IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ලංකාවේ සියලුම වැසියෝ එක සමාන පුරවැසියෝය

ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරු මහ ජාතිය බවත් කාගෙවත් බලපෑම්වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවත් නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා කාත්තන්කුඩි ජුම්මා පල්ලියේ පැවැති ජනහමුවක දී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා ප්‍රකාශ කළේය.

ගෙවී යමින් තිබෙන්නේ අළුයට ගිනි පුපුරු සඟවාලනු ලැබූ කාලයකි. ප්‍රඥාවන්ත යෝධ මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් වශයෙන් සිදුවීමට නියමිතව තිබූ මහා විනාශ වළක්වාගත හැකි වූ බව කවුරුත් පිළිගත යුතුය. එබඳු ඥානාන්විත මැදිහත්වීමක් නොවුණේ නම් මේ රට යළිත් ලේ කුහරයක්වීමට ඉඩ තිබිණි.

එහෙයින් අවශ්‍ය වන්නේ රට සන්සුන් සංහිඳියාවකට පරිවර්තනය කිරීමට සමත් වැඩපිළිවෙළකි. එසේ නොවී අඬන්න සිටින එකාගේ ඇහැට ඇඟිල්ලෙන් අනින වර්ගයේ ප්‍රකාශ අප්‍රකාශිත බෝම්බ බඳු ය.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතුව තිබෙන්නේ ඉහත පරිසරයට සාපේක්ෂව ය. ඔහුගේ අරමුණ නොවිය හැකි වුවද එම වර්ගයේ ප්‍රකාශවලින් සිදුවන්නේ මිනිස් ආවේග ඇවිළීමය. මිනිස් සිත් කුපිතවීම ය. පරිශ්‍රමයක් දරා සන්සුන් කර ඇති සමාජයක් එබඳු අඝාත අඳුරකට ඇද දැමීමට කිසිවකුට හෝ අයිතියක් නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය නොකළ යුතු ප්‍රකාශයක් ලෙස හෙළා දැක තිබිණි. උගත් බුද්ධිමත් සමාජ ස්ථරයක් වෙතින්ද නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශයට දැඩි විරෝධය එල්ල වී තිබේ.

මුදල් ඇමැති මංගල සමරවීර මහතාද “මේ රට සිංහල බෞද්ධයන්ගේ රට නොවෙයි” යනුවෙන් ඉකුත්දා ප්‍රකාශ කළේය. අදාළ ප්‍රකාශයට සංඝ සමාජයෙන් බලවත් විරෝධයක් එල්ල වූ අතර මංගල සමරවීර ඇමැතිවරයාට එරෙහිව සංඝාඥාවක්ද නිකුත් කෙරිණි. මංගල සමරවීර ඇමැතිවරයා “මේ රට සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකිකයන්ගේ රට” යැයි ප්‍රකාශ කරන විට නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවද ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතිය බවය.

දෙදෙනාගේම ප්‍රකාශ ගත් කල්හි කිසියම් සත්‍යතාවයක් තිබේ. එහෙත් ප්‍රශ්නයක්ද තිබේ. ඇමැති මංගලගේ ප්‍රකාශයෙහි සිංහල වැරැදිය. “මේ රට සිංහල බෞද්ධයන්ගේ රට නොවෙයි, ශ්‍රී ලාංකිකයන්ගේ රට” යැයි ප්‍රකාශ කරනවිට නොවෙයි නම් ශ්‍රී ලාංකික බෞද්ධයාට ශ්‍රී ලාංකික ජාතියට එක්වීමේ අවස්ථාව අහිමිය. එය ප්‍රකාශ කළ යුත්තේ සිංහල බෞද්ධයාගේත් ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේත් ශ්‍රී ලාංකික මුසල්මානුවාගේත් රට ශ්‍රී ලංකාව බවය. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගෙන්නේ එසේය. එහෙත් “නොවෙයි” යනුවෙන් පදයක් එක් වූ විට අර්ථය විකෘති වේ. ප්‍රශ්න මතුවන්නේ එවිට ය.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය සිදු කරන අරමුණ කුමක්ද යන්න විමසිය  යුතුය. “තමන් ලෝකයේ මහ ජාතිය බව” අවධාරණය කිරීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද? මේ මොහොතට අදාළව එබඳු ප්‍රකාශයක් කිරීමේ අර්ථය කුමක්ද? විනිවිද දැකිය යුතු සත්‍ය වන්නේ එය ය.

එල්ටීටීඊ සංවිධානය බිහිකර මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කළ ප්‍රභාකරන් ඒ යුද නරකාදියට දෙමළ සමාජය ඇදගෙන ගියේ “ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජාතිකයා ද්‍රවිඩ ජාතිකයකු වීම නිසාම ප්‍රශ්න තිබෙන” බව ප්‍රකාශ කරමිනි. 1983 කළු ජූලිය නොවුණා නම් ප්‍රභාකරන්ට එම මතය සනාථ කළ නොහැකි වනු ඇත. එහෙත් අශිෂ්ට ජාතිවාදී සුළුතරය නිසා ප්‍රභාකරන්ට එම අවස්ථාව උදාවිය. ප්‍රභාකරන්ගේ ඊළාම් සටන නිමැවූයේ කෙසේදැයි යන්න ශ්‍රී ලාංකේය සමාජයට තවමත් අමතක නැත.

මෙරට සාතිශය බහුතරයක් ජනයා අශිෂ්ට නොවෙති. ජාතිවාදි නොවෙති. ආගම්වාදී නොවෙති. බඩබැඳගත් අගහිඟකම් මැද කුස පිළිසිඳගත් දරු පැටවුන්ට වඩාත් යහපත් හෙට දවසක් උදාකරදීමේ අරමුණ මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ඒ ජනයා වෙසෛති. කතා කරන භාෂාව අනුව හා අදහන ආගම අනුව අනෙකා කොන් කිරීමක් හෝ වෙනස්ව සැලකීමක් ඔවුහු නොකරති. වසර සිය ගණනක අතීතය එයට නිදසුනකි.

එහෙත් රුධිර ගංගා මතින් පීනා යමින් තම අරමුණ ඉටුකර ගැනීමට මාන බලන බාල සිල්ලර දේශපාලනඥයෝ සෑම ජන වර්ගයකම සිටිති. සෑම වර්ණයකින්ම සිටිති. ඔවුහු ගින්දරට ඉන්ධන වීසි කරති. දේශපාලනඥයන්ගේ බාල අරමුණු සහිත මුග්ධ කතා පිළිකුළෙන් යුතුව ප්‍රතික්ෂේප කළ යුතු වන්නේ එහෙයිනි.



අදහස් (6)

ලංකාවේ සියලුම වැසියෝ එක සමාන පුරවැසියෝය

nisar Monday, 17 June 2019 06:25 AM

සත්‍යනම් එක ජාතියක් (ලාංකීය), භාෂා දෙකක් (සිංහල, දෙමල) හා ආගම් හතරක් හා ආගම් නැති පිරිසක් පමණයි ලංකාවේ ඉන්නේ.

:       147       163

NalinMonday, 17 June 2019 08:35 AM

එකම පුරවැසියෝ කතා කියෙව්වට ඔලුවේ තියෙන්නේ අරාබියේ ඔටු අදහස්නේ.

:       260       532

chandima Monday, 17 June 2019 09:44 PM

එතකොට අර ප්‍රභූ වරු කියන ජාතිය?

:       0       33

Cisco Tuesday, 18 June 2019 04:36 AM

"එල්ටීටීඊ සංවිධානය බිහිකර මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කළ ප්‍රභාකරන් ඒ යුද නරකාදියට දෙමළ සමාජය ඇදගෙන ගියේ “ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජාතිකයා ද්‍රවිඩ ජාතිකයකු වීම නිසාම ප්‍රශ්න තිබෙන” බව ප්‍රකාශ කරමිනි. 1983 කළු ජූලිය නොවුණා නම් ප්‍රභාකරන්ට එම මතය සනාථ කළ නොහැකි වනු ඇත. එහෙත් අශිෂ්ට ජාතිවාදී සුළුතරය නිසා ප්‍රභාකරන්ට එම අවස්ථාව උදාවිය.".

:       1       97

jona Thursday, 20 June 2019 06:51 AM

ලංකාවේ ඉන්නේ ජාති දෙකකි .. 1. දේශපාලුවෝ 2. සාමාන්‍ය ජනතාව

:       0       15

Senaka Thursday, 20 June 2019 10:24 PM

එහෙනම් එක නීතියක් තියෙන්න එපෑය!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 94 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 67 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 503 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 249 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 140 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 182 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 426 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 920 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site