා සේවය කරති. කොටින්ම කිවහොත් බොහෝ පෞද්ගලික උපස්ථායක මධ්‍යස්ථානවල අරමුණ වන්නේ රෝගියා රැුකබලා ගැනීමට වඩා කුමන ආකාරයකින් හෝ මුදල් ඉපැයීමයි. මෙය මහා ජාවාරමකි. නවතම රස්සාවකි. රස්සාවට අමතරව තවත් රස්සාවකි.
මෙම මාෆියාවට අමතරව තවත් මාෆියාවක් රෝහල් අසල සිදු වන්නේය.
විවිධ රෝග සඳහා පරීක්ෂාවක් වත් රජයේ රෝහල්වලදී සිදු නොකිරීම ය. ඩෙංගු රෝගියාගේ අද උදේ රුධිර ඝනත්වය කොපමණ ප‍්‍රමාණයක් දැයි බලාගත හැකි වන්නේ පසු දින හෝ ඊටත් පසු දිනය. මේ නිසා වෛද්‍යවරු කියන්නේ හැකි නම් පෞද්ගලික රසායනාගාරයකින් රුධිර පරීක්ෂාව කරගෙන එන ලෙස ය.
ශ‍්‍රී ලංකාවේ තරම් රජයේ රෝහල් අසල ඇති පෞද්ගලික රසායනාගාර සේවා සපයන ආයතන ලෝකයේ වෙනත් කිසිදු රටක ඇත්දැයි අපි නො දනිමු. පුදුමයට කාරණය නම් පෞද්ගලික රෝහල් අසල එබඳු පෞද්ගලික රසායනාගාර සේවා සපයන ආයතන පිහිටා නො තිබීමය. ආණ්ඩුව ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සඳහා දෙන දායකත්වය මෙයින් හොඳින්ම පැහැදිලි වෙයි.
රජයේ සෞඛ්‍ය සේවා මෙබඳු පහළ අඩියකට වැටීමේ ප‍්‍රතිඵලය වී ඇත්තේ හතු පිපෙන්නා සේ පෞද්ගලික ඔසුසල් සහ පෞද්ගලික රසායනාගාර සේවා සපයන ආයතන බිහි වීම ය. රටක ජනතාවගේ සෞඛ්‍යමය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පෞද්ගලික මට්ටමින් හෝ ඒ සඳහා සුදුසු ආයතන බිහිවීමේ වරදක් අපි නොදකිමු. වරද නම් ඒවාට නිසි ප‍්‍රමිතියක් නැති වීම ය.
මෙයට අමතරව මේ අසරණ රෝගින් ගේ ඥාතිනට සිදුව ඇත්තේ තවත් අකරතැබ්බයකි. ඒ රෝහල් අවට ජාවාරම්කරුවන්ගේ තවත් ජාවාරමකි. එනම්, වාහන අංගණවල පවත්වාගෙන යන ජාවරම්වලටද මේ අහිංසකයෝ ගොදුරු වීමයි. අදාළ මහා නගර සභාව හෝ ප‍්‍රාදේශීය සභාව හෝ යටතේ පවත්වාගෙන යන වාහන නතර කරන ස්ථානවල අසීමිත ආකාරයට වාහන නවත්වනවාට මුදල් අය කිරීමයි.
අදාළ පළාත් පාලන ආයතනයේ කුවිතාන්සියද සහිත ප‍්‍රවේශ පත‍්‍රයේ පෙනෙන නොපෙනෙන ආකාරයට අයකර ගත් මුදල සටහන් කර මේ රෝගීන්ගේ ඥාතිනට ලබාදෙයි. පිට පළාත්වලින් පැමිණෙන මේ රෝගින්ගේ ඥාතීන්ගේ මානසික තත්වය ඉතාම පහළ මට්ටමක ඇත. මන්ද යත් තම ඥාතියාගේ රෝගියාගේ තත්වය නිසා මිනිස් සන්තානයේ ඇතිවන්නා වූ පසුබැසීමයි. මේ ආකාරයට මනසින් යම් පහත් තත්වයට පත් වූ රෝගි ඥාතින්ගෙන් ප‍්‍රයෝජනය ගන්නා මේ ජාවාරම්කරුවෝ ශුද්ධ අන්දමින් මේ ජාවාරමේ ද යෙදෙන බව දැක ගත හැකිය.
මේ සියල්ලගෙන්ම සිදු වන්නේ ලංකාවේ රෝහල්වල හා අවට ආදි සෑම ස්ථානයකින්ම රෝගින් උකසට තබා මුදල් හම්බකරන්නා වූ නවතම ක‍්‍රමවේදයකි.
මෙය නතර කළ නොහැකිය. නමුත් පාලනය කරන්නට වග කිව යුත්තෝ පියවර ගත යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් සොයා බලා යම් පියවරක් ගන්නා බව, රෝහල් අධ්‍යක්ෂවරු පරිපාලන නිලධාරිහු හා පළාත් පාලන ආයතන නිලධාරිහු පවසති.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහල් අසල ගැවසී රෝගීන්ගේ ඥාතීන් බිලිගන්නා කාක්කෝ
දසුනි Sunday, 18 January 2015 01:00 PM
මේ අය තමන්ගේ ලේසියට රෝගියාට කෑම,බීම පවා නොදී ඉන්නවා. ලෙඩුන් බලන වෙලාවට අනිත් අයට පේන්න රෝගියා ලගටම වී ඉන්නවා. අනිත් වෙලාවට ලෙඩා තනියම. අසරණ රෝගීන් මේ අයට බාර දෙන්න එපා. මේක ඇත්තටම ජාවාරමක්. (නදී)