IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලෝකයේ පළමු අගමැතිනිය බිහිකළ මහවලතැන්න වලව්ව

 


 

මහවලතැන්න වලව්ව යැයි නම ඇසෙන ක්‍ෂණයෙන්ම මතකයට නැග එන්නේ ලොව පළමු වැනි අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නමයි. ඒ ඇයගේ මව වන රොසමන්ඞ් හිල්ඩා කොන්ස්ටන්ටයින් මහවලතැන්න මැතිනියගේ දේපළක් වූ හෙයිනි.

මහවලතැන්න වලව්වේ ආරම්භය පිළිබඳව විවිධ වර්ෂයන් පොත්පත්වල හා නව කතාවන්හි සඳහන් වුව ද එකී කිසිදු සටහනකින් නිවැරදි මූලාශ‍්‍රයක් ගත නොහැකිය. මහවලතැන්න වලව්වේ නූතන හිමිකාරිනිය සහ සිරිමාවෝ මැතිනිගේ නෑනන්ඩිය වන බළන්ගොඩ හිටපු මහජන මංත‍්‍රීනි මල්ලිකා රත්වත්ත මැතිනිය පවසන ආකාරයට මුල්ම වලව්ව ඉදි කර ඇත්තේ වර්තමාන වලව්වට පසුපසිනි. එය මැද මිදුල් හතකින් යුතු ගොඩනැගිල්ලකි.

සබරගමුවේ ප‍්‍රතාපවත් බ‍්‍රාහ්මණ පෙළපතක් ලෙස මහවලතැන්න පරපුර හැඳින්වේ. පෙළපතේ ආරම්භකයා ලෙස සැලකෙන්නේ ඇන්.ඞී.එන්. මහවලතැන්න නම් අදිකාරම්වරයෙකි. සිංහල රජුට පක්‍ෂවත් ඇහැළෙපොළ අදිකාරම්වරයාට මිත‍්‍රවත් කටයුතු කළ අයෙකු වග පුරා වෘත්තවල සඳහන් වෙයි. මෙම අදිකාරම්වරයා මුලින් ජීවත් වී ඇත්තේ ගොඩකුඹුර ප‍්‍රදේශයේ වලව්වකය. තමන් සතු ගව රංචුවට තණ කැවීම පිණිස සේවකයන් විසින් මහවලතැන්න මහා

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
 
රොස්මන්ඞ් හිල්ඩා කොන්ස්ටන්ටයින් මහවලතැන්න
 
බාන්ස් රත්වත්ත
 
ඇස්.සී.එන්. මහවලතැන්න (චන්ද්‍රසේකර මුදලි)
 
මල්ලිකා රත්වත්ත
 
කමල් රත්වත්ත

කැලෑවට රැුගෙන යනු ලබයි. ඇතැම් දිනක කැලෑවේ තණ කන සිය ගව රංචුව දැක බලා ගැනීම පිණිස අදිකාරම්වරයා ද අශ්වයාගේ පිට නැගී කැලෑවේ ඇවිද ගිය බව සඳහන්ය.

එක්තරා දිනක දී සිය ගව රංචුව නිරීක්‍ෂණය කරමින් කැලෑවේ ඇවිද ගිය අදිකාරම්වරයා අශ්වයාගේ පිටින් බැස ගසක් මුල ගිමන් හැරීය. මඳ වේලාවකට පසුව අදිකාරම්වරයා දුටුවේ අස්වාභාවික ක‍්‍රියාවලියකි. නරියෙකු හාවෙකු පසුපස පන්නාගෙන ආවේ හාවා ඩැහැ ගැනීමටයි. මර බියේ දිව ආ හාවා මහා අදිකාරම්වරයා ගිමන් හැරිය ගස ඉදිරියේ එක් ස්ථානයක ඉද්ද ගැසුවා සේ නැවතී තමන් පසුපස එලවාගෙන ආ නරියා දෙස බැලීය. මෙතෙක් බියගුලූව සිටි හාවා නරියා පසුපස එලවද්දී නරියා ද හාවාට බිය වී පැන දිව්වේය.

මෙම අරුම පුදුම සිදු වීම නෙත ගැටීමෙන් මෙම ස්ථානය ජය භූමියක් යැයි සිතා ගැනීමට අදිකාරම්වරයාට අමුතු මොළයක් අවශ්‍ය නොවීය.

ගොඩකුඹුර වලව්ව අත්හල ඇස්.ඞී.එන්. මහවලතැන්න මහා අදිකාරම්වරයා මෙකී ස්ථානයේ සිය වලව්ව පෙර සඳහන් කළ ආකාරයට මැද මිදුල් හතකින් යුතුව නිර්මාණය කර තිබේ. ඒ අනුව මහවලතැන්න පරපුර සහ වලව්ව 1700 වර්ෂයේ අග භාගයේ ස්ථාපිත වූවා යැයි පූර්වාපර සිද්ධි පරිශීලනය කිරීමෙන් සිතා ගත හැකිය. එකී ජය භූමියේ ප‍්‍රායෝගික අරුතක් ලොව ප‍්‍රථම අගමැතිවරිය බිහි වීම, සිරිලක ප‍්‍රථම විධායක ජනපතිවරිය බිහි වීම යන කරුණුවලින් මනා සාක්‍ෂි සපයයි.

මුල්ම අදිකාරම්වරයාගේ දරුවන් සංඛ්‍යාවක් පිළිබඳව මෙතෙක් සටහනක් නැත. දැනට මහවලතැන්න වලව්වේ සුරැුකිව පවතින ඡායාරූප තුන මුල්ම අදිකාරම්වරයාගේත්, ඔහු සිය දු දරුවන් සමග ගත් ඡුායාරූපයකුත් නුවර රජ දැක්මේ ඡුායාරූපයකුත් යැයි විද්වත්හු ප‍්‍රකාශ කරති. කෙසේ වෙතත් මුල්ම අදිකාරම්වරයාගෙන් පසුව මහවලතැන්න පෙළපතේ නියාමකයා ලෙස සැලකෙන්නේ ඔහුගේ පුත් ඇස්.සී.එන් මහවලතැන්න මුදලිවරයායි. චන්ද්‍රසේකර මුදලිවරයා ලෙස සැලකෙන්නේත් මෙතුමාය. මහවලතැන්න චන්ද්‍රසේකර මුදලින්දාරාමයේ ආරම්භකයා ඔහු වග ප‍්‍රකාශ කළේ චන්ද්‍රසේකර මුදලින්දාx රාමාධිපති බිබිලේ පියනන්ද හිමියනුයි.

චන්ද්‍රසේකර මුදලිවරයා විවාහ වී ඇත්තේ අහංගම වලව්වේ ෂොසේකර කුමාරිහාමි සමගයි. චන්ද්‍රසේකර මුදලිවරයාගේ දරුවන් දෙදෙනෙකි. රත්නපුර එල්ලාවල වලව්වේ ෆ‍්‍රැන්සිස් එල්ලාවල සමග විවාහ වූ ඇසිලින් එල්ලාවල කුමාරිහාමි සහ සැමුවෙල් ඬේවිඞ් මහවලතැන්න මහා දිසාව (රටේ මහත්තයා) එම දරුවන් දෙදෙනායි.

මහවලතැන්න පරපුරේ අවසාන පිරිමියා ලෙස ද සැලකෙන්නේ ඬේවිඞ් සැමුවෙල් මහවලතැන්න මහා දිසාවයි. ඔහු හා බැඳුණු රසවත් හා ත‍්‍රාසජනක කතාන්තර අප‍්‍රමාණයි. වර්තමානය වන විට රත්නපුරේ වලව් රාශියකි. ඒ අතුරින් පසුකාලීනව රදල පෙලපත් යැයි ගොඩ නගාගත් පුද්ගලයන් හා ඊනියා වලව් ද නැතුවා නොවේ. මහවලතැන්න දිසාවගේ යුගයේ රුවන්පුරයේ තිබුණේ වලව් කීපයකි. මඩුවන්වල වලව්ව, ඉද්දමල්ගොඩ වලව්ව, දඹවින්න වලව්ව, ඇලපාත වලව්ව, එල්ලාවල වලව්ව, මොලමුරේ වලව්ව ඒ අතුරින් කීපයකි. එකී වලව් අතුරින් එල්ලාවල වලව්ව සහ මහවලතැන්න වලව්ව අතර දිගින් දිගටම විවාහ සබඳතා පැවැති බව හෙළි කළේ මල්ලිකා රත්වත්ත මැතිනියයි.

‘‘සැමුවෙල් ඬේවිට් මහවලතැන්න මහා දිසාවගේ නැගණිය එල්ලාවල වලව්වේ ෆ‍්‍රැන්සිස් එල්ලාවල මගේ සීයා සමග විවාහ වුනා. ෆ‍්‍රැන්සිස් එල්ලාවලගේ නැගණිය සැමුවෙල් ඬේවිඞ් මහවලතැන්න මහා දිසාව සමග විවාහ වුනා. සැමුවෙල් ඬේවිඞ් මහා දිසාවට පිරිමි දරුවන් හිටියේ නැහැ. ගැහැනු දරුවෝ තුන් දෙනෙක් හිටියේ. එයින් එක ගැහැනු දරුවෙකුත් එල්ලාවල වලව්වට විවාහ වුනා. රොස්මන් හිල්ඩා කොන්ස්ටන්ටයින් මහවලතැන්න කියන්නේ දිසාවගේ මද්දුම දියණිය. ඇය තමයි මගේ ස්වාමිපුර්ෂයගෙත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙත් අම්මා. මමත් රත්නපුරේ එල්ලාවල වලව්වේ කෙනෙක්. 1916 අපේ‍්‍රල් 17 මැතිනිය ඉපදුනෙත් මම උපන් රත්නපුර බටුගෙදර එල්ලාවල වලව්වේමයි. මල්ලිකා එල්ලාවල වුන මම මල්ලිකා රත්වත්ත වුනේ මැතිනියගේ මල්ලි ක්ලිපඞ් රත්වත්ත සමග විවාහ වුවාට පසුවයි. මගේ අක්ක රෝසිනි එල්ලාවල විවාහ වුනෙත් මැතිනියගේ තව මල්ලි කෙනෙක් වූ සීවලි රත්වත්ත සමග. උපාලි පුවත්පත් සමාගමේ සභාපති ලක්මීණි ආර්. විජේවර්ධන මගේ එම අක්කගෙ දුව. තාමත් රත්වත්ත, එල්ලාවල පරපුර සමග විවාහ සබඳතා තිබෙනවා” මල්ලිකා මැතිනිය කීවාය.

ලිපිය ආරම්භ කළේ මහවලතැන්න පරපුරෙනි. අවසන් වන්නේ රත්වත්ත පරපුරකිනි. මහවලතැන්න රත්වත්ත වලව් පිළිබඳව පරිශීලනය කරන වියත්හුට මෙකී වෙනස්කම කුමක් දැයි නිවැරැුදිව දත හැකි විස්තරයක් මෙතෙක් මාධ්‍යයක නිසියාකාරව පළ වීමක් නොමැති නිසා ඒ පිළිබඳව ද නිවැරැුදි සටහනක් තැබිය යුතුය.

යළි ඬේවිඞ් සැමුවෙල් මහවලතැන්න මහා දිසාව පිළිබඳව අවධානය යොමු කරමු. රත්නපුර දිස්ත‍්‍රික්කයේ කඩවත, මැද කෝරාළ දිසාවගේ පාලන ප‍්‍රදේශවලට අයත් විය (වර්තමාන බළන්ගොඩ, ඉඹුල්පෙ,  ඕපනායක, වැලිගෙපල ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශ). පසුව දඹවින්න දිසාව ද මහවලතැන්න දිසාවට අයත් විය. කොළන්න කෝරළය භාර ශ්‍රීමත් හෙන්රි විලියම් මඩුවන්වල මහා දිසාවේ ද මහවලතැන්නේ ඥාතිවරයෙකු මෙන්ම මිත‍්‍රයෙකි. ඉංග‍්‍රීසීන්ට පක්‍ෂග‍්‍රහී බව පෙන්වමින් උපායශීලීව සිංහල ජාතික සටනට මහවලතැන්න මහා දිසාව දැක්වූ දායකත්වය ඔහුගේ චරිතය හා බැඳි කථා තුළ මනාව ප‍්‍රදර්ශනය වෙයි. නක්‍ෂත‍්‍රය අවුත්, දේශීය වෙදකමට මනා කුසලතාවක් මහා දිසාවේගේ තිබිණ. ඔහු විසින් සිය වලව් භූමියේ වගා කළ වටිනා දුර්ලභ ඔසු උයන තාමත් සුරැකිව පවතී.
බළන්ගොඩ නගරයේ සිට වැලිගෙපල ප‍්‍රධාන මාර්ගයේ සැතපුම් 6ක් පමණ ඇවිදින් ගල්ගොඩ ඉඹුලමුර හන්දියෙන් වමට සැතපුමක් පමණ ගිය විට දී හමු වන වර්තමාන මහවලතැන්න වලව්වේ නිර්මාපකයා ද සැමුවෙල් ඬේවි මහවලතැන්න මහ දිසාවයි. සිය සීයා වූ ඇන්.ඞී.එන්. මහවලතැන්න අදිකාරම්වරයා ගොඩ නැගූ වලව්ව අසලම වර්තමාන වලව්ව ඉදි කර ඇත. 1900-1911 අතරතුර කාලයේ නව වලව්ව ආරම්භ කර එහි වැඩ අවසන් කිරීමට මහා දිසාවේට හැකි විය. ඉංග‍්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පය අනුව සාදා ඇති වත්මන් වලව්වේ විශාල විසිත්ත කාමරයකින් සහ සුවිශාල නිදන කාමර හතරකින් යුක්තයි. සේවක කාමර කීපයක් සහ මුළුතැන්ගෙවල් දෙකකින් යුක්තයි. සොල්දරයක් සෑදීමට සැලසුම් කර තිබුණ ද ඉදි කර නොමැත. වලව්ව වටේම දිවෙන ඉස්තෝප්පුවක් තිබීම විශේෂයි. එහි ඇති ආරුක්කු වැටි විශාල අලංකාරත්වයක් ගෙන දෙයි. සියලූම දැව කොස්ය. දිසාවගේ අධිකරණ ශාලාව, කාර්යාල කාමරය, මහජන හමු වීම් ස්ථාන වලව් භූමියේම ඉදි කර තිබී ඇත. සිය වසකට අධික පාරට මහවලතැන්න වලව්ව එදා තත්ත්වයෙන්ම රැුක ගැනීමට නූතන හිමිකරුවෝ ද මහා වෙහෙසක් ගනිති.

පෙර සඳහන් කළ පරිදි මහවලතැන්න පරපුරේ අවසාන පිරිමියා වූයේ ද සැමුවෙල් ඬේවිඞ් මහවලතැන්නයි. ඔහුට සිටියේ ගැහැණු දරුවන් තිදෙනෙකි. එයින් වැඩිමහල් දියණිය විවාහ වූයේ කා සමග දැයි කිසිදු සඳහනක් නොවුව ද බාල දියණිය එල්ලාවල වලව්වට විවාහ වූවාය. මද්දුම දියණිය වූයේ රොස්මන් හිල්ඩා කොන්ස්ටන්ටයින් මහවලතැන්න කුමාරිහාමියි. ඬේවිඞ් සැමුවෙල් මහවලතැන්න මහ දිසාවේට අවශ්‍ය වූයේ තමාගෙන් පසුව සිය බූදලය පාලනය කිරීමට හා මහා දිසාවේකම පවරා දීමට සුදුසු අයෙකුට සිය මද්දුම දියණිය විවාහ කර දී බින්න බස්සවා ගැනීමටයි.

 

මුල්ම වලව්ව තිබූ ස්ථානයේ නටබුන්


ඒ අනුව මහනුවර මහයියාව වලව්වේ එවකට මර්කන්ටයිල් බැංකුවේ අයකැමියෙකු ලෙස සේවය කළ අබේරත්න රත්වත්තේගේ පුත් බාන්ස් රත්වත්ත බණ්ඩාර මහතාට සිය මද්දුම දියණිය විවාහ කර දී වලව්වේම බින්නබස්සවා ගත්තේය. මහේශාඛ්‍ය ලීලාවෙන් 1911 වසරේ පැවැති මෙම විවාහ මංගල උත්සවය සඳහා ලංකා ආණ්ඩුකාරවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් පැමිණි බව සනාථ වන ඡුායාරූප රැසක් මහවලතැන්න වලව්ව තුළ තාමත් සුරැකිව ඇත.

රොස්මන් බාන්ස් විවාහයෙන් ඉක්බිතිව බළන්ගොඩ පරණ පාරේ පනල්ගොඩැල්ලේ පිහිටි මහවලතැන්න මහා දිසාවටම අයත් තානායම් ගොඩනැගිල්ලේ ඔවුන් පදිංචි වූයේ මහවලතැන්න වලව්ව තුළ දරු ඵල ලැබීම කෙරෙහි බලපෑ හේතූන් නිසාවෙනි. තානායම් ගොඩනැගිල්ල නවීකරණය කිරීමෙන් පසුව එය හැඳින්වූයේ රත්වත්ත වලව්ව නමිනි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා බැඳි තොරතුරුවල දී මහවලතැන්න වලව්ව යැයි බළන්ගොඩ රත්වත්ත වලව්ව ද හඳුන්වා ඇත්තේ එම වලව්ව ද මහා දිසාවට අයත් දේපළක් බැවිනි.

1916 සැප්තැම්බර් 26 වැනි දින ඬේවිඞ් සැමුවෙල් මහවලතැන්න මහා දිසාවගේ අභාවයෙන් පසුව මහවලතැන්න වලව්ව රත්වත්ත වලව්ව ඇතුළු සියලූ දේපළවල උරුමය දියණිය වූ රොස්මන් හිල්ඩා කොන්ස්ටන්ටයින් මහවලතැන්න කුමාරිහාමිටත් මහා දිසාවේ තනතුර සිය සැමියා වූ බාන්ස් රත්වත්තටත් හිමි විය.

මහා දිසාවගේ මරණයෙන් ඉක්බිතිව 1940 දශකය වන තුරු මහවලතැන්න වලව්ව පාළුවට ගොස් තිබුණු වග සඳහන් වෙයි. පුංචි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු රත්වත්ත පවුලේ උදවිය වරින් වර මහවලතැන්න වලව්වට පැමිණ තිබේ.

මහවලතැන්න වලව්වේ වර්තමාන උරුමය ලැබුණු ආකාරය ද මෙහි දී සඳහන් නොකළොත් අඩුවකි. 1916 අපේ‍්‍රල් 17 රත්නපුර එල්ලාවල වලව්වේ උපන් ශ්‍රීමනී සිරිමාවෝ රත්වත්ත කුමාරිහාමි (බණ්ඩාරනායක මැතිනිය* පවුලේ වැඩිමලාය, ඉනික්බිති ෂෙල්ටන් රත්වත්ත, විමලාවෝ ෆැට්ෂියා රත්වත්ත, මැකී රත්වත්ත, ක්ලිපඞ් සේනක රත්වත්ත, සීවලී රත්වත්ත, රත්වත්ත පවුලේ දු දරුවන්ය. මැතිනිය ඉපදීමට පෙර විමලා සහ චන්‍ද්‍ර නමිනුත් දරුවන් දෙදෙනෙකු ඉපදී ටික දිනකින් මිය ගොස් ඇත. මෙකී අයගෙන් දැනට ජීවතුන් අතර සිටින්නේ සීවලී රත්වත්ත මහතා පමණි (උපාලි පුවත්පත් සමාගමේ සභාපති ලක්මිණි විජේවර්ධන මැතිනියගෙ පියා).

පිය උරුමයෙන් රොස්මන් හිල්ඩා කොස්ටෑන් මහවලතැන්න මැතිනියට අයත්ව තිබූ මේ සියලූ දේපළවලින් මහවලතැන්න වලව්ව හිමි වූයේ ඇගේ පුත් හිටපු අමාත්‍ය ක්ලිපඞ් සේනක රත්වත්ත මහතාටයි. එතුමාගේ දරුවන් දෙදෙනෙකි. ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සමාගමේ උප සභාපති, රත්නපුර මහා සමන් දේවාලයේ වර්තමාන බස්නායක කමල් රත්වත්ත සහ එංගලන්තයේ පදිංචි රොසිනි රත්වත්ත මහත්මියයි. තාමත් නිරෝගී සුවෙන් සුවිශාල සමාජ මෙහෙවරක යෙදෙන ක්ලිපට් රත්වත්ත මහතාගේ බිරිය බළන්ගොඩ හිටපු මහජන මන්ත‍්‍රීනි මල්ලිකා  රත්වත්ත මැතිනිය වර්තමානයේ මෙහි පදිංචිව සිටිමින් සිය දරුවන් දෙදෙනා වෙනුවෙනුත්, අනාගත පරපුර වෙනුවෙනුත් මහවලතැන්න වලව්ව නම් අනර්ඝ ජාතික වස්තුව පාලනය කරයි.


 



අදහස් (17)

ලෝකයේ පළමු අගමැතිනිය බිහිකළ මහවලතැන්න වලව්ව

සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 04:25 PM

බණ්ඩාර නායක මැතිනිය ප්‍රතාපවත් නායිකාවක්. රටට සේවයක් කලා. (නදී)

:       0       0

මුතු Wednesday, 02 July 2014 10:38 AM

වටිනා ලිපියක් (දී)

:       0       0

සන්ද්‍රා Saturday, 24 May 2014 12:16 AM

මැදමුලන වලව්වේ අරඹය ගැනත් ලියන්න (ස)

:       0       0

රාහුල් Thursday, 29 May 2014 09:30 PM

ඉතා වැදගත් ලිපියක්. තව මෙවැනි ලිපි පළකරන්න (නි)

:       0       0

චන්ද්‍රිකා Friday, 23 May 2014 12:39 PM

කියවන්න ආසා හිතෙන ලිපියක් (දිල්)

:       0       0

කුමාර Saturday, 24 May 2014 01:31 AM

ගොඩක් වැදගත් ලිපියකි. (නදී)

:       0       0

පාලිත රත්නායක Wednesday, 21 May 2014 12:07 PM

ආඩම්බර වෙන්න පුලුවන් ඉතිහාසයක්.(නදී)

:       0       0

සුලාරි Tuesday, 20 May 2014 08:48 PM

ඉතා වටිනා ලිපියක් (නි)

:       0       0

දිමුතු රාජපක්ෂි Friday, 06 June 2014 04:58 PM

අපේ පෞඩත්වයේ සංකේතයකි. මෙය අපේය රැකගමු මතුවටත් අපේ දේ (අ)

:       0       0

කුරේ Thursday, 22 May 2014 09:50 AM

ජාතික වස්තුවක් බවට පත් කලයුතු වේ (දී)

:       0       0

හර්ෂණ Wednesday, 21 May 2014 07:01 PM

ඉතා වටිනා ලිපියක්. (නි)

:       0       0

ගිම්හානි Friday, 23 May 2014 02:59 PM

මේ වගේම රත්වත්ත වලව්වේ කතාවත් ලියන්න (අ)

:       0       0

මාධවී Thursday, 22 May 2014 11:05 AM

බ්‍රාහ්මණ පෙළපත් කාරයෝ ඉන්නේ දකුණු පලාතේ. මැතිනියගේ ස්වාමි පුරුෂයත් එක්කෙනෙක්.(නදී)

:       0       0

රාජසිංහ Thursday, 22 May 2014 05:37 PM

මේ කතාව හරිම ලස්සනට ලියලා තියනවා. මේ වගේම රත්වත්ත වලව්වේ කතාවත් ලියන්න (නි)

:       0       0

සුසන්ත Saturday, 24 October 2015 08:55 PM

චාමින්ද දිසානායක නම් වූ  පොළවේ  පයගසා  ගැමිකම  නිහතමානීකම සැබෑලෙස  ඉස්මතුවන   මාධ්‍යවේදීන්  ඉතිහාසය  හාරා  අවුස්සා  රසකර  ලිවීම  පුදුමයක්  නොවන්නේ  ඔහු  මා  හඳුනාගත්  සැබෑම කලාකරුවෙකු නිසාය. සුභ පැතුම් චාමින්ද! (නි)

:       0       0

සඳුනි Wednesday, 21 May 2014 09:36 PM

සබරගමුවේ අභිමානවත් ඉතිහාසයෙන් බිදකි. (අ)

:       0       0

අජන්ත ප්‍රභාත් බළන්ගොඩ . Friday, 23 May 2014 07:16 PM

බලන්ගොඩ අපිට ආඩම්බරයක් ...ඉතා වැදගත් තොරතුරු ගොඩක් දැනගත්තා මේ ජායාරුප ටික ගොඩක් වටිනවා අනාගත පරපුරට. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 707 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site