IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ලංකාවේ හොටු කොල්ලන්ට වහවැටෙන සුද්දියෝ

  26-page-01-rasa-3   

 

“ඩී.ජේ. (D.J) ගහන දවස්වලට ඒ හෝටල් අයිනේ පාරේ වාහන සීය දෙසීය නවත්වලා. කොළඹින් එන සල්ලිකාර කොල්ලන් - කෙල්ලන්ගෙන් හෝටල් පිරිලා. රෑ එළිවෙනකම් කකා බිබී නට නටා - කුඩුයි අරවයි මේවයි ඕනෑ දෙයක් තියනවා....” “මේවා සමහරු නීතියට කරත් සමහරු නීති කඩනවා....” හික්කඩුවේදී “රසවිත” ට මුණගැසුණු සංචාරක අවන්හල් හිමියකු පැවසුවේ දැඩිවේදනාවෙනි.


නිස්කලංකව ඉන්න කැමති සුද්දෝ - සුද්දියෝ මේ තැන්වලට එන්නේ නැහැ. අපේ රටේ රස්තියාදුකාරයෝ වගේ ඉන්න සුද්දෝ - සුද්දියෝ තමයි මේවාට යන්නේ. රෑ එළිවෙනකම් කණපැලෙන්න මේ ශබ්ද නිසා පටුවත, තිරාණගම කුමාරකන්ද පැත්තට සුද්දෝ යනවා....


හික්කඩුව වෙරළ තීරයේ ලස්සනම වෙරළ තීරය නාරිගම වෙරළ බවට විවාදයක් නැත. සුදුවැලිතලාවකින් පිරීගිය නාරිගම වැල්ල දිවා කාලයට මෙන්ම රාත්‍රී කාලයට අපූරු දසුන් මවන සුන්දර නවාතැන් පොළකි. සොබාදම් මාතාවගේ අපූරු නිර්මාණයකි. දින කීපයක්ම දහවල ගෙවූ මා පසුගිය දිනක රාත්‍රිය වෙන්කළේ රාත්‍රී කාලයේ නාරිගම වෙරළේ ඇති අපූර්වත්වය ඔබට කීමේ අදහසිනි.

 

26-page-01-rasa-2

 


රත්පැහැ ගෙන ගිනියම් වූ හිරු තැටියක් මෙන් දිස්ව නිල්වන් ජලාශයේ බැස නොපෙනී ගියේ ගිමන් හරිමින් හෝරා කීපයක් විවේක සුව විදීමට වියයුතුය. රාත්‍රී අඳුර උදාවී හෝරා කීපයක් ගතවී තිබේ. 


මැදින් පුරහඳ නාරිගම ඉහළ අහසේ දිස්වේ. පුරහඳෙන් පොළවට කඩා වැටෙන සඳ කිරණින් සුදෝ සුදුවන් නාරිගම වෙරළ තීරය අපූරූ රටා මවමින් රන්වැන් පැහැයෙන් දිස්වේ. රාත්‍රී අහසේ මේ අපූරූ බව සොඳුරු බව හා චමත්කාරය විඳින්නට ඔබ රාත්‍රී කාලයක වෙරළට යායුතුමය.


පසුගිය මෝසම් කාලයේ හික්කඩුවේ සිට නාරිගම දක්වා වෙරළ තීරය දිගට සවිකළ විදුලි පහන් අද දක්නට නැත. බොහෝ ඒවායේ වීථි ලාම්පු කැඩීබිදී විනාශවී ගොසිනි.

 

වෙරළ තීරයේ හෝටල් හිමියන් සිය හෝටල් හා අවන්හල් පිටුපස වෙරළ තීරය පෞද්ගලික වියදමින් විදුලි ලාම්පු නොදල්වන්නට නාරිගම වෙරළ තීරයට අඳුරේ ගිලෙනු ඇත. 


එක් කෙනෙක් D.J දවස්හතම ගහනවා. අනිත් ඒවා සතියට එක දවසක් ගහනවා. වගකිව යුතු නිලධාරින් ඇවිත් කාලා බීලා යනවා. මේවායේ අකටයුතුකම් හොයන්නේ නැහැ....”


.....ගිරියෙන් බෝතලය අරගෙන මල්ලේ දාගෙන සමහර සුද්දෝ - සුද්දියෝ මේ ඩී.ජේ. වලට යනවා. කොකෙන්,......., ගංජා මත්පෙති මේ ඕනෑ දෙයක් සමහර තැන්වල තියනවා. මේවා කොහොම ගේනවද කවුරු ගේනවද කියලා අපිනම් දන්නේ නැහැ.


මේවා තියන දවස්වල හැමදාම රණ්ඩු. ඇතුළුවෙන්න නුදුන්නත් එතන ඉඳලම රණ්ඩු. පසුගිය දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී 1 ට D.J නවත්වන්න ගිහින් පොලිසියට එදා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. පොලීසියට වැරදුනේ මුළු ලෝකයම එදා තර්ටිෆස්ට් සමරද්දී රාත්‍රී 1 ට මේක නවත්වන්න ගිය නිසයි.
“ඉස්සර...... ඒ කියන්නේ අවුරුදු දහයකට කලින් පාරේ යන්න බැහැ. දැන් ඒවා නැහැ. නාරිගම හොඳයි.....”


ත්‍රීවිල් එලවන්නේ දුප්පත්කමට තමයි. ඒත් සමහරු මේකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. රාත්‍රියට පිට ප්‍රදේශවලින් ඇවිත් පාර අයිනේ තැනින් තැන පාක් කරගෙන ඉන්න ත්‍රීවිල් කාරයෝ සමහරු කරන වැඩ නිසා අපේ නමත් කැතවෙලා. ත්‍රීවිල් රියදුරන් කීපදෙනෙකු කීවේ ආවේගයෙනි.

 

26-page-01-rasa-1

 


අපි හොරකම් වංචා නොකර පාඩුවේ කීයක් හරි හොයාගෙන ජීවත්වන්න හදනවා. සමහරු ඒකට ඉඩදෙන්නේ නැහැ. රෑට දුවන සමහර ත්‍රීවිල් කාරයෝ ළඟ සිගරට් පැකට් එක, අරක්කු බෝතලේ, උපත් පාලන කොපුවේ ඉඳල හැමදේම තියනවා. පාර අයිනේ තියාගෙන ටෙලිෆෝන් වලින් තමයි බිස්නස් එක දුවන්නේ.... ඕනෑ වෙලාවක කෝල් කරල ඕනෑ වයසක කෙල්ලෙක්.... ගෑණියෙක් ගෙන්න ගන්නවා. වෙලාවේ හැටියට තමයි අය කරන්නේ.


හික්කඩුවෙ ඉඳලා නාරිගමට වෙනකම් සමහරු වෙරළ අල්ලගෙන, නැත්නම් පාර ඉස්සරහ අල්ලගෙන. මේ නීති සමහරුන්ට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ජංගිකඩ පාරේ බෝඞ් පාරේ සුද්දෙකුට සුද්දියෙකුට පාරේ යන්න ඉඩ නෑ. මට මඟපෙන්වූ ජගත් කීවේ කෝපයෙනි.


රසියන් කාරයෝ ඇවිත් මාස 5-6 කට ගෙවල් බදු ගන්නවා. පස්සේ උන් වැල්ලට ඇවිත් ගෙස්ට්ලා පාටි අරගෙන ගිහින් උන්ගන්න ගෙවල්වල කාමර කුලියට දීලා හම්බ කරගන්නවා. නාරිගම ඇතුළු පාරේ විලා පනහකට වැඩියේ තියනවා. අපි රෙස්ටුරන්ට් හැදුවට වැඩක් නැහැ. ගොඩාක් ගෙස්ට්ලා කඬේට පොළට ගිහින් බඩු අරගෙන උන් ඉන්න තැන්වලට ගිහින් කෑම හදාගෙන කනවා.


මේ දවස්වල උදේ ඉඳල හවස් වෙනකම් වතුර නැහැ. අපි විතරක් නෙවි, සුද්දෝ - සුද්දියෝ මාර කට්ටක් කන්නේ. සමහර ගෙස්ට්ලා මත්ද්‍රව්‍ය බිස්නස් කරනවා. සමහර රසියන්කාර සුද්දෝ අපි අල්ලන් ඉන්න පාටි අරගන ටුවර් ගිහින් උන් තමයි කොමිෂන් ගන්නේ.


දැන් හොඳ පාටි දාන්නේ බෙන්තොට විතරයි. ඉන්ටර්නැෂනල් ගයිඞ්ලා හික්කඩුවේ නිදාගන්නවත් කැමති නැහැ. උන් කියන්නේ පාරේ යන බස්-ලොරි වල හෝන් පාර ශබ්දයට ඔවුන් ඇඳෙන් බිමට වැටෙනවා කියලා... සංචාරකයන් මගපෙන්වන්නකු කීවේ ඔවුන්ටද ඇති ප්‍රශ්න ගැන රටට හෙළිදරව් කරන ලෙස ඉල්ලමිනි.

 

26-page-01-rasa-4


විදේශිකයන් කීපදෙනකු සමඟ පැමිණ සිටි ශාන්ත වසර කීපයකම අත්දැකීම් ඇති පළපුරුදු සංචාරකයන්ට මගපෙන්වන්නෙකි. ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය මගින් ඒ සඳහා ඔහුට හැඳුනුම්පතක් හා අදාළ අවසරයද ලබාදී තිබේ. ජර්මන් භාෂාව චතුර ලෙස හැසිරවීමට ශාන්ත දක්‍ෂයෙකි.


“ලංකාවේ ගෑණියෙක් සුද්දෙක් කසාඳ බඳින්නේ නැතිබැරි කමට මිසක් ආදරයකට නෙවි. එහෙම අය සීයයට එකක් විතර ඇති. මෙහේදී එක යට සාය කලිසම හෝද හෝද ඇන්ද ගෑණි සුද්දෙක් බැඳලා පිටරට ගිහින් සැප විඳිනකොට අතීතය අමතකයි. කොටින්ම මම උදව් කරලා සුද්දෙක් කසාඳ බන්දපු මම අඳුනන ගෑණු කෙනාට මාත් දැන් අමතකයි....” ශාන්ත කීවේ මා සමඟ කථාබහට මුල පුරමිනි.


අප රටේ දේශියත්වයට හැදුණු කාන්තාවන් බොහෝ දෙනෙකු විදේශිකයන් හා විවාහවී එහි පදිංචි වූ පසු තම මව්පියන් - සහෝදරයන් පමණක් නොව උපන් රට පවා අමතකවී ඇති බව ශාන්ත කීවේ තරහිනි.


“මම දැන් හතරපස් වතාවක්ම ජර්මන් ගියා. මම අඳුනන සුද්දෙක් එක්ක. කුණු ගොඩට දාලා තිබුණු බුදු පිළිමයක් මම දැක්කා. ලීයෙන් කැටයම් කර තිබූ ඒ පිළිමය කළුවර කියලා බාල ලීයෙන් හදලා සුද්දෙකුට විකුණපු එකක් වෙන්නැති. බුදු පිළිමය කුණු ගොඬේ තියනවා දැකලා මට ඇඬුනා. මම ඒක ආපහු ලංකාවට ගෙනාවා. ගෙනැත් වැඳුම් පිදුම් කරනවා. සුනිල් ශාන්ත කීවේ තම ආගමට රටට - ගරු කරන පුද්ගලයකු බවද ආදර්ශයෙන් පෙන්වමිනි.
බෙන්තොට - කළුවාමෝදර, මොරගල්ලේ හොඳ විනයක් ඇතිව මේ ව්‍යාපාරේ කරනවා. හික්කඩුවේ සමහර අය හොඳට කරනවා. ඒ නිසයි අපේ ගොඩාක් අය ධනකුවේරයන් වෙලා හොඳට ජීවත්වන්නේ.” ශාන්ත කීය.


සංචාරකයෝ අපෙන් නම් කවදාවත් මත්ද්‍රව්‍ය ඉල්ලන්නේ නැහැ. මත්ද්‍රව්‍ය බොන සුද්දෙක් සමහර විට එහෙම කෙනෙක් අඳුනගෙන එයාගෙන් එහෙම ඉල්ලනවා ඇති. අපි මේ ව්‍යාපාරයෙන් ජීවත් වන්නේ. මේකට අපි ආදරෙයි. එක සුද්දෙක් නිසා පවුල් කීයක් ජීවත්වනවද. අපි මේ ව්‍යාපාරය කළාට රටට සංස්කෘතියට හානිකර කිසිදෙයක් කරන්නේ නැහැ.


සුද්දෙක් හරි පාටියක් හරි සෙට්වුණාම අපි ලස්සනට හිනහවෙනවා. අපි හිනාවේ ලස්සන කමට උන් කැමති. මුලින්ම අපි උන්ට ගහට නැගලා තැඹිලි ගෙඩියක් දෙකක් කඩලා කපලා දෙනවා. වත්තේ ඉගුරු පැලයක් හාරලා ඉඟුරු දාලා ප්ලේන් ටී එකක් දෙනවා.. මේවා ශතපහක්වත් අරගෙන නොවෙයි දෙන්නේ. සුද්ද සෙට් කරගන්න මේවා දෙන්නේ...


ගයිඞ්ලා කියන සමහරු බුදු පදවිය පෙන්වලා සුද්ද සුද්දිට කියන්නේ “මේ ලෝඞ් බුද්ධා... කියලා...” හරියට කඬේ ඉන්න කරෝලිස් අයියා හදුන්වලා දෙනවා වගේ එයිට එහා දෙයක් කියන්න උන් දන්නේ නැහැ. ආගම, රට, ජාතිය, ගහකොල සතා සීපාවා ගැන සංචාරකයන්ට මගපෙන්වන අය හොඳට දැනගතයුතුයි. නැත්නම් මේ ව්‍යාපාරය විනාශ වෙනවා. 


නැත්නම් ගෙස්ට්ලා ආපසු තමන්ගේ රටට ගිහින් වැරදි අන්තර්ජාලයට දානවා. එතකොට සුද්දෝ එන්නේ නැහැ. හොඳ ගයිඞ් කෙනෙක් හමු වුණොත් උන් ඒකත් දානවා. එහෙම කීදෙනෙක් මාව හොයාගෙන ආවද.... ශාන්ත කීවේ ආඩම්බරයෙනි.


සුද්දෝ - සුද්දියෝ කසාද බදින්න වයස් භේදයක් බලපාන්නේ නැහැ. බැරිකමට දුප්පත්කමට සුද්දා බැදලා. තමන්ට පිහිට වුණ දෙයියෙක් වගේ ඒ පුද්ගලයා අමතක කරන ජරා ගෑණු ඉන්නවා. සමහර ජර්මන් කාරයෝ බැඳපු සිංහල ගෑණු ඒ රටවලදී ඔලු පලාගෙන රණ්ඩු වෙන අය දැකලා තියනවා. දරුවෝ හදාගෙන හොඳට පවුල් ජීවිත කන අය කොච්චර ඉන්නවාද? ඔවුන් ලංකාවේ නෑදෑයන්ට උදව් කරනවා. රටට දුප්පත් මිනිසුන්ට උදව් කරන පවුල් ඉන්නවා. මොකද ජර්මන් කාරයෙක් කසාද බැන්දම ඒ රටේ නීතිය අනුව නෝනට දේපල ලැබෙනවා. අපේ සමහර ගෑණු මේ දේපල තණ්හාවට කසාද බැඳලත් ඉන්නවා.


මේ රට ලෝකයේ ලස්සන රටක්. සුන්දර රටක් කියා ප්‍රචාරය කරලා ගෙස්ට්ලා ගෙන්වා ගෙන සංචාරකයන්ට  මගපෙන්වන අයගැන වැරදි අදහස් දෙනවා. කොම්පැනි ගයිඞ්ලා සමහරු කරන්නේ පත්තරවල පළවෙන රිය අනතුරු ෆොටෝ පෙන්වලා සුද්දෝ බය කරනවා. ඒ අනතුර බිච් ගයිඞ්ලා එක්ක ගියාම වෙන ඒවා කියලා වැරදි අදහසක් දෙනවා. සුද්දා මුහුදේ ගිලෙන්න ගියාම බේරගන්නේ අපි..... බිච් බෝයිලා කියලා කොටසක් නැහැ. බීච් ගයිඞ්ලා හැටියට අපිට ටුවරිස්ට් බෝඞ් එකෙන් දීපු අයිඩෙන්ටිය තමයි මේ. කී ශාන්ත මාගෙන් සමුගත්තේ නැවත දිනක හමුවන බවට පොරොන්දුවක් දෙමිනි.


“හෙලෝ ..... එක්ස්ෂියුස්මී.... කියා” රංග පවසන්නේ තමා පසුකර යන සංචාරක කණ්ඩායමේ අවධානය යොමු කර ගැනීමේ අදහසිනි.


මම මේ පළාතේ කෙනෙක් නෙවි. මම පිටින් ආවේ. ඔබලා ඉඳලා ආපු පැත්තේ මොනවද තියන්නේ බලන්න..... රංග විමසන්නේ එම කණ්ඩායමේ සිටි රුවැති සුද්දිය වෙත තම නෙත් එක එල්ලේ, එල්ලකරමිනි.


හව්...... මම ඕවා බලලා තියන්නේ කියා එම කණ්ඩායමේ පසුපස වැටෙන රංග ටික වේලාවකදී එම කණ්ඩායම හෝ ඉන් එක් අයෙකු හෝ මිත්‍රශීලි වීමට තරම් දක්ෂයෙකි.


ගොඩක්ම සුද්දියෝ විතරක් නේවි සුද්දොත් කැමති ඩස්බින් වගේ ජරාවට ඉන්න අපේ කොල්ලන්ට. පුදුම වැඩක්. සමහර සුද්දියෝ ඒ කොල්ලෝ පස්සේ වහවැටිලා... උන්ට ඩ්‍රග්ස් දීලා. සෙක්ස්වලට එහා ජීවිතයක් සමහරුන්ට නැහැ. උන්ට මේ ලෝකේ තියනවාද නැද්ද කියලා තේරෙන්නේ නැහැ.


අපේ කොල්ලෝ උපරිම සැප.......... ආතල් ගන්න එවුන් ඉන්නවා. සමහර අපේ කොල්ලෝ සුද්දියෝ දෙතුන් දෙනා ආශ්‍රය කරනවා. හැබැයි එකාට එකාට හොරා. මේ ළඟදී එකට ලංකාවට ආපු සුද්දියෝ දෙන්නෙක් එකක් අපේ කෙනෙක් යාළු වුණා. දවසක් එක සුද්දියෙක් එක්ක කතාකරමින් අපේ යාළුවා ඉන්න කොට අර අනිත් සුද්දිගේ අතටම අහුවුණා. උන් දෙන්නා මේ කොල්ලා නිසා බැණගෙන ගහගෙන පස්සේ යන්න ගියා. කාලයක්ම යාළුවෙලා ඉදපු ඒ සුද්දියෝ දෙන්නා දැන් ඉන්නේ හෝටල් දෙකක....


උන්ගේ රටවල මිනිසුන්ට වැඩියේ අපේ රටවල අයට උන් කැමති උන්ට අවශ්‍යය විදිහට කලාවට හැමදේම අපි දෙන නිසා. 


ඒක උන් අපිට කියනවා.


මේක තමයි ජිවිතේ.


මේ මාර ලස්සන කලාවක්........


මෙහි ඇත්තේ අමුතුම ලෝකයකි.


මෙහි ජිවත්වන්නේ අමුතුම මිනිසුන් යැයි මට සිතේ.....


සුරාව.............සූදුව.....


ගැහැණු ..............රාගය මෙහි ඇත.


මේ මැසිවිලි හා කතාබහ සමඟ කාලයද වේගයෙන් ඉගිල ගොස් මැදියම් රෑ පසුවී හෝරාවක් දෙකක් ගතවී ඇත. ඒත් නාරිගම, හික්කඩුව සංචාරක පුරවරය තවමත් කඩිසරය. තවමත් අවදියෙන්ය.


අමිල මට මෙහිදී මුණගැසුණු තවත් සුවිශේෂ චරිතයකි. අමිලගේ කතාවෙන් කොටසක් හෝ මෙහි සඳහන් කළයුතුම යැයි මට සිතේ.


කොල්ලො හතරදෙනාගෙන් යුත් පවුලේ බාලයා මම. මට වැඩිදුර ඉගෙන ගන්න බැරිවුණා. පොඩිකාලේම සුද්දෝ පස්සේ ගිය නිසා. ඉස්කෝලේ යනවාට වඩා හොඳයි කියලා මට හිතුනේ සුද්දෝ පසසේ ගිහින් කීයක් හරි අතට ආවට පස්සේ.


මම යාලුවෙලා හිටියේ අපිට නෑදෑවෙන නංගියෙක් එක්ක. එයා හරිම ලස්සනයි.......... අයියේ.


මම සුද්දෝ එක්ක ගිහින් කුඩු ගහන්න පුරුදු වුණා. 


සල්ලිවලට කුඩුවලට මම ආශා කළා. කුඩුගහලා මම ගෙව්වේ පාට පාට ජීවිතයක්......


එක දවසක් මම නැන්දලාගේ ගෙදර ගියා. අමිල අයියේ.... කියලා නංගියා දුවගෙන ඇවිත් මාව බඳාගත්තා. මමත් ඒකිව තද කරලා බදා ගත්තා. 


මට අමතක උනා මම කොහේද ඉන්නේ කියලා. එතකොට මම කුඩුබීලා හොඳට ෆන් එකේ හිටියේ.


මගේ වෙලාවට කොහේද...... නැන්දලාගේ ගෙදර එවෙලෙ කවුරුත් හිටියේ නැහැ.


පොඩි මල් වැටුන චීත්ත ගවුමක් ඇඳගෙන ඉඳපු සුදු නංගියා මට පෙනුනේ දෙවඟනක් වගේ.... මට මාව පාලනය කරගන්න බැරිව ගියා..


ඒත් දෙයියනේ..... කිසිම වැරුද්දක් නැති මලක් වගේ හිටි නංගියා අද සමාජ රෝගියෙක්. මමත් එහෙමයි. මේ ආත්මෙදි නම් මේ වැරැද්ද හදාගන්න ලැබෙන එකක් නැහැ. මේ ජීවිතේ මට කිසිම සැනසීමක් නැහැ. අමිල කීවේ සුසුම්ලමිනි.


මතු සම්බන්ධයි

m



අදහස් (0)

ලංකාවේ හොටු කොල්ලන්ට වහවැටෙන සුද්දියෝ

පකීර් Saturday, 09 April 2016 08:21 AM

හික්කඩුවේ ඉන්න 99.99% ක්ම ඔය ටුවරිසම් කරන අය හුඟාක් අඩු අධ්‍යාපනයක් ඇති අය. ලෝකේ ඒඩ්ස් හැදෙන වේගය අඩුවෙමින් යනවා. එහෙත් අලුත්ම වාර්තාවල අනුව ලංකාවේ ඒවා වැඩිවෙමින් යනවා. මේ ගැන අනිවාර්යයෙන් රජයක් විදිහට බලන්න ඕනෑ, ප්‍රශ්න ඔඩුදුවන්න කලින්. (නි)

:       1       0

කරු Friday, 08 April 2016 08:38 AM

මෙයාල සුද්දියෝ අපේ හොටු කොල්ලන්ට .. වශීවෙලා නෙමෙයි .. හොටු කොල්ලන් එක්ක එකතුවෙලා තමයි .. කුඩු, හෙරෝයින් ටිකක් හොයාගන්නේ 100 / 99 මෙවැනි යහළුකම්වල තියෙන්නේ .. අබිරහස් ::: ලංකාවට පැමිනෙන හුඟක් සුදු ගැහැනු කුඩුත් එක්ක තමයි ශ්‍රී ලංකාවෙන් පිටත්වෙන්නේ ..... (බ)

:       0       0

අජිත් කුමාර Saturday, 02 April 2016 03:31 PM

අන්තිමට කියපුදේ තමා හරි (රේ)

:       0       0

ගිහාන් Wednesday, 20 April 2016 04:20 PM

මේ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත (බ)

:       0       0

කොස්තා Saturday, 09 April 2016 04:06 PM

කරු කියනදේට අපිත් එකඟයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2965 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 355 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 988 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 87 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1028 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site