ශී‍්‍ර ලංකාවට ගොඩබට ඉංගී‍්‍රසීන් ලන්දේසීන් සතුව තිබූ බළකොටු එකිනෙක යටත් කර ගනිමින් සිටියහ. ඇතැම් ස්ථාන මහ සටනකින් පසු ඉංගී‍්‍රසීන් සතු වූ අතර තවත් බළකොටු ඉංගී‍්‍රසීන් වෙත භාර දී ලන්දේසීන් සටනකින් තොරවම තම දිවි බේරාගෙන යන්නට විය.
ඒ 1975 ජූලි මාසයේ අවසන් සතියයි. මෙරට ඉතා වැදගත් හා ප‍්‍රධානතම වරායක් වූ ති‍්‍රකුණාමලය වරායත් ඒ අවට ප‍්‍රදේශයේත් බලය තහවුරු කර ගැනීමේ සටනට අවතීර්ණ වූ බි‍්‍රතාන්‍ය හමුදා සේනාංකයක් එහි ළ`ගා විය.
ට්‍රෝජන් යුද්ධයේදී අභීතව සටන් කළ මහා වීරයකු වූ ඩියොමැඬේ නමැති ගී‍්‍රක දෙවියා සිහිකරමින් නම් කරන ලද ඩියොමැඬේ නම් නැවත් තවත් නැව් කිහිපයකුත් ති‍්‍රකුණාමලය වරාය දෙසට ළ`ගා විය. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ ඉන්දියන් සාගරයේ පිහිටි ඉතා වැදගත් තොටමුණක් වූ ති‍්‍රකුණාමලය වරාය හා බළකොටුවට ප‍්‍රහාරයක් එල්ල කර එය අත්පත් කර ගැනීමයි.
1779 අගෝස්තු මස 14 එංගලන්තයේ බි‍්‍රස්ටල්හි ජේම්ස් මාර්ටින් හිල්වුඞ් ප‍්‍රමුඛ පිරිසක් විසින් මේ නැව සෑදීම ආරම්භ කරන ලදී. යුද කටයුතු ස`දහාම විශේෂයෙන් නිපදවන ලද ඩියොමැඬේ නෞකාවේ දිග මීටර හතළිස් දෙකකි. පළල මීටර 12 කි. මෙහි මහල් දෙකකි. නැව දෙපස විවිධ ප‍්‍රමාණයේ කාලතුවක්කු 44ක් ස්ථාන ගතකර තිබිණි. මෙහි ඇති වෙඩි බලයෙන් ඕනෑම සතුරු ප‍්‍රහාරයකට එරෙහිව භයානක ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව තිබිණි.
1781 ඔක්තෝබර් 18 වැනි දින ඩියොමැඬේ නෞකාව දියත් කරන ලදී. මේ නැව සෑදීමේ අරමුණ වූයේ එවකට ඇමෙරිකානු යුද්ධයේ දී නොගැඹුරු මුහුදේ මෙහෙයුම් ස`දහා යොදා ගැනීමටය. ඩියොමැඬේ නෞකාව ඒ නමට හිමිවී තිබූ වීරත්වය මහ සමුදුරේ ද ප‍්‍රකට කර තිබිණි. ඒ ඇමෙරිකා විප්ලවවාදී යුද්ධයේදී වැදගත් හා බිහිසුණු ජයග‍්‍රහණ රැුසක් බි‍්‍රතාන්‍යයට අත්පත් කර දෙමිනි.
පෙන්සිල්වේනියාව හා පිලඩෙල්ෆියා අතර ඇති බි‍්‍රතාන්‍ය ආරක්ෂක පවුරු බි`ද දමමින් ජයග‍්‍රහණය වෙත යමින් තිබූ කැලිෆෝනියා නෞකාව පසුපස හඹා ගිය ඩියොමැඬේ නෞකාව අති බිහිසුණු සටනකින් පසු ජයග‍්‍රහණය ලැබුවේය. පැය දහයකට වැඩි කාලයක් පැවති මේ සටනින් ඩියොමැඬේ නැවේ ජයග‍්‍රහණයට තවත් නැව් දෙකක සහාය ලැබී තිබිණි. පැරණි වාර්තා අනුව පැහැදිලි වන්නේ කැලිෆෝනියා නැවේ නැවියන් 466 දෙනෙක් ගමන් කළ බවයි.
ලංකාවේ ලන්දේසි බළකොටු අතරින් ගාල්ල විශාලතම බළකොටුව වූ අතර ති‍්‍රකුණාමලයේ පිහිටීම අනුව එය ද යටත් කර ගැනීම පහසු නොවන බව බි‍්‍රතාන්‍යයෝ දැන සිටියහ. මේ නිසා ඔවුහු ති‍්‍රකුණාමලය වට කිරීමට යොදවන ලද්දේ මෙතෙක් වඩාත් බිහිසුණුම සටන් රැසක ජයග‍්‍රහකයා වූ ඩියොමැඬේ නෞකාවයි. ඩියොමැඬේ වරාය වැටලීමත් සමඟ ඕලන්ද බළකොටුව ද තරමක් සසල වී ගියේ යුද්ධයකින් පහසුවෙන් ජයගත නොහැකි බව දන්නා බැවිනි.
කෙසේ වෙතත් ඩියොමැඬේ නෞකාවත් පරිවාර නැව් රැුසක් ද සමඟ ති‍්‍රකුණාමලය වැටලූ බි‍්‍රතාන්‍ය හමුදා සේනාංකය භාර නිලධාරියා ති‍්‍රකුණාමලය බළකොටුවට හසුනක් යැව්වේය. ඒ තමන්ට යුද්ධයක් අනවශ්‍ය බව පවසමිනි. ලන්දේසීන්ට යටත් වී සාමකාමී ලෙස වරාය හා බළකොටුව තම සේනාංකයට භාරදෙන ලෙස මේ හසුනෙන් දන්වා තිබිණි.
මේ අතර 1795 අගෝස්තු මස දෙවැනි දිනය උදාවිය. නැගෙනහිර අහස එකම වැහි බීරිමකි. තද සුළං හමායයි. අනපේක්ෂිත අයුරින් මුහුද ක‍්‍රමයෙන් රළු වන්නට විය. කුණාටුවක ලක්ෂණ ඇති වෙමින් තිබේ. සුළ`ග දැඩි වෙද්දී සිදුවූයේ කිසිසේත්ම නොසිතූ දෙයකි. ප‍්‍රචණ්ඩ රළට හා දැඩි සුළ`ගට නතු වූ දැවැන්ත ඩියොමැඬේ නෞකාව ඒ මේ අත පැද්දී යන්නට විය. ක‍්‍රමයෙන් මිනිස් පාලනයෙන් මිදුණු නෞකාව ඇදීගොස් අසල තිබූ ගල් පරයක හැපිණි. දැවයෙන් තැනූ නැව ඒ හැපීමත් සමඟ හානියට පත්වෙද්දී නෞකාවේ සිටි නැවියෝ එහි තිබූ කාලතුවක්කු පවා ගළවා මුහුදට විසිකරමින් නැව වඩාත් සැහැල්ලූ කර බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුව ද ඒ සියල්ල මොහොතකින් ව්‍යර්ථ වී ගියේය.
ති‍්‍රකුණාමලයේ ඕලන්ද සේනාංක යටත් නොවන්නේ නම් බිහිසුණු සටනකට සූදානම්ව සිටි ඩියොමැඬේ එකම වෙඩි උණ්ඩයක් හෝ පිට නොකර නැතිනම් එකම වෙඩි උණ්ඩයකට හෝ මුහුණ නොදී විනාශ වී ගියේ නොසිතූ ලෙසිනි. සොබා දහම විසින් ඩියොමැඬේ නැව විනාශ කර දමනු ලැබීය. පැය කිහිපයකින් එය නොපෙනෙන ආකාරයෙන් මුහුදේ සැ`ගවී ගියේය.
ඩියොමැඬේ විනාශ වී ගිය ද ති‍්‍රකුණාමලය පමණක් නොව ලංකාවම බි‍්‍රතාන්‍යයන්ට නතුවිය. වසරක් දෙකක් නොව දශක ගණනාවක්ම ගෙවී ගොස් සියවස් දෙකක් ද ගෙවී ගියේය. එදා ති‍්‍රකුණාමලයේ දී ගිලී ගිය ඩියොමැඬේ නැව ති‍්‍රකුණාමලයට ආසන්න මුහුදේ සදාකාලයටම ගිලී තිබුණේ නැත.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂකයන්ට අපූරු තොරතුරක් ලැබිණි. ති‍්‍රකුණාමලය ආසන්න උප්පුවේලි ඉදිරිපිට මුහුදේ ගිලී ගිය නැවක නටබුුන් හමුවන බවයි. මේ පුවත මුලින්ම කීවේ හික්කඩුවේ පි‍්‍රයන්ත හෙවත් කළු විසිනි. කළු දුන් තොරතුර අනුව ති‍්‍රකුණාමලයේ උප්පුවේලි ආසන්න මුහුද ගවේෂණය කිරීමට තීරණය කෙරිණි.
ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න, රසික මුතුකුමාරණ, ඒ.එම්.ඒ. දයානන්ද, එස්.එම්. නන්දදාස, රුක්ෂාන් පි‍්‍රයංදන, මහින්ද කරුණාරත්න, සමීර කරුණාරත්න, චමල් ගමගේ, ඉන්දික හේවගේ සහ කිමිදුම් කටයුතුවල නිරත කාන්තාවක වන නදීකා කුමාර යන කණ්ඩායම මේ ගවේෂණයට එක්වූහ.
සංස්කෘතික අමාත්‍ය ටි. බී. ඒකනායක මහතාගෙන් අදාළ උපදෙස් ලැබිණි. අමාත්‍යාංශ ලේකම් වසන්ත ඒකනායක මහතාගේ මැදහත් වීමත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතාගේ මෙහෙයවීමත් මේ ගවේෂණ කාර්යය සාර්ථක කර ගැනීමට මහත් පිටිවහලක් විය. උප්පුවේලි සිට කිලෝමීටර තුනක් හා කෝනේෂ්වරම් සිට කිලෝ මීටර තුනහමාරක් දුරින් වූ මුහුදු පත්ලේ නැව සොයා කිමිදෙන කාර්යය ස`දහා ඉන් පෙර එහි කිමිදුම් කටයුතු කළ හික්කඩුවේ පි‍්‍රයන්තගේ සහයෝගය ලැබිණි. ඔහු මේ නැව කුමක් ද යන්න හ`දුනන්නේ නැත.
නැවේ අවශේෂ තැන්පත්ව ඇත්තේ මීටර 43ක් හෙවත් අඩි 130ක් පමණ ගැඹුරු මුහුදේය. මේ හේතුවෙන් හො`දින් හිරු එළිය පතිත වන දිනක දී හැර නැව දැක ගැනීම ඉතා අපහසු කාර්යයකි. පි‍්‍රයන්ත පවසන පරිදි එතැන ඇත්තේ දැවයෙන් තැනූ නැවකි. එහි කාලතුවක්කු රැසක් දක්නට ලැබේ. දැව නෞකාවේ තිබූ තඹ ආදී ලෝහ ලබා ගැනීමට කිසියම් පිරිසක් එය ඩයිනමයිට් යොදා පුපුරවා හානිකර ඇතැයි ද ඔහු පවසා තිබිණි.
මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.
‘‘මෙතන ගැඹුර ගොඩක් වැඩි නිසා පීඩනය දරා ගනිමින් මුහුදු පත්ලේ සිටිය හැකිවන්නේ විනාඩි 15ක් වැනි සුළු කාලයක් පමණයි. එසේ වුවත් අපි එදා එහි කිමිදුණා. අපිට ලැබුණු තොරතුර වඩාත් නිවැරදියි. එය දැවයෙන් තැනූ යුරෝපීය නැවක් බව තහවුරු වුණා. විසිරීගිය කාලතුවක්කු විශාල ප‍්‍රමාණක් තිබෙනවා. නැංගුරම් තුනක් සොයාගත හැකිවුණා. මේ දක්වා අපට නැව කුමක් ද යන්න හ`දුනාගැනීමට හැකියාව ලැබුණේ නැහැ. පසුව මේ පිළිබ`ද ලේඛණගත තොරතුරු සොයා ගැනීමේ අපේක්ෂාවෙන් එක දිනකින් ගවේෂණ කටයුතු අවසන් කළා. අප මේ ස්ථානයේ මුහුදු පත්ල නාරා ආයතනය සමඟ එක්ව 2012 වර්ෂයේ දී ස්කෑන් කළා. ඒ අනුව මෙහි ගිලී ඇති නැව ගැන නිශ්චිත අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ’’
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලන්දේසි කොටුවට පහරදුන් නැව ත‍්‍රිකුණාමල මුහුදු පත්ලේ