IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරකිනි. පෙරේදා (1) රාත්‍රියේත්, ඊයේ (2) අලු‍යම් කාලයේත් මල් වෙඩි සංදර්ශනයක් සේ ඉරාන විප්ලවීය හමුදාව, ඔවුන් සතු මැද දුර බැලැස්ටික මිසයිලවලින් ඊශ්‍රායලයට පහර දුන්නේය.

ඊශ්‍රායලයට සුවිශේෂී ගුවන් ආරක්ෂක පද්ධති කීපයක් ඇත. එයින් ප්‍රධානතම ගුවන් ආරක්ෂක පද්ධතිය වන්නේ අයන්ඩෝම්ය. ඉරානය ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල 200 ක් පමණ එල්ල කළ බවත්, එයින් සියයට 95 කට වැඩි ගණනක් උඩු ගුවනේදීම පහර දී පුපුරුවා හැරීමට ඊශ්‍රායලය සමත් විය.

ඊශ්‍රායලයේ ගජ මිතුරා වන ඇමෙරිකාව, ඊශ්‍රායලයේ සහායට ඔවුන්ගේ ප්‍රබල යුද නැව් සහ ප්‍රහාරක යානා යවා ඇති අතර, එම නැව්වලින් සහ ප්‍රහාරක යානාවලින් ද ඉරානයෙන් එල්ලවූ මිසයිල විනාශ කෙරුණි. කලාපයේ රැඳී සිටින බ්‍රිතාන්‍ය හමුදාව ද ඉරානයෙන් එල්ලවූ එම සතුරු ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කළේය. ප්‍රතිප්‍රහාරවලින් බේරුණු මිසයිලයක් දෙකක් මධ්‍යම ඊශ්‍රායලයේ ප්‍රදේශ කීපයකටත්, දකුණු ඊශ්‍රායලයේ ප්‍රදේශ කීපයකටත් පතිත වුවත් මහා විනාශයක් සිදුනොවිණි. ඊශ්‍රායල රජය කියා සිටියේ එරට වැසියන් දෙදෙනකු තුවාල ලැබූ බවය.

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේ ඇයි? වර්තමානයේ මේ මොහොත වෙද්දී, මැදපෙරදිග කලාපය කේන්ද්‍රකොට ගනිමින් නිර්මාණය වී ඇති යුදමය තත්වය ආරම්භ වුයේ, පසුගිය 2023 ඔක්තෝබර් 7 වැනිදාය. ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සටන්කාමීන්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව, ඊශ්‍රායලයට පහර දීම සහ ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන යෑමේ සිද්ධියයි. මැදපෙරදිග කලාපයේ යුදෙව්වන් සඳහා වෙනම රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලය බිහිවූයේ පලස්තීනුවන්ට උන්හිටිතැන් අහිමි කරමිණි. පලස්තීනුවන් අද ජීවත් වන්නේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේය.

පලස්තීනුවන්ට යුදෙව් ඊශ්‍රායලයෙන් නොයෙකුත් ආකාරයේ කෙණෙහිලිකම් සිදුවෙයි. ගාසා තීරය පාලනය කරන්නේ ගාසා තීරයේ වැසියන්ගේ ඡන්දයෙන් බලයට පත් හමාස් සංවිධානයයි. මෙය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. පලස්තීනුවන්ට සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් සියලු‍ම මුස්ලිම් රටවල් විරෝධය දැක්වූවත්, ඉරානය ඒ අතරින් ප්‍රධාන වෙයි. හමාස් සංවිධානයට ඉරානයේ සහාය හිමිවෙයි. හමාස් සටන්කාමීන්ට ඉරානයෙන් අවි ආයුධ සහ අවි පුහුණුව හිමිවෙයි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය යනු, අතීතයේ ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කළ අවස්ථාවේ, ඉරාන විප්ලවීය හමුදාව මැදිහත් වී පිහිටුවූ සන්නද්ධ බලඇණියයි. අද ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ලෙබනන් රජයේ හමුදාවටත් වඩා බලවත්ය. ශක්තිමත්ය. ඊට අමතරව, ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් ඉරාකයේත්, යේමනයේත්, සිරියාවේත් ක්‍රියාත්මක වෙයි. යේමනයේ හවුති සටන්කාමීන් ද ඉරානයේ සහාය ලබන ෂියා මුස්ලිම් කණ්ඩායමකි.

ඔක්තෝබර් 7, ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට සටන් ඇරැඹුවේය. හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය ගාසා පලස්තීන වැසියන් ගණන 41,000 කට වැඩිය. එහි තවත් දිගුවක් ලෙස ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ඇරැඹුවේය. පළමුවෙන් ඊශ්‍රායලය හමාස් නායක ඉස්මායිල් හානියේ මරා දැම්මේය. ඒ පසුගිය ජූලි මාසයේය. දෙවනුව ඉරාන විප්ලවීය හමුදාවේ නායකයකු වන අබ්බාස් නිල්ෆොරුෂාන් ඝාතනය කළේය. ඒ ලෙබනනයේ බේරූට් අගනුවරදීය. පසුගිය අඟහරුවාදා ඊශ්‍රායල හමුදා බංකර් නාශක අවි භාවිතයට ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය කළේය. ඒ වනවිට නසරැල්ලා සැඟවී සිටියේ බේරූට් අගනුවර බංකරයක් තුළය. ඉරානයට තව දුරටත් මේ සියල්ල බලා සිටිය නොහැකි විය.

ඉරානයේ උත්තරීතර නායකයා වන්නේ අයතුල්ලා අලී කමේනිය. ඔහු යටතේ සිටින්නේ ඉරාන ජනාධිපතිවරයාය. අද වනවිට ඉරානයේ ජනාධිපති ධුරය හොබවන්නේ මධ්‍යස්ථමතධාරියෙකි. ඔහු මසූඩ් පෙසෙෂ්කියන්ය. ඊශ්‍රායලයයේ කුරිරුකම් හමුවේ ඊශ්‍රායලයෙන් පළි ගන්නා බව ඉරාන උත්තරීතර නායකයා දිගින් දිගටම අනතුරු ඇඟවුවත් බටහිර රටවල් සමඟ යහපත් සබඳතා පැවැත්වීමට සූදානම් වූ ජනාධිපති පෙසෙෂ්කියන් කීවේ, ඉරානයට යුද්ධයකට යෑමේ අදහසක් නොමැති නමුත් ඕනෑම වේලාවක යුද්ධයකට සුදානම් බවය. මේ අතර දිගින් දිගටම සිදුවන ඊශ්‍රායලයේ කුරිරුකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වේවි යැයි ඉරානය අපේක්ෂා කළත්, එය එසේ නොවීය. ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකාව සිටීම ඊට ප්‍රධානතම හේතුවය.

බටහිර රටවලින් විවේචන එල්ල වෙද්දී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඒ කිසිවක් ගණනකට නොගෙන හිතුවක්කාර අන්දමින් මෙසේ පැවැසීය. “අපි අපේ සතුරන්ට සමාව දෙන්නේ නැහැ. අපට තර්ජනයක් තියෙනවා නම්, සතුරකු අපට ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙනවා නම්, ඒ ප්‍රහාරය එල්ල වෙනකල් අප බලා සිටින්නේ නැහැ. අප ඊට කලින් ඒ සතුරා විනාශ කරනවා. මෙයයි අපගේ ප්‍රතිපත්තිය ලෝකය ඒක වටහා ගත්තොත් හොඳයි” මේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ වදන්ය. හමාස් සංවිධානය සේම, හිස්බුල්ලා සංවිධානය පමණක් නොව, ඉරානයේ විප්ලවීය හමුදාව ද ත්‍රස්තවාදීන් ලෙස ඊශ්‍රායලයත් ඇමෙරිකාවත් සලකයි.

නසරැල්ලා ඝාතනයත් සමඟ ඊශ්‍රායලය ඉරානය දෙසට හැරුණි. ඉරාන උත්තරීතර නායකයාට ඊශ්‍රායලයෙන් මරණ තර්ජන එල්ල වූ අතර, උත්තරීතර නායක අල් කමේනි ලහිලහියේ ආරක්ෂිත ස්ථානයක සඟවන ලදී. ඉන්පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කළේය. අතීතයේ ඉරානය හැඳින්වූයේ පර්සියාව යනුවෙනි. අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කළේ ඉංග්‍රීසි බසිනි. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා පැවැසූ දේ, පර්සියානු බසින් උපසිරැසි ගැන්වීමක් ද කර තිබුණි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රමුඛ ඉරාන රෙජීමය, කලාපීය වශයෙන් ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, ඉරාන වැසියන්ගේ යහපත ගැන නොසිතා ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත් එම වීඩියෝ පණිවුඩය හරහා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා චෝදනා නැගුවේය. අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කළේ පර්සියානුවන් යනුවෙනි.

“අතීතයේ ඊශ්‍රායල යුදෙව්වන් සහ ශ්‍රේෂ්ඨ පර්සියානුවන් අතරේ යහපත් සබඳතා පැවැතුණා. සමීප මිත්‍රත්වයක් පැවැතුණා. එකිනෙකා කෙරෙහි ගෞරවයක් පැවැතුණා. ඒ සියල්ල වෙනස් කරමින් ඊශ්‍රායලයට වෛර කිරීමට උගැන්නුවේ ඉරාන පාලකයන්. ඔබේ පාලකයන් ඔබ විනාශය කරා ගෙන යනවා. ඒත්, ඉතාමත් ඉක්මනින් ඒ අවසන් වේවි” යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ පණිවුඩයේ සඳහන් විය.

“ඔබ දරිද්‍රතාවෙන් මිරිකිලා. ආර්ථික ගැටලු‍වලින් හෙම්බත් වෙලා. ඔබට ප්‍රමාණවත් යටතල පහසුකම් ඇත්තේ නැහැ. බොන්න පිරිසුදු වතුර නැහැ. ඔබේ ජීවන තත්වයේ උසස් වීමක් ඇත්තේ නැහැ. ඔබේ රජය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දෙනවා. තමන්ගේ රට වැසියන් ගැන තැකීමක් නැහැ. ඒත් ඉක්මනින් ඒ දේවල් වෙනස් වේවි. පර්සියන් වැසියන් යළි සමෘද්ධිය කරා යාවි. ගෝලීය ආයෝජන ඇති කර ගැනීමට හැකි වේවි. සංචාරක කටයුතු දියුණු වේවි. සමාජීය වශයෙන් ඉරාන වැසියන් දියුණු වේවි. සියල්ල ඉක්මනින් වෙනස් වේවි. ඉරාන වැසියන්ට ඉක්මනින්ම නිදහස හිමිවේවි” යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු එම වීඩියෝ පණිවුඩයෙන් අවධාරණය කළේය.

මේ මොහොත වෙද්දී ඊශ්‍රායලය සියලු‍ ‘‘රතු කටු’ පන්නා තිබුණි. ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් දිගින් දිගටම බැගෑපත් වෙද්දී, පෙරේදා (1) රාත්‍රියෙත්, ඊයේ (2) අලු‍යම් කාලයේත් ඉරාන විප්ලවීය හමුදා ඔවුන්ගේ මිසයිල වරුසාව, ඊශ්‍රාලයට එල්ල කළේය. එම ප්‍රහාරය එල්ල කරමින් ඉරාන ජනාධිපතිවරයා සිය එක්ස් ගිණුම ඔස්සේ ඊශ්‍රායලයට අනතුරු ඇඟවූයේ ‘‘යුද්ධයකට යෑමේ ආසාවක් ඉරානයට නැහැ. ඒත් නෙදන්යාහු දැනගත්තොත් හොඳයි ඉරානයට තර්ජනයක් කළොත් ඉරානය ඊට ප්‍රතිචාර දක්වනවා. දිගින් දිගටම ඉරානය සමඟ හැප්පෙන්න හදන්න එපා’’ යැයි කියමිනි. එල්ල වුණු මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඉරානයෙන් පළිගන්නා බවට ප්‍රතිඥා දුන්නේය. ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම ඉරානය කළ ලොකුම වරද යැයි ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

 

(*** ලුසිත ජයමාන්න (අල් ජසීරා ඇසුරිනි))



අදහස් (0)

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 333 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 180 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 684 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 335 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 214 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 267 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 731 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site