රනිල් සජිත් සාකච්ඡා, එ.ජා.පෙ හවුල්කාර මතය, සිව්පුද්ගල කමිටු වාර්තාව, විනය පරීක්ෂණ, 20 වැනි සංශෝධනය, විධායකය ගැන සජිත් පිලේ මතය, දෙමළ ජාතික සන්ධාන සාකච්ඡා, ජනමත සමීක්ෂණ හා ගෝඨාභයගේ ඡන්ද පංගුව ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතායි
ප්‍රශ්නය:- පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ සජිත් පාර්ශ්වය හා එක්සත් ජාතික පෙරමුණේ නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එතැනදී මොකද්ද වුණේ?
පිළිතුර - මා දන්නා පරිදි චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, දිගම්බරම් යන ඇමැතිවරුන් ඇතුලු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සජිත් ප්‍රේමදාස මහතා පොදු අපේක්ෂකයා වීම ගැන කැමැත්ත පළ කළා. නමුත් ඒ එක්කම ඔවුන් මන්ත්‍රීවරුන් අතරේ ඡන්දයක් පවත්වා අපේක්ෂකයා තෝරාපත් කළ යුතු බවට යෝජනාවක් කළා. රාජිත සේනාරත්න ඇතුලු පෙරමුණු නායකයන් අතරේ කිසිම බෙදීමක් නැති බව මම වගකීමෙන් කියනවා.
ප්‍රශ්නය:- එ.ජා.ප.යේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමට සිව් පුද්ගල කමිටුවක් පත් කළා. කමිටු වාර්තාව හදල ඉවර ද?
පිළිතුර:- වාර්තාව ඒ අය දෙයි. එහෙත් ඒක අවශ්‍යතාවයක් නෙවෙයි. මොකද මේ සියල්ල පදනම් වෙන්නේ අපි කරලා තිබෙන සමීක්ෂණ වාර්තා අනුවයි. මේ සමීක්ෂණ ජාතික මට්ටමින් ආයතන ගණනාවකින් කරපුවා. වැදගත් වන්නේ ජනතාවගේ ඉල්ලීම කාට ද එ.ජා.ප පාක්ෂිකයාගේ කැමැත්ත කාට ද කියන එකයි. මාධ්‍යයෙන් අපිව විවිධ පාර්ශ්ව විවිධ අර්ථකතනය කළත් මුල ඉඳලාම අපි සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළේ මේ සමීක්ෂණ වාර්තා පදනම් කරගෙනයි. උදාහරණයකට ගත්තොත් මලික් සමරවික්‍රම, මංගල සමරවීර ඇමැතිවරුන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග බොහෝම සමීප චරිත. පාක්ෂිකයා ස්වෛරීයි නිගමනය විද්‍යාත්මකයි කියන පදනම් මත ඉඳලයි ඔවුන් පවා මේ තීන්දුවට එළඹියේ.
ප්‍රශ්නය:- හැබැයි මේ විද්‍යාත්මක නිගමන කියන්න ගිහින් සජිත් පිලේ ඇමැතිවරුන් දෙදෙනෙකුට විනය පරීක්ෂණත් යනවා. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවා නම් එහෙම වෙන්නේ ඇයි?
පිළිතුර:- මෙහෙම විවාදකාරී තත්ත්වවල දී පක්ෂය ඇතුලේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කතා කරන දේවල් තියෙනවා. ඇතුළෙ කතා කරන දේවල් එළියට ඇවිත් කියද්දී ඒ විදියටම කියන්න බෑ. හරියට පවුලක් වගේ. හැම දේම නෑ දෑ හිතමිතුරන්ට කියන්නේ නෑනෙ. ඉතින් සමහර දේවල් එළියෙදි කියන එක සුදුසු ද කියන ප්‍රශ්නය මත තමයි මේ පරීක්ෂණ යන්නේ. ඒත් ඒවා ලොකු ප්‍රශ්න නෙවෙයි. මේවා අපට විසඳගන්න පුළුවන්. නායකයා විය යුත්තේ ඩඞ්ලි සේනානායක ද ජේ.ආර් ජයවර්ධන ද කියන ප්‍රශ්නය මම පොඩි කාලෙත් තිබුණා. අපට මේක අලුත් දෙයක් නෙවෙයි. එක පාරින්ම තීරණයක් ගන්න පුළුවන් නම් දියුණුයි කියන හැඟීම එන්නේ වහල් මානසිකත්වයෙන්. ඒක ඒකාධිපති ක්‍රමය. අයියා පක්ෂයේ නායකයා. මල්ලි අපේක්ෂක. අනෙක් මල්ලි ප්‍රධාන සංවිධායක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ පවුල් දෙකයි. ඒත් එ.ජා.පයේ නායකයෝ හතක් හිටියා.
ප්‍රශ්නය:- 2015 දී ජනවරම ලැබෙන්නේම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නයි. එහෙත් විධායක ජනාධිපති ධූර අහෝසියට සහාය නොදෙන්න එ.ජා.පයේ බහුතරය තීරණයක සිටිනවා යැයි දැන් මාධ්‍ය වාර්තා පළවෙනවා. එ.ජා.පය එතැනට තල්ලුවුණේ කොහොමද?
පිළිතුර:- ඔබ කියන එක සම්පූර්ණයෙන් වැරැදියි. මම ඒක නිවැරැදි කරන්න ඕනෑ. එක එක පුද්ගලයන්ට විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ඒක විධායක සභාවේ මහා සම්මේලනයේ සම්මත කරලා තිබෙනවා. ඒකෙ වෙනසක් වෙලා නෑ.
ප්‍රශ්නය:- එතකොට 19 වැනිදා විශේෂ කැබිනට් රැස්වීමේ දී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවට ආණ්ඩුව විරුද්ධ වුණේ ඇයි?
පිළිතුර:- එතන වුණේ වෙනම වැඩක්. ජනාධිපතිවරණය තියෙනවා කියලා මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කළාට පස්සෙ දවසෙ කැබිනට් රැස්වීමක් කැඳෙව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමුද කියලා. එතැනදි ඒ යෝජනාවට විරුද්ධ වුණේ ජනාධිපතිවරණය මැද්දේ ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ කියන පදනමින්. අපේ මතය මුළු ව්‍යවස්ථාවම සංශෝධනය කළ යුතුයි.
ප්‍රශ්නය:- ඔක්තෝම්බර් ආණ්ඩු පෙරළියෙන් පස්සෙ 20 ගේන වෙලාවේ යූ.එන්.පී නිල ස්ථාවරය කියමින් මලික් සමරවික්‍රම ඇමැතිවරයා පාර්ලිමේන්තුවට කිව්වේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න දෙගුණයකින් වැඩ කරනවා කියලයි. හැබැයි මාස ගාණක් යනතුරු නිහඬව ඉඳලා ජනාධිපතිවරයාගෙ දුරකථන ඇමතුමකින් පස්සෙ අගමැතිවරයා ඒකට කැබිනට්ටුව කැඳවනවා. මෙතැන මතුවෙන්නේ දේශපාලන අවංකභාවය ගැන ප්‍රශ්නයක් නේද?
පිළිතුර:- ඇත්තටම ජනාධිපතිතුමයි අගමැතිතුමයි කළ සාකච්ඡා ගැන අපි දන්නේ නෑ. ඒක ගැන මම කිසිවක් කියන එක සුදුසු නෑ. මොකද ඒ දෙන්නා අතරෙනෙ ඒ සාකච්ඡා වුණේ. 19 වැනි සංශෝධනයෙන් පස්සේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙනියන්න තිබුණද? නැද්ද? කියලා ඔබ වෙන විදියකට ඇහුවොත් ඔව් කියලා කියන්නම්. ජනාධිපතිවරණයට කලින් ඒක කරන්න තිබුණා. අපි ඒක කළේ නෑ. ඒක අඩුපාඩුවක්.
ප්‍රශ්නය:- විධායක ජනාධිපති ධුර අහෝසි කිරීම ගැන මතය ඇහුවාම සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ ඊට අදාළව විද්‍යාත්මක සමීක්ෂණයක් නෑ කියලයි. ජනපති අපේක්ෂකයා එහෙම කියන එක ඔබලාට ප්‍රශ්නයක් නැද්ද?
පිළිතුර:- එතැනදී එතුමා අදහස් කරන්නේ අනිවාර්යයෙන්ම ඒක ජනමත විචාරණයකට ලක් කළ යුතුයි යන්නයි. ඒකෙ දෙකක් නෑ. විධායකය අහෝසියට අමතරව මෙතැනදි ක්‍රමයේ වෙනසකුත් වෙනවා. විධායකය නැවත පාර්ලිමේන්තුවට ගන්නවා. එතුමා අදහස් කරන්නේ එයයි.
ප්‍රශ්නය:- කතානායකවරයා ඬේලි මිරර් පුවත්පතට පවසන්නේ තමන් යම් හෙයකින් ජනාධිපති අපේක්ෂකයා වුණොත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පළමු කාර්ය කියලයි. සජිත් පිලට ඒක කියන්න පුළුවන් ද?
පිළිතුර:- ඔව්. අපේ ප්‍රතිපත්තිය ඒකයි. ජනාධිපතිවරණයකදී කරුණු කාරණා ගොඩක් තියෙනවා. පාලනය පිළිබඳ කරුණු, ව්‍යවස්ථා සංශෝධනය ආදිය. අලුත් ව්‍යවස්ථාවක් කිව්වාම බලය බෙදීම, විධායකය හා පරිපාලනය, දේශපාලන ක්‍රමය ආදී කරුණු රැසක් තිබෙනවා. අපේ සමීක්ෂණවලදි මිනිසුන් වැඩිපුරම කතා කරලා තිබුණේ ආර්ථිකය ගැනයි. එතකොට මේ ණය ඉවර කරන්නේ කොහොමද? හැමෝටම හොඳ අධ්‍යාපනයක් ලබාගන්නේ කොහොමද? මහලු ගහණය වැඩිවෙද්දී ඒකට සරිලන ආකාරයට සෞඛ්‍ය සේවය දියුණු කරන්නේ කොහොමද? නායකයෙක් වුණාම රටේ ආරක්ෂාව, ආණ්ඩුකරණය, සමාජීය ආර්ථික ප්‍රශ්න සියල්ලට විසඳුම් දිය යුතුයි. අපේ අපේක්ෂකයාට මේ සියල්ලට මුහුණ දිය හැකියි. ජනාධිපතිවරණයේදී මේ සියල්ලට අදාළ ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරනවා. පසුගිය අවුරුදු විසි පහක් විතර ගත්තොත් මේ රට පාලනය කරලා තිබෙන්නේ එක පරම්පරාවක්. මේ කාලය තුළ ලෝකය හුඟක් වෙනස් වෙලා තියෙනවා. අද අපේ දරුවන් ජාත්‍යන්තරයට සම්බන්ධයි. ඔවුන් ඉපදුණේම රූපවාහිනිය පරිගණකය ස්මාට් දුරකතනය සමගයි. හැබැයි අද රට පාලනය කරන පරම්පරාව එහෙම නෙවෙයි. ඉතින් මේ ජනාධිපතිවරණ එක්ක නායකත්වයෙත් යම්කිසි වෙනසක් වෙන්න යනවා. මම මේ කතා කරන්නේ එක පක්ෂයක් ගැන නෙවෙයි. අලුත් පරම්පරාවකට දේශපාලන නායකත්වය මාරු වෙනවා. මේක දූෂණයට තැනක් නෑ. දැන් හැම පක්ෂයේම දූෂිතයෝ ඉන්නවා. අපි ඒක සඟවන්නේත් නෑ. ඔවුන් ආරක්ෂා කරන්නේත් නෑ.
ප්‍රශ්නය:- සුළු ජන ඡන්ද පදනම එ.ජා.පයේ ප්‍රධාන ඉලක්කයක්. ඒත් සැප්තැම්බර් 9 වැනිදා දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැත් වූ සාකච්ඡාව අසාර්ථක යැයි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය වැර දි ද?
පිළිතුර:- දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා මෙතෙක් කල්තිබුණේ නායකයා එක්ක කියන එක අප දන්න දෙයක්නෙ. මම දන්න තරමින් සජිත් ප්‍රේමදාස මහතා එම අතීත සාකච්ඡාවලට සහභාගී වෙලා නෑ. සැප්තැම්බර් 9 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාතික සන්ධානය මුල්වතාවට මුණ ගැසුණේ. ඊට පස්සෙ යාපනේ තව සාකච්ඡාවක් තිබුණා. ඒකට මාත් සහභාගී වුණා. ටී.එන්.ඒ හවුල්කාර පක්ෂ නායකයනුත් එතැන හිටියා. ඒක බොහොම ඵලදායී සාකච්ඡාවක්. කෙළින්ම අපි එකඟයි කියනවට වඩා අන්‍යොන්‍ය වශයෙන් අදහස් තේරුම් ගැනීම වැදගත්. උතුරේ ජනතාව වගේම මුස්ලිම් හා වතුකරයේ ජනයා සමගත් අපට එකට වැඩ කළ හැකි බව මට විශ්වාසයි.
ප්‍රශ්නය:- මැතිවරණ මුල්කරගත් ජනමත සමීක්ෂණ බොහෝමයක් පසුව විමසද්දී බොරු වෙනවා. ඔබලා කළ සමීක්ෂණවල විද්‍යාත්මක නිගමනය පක්ෂ නායකත්වය පිළිගත්ත ද?
පිළිතුර:- මේ සමීක්ෂණ කෙරෙන්නේ අවුරුදු විස්සක් තිස්සේයි. 2005 දි හා 2010 දිත් අපට ජනාධිපතිවරණ තීරණ ගන්න සිදුවුණේ මේ විදියටම තමයි. 2010 දිත් රනිල් වික්‍රමසිංහ නායකතුමා ඉදිරිපත් වෙන්නයි හිටියේ. නමුත් යුද්ධාවසානයේ පැවැති තත්ත්වය ගැන වූ සමීක්ෂණ පදනම් කරගෙන ජෙනරාල් ෆොන්සේකාව අපේක්ෂකයා හැටියට නම්කරන්න ඔහු තීරණය කළා. 2014 දිත් රට වටේ ගිහින් මේ විදියටම අපි සමීක්ෂණ හදලා සති ගණන් සාකච්ඡා වාද විවාද කරද්දි නායකතුමා ඒ ඔක්කොම අහලා පොදු අපේක්ෂකයකු දාන්න ඕන කියන හරි තීරණයට ආවා. මේ වාරයේදී අපි සමීක්ෂණ ඉලක්ක කරන්නේ ජයග්‍රහණයමයි. මෙවරත් එතුමා හරි තීන්දුව ගන්නා බව අපට විශ්වාසයි. ඔබ කියන සමීක්ෂණ හා අප කළ සමීක්ෂණවල වෙනසක් තියෙනවා. සමීක්ෂණ ප්‍රතිඵල 5% ක් එහාට මෙහාට වෙන්න පුළුවන්. අපේ සමීක්ෂණවල උපකල්පන හා ප්‍රතිඵල අතර මෙච්චරකල් ලොකු වෙනසක් වුණේ නෑ. දිනන වෙලාවෙත් පරදින වෙලාවෙත් අපි කල්තියා දැනගෙන හිටියා.
ප්‍රශ්නය:- සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය කරන්නෙත් පරිවාරයෙන් මධ්‍ය ආක්‍රමණය කිරීමේ රණසිංහ ප්‍රේමදාස උපායමයි. ඒත් සජිත්ට තැන නොදුන්නොත් දේශපාලනයෙන් සමුගන්නවා කියන්න වෙන තැනට හරීන්ලා, නලින් බණ්ඩාරලා ඇවිල්ලත් කොළ එළියක් නැත්තේ ඇයි?
පිළිතුර:- නෑ. නෑ. ගිය පාරත් අපි පොදු අපේක්ෂකයා එක්ක යනවද කියන තීරණයට ආවේ නාමයෝජනා දෙන දිනය ළංවෙලයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව අරන් එදාම තමයි පොදු අපේක්ෂකයා මාධ්‍ය ඉදිරියට ඇවිත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ. අර මන්ත්‍රීවරුන් කියන්නේ ඒ අයගෙ පුද්ගලික අදහස්. ඒ අය කියන්නේ තමන් කැපවෙලා ඉන්නවා කියන එකයි.
ප්‍රශ්නය:- ජූලි මාසේ තමයි ජනාධිපතිවරණයට කැම්පේන් එක පටන්ගන්නවා කිව්වෙ. අගෝස්තුවේ තමයි සන්ධානය හදනවා කිව්වෙ. දැන් ජනාධිපතිවරණය ප්‍රකාශයටත් පත්කරලා. පොහොට්ටුව ගිය දුර එක්ක අභියෝගයක් නැද්ද?
පිළිතුර:- කිසිසේත් නෑ. අපිට සංවිධානය කළ යාන්ත්‍රණයක් තිබෙනවා. අපේක්ෂකයා නම් කිරීම සමග ප්‍රතිපත්තිමය කරුණු දැක්වීමේ ප්‍රචාරණය ඉදිරියට යනවා. ඒ වගේම පක්ෂ නායකතුමාගේ මහලේකම් හා සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ යාන්ත්‍රණය දියත් වෙනවා. ඒ වගේම විද්වත් වෘත්තිකයන්ගේ සිට කම්කරුවන් දක්වා සියලු ක්‍ෂේත්‍ර ආමන්ත්‍රණයට වෙනම වැඩපිළිවෙලක් සකසා තිබෙනවා. ව්‍යාපාරිකයන් සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. වෘත්තියවේදීන් සමගත් සාකච්ඡා ඉදිරියට තිබෙනවා.
ප්‍රශ්නය:- ආණ්ඩුව විදියට වසර හතරහමාරක ප්‍රගති ප්‍රකාශනය දක්වද්දී රට පුරාම වර්ජන රැල්ලකුත් පටන්ගෙන තිබෙනවා. ආණ්ඩුවක් තිබුණා නම් මෙහෙම වුණේ කොහොමද කියලා ජනතාවට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැද්ද?
පිළිතුර:- අපේ ආණ්ඩුවේ අඩුපාඩු තිබුණු බව අපි පිළිගන්න ඕනෑ. එහෙත් යථාර්ථයේදී මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වැඩි කාලයක් හවුලේ කරපු ආණ්ඩුවක්. මේ වතාවේදී අපි එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් හදන්නයි යන්නේ. ජනතාව ඒ දෙස බලා සිටිනවා. උදාහරණයක් හැටියට අපේ ප්‍රතිවාදියාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවාම පුද්ලික අංශය ගැන ඒ තරම් විශ්වාසයක් නැති බව පැහැදිලියි. මේ රටේ ආර්ථිකය රාජ්‍ය අංශයෙන් ගොඩනගන්න හදනවා යැයි ඒ අය ඒක ප්‍රසිද්ධියේම කියා තිබෙනවා. ඕවා 1930 ගණන්වල හණමිටි ප්‍රතිපත්ති. අපට පසුපසින් සිටි වියට්නාමය, කොරියාව වැනි රටවල් අපව පසුකරගෙන ගියේ ඔය හණමිටි ප්‍රතිපත්ති නිසයි. අපේ ස්ථාවරය ජාතික හා ආහාර ආරක්ෂාව රජය යටතේ තබාගත යුතු බවයි.
ප්‍රශ්නය:- 2015 දී මෙන් 80%ට වැඩි පිරිසක් ඡන්ද පොළට ආවොත් අවසන් පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට සාපේක්ෂව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ලබාගැනීමට ඇති ඉලක්කය දුර එකක් බව ඇතැම් විචාරකයන් පවසනවා. එය එසේ නොවේ යැයි තර්ක කිරීමට ඇති පදනම මොකද්ද?
පිළිතුර:- ඔබ කියන ආකාරයට ලක්ෂ 160ක් ඡන්ද පොළට ආවොත් මේක දිනන්න නම් ලක්ෂ 65ක් විතර ගන්න වෙනවා. එතකොට ලොකු ගැප් එකක් එනවා යැයි ඔබ කියන එක ඇත්ත. ගැප් එකේ ප්‍රමාණය ගැන අපට විවිධ උපකල්පනවලට එන්න පුළුවන්. හැබැයි මේ විග්‍රහයේදී ඡන්ද කොටස් තුනක් තියෙනවා. සුළු ජාතින්ගේ ඡන්ද තියෙනවා. ප්‍රතිවාදී අපේක්ෂකයාට එයින් ලබාගන්න පුළුවන් ඡන්ද ප්‍රමාණය පැහැදිලියිනෙ. සුළු ජාතික ඡන්ද අතිබහුතරය අපට බව එක්සත් ජාතික පෙරමුණෙන්ම පැහැදිලියි. දෙවැනි කොටස පාවෙන ඡන්ද. ඒ අය තාම තීරණයක් ගෙන නෑ. ගන්නත් බෑ. මොකද එ.ජා.ප අපේක්ෂකයා කවුදැයි ඔවුන් බලා සිටිනවා. අපේ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්වී ප්‍රතිපත්ති එළියට ආවාම ඔවුන්ට තීන්දුව ගන්න පහසුයි. ලක්ෂ 14කට අධික අලුත්ම ඡන්දදායක කොටස හිතන්නේ කොහොමද කියන එක ඊළඟ කාරණයයි. ජනාධිපතිවරණයක් වුණත් කණ්ඩායම දෙසත් ඔවුන් බලාවි. අපට මෙහිදී ප්‍රධාන වාසියක් තිබෙනවා. ඒ තමයි අපේ ප්‍රතිවාදියා යන්න පුළුවන් උපරිම දුර ගිහින් තියෙන්නේ දැන්. ඔවුන්ට තවත් යන්න තිබෙන්නේ එක දිසාවකට පමණයි. ඒ පහළට පමණයි. අපට නම් යන්න තිබෙන්නේ ඉහළටම පමණයි.
සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂ 14 ක අලුත් ඡන්ද රටට වැදගත්
upul Monday, 23 September 2019 08:19 AM
සජිත් මැතිතුමාට නායකතුමාව බයකරලා අපේක්ෂක වෙන්න පුළුවන් වෙයි.එත් පාක්ෂිකයාගේ ඡන්දේ ගන්න ලැබෙන්නේ නැහැ.
lalithmFriday, 27 September 2019 10:19 AM
හැම ලෙඩේටම එකම වෙදාගේ තෙල් හරියන්නේ නැහැ. තව වෙද්දු ඉන්නවද කියලා හොයන්න ඕනේ...
kamani Monday, 23 September 2019 03:21 PM
ඔය ලක්ෂ 14ම යන්නේ නාගානන්දට. ඒ තරුණ ඡන්ද උගත් බුද්ධිමත් අයගේ ඒවා. අපි ගණන් බැලුවා. නාගානන්දට 62 % පමණ ඡන්ද වැටෙනවා. එජාප, ශ්‍රීලනිප, පොහොට්ටු, ජවිපෙ වගේ පක්ෂවල ඉන්න කට්ටකාපු අයගේ ඡන්ද වැටෙන්නේ නාගාට.... නාගානන්දගේ පැමිණීම ස්ථිරයි.
sena Tuesday, 24 September 2019 08:21 AM
ඡන්ද කාලේ දෙන පොරොන්දු හෝ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන මගේ නම් විස්වාසයක් නැහැ. නමුත් නායකයාගේ අතීත කෙරුවාව බලනකොට එයා අනාගතේ හැසිරෙන්නේ කොහොමද කියන එක හිතාගන්න පුළුවන්.ඒ අනුව සජිත්ට බල තණ්හාව මිසක් රට හදන්න දැනුමක් අත්දැකීමක් හෝ ඒ ගැන කිසිම හැගීමක් නැහැ.අපිට ඕනේ රටේ බදු මුදල්වලින් හිඟන්නට නොමිලේ ඉන්න, කන්න අදින්න දෙන නායකයෙක් නෙවෙයි. හිඟන්නාට උනත් ආත්ම ගරුත්වයක් ඇති කරන නායකයෙක්.
sudath Friday, 27 September 2019 12:02 PM
සුදු පිරුවට ඇන්දට කොටියට හා විජාතික බලවේග වලට කඩේ යනවා.
vipula Tuesday, 01 October 2019 07:20 AM
මෙයා 2015 ට කලින් වෙරළබඩ දුම්රිය මාර්ග සංවර්ධන කරන විදිහේ වැඩ වගේ මාර සංවර්ධන කතා වගයක් කිව්වා. අවුරුදු පහක් ගියා. කරපු කිසි දෙයක් නැහැ. අවුරුදු පහට ගත්ත පඩිය, වෙනත් දීමනා ජනතාවගේ බදු මුදල් නේද මේ වියදම් කරන්නේ?