මා වික්‍රමරත්න මහතා පළමුවෙන්ම හඳුනා ගත්තේ ,1940 දී සිසුවකු වශයෙන් රාහුල විදුහලේ උගන්නා අවධියේය. එවකට ඔහු ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියේය. අනතුරුව 1952 සිට 1961 දක්වා වසර නවයක් එවකට රාහුල විදුහලේ ආචාර්යවරුන් වශයෙන් සේවය කළ අතර එතුමා අධ්‍යාපන විද්‍යා පීඨ කොමසාරිස් වු විට වසර කිහිපයක් ම එම අංශයේ නිලධාරයකු ලෙස ද සේවය කළෙමි.
කෝට්ටේගොඩ පාතෙගම විසු විදුහල්පතිවරයකුගේ හා ආචාරිනියකගේ පුත්‍ර රත්නය ලෙස ගුණපාල වික්‍රමරත්න වර්ෂ 1926 මැයි 19 වැනි දා උපන්නේය. එකල බොහෝ විදුහල්පතිවරුන් මෙන් එතුමා ද තම පුතුන් දෙදෙනා ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබනු වස් ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් කරවීය.
විසි වැනි සියවසේ සිව් වැනි දශකයේ මුල දී දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වී ජපන්නු ලංකාවේ අගනුවර වන කොළඹට ද බෝම්බ දැමුහ. එම නිසා කොළඹ,ගාල්ල වැනි ප්‍රධාන නගරයන්හි ඉගෙනුම ලැබු සිසු දරුවන් බොහෝ දෙනෙකු විදුහල් වලින් ඉවත් කර තම නිවෙස් අසල පාසල් වලට ඇතුළු කිරිමට දෙමව්පියෝ පෙළඹුනාහ.
මේ අවදිය වන විට ඩී.ජේ.කුමාරගේ මහතා මාතර රාහුල විද්‍යාලයේ අධිපති ධුරය බාර ගෙන එය අධ්‍යාපනය හා විනය අතින් ඉහළ මට්ටමකට ගෙන ආවේය. පසුව කෝට්ටේගොඩ විදුහල්පති තම පුතුන් දෙදෙනා ඉවත් කර රාහුල විද්‍යාලයට ඇතුළත් කළේය. වර්ෂ 1945 දී ගුණපාල වික්‍රමරත්න සරසවි වරම් ලැබීය. රාහුල විදුහලින් ඉදිරිපත්ව ප්‍රථම වරට උපාධිය සමත් වු සිසුන් තිදෙනාගෙන් එක් අයකු වීමේ භාග්‍ය ඔහු උදාකර ගත්තේය.
තෙවසරක සරසවි උපාධි පාඨමාලාව හදාරා වර්ෂ 1952 සිට 1961 දක්වා වසර නවයක් රාහුල විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කළේය. ඉගැන්වීමේ යෙදෙන අතරතුර එක් වසරකින් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හා දෙවසරකින් අධ්‍යාපන ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්තේය. වර්ෂ 1956 දී ඩී.ජේ.කුමාරගේ මහතා විශ්‍රාම යාමත් සමඟ ඔහු උප විදුහල්පති ධුරයට පත්විය. වේලාවට පාසලට පැමිණිම, සිසු විනය ක්‍රමවත් කිරිම හා පාසල් පරිපාලනය ක්‍රමවත් කිරිම ඔහුට බාරවිය.
වර්ෂ 1961 දී විදුහල්පතිවරයකු වශයෙන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට පත්වීම දෙන ලදි. ඔහු අවශ්‍යව තිබුණේ පරිපාලන කටයුතු වලට සහය වීමටත් වඩා අභියෝගනයට මුහුණ දීමයි. ගැටලු වලට මුහුණ දිමයි. එය ආනන්ද ශාස්ත්‍රාලයේ දී සාර්ථිකව ඉටු කළේය. වර්ෂ 1964 සිට 1969 දක්වා නාලන්දා විදුහලේ විදුහල්පතිවරයකු වශයෙන් ද කටයුතු කළේය. ඔහු ගාල්ලේ අධ්‍යාපන අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් ලෙසත් විභාග කොමසාරිස් ජනරාල් ලෙසත් සේවය කළේය. ඒ සෑම තැනකදීම විනය රැකිම ප්‍රමුඛ කාරියක් විය.
වර්ෂ 1991 දි ගුණපාල වික්‍රමරත්නයන් විශ්‍රාම ගැනීමෙන් පසුව ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වසර පහක කාලයක් ද අධ්‍යාපන සේවා කොමිසන් සභාවේ සභාපති ලෙස අවුරුදු තුනක කාලයක් සේවය කරමින් සිය දැනුම, බුද්ධිය හා පරිපාලන ශක්තිය රටේ දියුණුවට මෙහෙයවීය.
ගුණපාල වික්‍රමරත්න මහතාගේ බිරිඳ වීනිතා වික්‍රමරත්න මහත්මිය කොළඹ විශාකා විද්‍යාලයේ ආචාර්යවරියක වශයෙන් සේවය කොට විශ්‍රාම ලැබ දැන් විවේක සුවයෙන් සිටින්නීය. වික්‍රමරත්න යුවළට දරුවෝ පස් දෙනෙකි. ඔවුහු සියල්ලෝම විවිධ කේෂ්ත්‍රයන් එස්සේ රටට ජාතියට මහඟු සේවාවක් ඉටු කරති.
ඔහු සමාජයේ කලාතුරකින් මුණගැසෙන්නෙකි. සෘජුය. ප්‍රතිපත්තිගරුකය. අයුත්තියට කිසි සේත් හිස නොනමයි. දැනුමෙන් හා අත්දැකීමෙන් මනාව පෝෂිතය. ආගමට හා ජාතියට මිණි පහනක් බඳුය. ගෙවී ගිය හැත්තෑපස් වසරේ රට ජාතියට හා ආගමට අද්වීතිය මෙහෙවරක් ඉටු කළ දැනුදු ඉටු කරන අප සැමගේ කළ්‍යාණ මිත්‍ර ගුණපාල වික්‍රමරත්න මහතාට නිරෝගි සුවය පතමු.
නන්දසිරි මුතුකුමාරණ
විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය - ආදි ආචාර්ය
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාහුල පුත් ගුණපාල වික්‍රමරත්නට අනුවයි
ගුණපාල වික්‍රමරත්න Tuesday, 17 May 2016 04:30 AM
සරත් දොස්තර එඩ්වර්ඩ් ඔබලාගේ සුභපැතුම් මට තව සවියකි. ඉඩ ඇති විටක හමුවෙමු. (ම)
දොන් සරත් නන්දසිරි මලවීර Monday, 09 May 2016 06:10 PM
මගේ සුබ පැතුම්! (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 10 May 2016 09:24 PM
මගේ පාසැල් දිවියේදී මට හමුවූ හොඳම විදුහල්පතිවරයා ගුණපාල වික්‍රමරත්න මහතායි. එතමා උත්සාහ කළේ අපට අකුරු කියාදෙන්න පමණක් නොවේ. රටට වැඩදායක යහපත් මිනිසෙකු වන්නේ කෙසේද කියා කියාදීමටත්ය. එතුමා නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්වී යනවිට මමද විශ්ව විද්‍යාලයට ඇතුළුව මාගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියෙමි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශීය වශයෙන් මෙන්ම විදේශයන්හිදීත් මා ලැබූ ජයග්‍රහණ පිටුපස එතුමාද සෙවණැල්ලක් මෙන් මාහට ආශීර්වාදයක් වූ බව සඳහන් කරන්නේ ගෞරවපුර්වක සිතුවිල්ලකිනුයි. එතුමාට නීරෝගීමත් දීඝායු සහිත ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. (නි)