IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ලංකාවේ ඡන්දය ඉන්දියානුවන් දැක්ක හැටි

SLTK-01-1

 

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත් වූ ජනාධිපතිවරණයන් ට වඩා මෙවර ජනාධිපතිවරණය වැඩි වශයෙන් අන්තර්ජාතික අවධානය ලබාගත් එකකි. වෙනත් රටක මැතිවරණ ප‍්‍රතිඵල තවත් රටක පුරවැසියන්ට කවරාකාරයකින්වත් බලනොපාන හෙයින් කවරකු බලයට පත් වූවත් ඔවුන්ට ඒ පිළිබඳ ව දැඩි උනන්දුවක් ඇති නොවේ. එමෙන් ම වෙනත් රටක මැතිවරණයක ජයග‍්‍රාහකයා කවුරුන් විය යුතු ද යන්න තවත් රටක පුරවැසියකුට දැඩි හැඟීමක් ද ඇති නොවේ.

 


එහෙත් මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලාංකිකයින් හා සමානව තමිල්නාඩු දෙමළ ජනතාවගේ ද නොමද අවධානයට ලක්විය. එමෙන්ම ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහකයා පිළිබඳ ශ්‍රී ලාංකිකයින්ටත් වඩා ඔවුන් උනන්දු විය. මෙරට පුරවැසියන් දෙපිලකට බෙදී අපේක්‍ෂකයන් දෙදෙනාටම සහාය පළකළ අතර විශේෂත්වය වන්නේ තමිල්නාඩු ජනතාව සියලූදෙනාම පාහේ එක් අපේක්‍ෂකයකුගේ පරාජය දැඩි නොඉවසිලිමත් භාවයකින් බලාපොරොත්තු වීමයි. දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන තමිල්නාඩුවේ පමණක් නොව මෙම තත්ත්වය අනෙකුත් රටවල ජීවත්වන දෙමළ ජනතාවගෙන් ද පැහැදිලිව දක්නට ලැබුණි. එනම් තමිල්නාඩුවේ ජීවත් වන සෑම දෙමළ ජාතිකයකුම අපේක්‍ෂා කළේ මහින්ද රාජපක්‍ෂගේ පරාජය යි. ඔවුන් මෛත‍්‍රීපාල සිරිසේනට සුවිශේෂී කැමැත්තක් නොදැක්වුවත් මහින්ද රාජපක්‍ෂ නැමැති යුද්ධයක් අවසන් කළ දැවැන්ත දේශපාලන චරිතය පරාජය කළ හැකි වීරයෙකු ලෙසයි මෛත‍්‍රීපාල සිරිසේන සැලකූයේ.


වෙනත් රටක මැතිවරණයක එක් අපේක්‍ෂකයකුගේ පරාජය තවත් රටක ජනතාවක් රතිඤ්ඤා පුපුරුවා හරිමින් ප‍්‍රීතිඝෝෂා නගමින් සැමරීම කිසිසේත් ම සදාචාර සම්පන්න නොවන බව තමිල්නාඩු ජනතාව විශ්වාස කළ ද මහින්ද රාජපක්‍ෂගේ පරාජය හමුවේ ඔවුන්ගේ සදාචාරය පිළිබඳ කිසිඳු තැකීමක් නොකොට ප‍්‍රීතිඝෝෂා නගනු තමිල්නාඩුවේ දී දක්නට තිබුණි. මෙරට නම් බහුතරය මෙසේ වීදි බැස ප‍්‍රීතිඝෝෂා නැගුවේ තමා සහාය පලකළ අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය සැමරීමට වුව ද තමිල්නාඩුවේ තත්ත්වය එයට හාත්පසින් ම වෙනස් විය.


‘‘පහුගිය කාල වකවානුවේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය රාජ්‍ය නායකයන් ට වුණ දේ මතකද? ඒ හැම කෙනෙකුගේ ම අවසානය බොහොම ඛේදනීය යි. ඒ ගැන තැකීමක් නැතිව සිංහල ජාතිවාදයෙන් ඔද වැදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන තිරයට මුවාවී මහින්ද රාජපක්‍ෂ දෙමළ ජනතාව සමූල ඝාතනය කරළා ආඩම්බරයෙන් ඒ ගැන උදම් ඇණුවා. ඉතින් එවන් පාලකයෙක් පැරදුණා කියළා දැනගත්තා ම තමිල්නාඩුවේ අපි විතරක් නෙවෙයි ලෝකෙ හැම තැනම ඉන්න දෙමළ ජාතිකයන් සතුටු වෙනවා.” තමිල්නාඩුවේ හිතවතෙක් කීවේය.


චෙන්නායිහි දී මා හට කියවන්නට ලැබුණු සෑම සති අන්ත, දිනපතා සහ සන්ධ්‍යා පුවත්පතකම එක් පොදු සිරස්තලයක් විය. එනම් ‘රාජපක්‍ෂට අන්ත පරාජයක්’ යන්නයි. ජයග‍්‍රාහකයා පිළිබඳ පුවත්පත් වල තිබුණේ නාම මාත‍්‍රික සඳහනක් පමණි. සමහර පුවත්පත් ජයග‍්‍රාහකයා පිළිබඳ සටහන් නොකොටම මහින්ද රාජපක්‍ෂගේ පරාජය හා හමුදා කුමන්ත‍්‍රණයක් පිළිබඳ ව පමණක් වාර්තාකොට තිබුණි. ඒ සෑම පුවත්පතක් ම වාගේ දීර්ඝව වාර්තාකොට තිබුණේ බලය අතහැරීමට අකමැති රාජපක්‍ෂ හමුදා කුමන්ත‍්‍රණයකින් නැවත බලය ඇල්ලීමට ගත් අසාර්ථක ප‍්‍රයත්නයක් පිළිබඳව ය. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වන අතරතුර ම පරාජය පිළිබඳව දැනගත් ඔහු ත‍්‍රිවිධ හමුදාපතිවරුන් කැඳවා රටේ හදිසි නීතිය පනවා හමුදා කුමන්ත‍්‍රණයකට සූදානම් වන්නැයි ඔවුන්ට අණදුන් බවත් ත‍්‍රිවිධ හමුදාපතිවරු එයට එකඟ නොවූ හෙයිනුත් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ඇතුළු පිරිස කලින් සිටම මෙවන් තත්ත්වයක් උද්ගත වුවහොත් ගත යුතු ක‍්‍රියාමාර්ගයන් ට සූදානමින් සිටි හෙයිනුත් කරන්නට දෙයක් නැති තැන පිටවී ගිය බවත් මහින්ද රාජපක්‍ෂගේ සහෝදරයන් දැනටමත් පිටරටවලට රහසිගතව පැනගොස් ඇති බවත් ඉතාමත් වෛරී සහගත ආකාරයකින් වාර්තා කොට තිබුණි.


මැතිවරණ ප‍්‍රතිඵල අතරතුර තම පරාජය කලින් ම දැනගත් හිටපු ජනාධිපතිතුමා සාමකාමී ලෙස බලය අතහැර ගිය බවක් ශ්‍රී ලාංකීය මාධ්‍ය සියල්ලක් ම පාහේ වාර්තා කොට ප‍්‍රශංසා කළ අතර තමිල්නාඩු මාධ්‍යය මගින් ප‍්‍රචාරය කොට තිබුණේ ඉහත කී හමුදා කුමන්ත‍්‍රණය පිළිබඳව ය. මේ නිසා තමිල්නාඩු දෙමළ ජනතාවට දැනටමත් වහකදුරු මෙන් වන මහින්ද රාජපක්‍ෂ පිළිබඳව ඇති වෛරය හා අප‍්‍රසන්න භාවයට තමිල්නාඩු මාධ්‍යය, මාධ්‍යය සදාචාරයන්ටත් පටහැනිව උඩගෙඩි දී ඇති බවක් ඉතා පැහැදිලි ව දක්නට තිබුණි. කිසිඳු පුවත්පතක් හෝ රූපවාහිනී, ගුවන්විදුලි නාලිකාවක් හෝ මහින්ද රාජපක්‍ෂගේ සාමකාමී නික්ම යෑම වාර්තා කළේ නැත.


තමිල්නාඩු ධීවර ප‍්‍රශ්නයට නව රජය විසඳුමක් ලබා දෙයි ද?


තමිල්නාඩු ධීවර ප‍්‍රශ්නය ද දිගු කලක් තිස්සේ ඇදෙමින් පවතින ප‍්‍රශ්නයකි. ශ්‍රී ලංකා නාවික හමුදාව තමිල්නාඩු ධීවරයින්ට පහර දීම්, ඔවුන් අල්ලාගත් මසුන් හා දැල් ඔවුන්ගෙන් බලහත්කාරයෙන් උදුරා ගැනීම්, බෝට්ටුත් සමඟ ධීවරයන් අල්ලා සිරගත කිරීම් වැනි විවිධාකාර අඩන්තේට්ටම් වලට මුහුණ පෑ තමිල්නාඩු ධීවරයින්ට නව රජය යටතේ විසඳුම් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.


මේ පිළිබඳව තමිල්නාඩු දේශීය ධීවර මහා සභාවේ සභාපති ඉලංගෝ සමඟ පැවැත් වූ දුරකතන සංවාදයක දී ඔහු පැවසූයේ තමිල්නාඩු ධීවරයින් පාරම්පරිකව කච්චතීවු දූපතේ මසුන් ඇල්ලීමේ යෙදෙන බවත් පසුගිය කාල වකවානුවේ ඔවුන්ට එල්ල වූ ප‍්‍රහාර වල වර්ධනයක් සිදු වී ඇති බවත් ය. එමෙන්ම නව ජනාධිපති ලෙස මෛතී‍්‍රපාල සිරිසේන පත්වීම තමිල්නාඩු ධීවරයින්ට සතුටට කරුණක් බවත් ඔවුන්ට අවහිරයකින් තොරව ධීවර කර්මාන්තයේ යෙදීමට අවශ්‍ය පසුබිම සකසා දෙන මෙන් දෙරටෙහිම නායකයින්ගෙන් ඉල්ලා සිටින බවත්ය.


සමස්ථයක් ලෙස තමිල්නාඩු ධීවර ජනතාව මෛත‍්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීම පිළිබඳ සතුටුවන අතර රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යව සිටි වකවානුවේ මෙම ප‍්‍රශ්නය පිළිබඳ එවකට ඉන්දීය අග‍්‍රාමාත්‍ය වූ අතල් බිහාරි වජ්පායි සමඟ සාකච්ඡුා පැවැත් වූ අයුරින් මෙවර ද අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කොට විසඳුම් ලබාදෙනු ඇතැයි විශ්වාස කරයි.


කරුණානිධි විසින් සිරිසේන වෙත
මේ අතර මහින්ද රාජපක්‍ෂගේ පරාජයත් සමඟම ද්‍රවිඩ මුන්නේට‍්‍ර කළහම් පක්‍ෂයේ නායක මු. කරුණානිධි ප‍්‍රකාශ කර සිටියේ යමෙකුගේ පරාජය හමුවේ සතුටුවීම දෙමළ ජනයාගේ සිරිත නොවූවත් දෙමළ ජනයාගේ පොදු සතුරා ලෙස සැලකෙන ‘රාජපක්සේ’ ගේ පරාජය පිළිබඳ සමස්ථ දෙමළ ජනතාව මෙන් ම තමා ද සතුටු වන බවයි.


බලයට පත් වූ නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තම ජයග‍්‍රණයට විශාල වශයෙන් දායක වූ දෙමළ ජනතාව අමතක නොකොට මහ ජාතිය සුදුජාතිය ලෙස ඔවුන් වර්ග නොකොට සැවොම එකම රටක පුරවැසියන් ලෙස සලකා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමානාත්මතාවය ඇතිකොට යහපාලනයක් ගෙන යන ලෙසත්, දෙමළ ජනතාවගේ සෑම අයිතිවාසිකමක් ම ලබා දී, ගෞරවනීය ජීවන තත්ත්වයක් ඔවුන් ට උදාකර දෙන ලෙසත් කරුණානිධි නිවේදනයක් නිකුත්කොට සඳහන් කළේය.


උතුරු නැගෙනහිර පළාත්වල අධ්‍යාපන, සෞඛ්‍ය, යටිතල පහසුකම් ආදී සියලූ අවශ්‍යතාවයන් ලබා දී එම ප‍්‍රදේශවල ජන ජීවිතයට තර්ජනයක් වී ඇති අධි ආරක්‍ෂිත කලාප සහ හමුදා ඉවත් කරන ලෙසත්, එම ප‍්‍රදේශවල සිංහල ජනයා පදිංචි නොකරන ලෙසත්, දෙමළ ජනතාවගෙන් උදුරා ගන්නා ළද දේපල යළි ඔවුන්ටම ලබාදෙන ලෙසත්, තමිල්නාඩු අනාථ කඳවුරුවල සිටින දෙමළ ජනතාව නැවතත් මව්රටට ගෙන්වා ගන්නා ලෙසත් තමා නව ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේ ය.


උතුරේ ජනතාව විසින් පත්කරගෙන ඇති පළාත් සභාවට අනවශ්‍ය ලෙස බලපෑම් නොකොට අවශ්‍ය බලතල ලබා දී ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසන ලෙසත්, සිංහල භාෂාවට මෙන් ම සම තැනක් දෙමළ භාෂාවට ද ලබා දී එය රාජ්‍ය භාෂාවක් බවට පත් කිරීමටත්, තමිල්නාඩු ධීවර ප‍්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබා දීමටත් කටයුතු කරන මෙන් කරුණානිධි සිරිසේනගෙන් ඉල්ලා සිටින්නේය.

 

M



අදහස් (0)

ලංකාවේ ඡන්දය ඉන්දියානුවන් දැක්ක හැටි

සිල්වා Sunday, 25 January 2015 01:20 PM

ඔය කාටත් ඕන උනේ මහින්ද පරදිනවා දකින්න (නදී)

:       0       0

කසුන් එංග්ලන්ඩ් Sunday, 25 January 2015 01:21 PM

''සිංහලයා මෝඩයා කැව්ම් කන්න යෝධයා''. කීමට ඇත්තේ එපමණකි. (නදී)

:       0       0

රංගන Saturday, 24 January 2015 12:04 AM

දෙමළ මුස්ලිම් මිනිස්සු තමන්ගේ ජාතිය වෙනුවෙන් ඡන්දය දුන්නා. එයාලා හරි. සිංහල මිනිස්සු බඩ වෙනුවෙන් ඡන්දය දුන්නා. බලනකොට එයාලත් හරි (නි)

:       0       0

රාජා Tuesday, 20 January 2015 09:10 AM

කොටි තස්ත්‍රවාදීන්ට අවශ්‍ය දේ සිදු වුණාද කියල හිතෙනවා (දිල්)

:       0       0

සිංහලයා Friday, 23 January 2015 09:51 AM

තව කාලයක් යද්දී හැමෝටම තේරේවි මහින්ද මහත්තයාගේ වටිනාකම (දිල්)

:       0       0

සිතුම් Sunday, 01 February 2015 10:01 AM

ප්‍රභාකරන් කිව්වා වගේ ලංකාවේ මිනිස්සුන්ට ඕන දෙයක් අමතක වෙනවා සුමාන දෙකෙන්. (නදී)

:       0       0

සිතුම් Sunday, 01 February 2015 10:01 AM

ප්‍රභාකරන් කිව්වා වගේ ලංකාවේ මිනිස්සුන්ට ඕන දෙයක් අමතක වෙනවා සුමාන දෙකෙන්. දෙකොන රත් වෙන්නේ බෝම්බ පිපිරුනොත් තමයි. හැබැයි එදාට පරක්කු වැඩියි. (නදී)

:       0       0

සිරිල් Wednesday, 21 January 2015 11:56 AM

මේ තවත් ජයග්‍රහකයෝ කොටසක් ලෝකයේ ඉන්න.(හේ)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 20 January 2015 08:48 PM

මංගල මොනවා කිව්වත් රාජපක්ෂගේ පරාජය පිලිබඳ රොයිටර් වාර්තාව සිංහල මිනිස්සු පිලිගන්නවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 102 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 84 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 35 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 84 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 52 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 579 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 598 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site