IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලෝකයේම මානව හිමිකම් කඩන ඇමෙරිකාවේ මිලේච්ඡ වැඩ

ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපීය රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවේ අපට යුද අපරාධ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කඩකරන ලදැයි චෝදනා එල්ල කරයි. ඔවුන් අපට එසේ චෝදනා එල්ල කළ ද ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යාත‍්‍රා යොදා ගනිමින් පකිස්තානයේ සිදුකරන මෙහෙයුම් මගින් එරට ස්වෛරීත්වය උල්ලංඝනය වන බවත් එම ඩ්‍රෝන යානා එල්ල කරන ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑම හරහා ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් කඩන බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිත බෙන් එමර්සන් චෝදනා කරයි.

 

එක්සත් ජාතීන්ගේ නියෝජිතයකුගෙන් චෝදනා

 

ඉරාකයේදී අහිංසකයන් ලක්‍ෂ 10ක් මැරුවා

 ඇමෙරිකා සොල්දාදුවකුගෙන් බුෂ්ට චෝදනා

 

බෙන් එමර්සන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැුකීමේ සහ ත‍්‍රස්ත මර්දන විශේෂ පර්යේෂණ කමිටුවේ ප‍්‍රධානියාය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඩ්‍රෝනා යානා යොදාගෙන පකිස්තානයට කරන පහරදීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුවය.

ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින ඇමෙරිකාවේ යුද භටයන් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් පකිස්තානයට නොදන්වා එරට ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී එල්ල කරන ප‍්‍රහාර මගින් පකිස්තානයේ ස්වෛරීත්වයට හානි සිදුවන බවත් ඔහු තම පරීක්ෂණයෙන් අනතුරුව කියා සිටියේය. ඔහු ඍජුව සිය වාර්තාවෙන් පවසන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් උල්ලංඝනය කරන බවයි.

ඉරාකයේ දරුවකුට ප‍්‍රහාර

එමර්සන්ගේ මෙහෙයවීම මත මේ පරීක්ෂණය ආරම්භ වූයේ පසුගිය ජනවාරි මාසයේය. එම පරීක්ෂණය ආරම්භ කරන ලද්දේ පසුගිය වසරේ ජූනි මාසයේදි ජිනීවා නගරයේ පැවැති මානව හිමිකම් සමුළුවේදී පකිස්තාන රජය විසින් කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර වශයෙනි. මේ පරීක්ෂණය කරන ලෙස පකිස්තානය සමග තවත් රටවල් ගණනාවක් ඉල්ලීම් කළේය. පකිස්තානයේ සිවිල් වැසියන් ඇමෙරිකාවේ ඩ්‍රෝනා යානාවලින් එල්ල කරන මිසයිල හේතුවෙන් මිය යන්නේදැයි සොයා බැලීම මේ පරීක්ෂණයේ අරමුණ වී තිබිණි.

ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ ඇමෙරිකාවේ ප‍්‍රහාර 25 කින් පමණ සිවිල් වැසියන් 200 ක් පමණ පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. නමුත් පකිස්තාන රජය එමර්සන්ගේ නියෝජිත කණ්ඩායමට භාරදී ඇති සංඛ්‍යාලේඛණ අනුව මෙතෙක් එල්ලවූ ප‍්‍රහාරවලින් පකිස්තානයේ සිවිල් වැසියන් 400ට වැඩි පිරිසක් මියගොස් ඇත.

2009 දී ජනාධිපති ඔබාමා බලයට පත්වීමෙන් පසු ඇමෙරිකානු හමුදා මෙම පහරදීම් ආරම්භ කරන ලදී. ඇප්ගනිස්තාන හා පකිස්තාන දේශසීමාවට අයත්වන ගෝත‍්‍රික ජනතාව ජීවත්වන ප‍්‍රදේශයේ අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන් සැඟවී සිටින බව පවසමින් ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදා මෙම ප‍්‍රහාර දියත් කැර තිබිණි. දෙවැනි වරට බලයට පත්වීමෙන් අනතුරුව ද ඔබාමා කියා සිටියේ මේ ප‍්‍රහාර තවදුරටත් වැඩි කිරීමට කටයුතු යොදන බවයි.
එමෙන්ම එමර්සන් වාර්තාවේ සඳහන් වන්නේ ඇමෙරිකාව කරනු ලබන මේ ප‍්‍රහාර කිසිසේත්ම ඉලක්කගත ස්ථානයන්ට කරන පහරදීම් නොවන බවයි. මේ සංඛ්‍යාව නිවැරදි නොවුවද ඇමෙරිකාව පකිස්තානයේ ස්වෛරීත්වයට හානි සිදුකරන බවත් එරට වැසියන්ගේ මානව හිමිකම් අමු අමුවේම උල්ලංඝනය කරන බවත් බෙන් එමර්සන්ගේ වාර්තාවේ දක්වා ඇත.

ජාත්‍යන්තර ක‍්‍රමවේදයන්ට අනුව මෙවන් අධික බලයක් යෙදිය යුත්තේ අත්‍යාවශ්‍යම අවස්ථාවක පමණක් වන අතර එහිදී පළමුව ඔවුන් හඳුනා ගනිමින් වටකර අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමත් එය කළ නොහැකි වුවහොත් පමණක් මේ ආකාරයෙන් ප‍්‍රහාර එල්ල කිරීමත් අනුමත කර තිබේ.
එහෙත් ඇමෙරිකාවේ වෙසෙන ජාත්‍යන්තර මට්ටමේ නීතිඥයන් මේ පහරදීමේ ක‍්‍රමවේදය සාධාරනීකරණය කිරීම ද දක්නට ලැබේ. බැරක් ඔබාමා සී.අයි.ඒ. සංවිධානයේ මුල් පුටුවට නාම යෝජනා කළ ජෝන් බ්‍රෙනන් මෙම මතය ජාත්‍යන්තරයට ගෙන යාමට අධික වෙහෙසක් දරයි. ඔහු පවසන්නේ ත‍්‍රස්තවාදයට දේශසීමා නොමැති බවත් ඇමෙරිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් දේශසීමා රහිත සතුරකු සමග සටන් වදින බවත්ය.

ඉරාකයේදී යටත් කරගත් පිරිසක්

මෙහිදී මතුවන ගැටළුවක් වන්නේ යේමනය, පකිස්තානය, සෝමාලියාව වැනි රටවල රජයයන්ගේ සහාය ද ත‍්‍රස්තවාදයට ලැබෙනවා ද යන්නයි. එම රජයන් පැහැදිලිවම ත‍්‍රස්තවාදයට සහයෝගය ලබාදෙන බව පෙනෙන්නේ නම් පමණක් වෙනත් රටකට මැදහත් වීමට ජාත්‍යන්තර නීතිය බාධාවක් නොවනු ඇත. නමුත් එවන් තත්ත්වයක් නොමැති අවස්ථාවක පකිස්තානය තුළ ඇමෙරිකාවේ කි‍්‍රයාදාමය අනුමත කළ නොහැකි දෙයකි.

ඇෆ්ගනිස්තානයේ පැවැති වාතාවරණය පකිස්තානයේ මෙම ප‍්‍රදේශවල පැවැති තත්ත්වයට කිසිසේත්ම සමාන නොවේ. සාමාන්‍ය ක‍්‍රමය යටතේ ගුවන් නියමුවකු විසින් යානා පාලනයට වඩා ඩ්‍රෝනා යාත‍්‍රා යොදා ගනිමින් හඳුනාගත් ඉලක්කවලට පහරදීම නිසා සාමාන්‍ය ජනයා අධික තර්ජනයකට ලක්වන බව එමර්සන් පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ පකිස්තානයේ සිදුවන මේ දෙයම යේමනය තුළ ද සිදුවූ බවයි.

ඇමෙරිකාව විසින් මානව හිමිකම් උල්ලංඝනය කරමින් කරනු ලබන මේ ප‍්‍රහාරය සනාථ කිරීමට ඡායාරූප, ප‍්‍රකාශ, ලිඛිත සාක්ෂි ඇතුළු සාධක රැුසක් තමන් සතුව තිබෙන බව ද එමර්සන් කියයි.

පරීක්ෂණය සඳහා යේමනයේ දේශපාලන විශ්ලේෂකයකු සහ එරට සංවර්ධන ව්‍යාපාරවල නිරතවී සිටින අබ්දල් ඝානි අල් ඉර්යානි, පිපිරුම්වලදී සිදුවන හානි පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන නාත් කේරි, ඉස්ලාමාබාද් ආරක්ෂාව සහ විශ්ලේෂණය සඳහා වන ස්වාධීන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සාරා නකී, ”ඩ්‍රෝන් යානා යට ජීවිතය” නම් කෘතියේ කතුවරයා වන මැක්ඩොනල්ඞ් ආදිපාදවරයා වන රිවර් ග්ලේවන්, යුගෝස්ලාවියාවේ ජාත්‍යන්තර ත‍්‍රස්ත කි‍්‍රයා මර්ධන ස්ථානයේ හිටපු ප‍්‍රධානී ශ්‍රීමත් ජෙෆ්රි නයිස් සහ ඇමෙරිකාවේ යුද හමුදාවේ හිටපු නිලධාරි කපිතාන් ජේසන් රයිට්, පකිස්තානයේ පෙෂාවාර් මහාධිකරණයේ හිටපු මහේස්ත‍්‍රාත් සාන් ජෙවාන් කාත් යූසුප්සායි සහ ඇෆ්ගනිස්ථානයේ දකුණු ආසියාවේ සහ ප‍්‍රංශයේ තානාපති කාර්යාල සහාය අධ්‍යක්ෂ ජැන්මින් සෙරනිති යන කණ්ඩායම එමර්සන්ගේ නියෝජිතයෝ වූහ.

තෝමස් යංග්

පසුගියදා පකිස්තානයට පැමිනි බෙන් එමර්සන් ඉස්ලාමාබාද් නුවරදී එරට අගමැති සහ මැති ඇමතිවරු පිරිසක් ද ආරක්ෂක හා බුද්ධි අංශ ප‍්‍රධානීන් ද හමුවී සාකච්ඡා කළ බව දැනගන්නට ලැබී ඇත.

මේ වාර්තාව පිටවීමෙන්  පසු ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් අමතා ලියන ලද ලිපියක් අන්තර්ජාලයට එක්වී තිබිණි. එය ලියා තිබුණේ වසර දහයකට පෙරාතුව ඉරාකයට පහරදීමට ගිය තෝමස් යංග් නමැති ඇමෙරිකාවේ සොල්දුදාවෙකු විසිනි. ඔහු පවසන්නේ ඇමෙරිකාවේ සෙබළු 4,488 ක් යුද්ධයෙන් මිය ගිය බවයි. එමෙන්ම ලක්ෂයකට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවත් මෙය ලියන තමන් ද 2004 දී සාඩා නගරයේදී තුවාල ලබා සදාකාලික ආබාධ තත්ත්වයකට පත්ව සිටින බවත් හෙතෙම සිය ලිපියේ සඳහන් කැර ඇත.

”මගේ ජීවිතය දැන් අවසානය කරා ළඟා වෙමින් තිබෙනවා. මම ජීවත් වන්නේ ගිලන් ශාලාවක. මම මේ ලිපිය ලියන්නේ සැමියන් අහිමිවූ බිරින්දෑවරු සහ බිරිඳ අහිමිවූ සැමියන් යන සියළු දෙනාත් දෙමාපියන් අහිමිවූ දරුවනුත් වෙනුවෙන්. ඇතැම් මව්වරුන්ට පියවරුන්ට තමන්ගේ ආදරණීය දරුවන් අහිමිවෙලා. මේ හේතුවෙන් සිහි විකල් වූ දහස් සංඛ්‍යාත පිරිසක් මම දුටුවා.”

”ඉරාක වැසියන් ලක්ෂ දහයක් පමණ මිය ගියා. එමෙන් කිහිප ගුණයක් තුවාල ලැබුවා. මා මේ ලිපිය ලියන්නේ දැඩි වේදනාවකින් හා දුකකින්. මෙය මාගේ අවසන් ලිපියයි. බුෂ් මහතාණෙනි මේ ලිපිය ඔබටයි. මට උරුම මරණයයි.”

ඉරාකයේ ප‍්‍රහාරයක්

”බරපතල යුද අපරාධ ඉරාකයේ සිදුකරන ආකාරය මම දුටුවා. ඔවුන් නීතිය පිසඳලමින් කටයුතු කළා. කොල්ලකෑවා. අහිංසක මිනිසුන් අමු අමුවේ ඝාතනය කළා. දහස් සංඛ්‍යාත තරුණ ඇමෙරිකානු සොල්දාදුවන් අහිංසක කාන්තාවන් දුෂණ කළා.”

”මම දින දෙකක් ඇතුළත මෙහෙයුම් නවයකට හෝ එකොළහකට සම්බන්ධ වුනා. එහිදී මියගිය නගර වැසියන් සංඛ්‍යාව 3000ට වැඩියි. මෙවැනි යුද අපරාධ තවදුරටත් සිදු නොවීමට නම් මේ කුරිරු යුද්ධය කවදා හෝ නවතා දැමිය යුතුයි. මේ සමස්ත ලෝකයා වෙනුවෙන් කරන ලද ඉල්ලීමකි.” යනුවෙන් සඳහන් කරමින් ඔහු මේ ලිපිය ලියා ඇත. එයින් පැහැදිලි වන්නේ ඇමෙරිකාව ඉරාකයේ කරන ලද යුද අපරාධ සමූහයයි.

 

වේරගොඩගේ සජීව විජේවීර

 

පාකිස්ථානයට එරෙහි ඩ්‍රෝන ප‍්‍රහාර

 

ඉරාකයේ සාමාන්‍ය වැසියන් මරා දමා

 



අදහස් (0)

ලෝකයේම මානව හිමිකම් කඩන ඇමෙරිකාවේ මිලේච්ඡ වැඩ

උපාලි Sunday, 24 March 2013 09:26 PM

ඇමරිකාවේ?(නදී)

:       0       0

දිනේෂ් Sunday, 24 March 2013 09:37 PM

මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවක් ඇමරිකාවට විරුද්ධව ගෙනඑන්නට මානව හිමිකම් කවුන්සිලයට අයිති රටවල් වලට බැරි ඇයි? (නි)

:       0       0

අරවින්ද Friday, 29 March 2013 01:10 PM

අන්තිමේදී ඇත්ත හෙළි කළ ඔබට ස්තූතියි. (නි)

:       0       0

ඉරාක් Monday, 25 March 2013 11:29 AM

ඇත්ත තමයි. අපිත් මේවා ගැන හොදට දන්නවා. (නි)

:       0       0

බංඩා Thursday, 28 March 2013 05:12 PM

අපි ඇමරිකාවට යුද්ධ ප්‍රකාශ කරනවා නම් විමල් වීරවංශ ඇමතිතුමාව සහ මර්වින් සිල්වා ඇමතිතුමාව ඉස්සරහට දාමු.(නදී)

:       0       0

දිසා Sunday, 24 March 2013 02:16 PM

ඕවා ‍ඔහොම තමයි. පහත් තැනින් තමයි ජලය ගලා බහින්නේ. (නි)

:       0       0

ලසන්ත Thursday, 28 March 2013 11:12 AM

කාටවත්ම පෙන්නේ නැද්ද මේ වැඩ (දී)

:       0       0

කපිල Thursday, 28 March 2013 11:42 AM

අවවාදයට වඩා ආදර්ශයයි උතුම්. (නි)

:       0       0

මෙහොමඩි Sunday, 31 March 2013 09:50 AM

අපේ රටේ බස් බෝමබ කීයත් පිපරුනාද? අපේ රටේ ජනතාව කී දෙනෙක් මැරුනද? මේ එක බාලචන්දුන් කෙනෛක් ගැන කතා කරන අයට ඒවා පෙනුනේ නැද්ද?(නදී)

:       0       0

නසාර් Tuesday, 26 March 2013 09:24 AM

ලංකාවට ගහන්න ආවොත් අපි සියළුම ජාතීන් එකට එකතු වෙනවා. (නි)

:       0       0

නිල්මිනි Monday, 25 March 2013 07:30 PM

අපිටත් බැරිද ඇමරිකාවට විරුද්ධව යෝජනාවක් ගෙන්න. දන්න කෙනෙක් ඉන්නව නම් පහදලා දෙන්නකෝ.(නදී)

:       0       0

හිරු Wednesday, 27 March 2013 09:50 AM

මෙහෙමත් එපාකරපු කට්ටියක්? (නි)

:       0       0

මුතුකුඩ Sunday, 24 March 2013 05:03 PM

ඇමරිකානුවනි, නුඔලාටත් අපටත් මරණයක් ඇත.මරණය ඉදිරියේ කිසිවෙකුට පලායෑමට‍ නොහැක. සියල්ල මරණයෙන් කෙලවර වන්නේද නැත. (නි)

:       0       0

සම්පත් Thursday, 28 March 2013 01:19 PM

ඇමරිකාවට ඇති ‍අභිමානවත් ඉතිහාසයක් නැහැ. (නි)

:       0       0

දිසානායක Sunday, 24 March 2013 05:33 PM

ලෝකයා ඉද්රියේ කවදා හෝ ඔබටත් මේ අයුරින්ම අසරණ වීමට සිදුවනු ඇත. ඒ බව අපි දනිමු.(නදී)

:       0       0

ශ්‍රියාණි Wednesday, 03 April 2013 07:08 PM

කොටි ලාංකිකයන්ව බිලිගන්නා කොට මානව හිමිකම් කියන්නේ මොනවද කියල, අදුරන්නේ නැතුව ඇති.(නදී)

:       0       0

රීටා Tuesday, 26 March 2013 11:32 AM

මට තියෙන ප්‍රශ්නේ තමයි අපිටත් වැඩිය කුඩා සිංගප්පූරුවට, මාලදිවයිනටවත් නැති තරහකාරයෝ ඇයි අපිට ඉන්නේ කියලා. (නි)

:       0       0

බෙන්තොට බර්මන්ඩ් Saturday, 30 March 2013 11:58 AM

දිනේෂ් අහන ප්‍රශ්නෙමයි මමත් අහන්නේ (අ)

:       0       0

ප්‍රියන්ත Saturday, 30 March 2013 10:36 PM

අපිට විතරනේ මේ වැඩ පෙන්නේ, ඒකනේ පුදුමේ (දී)

:       0       0

ටුආන් Sunday, 24 March 2013 07:59 PM

කාටද ඇමරිකාවට විරුද්ධ වෙන්න පුළුවන්? කවුද ඒ බලවතා? (නි)

:       0       0

ජයසිංහ Saturday, 30 March 2013 02:40 PM

මෙන්න නියම යුධ අපරාධ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 70 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5775 2

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 836 4

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1424 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 126 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39166 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site