අනෝරා වැස්ස, මුරුගසන් වැස්ස, ධාරාණිපාත වැස්ස ගැන පුදුමයක්ද, විස්මයෙන්ද කථා කළ අප අද භීතියෙන් යුතුව අලූත් වැසි ගණනාවක් පිළිබඳ කථා කරමින් සිටින්නෙමු.
සති කිහිපයක් තිස්සේ රතු වැස්ස පිළිබඳ විවිධ ඉසව් ඔස්සේ තොරතුරු කථා කළ අපට මාළු වැස්ස සහ කහ වැස්ස ගැනද කථා කරන්නට ලැබී තිබේ.
කාර්මික තාක්‍ෂණ ආයතනය කළ පර්යේෂණවලින් පසු ප‍්‍රකාශකොට තිබුණේ රතු වැස්සේ ආසනික් හා රිදී බොහෝ තිබුණු බවකි.
ආසනික් පිළිබඳ බොහෝ පර්යේෂණ කළ විද්වතුන් පිරිසකගේ අවධානය ද මේ කෙරෙහි යොමු වූයේ මෙකී ප‍්‍රකාශ සමගය.
එම පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ඒ පිළිබඳව මෙසේ තම අත්දැකීම් ඉරිදා ලංකාදීප යට හෙළි කළේය.
අපි ආසනික් පිළිබඳ තොරතුරු සොයද්දී 2010 ඔක්තෝබරයේ නාසා ආයතනය කළ පර්යේෂණයක් ගැන තොරතුරු දුටුවා. රතු වැස්සේ ආසනික් අඩංගු බවත් ක්‍ෂුද්‍ර ජීවියකු සිටින බවත් යළි තහවුරු වීමත් සමගම අප 2010 පර්යේෂණය පිළිබඳව වූ වෙබ් අඩවිය යළි අධ්‍යයනය කළා.
එහි සඳහන් වූයේ 2010 වසරේදී ඇමෙරිකාවේ ගැඹුරු විලකින් සොයාගත් ක්‍ෂුද්‍ර ජීවියෙක් යොදා කළ පර්යේෂණයක් පිළිබඳවයි. එකී ජීවියා ප‍්‍රාථමික ක්‍ෂුද්‍ර ජීවියෙක්. (pronaryotic) මෙම ජීවියාද ඔවුන්ගේ නවතම සොයා ගැනීමක්. එම ජීවියාගේ ශරීරය තුළ ආසනික් ඇති බවත් එම ආසනික් අඩංගු සංයෝග ක්‍ෂුද්‍ර ජීවියා පිටකරන බවත් ඉන් කියැවුණා.
එකී ජීවියාගේ කි‍්‍රයාකාරීත්වය හේතුවෙන් එසේ ආසනික් අඩංගු සංයෝග පිටකරන බවයි සඳහන් වුණේ.
ඔවුන් විසින් එම ක්‍ෂුද්‍ර ජීවියාගේ ඡුායාරූපයක්ද වෙබ් අඩවියේ සඳහන් කොට තිබුණි. ඕනෑම කෙනකුටscience.nasa.gov/science-news/scicnec-at-nasa වෙබ් අඩවියට ගිහින් මේ කථාව කියවන්න පුළුවන්.”
ජීව රසායනික අවියක් ලෙස මේ ජීවියා යොදාගත හැකි බවත් එහි සඳහන්.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පරිසරයේ විෂ සංයෝග රැගෙන ඒවා තවදුරටත් විෂ සහිත කොට මුදා හැරීමට මේ ජීවියා සතු අපූරු හැකියාවයි.
මේ වෙබ් අඩවියේ පෙන්වන ඡුායාරූපයත් වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවට වැටුණු රතු වැස්සේ සිටින බවට ප‍්‍රකාශයට පත් කළ ජීවියාත් එක හා සමානයි. ඉතින් මේ රතු වැස්සත් ජීව රසායනික අවි පර්යේෂණයක ප‍්‍රතිඵලයකැයි අප සැක නොසිතිය යුතුද?”
වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකානු හමුදාවෝද ජෛව රසායනික අවි යොදාගත්හ. ඒ අවි හේතුවෙන් පසුකාලීනව වියට්නාමයට කහ වැසි ඇතිවිය. මෙම අවස්ථා දෙකෙහිදීම ඇතිවූ කහ වැස්සේ ජල සාම්පල පරීක්‍ෂාවේදී හෙළිවී ඇත්තේ එහි ප‍්‍රධාන සංඝටකය ලෙස පවතින්නේ ආසනික් බවය.
ආසනික් ජෛව රසායනික අවිවලදී බහුලව භාවිත කරන්නකි. ආසනික් වැනි මූලද්‍රව්‍ය ක‍්‍රියාකාරීත්වය උත්පේ‍්‍රරණය කිරීමට රිදී (silver) වැනි මූලද්‍රව්‍ය සමත්වෙයි. මේ නිසාම නාසා ආයතනය පර්යේෂණ සඳහා යොදාගත් ජීවියාත්, එකී ජීවියා සමග ආසනික් හා රිදී ලෝහයත් ශ්‍රී ලංකාවේ රතු වැස්සෙහි අඩංගුවීම හේතුවෙන් මේ ජීව රසායනික අවි අත්හදා බැලීමක ප‍්‍රතිඵලදැයි සැක කිරීම සාධාරණය.
මන්ද.... කේරළයේ රතු වැස්ස විශ්ලේෂණයේදී කිසිදු තැනකදී ආසනික හෝ රිදී අඩංගු යැයි හෙළිවූයේ නැත.
මේ ජීව රසායනික අවි පර්යේෂණයක ප‍්‍රතිඵල වන්නේ නම් සොයා බැලිය යුත්තේ එම අත්හදා බැලීම කළේ ඉන්දියාවේ සිටද ශ්‍රී ලංකාවේ සිටද යන්නය. රතු වැස්ස සම්බන්ධයෙන් පමණක් නොවේ තවත් අංශ ගණනාවක් ගැන සිතීමේදී ජාතික ආරක්‍ෂාව සම්බන්ධව විධිමත් ආරක්‍ෂක යාන්ත‍්‍රණයක් නැති බව පෙනී යයි.
ඕනෑම පර්යේෂකයකුට මෙරටට පැමිණිය හැකිය. හොරෙන් හෝ ප‍්‍රසිද්ධියේ පැමිණිය හැකිය. එතැන් පටන් එකී විදේශිකයා කරන්නේ කුමක්දැයි සොයා බැලීමක් සිදුවේද? ඒ සඳහා අඩුම තරමින් බුද්ධි අංශ හෝ කි‍්‍රයාත්මක වන්නේද? ශ්‍රී ලාංකේය අනන්‍යතාව වූ ගහකොළ මල් පැළෑටි සතුන් විදේශිකයන් හරහා හොර රහසේ විදේශ ගතවීමටත් අනතුරුව එකී ශාඛ හා සතුන් මෙරටින් තුරන්වී යාමටත් හේතු සොයා බලන්නට තවත් පමා විය යුතු නැත.
ඇමෙරිකානු ගුවන් යානා කිහිපයක් අනවසරයෙන් මෙරට ගුවන් සීමාවට ඇතුල් වී සිටිනු මීට මාස කිහිපයකට පෙර පිදුරුතලාගල රේඩාර් පද්ධතියට නිරීක්‍ෂණය විය. එම ගමනේදී යම් ජෛව රසායනිකයක් ගුවනේදී මුදා හැරියේ නම් ඒවා වැඞී රතු වැස්සක් සේ පොළවට ඇද හැළෙන්නට කාලය ප‍්‍රමාණවත් නොවේද?
රතුවැස්ස ගැන මීට පෙර ඉරිදා ලංකාදීපයේ තැබූ සටහන රතු වැස්ස හා එය ඇතිවූ ප‍්‍රදේශවල පාසල් දරුවන් යම් යම් අසාත්මිකතා ලක්‍ෂණ දැක්වීම මත යම් සම්බන්ධයක් ඇතැයි පෙනී යන බවට අදහසක් සටහන් කළෙමු. මේ වනතුරුත් බලධාරීන් රතු වැස්ස වෙනමම අධ්‍යයනයක් හා පාසල් දරුවන් අසාත්මකතා දැක්වීම පිළිබඳ වෙනමම පර්යේෂණත් මිස මේ දෙකේ යම් සබඳතාවක් ඇත්ද යන්න සෙවීමට කිසිදු අධ්‍යයනයක් සිදුකර නැත.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවේ රතු වැස්ස රසායනික අවි අත්හදා බැලීමක්ද?
උපාලි Thursday, 27 December 2012 10:47 PM
අනිවාර්යයෙන්ම
කමල් Tuesday, 25 December 2012 12:08 PM
ඇමරිකන්කාරයෝ උඩින් ගෙනල්ල දාලා දැන් බලන් ඉනනවාද දන්නෙ නැහැ අපිට මොනවද වෙන්නේ කියලා? (නි)
චන්ද්‍රසිරි Monday, 24 December 2012 10:40 PM
හොද ලිපියක්. (නි)
උපාලි එම්. Tuesday, 25 December 2012 10:50 PM
අමිල ඔබේ අදහසට මමත් එකග වෙනවා..!(නු)
එරංග Friday, 28 December 2012 12:48 AM
වෙන්න පුළුවන්....වෙන්න පුළුවන්.... (දී)
ධානා Monday, 24 December 2012 11:38 PM
ගයාන් මහත්තයා, මෙහෙම අදහස් ලියන්නේ දැනුමේ තියෙන බහුලකම නිසා වෙන්න ඇති. (නි)
නිකී Thursday, 03 January 2013 11:03 AM
මේක ධනේෂ්වර වාදී බටහිර වාදි ක්‍රමන්ත්‍රණයක් (ස)
දිලීප් Monday, 24 December 2012 09:56 AM
වගකිය යුත්තන් ඉන්නවද ...? (ස)
මුතුකුඩ Tuesday, 25 December 2012 02:12 AM
සමහර අවස්ථා වලදී බලවත් කියාගන්නා වු රාජ්‍යයවල් අප රට වැනි කුඩා භූමි දෙස බලන්නේ ඒ ඇත්තන්ගේ වාසියට යමක්කර ගැනීමට මිසක් රටට හෝ එම සමාජයට යහපතක් කිරීමට නොවන බව අතීත සිදුවීම් තුළින් අප උගත් පාඩම්ය. දැනුදු දියුණුයැයි කියාගන්නා ලෝකය රසායනික අත්හදා බැලීම් පමණක් නොව එවැනි නොයෙකුත් පරීක්ෂණයන් සදහාද මෙවැනි දේශයන් තෝරා ගැනිම සිදු නොවන්නේ යැයි කාටනම් කිව හැකිද? එවන් අවස්ථා වලදී පවා අපට කළහැකි වන්නේ මුනිවත රැකීම පමණි. (නි)
ලෙස්ටර් ද සිල්වා Tuesday, 25 December 2012 02:16 AM
ඒම හදුනානොගත් පියාසර වස්තූන් පිටසක්වලකින් ආවා විය හැකියි..!(නු)
සංජිව Sunday, 23 December 2012 04:08 PM
වෙන්නත් බැරි නැහැ (දී)
ඉෂාර Monday, 24 December 2012 11:15 AM
තව ටික දවසකින් ඔපපු වෙයි (දී)
ජනක Thursday, 27 December 2012 05:41 PM
අපි කෝකටත් සූදානම් ශරීරෙන් ඉන්න එක හොදයි. (නි)
ගාමිණි Thursday, 27 December 2012 09:59 AM
ඒකත් ඇත්තෙන්ම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
ඉන්දික ජයසිංහ Thursday, 27 December 2012 10:24 AM
ගයාන්ලා අදුරෙ අතපත ගාන අය. රටට අවශ්‍ය අමිල වැනි අයයි. (නි)
අමිල Monday, 24 December 2012 08:16 PM
ලංකාවෙ මිනිස්සු කොච්චර මෝඩද කියලා හිතෙනවා මේ වගෙ තියෙන අදහස් දැක්කම. ගයාන්ලා වගේ අයට ලංකාව ගැන කිසි හැගීමක් නැහැ. ලංකාවෙ මිනිස්සු කවදා හැදෙයිද? හොදින් තේරුම් ගන්න.හැදෙන්න ඕනෑ තමුන්; එතකොටයි රටක් හැදෙන්නේ. හරියට ආඞි හත් දෙනාගෙ කැද හැලිය වගේ. අනිත් අයට ඇගිලි දික් කරනවා. තමුන්ගෙන් රටට වෙන්න ඕනෑ දේ කරන්නෙ නැතුව. කොහොමත් ලංකාවෙ ඉන්න කුහක මිනිස්සුන්ට ඕකනෙ ලේසිම දේ. ඒකයි මේ රටට වෙලා තියෙන්නෙ.මේක මගෙ රට, රට ගොඩනගන්න ඕනෑ කියන හැගිම හැම කෙනෙක් තුළම තියෙන්න ඕනෑ. එතකොට තමයි අනාගත පරපුරට හොද රටක් තියෙන්නෙ. (නි)
බන්දුල Wednesday, 26 December 2012 07:37 PM
විනිතා ගමගේ මහත්මියට ස්තුතියි.මෙය ජීව විද්‍යාත්මක හෝ රසායනික අවි ප්‍රහාරයක් විය හැකියි, වැඩි විස්තර අන්තර්ජාලයෙන් බලා ගැනීමට පුළුවන්.http://www.nature.com/embor/journal/v4/n6s/full/embor849.html (නි)
නවීන් Tuesday, 25 December 2012 07:04 PM
මේක කීයටවත් රසායනික අවි අත්හදාබැලීමක් නම් වෙන්න බැහැ. (නි)
අබ්දීර් Wednesday, 26 December 2012 10:48 AM
බලවත් රටවල් සමග පවා හැප්පුණු අපේ විරුවෝ දැන් මේ මොකද කරන්නේ? (නි)
සදුන් Sunday, 23 December 2012 10:00 PM
වගකිවයුත්තන් නිහඩව ඉන්නේ ඇයි?(නු)
ගයාන් Monday, 24 December 2012 02:59 PM
ලෝකෙ මිනිස්සු ලංකාව වගේ රටවල් ගනන් ගන්නෙත් නැහැ.. මොන රසායනික අවිද? (ස)
මුතුකුඩ Thursday, 27 December 2012 09:04 PM
අමිල, කතාව දෝලාවෙන්, ගමන පයින්. (නි)
නිශාන් Wednesday, 26 December 2012 12:03 PM
ලොකු විනාසයක් 2013-2014 අතර වෙනවා (දී)
දිනූෂා Wednesday, 26 December 2012 12:20 PM
අමිලගේ කතාව ඇත්ත. (නි)