IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලෝකාන්තයෙන් වැටුණු විදේශිකයා බේරාගත් ”සිංහ පැටව්’’

28_SLTK_P_22

 

හෝර්ටන්තැන්න යනු ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි අපූරු ස්ථානයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පාත‍්‍රවී ඇති මෙම ස්ථානය කා අතරත් ප‍්‍රසිද්ධියක් උසුලන්නේ කලක සිට ය. මෙම සුන්දර ස්ථානයේ කෙළවරක පිහිටි ලෝකාන්තය නමැති ස්ථානය සුන්දරත්වය සේම අමිහිරි අත්දැකීම් රාශියක් එදා සිට මේ දක්වා ඉතිහාසයට එක් කර ඇත. මෙයින් වැටී හා දිවි අහිමි කර ගත් පිරිස් ද බොහෝමයක් සිටී. එයින් පෙම් සම්බන්ධතාවයන් නිසා දිවි අහිමි කර ගත් අයද වෙති. නමුත් ඡායාරූප ගැනීමට ගොස් ලෝකාන්තයෙන් වැටී ප‍්‍රථම වතාවට දිවි බේරා ගැනීමේ පුවතක් පසුගිය 21 වැනි දින වාර්තා විය. ඔහු ලාංකිකයෙකු නොව විදේශිකයෙකි.

   

 


‘‘අපි ලංකාවට ආවේ මධුසමය ගත කරන්න. ලංකාවට අපි කැමැතියි. ලංකාව ලස්සනයි. නමුත් ලංකාවට ඇවිත් සිද්ධ වෙච්ච මේ සිදුවීම සුවිශේෂි දෙයක්. ඒක ජීවිතයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම වැටුණු මොහොත ගැන සිහි කරනකොට ඒක හරි වේදනාකාරි බය හිතෙන ජීවිතය ගැන විශ්වාසයක් අනාගතයේ ජීවත් වෙනවාදෝ කියලා හිතන්නට බැරි මොහොතක්. ඡුායාරූප ගන්න ගියාට පස්සේ පස්සට වැටුණු මම රවුම් දෙකක් කැරකිලා ගිහිල්ලා පඳුරක් තියන තැනකට වැටුණා. මම පැය තුනක් විතර ඒ පඳුරේ එල්ලිලා හිටියා. ඒ වේලාවේ මට ගොඩාක් දේවල් සිහිවුණා. මාගේ ආදරණීය බිරිඳ ලින්ඩා සිහිවුණා. මට කියන්න වචන නැහැ ඒ අමිහිරි අත්දැකීම’’ යැයි පවසන්නේ මෙම බිහිසුණු අවස්ථාවට මුහුණ දුන් නෙදර්ලන්ත ජාතික මාර්ටින් ලින්ඩා (35* මහතාය.


මුහුදු මට්ටමේ සිට අඩි 6900 ත් 7500 ත් අතර උසකින් පිහිටි හෝර්ටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතයි. මෙම සුන්දර ස්ථානය ලෝක උරුමයක් බවට පත් වූයේ 2010 වසරේය. හෝටන්තැන්න කෙළවරක ලෝකාන්තය පිහිටා ඇත. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000 කි. බොහෝ විට මෙහි සීත දේශගුණයක් වසරේ වැඩි කාලයක් පවතී. බෙලිහුල් ඔය, උමාඔය, බගවන්තලා ඔය මෙම ස්ථානයෙන් ආරම්භවී ගලා බසී. නුවරඑළියේ සිට කිලෝමීටර් 32 දුරකින් හෝර්ටන්තැන්න පිහිටා තිබේ. මෙම ස්ථානය නැරඹීමට නම් අඹේවල පට්ටිපොල දුම්රිය ස්ථානය පසු කර හෝටන්තැන්න බැලීමට පිවිසිය හැකිය. ඔහිය හරහාද ලෝකාන්තය දක්වා පිවිසීමට හැකියාව පවතී. හෝටන්තැන්න පිවිසුම් දොරටුව කරා වාහනයෙන් ගමන් කළ හැකි නමුත් එතැන් සිට ප‍්‍රවේශ පත‍්‍ර රැුගෙන  යායුතු වන්නේ පා ගමනින්ය. කිලෝමීටර් තුනක පමණ දුරක් පා ගමනින් මෙහි ඇති දියඇළි ස්වභාවික වටපිටාව නරඹමින් ගමන් කළ යුතුව පවතී. එම දුර ගෙවා යාමෙන් පසු හමුවෙන මීටර් 870 ක ප‍්‍රපාතය ලෝකාන්තය ලෙස හඳුන්වයි. එහි සිට බේකර්ස් ඇල්ල පැත්තට මඳක් ගිය පසු  අඩි 886 ක් වන පුංචි ලෝකාන්තය හමු වේ.  එවන් ස්වභාවික පරිසරයට ලොල් බඳින පරිසර ගවේෂකයන් වාගේම දෙස් විදෙස් සංචාරකයන් බොහෝදෙනා මෙම ස්ථානය නැරඹීමට නිතරම පැමිණෙති.

djfgkf

 


ලංකාවේ සිරි නැරඹීමට මෙම නෙදර්ලන්ත යුවළ පැමිණියේ පෙබරවාරි 10 වැනි දින නෙදර්ලන්තයේදී විවාහ වීමෙන් පසුවයි. මාර්ටින් ලින්ඩා (35) හා කාන්තාව වන ලින්ඩා ලොරෙන්ස් කෙරේ යන දෙදෙනා  මධුසමය ගත කිරීමේ අරමුණින් පෙම්වතුන්ගේ දිනය සැමරූ පසුගිය 14 වැනිදා කටුනායක ගුවන් තොටුපොළින් ලංකාවට පැමිණියහ. ලංකාවට පැමිණි මොවුන්ගේ මග පෙන්වීම සඳහා ඉදිරිපත් වන්නේ පේරාදෙණියේ සනත් හෙට්ටිගේ යන අයයි. පසුව යුවළ අදාළ මග පෙන්වන්නාත් සමග හෝටන්තැන්න හා ලෝකාන්තය නැරඹීමට ගොස් ඇත්තේ මෙම සුන්දර ප‍්‍රදේශයේ තිබෙන වටිනාකම හා දැක බලා ගැනීමට නෙදර්ලන්තයේ සිටින කාලයේ සිට තිබූ ආශාව නිසා බව කියයි. නුවරඑළියේ සිට ලෝකාන්තයට පිවිසුම තෙක් වාහනයෙන් ගමන් කර පසුව තම මගපෙන්වන්නා පිවිසුම අසළ සිටුවා යුවළ තනිවම හෝටන්තැන්න නැරඹීමට ගොස් ඇති බව මෙම සිද්ධිය පිළිබඳ කරුණු සොයා ගිය අපට නානුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප‍්‍රියන්ත අමරසිංහ මහතා ද පවසා සිටියා.  


අප මීළගට මෙම පුද්ගලයාගේ දිවි රැුක ගන්නට මුලින්ම තම කටයුතු මෙහෙයවූ සිද්ධිය වූ අවස්ථාවේ විදෙස් සංචාරකයන් පිරිසකට මගපෙන්වන්නට ලෝකාන්තයේ එම මොහොතේ සිටි සංචාරක මගපෙන්වන්නකු ලෙස කටයුතු කරනු ලබන ඒකනායක රඹුක්වැල්ල මහතා සමග සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා. එතුමන් විසින් සිද්ධිය සියැසින් දැක පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට දුරකථන ඇමතුමක් රැුගෙන සිදු වු අනතුර පිළිබඳව මුලින්ම දන්වා තිබෙනවා.


‘‘මහත්තයෝ මේ සිදුවීම වෙන කොට උදේ 8.45 ට විතර ඇති. මට නම් මහ පුදුම සහගත සිදුවීමක්. ජීවිතයේ මෙවැනි දේවල් කවදාවත් දැකලා නැහැ. අවුරුදු ගාණක් මෙහි ආවත් කවදාවත් මේකෙන් වැටුණු කෙනෙක් බේරුණා කියලත් මම අහලාත් නැහැ. කොහොම නමුත් මුලින්ම කියන්න  ඕනෑ සිදුවීමෙන් දිවි බේරාගත් මොහු වාසනාවන්ත මනුෂ්‍යයෙක් කියන එක. මම එහෙම කියන්නේ එයාගේ පෙර පිනකට තමයි මෙහෙම බේරුණේ. මේ දිවි බෙරීම හරහා ලොකු කීර්තියක් රටට ලැබුණා. සමහර විටක මේ සමග පැමිණි මග පෙන්වන්නා අදාළ යුවල පිටත් කර තමන් හෝටන්තැන්න පිවිසුම ළඟ රැුඳී සිටීමත් වරදක්. එයා නම් කියන්නේ යුවල තනිව යාමට එකඟවී ඔහුට රැඳී සිටින ලෙස පැවසූ බවයි. නමුත් මේ යුවල මධුසමය නොව ඔවුන් යන ගමනේ වගකීම වැඩි වශයෙන් තියෙන්නේ අදාළ සංචාරක ආයතනයට හා එහි මග පෙන්වන්නාට. නමුත් ඒ වගකීම ඔවුන් ඉටු කර තිබෙනවාද කියන ගැටලූවත් මෙතන තියනවා. මොහු මේ අනතුරෙන් මිය ගියා නම් ඒ වගකීම එම ආයතනයට බාරගන්න වෙනවා. සමහර විට එම සංචාරක ආයතනය වන්දි ගෙවලා වහලා දාන්න සිද්ධ වෙන්න ඉඩ තිබුණා. උදේ මේ සිද්ධිය වෙනකොට මමත් විදේශීය සංචාරකයන් සමග මේ ස්ථානයේ හිටියා. ගොඩාක් විදේශීය සංචාරකයන් මේ ලෝකාන්තයේ අයිනට ගිහින් ඡුායාරූප ගන්නවා දැකලා මම කීවා අයිනට ගිහින් පොටෝ ගහන්න එපා පොඞ්ඩක් හරි ලෙස්සලා ගියොත් ඉවරයි කියලා. නමුත් මම කියන දේවල් අහන්න සමහර විදේශීය අය කැමැති වුණේ නැහැ. ඒක හැටි. ඒ නිසා මමත් මා එක්කරගෙන ගිය අයත් එක්කම අපේ අයට සියල්ල කියා දෙමින් කටයුතු කරන අතරවාරයේ දැක්කා මෙන්න මේ අනතුරට මුහුණ පෑ නෙදර්ලන්ත යුවළත් ඇවිත් ඡුායාරූප අරන් ඒවා බලලා විනෝද වෙන හැටි.


ඊට පස්සේ නෙදර්ලන්ත යුවළෙ ඒ මහත්තයාගේ ඡායාරූපය නෝනා ගත්තාට පස්සේ මහත්තයා කැමරාව අරන් ඡායාරූප කිහිපයක් ගහලා ඊට පස්සේ ටිකෙන් ටික පස්සට යනවාත් එක්කම තමයි එයාව වැටුණේ. ඊට පස්සේ තම සැමියා වැටුණා කියා ලින්ඩා කියන කාන්තාව කෑ ගැසුවා. මම ගිහින් එයාගේ හිත හැදුවා. මොකද එයාත් පනියි කියලා පුංචි බයක් මට තිබුණා. ඊට පස්සේ කොහොම හරි මේ සිද්ධිය වෙන කොට විදේශීය අය 20 ක් 25 ක් විතර හිටියා. පස්සේ තමයි ලංකාවෙ කිහිප දෙනෙක් එතෙන්ට ආවේ.

 

665


මම ඒ වේලාවේ කරගන්නම දෙයක් නැති තැන 119 හදිසි අංකයට කථා කරලා කීවා. ඒ වාගේම මම අඳුනන සංචාරක ආයතනවලට කීවා. මාගේ ආයතනයට පවා මම දැන්නුවා. එම විදේශීය කාන්තාවගෙනුත් බේරුමක් නැහැ විලාප දෙනවා. ඊට පස්සේ මම කීවා එම කාන්තාවට එයාගේ නම කියලා හයියෙන් කතා කරන්න කියලා. එයා විදේශීය ජාතික තම ස්වාමිපුරුෂයාගේ නම කියලා කථා කළා. දෙතුන් පාරක් කථා කරනකොට එයා කථා කරනවා අපිට ඇසුණා. ඊට පස්සේ එයා කීවා කරන දෙයක් ඉක්මනට කරන්න කියලා. මම ලින්ඩාට කීවා ඔයා කථා කරලා කියන්න අපි ඉක්මනට මහත්තයා බේරා ගන්න ලෑස්ති වෙනවා කියලා. ඒ සියල්ල එයා හයියෙන් වෙව්ලමින් ශෝකයෙන් තම ස්වාමියාට කීවා.


පස්සේ මම එතන හිටපු අය දැනුවත් කළා. අපේ ලංකාවේ සංචාරකයෝ කිහිපදෙනෙක් හිටියත් එයාලාත් කිසි දෙයක් කර ගන්න මට්ටමක හිටියේ නැහැ. අන්තිමේදි අපි දැනුම් දුන්න අය එතනට එනකම් මම යෝජනාවක් කළා අපේ ජැකට් සියල්ල ගලවලා මෙම පුද්ගලයා බේරාගන්න කඹයක් හදන්න. එතන හිටපු අය සියලූදෙනා එකඟ වුණා. ඒ අතරේ එතන හිටපු විදේශීය ජාතිකයෙකුට මම කීවා හෝටන්තැන්නේ ප‍්‍රධාන කාර්යාලයට මේ බව කියන්න කියලා. එයා එක පයින්ම කැමැති වෙලා කටයුතු කරන්න දුවගෙන ගියා. එයා ගිහින් කීවාට පස්සේ එතන හිටපු මල්ලීලා දෙන්නෙක් නයිලොන් ලණුවක් අරන් දුවගෙන ආවා. එයා එන්න කලින් මම හා අපි කට්ටිය එකතු වෙලා ජැකට් සීයක් විතර ගලවලා ඒවා එකින් එක ගැට ගැසුවා ඊට පස්සේ ලණුව වාගේ හදලා එයා ඉන්න පැත්තට විසික් කළා. ඒ වුනාට සුළංවල තිබුණු සැරට ඒ ජැකට් ලණුව වෙන පැත්තකට ගියා. කරගන්න දෙයක් නැති නිසා එකේ ගලක් කෙළවර ගැට ගසලා පල්ලෙහාට දැම්මා. ඊට පස්සේ එයාට කීවා එකේ කොහේ හරි පටලාගන්න කියලා. මේ සියල්ල කිරීමේදී මේ ස්ථානයේ හිටපු විදේශීය එක් පුද්ගලයෙක් බිම දිගා වෙලා එයාත් එක්ක කථා කරමින් වචන හුවමාරු කර ගත්තා. ඔහු විසින් කළ යුතු සියල්ල ඔහුට කීවා. මෙහෙම ඉන්නකොට තමයි අර නයිලොන් ලණුව අරගෙන මල්ලිලා දෙන්නෙක් ආවේ. ඒ ලණුව අපි වළල්ල වාගේ හදලා පහතට දැම්මා. බිම දිගා වෙලා හිටපු විදේශීය ජාතිකයාට කියලා තියනවා කරන දෙයක් කරන්න මට තව විනාඩි පහක් විතර තමයි ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ නයිලොන් නූලත් දාලා කීවා පුළුවන් විදිහකට ඇෙඟ් පටලාගන්න කියලා. එතකොට අපිට විශ්වාසයක් තිබුණා ඒ ලණුවේ මෙයාව එල්ලෙයි කියලා. මෙහෙම අපි එයාව බේරාගන්න වෙර දරනකොට එයාගේ ආදරණීය පෙම්වතිය ලින්ඩා මහත්මිය මගෙන් නිතරම අහනවා කෝ ඔයා දැන්නුවාද ඔයාලාගේ ආරක්ෂක අංශවලට කියලා. එහෙම නිතරම එයාව ශෝකයෙන් යුතුව මේ පිළිබඳ ඇවිටිලි කළා. මම එයාගේ හිත හැදුවා. ඒ අතරේ තමයි පොලිසිය එතනට ආවේ. නානුඔය පොලිසියේ කට්ටිය කඹයකුත් අරන් ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිතුමා එක්ක ඇවිල්ලා තිබුණා. එයාලා මේ තැනැත්තා බේරා ගැනීමේ කටයුතු ලෑස්ති කරනකොට නුවරඑළිය සිංහ රෙජිමෙන්තුවේ අයත් ආවා. එයාලාත් හිස් අතින් ආවේ නැහැ. ඊට පස්සේ සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරි කෝප‍්‍රල් සුදේස් ලලින්ද ඔහු බේරා ගැනීමේ කටයුත්තට එක්වුණා. කඹ දමා ක‍්‍රමයෙන් පහතට බැස අඩි 35 ත් 50 ත් අතර කලාපයේ සිටි මෙම විදේශිකයා බේරා ගැනීමේ කටයුත්ත ආරම්භ වුණේ ඉන් පසුවයි.  මේ පිළිබඳ මාධ්‍යට අදහස් දැක්වූ කෝප‍්‍රල් සුදේස් ලලින්ද,


‘‘අපි කෑම්ප් එකේ ඉන්නකොට තමයි සිද්ධිය ආරංචි වුණේ. අණදෙන නිලධාරිතුමා සිද්ධිය කීවා, ලෝකාන්තයෙන් එක්කෙනෙක් වැටිලා කියලා. පස්සේ අපි කට්ටියක් ඉක්මනටම එතනට ගියා. ගිහිල්ලා මම කඹයක ආධාරයෙන් හෙමිහිට ඔහු ඉන්න දිශාවට ළඟා වුනා. ඔහු එතකොට පඳුරක එල්ලිලා තමයි හිටියේ. පස්සේ ඔහු ළඟට ක‍්‍රමයෙන් ළඟා වී කඹ දමා ගොඩගැනීම සිදු කළා. සිද්ධිය වී විනාඩි 20 ක් වැනි කාලයක් ඇතුලත අපි එම ස්ථානයට ද ගියා’’ යැයි සුදේස් පවසා සිටියා.

aseg
සුදේස් මෙම වික‍්‍රමය පැය භාගයක් පමණ සිදු කරද්දී ඔහුගේ සහායට ගුවන් හමුදා සෙබළෙක්ද කඹයක ආධාරයෙන් සහාය වූයේ විදේශිකයා උස මහත පුද්ගලයෙකු නිසා සුදේස්ට පමණක් ඔහුව ගොඩගැනීමේ කටයුත්ත සිදු කිරීමට නොහැකි නිසාය. නමුත් මේ කටයුතු තව තවත් ප‍්‍රමාද වුවා නම් විදේශිකයා බේරා ගැනීමට නොහැකි වන බවද වැඩිදුරටත් ඔවුන් පවසා සිටියා.  විදේශිකයා ගොඩටගන්නා අවස්ථාවේ සීරීම් කිහිපයක් ශරිරයේ තිබුණත් ඔහුගේ වෙනත් කිසිදු අවයවයකට හානිවී තිබී නැත. ටිකෙන් ටික කඳු බෑවුමෙන් ගොඩටගන්නා අවස්ථාවේ තම ස්වාමියාගේ මෙම අරුම පුදුම බේරීම දැක ඇය ඇස් කෙවෙනිවල කඳුළු පුරවාගත්තේ ඒ සතුට මහ මෙරක් තරම් වූ නිසාවෙනි. ඇය සෙනෙහෙන් තම ආදරණීය සැමියා සිප ගත් මොහොත එහි සිටි බොහෝදෙනාගේ හදවත් ශෝකයෙන් ඇලළී යෑම පුදුම සහගත නොවේ.


පසුව මෙම විදේශීය පුද්ගලයා නුවරඑළිය මහ රෝහල වෙත ප‍්‍රතිකාර සඳහා කඩිමුඩියේ රැුගෙන යාම සිදු විය. ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක්ද එම මෙහෙයුම අතරවාරයේ ස්ථානයේ සහායට පැමිණියත් එහි සහාය ලබාගෙන නැති අතර එම ගුවන් යානය නුවරඑළියේ ගොඩබස්වා තබන ලෙසට ගුවන් නියමුවාට ඉහළ නිලධාරීන් දන්වා ඇත්තේ රෝගියාට වැඩිදුර ප‍්‍රතිකාර අවශ්‍ය වුවහොත් කොළඹට රැුගෙන යාමටය. පසුව ගිලන් ඇඳක් මත තබා ගනිමින් ඔහුව රැුගෙන ගිය පිරිසට ඔහු පවසා ඇත්තේ මට දැන් ලොකු අමාරුවක් නැහැ පයින් ද යාමට හැකි බවයි. එහෙත් හමුදා නිලධාරින් හා අනිකුත් පිරිසගේ සහය ඇතිව ගිලන් ඇඳක තබා ගත් මාර්ටින් ලෝකාන්තයේ සිට හෝර්ටන්තැන්න දෙසට රැුගෙන යන විට ද හෝර්ටන්තැන්නට පැමිණි ගිලන් රථයෙන් ඔහුව රෝහල වෙත රැුගෙන ගියේ එම ගිලන් රථයේ පැමිණි වෛද්‍යවරයෙකුගේද නිරන්තර පරික්ෂාවන්ට භාජනය සිදු කෙරෙන අතරවාරයේය.


රෝහල වෙත යන විට ලින්ඩා මහත්මියද ඒ පසුපසින්ම ගියාය. රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගැනීමෙන් පසු සවස් කාලයේ තමන් බේරා ගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන ලද නිලධාරිගේ සේවය ඇගයීමට හා ඔවුන්ට ස්තුතිය පුද කිරීමට නුවරඑළිය හමුදා කඳවුරට ගියේය. එහි ගොස් ඔවුන් සමග රාත‍්‍රී භෝජන සංග‍්‍රහයද භුක්ති විඳීමෙන් පසුව බණ්ඩාරවෙල ඇල්ල ප‍්‍රදේශයේ සංචාරය සඳහා නික්ම ගිය බව ද වාර්තා විය. කෙසේ නමුත් මොහුව බේරාගැනීමේ කටයුත්තට හමුදා පොලිස් අංශවලට ස්තුතිය.


(නානුඔය පොලිස් ස්ථානාධිපති ප‍්‍රියන්ත අමරසිංහ මහතාට, මුල්ලේරියාවේ පදිංචි සංචාරක ව්‍යාපාරයේ නියැළී සිටින ඒකනායක රඹුක්වැල්ල මහතාට හා සිංහ රෙජිමේන්තුවේ සුදේස් ලලින්ද මහතාට අවසන් වශයෙන් ස්තුතිය පුද කර සිටින්නෙමි.)

m

 


 

 

SLD_20150301_B024ත අතීතයේ සිටම අපේ රට නිබඳ සංචාරකයන්ගේ ආකර්ෂනයට ලක්වූ රටක් ලෙස ප‍්‍රචලිත වූ අතර, වාර්ෂිකව බොහෝ සංචාරකයෝ මෙහි පැමිණ සොබා සෞන්දර්ය විඳීමට ඉතා කැමැත්තක් දක්වති. එහෙත් පසුගිය කාලසීමාව දෙස නිරීක්ෂණය කර බලද්දී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සමහරෙකුට විවිධ ආපදාවන්ට ලක්වීමට සිදුවිය. ඔවුන් අපේ රටේ පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්වී ඝාතනයට ලක්වීමට සිදු වූවා මෙන්ම තවත් නොසිතූ විරූ අනතුරුවලට මුහුණ පෑමට සිදුවූ අවස්ථාද අපමණය.

 


විශේෂයෙන්ම අපේ රටේ සොබා සෞන්දර්ය විඳිය හැකි යම් යම් ස්ථානවල ඇති අන්තරායකාරීබව හමුවේ එම සංචාරකයන්ට මුහුණ පෑමට සිදුවන අනතුරු පිළිබඳව අපේ අදාළ බලධාරීන් සතුව නිසි වැඩපිළිවෙළක් නොතිබුණු අතර මෑතදී මෙරටට පැමිණි නෙදර්ලන්ත ජාතිකයකු හෝර්ටන් තැන්නේ පිහිටි ලෝකාන්තය නැරඹීමේදී මුහුණ පෑ අනතුරෙන් පසුව ඒ සම්බන්ධයෙන් වඩාත් අවධාරණය යොමු විණි.


මනිතා මතාන් හා ලින්දා මතාන් නම් නෙදර්ලන්ත ජාතික යුවළ මධුසමය ගතකිරීම සඳහා මෙරටට පැමිණ ලෝකාන්තය නරඹන මොහොතේ එම ස්ථානයෙන් අඩි 40ක පමණ ප‍්‍රපාතයට පෙරළී මනිතා මතාන් තම ජීවිතය බේරාගත්තේ තම පූරුවේ වාසනාවකටය. එවැනි අනතුරකදී ක්ෂණික ක‍්‍රියාත්මක වන කණ්ඩායමක් එහි නොසිටියද එම සිදුවීමෙන් සුළු මොහොතකදී එහි පැමිණි යුදහමුදාවේ හා ගුවන් හමුදාවේ නිලධාරීන් එම සංචාරකයා බේරාගැනීමට සිදුකළ ක‍්‍රියාන්විතය සැබවින්ම ඉතාමත් පැසසුම් කළයුතුය.


නමුත් වෙනත් රටවල මෙවැනි හදිසි අනතුරකදී ක‍්‍රියාකාරී වීමට නියමිත කාර්යාලයක් හා ඒ වෙනුවෙන් සූදානම් වූ පුහුණුවලත් කණ්ඩායමක් නිබඳ සූදානමින් සිටියද අපේ රටේ එවැනි ක‍්‍රමවේදයක් නොතිබීම කනගාටුවට කරුණකි. කෙසේ වුවද මෙම අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව සොයා බැලූ වත්මන් සංචාරක අමාත්‍ය නවීන් දිසානාක මහතා මින් ඉදිරියට එවැනි අනතුරක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව ක‍්‍රියාත්මක වීමට පුහුණුවලත් කණ්ඩායමක් හා ඒ සඳහා අවශ්‍ය උපකරණ හා ආම්පන්න සහිත කාර්යාලයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශය කටයුතු සම්පාදනය කිරීමට ක‍්‍රියා කළේය. එය ඉතා ඉක්මණින් සක‍්‍රීය කිරීමට මේ වන විටත් අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. එම කටයුත්තට උරදී සිටින වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් එච්.ඞී. රත්නායක මහතා එම වැඩ පිළිවෙළ පිලිබඳ මෙසේ සිය හඬ අවදි කළේය.


”නෙදර්ලන්ත ජාතික සංචාරකයා මුහුණදුන් සිදුවීම අපේ සංචාරක ව්‍යාපාරය තුළ ඉතාම කලාතුරකින් අසන්නට ලැබුණු සිදුවීමක්. නමුත් අපේ රටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සොයාබැලීම හා එම කටයුතු විධිමත් කිරීම අපට පැවරෙන වගකීමක්. එනිසා ඉදිරියේදී හෝර්ටන් තැන්නේ ලෝකාන්තයට යාබද නන්ෆේරියල් වතු යායේ ආරක්‍ෂක නිලධාරීන් සහිත කාර්යාලයක් හා ඊට අවශ්‍ය උපකරණ ”වෝකිටෝකි” ලබා දී පිහිටුවීමට වත්මන් සංචාරක අමාත්‍යවරයාගෙන් අපට උපදෙස් ලැබුණා.


සාමාන්‍යයෙන් වනජීවි දෙපාර්තමේන්තුවට අදාළවන තවත් මෙවැනි අන්තරාදායක ස්ථානවලද මෙම කටයුතු විධිමත් කිරීම පිළිබඳ අප කටයුතු කරනවා. අසාමාන්‍යයෙන් අපි මීට පෙරාතුව සිටම සංචාරකයන්ට අනතුරුදායක ස්ථානවලදී තමන් ගමන් කරනා වාහනවලින් බැසීමට ඉඩ නොදුන්නද මෙම ලෝකාන්තය ප‍්‍රදේශයට වාහනවලින් ගමන් කිරීමට ඉඩ දෙන්නේ නැහැ. නමුත් මෙම සිදුවීම මින් ඉදිරියට සංචාරකයින්ගේ ආරක්ෂාව සැලසීම පිළිබඳ අපට යම් පූර්වාදර්ශයක් සපයනවා.  


මීට අමතරව අප ස්ථාපිත කිරීමට අදහස් කරන එම ආරක්ෂක මධ්‍යස්ථානවල විධිමත් වෛද්‍ය පහසුකම් ඇති කිරීම පිළිබඳවද විශාල අවධානයක් යොමුකරනවා. විශේෂයෙන්ම එවන් හදිසි අනතුරකට මුහුණ දෙන සංචාරකයකුට ක්ෂණිකව ලබා දිය යුතු වෛද්‍ය ප‍්‍රතිකාර පිළිබඳව පුහුණුව ලත් නිලධාරීන් යොදවා එම කටයුතු නිසිලෙස ඉටු කිරීමත් සිදු කිරීමට නියමිතය. ඒ රජයේ ඉදිරිවැඩ පිළිවෙල ගැන ඔහුගේ පැහැදිලි කිරීමයි.


කෙසේ වුවද අපේ රටේ සංචාරක කර්මාන්තයේ වර්ධනය රටේ ආර්ථිකයට සක‍්‍රීයව දායක කරගැනීමට බලාපොරුත්තුවන මෙවන් වටපිටාවක සංචාරකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම රජයට පැවරෙණ සුවිශේෂී වගකීමකි. ලෝකාන්තය පමණක් නොව එවැනිම සොබා සෞන්දර්යයෙන් පිරුණු අන්තරාදායක සංචාරක ආකර්ෂනය දිනාගත් තවත් බොහෝ සොඳුරු ඉසව් අපේ රටේ බහුලය. එවන් සෑම ස්ථානයක මෙවන් ක‍්‍රමවත් ආරක්ෂක වැඩපිළිවෙලක් දියත්කර තැබීම, සංචාරකයන්ගේ ආරක්ෂාව ප‍්‍රවර්ධනය කිරීම සංචාරක කර්මාන්තයේ වර්ධනයට යම් තාක් රුකුලක් වන්නේය.

 

m2

 



අදහස් (0)

ලෝකාන්තයෙන් වැටුණු විදේශිකයා බේරාගත් ”සිංහ පැටව්’’

වින්ද්‍යා වනිගසේකර Tuesday, 17 March 2015 06:11 AM

කොහොමද මෙයා වැටුණේ ?(ම)

:       0       0

දුමින්ද Monday, 09 March 2015 10:31 AM

සුන්දර බොහෝ දේ වෙයි නොසිතින ලෙසින් කෙලවර (නදී)

:       0       0

සනත් Monday, 09 March 2015 11:43 AM

ගොඩක් පින් සංචාරක ඇමති තුමෝ, තව එක දෙයක් කරන්න. යන්න යාලට බලන්න යාල වන ජීවී කාර්යාලය ලග පෝලිම. අනේ තව කවුන්ටර් එකක් දාන්න. යන්න කැලේ ඇතුලට මුහුද ලගට යන්න උදේ 10 පමණ විදේශිකයෝ වැසිකිලි යන හැටි බල්ලන්න. අපිටම ලැජ්ජ්යි. අඩුම තරමේ ප්ලාස්ටික් වැසිකිලි 2 තියන්න. (නදී)

:       0       0

වෙනුක Monday, 09 March 2015 01:52 AM

ඇත්තටම මෙතන වෙන කවුරුවත් සිටියේම නැද්ද? (නි)

:       0       0

සුජාන් Tuesday, 03 March 2015 04:25 AM

නුවරඑළියේ ජීවත් වන අපිට හදිසි ආපදා තත්වයන් ගැන ගොඩක් අත්දැකීම් තියෙනවා. වැඩිපුර ප්‍රපාතයන් තියෙන ප්‍රදේශයක් නිසා වාහන පෙරලීම් නාය යෑම වාගේ ආපදා නිතර සිද්ද වෙනවා. ඒ හැම අවස්ථාවකදීම ප්‍රදේශ වාසීන් ඇතුළු වගකිවයුතු නිලධාරීන් ඉතා වගකීමකින් උනන්දුවෙන් අවදානම් දරමින් ඒ කටයුතුවල නිරත වනවා අපි දැකල තියෙනවා. නමුත් ජීවිතයක් බේරා ගන්න තියෙන උවමනාව නිසා එහෙම ඉදිරිපත් උනත් ඒ අයටත් ජීවිත අවදානම් නැතුවම නෙවෙයි. මේ වගේ අවස්ථාවල ක්‍රියාකල යුතු පිළිවෙත් වලට අදාළ දියුණු තාක්ෂණයක් ලෝකයේ තියෙනවා. මේ වගේ දේවල් ලබා ගැනීමට මුදල් වැය කලාට රටකට පාඩුවක් සිද්ධ වෙන්නේ නෑ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4552 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 580 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1168 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 103 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 190 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 248 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site