IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ලෝක විනාශයක් නොවුවත් සිදුවූ විනාශ

ලෝක විනාශය 2012 දෙසැම්බර් 21 වැනි දිනයේ සිදුවනු ඇතැයි අනාවැකි කියූ බොහෝ දෙනෙක් දැන් නිශ්ශබ්දව සිටිති. සිදුවන ස්වභාවික විපත් පිළිබඳ කල් තියා අනාවැකි කිව නොහැකි බව අපි බොහෝ කාලයක සිට අවධාරණය කරමින් සිටින්නෙමු. ලෝක විනාශයක් දැන්ම සිදුනොවන බව ද අපි කීවෙමු. ඒ කෙසේ වෙතත් ලෝකයේ සිදුවන ස්වභාවික විපත් ප‍්‍රමාණය නම් දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් එවන් විපත්වලදී සිදුවන ජීවිත හා දේපල හානිය විශාල බවත් කිව යුතුය. ලෝකය එක්වර විනාශ වී නොගිය ද ලෝකයේ තැන තැන සිදුවන විනාශ සුළුපටු නොවේ.


පසුගිය 2012 වර්ෂයේ ලෝකය විනාශ වී යනු ඇතැයි බිය උපදවන තරමටම ස්වභාවික විපත් රැසක් සිදුවිය. එයින් ප‍්‍රධාන වන්නේ පසුගිය ඔක්තෝබරයේ ඇමෙරිකාව උඩු යටිකුරු කළ සැන්ඩි කුණාටුවයි. ඇමෙරිකා ඉතිහාසයේ එවන් විනාශයක් මින් පෙර සිදුවී නැත. නිව්ජර්සි, මේරිලන්ඞ් හා ඩෙලවෙයාර් යන ප‍්‍රදේශ හරහා පැයට කිලෝමීටර 150 ක පමණ වේගයෙන් හමා ගිය සැන්ඩි කුණාටුව නිව්යෝක් නගරයට කළ හානිය සුළුපටු නොවේ. මුළු මහත් නිව්යෝර්ක් නගරයම ජලයෙන් යටවී ගියේ එහි තිබූ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් පථ හා උමං මාර්ග සියල්ල යට කරමිනි. මුහුදු රළ මීටර ගණනක් උසට නැගී රට තුළට ඇදී එද්දි ඇමෙරිකාවේ සාමාන්‍ය ජීවිතය මුළුණින්ම පාහේ නතරවී ගියේය. විදුලි බල සැපයුම් විනාශ විය. ඇමෙරිකාවේ මිලියන 20 ට වැඩි පිරිසකට දින ගණනකට විදුලිය නැතිවිය.

 

ඉන්දියාවට බලපෑ නිලාම් කුණාටුව.
ඉන්දුනීසියාවේ භූමිකම්පාව සිදුකළ විනාශය.


අන්තර්ජාල පහසුකම් ලබාදෙන ඬේටා ග‍්‍රෑම් ආයතනයට සිදුවූ විනාශය හේතුවෙන් සැන්ඩි කුණාටුවට හසු නොවූ ප‍්‍රදේශ පවා දැඩි බලපෑමට හසුවිය. සැන්ඩි කුණාටුව අවසන් වනවිට ඇමෙරිකාවේ 120 දෙනකුගේ ජීවිත අහිමිවී තිබිණි. මිලියන අටකට වැඩි පිරිසකට උන් හිටි තැන් අහිමිවිය. විනාශ වී ගිය ව්‍යාපාර සංඛ්‍යාව ද විනාශ වී ගිය වගා බිම් ප‍්‍රමාණය ද සුළු පටු නොවේ.


පසුගිය නොවැම්බරයේ ශී‍්‍ර ලංකාව විනාශයකින් වැළකී ගියේ අනූ නමයෙනි. ඒ බෙංගාල බොක්ක දෙසින් ශී‍්‍ර ලංකාව දෙසට පැමිණෙමින් තිබූ නිලාම් සුළි කුණාටුවෙනි. එය ශී‍්‍ර ලංකාවට ආසන්නයට පැමිණ ඉන්දියාව දෙසට ගියේ ශී‍්‍ර ලාංකිකයන්ට සැනසුම් සුසුම් එක් කරමිනි. එහෙත් නිලාම් අසල්වැසි ඉන්දියාවට කළ විනාශය අතිමහත්ය. පැයට කිලෝ මීටර 80 ක පමණ වේගයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයට ඇතුළුවූ නිලාම් චෙන්නායි නගරය හරහා හමා ගියේ 150,000 ට අධික පිරිසකට උන්හිටි තැන් අහිමි කරමිනි. පාසල් 282 වසා දැමීමට සිදුවූ අතර මියගිය සංඛ්‍යාව පස් දෙනෙකි.


දෙසැම්බර් මාසයේදී පිලිපීන දුපත්වල ජනතාවට මහා විනාශයකට මුහුණ දීමට සිදුවිය. ඒ පිලිපීනය හරහා හමා ගිය පිලිපීන් ටයිපූන් හෙවත් නිවර්තන සුළි සුළ`ග හේතුවෙනි. එයින් පුද්ගලයන් 902 ක් මියගිය අතර පිලිපීනයේ ගම්මාන 2000 ට වැඩි ප‍්‍රමාණයක් විනාශ වීය. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 149,000 කි. පිලිපීන රජය පවසන්නේ වර්ෂය අවසාන දිනය වනවිටත් 80,000 ට අධික ප‍්‍රමාණයක් තාවකාලික කූඩාරම්වල දිවි ගෙවන බවයි.


නොවැම්බර් මාසයේ මියන්මාරයේ සිදුවූ භූමිකම්පාවත් එරට වැසියන් 38  දෙනකුගේ ජීවිත බිලි ගැනීමට සමත්ව තිබිණි. විශාල ප‍්‍රමාණයේ ගොඩනැගිලි සියයකට වැඩි ප‍්‍රමාණයක් සහ නිවාස අති විශාල ප‍්‍රමාණයක් විනාශ වී ගිය අතර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 230 කි. මේ භූමිකම්පාවේ විශේෂත්වය වූයේ ඇතැම් මාර්ග ඉරිතලා තිබෙනු දක්නට ලැබීමයි. එය ලෝක විනාශයේ පෙර නිමිත්තක් යැයි ඇතැම් පිරිස් විසින් පවසන්නට විය.


දෙසැම්බර් මාසයේ ඉන්දුනීසියාවේ සිදුවූ භූමිකම්පාව යළිත් වතාවක් ලෝක විනාශ භීතිකාව වැඩිදියුණු කිරීමට සමත්වූවේය. රිච්ටර් මාපකයේ 7.1 ක අගයකින් සටහන් වූ එම භූමිකම්පාව සෞම්ලකී නගරයේ සිට කිලෝ මීටර 236 ක් ඈතින් සිදුවූවක් බව ඇමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය ප‍්‍රකාශ කළේය. මේ භූමිකම්පාව හේතුවෙන් ඉන්දුනීසියාවේ නගර ගණනාවක්, නිවාස ඇතුළු  ගොඩනැගිලි රාශියක් විනාශ වී තිබිණි.

පිලිපීනයේ ටයිපෝන්.


ඉන්දියාවේ උත්තරකේෂී ප‍්‍රදේශයට අගෝස්තු මාසයේදී බලපෑ ගංවතුර තත්ත්වය ද තවත් විනාශකාරී සිදුවීමකි. 20,000 ට අධික පිරිසක් අවතැන් කරමින් හා 31 දෙනකුගේ ජීවිත ගිලගනිමින් ගංවතුර ගලා ගිය අතර ගම්මාන 80 ක් මුළු  මනින්ම ජලයෙන් යටවිය.
ඉරානයේ සිදුවූ භූමිකම්පාවෙන් ජීවිත 227 ක් අහිමිවීම ද යළිත් වතාවක් ලෝක විනාශයේ පෙරනිමිති ලෙස සළකන්නට විය. රිච්ටර් මාපකයේ 6.4 ක් වූ භූමිකම්පාව විනාඩි 11 ක පමණ කාලයක් පැවැති අතර එය නගර ගණනාවකට හානි කිරීමට සමත් වී තිබිණි.
ඊශාන දිග ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ සිදුවූ ගං වතුර හේතුවෙන් 33 දෙනකු මියගොස් 17,60,000 අධික පිරිසක් විපතට පත්වීම ද 2012 වර්ෂයේ සිදුවූ විශාල ස්වභාවික විපත් අතරට ගැනෙන්නකි. මෙහි විශේෂත්වය වන්නේ වෙනත් කිසිදු ස්වභාවික අනතුරකට වඩා විශාල ප‍්‍රමාණයක් සතුන් මියගොස් සිටීමයි. විල් මුවන් 512 ක් ඇතුළු  වන සතුන් 595 දෙනකුගේ සිරුරු හමුවී ඇත.
චීනයේ බීජිං නරගයේ සිදුවූ ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 79 කි. විපතට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 56,933 ක් ලෙස චීන රජය වාර්තා කැර තිබූ අතර ඔවුන් පවසන්නේ නිවාස 8,200 ක් මුළු මනින්ම විනාශ වී ගිය බවයි. ලක්ෂ 16 ට අධික පිරිසක් ගං වතුරේ බලපෑමට හසුවූ අතර ගංවතුරෙන් චීන ආර්ථිකයට සිදුවූ හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.6 කි. දකුණු දිග චීනයට මිලි මීටර 170 ක වර්ෂාපතනයක් පතිත වෙද්දී එම දිනයේදී ම මිලි මීටර 460 ක වර්ෂාපතනයක් බීජිං වලින් වාර්තා වී ඇත. මෙය 1951 න් පසු චීනයෙන් වාර්තා වූ වැඩිම වර්ෂාපතනය විය.


2012 වර්ෂයේ සිදුවූ ස්වභාවික විපත්වලින් වැලකී සිටීමට පකිස්ථානයට ද හැකියාවක් ලැබුණේ නැත. එරට පුද්ගලයන් 480 ක් මරණයට පත්කරමින් ලක්ෂ 50 ක ජනතාවක් අවතැන් කරමින් අගෝස්තු මාසයේ දී මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය. දකුණු පන්ජාබය හා බලූකිස්ථානය යන ප‍්‍රදේශවලට ඇද හැ`එණු අධික වර්ෂාවත් සමගම ඇතිවූ මෙම ගංවතුර මෑත ඉතිහාසයේ පකිස්ථානයේ ඇතිවූ විශාලතම ජල ගැල්ම ලෙස හැඳින්වෙයි. ශී‍්‍ර ලංකාවේ තත්ත්වය ද ඊට දෙවැනි වන්නේ නැත. පසුගියදා ලංකාව පුරා ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 43 කි. මෙම ලිපිය ලියන මොහොත වනවිටත් 1650 ක් අවතැන් කඳවුරුවල දිවිගෙවන අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දින ගණනක් පුරා සිය නිවාස වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන සොයා යාමට සිදුව තිබිණි. දෙසැම්බර් 21 වැනි දිනයේ ලෝක විනාශයකට සමස්ත ලෝකයම සූදානම් වෙද්දී ලංකාවේ බොහෝ ප‍්‍රදේශ ජලයෙන් යටවී තිබිණි. ලෝක විනාශයක් සිදු නොවූව ද බොහෝ දෙනකුගේ දේපල, වගාබිම් විනාශ වී ගියේ ස්වභාවික විපත්වලින් බේරී සිටීම ගැන තවදුරටත් සිතා බැලිය යුතු බව පසක් කරමිනි.


මේ සිදුවීම් මධ්‍යයේ ශී‍්‍ර ලංකාවේ තැන තැන ඇතිවන වර්ෂා රතු, කොළ

පකිස්ථානයේ ගංවතුර.

සහ කහ පැහැය ගැනීම ද ලෝක විනාශයක් ගැන අනාවැකි කියූවන්ගේ මතය සත්‍යයක් වේදැයි යන බිය මහජනයා අතර ඇති කරන්නක් විය. ස්ථාන කිහිපයකට උල්කාපාත කඩා වැටීම් වාර්තා වීමත් වර්ණවත් වැසි ජලයේ පිටසක්වළ ජීවී ෙසෙල තිබුණේ යැයි කියන මතයත් සමග එය අපූරුවට ගැලපී ඇත.


ලෝකය විනාශ වන දිනයක් ගැන කිසිවකුටත් අනාවැකි කීමේ හැකියාවක් නොමැති බව සත්‍යයකි. එහෙත් ලෝකය විනාශ නොවනු ඇතැයි ද කිසිවකුටත් කිව නොහැකිය. රිච්ටර් මාපකයේ අගය නමය ඉක්මවූ භූමිකම්පා සිදුව ඇතත් එහි අගය 10 ඉක්මවූ භූමිකම්පාවක් සිදුවිය හැකි ද යන්න හෝ එවැනි භූමිකම්පාවක් සිදුවුවහොත් ඇතිවන විනාශය ගැන හෝ අප දන්නේ නැත.


ඈත විශ්වයේ සිට පෘථිවිය ආසන්නයෙන් ඇදී යන ලොකු කුඩා ගල් කැබලි ඇතුළු  කිලෝ මීටර ගණනක දිග පළල ඇති ඇස්ටරොයිඩ කෝටි ප‍්‍රකෝටි ගණනක් ඇතත් ඒවා පෘථිවියේ ගැටෙන්නේ නැතැයි සිතමින් අපි සැනසුම් සුසුම් හෙළුව ද නාසා ආයතනය පවසන්නේ පෘථිවිය වෙත එන ඇස්ටරොයිඩයක් හඳුනා ගැනීමට හැකිවන්නේ පෘථිවි ආසන්නයට පැමිණීමට දින තුනකට පෙරාතුව බවයි. එසේ නම් ඇස්ටරොයිඩයක් ගැටී ඩයිනෝසරයන් විනාශ වූ ආකාරයේ විනාශයක් ඉදිරි දින තුනෙන් පසුව කවර හෝ මොහොතක සිදු නොවනු ඇතැයි ද අපට අනාවැකි කීමට හැකියාවක් නැත.


ලෝක විනාශය සිදුනොවීම සැනසුමක් වුව ද ඉදිරියේදී සිදුවන ස්වභාවික විපත් ගැන ද කිසිම ආකාරයකින් අනාවැකි කීමට හැකියාවක් නොමැති බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.

සටහන : වේරගොඩගේ සජීව විජේවීර

 

මියන්මාරයේ භූමිකම්පාව.
ඉරානයේ භූමිකම්පාව.
ඇසෑම් ගංවතුර.
චීනයේ බීජිං නගරයේ ගංවතුර.



අදහස් (0)

ලෝක විනාශයක් නොවුවත් සිදුවූ විනාශ

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 115 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 23 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 39 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 99 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 215 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 827 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site