IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලංකාවෙන් අහසට යවන චන්ද්‍රිකාව

අපේම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීම මීට වසර දෙකක් යන තෙක්ම අප රට තුළ තිබූ සැබෑ නොවූ සිහිනයකි. නමුත් අද වන විට ඒ සිහිනය සැබෑවෙමින් පවතී. 2015 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවෙන් ප‍්‍රථම වරට චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත වන්නේ නූතන ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය රන් අකුරුන් ඉතිහාසයේ සටහන් තබමිනුයි යැයි චන්ද්‍රිකාව ගුවන්ගත කරන ශ්‍රී ලාංකීය සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා අප සමග කතාවට මුල පිරුවේ අභිමානවත් ආඩම්බරයක් මෙන්ම විස්තර කළ නොහැකි සතුටිනි. ගෑස් පිරවූ බැලූනයක් ගුවනට එක්කරන මෙන් සරළ නොවූ චන්ද්‍රිකා තාක්ෂණයෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමේ මාතෘකාව සරළ නොවූ නිසාම, බොහෝ කරුණු අපි ඔහුගෙන්ම දැනගන්නට උත්සාහ ගත්තෙමු. Supreme group සමාගමේ සභාපතිත්වය දරණ ආර්.එම් මනිවන්නන් තරුණ ව්‍යාවසායකයාට, අනාගතයේ කෙදිනක හෝ චන්ද්‍රිකාවක් ගුවන්ගත කළ යුතු බවට අදහස පහළ වී ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. උසස් අධ්‍යාපනය හදාරණ කාලයේදී  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටි මාගේ මිතුරෙක් ලංකාවට පැමිණියේ ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා. ඔහු ලංකාවට එන්න කලින්, අපේ රට පිළිබඳ බොහෝ තොරතුරු සොයා තිබෙනවා. ලොව ප‍්‍රසිද්ධ තාරකා විදාඥයකු වූ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා සිටින රට ලෙසටයි ඔහු ශ්‍රී ලංකාව විශේෂිකරණය කර තිබුණේ. ශ්‍රී ලංකාවට ආපු මාගේ මිතුරා මහත් ආඩම්බරයෙන් කතා කළේ ආතර් සී ක්ලාක් ශ්‍රීමතාණන් ගැන. භූගෝලීය කක්ෂගත චන්ද්‍රිකා තාක්ෂණය සොයා ගෙන තිබුණේ ඔහු. ක්ලාක් ශ්‍රීමතාණන් සොයා ගත් එය CLARKE ORBIT යන නමිනුයි නම් කර තිබුණේ. මේ කරුණු ඇහුව්වාම මටත් හිතුණා ඇයි අපිට අනාගතය වෙනුවෙන් යමක් කළ නොහැකි කියා. ශ්‍රී ලාංකිකයන් බොහෝ විට පුරුදු වී සිටින්නේ ලාබම දෙයක් පිටරටකින් වැඩි මුදලක් දී ගැනීමට හෝ මිල වැඩි දේවල් වලින් කොමිස් අරං, රට නඩත්තු කරන්න. ලෝකයේ දැනට චන්ද්‍රිකා තාක්ෂණය හිමි රටවල් තිබෙන්නේ හතළිස් හතරක් පමණයි. එම රටවල් ගොන්නට එකතුවන හතළිස් පස්වැනි රට ශ්‍රී ලංකාව. ‘‘සුප්රීන් සැට්’’ යන නමින් නම්කර තිබෙන මෙම චන්ද්‍රිකාව ගෝලීය කක්ෂගත චන්ද්‍රිකාවක් (GEO) ලෙසට අභ්‍යාවකාශ ගත කරන්නේ පොළොව මට්ටමේ සිට කිලෝ මීටර් තිස් හයදහසක් දුරින් සන්නිවේදන චන්ද්‍රිකාවක් ලෙසට. චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ ස්ථාන තුනක් පවතිනවා. ඒ, පහළ පෘථිවිගත චන්ද්‍රිකා (LEO) මධ්‍ය පෘථිවිගත චන්ද්‍රිකා (NEO) සහ භූගෝලීය කක්ෂගත චන්ද්‍රිකා (GEO) වශයෙනි. කිලෝ මීටර් 80-2000 අතර දුරින් පිහිටන පහළ පෘථිවිගත චන්ද්‍රිකා සියයට 48ක් පමණ ලොව පුරා තිබෙන අතර, මධ්‍ය පෘථිවිගත චන්ද්‍රිකා සියයට 10ක් පමණ පවතින්නේ කිලෝමීටර් 2000-36000ත් අතර දුරිනි. භූගෝලී්‍ය කක්ෂගත චන්ද්‍රිකාවක් පවතිනුයේ කිලෝමීටර් 36000ක් දුරිනි. දැනට ලොව පුරා ආසන්න වශයෙන් චන්ද්‍රිකා නවසියයක් (900) පමණ ක‍්‍රියාත්මක වේ යැයි අනුමාන කෙරෙන අතර ඉන් තුන්සීය අසූ එකක් (381) භූගෝලීය කක්ෂගත චන්ද්‍රිකා වේ. ප‍්‍රථම භූගෝලීය කක්ෂගත සන්නිවේදන චන්ද්‍රිකාව ‘‘සින්කෝන් 2’’ වන අතර එය 1964 දී ඇමෙරිකාව විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ විස්තර විකාශනය කිරීම සඳහා ඉදිකර තිබේ. ඔහු නැවත කතාවට මුලපිරුවේය. ලොව පුරා චන්ද්‍රිකා තාක්ෂණය ඇති රටවල් 44ක් තිබුණත්, ශ්‍රී ලංකාව වැනි ආසියානු රටකට චන්ද්‍රිකාවක් නිර්මාණය කරන්න දායක වන්න බොහෝ දියුණු රටවල් කැමති වුණේ නැහැ. අපට උදව්කරන්න කැමති වුණේ චීන රජයට අනුබද්ධව ක‍්‍රියාත්මක කෙරෙනා චීනයේ ගේ‍්‍රට් වෝල් ඉන්ඩ‍්‍රස්ටීස් ආයතනය පමණයි. පසුව ශ්‍රී ලංකාවේ සුප‍්‍රීම් සැටලයිට් පෞද්ගලික සමාගම සහ චීනයේ ගේ‍්‍රට් වෝල් ඉන්ඩස්ටී‍්‍රස් ආයතනයත් සමග ඇතිකරගත් එකාබද්ධ ගිවිසුමට අනුව චන්ද්‍රිකාව නිපදවීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ, චීන සමාගමත් සමග ඇතිකරගත් ගිවිසුමේ කොටසක් ලෙසට. දේශීය වශයෙන් අභ්‍යාවකාශගාමින් පුහුණු කිරීමේ ඇකඩමියක් නුදුරු දිනයකදීම අප රට තුළ ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. චන්ද්‍රිකා තාක්ෂණය රට තුළම භාවිත කිරීමෙන් ලැබෙන ප‍්‍රයෝජන බොහෝය. ඉන් ප‍්‍රධානම වනුයේ වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් විදේශයන්ට ගලා ගිය විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකිවීමය. මීට අමතරව ජාත්‍යන්තර සන්නිවේදන පහසුකම අවම මිලට ශ්‍රී ලාංකික ග‍්‍රාහකයන්ට ලබාගත හැකි වීමද විශේෂිත කරුණකි. මෙරටින් ගුවන් ගත කෙරෙනා චන්ද්‍රිකා තාක්ෂණයෙන් සියයට 15ක් පමණ මෙරට සන්නිවේදන අවශ්‍යතා සඳහා භාවිත කිරීමට නියමිතය. ඉතිරිය බංග්ලාදේශය, බුරුමය, ඇෆ්ගනිස්ථානය, නේපාලය වැනි රටවලට ලබාදී එම දකුණු ආසියානු රටවලින් සැලකිය යුතු විදේශ විනිමයක් රට තුළට ගෙන්වා ගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති. දේශීය සන්නිවේදන සමාගමකට දකුණු ආසියානු රටවලට පහසුකම් සැපයීමට ලැබීමත් ලැබූ ජයග‍්‍රහණයක් වෙනවා. ශ්‍රී ලංකාවෙන් ගුවන්ගත කෙරෙන චන්ද්‍රිකාවේ අට්ටාලය (ප්ලැට්ෆෝම්) දැනට කොග්ගල ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියම කර තිබේ. චන්ද්‍රිකාවක් නිපදවීමේදී අවශ්‍ය කෙරෙන ශ‍්‍රම ශක්තිය විශාල නිසාම හෝ නිර්මාණය වී ඇති රැකියා වර්ග ප‍්‍රමාණයද සිය ගණනකට හෝ වැඩිය. විද්‍යාඥයින්, අභ්‍යාවකාශ තාක්ෂණ ශිල්පීන්, අභ්‍යාවකාශ පිළිබඳ භෞතික විද්‍යායින්, ගුවන්යානා ශිල්පීන්, අජටාකාශ විද්‍යායින් ඇතුළු තාක්ෂණ හා විද්‍යාව විෂය පථය තුළ දිග හැරෙන රැකියා රාශියක් මේ තුළින් නිර්මාණය වී තිබේ. එමෙන්ම මේ වන විට මෙම භාරදූර කාර්යයන් සඳහා රැකියා ඉල්ලූම්පත් එක්දහස් දෙසියකට ආසන්න ප‍්‍රමාණයක් ලැබී ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. ලොවපුරා භාවිත කෙරෙන සමස්ත චන්ද්‍රිකා වලින් සියයට 48ක් වාණිජ කටයුතු සඳහා භාවිත කෙරේ. එනම් චන්ද්‍රිකා රේඩියෝ,  චන්ද්‍රිකා රූපවාහිනි සහ අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා. ඉතිරි සියයට 25ක ප‍්‍රමාණයක් භාවිත කරනුයේ යුද්ධ කටයුතු සඳහාය. ඉතිරි සියලූ චන්ද්‍රිකා තාක්ෂණය සමස්තයක් ලෙසට ලොවපුරා භාවිත කරනුයේ රාජ්‍ය සහ සිවිල් ක‍්‍රියාකාරකම් සඳහාය. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අභ්‍යාවකාශ තාක්ෂණ විද්‍යාලය ගොඩ නැගීමට  ඔයැ ිමචරුපැ ටරදමච  ආයතනය ඇමෙරිකානු ඩොලර් මිලියන විස්සක් පමණ වෙන්කර තිබෙන අතර, එයද නුදුරු දිනයකදී ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට නියමිතය. ඒකාබද්ධ ව්‍යාපෘතියේම කොටසක් ලෙසට එය ආරම්භ කෙරේ. චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම ඉතිහාස ගත කිරීමම නොවේ අපගේ මූලික පරමාර්ථය. එමගින් අප බලාපොරොත්තු වෙනවා අභ්‍යාවකාශ හා චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ වූ විද්‍යාව මෙරට තුළ ව්‍යාප්ත කිරීමට. ඊට අමතරව දහස් ගණනක් වූ තරුණ ජනතාව දිරි ගන්වන්නත්, අභ්‍යාවකාශ ගැන දැනුමෙන් ජනතාව පෝෂණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ලොව ශීඝ‍්‍රයෙන් දියුණ වන රටවල් අතරට එක් වූ චීනයේ අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම මෙන්ම ශ්‍රී ලංකාවේ විද්‍යාවේ සහ තාක්ෂණයේ දැනුමත් එකට එක් කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ නව ලොව තුළට ශක්තිමත් දොරටුවක් විවර කිරීම. මෙම ව්‍යාපෘතිය තුළින් පුහුණු ශ‍්‍රමිකයන් වඩ වඩාත් වැඩිකර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතුළු කර ගැනීමට ද බලාපොරොත්තු වේ. ලොව ප‍්‍රථම චන්ද්‍රිකාව වන ‘‘ස්පුට්නික්’’ ඉදිකර ගුවන්ගත කිරීමේ ගෞරවය හිමිවන්නේ රැුසියානු ජාතිකයන්ටය. අද වන විට සන්නිවේදන චන්ද්‍රිකා එකසිය පනහක් පමණ ලොව වටා ක්‍ෂකගතවී ඇති අතර, එයින් බහුතරයක හිමිකරුවන් වන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදය හෝ එහි සමාගම්ය. ලෝකයේ චන්ද්‍රිකා හිමිකාරත්වය හිමි ප‍්‍රධාන රට ලෙසට රුසියාව ප‍්‍රසිද්ධ වී ඇති අතර ඔවුන් සතු චන්ද්‍රිකා ප‍්‍රමාණය 95 කි. ලොව දෙවැනි ස්ථානයට පත්වෙන චීනය සතු චන්ද්‍රිකා ප‍්‍රමාණය 58 කි. ඔහු අවසානය සනිටුහන් තැබුවේ මෙසේය. ‘‘ශ්‍රී ලාකාවෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට බලාපොරොත්ු වන බව මීට වසරකට පෙරදී මම වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැවසුවෙමි. ඔහු බොහෝ සෙයින් සතුටු වුණා. නමුත් ඒ වෙනුවෙන් රජයට මුදල් වෙන්කරන්න විදිහක් නැහැ. පෞද්ගලිකව මුදල් වියදම් කර චන්ද්‍රිකාවක් නිපදවනවානාම්, ඊට අදාළ සියලූ සහයෝගයන් ජනාධිපති වශයෙන්, ඔහුත් රජයත් ලබාදීමට සූදානම් බව ඔහු ප‍්‍රකාශ කළා. ඒ වගේම උපරිම සහයෝගයක් ලබා දී තිබෙනවා. ලංකා ආයෝජන මණ්ඩලයත් ලබාදුන් සහයෝගය උපරිමයි.

සටහන - අසුන්තා එදිරිසූරිය / ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය
ද සුපී‍්‍රම් ගෲප් සභාපති ආර්. එම්. මනිවානන්



අදහස් (0)

ලංකාවෙන් අහසට යවන චන්ද්‍රිකාව

ප්‍රසංග Tuesday, 14 August 2012 07:39 PM

නියමයිනේ.. ලාංකිකයෙක් විදියට ගොඩක් ආඩම්බරයි.. හැමදෙයක්ම සාර්ථකව ඉතා ඉක්මනින් කරන්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා..!!(නු)

:       0       0

වජිරවංශ Tuesday, 28 August 2012 10:16 AM

රට දියුණු කරන්නට මේ වගේ දේ කෙරෙන්න ඕන..සුභ පැතුම්..(ස)

:       0       1

වසන්ත Thursday, 16 August 2012 02:32 PM

කාද්ද යවන්නේ හරියටම

:       0       0

ෂෙහාන් Thursday, 16 August 2012 08:01 PM

මෙය සාර්ථක වීමට එක සිතින් සුභ පතනවා..........

:       0       0

බණ්ඩාර Sunday, 12 August 2012 07:25 PM

යවන කල් මම විශ්වාස කරන්නේ නැහැ

:       0       0

විමලා Saturday, 18 August 2012 10:25 PM

ඇත්තෙන්ම හරිම සතුටුක්. (නි)

:       0       0

මාරසිංහ Tuesday, 14 August 2012 12:46 PM

ලංකාවෙ මේවට යන කාලය සහ මුදල් හොරකම නිසා මට නම් කිසිම සතුටක් නැහැ.. උදාහරණ ලෙස අධිවේගී මාර්ගයට අවුරුදු 25ක්, කටුගස්තොට පාලම අවුරුදු 6ක්, ගම්පල නුවර පාර අවුරැදු 8ක්, මහවැලි ව්‍යාපාරයෙන් පස්සේ දකුණු ආසියාවෙ කෝටිපතියා ලංකාවෙ ඇමතිකෙනෙක්.. ඉතිං ඇයි අපි සතුටුවෙන්නෙ..!!(නු)

:       0       0

කුරේ Friday, 17 August 2012 04:39 PM

මම මේ ඉතිහාසගත දිනය පැමිණෙන තුරු බලා සිටිමි. (නි)

:       0       0

මංජුල Tuesday, 14 August 2012 12:49 PM

මොන බොරුද ඡන්දේ ලගයිනෙ (දී)

:       0       0

රුවන් Tuesday, 04 September 2012 04:00 PM

ලාංකිකයෙක් විදියට මේ වගේ‍ දෙයක් අහන්න ලැබීම පිළිබදව මම ඉතාම සතුටු වෙනවා. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 14 August 2012 12:53 AM

ගොඩාක් හොදයි

:       0       0

රංජිත් Sunday, 12 August 2012 07:52 PM

ලාංකිකයන්ගේ දැනුම ලොවට පෙන්වන්න හොඳ අවස්ථාවක් (අ)

:       0       0

චමින්ද Wednesday, 15 August 2012 05:19 PM

සුභ පැතුම්! (නි)

:       0       0

සමීර Wednesday, 15 August 2012 05:31 PM

ගෘහ සේවයට ගිය කාන්තාවන්ට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් තම ස්වාමි පුරුෂයන්ට කතා කිරීමේ හැකියාව ලැබීම ගැන සතුටුයි. (නි)

:       0       0

රසික නන්දන Sunday, 12 August 2012 08:13 PM

හොඳ වැඩක් (අ)

:       0       0

නන්දන Friday, 17 August 2012 05:09 PM

කොරියන් වල සිටින අපෙනුත් සුභ පැතුම්! (නි)

:       0       0

ජැක්සන් Friday, 17 August 2012 11:02 AM

වරුණ මොකෝ කතාවක් නැත්තේ? (නි)

:       0       1

නාමල් Thursday, 16 August 2012 09:37 AM

අයියෝ සල්ලි

:       0       0

සම්පත් ගමගේ Tuesday, 14 August 2012 08:47 PM

මම ඉත සිතින් සුභ පතනවා..!!(නු)

:       0       0

රොෂාන් Sunday, 12 August 2012 09:01 PM

ගන්නව නම් මෙන්න නියම ආදර්ශ. (ස)

:       0       0

සම්පත් Tuesday, 14 August 2012 08:48 PM

සුභ පැතුම් මගෙන්. (නි)

:       0       0

වෝල්ටර් ජයසිංහ Tuesday, 21 August 2012 12:16 PM

සුභ පැතුම්.. දැං අපට අපේ රූපවාහිනී නාලිකා ඉතා පැහැදිලිව නැරඹීමේ හැකියාව තිබෙනවා.. නමුත් අපේ රටේ විශාල දුරකථන කුළුනක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා කොළඹ නගරයේ ...(නු)

:       0       0

චතුරිකා සුබෝදිනි Tuesday, 21 August 2012 12:24 PM

සුභ පැතුම්!!!(ස)

:       0       0

රොහාන් ජේ කුමාර Tuesday, 14 August 2012 02:14 PM

මම ඔබලාට සුභ පතමි..!(නු)

:       0       0

සුපුන් Wednesday, 12 December 2012 09:20 PM

නියම වැඩක්. ලංකාවේ සන්නිවේදනය ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි. හැබයි මෙවට ඊර්ෂියා කරන අයත් නැතුව නොවේ. (අ)

:       0       0

දයාරත්න Monday, 13 August 2012 11:58 AM

හීනයක් තමයි (දී)

:       0       0

සි Sunday, 12 August 2012 09:39 PM

අපේ රට මේ වගේ දියුණු වෙනකොට කොච්චර ආඩම්බරද? වර්තමානයේ පවතින හොරකම් ,මිනීමැරුම් ,දුෂණ වගේ දේවල් නැතිවෙලා , රටේ පාලකයනුත් අවංක හිතින් මේ රට ආරක්ෂා කරනවා නම්, අපේ පුංචි ලංකාව මේ ලෝකේ වටිනාම රට වෙනවා. (නි)

:       0       0

Silva Sunday, 12 August 2012 09:44 PM

අපේ රට මේ වගේ දියුණු වෙනකොට කොච්චර ආඩම්බරද , වර්ථමානයේ පවතින හොරකම් ,මිනීමැරුම් ,දුෂණ,මේ දේවල් නැතිවෙලා , රටේ පාලකයෝත් අවංක හිතින් මේ රට ආරක්ෂා කරවනම් .අපේ පුංචි ලංකාව මේ ලෝකේ වටිනාම රට වෙනවා ..

:       0       0

සිල්වා Sunday, 12 August 2012 09:48 PM

අපේ රට මේ වගේ දියුණු වෙනකොට කොච්චර ආඩම්බරද , වර්ථමානයේ පවතින හොරකම් ,මිනීමැරුම් ,දුෂණ,මේ දේවල් නැතිවෙලා , රටේ පාලකයෝත් අවංක හිතින් මේ රට ආරක්ෂා කරවනම් .අපේ පුංචි ලංකාව මේ ලෝකේ වටිනාම රට වෙනවා ..

:       0       0

ජනබ් දීන් ෆරීඩ් Monday, 13 August 2012 12:05 PM

හොද අදහස (දී)

:       0       0

තිලෝ Sunday, 19 August 2012 09:11 AM

කාලෙකට පස්සේ හිතට සතුටක් දැනෙන පුවතක් දැක්කේ. (නි)

:       0       0

අනුරාධ Sunday, 12 August 2012 10:26 PM

ඉතා අගනා වැඩක්. සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)

:       0       0

ගාමිණි Sunday, 12 August 2012 10:32 PM

මේක අනාතගය වෙනුවෙන් හොද අවස්ථාවක්. (නි)

:       0       0

ප්‍රේමන්ත Tuesday, 14 August 2012 10:14 PM

ආඩම්බරයි..!! සුභ පැතුම්..!(නු)

:       0       0

ඉසුරු Monday, 13 August 2012 12:27 PM

නියම වැඩක් .ජය වේවා (දී)

:       0       0

ඡායා Friday, 17 August 2012 08:13 PM

මෙය සිහිනයක් නොවේවා! (නි)

:       0       0

ප්‍රියන්ත සෞදි අරාබිය. Saturday, 18 August 2012 01:10 PM

මේ රටේ තියෙන දූෂණය නාස්තිය නැති කළෙහොත් වසරකට එක ගානේ චනිද්‍රකාවක් ගුවන් ගත කරන්න පුළුවන්. කරන වැඩේ අවන්කව කරන්න. අපෙන් සුභ පැතුම් (අ)

:       0       0

ලාල් Friday, 24 August 2012 09:26 PM

සතුටුදායක පුවතක් (නි)

:       0       0

චරිත් Friday, 17 August 2012 08:54 PM

ඇත්තටම හොද වැඩක්. (නි)

:       0       0

සෙනේෂ් Wednesday, 15 August 2012 08:32 PM

ඇයි අපට බැරිද මෙහෙම දේවල්? දැන් පේනවනේ. සුභ පැතුම්! (නි)

:       0       0

සදුන් Thursday, 16 August 2012 11:48 AM

අපි ඇත්තටම ආඩම්බර විය යුතුයි මේ සංවර්ධනය ගැන.. අපි ඝෘණාත්මකව නොසිතිය යුතුයි... ජාතියක් හැටියට අපි ධනාත්මකව සිටිය යුතුයි අපේ රට දියුණු කරන්නනම්..!!(නු)

:       0       0

මංගල Sunday, 12 August 2012 11:23 PM

මේවා දවල් හීන වෙයිද? (නි)

:       0       0

නීල් Friday, 17 August 2012 01:07 PM

ඇත්තටම මෙහෙම දේවල් සිද්ධ වෙනවානම් අපේ රට ගැන අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන්. (නි)

:       0       0

දනන්ජය Monday, 13 August 2012 01:27 PM

ගියාම කියන්නම් ගියා කියලා (දී)

:       0       0

හර්ෂ Monday, 13 August 2012 01:03 AM

සුභාපැතුම් ලංකා

:       0       0

සතිෂ් Monday, 13 August 2012 07:52 PM

හොඳ වැඩක් සාර්ථක වේවා. (අ)

:       0       0

ඉෂාර Wednesday, 15 August 2012 10:16 PM

නියමයි.....

:       0       0

කරුණාරත්න ගමගේ Monday, 13 August 2012 01:29 PM

නියමයි ඔහොම යන් (දී)

:       0       0

කසුන් Friday, 31 August 2012 10:10 AM

මේක හොද අදහසක්. මම සුභ පතනවා. (නි)

:       0       0

භාසුර Tuesday, 14 August 2012 10:12 AM

නියම කොල්ලෙක්...!!(නු)

:       0       0

චාමිකා Thursday, 16 August 2012 06:00 PM

නියමයි.ලාංකිකයෙක් වීම පිළිබදව ආඩම්බරයි. (නි)

:       0       0

මධූර Friday, 17 August 2012 08:00 AM

නියම වැඩක්. දෙවි පිහිටයි. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 28 August 2012 03:39 AM

උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

විමලසිරි Wednesday, 15 August 2012 11:30 PM

ඕකට තමා කියන්නේ වැඩ කරන මිනිස්සු කරලම පෙන්නනනවා කියලා. (නි)

:       0       0

පනාගොඩ Monday, 13 August 2012 04:05 AM

යනක්ල් විශ්වාස නැහැ

:       0       0

තිලක් Wednesday, 15 August 2012 07:03 AM

මගෙනුත් සීයක් ලියා ගන්න. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 13 August 2012 08:39 PM

හද පතුලෙන්ම මෙය ඉටු වේවායි පතමි. ජයවේවා. (අ)

:       0       0

ප්‍රසාද් Monday, 13 August 2012 08:42 PM

හද පතුලෙන්ම මෙය ඉටු වේවායි පතමි. ජයවේවා.

:       0       0

නිරෝෂි Friday, 17 August 2012 02:35 PM

කරලා බලමු. මගෙන් සුභ පැතුම්! හරිගියේ නැත්නම් හරියනකම්ම කරමු. කවදාම හරි හරියයිනේ. (නි)

:       0       0

සමන් Tuesday, 28 August 2012 07:48 AM

විශිෂ්ටයි. කෙසේ වෙතත් අසල්වැසියාට නම් වුට්ටක් දුක හිතෙයි, චීනයේ සහය ලබාගන්නා නිසා. පළමු වන වතාවේම ‘ලෝන්ච් ‘ නිවැරදි විය යුතුයි. නැත්නම් පාඩුව ප්‍රකෝටි ගණනන් විය හැකියි. (නි)

:       0       0

කමල් Wednesday, 12 December 2012 11:43 AM

අන්න වැදගත් වැඩ. ජය වේවා! (නි)

:       0       0

දමිත් Saturday, 18 August 2012 07:03 PM

ඉතාම හොදයි!!(නු)

:       0       0

හරීන් Sunday, 23 September 2012 12:12 PM

ෂා... නියම වැඩක් ජනාධිපතිතුමනි. හැබැයි හීනයක් විතරක් නම් කරන්න එපා. (නි)

:       0       0

ලලිත් කේ.එස්.ඒ. Saturday, 18 August 2012 07:46 PM

කිව නොහැකි තරම් සතුටක් මගේ සිතට දැනුණා.. මැදපෙරදිග රටවල ඉන්න අපට විශේෂයෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගීකරගෙන රෑපවාහිනී නාලිකා.. අඩු මුදලට දුරකථන පහසුකම්.. ලැබෙන්න ඇති හැකියාව වැඩි නිසා.. ඉත සිතින් සුභ පතමි..!!(නු)

:       0       0

රවිදු ශාලින්ද Friday, 17 August 2012 03:12 PM

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මුලුමහත් ශ්‍රී ලාංකික කාර්මික තාක්ෂණික ගමන් මාර්ගයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වේවී. (නි)

:       0       0

සුනෙත් Monday, 13 August 2012 07:57 AM

කාටද ආඩම්බර

:       0       0

අතුල Monday, 13 August 2012 03:16 PM

ඇත්තටම යවන්නද හදන්නේ (දී)

:       0       0

නාලක Monday, 20 August 2012 01:17 PM

චන්ද්‍රිකා තාක්ෂණය ලොවට හොයාගත් විද්‍යාඥෙයක් හිටිය අපේ රටේ. එතුමාත් හිටිය නම් කොයි තරම් සතුටු වෙයිද පරක්කු වෙලා හරි මෙම වෙන එක රටට වාසනාවක් ,.(ස)

:       0       0

රංජන් Monday, 13 August 2012 08:40 AM

ඉතා ඉක්මනින් මෙය ලොවට පෙන්වීමට හැකියාව ලැබේවා! (නි)

:       0       0

සරත් Monday, 13 August 2012 08:44 AM

මගේ හද පිරි සතුට ප්‍රකාශ කරමි. (නි)

:       0       0

නන්දන Monday, 13 August 2012 08:47 AM

අයියෝ සල්ලි

:       0       0

තිලකරත්න Friday, 17 August 2012 03:34 PM

මගෙන් තව 1000 කුත් ලියාගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 128 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5969 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 887 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1478 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 136 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 213 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site