2025 ලැබූ නව වසර මෙරට ජනතාව ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික ආදි විවිධ ක්ෂේත්‍රවල කිසියම් සාධනීය වෙනසක් අපේක්ෂාවෙන් පසුවන වසරකි. විශේෂයෙන්ම ආර්ථික දේශපාලන වශයෙන් මෙම නව වසරෙහි අප ඉදිරියේ තිබෙන අභියෝග සහ ඒවාට මුහුණ දිය යුත්තේ කෙසේ ද යන කාරණය කෙරෙහි අප කාගේත් අවධානය යොමු විය යුතුව ඇත.
2022 ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර කිහිපයක් තිස්සේ මේ දක්වා මෙරට ජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වූ බව අපි දනිමු. දිගු කාලයක් පුරා පැවැති ආර්ථික ගැටලු මූලික කරගෙන විදේශ විනිමයේ හිඟතාව උග්‍ර වීම නිසා ක්‍රමිකව මේ ගැටලුව වර්ධනය වූ බව පැහැදිලිය.
කෙසේ වෙතත්, ආර්ථිකය ස්ථායිකරණය කිරීමට ගත් උත්සාහය මේ වන විට සාර්ථක වී ඇති බව පෙනේ. උද්ධමනය පහළ මට්ටමකට රැගෙනවිත් 2023 මහ බැංකු පනත මගින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේ තත්වයට පත් කරගැනීමටත්, විනිමය අනුපාතිකය රුපියල ස්ථායිකරණය කරගැනීමටත්, සංචිත ඩොලර් බිලියන 6ට වඩා වැඩි කරගැනීමටත්, බැංකු කර්මාන්තය කිසියම් ස්ථායි තත්වයක තබා ගැනීමටත්, මේ වන විට හැකියාව ලැබී තිබේ. ඊටත් අමතරව පසුගිය මාස දෙක තුනේදී ස්වයිරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම අවසන් කිරීමට ද හැකියාව ලැබුණි. ද්විපාර්ශ්වික ණය ගිවිසුම් චීනය හා ඉන්දියාව සමග ඇති කරගැනීමට ද පසුගිය කෙටි කාලයේ සමත් විය. ඒ අනුව පැවැති ආර්ථික අර්බුදයත්, එයින් මතු වූ ප්‍රශ්නත් මේ වන විට මූලික වශයෙන් විසඳා ගැනීමට හැකියාව ලැබී ඇති වග පැහැදිලිය.
සමස්තයක් වශයෙන් ගත් කල ආර්ථික වර්ධන වැඩපිළිවෙළ යළි ක්‍රමවත් වී ඇති බවක් නිරීක්ෂණය කළ හැකිය. ස්ථායිකරණයත් ජනතාවට සහන සැලසීමත් යන කාරණයේදී යම් සාධනීය බවක් මේ වන විට දකින්නට පුළුවන.
එහෙත්, මේ නව වසරේ අප ඉදිරියේ තිබෙන ප්‍රධාන ගැටලුව නම් ආර්ථික සංවර්ධනය තවමත් නිසි ලෙස ක්‍රියාත්මක වන්නට අවශ්‍ය පසුබිම සකස් නොවීමය. ස්ථායිකරණය හෝ ජනතා සහන යහපත් වූ පමණින් එය ක්‍රියාත්මක නොවේ. ඒ අනුව නව ප්‍රධාන අභියෝගය ආර්ථික සංවර්ධන සංග්‍රාමයට සාර්ථක ලෙස මුහුණ දීමය. එම අභියෝගයට මුහුණ දෙන්නේ කුමන පදනමක් යටතේ ද, කවර ක්‍රියාමාර්ග යටතේ ද යන්න තෝරා බේරා සැලසුම් කරගැනීම වඩාත් වැදගත්ය. ආර්ථික වර්ධන වේගය සියයට 7-8 මට්ටමකට ගෙන ආ යුතු වේ. ඒ සඳහා දිළිඳුකම අවම කරගැනීම, විරැකියාව අඩු වීම ආදි මූලික ප්‍රශ්නවලට පිළිතුරු ද සෙවිය යුතුය. මේ කාරණය සැලකිල්ලට ගනිමින් රටක් හැටියටත් ආණ්ඩුවක් හැටියටත් මේ වසරේ පිළිතුරු සෙවිය යුතු ප්‍රධාන අභියෝග දහයක් පෙන්වා දීමට මම කැමැත්තෙමි.
ඉන් පළමු වැනි කාරණය නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවුරුදු හතරක ගිවිසුමකට අප යටත් කර ඇත. එම ගිවිසුම තුළ ප්‍රධාන ඉලක්ක කිහිපයක් තිබේ. එම ඉලක්ක ළඟා කරගැනීම සඳහා යා යුතු මාර්ග පෙන්වා දී තිබේ. එපමණක් නොව රාජ්‍ය ආදායම් හා වියදම් පිළිබඳ යම් යම් එකඟතා, රාජ්‍ය වියදම් පිළිබඳ එකඟතා, දූෂණය පිටුදැකීම පිළිබඳ එකඟතා ද ඒ අතර වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා ගිවිසුමට අදාළ පරිසරය තුළ ප්‍රතිපත්ති ස්වාධීනතාව කෙතරම් දුරට පවත්වාගෙන තිබේ ද, එම ගිවිසුමෙන් බැහැරව රටේ සංවර්ධනය සඳහා කොතෙක් දුරට තීරණ ගත හැකි දැයි සලකා බැලීම මෙහිදී වැදගත් කරුණකි. මෙම වසරේදී මාලිමා ආණ්ඩුවට මුහුණ දීමට ඇති ප්‍රධානම අභියෝගයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
මෙම ගිවිසුමේ සිටියදීම සුබසාධන අංශය ද පවත්වාගෙන යමින් දියුණු ආර්ථිකයකට ගමන් කරන්නේ කෙසේ ද යන කාරණය කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ඇත. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්තියට සම්බන්ධ කර ඇති නව ලිබරල් වෙළෙඳපොළ ආර්ථිකය වෙනුවට මැද මාවතේ ආර්ථිකයකට ගමන් කිරීම යහපත් වේ. ඒ යනු කාර්යක්ෂම තරගකාරි වෙළෙඳපොළක් සහ පෞද්ගලික අංශයක් තිබෙනවා වගේම ආණ්ඩුවට ආර්ථිකයේ නිෂ්පාදනයට, බෙදාහැරීමට නියාමනයට, පහසුකම් සැපැයීමට සම්බන්ධ විය හැකි ඉතාම දැඩි කාර්යභාරයක් අවශ්‍යව ඇත. එසේම, බදු සම්බන්ධයෙන් දැනට තිබෙන ප්‍රතිපත්ති ඉදිරියේදී සංශෝධනය කිරීමේ අවශ්‍යතාව තිබේ. එසේ නොකර ජනතාවට සහන සැලසීම දුෂ්කර වේ. එහෙත්, ඒ බදු ඉවත් කළ පසු රජයේ බදු ආදායම පියවා ගැනීම අසීරු වනු ඇත. එම ගැටලුව නැවත අයි.එම්.එෆ්. ගිවිසුමේ අඩංගු කොන්දේසි සමග එකඟ නොවනු ඇත. එම නිසා දැනට පවත්නා බදු දැල පුළුල් කරගන්නා ගමන් එකතු කරගත යුතුව තිබෙන ආදායම කෙරෙහි අවධානය යොමු කිරීමත්, බදු පැහැර හැරීම, බදු වංචා, බදු දූෂණ නවත්වා ගැනීම සඳහා අවශ්‍ය පරිපාලනය දියුණු කරගැනීමත් අවශ්‍ය වේ. එවිට අයි.එම්.එෆ්. ගිවිසුමට ද එකඟ වෙමින් ආර්ථික ඉලක්ක ද සපුරා ගැනීමට අවශ්‍ය මූලික පරිසරය ගොඩනැගෙනු ඇත.
දෙවැනි කාරණය නම්, ජීවන වියදම් ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කිරීමයි. අද අප කවුරු කුමක් කීවත් ලංකාවේ භාණ්ඩ හා සේවාවල මිල තවමත් දරාගැනීමේ අපහසු මට්ටමක ඇති බව පොදු ජනතා මතයයි. 2021-2024 වන විට උද්ධමනයේ ඉහළ අගයත් භාණ්ඩ හා සේවාවල මිල වැඩි වීමත් මේ ජනතා මතයට හේතුවයි. මෙය සාමාන්‍ය මට්ටමකට අඩු වීමට නම් සාමාන්‍ය මිල මට්ටම්වල අවධමන තත්වයක් නිර්මාණය විය යුතුය. ආණ්ඩුව පැත්තෙන් රාජ්‍ය වියදම් හා මුදල් අච්චු ගැසීම සීමා කිරීම අවශ්‍ය වේ. ඉල්ලුම පැත්තෙන් උද්ධමනයට ඇති වන බාධා මේ වන විට ඉවත් කරගැනීමට සමත්ව තිබේ. දැන් අවශ්‍ය වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය බලගන්වා සැපයුම හා ආදායම් වැඩි කරගෙන එයින් භාණ්ඩ හා සේවාවල මිල අඩු කරගැනීමට උත්සාහ දැරීමය. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍යවලට පනවා ඇති බදු ඉවත් කිරීම කෙරෙහි මේ වසරේ මූලික අවධානය යොමු කළ යුතුව ඇත. එසේ නොකර භාණ්ඩ හා සේවාවල මිල අඩු කරගැනීම දුෂ්කර වනු ඇත. මෙම අභියෝගය නව රජයට දිනාගත හැකි වනු ඇති බව අපගේ අදහසයි.
ආණ්ඩුව මේ වසරේදී වඩාත් අවධානයට ගත යුතු තවත් කරුණක් වේ. සංවර්ධන සංග්‍රාමයක් ආරම්භ කරන විට සමස්ත රාජ්‍ය සේවය සම්බන්ධයෙන් විවිධ අන්දමේ චෝදනා නැගෙමින් තිබේ. දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව පිළිබඳ චෝදනා එයින් වඩාත් මූලික වේ. මේ අනුව බැලීමේදී මෙරට සමස්ත රාජ්‍ය සේවය අනිවාර්යයෙන් ප්‍රතිසංස්කරණය කළ යුතුම වේ. එහෙත්, මෙය කළ යුත්තේ රාජ්‍ය සේවකයන් ගෙදර යැවීමකින් තොරවය. රාජ්‍ය සේවයේ ඌන ඵලදායිතාවත්, අකාර්යක්ෂමතාවත්, නාස්තියත්, දූෂණයත් පිටුදැකීමට අවශ්‍ය විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීමට ආණ්ඩුව මේ වසරේ ප්‍රමුඛතාව දිය යුතුය. එහෙත්, මෙය බරපතළ අභියෝගයක් වන්නේ රාජ්‍ය සේවය විධිමත් ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම සිතන තරම් සරල ක්‍රියාදාමයක් නොවන හෙයිනි. ඒ ප්‍රතිසංස්කරණයේදී නිලධාරිවාදය, නිලධාරි යාන්ත්‍රණය, ආකල්ප ආදිය වෙනස් කිරීමට බොහෝ වෙහෙස ගන්නට සිදුවනු ඇත.
මේ වසරේ ප්‍රමුඛතාව දිය යුතු සිවු වැනි කාරණය ලෙස මා දකින්නේ, ආයෝජන අරමුදල් සොයාගන්නේ කෙසේ ද යන කාරණයයි. ලංකාවේ දේශීය ඉතිරිකිරීම් ප්‍රමාණය අවශ්‍ය ආයෝජන මට්ටමට ළඟා නොවේ. ඒ නිසා මේ සඳහා විකල්ප දෙකක් අපට යොදාගත හැකිය. එකක් නම්, වර්තමාන පරිභෝජනයට බලපෑම් කිරීමෙන් ජාතික ඉතිරිකිරීම් වැඩි කරගැනීමය. එයින් ආයෝජන අරමුදල් වැඩි කරගැනීමය. නැත්නම් විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමය. මගේ අදහසේ හැටියට නම් මේ දෙකින් වඩාත් පහසු වන්නේ විදේශ ආයෝජන ප්‍රවර්ධනයයි. දේශීය ඉතිරිකිරීම් වැඩි කරගැනීම දිගු කාලීන විකල්පයක් සේ පෙන්වා දිය හැකිය. ආණ්ඩුව මේ වන විට ආර්ථික කලාප පහක් යෝජනා කරයි. හඳුනාගත් ක්ෂේත්‍රවලට විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට ආණ්ඩුවට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවනු ඇත. ආයෝජනය ප්‍රවර්ධනය කරගත නොහැකි වුවහොත් ආර්ථික වර්ධනය ද අඩාළ වනවා පමණක් නොව අපනයන ප්‍රවර්ධනයට ද බාධා පැමිණෙනු ඇත.
තවත් වැදගත් කාරණයක් කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය. ඵලදායිතා ගැටලුව විසඳාගත යුතුව තිබෙන්නේ නවෝත්පාදන ක්‍රියාවලිය හරහාය. රාජ්‍ය සේවයේත්, පෞද්ගලික අංශයේත් පර් යේෂණ සහ සංවර්ධන ක්‍රියාදාමයන් මගින් නව නිපැයුම් සඳහා වන ක්‍රම සහ විධි හඳුන්වා දීමට හා බෙදාහැරීමට පසුබිම සැකසීමේ වගකීම ආණ්ඩුව සතුව ඇත. දැනට මේ සඳහා ආණ්ඩුවේ අවධානය යොමු වී තිබීම සතුටට කරුණකි. මේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විශේෂ අවධානයක් ලබා දීම ඉතාම වැදගත් බව කිව යුතුය. අඩු ඵලදායිතාවත් අකාර්යක්ෂමතාවත් පිළිබඳ ගැටලුව විසඳාගත හැකි වන්නේම නවෝත්පාදන තුළිනි.
රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ කාරණය අපගේ අවධානයට යොමු වන හය වැනි කරුණ ලෙස දැක්විය හැකිය. එය ද රට ඉදිරියේ ඇති අභියෝගයකි. රාජ්‍ය ව්‍යවසායයන් පාඩු ලැබීමට ඒවායේ වැඩ සංස්කෘතිය, පරිපාලන සහ මෙහෙයුම් ක්‍රියාවලිය ආදිය බලපා තිබේ. ආණ්ඩුව මුහුණ දෙන අභියෝගය නම්, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය නොකර රාජ්‍ය ව්‍යවසායයන් ලෙසම තබාගෙන පාඩු නොලබන තත්වයට ගෙන ඒමේ අභියෝගය ආණ්ඩුව ඉදිරියේ තිබේ. එයින් ජනතාවට වඩා හොඳ සේවාවක් ලබා දීමට අවශ්‍ය පරිසරය නිර්මාණය විය යුතුය. එසේ කිරීමට නම් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට යා යුතුව ඇත. රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලිකකරණය කොට මේ ප්‍රශ්නය විසඳීමට මීට පෙර ආණ්ඩු උත්සාහ ගත් බවක් පෙනුණි. එහෙත් පෞද්ගලිකකරණය පමණක් මේ සඳහා විකල්පයක් ලෙස ගත නොහැකිය.
අපගේ අවධානයට යොමු වන හත් වැනි කාරණය නම්, ආණ්ඩුවේ කාර්යභාරය කෙසේ විය යුතු ද යන්නයි. ආණ්ඩුවේ කාර්යභාරය ආර්ථිකයට පහසුකම් සැපැයීම සහ නියාමනය සඳහා සීමා වන බව ඇතැම්හු අර්ථ දක්වති. එහෙත්, මේ කාරණා නව ලිබරල්වාදය මත පදනම් වූ ඒවාය. මගේ අදහස නම්, දැන් තිබෙන තත්වයට අනුව මෙම කරුණු දෙකට පමණක් සීමා වී කටයුතු කිරීම ප්‍රමාණවත් නොවන බවයි. නිෂ්පාදන ක්‍රියාවලියට සහ බෙදාහැරීමේ ක්‍රියාවලියට ද ඍජුව දායක වීමට ආණ්ඩුවට සිදුවනු ඇත. වෙළෙඳපොළෙහි කොටසක් අත්පත් කරගැනීමට මේ අනුව ආණ්ඩුවට සිදුවනු ඇත. එසේ නැතහොත් ඒවා පෞද්ගලික ඒකාධිකාරයකට යටත් වනු ඇත.
අපගේ අවධානයට යොමු වන අට වැනි කාරණය නම්, රැකියා පිළිබඳ අභියෝගයයි. තරුණයන් රැකියා සඳහා රටින් පිටව යාමේ ප්‍රවණතාවත් මෙරට සිටින තරුණයන් විරැකියාවෙන් පෙළීමත් අද වන විට බරපතළ ගැටලුවක් බවට පත් වී ඇත. මේ ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ අර්බුදයකි. ඒ නිසා කර්මාන්ත සංවර්ධනය සඳහා කෘෂිකර්මාන්තයේ නවීකරණයටත් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග වඩාත් සක්‍රිය කළ යුතුව තිබේ.
වෙළෙඳපොළ ඒකාධිකාරය අප දැනට මුහුණ දෙමින් සිටින තවත් බරපතළ කාරණයකි. අද මතු වී තිබෙන සහල් අර්බුදයට ද මෙය බලපා තිබේ. කෘත්‍රිම අන්දමින් භාණ්ඩ හිඟයක් ඇති කිරීමත් මිල තීරණය කිරීමත් වෙළෙඳපොළ ඒකාධිකාරය අනුව සිදුවේ. එය පාලනයට ආණ්ඩුවේ ඍජු මැදිහත් වීම අවශ්‍යව ඇත. නියාමනය මගිනුත් පහසුකම් සැපයීම මගිනුත් මේවාට ආණ්ඩුව මැදිහත් විය යුතුය. වෙළෙඳපොළෙන් කොටසක් ආණ්ඩුව අත්පත් කරගැනීමෙන් මෙයට විසඳුමක් ලැබේ. අවසාන වශයෙන්, මේ සංවර්ධන සංග්‍රාමය ක්‍රියාත්මක කිරීමට නම්, ප්‍රතිපත්ති සම්පාදනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව නව රාජ්‍ය යාන්ත්‍රණයක් සැකසිය යුතුව ඇත.
(*** ගාමිණී කන්දේපොළ)
ජනවාරි 1 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තම ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් පැවැත් වූ කතාව මේ රටේ කී දෙනකු අසන්නට ඇත් ද?
මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්
සහල් හිඟය හා උතුරේ මහවිරු සැමරුම් උත්සවත් දකුණේ ඒ සම්බන්ධව වර්තාවූ තැන් පසුගිය සතියේ කරළිය මත දිස්වුණු කාරණාය. නව රජය මැතිවරණ පොරොන්දුවලින් පාලනයේ යථ
2025 ලැබූ නව වසර මෙරට ජනතාව ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික ආදි විවිධ ක්ෂේත්‍රවල කිසියම් සාධනීය වෙනසක් අපේක්ෂාවෙන් පසුවන වසරකි. විශේෂයෙන්ම ආර්ථික ද
“අපි ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. කුඹුරු කරනවා වගේම කජු, ඉරිඟු, කුරක්කන්, මුංඇට වගේ ධාන්‍යත්, කෙසෙල්, ගස්ලබු වගේ පලතුරු වර්ගත්, එළවළු වර්ගත්, බතල, මඤ
රටට සෞභාග්‍යයත්, මහජනතාවට සමෘද්ධියත් අත්වන සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි. ආර්ථික අර්බුදය රට මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව වී ඇති අවස්ථාවක උදා වන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
රාජ්‍ය සේවයේ නවීකරණයක් අවශ්‍ය ඇයි?