2012 වසර අවසානයේදී ලෝක විනාශය සිදුවෙතැයි යන විශ්වාසය සමහරුන්ගේ සිතේ පැළපදියම් වී තිබේ. මෙතෙක් කල් හරි හම්බ කළ බව බෝග, වතුපිටි, යස ඉසුරු පසෙක තබා හිටිගමන් ජීවිතය හැරයන්නට සිදුවුවොත් යන සිතුවිල්ලෙන් පශ්චාත්තාපී වන්නෝද සිටිති. ඇත්තටම ලෝක විනාශය සිදුවෙනවාද? එසේ නම් ඒ කවදාද? කොයි ආකාරයකටද? ලෝක විනාශය පිළිබඳව කතාන්දරයේ විද්‍යාත්මක පසුබිම කුමක්ද? විද්‍යාත්මක මතය අනුව ඇත්තටම ලෝක විනාශය සිදුවෙනවාද? මේ ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි. නාසා ආයතනයේ හබල් දුරේක්ෂය සමග ගවේෂණ කටයුතු කළ තාරකා විද්‍යාඥයකු වන කාවන් රත්නතුංග මහතාගෙන් අපි තොරතුරු විමසුවෙමු. ලෝකයේ ජීවත්වන්නවුන් ප‍්‍රමුඛව ලෝකයේ පවතින භෞතිකයන් විනාශ වෙන්නට ක‍්‍රම කිහිපයක්ම ඇතත් 2012 වසර අවසානයේ ලෝකය විනාශ වේයැයි කියන කතාවේ කිසිදු විද්‍යාත්මක පදනමක්, කිසිදු විද්‍යාත්මක සත්‍යතාවක් නැත. මේ වසරේ පමණක් නොව තවත් වසර බිලියන ගණනක් අවෑමෙන්වත් ලෝක විනාශය සිදුවෙන බවට කිසිදු සාක්ෂියක් නැත. විද්‍යාඥයන්ගේ මතය අනුව මේ විශ්වයේ සියල්ල ආරම්භ වී ඇත්තේ මහා පිපිරුමකිනි. එතෙක් මෙතෙක් මේ පෘථිවියේ ජීවත් වූ ජීවීන් කොට්ඨාස බිලියනයක් අතරින් එක් ජීවින් වර්ගයක් ලෙස මනුෂ්‍යයා හැඳින්විය හැකිය. පෘථිවියේ ජීවත්වූ ජීවීන් වර්ග අතරින් සියයට අනූනවයක් පමණ මේ වෙද්දී වඳවී ගොස් ඇත. 2012 දී ලෝක විනාශය සිදුවේයැයි යන මතයක් මානව සමාජය තුළ ප‍්‍රබලව මුල් බැස ගැනීමට බලපෑ ප‍්‍රධානම සාධකයක් වූයේ ආදිතම යුගයේදී මධ්‍යම ඇමෙරිකාවේ ජීවත් වූ මායාවරුන් නිර්මාණය කරන ලද දින දර්ශනයයි. මෙම දින දර්ශනය වත්මන් දින දර්ශනයට අනුව 2012.12.21 වැනි දිනයෙන් අවසන්වෙයි. මේ දින දර්ශනයට අනුව බොහෝ දෙනා විශ්වාස කරන්නේ මායාවරුන් අනතුරු හඟවා ඇත්තේ ලොව විනාශවීම පිළිබඳව වන ප‍්‍රබල අනාවැකියක් ගැන බවයි. එහෙත් 2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය සිදුවේයැයි කියන කතාවේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් සහිත පදනමක් නැත. එවන් මතයක් ගොඩනැගී ඇත්තේ ආදී අනාගත වක්තෘන් පලකළ අනාවැකියක් අනුවය. එම දිනයේ පෘථිවියේ ධ‍්‍රැව හුවමාරුවක් ඇති විය හැකි යැයි කියවී තිබුණත් යම් දවසක එය ඇතිවිය හැකි නමුත් එම දිනයේම එය ඇතිවේයැයි යන්න කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවූවකි. තවත් වසර බිලියන පහක් ඇවෑමෙන් ඉර විනාශ වීමෙන් ලෝක විනාශය සිදුවිය හැකිය. එසේ ඉර විනාශ වීමේ විද්‍යාත්මක පසුබිම සැකසෙන්නේ මේ අනුවය. පෘථිවියටත් සෞරග‍්‍රහ මණ්ඩලයටත් ශක්තිය සපයන සූර්යයාට ශක්තිය සපයන්නේ හයිඩ‍්‍රජන්ය. අනුමාන වශයෙන් තවත් වසර බිලියන පහකින් පසු සූර්යයා දහනය වීමට ඇති හයිඩ‍්‍රජන් අවසන් වී සූර්යයා මළ තාරකාවක් බවට පත්විය හැකිය. අද කහපාට තාරකාවක් ලෙස පවතින සූර්යයා ඒ අනුව යෝධ රතු තාරකාවක් බවට පත්වෙයි. එහි විශ්කම්භය ඉතා විශාලවෙයි. සූර්යයාගේ අවසන් යුගයේදී හයිඩ‍්‍රජන් අණු හීලියම් අණු බවට පරිවර්තනය වීමේ වේගය ඉතා ඉහළ යයි. සූර්යයාගේ ප‍්‍රමාණය විශාල වී එය දැවැන්ත ප‍්‍රසාරණයකට ලක්වෙන්නේ එම පරිවර්තනය දරාගැනීමටය. සූර්යයාගේ වර්ණය මෙම ක‍්‍රියාවලියේදී රතු පැහැයට හැරෙයි. සූර්යයා විශාල වෙද්දී ඉන් නිකුත් කෙරෙන තාප ධාරිතාව ඉතා වැඩිවෙන අතර මේ හේතුවෙන් සූර්යයා විනාශ වීමට පෙර නිකුත් කෙරෙන අධික උෂ්ණත්වය හේතුකොට ගෙනද පෘථිවිය මත ඇති ජීවය වඳවී යා හැකියි. කෙසේ වුවත් අවසානයේ දැවැන්ත රතු යෝධයෙක් බවට පත්වෙන සූර්යයා තමාට ආසන්නයේ ඇති පෘථිවියත් ග‍්‍රහලෝකත් ගිල ගන්නට පටන් ගනියි. සූර්යයා දහස් ගුණයකින් පමණ ප‍්‍රසාරණය වෙද්දී එයින් නික්මෙන අධික තාපය හේතුවෙන් පෘථිවියේ භූ ස්ථර ලාවා මෙන් උණු වී දිය වෙන්නට පටන් ගන්නා අතර උපරිම ලෙස ප‍්‍රසාරණය වූ සූර්යයා නැවත සංකෝචනය වීමේ ක‍්‍රියාවලියේ අවසානය වෙන්නේ සූර්යයා අධික ඝනත්වයක් සහිත කුඩා අඳුරු දහනය වීමට කිසිවක් නැති ගෝලයක් බවට පත්වීමයි. සුදු වාමනයා (White Dwart)ලෙස තාරකා විද්‍යාවේදී හඳුන්වන්නේ මේ ස්වභාවයයි. එහි ප‍්‍රමාණය පෘථිවියේ ප‍්‍රමාණයට ආසන්න වෙයි. එහෙත් එහි ඝණත්වය ඉතාමත් අධිකය. සෞරග‍්‍රහ මණ්ඩලයේ සෙසු ග‍්‍රහලෝක වලට බල ශක්තියක් සැපයීමේ හැකියාවක් මේ තත්ත්වයට පත්වූ සූර්යයාට නැති අතර මේ පසුබිම මත සෞරග‍්‍රහ මණ්ඩලය ජීවය නැති අන්ධකාර ප‍්‍රදේශයක් බවට පරිවර්තනය වෙයි. පෘථිවිය මත ජීවය වඳවී යාහැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන තවත් විධි ක‍්‍රමයක් වෙන්නේ අඟහරුගේ සහ පෘථිවියේ කක්ෂ අතර එකිනෙක ගැටීමක්, නැත්නම් ඒවා ආසන්නයෙන් ගමන් කිරීමක් හේතුවෙන් ඇතිවෙන ගුරුත්ව තල්ලූවක් හේතුවෙන් පෘථිවිය තම කක්ෂයෙන් ගැලවී ඉවතට විසිවී යාමේ සංසිද්ධියයි. සෞර ග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක හිරුවටා පරිභ‍්‍රමණය වේ. කක්ෂ ඉතා ස්ථාවර ලෙස පවතින බව අප දුටුවත් දිගු කලක් ගතවෙද්දී එහිද සුළු වෙනස්කම් ඇති වී සෞර ග‍්‍රහ මණ්ඩලයේ අද ස්වභාවය වෙනස් වී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය. විද්‍යාවට අනුව මෙයින් වසර බිලියන 13.7කට පෙර මහා පිපිරුමෙන් (Big Bang) විශ්වය ආරම්භ වූ අතර තවත් වසර බිලියන ගණනකින් එහි අවසානයද සිදුවිය හැකිය. විශ්වය ප‍්‍රසාරණය වන්නේ ඒ මහා පිපිරුමෙන් ලද ශක්තියෙනි. එහෙත් නැවත මේ විශ්වය සංකෝචනය වීමද යළිත් ඇරඹෙනු ඇත. විශ්වය සංකෝචනය වීම යන දිගු ක‍්‍රියාවලියේ අවසාන අදියර වෙන්නේ විශ්වයේ මහා පිපිරීමට පෙර මොහොතකදී පැවැති ආකාරයෙන් මුළු විශ්වය ඇල්පෙනිති හිසක් තරමේ කුඩා ලක්ෂයකට කැටි වීමයි. මේ මහා හැකිළුම පෘථිවියේ පමණක් නොව මුළු විශ්වයේම අවසානය බවට පත්වෙයි. එහෙත් මේ අයුරින් මුළු විශ්වයම විනාශ වීමට තවත් වසර බිලියන තිහක් තරම්වත් කාලයක් ගතවෙනු ඇත. ඇතැම් විද්‍යාඥයන් දක්වන මතයක් වන්නේ විශ්වය නැවත සංකෝචනය නොවී දිගටම ප‍්‍රසාරණය විය හැකි බවයි. මහා දිගහැරුම ( Big Rip) ලෙස මෙය හඳුන්වයි. මෙහි අවසන් අදියර විශ්වය මළ විශ්වයක් බවට පත්වීමයි. මෙයින් වසර මිලියන හයසියයකට පෙර පෘථිවිය පැවතියේ සම්පූර්ණයෙන්ම අයිස් වලින් ආවරණය වීය. එදවස පෘථිවියේ ගස්කොළන් නොපැවති අතර මිහිමත සිටියේ ඒක ෙසෙල ජීවීන් පමණි. වසර මිලියන 65කට පෙර විශාල උල්කාපාතයක් ගැටීමෙන් මේ පොළොවේ සිටි ඩයිනසෝර්ලා විනාශ විය. එය ලෝක විනාශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. අපේ පෘථිවියට තර්ජනයක් එල්ල කළ හැකි යැයි මේ වෙද්දී සොයාගත් එකම ග‍්‍රාහකය වෙන්නේ ඇපෝෆිස්ය. වර්ෂ 2036 දී එයින් පෘථිවියට හානියක් සිදුවීමට ඇති ඉඩකඩෙහි සම්භාවිතාව ඉතා අල්පවෙයි. එමෙන්ම නාසා ආයතනය මේ වෙද්දී පෘථිවියට හානිකළ හැකි උල්කාපාත පිළිබඳව ගවේෂණය කරමින් ඒවා සොයා ගනිමින් ඒවා පෘථිවියේ නොගැටෙන්නට වෙනදිශාවකට තල්ලූ කරමින් පෘථිවිය විනාශ වීමට අවස්ථා ඇත්නම් ඒවා මග හරවා ගනියි. (Gamma-Ray) පිපිරුමක් නැත්නම් කළු කුහරයක් පෘථිවියට පැමිණීමේ සම්භාවිතාවද ඉතා අඩුය. ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය යනු පෘථිවියට ආසන්නම විශාල චක‍්‍රාවාටයකි. එය පෘථිවිය හා ගැටීමටද වසර මිලියන ගණනාවක් ගතවෙනු ඇත. එමෙන්ම ගිනිකන්දක් පිපිරීම හේතුවෙන් ඇමෙරිකාවේ බාගයක්ම විනාශ වී යා හැකි වුවත් එය සිදුවීමටද තවත් වසර බොහෝ ගණනක් ගතවෙනු ඇත. සියල්ල සාරාංශ කොට විද්‍යාත්මක ප‍්‍රවේශයක සිට ඉතා පැහැදිලිව සඳහන් කළ හැක්කේ 2012 දෙසැම්බරයේදී ලෝක විනාශය සිදුවීමේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ පදනමක් නැති බවයි. එහෙයින් ලෝක විනාශය සිදුවේයැයි යන අනියත බියෙන් වැලකී තම දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම වඩාත් ඵලදායි වෙයි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක විනාශය සිදුවන්නේ වසර බිලියන ගණනකින්
කැලුම් එන්. පරපිටිය Friday, 06 April 2012 10:43 AM
ඇත්තටම ඉතාමත් වටිනා ලිපියක්. මෙම ලෝක විනාසය ගැන පුවතත් සමග මිනිසාගේ ධනාත්මක සිතිවිලි නැති වී ගොසින් ලෝක විනාසයක් ගැන හිතමින් ඉන්නා කාල වකවානුවක මෙම ලිපිය අගනා වස්තුවක්..... ස්තුතියි
නිපුන් මධුසංඛ Tuesday, 07 February 2017 06:40 AM
ගොඩක් හොඳ ලිපියක්. අනාගතයට ගොඩක් වටිනා ලිපියක්. (නි)
ජගත් Sunday, 16 December 2012 12:48 PM
ඇත්තටම හොඳ ලිපියක්. ගොඩක්ම ස්තූතියි. (නි)
නිලූ Monday, 23 January 2012 11:07 AM
හොද පුවතක්
බුද්ධික Wednesday, 25 January 2012 09:08 PM
මීට අවුරුදු 2600 කට පෙර තථාගතයන් වහන්සේ විසින් දේශණා කළ සත්‍ය වෙන හැටි. නවීණ විද්‍යාව කියන්නෙ බුදු දහමත් එක්ක බලනකොට ළදරුවෙක්. ඇයි පාසල් වල එම සූත්තර උගන්වන්නෙ නැත්තෙ?
නිශාන්ත Monday, 23 January 2012 01:23 PM
හොඳ ලිපියක්
ටී.ආර්. පනාගොඩ Monday, 06 February 2012 12:32 AM
ඉතා හොද ලිපියක්
සහන්ජය Wednesday, 24 October 2012 04:55 PM
ඇත්තටම හොඳ ලිපියක්...ගොඩක්ම ස්තූතියි... (නි)
රජීන් Monday, 23 July 2012 02:47 PM
ඉතා හොද ලිපියක් .(ස)
යසිත Friday, 06 April 2012 09:18 AM
බොහොම හොද ලිපියක් ... අද නවීන විද්‍යාවෙන් සොයා ගන්නා බොහො දේ මීටවසර 2600 ට පෙර .. බුදු පියානන් දේශණා කොට වදාළා.උන් වහන්සේ දේශණා කළ තවත් බෝහෝදේ තියෙනව ...නූතන විද්‍යාවට නොපෙනෙන ,...එය සොයා ගෑනීමයි වටින්නෙ ..
යසිත Friday, 06 April 2012 09:18 AM
බොහොම හොද ලිපියක් ... අද නවීන විද්‍යාවෙන් සොයා ගන්නා බොහො දේ මීටවසර 2600 ට පෙර .. බුදු පියාණන් දේශනා කොට වදාළා.උන් වහන්සේ දේශනා කළ තවත් බෝහෝදේ තියෙනව ...නූතන විද්‍යාවට නොපෙනෙන ,...එය සොයා ගෑනීමයි වටින්නෙ ..