IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලෙඩ රැසකට ගුණ දෙන සර්ප සම්බාහනය

ඊශ‍්‍රායලයේ රූපලාවන්‍යාගාරයක සේවය ලබාගැනීමට යන සේවාලාභීන්ට අමුතුම තාලේ අත්දැකීමකට මුහුණදීමේ අවස්ථාවක් එහි පාලිකා අඞ් ආ බරාක් මහත්මිය සලසාදී තිබේ. එය නම් සර්පයින් ලවා සිරුර සම්බාහනය කරවා ගැනීමය. ඩොලර් 80ක ගාස්තුවක් අය කරන මේ සර්ප සම්බාහනය සඳහා විවිධ වර්ගයේ සහ ප‍්‍රමාණයේ සර්පයින් රැසක් බරාක් මහත්මියගේ රූපලාවන්‍යාගාරයේ සිටී. සේවාලාභියාගේ සිරුර මත තැන්පත් කෙරෙන සර්පයා එම සිරුරේ වෙළෙමින් එතෙමින් දඟර ගසමින් ගමන් ගනිද්දී මාංශ පේශී සම්බාහනය වන අතර එය ඉතා සුවිශේෂී අත්දැකීමක් බව ඒ සේවාව ලබාගත් අය පවසා ඇත. සර්පයාගේ ප‍්‍රමාණය අනුව තෙරපීම වැඩිවන අතර පිටකොන්ද ප‍්‍රදේශ හා පාද පෙදෙස් සම්බාහන පිණිස ප‍්‍රමාණයෙන් විශාල සර්පයින්ද මුහුණ වැනි සෞම්‍ය සමක් සහිත ප‍්‍රදේශවල සම්බාහනය පිණිස කුඩා සර්පයින්ද යොදා ගැනේ. මේ අමුතුම සම්බාහන කටයුත්ත දැන් බොහෝ ජනපි‍්‍රය වේගන යන බව පවසන අඞ් ආ බරාක් මහත්මිය මේ සඳහා යොදා ගන්නේ විෂ රහිත සර්පයන් නිසා සේවාලාභීන්ට බියවීමට කිසිම හේතුවක් නොමැති බවද පවසන්නීය.  



අදහස් (0)

ලෙඩ රැසකට ගුණ දෙන සර්ප සම්බාහනය

නිත්‍යා Saturday, 12 January 2013 03:50 PM

මේ මිනිස්සුන්ට මොනවා වෙලාද මේ. කොහොමද මෙහෙම ඉන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1318 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4687 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 127 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 516 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 421 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1686 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site