IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ලෝක තෙල් මිලේ වාසිය ජනතාවටත් දෙන්න ඕනෑ

තෙල් මිල ඇතුලු භාණ්ඩ මිල ඉහළ දැමීම, ශ්‍රී ල.නි.ප පදාසයක් ගැලවීයාම, ශ්‍රී ල.නි.ප. අභ්‍යන්තරයේ අර්බුදයක්ද? ශ්‍රී ල.නි.ප-එ.ජ.නි.ස මහලේකම්රු අලුතෙන් පත් කරනවාද? ඉතිරි කොටසත් ආණ්ඩුවෙන්  යනවාද? 20 වැනි සංශෝධනය, 2020 දී ජනපති විශ්‍රාම නොයන්නේ ඇයි? යනාදී කරුණු සම්බන්ධව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා දැක්වූ අදහස් මෙවර  සඳුදා  හමුවෙන් මෙසේ එළිදක්වමු.

 

ප්‍රශ්නය:- ආණ්ඩුව තෙල් මිලත් ඉහළ නංවලා ජනතාවට දැනෙන්න පහරක් දුන්නා නේද?

පිළිතුර:- තෙල් මිල වැඩිකිරීමත් එක්ක මිල සූත්‍රයකුත් අනුමත වී තිබෙනවා. ඒ සූත්‍රය අනුව ජාත්‍යන්තර මිල වැඩිවන විට මෙරට තෙල් මිල වැඩිවන ප්‍රවණතාවකුත් අඩුවන විට අඩුවන ප්‍රවණතාවකුත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපේ රටේ ව්‍යාපාරිකයො හැසිරෙන ආකාරය අනුව තෙල් මිල අඩුවන විට ඒ සහන පාරිභෝගිකයාට දෙන්නේ නැහැ. හැබැයි මිල වැඩිවන විට වැඩි කරනවා. ඒ නිසා ව්‍යාපාරිකයොත් මීට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕන. වාහනවලට තෙල් ලබාගන්නා අයට පමණක් නෙමෙයි මේ ආශ්‍රිත සියලු ව්‍යාපාර ජනතාවට සහනයක් වන ආකාරයට හැසිරෙන්න ඕන. තෙල් මිල අඩුවන විට ලැබෙන වාසිය සම්පූර්ණයෙන් සාක්කුවේ දාගන්න හොඳ නැහැ. සදාචාරාත්මකව හැසිරෙනව නම් ඒව ජනතාවට දෙන්න ඕන.

මෙවැනි දේ පිළිබඳ පසුවිපරමක් කර පාරිභෝගිකයටත් සහනය ලැබෙන ආකාරයේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ආයතන දියුණු රටවල තිබෙනවා. අපේ රටේ තවම එවැන්නක් සැකසී නැහැ. නීති රීතිවල අඩුවක් නැහැ. කවුරු හෝ මේ වගකීම ගන්න ඕන. තෙල් නිපදවන්නේ නැති රටක් වශයෙන් ලෝක මිල ඉහළ යද්දී දිගටම මිල අඩුවෙන් මත්ස්‍ය තහනම ඉවත්වීම උදාහරණ දෙකක්. මීට වඩා දේ අපට ලැබුණා. මේවා නිතර නිතර ජනතාවට මතක් කරන්න වෙනවා. විදේශ විනිසුරන් ගේන්න අපි ඉඩ දුන්නේ නැහැ. රටට ජාත්‍යන්තරයට පිළිගත හැකි මහ බැංකු අධිපතිවරයකු පත්කිරීමෙන් දැන් නිවැරැදි ආර්ථික  තීරණ ගනිමින් සිටිනවා. කිසිම දේකට අනිසි බලපෑමක් නැහැ. දැන් ඒ වෙනස ඇතිවී තිබෙනවා. අද එදාට වඩා  සෑම අංශයකින්ම සුබවාදී වෙනසක් කර තිබෙනවා. පසුගිය ඡන්දයේදී ජනතාවට මේවා අමතක වුණා. අපේ සන්නිවේදනයේ විශාල දුර්වලකමක් තිබෙනවා. දැන්වත් මේව හදාගන්න ඕන.
කොහොම වුවත් ගිය ආණ්ඩු කාලයේ තිබූ බඩු මිලට වඩා අද බඩු මිල අඩුයි. දීපු සහන ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒවට ලකුණු ලැබෙන්නේ නැති  එකයි ප්‍රශ්නේ.

ප්‍රශ්නය:- ඇමැති සංශෝධනයේදී මහින්ද සමරසිංහ සැලකිල්ලට ගත්තේ නැහැ නේද?

පිළිතුර:- සැලකිල්ලට ගත්ත නිසා තමයි මගේ අමාත්‍යාංශයේ වෙනසක් වුණේ නැත්තෙ. මේක ලොකු අමාත්‍යාංශයක්. ප්‍රධානම එකක්.මේක හොඳටම ඇති.

ප්‍රශ්නය:- ශ්‍රී ල.නි.ප පදාසයක් ගැලවිලා ගියා නේද?

පිළිතුර:- ශ්‍රී ල.නි.ප දහසය දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඒ අය  ශ්‍රී ල.නි.ප. යෙන් ඉවත් වී නැහැ. 
මේ අය  ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීවරු හැටියට වෙනත් දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නොවී විපක්‍ෂයේ වාඩි වී කාර්යභාරයක් කිරීමට ඉදිරිපත්ව සිටිනවා. ඒක මුල සිටම ජනාධිපතිවරයා ලබාදුන් අවස්ථාවක්. ආණ්ඩුවත් එක්ක ඉන්න කැමැති අයට ඉන්නත් අකැමති අයට විපක්‍ෂයේ වාඩි වෙන්නත් අවස්ථාව දුන්නා. මේක අලුත් දෙයක් නෙමෙයි. මීට පෙරත් සමහරු ගියා. හැබැයි ඒ අය විපක්‍ෂයේ කටයුතු කරන්නේ ශ්‍රී ල.නි.ප.  මන්ත්‍රීවරු හැටියටයි.

ප්‍රශ්නය:- මේවායෙන් පෙන්වන්නේ ආණ්ඩුවේ පරිහානියද?

පිළිතුර:- ආණ්ඩුවේ  ප්‍රධාන පාර්ශ්ව දෙකක් සිටිනවා. මේ දහසය දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග ඒ ගණන අඩුවී තිබෙනවා. ඒ වුණත් මේක සුළුතර ආණ්ඩුවක් නෙමෙයි. පැහැදිලි බහුතරයක් තිබෙනවා. අවශ්‍ය වෙලාවට තුනෙන් දෙකක් පවා ගන්න පුළුවන් ආණ්ඩුවක්. ශ්‍රී ල.නි.ප.  මන්ත්‍රීවරු කොහේ සිටියත් රටට යහපතක් වන වැඩකදී ජනාධිපතිවරයා කරන ඉල්ලීමකට ඔවුන් ප්‍රතිචාර දක්වාවි. සම්මුතිවාදී රජය නිසා ශක්තිමත් ස්ථාවරභාවයක් ඇති බව පෙන්නුමක් කිරීමට හැකිවී තිබෙනවා.

ප්‍රශ්නය:- මේ පිරිස ගියේ ඇයි?

පිළිතුර:- ඒක නම් ඇත්තටම ඒ අයගෙන් අහන්න ඕන දෙයක්. හැබැයි ඒ අය කිව්වේ එ.ජා.පයත් එක්ක වැඩ කරන්න බැහැ කියලයි. තවත් කාරණා කියලා ඇති. ඕක අද ඊයේ ඇති වූ දෙයක් නෙවෙයි. ඔය දහසය දෙනාගෙන් සමහරු එක දිගටම ආණ්ඩුවේ සිටිමින් අගමැතිවරයා සහ එජාපය විවේචනය කළා. ඒක කරගෙන ඇවිල්ලා ඒ අයගේ පැත්තෙන් බැරිම තැන විපක්‍ෂයේ වාඩි වෙන්න තීරණයක් ගත්තා. ඒ අයට ඔවුන්ගේ ස්ථාවරයේ ඉඳලා අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි මේ සියලු දෙනා ශ්‍රීලනිපයේ කොටසක් හැටියට ජනාධිපතිතුමාගේ නායකත්වය පිළිගෙන ඔවුන්ගේ කාර්යභාරය කිරීමට ඉදිරිපත්ව සිටිනවා.
පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ වී තිබෙනවා. ඒ ගැන සාකච්ඡාවට මෙම දහසය දෙනත් ආවා. ප්‍රතිසංවිධාන කටයුතුවලට මේ අයත් සම්බන්ධයි. ඒ අයටත් ඕන ශ්‍රීලනිප ශක්තිමත් කරන්න. ජනාධිපතිවරයව ශක්තිමත් කරන්න. ඒ අය ඉන්නේ වෙනත් භූමිකාවක නෙමෙයි. හොඳ දේවල්වලට මේ අය  විරුද්ධ වෙන එකක් නැහැ.

ප්‍රශ්නය:- මේ පුපුරාගියේ ශ්‍රීලනිප අභ්‍යන්තර අර්බුදයක්ද?

පිළිතුර:- නැහැ ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වී ආණ්ඩුවක් කරගෙන යන්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවටනේ. ආර්ථික ප්‍රතිපත්තියේ බොහෝ තැන්වලදී පක්‍ෂ දෙකේ තිබූ වෙනස දැන් අඩුවී තිබෙනවා.

දැන් පක්‍ෂ දෙකම එක තැනකට එන්න පටන් අරන් තිබෙනවා. හැබැයි තවම න්‍යාය වෙනස් තැන් තිබෙනවා. එවන් තැන්වලදී එකඟතාවලට එන්න අමාරුයි. ශ්‍රීලනිප ස්ථාවරය රැකගන්න නෙයෙක් අවස්ථාවල ජනාධිපතිවරයා මැදිහත් වී තිබෙනවා.
අපි ආණ්ඩුවත් එක්ක ඉන්නේ ඇයි කියලත් අහන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරයා තනි කරන්න අපට බැහැ. ශ්‍රීලනිප ප්‍රතිපත්ති ආරක්‍ෂා කරන්න ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී කරන  සටන මම දැකලා තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ වැඩියෙන් ඉන්නේ එජාප හෝ එයට අනුබද්ධ පක්‍ෂවල සාමාජිකයන්. අපේ පිරිස තවත් අඩුවෙලා. අපි ඔක්කොම විපක්‍ෂයේ වාඩි වූවොත් කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමාට තනියම සටන් කරන්න පුළුවන්ද? ජනාධිපතිවරයා තනිකරන තීරණයක් ගන්න මට නම් හැකියාවක් නැහැ.

පසුගිය පළාත් පාලන ඡන්දයේදී අපට සියයට 15ක පමණ ඡන්ද ලැබුණා. ඒ අය අපිත් එක්ක ඉන්නේ අපට ආණ්ඩු බලය තිබෙන නිසයි. මේ අත අතහැර දාන්න බැහැ. මේ අය රැකගන්නේ කවුද? ආණ්ඩුව එක්ක ඉන්න අපි තීරණය කළේ මේ සියල්ල ගැන සිතලයි. අපි එජාපය සමග දේශපාලනය කරන්නේ නැහැ. අපට ඕන අපේම ආණ්ඩුවක්. හැබැයි ඒක කරන්න පුළුවන් කවදාද කියා යථාර්ථවාදීව සිතන්න ඕන. ඒ කාලයේ අපිත් ඔය “නම්බර්ස් ගේම්” එකේ හිටියා. එජාපය ගැන සමහරු දන්නේ නැහැ. අතේ තිබෙන රේඛා වගේම මම එජාපය ගැන දන්නවා. අවසානයේ එජාප පාක්ෂිකයො එකට එකතු වෙනවා. විශ්වාසභංගයේදී එය පෙනුනා. මොනව වුවත් කමක් නැහැ කියා එකතු වන සිරිතක් ශ්‍රීලනිපයේ අයට නැහැ. ප්‍රබල පාක්ෂිකයෝ නැතුවා නොවෙයි. යථාර්ථය ඒකයි.

ප්‍රශ්නය:- ශ්‍රීලනිපයේ මේ අර්බුදයට හේතුව අගමැතිට එරෙහිව ගෙනා විශ්වාසභංගය නොවේද?

පිළිතුර:- නම් කියන්න මම කැමැති නැහැ. ඇමැතිකම් දැරූ අපේ කීප දෙනෙක් එළිපිට අගමැතිවරයාව විවේචනය කළා. ඒක ඒ අය දරපු මතයක්. අවසානයේ එය විශාල වශයෙන් උග්‍ර වී කොටසක් ආණ්ඩුවෙන් එළියට ගියා. විශ්වාසභංගය හැදුවේ පොහොට්ටුවේ අය. අපේ පිරිසකුත් ඒකට සහාය දෙන්න තීරණය කළා. පොහොට්ටුවේ අයට ඕන වුණේ අගමැතිවරයා ඉවත් කිරීම නෙමෙයි. ශ්‍රීලනිපය බෙදීමයි. ඒ පැත්තෙන් බැලුවාම ඔවුන් ජය ගත්තා. ශ්‍රීලනිප තවත් බෙදුවා. මේක දේශපාලන කුමන්ත්‍රණයක් බව අපි දැක්කා.

ප්‍රශ්නය:- ශ්‍රීලනිපයේ සහ එජනිස මහ ලේකම්වරු ඉවත් කළ යුතු බවට මතයක් ඉදිරිපත් වූවා. ඒ ගැන ඔබලාගේ අදහස මොකක්ද?

පිළිතුර:- ඒක සමහරු දරන මතයක්. ආණ්ඩුවෙන් ගිය අයගෙන් කීප දෙනෙක් ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලත් තිබෙනවා. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලදී මේ කරුණුත් සාකච්ඡා වේවි. ප්‍රතිසංවිධාන කටයුතු කරන විට දැනට නිලතල දරන සියලු දෙනා ඉවත්විය යුතු බවට යෝජනාවක් පක්ෂ මධ්‍යම කාරක සභාවටත් ඉදිරිපත් වුණා. ශ්‍රීලනිප හෝ එජනිස මහ ලේකම් හැටියට කෙනකු පත්කරනවා නම් ඔහු ජනාධිපතිවරයත් සමග වැඩ කරන්න පුළුවන්  ශ්‍රීලනිප සමග පිරිසුදුව ඉන්න පුද්ගලයෙක් වෙන්න ඕන. මේ තනතුරුවලට අලුතෙන් අය පත්වෙන්න ඕන කියන ස්ථාවරයේ සමහරු ඉන්නවා. පක්ෂය ශක්තිමත් කරන්න අවශ්‍ය වන තීරණ ජනාධිපතිතුමා ගනීවි.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඉතිරි අයත් ඉවත් වෙන්න ඕන කියන යෝජනාවක් පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමේ සූදානමක් තිබෙනවාද?

පිළිතුර:- නොයෙකුත් අය අදහස් ඉදිරිපත් කර තිබෙනවා. යෝජනාවක් නම් ඉදිරිපත්ව නැහැ. මෙහෙම දෙයක් ඉදිරිපත් වුවොත් ඡන්දය දෙන්න කියා ඇතැම් අය කැම්පේන් කර ඇති බව ආරංචි වුණා. තවම එහෙම දෙයක් වෙලා නැහැ. ආණ්ඩුවේ ඉන්න හෝ බැරිනම් විපක්ෂයේ වාඩි වීමේ නිදහස ජනාධිපතිතුමා ශ්‍රීලනිපයට දී තිබෙනවා. කොහොම වුවත් ඉදිරියට ඔවැන්නක් වේවි කියා නම් සිතන්න බැහැ. දැන් තිබෙන අවශ්‍යතාව සියලු දෙනා එක්වී පක්ෂය ශක්තිමත් කිරීමයි. ඇමැතිකම් නැතුව විපක්ෂයේ ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට උදව් කරන්න ඇමැතිකම් දරන ශ්‍රීලනිප අයට පුළුවන්. පක්ෂය සහ ජනපති ශක්තිමත් කරන්න සියලු දෙනා එකතු වෙන්න ඕන.

ප්‍රශ්නය:- වංචාව, දූෂණය පිටුදකින්න ආපු ආණ්ඩුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලසට හසුවෙනවා. අල්ලස දූෂණය පිටුදකින්නේ මෙහෙමද?

පිළිතුර:- ඔය ප්‍රධානියා ඇවිත් මාස දෙකක්වත් නැහැ. මේවා වෙලා තියෙන්නේ පළවැනි වතාවට නෙමෙයි. චන්ද්‍රිකා ජනාධිපති කාලේ සිටි කාර්ය මණ්ඩල ප්‍රධානියා තමයි දැව සංස්ථාවේ සිටි දිසානායක මහත්තයා. ගාමිණී සෙනරත් මහත්තය මහින්ද ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා. ඔහුට විරුද්ධව චෝදනා ගණනාවක් තිබෙනවා. මේ වගේ අය වංචා, දූෂණ කර නීතියට හසුවූ විට ඒවා නවත්වන්න ජනාධිපතිවරයා ගියේ නැහැ. මෙහෙම ජනපති  කෙනෙක් රටට වාසියක්. කලින් තිබූ ආණ්ඩුවල නම් මෙහෙම වේවිද? කවුරු වැරදි කළත් ඒ අයට නිසි දඬුවම් දෙන්න සූදානම්. දැව සංස්ථාවට අලුතෙන් පත්කළ සභාපතිට විරෝධය ආවාම ඔහු ඉවත් කළා. ජනපති ජනතාවට ඇහුන්කන් දෙනවා. මේවා තමයි වෙනස.

ප්‍රශ්නය:- ජවිපෙ ගේනවා යැයි කියන 20 වැනි සංශෝධනය ගැන ඔබලාගේ ස්ථාවරය මොකක්ද?

පිළිතුර:- අපි තාම මේ කෙටුම්පත දැකලා නැහැ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියටයි මේක ගේන්නේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තිබෙනවා. රේඛීය අමාත්‍යාංශයටත් කැබිනට් මණ්ඩලයටත් ඒක ඉදිරිපත් වෙන්න ඕන. යෝජනා කරන්නේ මොකක්ද කියා දකින්න වෙන්නේ ඉන් පසුවයි. මෙවැන්නක් ගැන අපේ ස්ථාවරය මොකක්ද කියා තීරණය වෙන්න ඕන පක්ෂ මධ්‍යම කාරක සභාවෙන්. කෙටුම්පත නොදැක මොකුත් කියන්න බැහැ.

ප්‍රශ්නය:- එක් වරක් බලයේ ඉන්න ආපු ජනාධිපති 2020 විශ්‍රාම යන්නැති බව කියනවා. මේ බල ලෝභය නිසාද?

පිළිතුර:- ඕකට කුලප්පු වෙන්න වුවමනාවක් නැහැ. මේ ප්‍රකාශයට සමහරු කුලප්පු වෙලා. ජනාධිපතිතුමා එදා ඔය ප්‍රකාශය කරන විට මහ අත්පොලසන් හඬක් දහස් සංඛ්‍යාත ජනතාවගෙන් ලැබුණා. කෑගහලා ඒක පිළිගත්තා. මේ ප්‍රකාශයට විවිධ අර්ථකථන දෙන්න ඕන නැහැ. මේ ප්‍රකාශයේ අර්ථය ජනාධිපතිතුමා අවශ්‍ය වෙලාවට කියාවි. රට වෙනුවෙන් තව වැඩ කරන්න තිබෙනවා කියලයි එතුමා කිව්වේ.

සාකච්ඡා කළේ
චමින්ද මුණසිංහ



අදහස් (5)

ලෝක තෙල් මිලේ වාසිය ජනතාවටත් දෙන්න ඕනෑ

smith Monday, 14 May 2018 10:54 AM

ඔය හම්බවුනේ කට්ටියටම බඩ කට පිරෙන්න...

:       19       160

BamunuarachchiMonday, 14 May 2018 11:10 PM

ගිය සැරේ ජනතාව දුන්නේ බඩ පිරෙන්න. වැදුන පාරෙ සැරට 16 එළියටත් ගියා. කතාවෙන් ශේප් වීම තමයි ප්‍රතිපත්තිය. ජනතාව ඕවට රැවටෙන්නේ නැත. ඉතුරු ටික පලාත්සභා ඡන්දෙ බලලා කතා කරමු.

:       303       225

manelWednesday, 16 May 2018 11:54 AM

බමුණුආරච්චි අහලා පුරුදු නමක්....

:       0       8

කුමාර් (ගල්ෆ්) Tuesday, 15 May 2018 11:45 AM

මොකද හරක් මහත්තයෝ ගිය ආණ්ඩුව කාලේ තෙල් බැරලය ඩොලර් 40 ට බැහැපු කාලේ ජනතාවට ඒ සහනය ලබා නුදුන්නේ ?

:       13       1

BamunuarachchiThursday, 17 May 2018 08:48 AM

ඔබවන්නෙකු සමඟ කතාකර වැඩක් නැත....

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 21 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 154 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 188 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 135 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 195 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site