ප්‍රකට හා ප්‍රබල ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හතරක් වන හියුමන් රයිට්ස් වොඩ්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ ආසියානු සංසදය (FORUM-ASIA) හා ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම මේ දිනවල පැවැත්වෙන එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි යෝජනාවක් සම්මත කරන ලෙස කවුන්සිලයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කර ඇත.
මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන්නේ එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයයි. සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වූ එම සැසිවාරය ඔක්තෝබර් 7 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් සම්මත කර ගැනීමට ද නියමිතය.
ශ්‍රී ලංකාව පිළිබඳ කේන්ද්‍රීය කණ්ඩායම යනුවෙන් හැඳින්වෙන රටවල් හතක් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය යන ප්‍රබල බටහිර රටවල් හතර හා මලාවි, උතුරු මැසිඩෝනියාව හා මොන්ටිනිග්‍රෝ යන රටවල් මෙම කණ්ඩායමට අයත්ය. ‘‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යනුවෙන් මෙම යෝජනාව නම් කරනු ඇත.
මීට පෙර 2009, 2012, 2013, 2014, 2015, 2017, 2019, 2021 යන වසරවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ හැම යෝජනාවකින්ම නිර්දේශ කෙරුණේ ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතු බවයි.
‘‘දැඩි යෝජනාවක්’’ යන්නෙන් මෙම මානව හිමිකම් සංවිධාන හතර අදහස් කරන්නේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන හා හමුදා නායකයන් තිගැස්සෙන ආකාරයේ යෝජනාවක් 2021 මාර්තු මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කෙරිණි. එතෙක් චූදිතයන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය පරීක්ෂණ පැවැත්විය යුතු යැයි කියමින් සිටි කවුන්සිලය අංක 46/1 දරන මෙම යෝජනාව මඟින් එම පරීක්ෂණය පැවැත්වීමට සාමාජික රටවලට අනුමැති දී ඇත. එසේම විශ්වාස කළ හැකි චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව ඉලක්ක ගත තහංචි, එනම් දේපළ තහනම් කිරීම් හා ගමන් බිමන් තහංචි පනවන ලෙස ද එම යෝජනාවෙන් සාමාජික රටවලින් කවුන්සිලය ඉල්ලා සිටියේය.
මීටත් වඩා දැඩි පියවරක් වශයෙන් මෙම සංවිධාන හතර කුමක් අදහස් කරන්නේ දැයි පැහැදිලි නැත. ඔවුන් නිශ්චිතව එය තම ලිපියේ සඳහන් කොට ද නැත. ඔවුන් තම ලිපියෙන් කියා සිටින්නේ ඉහත කී 46/1 යෝජනාව යටතේ කටයුතු කරන්නට සාමාජික රටවලට යළිත් අවධාරණය කරන ලෙස පමණි.
යුද්ධය පැවැති කාලයේ මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ආරක්ෂක හමුදාවල ඇතැමුන් හා ඇතැම් දේශපාලන නායකයන් සමහර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල හා විදේශගත දෙමළ සංවිධානවල චෝදනාවට ලක්වී සිටිති. විශේෂයෙන් කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ දී කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළ හමුදා නායකයෝ එසේ චෝදනාවට ලක්වෙති. ටැමිල් නෙට් වැනි කොටි සංවිධානයට හිතවත් දෙමළ වෙබ් අඩවි ඇතැම් දේශපාලනඥයන් හැඳින්වීමේදී ද යුද අපරාධකරු යන විශේෂාංගය යොදා හැඳින්වීමට පුරුදුව සිටිති.
මෙසේ චෝදනාවලට ලක්වී සිටින ඇතැම් පුද්ගලයන්ට යම් යම් රටවලට ඇතුල්වීමේ දී ගැටලු මතු වී තිබේ. ඇතැම් හමුදා නායකයන්ට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් සමහර රටවල අධිකරණවලට පෙත්සම් ද ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම දේශපාලනඥයන් හා හමුදා නිලධාරීන් මෙම යෝජනාවෙන් යම් තිගැස්මකට ලක් වුවාට සැක නැත. මන්දයත් ඔවුන් මින් පසු විදේශයකට යන්නේ නම් පරිස්සම් විය යුතු හෙයිනි. මානව හිමිකම් කවුන්සිලයට මෙම ලිපිය යවා ඇති සංවිධාන ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැකකරන පුද්ගලයන් තම තමන්ගේ රටවලට පැමිණි අවස්ථාවල දී ඉහතකී යෝජනාව අනුව කටයුතු කරන ලෙස ඉල්ලා ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටිය දී ඇති වූ උද්ඝෝෂණවල දී කටුනායක, හලාවත රතුපස්වල හා වැලිකඩ යන ස්ථානවල සිදු වූ ඝාතන සම්බන්ධයෙන් ඇතැමුන් චෝදනා කරන්නේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාටය. එහෙත් ඔහු ජනාධිපතිව සිටිය දී ගුරුවරුන්, ශිෂ්‍යයන්, කම්කරුවන් ගොවීන් ආදී බොහෝ දෙනකු උද්ඝෝෂණය කළද එම උද්ඝෝෂණවලට පහරදීම් සිදු වූයේ නැත. ඒ ඔහු ද මෙම යෝජනාවේ බලපෑම් ගැන සිතා ගත් තීරණයක් විය යුතුය.
පසුගිය වසරේ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණ මාලාවක්ම පැවැත්විණි. ඉන් එක් අවස්ථාවක දී එම උද්ඝෝෂණයට පහර දී ගුරුවරුන් විසුරුවා හැරීමට එවකට මහජන ආරක්ෂක ඇමැතිව සිටි සරත් වීරසේකර මහතා යෝජනා කළ විට ‘‘මට පිටරටකටවත් යන්න බැරි වෙන්න වැඩ කරන්න ද හදන්නේ’’යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කළ බව ඒ දිනවල පුවත්පත් වාර්තා කොට තිබිණි. ඒ ඔහු මෙම යෝජනාවේ බලපෑම ගැන සිතා ඇසුවක් විය යුතුය.
මෙම සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට මෙම ලිපිය ලියුව ද නොලියුවද කවුන්සිලය මෙම 46/1 යෝජනාව අනුව ඉදිරියට කටයුතු කරනු ඇත. මන්දයත් මේ වනවිටත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය එම කටයුතු ආරම්භ කොට ඇති හෙයිනි.
එහෙත් යෝජනාව අනුව යම් රටක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයකුට එරෙහිව කටයුතු කරන්නට නම් එරට එම පුද්ගලයා එවැනි චෝදනාවට ලක්වූ බව දැන සිටිය යුතුය. වරද ද දැන සිටිය යුතුය.
ඒ සම්බන්ධයෙන් ද මානව හිමිකම් කවුන්සිලය සැලකිල්ලක් දක්වා ඇත. 2021 වසරේ 46/1 යෝජනාව අනුව මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මධ්‍යම දත්ත ගබඩාවක් ස්ථාපනය කොට තිබේ. එහිදී අදාළ තොරතුරු රැස් කිරීම හා විශ්ලේෂණය කිරීම සිදුවේ. අනාගතයේ දී පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව විවිධ රටවල් විසින් නඩු පවරනු ලැබීමේ දී මෙසේ රැස් කෙරෙන දත්ත ප්‍රයෝජනයට ගනු ලැබේ.
මුල දී යුද්ධයට අදාළව පමණක් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මානව හිමිකම් කවුන්සිලයේ සැලකිල්ලට ලක්වුව ද පසුව යුද්ධයෙන් පසුව සිදුවූ රතු පස්වල, කටුනායක වැනි සිදුවීම් ද කවුන්සිලයේ ලියකියවිලිවලට ඇතුළත් වී තිබිණි. මේ වසරේ ලියකියවිලිවලට පසුගිය දිනවල ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂණයට පහරදීම උද්ඝෝෂණකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම වැනි කරුණු පවා ඇතුළත් වී තිබේ. ඉහත කී යෝජනාව මේවාට ද අදාළ වන්නේ නම් බොහෝ දෙනකු පරිස්සම් විය යුතුවනු ඇත.
මෙසේ තොරතුරු රැස් කිරීමට හා ඒවා විශ්ලේෂණය කිරීමට මහ කොමසාරිස් කාර්යාලය නීති උපදේෂකයන් තිදෙනකු ඇතුළු 12 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් පත්කොට තිබිණි. දත්ත ගබඩාව ස්ථාපනය කරන්නට ඩොලර් මිලියන 2.8ක් (රුපියල් කෝටි 100කට වැඩි මුදලක්) වැයවන බවට තක්සේරු කරනු ලැබ තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වනවිට දත්ත ගබඩාවේ අදාළ ලියකියවිලි හා වෙනත් සාක්ෂි අයිතම 120,000ක් ඇතුළත්ව තිබූ බව හිටපු මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැවලේ එම මාසයේ පැවැති කවුන්සිලයේ සැසිවාරයේ දී පැවසුවාය.
යම් රටක් ශ්‍රී ලංකාවේ යම් පුද්ගලයකුට එරෙහිව මෙම යෝජනාව අනුව කටයුතු කරන්නට නම් මෙසේ රැස් කරනු ලැබ ඇති තොරතුරුවලින් සැකකරුවන් පිළිබඳ ලැයිස්තුවක් හෝ මහ කොමසාරිස් කාර්යාලය එම රටට ලබාදිය යුතුය. අයිතීන් උල්ලංඝනය කළවුන්ට එරෙහිව ක්‍රියා කරන ලෙස කවුන්සිලය පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවටද බල කරන හෙයින් ශ්‍රී ලංකාවට ද මෙම තොරතුරු ලබාගත හැකිවිය යුතුය.
කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලය හා ශ්‍රී ලංකාව අතර හබය තවත් වසර ගණනාවක් හෝ සමහර විට තවත් දශකයක් හෝ ඊටත් වඩා හෝ දිග්ගැස්සිය හැකිය. එසේ වන්නේ ප්‍රශ්නය අවසන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හෝ කවුසිලය තීරණාත්මක ක්‍රියා මාර්ගයක් නොගත හොත්ය. සෑම වසරකම ශ්‍රී ලංකා දේශපාලන නායකයෝ කවුන්සිලය හමුවට ගොස් විවිධ පොරොන්දු දී පැමිණෙති. එහෙත් ඊළඟ සැසියට ඔවුන් ගියවිට කවුන්සිලය පවසන්නේ ශ්‍රී ලංකාවේ බලධාරීන් විශ්වසනීය ලෙස හා ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බවය.
මානව හිමිකම් මහ කොමසාරිස්ව සිටි හිටපු චිලි ජනාධිපති මිචෙල් බැචලේ පසුගිය අගෝස්තු 31 වැනිදා විශ්‍රාම යාම නිසා මෙවර ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව කවුන්සිලයට ඉදිරිපත් කළේ වැඩ බලන මහ කොමසාරිස් ජෝර්දාන් ජාතික නදා අල් නෂිෆ්ය. ශ්‍රී ලංකාවේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් කවුන්සිලයේ අප්‍රසාදය එම වාර්තාවේ පැහැදිලිව සඳහන් වේ.
‘‘යුද්ධය අවසන් වී වසර දහතුනක් ගත වී ඇතත් අතුරුදන්වූවන්ගේ ඥාතීහු බලහත්කාරී අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් තවමත් සත්‍යය හා සාධාරණත්වය සොයමින් සිටිති.’’ යනුවෙන් එහි එක් තැනෙක සඳහන් වේ.‘‘ දශකයක් පුරාම කලින් වාර්තාවල ඉස්මතු කොට පෙන්වන ලද බොහෝ සංකේතාත්මක මානව හිමිකම් සිද්ධි සම්බන්ධයෙන් ප්‍රගතියක් නැති තරම්ය’’ යනුවෙන් තවත් තැනෙක සඳහන් වේ. තවත් තැනෙක ‘‘දඬුවම් නැතිවීම නීතියේ ආධිපත්‍යය සංහිඳියාව සහ ශ්‍රී ලංකාවේ ස්ථාවර සාමය හා සංවර්ධනයට බාධකයක් වී ඇති අතර ඉදිරියේදී අයිතීන් උල්ලංඝනය වීම් යළි යළිත් සිදුවීම සඳහා වූ අනතුරක් ලෙස ද පවතී.’’යනුවෙන් කියවේ.
කවුන්සිලයේ 2020 මාර්තු සැසිවාරයට සහභාගි වූ එවකට විදේශ ඇමැතිව සිටි දිනෙස් ගුණවර්ධන මහතා මානව හිමිකම් සම්බන්ධයෙන් එතෙක් පත් කරන ලද කොමිෂන් සභාවල වාර්තා සලකා බලා ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු යටතේ තවත් කොමිෂන් සභාවක් පත් කරන බව පැවැසීය. එහෙත් ආණ්ඩුව එම කොමිසම පත් කළේ ඊළඟ වසරේ මාර්තු සැසියට මාස දෙකකට කලිනි. එම කොමිසම තම දෙවැනි අතුරු වාර්තාව ජනාධිපතිවරයාට මේ වසරේ පෙබරවාරි මාසයේ දී භාරදී තිබිණි.
කවුන්සිලය හා ශ්‍රී ලංකා බලධාරීන් සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ගැන කතා කරන්නේ යුද්ධය අවසාන වූ දිනවල සිටය. එහෙත් පසුගිය සඳුදා කවුන්සිලය ඇමතූ විදේශ ඇමැති අලි සබ්රි මහතා එවැනි යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට රජය උත්සාහ කරන බව පැවසීය.
මේවා කළ යුතුද? නැද්ද? යන්න වෙනම ප්‍රශ්නයකි. එහෙත් ශ්‍රී ලංකාව කාලය දිග්ගස්සමින් සිටින බව කවුන්සිලයේ ප්‍රධානීන්ට නොතේරෙන බව සිතීම මුළාවකි. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ප්‍රශ්නය සංකීර්ණ වීමය.
2012 දී ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවෙන් නිර්දේශ කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුය යන්නය. එය නොකෙරුණු තැන 2014 දී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලෙයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව විශේෂඥයන් පිරිසක් යොදවා පරීක්ෂණයක් කළාය. ඒ අනුව රජයේ හමුදා මෙන්ම කොටි සංවිධානය ද බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බව දැක්වෙන වාර්තාවක් පළවිය.
2015දී කවුන්සිලය ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුත් පරීක්ෂණ යාන්ත්‍රණයකින් මෙරට සිදුවූ සිදුවීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු යැයි කීය. දැන් දේශීය පරීක්ෂණ ගැන අවධාරණය කරන අතරේම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සම්බන්ධයෙන් විදේශවල නඩු ඇසීමේ හා චූදිත පුද්ගලයට හා ආයතනවලට තහංචි පැනවීමේ යාන්ත්‍රණයක් සකස් කරනු ලැබ තිබේ.
මුල් කාලයේ යෝජනාවල සඳහන් වූයේ යුද්ධය පැවැති කාලයේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්ය. පසුව රතුපස්වල වැලිකඩ සිදුවීම් ද ජීනීවා යෝජනාවල හා වාර්තාවලට ඇතුළත් විය. මෙවර වාර්තාවේ වර්තමාන ආර්ථික අර්බුදයට මග පෑදූ‘‘ ආර්ථික අපරාධ’’ද ඇතුළත් වේ. (ආණ්ඩුව ආර්ථික අපරාධ යෙදුමට විරෝධය පළ කොට තිබේ.)
(*** එම්.එස්.එම්.අයුබ්)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලියලන ජිනීවා චෝදනා