දේශීය ලොකු ලූනු ගොවීන්ගේ අස්වැන්න මිලදී නොගන්නා ආනයනකරුවන්ට මින් ඉදිරියට බී ලූනු ආනයනය සඳහා අවසර නොදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග සහ ධීවර ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තිය දැකීමෙන් මෙරට ලොකු ලූනු ගොවියාට අස්වැසිල්ලක් ලැබුණාට සැකයක් නැත.
වෙළඳ පොළෙහි කොටස් ගණනාවකි. ගොවියා, වෙළෙන්දා හා පාරිභෝගිකයා ඉන් ප්‍රධානය. ගොවියාගේ ද ප්‍රභේද රැසකි. ඒ සාමාන්‍ය ගොවියා, මධ්‍යම පරිමාණ ගොවියා හා මහා පරිමාණ ගොවියා වශයෙනි. වෙළෙන්දාගේද ප්‍රභේද රැසකි. ඒ සාමාන්‍ය වෙළෙන්දා මධ්‍යම පරිමාණ වෙළෙන්දා හා මහා පරිමාණ වෙළෙන්දා වශයෙනි. ඇතැම්විට මහා පරිමාණ ගොවියා සමඟ හැරෙන්නවත් සාමාන්‍ය වෙළෙන්දාට නොහැකිය. ඒ මහා පරිමාණ වෙළෙන්දා මෙරට වෙළඳපොළ සමඟ පමණක් නොව ජාත්‍යන්තර වෙළෙඳ පොළ සමඟ ද ගනුදෙනු කරන්නෙකි. වෙළෙඳපොළ ආර්ථිකයෙන් වැඩි පංගුව ඔවුහු හිමිකරගෙන සිටිති. ජාවාරම්කරුවාගේ භූමිකාවට පිවිසෙන්නේ ද ඔවුන්ගෙන්ම පිරිසකි. මේ සියල්ලන් මැද අතරමැදියෝ ද සිටිති. වෙළඳ පොළ හැසිරවීමේ තීරණාත්මක බලයක් ඔවුහු අත්පත් කර ගෙන සිටිති.
වෙළඳ පොළට අදාළව තීන්දු තීරණ ගත යුත්තේ මේ සියලු සාධක නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුවය. එහිදී වැඩිම අවධානය යොමු කළ යුතු වන්නේ සාමාන්‍ය ගොවියාට හා සාමාන්‍ය වෙළෙන්දාටය. සාමාන්‍ය ගොවියාට හා සාමාන්‍ය වෙළෙන්දාට සාධාරණය ඉටුවන්නේ නම් සෙසු පාර්ශ්වවලට අසාධාරණයක් සිදුවන්නේ නැත. සාමාන්‍ය ගොවියාට හා සාමාන්‍ය වෙළෙන්දාට අසාධාරණයක් සිදුවන්නේ නම් එහිදී වැඩිම පීඩනයට ලක්වන්නේ පාරිභෝගිකයායි, නූතන ආර්ථික විද්‍යාවෙහි මූලික ස්වරූපය වන්නේ “පාරිභෝගික මූලික අලෙවිකරණය” වේ. එයින් බලාපොරොත්තු වන්නේ පාරිභෝගිකයා පිනවීම අංක එක වන බවය.
සෑම තැනකදීම පාහේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ ආර්ථිකය ද ක්‍රියාත්මක වන්නේ රුයිතෙටය. සාමාන්‍ය ගොවියා මෙන්ම සාමාන්‍ය වෙළෙන්දාද ඇතුළත් පොදු මහජනතාව පිනවීම වෙනුවට අතරමැද එක්තරා ජාවාරම්කාර පන්තියක් පිනවීම සිදුවේ. ඇමැති හැරිසන්ගේ තීන්දුව වඩාත් වැදගත්වන්නේ ඒ අර්ථයෙනි.
සෑම ක්‍ෂේත්‍රයකම මෙන්ම ආර්ථික ක්‍ෂේත්‍රයට ද ජාතික ප්‍රතිපත්තියක් නොමැති හෙයින් පෙරකී අතරමැදි ජාවාරම්කාර පන්තියේ හිතසුව පිණිස වන ක්‍රියාමාර්ග සැමදාමත් ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස ලොකු ලූනු ගොවීන් අස්වැන්න නෙළන කාලයේදීම පිටරටින් බී ලූනු ගෙන්වීමට ඉහළ ව්‍යාපාරික පන්තියට දී ඇති අවසරය දැක්විය හැකිය.
භාණ්ඩ හිඟවීම මිල ඉහළ යාමට හේතුවක් වන්නාසේම භාණ්ඩ සුලබවීම මිල පහත බැසීමට හේතුවකි. මෙරට ගොවියාගේ ලොකු ලූනු අස්වැන්න නෙළන සමයේදීම බී ලූනු පිටරටින් ගෙන්වීමේදී එය ලොකු ලූනු මිලට සෘජුවම බලපායි. ඒ අනුව අතරමැද ජාවාරම්කාර පන්තිය ලොකු ලූනු කිලෝවකට මිල තීරණය කරයි. කුණු කොල්ලයට වුවත් එම මිලට ලොකු ලූනු අලෙවි කිරීමට ගොවියාට සිදුවන්නේ තමන්ගේ අස්වැන්නට අත්වන ඉරණම හොඳින්ම දන්නා හෙයිනි. කුණු කොල්ලයට එසේ ලොකු ලූනු මිලදී ගත්ත ද එහි වෙළඳ පොළ මිල තීරණය කරනු ලබන්නේ අතරමැදි ජාවාරම්කාර පන්තිය විසිනි.
අතීතයේදී මඩ සෝදාගත් කල්හි ගොවියා සිහසුනට වටී යැයි කීමට වර්තමානය වනවිට මඩ සෝදාගත් කල්හි සොහොන් බිමට යාමට ගොවියාට සිදුවී තිබෙන්නේ එම පරිසරය තුළය. වෙළඳ පොළට ගිය කල්හි ගුවන්ගත වී ඇති බඩුමිල දකින පාරිභෝගිකයාට දිවංගතවීමට සිදුවන්නේ ද ඉහත පරිසරය තුළය.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇත්තේ මහා පරිමාණ ජාවාරම්කාර වෙළඳ පන්තිය සතුව හෙයින් ඔවුන්ට හැමදාමත් තමන්ගේ වෙළඳ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ හැකියාවක් ලැබේ. මඩ නොගාගෙනම ඔවුන්ට සිහසුනට පත්වීමේ හැකියාව ලැබෙන්නේ එහෙයිනි. අස්වැන්න විකුණාගත නොහැකිව එන මාර්ග අවුරා විරෝධය පළ කිරීමටත් මහ මඟ දමා අස්වැන්න ගිනි තැබීමටත් ගොවියාට අත්වී ඇති ඉරණම අහම්බයක් නොවේ. වගාව සඳහා ගත් ණය ගෙවාගත නොහැකිව වස බී මිය යාමේ ගොවියාගේ ඉරණම නිස්කාරණේ නිර්මාණය වූවක් නොවේ.
ඇමැති පී. හැරිසන් ප්‍රකාශ කර තිබුණේ ලොකු ලූනු ගොවීන් සහ බී ලූනු ආනයනකරුවන් අතර ඉදිරියේදී පොදු ගිවිසුමකට එළැඹෙන බවය. ඒ අනුව එක ආනයනකරුවකු ආසන්න වශයෙන් ගොවීන් දහ දෙනකුට වැඩි පිරිසකගෙන් ලොකු ලූනු තොග මිල දී ගත යුතුය. ඇමැති හැරිසන්ගේ උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන්නේදැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු.
හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු
ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට
ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො
ශ්රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක
කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.
පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ලොකු ලූනු ගොවියාට අස්වැසිල්ලක් ලැබෙයිද
de silva berlin Tuesday, 18 June 2019 10:27 AM
පක්ෂ පාට කුමක් වුනත් රට කරවන දේශපාලකයෝ හැමදාම කරන්නේ මේ ප්‍රශ්නෙට පැලැස්තර ඇලවීම්, ඒකට හේතුව දඹුල්ලේ ඉන්න ගොවින් හුරගෙන කන අතරමැදි ව්‍යාපාරිකයෝ දේශපාලකයන්ගේ ගෝලයෝ නිසා, මේකට ස්ථිරසාර විසදුම නම් මෙම කෘෂි නිෂ්පාදන කල් ගන්න පුළුවන් ගබඩා පහසුකම් සතොස හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකර, නියමිත මිලකට මේවා මිලදී ගෙන ගබඩා කර තබාගෙන ඉල්ලුමට අනුව වෙළදපලට නිකුත් කිරීම, එතකොට ස්ථාවර මිලකට මේවා පාරිභෝගිකයාට ලැබෙන අතර , මේවා ගෙන්වීමට වැය වන විදේශ විනිමය රටේ ඉතුරු වෙනවා .
buruwa Wednesday, 19 June 2019 10:29 PM
අපගේ ගොවින් ද මෙයට වැරදිකරුවන් වේ. ඔවුන් වගාව නිසි කලට පෙර ගලවා විකිණීමට ගෙනෙනවා. එවිට කල්තබාගත නොහැක.
සෙනෙවිරත්න Saturday, 22 June 2019 02:38 AM
විශාල අස්වැන්නක් එකවර දේශීය වෙළඳ පොලට පැමිණිම මෙයට හේතුවක් විය හැක. අපනයන තත්ත්වයේ ගුනාත්මක ලූනු නිශ්පාදනය විසඳුමයි