ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු මැදිරිගිරිය මූලික රෝහලට දෙන්නැයි ඉල්ලමින් ගැබිනි මවුවරුන් මැදිරිගිරිය කළගෙඩිපාලම මත පාර අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
ලෝකයේ උතුම්ම පදවිය මවු පදවිය යැයි විවාදයකින් තොරව පිළිගන්නා ලෝකයෙන්ම උතුම්ම රට ශ්‍රී ලංකාවය. ලෝකයේ උතුම්ම රටේ අම්මලාට ලෝකයේ උතුම්ම පදවිය වන මවු පදවිය ලැබීමට වඩාත් පහසුකම් සපිරි පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහා මහ පාරට බැසීමට සිදු වී තිබේ. මෙය වූ කලී බොහෝ වගාඩම්බරයන්ගෙන් ආවරණය කරනු ලැබූ රටක ඇත්ත ඇතුළාන්තය ප්‍රදර්ශනය කිරීමකි.
රටක ඉතා සක්‍රීයව හා ප්‍රබෝධමත්ව තිබිය යුතු ක්ෂේත්‍ර අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියෙන්ම වෙයි. විශ්‍වාසයකින් යුතුව ජීවිතයට මුහුණදීමට පුරවැසියාට දිරිය බලය ලැබෙන්නේ නිරෝගීමත් සෞඛ්‍ය සේවයක් පවතින්නේ නම් පමණි. එහෙත් වාර්තාවන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා මැදිරිගිරියේ ගැබිනි අම්මලාට මාර්ග අහුරා අරගල කිරීමට සිදුවී තිබෙන බවය.
අප පුවත්පත වාර්තා කළ තවත් පුවතකින් කියැවුණේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය සඳහා ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරුන් නොමැතිවීමෙන් එම එක්කයේ කටයුතු කරගෙන යාමේදී ගැටලු රැසක් පැන නඟින බවය. දක්ෂිණ ලංකාවේ අගනගරය ලෙස හැඳින්වෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තත්ත්වය එපරිදි වන විට එම පළාතේ පිහිටි අනෙකුත් රෝහල්වල තත්ත්වය පිළිබඳව චිත්‍රයක් මවා ගැනීම අසීරු නැත.
ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයට වෛද්‍යවරුන් 12 දෙනකුගේ සේවය අවශ්‍ය වූවද දැනට එහි සේවය කරනු ලබන්නේ වෛද්‍යවරුන් දෙදෙනකු පමණක් බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
ශල්‍යාගාරයක් නොමැති රෝහල් කීයක් මේ රටේ තිබේද? ගිලන් රියක් නොමැති රෝහල් කීයක් මේ රටේ වේද? එම හේතුව නිසා අකාලයේ මරු වසඟයට පත් පුරවැසියන්ගේ සංඛ්‍යාව කොපමණද? ඉහත තත්ත්වය සමඟ ගළපන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර එ්කකයට ප්‍රමාණවත් තරමේ වෛද්‍යවරුන් නොමැතිවීමේ පුවත විශේෂත්වයක් ගෙන නොදෙන්නක් විය හැකිය. එහෙත් එසේ යැයි සිතා මෙම තත්ත්වය පහසුවෙන් අමතක කළ යුතු ද නැත.
ඉකුත් සමයේ මෙරට රෝහල් පද්ධතියේ භෞතික සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වූ බවක් පෙනේ. එය ඉතා යහපත් තත්ත්වයකි. ඒහා සමාන්තර බරින් මානව සම්පත සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය. මැදිරිගිරිය ගැබිනි අම්මලා මහ පාරට බැස ඉල්ලා සිටින්නේ මැදිරිගිරිය මූලික රෝහලට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ලබා දෙන ලෙසය. එම රෝහලේ සේවයට පැමිණෙන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් මාසයක් පමණ සේවය කර නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන වෙනත් රෝහල්වලට මාරු වී යන බව ගැබිනි අම්මාවරුන් පවසන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
මේ මොහොත වනවිට මැදිරිගිරිය ප්‍රදේශයේ ගැබිනි මවුවරුන් 400ක් පමණ සිටින බව වාර්තා කරන අප පුවත්පත එම අම්මාවරුන්ට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය ලබා ගැනීමට කිලෝමීටර් 35ක් පමණ දුරකතර ගෙවාගෙන පොළොන්නරුව මහ රෝහලට යාමට සිදුව ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රසව වේදනාවටත් වඩා වැඩි වේදනාවක් ඉහත පරිසරය තුළ ඒ ගැබිනි අම්මලාට දැනෙනු ඇතැයි යන්න මුසාවක් නොවේ. එක් අතකින් ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කිලෝමීටර 35ක් පමණ දුරක් ගමන් කිරීමට සිදුවීම ඒ අම්මාවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට හිතකර නොවේ. අනික් අතට දිළිඳු මවකට ඒ වෙනුවෙන් වැය කිරීමට මහ ධන නිධානයක් ද නැත. එමෙන්ම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම තුළ ඒ අම්මාවරුන්ට තමන්ගේ ජීවිත සම්බන්ධයෙන් අවදානමක් ද දැනෙනු ඇත.
රෝහල් දෙකක තත්ත්වයෙන් රටේ සමස්ත රෝහල් පද්ධතියේම තත්ත්වය මේ යැයි දැක්වීම සාධාරණ නොවූවද සෑම රෝහලකම රෝගීන්ට බලපාන කුමන හෝ අඩුපාඩුවක් තිබෙන බව සත්‍යයකි. එහෙයින් සමස්ත සෞඛ්‍ය සේවයම එක මිටට ගෙන අඩුපාඩු සම්පූර්ණ කරන දියුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.
අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා
මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්
කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද
මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රෝහල් 2 කින් ඇසෙන අඳෝනා ගැන බලන්නේ නැද්ද