IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලොවම පුදුම කර සැඟවුණු ගුවන් යානයේ අබිරහස




මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 එම්.එච්. 370 මගී යානය අභිරහස් ලෙස අතුරුදන් වූයේ ඉකුත් 8 වැනිදා මැලේසියානු වේලාවෙන් මධ්‍යම රාති‍්‍ර 12.21 ට පමණය. ඒ අවස්ථාවේදී යානය චීනයේ බීජීං නුවර බලා පියාසර කරමින් තිබුණේය. ඒ මොහොතේ සිට ආරම්භ වූ සෝදිසි මෙහෙයුම් තවමත් අවසන් නැත. අතුරුදන් වූ යානය පැහැර ගැනීමකට ලක් වන්නට ඇති බවත්, අතුරුදන් වී පැය හතරකට පසු යානයේ ඇන්ජින් කි‍්‍රයාත්මක වූ බවට තමන්ට සාක්ෂි ලැබී ඇති බවත් ඇමෙරිකාව කියයි. ඇමෙරිකන් ත‍්‍රස්ත මර්දන පරීක්ෂකයන් මේ බව කියා සිටියේ අතුරුදන් යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් කොටස් චීන චන්ද්‍රිකා ඡුායාරූපවල සටහන් වූ බවත්, සෝදිසි මෙහෙයුම් පසු ඒවා යානයේ සුන්බුන් නොවන බවට පසුව තහවුරු වීමත් සමඟය.

රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වූයේ, යානයේ නියමුවා හෝ එහි සිටි වෙනත් කෙනකු හෝ යානයේ කි‍්‍රයාත්මක වෙමින් තිබුණු ‘හසුකර ගැනීමේ’ උපකරණ කි‍්‍රයා විරහිත කරවීම නිසා යැයි ඇමෙරිකන් පරීක්ෂකයෝ පෙන්වා දෙති. යානයේ ඇත්තේ රෝල් රොයිස් වර්ගයේ ඇන්ජින්ය. ඒවා පණ ගන්වා තිබියදී සං\ නිකුත් වෙයි. ඉකුත් 8 වැනිදා යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වී පැය 4 ක් ගත වෙද්දී ද යානයේ ඇන්ජින් කි‍්‍රයාත්මක වුණු බවට තොරතුරු හෙළි වී ඇත්තේ ඒ අනුවය.

රේඩාර් තිරයෙන් අතුරුදන් වූ ස්ථානයේ සිට යානය දිගටම පියාසර කළේ නම්, එයට නාවික සැතපුම් 2,000 ක දුරක් පියාසර කිරීමට හැකි බව ද ඇමෙරිකන් පරීක්ෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව, යානය පාකිස්තානයට හෝ අරාබි මුහුද දෙසට හෝ පියාසර කලා විය හැකි යැයි ද අනුමාන කෙරේ. ඔවුන් සැකකරන්නේ යානය ත‍්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබූ බවය. යානය මේ වනවිට කොතැනක හෝ ආරක්ෂිත ස්ථානයකට ගොඩ බා ඇති බවත්, ත‍්‍රස්ත කි‍්‍රයාවකට යානය යොදා ගනු ඇති බවටත් අනුමාන කෙරේ.

මේ සටහන ලියද්දී පවා යානය සොයා සෝදිසි මෙහෙයුම් දිගටම පැවැත් විණි. යානය අතුරුදන් වූයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර අන්තර්ජාතික ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වී පැයක් ගත වූ පසුවය. ඒ වන විට ගුවන් යානය වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුද ආසන්නයට පැමිණ තිබුණි.

 

 
යානයේ නියමුවෝ දෙදෙනා


මැලේසියානු ගුවන් ගමන් පාලක මැදිරියේ රේඩාර් තිරයෙන් යානය හිටිහැටියේ අතුරුදන් වන මොහොතේ එය ස්වයංකී‍්‍රය නියමු පාලනයට යොමු කර තිබුණි. ඒ අවස්ථාවේ දී යානය හිටිහැටියේ සිය ගමන් මඟ වෙනස් කරන්නට ඇත. එය රේඩාර් තිරයේ නොපෙනී යන්නට ඇත්තේ ඒ නිසාය. ඒ අනුව පළමුවෙන් යානය දකුණු චීන මුහුදට කඩා වැටෙන්න ඇතැයි අනුමාන කර සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණි. එහෙත් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.
යානය අතුරුදන් වෙද්දී එහි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු, සොරකම් කරන ලද ඉතාලි සහ ඔස්ටි‍්‍රයානු ගමන් බලපත‍්‍ර දෙකක් යොදා ගනිමින් යානයට ගොඩ වී ඇත. මොවුන් දෙදෙනා ඉරාන ජාතිකයන් බව පසුව පරීක්ෂණවලින් හෙළි විය. 

මොවුන් දෙදෙනාගෙන් එක් අයකු පොරියා මූර් මොහොමඞ් (21) ලෙසන් ද අනෙකා දෙලවාර් සයීඞ් (29) ලෙස ද හඳුනා ගැනුණි. මොවුන් ගැන පරීක්ෂණ සිදු කරද්දී ඉරාන ආරක්ෂක අංශවල සහාය ද මැලේසියානු ආරක්ෂක අංශවල නිලධාරිනට හිමි විය. ඉරාන බලධාරීන් කියා සිටියේ මොවුන් ‘ත‍්‍රස්තවාදීන්’ නොව, සොරකම් කළ ගමන් බලපත‍්‍ර යොදා ගනිමින් මැලේසියාවේ සිට චීනයට ගොස් පසුව ඉතාලිය, ඔස්ටි‍්‍රයාව හෝ ජර්මනියට ඇතුළු වීමට උත්සහ කළ අනවසර සංක‍්‍රමණිකයෙන් දෙදෙනකු බවය.

එම ඉරාන තරුණයන් දෙදෙනා යානයට ගොඩ වී ඇත්තේ ඉතාලි ජාතික ලූවීජී මැරල්ඩි සහ ඔස්ටි‍්‍රයානු ජාතික කි‍්‍රස්ටියන් කොසේල්ගේ ගමන් බලපත‍්‍රවලිනි. ලූවීජී මැරල්ඩි සහ කි‍්‍රස්ටියන් කොසේල් පවසා ඇත්තේ තම ගමන් බලපත‍්‍ර පසුගිය වසරේදී සොරකම් කෙරුණු බවය. ලූවීජී මැරල්ඩි සහ කි‍්‍රස්ටියන් කොසේල් දෙදෙනා සංචාරකයෝ වෙති. 

යානයේ ගමන් කිරීමට නියමිතව සිට අවසන් මොහොතේ දී යානයට ගොඩ නොවූ තවත් පුද්ගලයන් තිදෙනකු ගැනත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අවසන් මොහොතේ දී ඔවුන් එසේ කළේ ඇයි ද යන්න සෙවීම මැලේසියානු ආරක්ෂක අංශවල මූලිකත්වයෙන් සිදුවෙයි. 

එම තිදෙනා යානයට පැටවීමට බාර දී තිබුණු ඔවුන්ගේ ගමන් මලූ ද ඉවත් කර ගත් බව පසුව වාර්තා විය. මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළේ ආරක්ෂක කැමරා දසුන් පරීක්ෂා කිරීමේදී එම තිදෙනා යානයට ගොඩවීමට පැමිණෙනු ඒවායේ සටහන් වී ඇතැයි ද පැවැසෙයි. තවමත් පරීක්ෂණ සිදු වන හෙයින් මොවුන් ගැන විස්තර ඉකුත් 11 වැනිදා වන විටත් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ නැත.

යානය හදිසියේ ම ගමන් මඟ වෙනස් කළේ ඇයි ද යන්න සොයා පරීක්ෂණ දිගට ම පැවැත්වෙන අතර යානය ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක් වූයේ ද නැතිනම් පැහැර ගැනීමකට ලක් වූයේ ද යන අදහස බැහැර කිරීමට ආරක්ෂක අංශ තවමත් කටයුතු කර නැත. මේ අතර යානයේ සිටි 19 දෙනකුගේ සෙලියුලර් දුරකතන නාද වන බව එම 19 දෙනාගේ ඥාති මිත‍්‍රාදීහු පවසති. යානය අතුරුදන් වීමේ අබිරහස තවත් අභිරහසක් කිරීමට මෙම ප‍්‍රවෘත්තිය හේතු වී ඇත. යානය මුහුදට වැටුණේ නම් එය ගිලී යනු ඇත. යානයේ බඳට හානියක් සිදු නොවී එය මූදට වැටුණේ නම්, ඇතුළට වතුර කාන්දු නොවුණේ නම් සෙලියුලර් දුරකතන හානි නොවී තිබෙනවා විය හැක. කෙසේ නමුත් එය එසේ වූයේ නම් දින ගණනක් ගත වී ඇති හෙයින් ඔක්සිජන් අඩුවීම නිසා යානයේ සිටි සියල්ලෝම මේ වන විට මියගොස් සිටිනවා විය හැකිය. මේ සියල්ල අනුමාන පමණි.

යානය සොයා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුමට මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය, චීනය, පිලිපීනය, ඉන්දියාව, ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 12 ක් පමණ එක්ව සිටිතිි. ගුවන් යානා 34 ක් සහ නැව් 40 ක් ඊට ඇතුළත්ය. පෘථිවි කක්ෂයේ රඳවා ඇති චන්ද්‍රිකා 10 ක සහාය ලබා ගන්නා බව ද පැවැසෙයි.

 මැලේසියානු යානය, ඉකුත් 8 වැනිදා, එරට වේලාවෙන් අලූයම 12.21 ට මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වූයේ මගීන් 227 දෙනකු, ප‍්‍රධාන නියමුවා සහ සහායක නියමුවා  ද ඇතුළු කාර්ය මණ්ඩලයේ දොළොස් දෙනකු ද සමඟය. යානයේ සිටි මගීන්ගෙන් වැඩිදෙනා මැලේසියානු සහ චීන ජාතිකයෝ වූහ. ඊට අමතරව වෙනත් විදේශිකයෝ රැසක් ද එහි සිටියහ. 

අලූයම 1.21 වෙද්දී, බීජීං ගුවන් තොටුපොළටත්, ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළටත් යානයෙන් පණිවුඩයක් ලැබීමට නියමිතව තිබුණි. පොළොවට සමාන්තරව පියාසර කරමින් තිබුණු යානය හිටිහැටියේ රේඩාර් තිරයෙන් අතුරුදන් විය. ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළ බලධාරීන් සහ මැලේසියානු ගුවන් ගමන් පාලන අධිකාරියේ නිලධාරීහු කලබලයට පත් වූහ. ඔවුන් ඒ බව මැලේසියානු ගුවන් සේවයේ ප‍්‍රධානීන්ට ද දැනුම් දුන්හ. මැලේසියාවත් වියට්නාමයත් අතර මුහුදට ඉහළ ස්ථානයකදී යානය අතුරුදන් විය. යානයට අනතුරක් සිදුවුණු බව අවබෝධ කර ගනිමින් අලූයම 2.40 වෙද්දී සෝදිසි මෙහෙයුම් ලහිලහියේ ආරම්භ කෙරුණි. 

උදේ 6.30 වන විට චීනයේ බීජීං නුවරට පැමිණීමට නියමිතව තිබුණ ද එය එසේ නොවූ නිසා යානයේ ගමන් කළ මගීන්ගේ ඥාති මිත‍්‍රාදීහු කලබලයට පත් වූහ. ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මෙන්ම, බීජීං අගනුවර ගුවන්තොටුපොළට ද පැමිණි ඔවුහු යානය ප‍්‍රමාද ඇයිදැයි විමසන්නට වූහ. යානය අතුරුදන් වූ බවත්, නරක ආරංචියකට සූදානම් වන ලෙසත් බලධාරීන් ඔවුන්ට දැනුම් දෙද්දී, ඔවුන් හඬා වැළපෙන්නට වූහ.

 සෝදිසි මෙහෙයුමේ නායත්වය ගෙන කටයුතු කළේ වියට්නාම හමුදාව සහ වෙරළාරක්ෂක නිලධාරීන්ය. කිලෝ මීටර් 190 ක් ඈත මුහුදේ දුටු තෙල් පැල්ලමක් අනුව සෝදසි කරද්දී, 9 වැනිදා රාති‍්‍රය වන විට යානයේ සුන්බුන් යැයි සැක කෙරෙන කොටස් මුහුදේ තිබෙනු ඔවුන්ට දකින්න ලැබුණි. යානය දකුණු චීන මූදට කඩා වැටුණු බව අනුමාන කෙරුණි. එපමණක් නොව, රේඩාර් තිරයෙන් අතුරුදන් වීමට මොහොතකට පෙර යානයේ මඟ වෙනස් වුණු බවත්, යානය ආපහු හැරවීමට නියමුවන් කටයුතු කළ බවත් රේඩාර් වාර්තා අනුව තමන්ට පෙනී ගියේ යැයි ගුවන්තොටුපොළ බලධාරීහු පවසති. 

අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයේ ප‍්‍රධාන නියමුවා, සහරේ අහ්මද් ෂා ය. 53 හැවිරිදි ඔහු දක්ෂ පළපුරුදු ගුවන් නියමුවෙකු වූවා පමණක් නොව, ජීවිතයෙන් වැඩි කාලයක් වෙන් කළේ ගුවන් යානා පැදවීමටය. ඔහු ගුවන් සමාගමට එක් වී ඇත්තේ 1981 වසරේ සිටය. ඔහු පළපුරුදු ගුවන් නියමුවෙකි. ලොව හොඳම ගුවන් නියමුවන් පස් දෙනා අතරට ද ඔහු අයත් විය.

යානයේ නියමුවන් උදව් ඉල්ලා ගුවන්තොටුපොළට පණිවුඩ එවා නොතිබීමෙන් පෙනී යන්නේ ඔවුනට හිටිහැටියේ කුමක් හෝ බිහිසුණු සිද්ධියකට මුහුණ පාන්න සිදුවුණු බවය. එපමණක් නොව, යානය බිමට හෝ මුහුදට හෝ කඩා වැටුණේ නම් එය ද ක්ෂණිකව සිදුවී ඇත. හේතුව ගුවන් යානයක් ඉහළ අහසේ සිට පහළට පැමිණෙද්දී යානය පහළට එන අයුරු රේඩාර් තිරයේ සටහන් වීමය. මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 අතුරුදන් වූයේ හිටිහැටියේය.

එසේ වීමට නම්, යානයේ ඇන්ජින් සියල්ල එකවර අකි‍්‍රය විය යුතුය. නැතිනම් ඒවාට හානි සිදු විය යුතුය. ආරක්ෂාව අතින් ලොව අංක එකේ ගුවන් යානයක් ලෙස බෝයිං 777 යානා පිළිගැනීමකට ලක් වී ඇති හෙයින් එවැනි දෙයක් සිදුවීමේ අවස්ථාව ඉතා අඩුය. බෝයිං 777 වර්ගයේ මගී ගුවන් යානයකට ප‍්‍රබල එන්ජින් දෙකක් ඇතුළත් වෙයි. 2008 වසරේ දී බි‍්‍රතාන්‍ය ගුවන් සේවයට අයත් බෝයිං 777 යානයක් ලන්ඩනයේ හීත්රෝ ගුවන්තොටට ගොඩ බෑසීමට පහත් කරද්දී අකි‍්‍රය විය. යානය කෙසේ හෝ ගුවන් පථයට ගොඩ බෑමට නියමුවෝ සමත් වූහ. කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. යානය හදිසියේ එවැනි ගොඩබෑමක් කළා නම්, නියමුවන්ට ඒ ගැන පාලන මැදිරියට හදිසි තත්ත්වයක් පිළිබඳ දැනුම් දීමට ඇති තරම් කල්වේලා තිබේ. 

වැහි සහ සුළි කුණාටු පමණක් නොව අකුණු කුණාටු හේතුවෙන් ද මගී යානා කඩා වැටී ඇත. එහෙත් අයහපත් කාලගුණයක් පැවැති බවට කාලගුණ වාර්තාවල කිසිවක් සඳහන් වී නොතිබුණි. යානයේ නියමුවන් ද අයහපත් කාලගුණ තත්ත්වයක් ගැන පවසා නොතිබුණි. යානය ගමන් කරද්දී අහස ඉතා පැහැදිලි වූ බව දැන ගන්නට ලැබේ.

බෝයිං වර්ගයේ ගුවන් යානා ගුවන් ගත වීමෙන් පසු, ගමනාන්තයේ දී ගුවන්තොටුපොළට ළං වනතුරු ස්වයංකී‍්‍රයව පියාසර කරයි. එය සිදුවන්නේ නියමුවන්ගේ අනුදැනුම මතය. අවශ්‍ය නම්, ස්වයංකී‍්‍රය පාලනය ඉවත් කර නියමුවන්ට යානය පියාසර කිරීමට ද පුළුවනි. මැලේසියානු 777 යානය, එසේ ස්වයංකී‍්‍රය පියසැරි පද්ධතියෙන් මිදී, නියමුවන්ගේ අතට පත් වී ගමන් මඟ වෙනස් වුණා විය හැකි යැයි ද අදහසක් පවතී. යානය ස්වයංකී‍්‍රය පාලනයෙන් ගමන් කරද්දී එය වේගය අඩාල නොකර ආපහු හැරුණේ නම් එය ගුවනේදී දෙකඩ වී පුපුරා යෑමට ඉඩ ඇතැයි ද පැවැසෙයි. සිදුවූයේ එවැන්නක් දැයි සහතික කළ කිව නොහැකිය.

බෝයිං 777 මගී යානය අතුරුදන් වෙද්දී, විදෙස් පුවත් සේවා වාර්තා කළේ එම අතුරුදන් වීමත් සමඟ 2009 වසරේ අනතුරට පත් වී අතුරුදන් වුණු එයාර් ෆ‍්‍රාන්ස් හෙවත් ප‍්‍රංශ ගුවන් සේවයට අයත් එයාර්බස් ඒ 330-203 යානයේ අනතුර යළි මතකයට නැගුණු බවය. ප‍්‍රංශ මගී ගුවන් යානය අතුරුදන් වූයේ බ‍්‍රසීලයේ රියෝ ඩි ජනියිරෝ නුවර සිට පැරිස් නුවර බලා පියාසර කරමින් තිබියදීය. යානයේ සුන්බුන් සොයා ගැනුණේ වසර දෙකකට පසුවය. යානය අනතුරට පත් වීමෙන් මගීහූ 216 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. යානය හිටිහැටියේ අනතුරට පත් වූයේ එයට අකුණක් වැදීමෙන් යැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් එය සහතික කර ගැනීමට නොහැකි විය.

ගුවන් යානා සම්බන්ධ ව්‍යසන අතර, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරය අමතක කළ නොහැකිය. ඇමෙරිකන් ගුවන් යානා පැහැර ගනිමින් ඒවා යොදා ගෙන අල් කයිඩා ත‍්‍රස්තයන් එල්ල කළ එම ප‍්‍රහාරයෙන් සිදුවුණු ජීවිත හානිය අතිමහත්ය. මෙය ගුවන් අනතුරක් නොව, ලොව කැළැඹූ මහා පරිමාණයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් ලෙස ගුවන් යානා ඉතිහාසයට එක් වී ඇත.

‘ටෙනෙරීෆ්’ අනතුර සිදුවුණේ 1977 වසරේ මාර්තු 27 වැනිදාය. මෙම අනතුරට ලක් වූයේ බෝයිං 747 මගී යානයකි. අනතුරින් 583 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ යානය පාලන මැදිරියේ අණ නොතකා ගුවන් ගත වීමට උත්සහ දරද්දී තවත් මගී යානයක ගැටී පුපුරා සුණුුවිසුණුු විය. එය සිදු වූයේ ස්පාඤ්ඤයට අයත් ‘ටෙනෙරීෆ්’ දුපතේ පිහිටි ගුවන් තොටුපොළේදීය.

 

 
සෙවීමේ මෙහෙයුම


ජපන් ගුවන් සේවයට අයත් බෝයිං 747 ‘ජේ.ඒ.එල්. 123’ මගී යානය අනතුරට පත් වෙද්දී එහි 520 දෙනෙක් සිටියහ. යානය කන්දක හැපී පුපුරා විනාශ වූයේ 1985 වසරේ අගෝස්තු 12 වැනිදාය. ඒ, හිටිහැටියේ යානයේ පීඩනයේ වෙනසක් සිදුවී නියමුවන්ට එය පාලනය කර ගැනීමට නොහැකි වුණු නිසාය.

ගුවන් යානයක් අනතුරට ලක් වෙද්දී, කාගේත් උනන්දුව යොමු වන්නේ ‘කළු පෙට්ටියට’ කෙරෙහිය. කළු පෙට්ටිය යනු, ගුවන් යානයක පියසැරි දත්ත සටහන් වන ඉලෙක්ට්‍රොනික උපාංගයයි. නියමුවන්ගේ කතා බහ, යානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ කි‍්‍රයා කරන අයුරු ආදී සියලූම දත්ත මෙහි පටිගත වෙයි. කළු පෙට්ටිය යැයි කීවත්, මෙම ‘කළු’ පැහැයෙන් යුත් එකක් නොවේ. මෙය දීප්තිමත් තැඹිලි හෝ කහ වර්ණයක් ගනී. ඒ, අනතුරකදී මෙය සොයා ගැනීම පහසු කරවීමටය. නියමු කුටියේ සවි කර ඇති මෙම උපාංගය සකසා ඇත්තේ  ඕනෑම ආපදා තත්ත්වයකට ඔරොත්තු දෙන අයුරිනි. යානය කඩා වැටී කැබලිවලට සුන් වුවත්, මුහුදේ ගිලූණත්, ගිනි ගත්තත් කළු පෙට්ටිය ඉතිරි වෙයි. එය අධික තාපයටත් අධික සීතලටත් ඔරොත්තු දෙන්නකි. නවීන තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කෙරෙන කළු පෙට්ටියෙහි එය කොතැනක තිබුණත් සොයා ගත හැකි වන පරිදි සංඥා නිකුත් කළ හැකි ක‍්‍රමවේදයක් හා ඊට අදාළ සංවේදක ඇත. යානයක් අනතුරට පත් වෙද්දී එය සකී‍්‍රය වෙයි. ඒ අනුව, කළු පෙට්ටිය ඇති ස්ථානය නිශ්චිතව සොයා ගැනීමට එය සොයන පිරිසට පහසු වෙයි. ගුවන් යානයක් අනතුරට පත් වූ පසු අනතුර සිදුවුණේ කෙසේදැයි සොයා බැලීමට උපකාරී වන වැදගත් ම ‘සාක්ෂිය’ මේ කළු පෙට්ටියයි.

කළු පෙට්ටියේ නිර්මාතෘ  ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයෙකි. ඔහු ඬේවිඞ් වොරන් ය. ඔහු මෙල්බෝන් නුවර ගගන පර්යේෂණ ආයතනයේ පර්යේෂකයකු ලෙස කටයුතු කරද්දී, එනම් 1950 දශකයේ දී, ගුවන් අනතුරක් ගැන සොයා බැලීමේ අසීරු කාර්යයකට අත ගැසීය. අනතුරට පත් වී තිබුණේ ලොව ප‍්‍රථම ජෙට් බලැති ‘කොමට්’ නමැති මගී ගුවන් යානයයි. යානය අනතුරට පත් වූයේ ඇයි ද යන්න සෙවීම අසීරු විය. යානයේ දත්ත සටහන් වූ විශේෂ උපකරණයක් තිබුණේ නම් එය පහසුවක් විය හැකියයි වොරන් කල්පනා කළේය. ඒ අනුව ඔහු ඉතා සරල පියැසරි දත්ත සටහන් කෙරෙන උපාංගයක් නිපදවීය. ඒ, 1957 දීය. මෙම උපාංගය ගුවන් යානාවලට සවි කිරීමට කටයුතු කරනු ලැබුවේ 1960 වසරේදීය. ඊට හේතු වූයේද තවත් අභිරහස් ගුවන් අනතුරකි. එම ගුවන් යානය අනතුරට පත් වූයේ ක්වීන්ස්ලන්ඞ්හිදීය. ඒ අනුව 1960 වසරේ සිට සෑම ගුවන් යානයකටම පියැසරි දත්ත සටහන් උපාංගයක් සවි කළ යුතු යැයි  ඕස්ටේ‍්‍රලියානු රජය තීරණය කළේය. පියැසරි දත්ත සටහන් උපාංගයක් ගුවන් යානාවලට අනිවාර්ය කළ පළමු රට වන්නේ ද  ඕස්ටේ‍්‍රලියාවයි. 

ගුවන් යානා හිටිහැටියේ අතුරුදන් වීම අපට ද අමුත්තක් නොවේ. පසුගිය යුද සමයේ දී කොටි ත‍්‍රස්තවාදින්ගේ ප‍්‍රහාරවලින් අපේ හමුදාවට අයත් ‘ඇන්ටනෝව්’ සහ ‘වයි. 12’ යානා අතුරුදන් විය. යුද්ධය අවසන් වීමෙන් පසු එවැනි යානා කිහිපයක සුන්බුන් මූදු පතුළෙන් සොයා ගැනීමට ද නාවික හමුදාවේ කිමිදුම්කරුවෝ සමත් වූහ. 

ගුවන් යානා පමණක් නොව නැව් පවා අතුරුදන් වීම් ගැන කතා බහ කරද්දී බර්මියුඩා ති‍්‍රකෝණය අපට අමතක කළ නොහැක. යක්ෂයාගේ ති‍්‍රකෝණය එසේත් නැතිනම් බර්මියුඩා ති‍්‍රකෝණය නැමැති මුහුදු කලාපය පිහිටා ඇත්තේ අත්ලන්තික් සාගරයේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩාව, පුවර්ටා රීකෝ සහ බර්මියුඩා දුපත් අතර පිහිටි ති‍්‍රකෝණාකාර කලාපයයි. මේ කලාපය හරහා යාත‍්‍රා කළ නැව් සහ ඉහළින් පියාසර කළ ගුවන් යානා හිටිහැටියේ අතුරුදන් වී ඇත. එම යානාවලට සිදුවූයේ කුමක්දැයි තවමත් අබිරහසකි. බර්මියුඩා ති‍්‍රකෝණය ලොව ප‍්‍රධාන පෙළේ අබිරහස් අතරට එක් වී ඇත්තේ ද එහෙයිනි. මැලේසියානු ගුවන් යානය අතුරුදන් වූයේ බර්මියුඩා ති‍්‍රකෝණය අයත් අත්ලාන්තික් සාගර කලාපයේ නොවේ. බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහසට හේතුව පිටසක්වළ ජීවීන් යැයි සමහරු කියති. එම සාගර කලාපය වෙනත් ලෝකයකට යන දොරටුවක් යැයි ද කියති. මේ කිසිවක් විද්‍යාවෙන් තහවුරු වී නොමැත. එපමණක් නොව ලෝකයේ අන්තරායකාරී සාගර කලාප 10ට බර්මියුඩා සාගර කලාපය ඇතුළත් වන්නේ නැති බව ඇසුවොත් ඔබ පුදුම වේවි. 
 

හොරෙන් යානයට ගොඩවුණු ඉරාන ජාතිකයෝ දෙදෙනා


 

 



අදහස් (0)

ලොවම පුදුම කර සැඟවුණු ගුවන් යානයේ අබිරහස

මහේෂ් ප්‍රනාන්දු Saturday, 22 March 2014 01:36 AM

අපිත් මේ යානය ගැන මිට වඩා තොරතුරු බලාපොරොත්තුවෙන් සිටිනවා.(නදී)

:       0       0

ජයලාල් Sunday, 23 March 2014 08:22 AM

හොඳ ලිපියක් ,මේවගේ අපව දැනුවත් කලට ස්තුතියි. තවත් අපව ඉදිරියට දැනුවත් කරන්න.(නදී)

:       0       0

SUDDI Thursday, 27 March 2014 02:20 PM

ඇත්තටම මෙම ලිපියෙන් ගොඩාක් කරුණු අවබෝධ වුණා. ඉදිරියේදිත් අපට විස්තර දෙන්න. (අ)

:       0       0

හංසනී Thursday, 20 March 2014 02:48 PM

සමහර විට මේක පිටසක්වලයන්ගේ ක්‍රියාවක් වෙන්න පුළුවන් කියා මට හිතෙනවා . (ත)

:       0       0

වගීෂ Tuesday, 01 April 2014 08:54 PM

ඇත්ටටම පුදුම 7න් එකක් අයින්කරලා මේක එතනට දාන්න ඕනේ (දී)

:       0       0

චානුක රණවීර Saturday, 22 March 2014 08:17 AM

මෙතරම් නවීන තාක්ෂණයක් තියන ලෝකේ මේකට වුනදේ තාමත් හොයනවා. දැන් දින කියක් ගතවෙලද?(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Thursday, 20 March 2014 03:21 AM

යානය ටිමෝර් දුපතේ සගවා ඈති බවට සැක මතුවේ. (නදී)

:       0       0

ඇන්ඩ්‍රෝ Thursday, 20 March 2014 03:31 AM

අපි බොහොම දුක් වෙනවා.(නදී)

:       0       0

ලියනගේ Thursday, 20 March 2014 04:39 PM

හොද ලිපියක් (ත)

:       0       0

ගිම්හානි Thursday, 20 March 2014 04:41 PM

මම හිතන්නේ මේ යානාවේ නියමුවා ගිහින් තියෙන්නේ තරහ ගිහින් ,මොකද එයාගේ හොදම යාළුවා එදා අවරුදු 6 කට හිරේ ගිහින් ,මේ නිසා මෙයා ගිය වේගය පාලනය කරගන්න බැරිවෙලා මුහුදට වැටෙන්න ඇති ,මොකද මෙයා ටිකක් හිතුවක්කාර මිනිහෙක් (ත)

:       0       0

බටුගෙදර Tuesday, 25 March 2014 10:49 AM

ඔව් රෝහිත් මමත් හිතන්නේ අර රතුපස්වලට වෙච්ච දෙයක් වගේ.(නදී)

:       0       0

ලියනගේ Thursday, 20 March 2014 05:13 PM

උපාලි විජේවර්ධන මහතා ගේ ලියර් ජෙට් එකත් නැති වුණේ ඔය පැත්තේ නේද ? (ත)

:       0       0

තක්ෂිලා Saturday, 05 April 2014 04:44 PM

කනගාටුයි (දී)

:       0       0

දසුන් Monday, 31 March 2014 12:09 PM

නියම ලිපියක් (දී)

:       0       0

අරුසියා Thursday, 20 March 2014 05:45 PM

ඉස්සර මේ තීරයට අදහස් ලියපු නිල් රාණා වගේ අය අද කෝ? (නදී)

:       0       0

චුල Monday, 31 March 2014 08:09 PM

පිටසක්වල මොකක්හරි එකක් තියනවා.. එක්කෝ මොකක් හරි වෙච්ච වැරැද්දක හංගන්න මෙයාලා සිද්ධිය යට ගහනවා..(අ)

:       0       0

තාරුක Thursday, 20 March 2014 08:34 AM

හොඳ ලිපියක් (අ)

:       0       0

සොනා - මලයාසියාව Saturday, 05 April 2014 08:16 PM

රෝහිත් මහතාගේ ලිපිය ඉතා වැදගත්.ස්තුතියි !ඔබතුමාව සම්බන්ද කරගත හැකි ක්‍රමයක් දැන්වීම ඉතා ඉහල දැනුම් සම්භාරයක් ලබාගැනීමට අවස්ථාවක්. (දී)

:       0       0

දර්ශා Thursday, 20 March 2014 08:59 AM

ඉතාම හොඳ ලිපියක්. (අ)

:       0       0

මලින්ද Friday, 21 March 2014 01:45 PM

කළු පෙට්ටිය තියෙන්නේ නියමු කුටියේ නෙමෙයි. පිටුපස තටුව ඇතුලෙ නේද? (නදී)

:       0       0

තිමීර ජයන්ත Saturday, 22 March 2014 11:55 AM

මටත් හිතෙනවා මේක පිටසක්වල ක්‍රියාවක් කියල , සමහරවිට මිනිස්සු මේවගේ කතා විස්වාස කරන්නේ නැ. මොකෝ විහාරමහාදේවි ඉන්න කලේ මුහුද ගොඩ ගැලුවා කිව්වට කව්රුත් විස්වාස කලේ නැ. එත් සුනාමි අවට පස්සේ එක විස්වාස කළා. රේඩාර් වලට අහු නොවුනත් සටලිට් වලටවත් අහුවෙන්න ඕනේ නේද .මේක පිටසක්වල වැඩක් වෙන්නත් බැරි නැ නේද . (අ)

:       0       0

නදීක Monday, 07 April 2014 03:48 PM

අබිරහස් කතාවක වගේ. ගොඩක ස්තුති තොරතුරු දුන්නට. මම මේ ගැන ගොඩක් හොයන කෙනෙක්. ගොඩක් ආසාවෙන් කියෙව්වා. තව තොරතුරු කියන්න. (ස)

:       0       0

සනත් Saturday, 22 March 2014 12:43 PM

මම හිතන්නේ නියමුවා හිතාමතා කළවැඩක් කියලා (ස)

:       0       0

දයාපාල Thursday, 27 March 2014 08:22 AM

තවම පරීක්ෂණ අවසන් නැහැ නේද? (නි)

:       0       0

දය අලහකෝන් Thursday, 20 March 2014 09:52 AM

ඇති සාර්ථක ලිපයක්, පැහැදිලි කිරිමක් (දී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 March 2014 08:00 PM

අපිත් ගුවන් ගමන් යන අය. මේ වගේ හොයා ගන්න බැරි දේවල් වෙනවාද? ඒ අතින් විද්‍යාව තවම දියුණු මදි (දී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 March 2014 08:01 PM

හොද ලිපියක්. අපට යානය ගැන හොද දැනුමක් ලැබුනා. ස්තුති (දී)

:       0       0

තරූ Friday, 21 March 2014 04:16 PM

මටත් ඉවසිල්ලක් නැහැ මේ ගුවන් යානයට මොකද වුනේ කියලා දැනගන්න.(නදී)

:       0       0

උපුල් ඉන්දික Sunday, 23 March 2014 08:05 PM

කොහොම උනත් අසරණ ජීවිත ගොඩක් තමයි. අපි බලාපොරොත්තු වෙනවා ඒ අයට කරදරයක් නැතිව එන්න ලැබෙන්න කියලා.(නදී)

:       0       0

ඉන්දික ජය Sunday, 23 March 2014 08:07 PM

පව් අනේ ඒ අය කොහේ හරි ජීවත් වෙලා ඉන්නවා නම් ඒ ඇති.(නදී)

:       0       0

ලියනගේ Thursday, 20 March 2014 10:59 AM

උපාලි විජේවර්ධන මහත්තයාගේ ලියර් වර්ගයේ ජෙට් යානාව නැති වුණෙත් මේ අසලම නේද .....(ත)

:       0       0

රෝහිත් Sunday, 23 March 2014 08:51 PM

මෙම යානය අතුරුදන් වීමට පිටසක්වල ඡීවින්ගේ අනිවාර්ය සම්බන්ධතාවයක් තිබෙන බව මාගේ මතයයි. පිටසක්වල ඡීවීන් පෘතුවිය තුල විවිධ පර්යේෂණවල නිරතවන බැවින් මෙය පිටසක්වල ඡීවින්ගේ වැඩක් යැයි කිවහැකියි. පිටසක්වල ඡීවීන් මීට පෙරත් විවිධ අවස්ථාවල ගුවන්යානා වලට බලපෑම්කර තිබෙනවා. ඒ බවට විවිධ සාධක ලොවපුරා සිදුවීම්වලින් දැක්වීමට පුලුවන්... එවැනි සිදුවීම් කිහිපයක් කියවන්නන්ගේ දැනගැනීම සඳහා පහත දක්වමි. පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි මේ ලිපියෙන් කතා කරන්නේ මෙලොව ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් කිහිපයකි වාර්තා වී ඇති පිටසක්වළ යාත‍්‍රා පිළිබඳ අපේ ගුවන් නියමුවන්ගේ ප‍්‍රථම අත්දැකීම ශ්‍රී ලංකාව නිදහස ලබාගත් වකවානුව වෙයි. 1948 ජූලි මස 24 වැනිදා මෙම අපූරු අත්දැකීම උරුම වූයේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ කපිතාන් ක්ලැරන්ස් චිලී සහ ගුවන් නියමු ජෝන් බී විටඞ්ය. ඔවුන් පැදවූ ඞී.සී. 3 ගුවන්යානය ඇට්ලන්ටා සිට ඇලබාමා බලා යාත‍්‍රා කරමින් තිබුණි. වෙලාව පාන්දර දෙකයි හතළිස් පහවීය. අහසේ තමා ඉදිරියෙන් ඇති ආලෝක ධාරාව කපිතාන් ක්ලැරන්ස් සසල කළේය. ‘‘මොකක්ද මේ ආලෝකය’’ ඔහු තම සගයාගෙන් විමසීය. ‘‘මාත් මේ ඔබෙන් විමසන්න හැදුවා විතරයි’’ ජෝන් පිළිතුරු දුන්නේය. ‘‘එය අපේ පැත්තටයි එන්නේ......’’ යානය යාත‍්‍රා කරමින් තිබුණේ මහපොළවේ සිට අඩි පන්දහසක් ඉහළිනි. අසාමාන්‍ය හැඩයක් ඇති අඩි හාරසීයක් තරම් දිග යානයක් දෙදෙනාට පැහැදිලිව දක්නට හැකිවිය. එය හැඩයෙන් සමානවූයේ සිගරට්ටුවකටය. ‘‘ඒක යානයක්මයි...... අත්තටු පිහාටු කිසිවක් නැහැ. හරියටම සිගරට්එකක් හැඩය ඇති..... ලොකු විශ්කම්භයක් තියෙන අඩි හාරසියයක් තරම් දිග යානයක්. යානය දෙපැත්තේ ජනෙල් කවුළු පෙලක් තිබුණා.... එය පැහැදිලිව අප දුටුවා...... සුදුම සුදු ආලෝකයක් ඉන් විහිදුනා...... ඒ ආලෝකයෙන් අපි ජනෙල් පෙල දුටුවා...... යාත‍්‍රාව යටින් විහිදුනේ ගන නිල් ආලෝකයක්......’’ 1940 දශකයත් 1950 දශකයත් පිටසක්වළ යානාවන් හමුවීමේ සිද්ධීන් ඇමෙරිකානු ගුවන් නියමුවන් නිතර නිතර වාර්තා කළ අවස්ථා උදාවීය. ඒ සමගම ඇමෙරිකානු යුද නිලධාරීන් විසින් වෙළෙඳ සමාගම්වල ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා සමඟ ඇතිවෙන අත්දැකීම් පිළිබඳ නිදහසේ කතා කිරීමේ වාරන නියෝගයක් ඇති කළෝය. මේ තහංචිය ඇමෙරිකාවට පමණක් සීමා වූ අතර කැනඩාවේ ගුවන් යානයක් 1966දී අත්වින්ද එක්තරා සිද්ධියක් ලොව පුරා පතළවිය. ඞී.සී. 8 යානය මේ සිද්ධියට මුහුණ දෙන අවස්ථාවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 35000ක් ඉහළින් පියාසර කරමින් තිබුණු අතර යානය පේරු සිට මැක්සිකෝව බලා පියාසර කරමින් තිබිණි. කපිතාන් රොජර් මිල්බෑන්ක් පමණක් නොව ඔහුගේ සහයකයා ඇතුළු කාර්ය මණ්ඩලයම මේ අපූරු අත්දැකීම බෙදා ගත්හ. යානාව ඉදිරියෙන් දිස්වූ ආලෝක දෙකක් කෙමෙන් ඇතට විදින ආලෝක දෙක්ක බවට පත්වී වී අකුරේ හැඩයට යානය ඉදිරියට ආලෝක ධාරාව යොමු කළේය. ‘‘ඒ ආලෝක ධාරාව අපේ ගුවන් යානයට තව තවත් සමීප වී ගුවන් යානාවට ඉහළින් යානයේ වම් පස පිහාටුවට ඉහළින් දිස්වුවා..... එදා හොඳින් හඳ එළිය තිබුණු රාත‍්‍රියක් නිසා මේ ආලෝකය විහිදවූ යානයේ යම් හැඩයක් දකින්නට අපට හැකිවුවා. අපේ යානයට ඉතාම සමීපව විනාඩි කිහිපයක් තිබී යානය ගමන්කර අප පසු පසට නොපෙනී ගියා.....’’ කපිතාන්වරයා මැක්සිකෝ නිලධාරීන්ට තම අත්දැකීම නිල වශයෙන් පැමිණිලි කළ අතර පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් අතර එම පැමිණිල්ල අදත් සුරක්‍ෂිතවී තිබේ. 1954 කැනේඩියානු ගුවන් නියමුවකුගේ අපූරු පිටසක්වළ යානා අත්දැකීමක් ‘‘ඩන්ටාරියෝ ඬේලි ප්‍රෙස්’’ නම් පුවත්පත වාර්තා කළේය. මේ සිද්ධිය ද ගුවන් නියමු ප‍්‍රැන්සිස් බොයිඞ් පමණක් නොව, ඔහුගේ කාර්ය මණ්ඩලයම අත් විඳ ඇත. ජූලි 06 වැනිදා සිදුවූ මේ අත්දැකීම පිළිබඳ මේ පුවත්පත කතුවැකියක්ද පල කළෝය. ඔහු පවසන ආකාරයට විශාල මවු යානයක් සහ උපයානා හයක් ඔවුන්ට දැක ගත හැකිවී ඇත. විනාඩි දහ අටක කාලයක් තිස්සේ මේ යානා දකින්නට බොයිඞ් සහ පිරිසට හැකිවී තිබේ. මේ විනාඩි දහ අටක කාලය තුළ ඔවුන්ගේ යානය සැතපුම් අසූවක් තරම් දුර පියාසර කර ඇත. ‘‘මේක අපූරු අත් දැකීමක්...... මං විතරක් නොවෙයි මගේ පිරිසම දැක්කා...... ඔවුන් අපට අන්තරා කාරී පිරිසක් වීමට නොහැකියි. ඔවුන්ගේ යානා අපේ තොරතුරු සොයනවා විනා ආක‍්‍රමණ ශීලී නොවේ යැයි මගේ හිතට ආවා..... යි බොයිඞ් සඳහන් කර ඇත. 1970 දී බි‍්‍රතාන්‍ය ගුවන්යානාවක් පෘතුගාලයේ ලිස්බන් නුවර ඉහළින් පියාසර කරද්දී මේ අත් දැකීමට පාත‍්‍රවීය. ඔහුගේ ගුවන් යානය අසලින් පියාසර කරන නන්නාඳුනන යානයක් පිළිබඳ සංඥාවක් ඔහුගේ යානයට ලැබුණි. එයාර් ට‍්‍රැෆික් පාලක මැදිරියෙන් නිකුත් කළ මේ නිවේදනය ඔහු සසල කළේය. ඒ සමගම ඔහු තම සහයකයන් වහාම දැනුවත් කළේය. මොහොතකින් ඔහු දුටුවේ ආලෝක ධාරා විහිදුවන සිගරට්ටුවක හැඩයගත් යානයක් තම යානය අසලින්ම පියාසර කරන බවයි. ගුවන් නියමුවා හා කපිතාන්වරයා තමා ජීවිතයේ ප‍්‍රථම වතාවට අත්දකින පිටසක්වළ යානයේ අත් දැකීම ගුවන් යානයේ මගීන් සමඟ බෙදා හදා ගන්නට කල්පනා කළේය. ඔහු යානයේ ශබ්ද විකාශන සේවාවෙන් මගීන් අමතා කතා කළේය. ‘‘මිත‍්‍රවරුණි..... ඔබට අසම සම අත් දැකීමක් අත් විඳින්නට වරමක්.... කරුණාකර යානයේ වම් පස බලන්න..... ඔබට දකින්නට ලැබෙන්නේ පිටසක්වළින් පැමිණි නාඳුනන යානාවක් විය යුතුමයි...... මං හිතුවා මේ අත්දැකීම ඔබ සමඟ බෙදා ගන්නට....’’ ගුවන් යානයේ සියලූම මගියෝ.... කපිතාන්වරයාගේ පණිවිඩයත් සමඟ පිබිදී මේ අසාමාන්‍ය අත්දැකීම ලබා ගත්හ. වැඩිම සංඛ්‍යාවක් එකවර අහසේදී දුටු නාඳුනන යාත‍්‍රාව මෙය බවට ලෝක වාර්තාවක් තබා ඇත. ගුවන් මගීන් මිශ‍්‍ර හැඟීම් වලින් මේ අත්දැකීම් බෙදා ගත්හ. බිය සතුට සැකය අසහනය ත‍්‍රාසය යන හැඟීම්වලින් මගියෝ අත්දැකීම් ලදහ. 1979 දී ස්පාක්‍ද්ක්‍ද මගී ගුවන් යානයකට නාදුනන පිටසක්වළ යානයක් සමඟ වෙනත් ආකාරයක අත් දැකීමකට මුහුණ දීමට සිදුවීය. එම රාත‍්‍රියේ මෙම මගී යානය ලිබියාවේ සිට ස්පාක්‍ද්ක්‍ද ප‍්‍රධාන නගරය වෙත පියාසර කරමින් තිබිණි. යානය සිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 24000ක් ඉහළිනි. ආලෝක ධාරා ගුවන් යානය පියාසර කරමින් සිටි දිසාවෙහි ඉදිරියෙන් මතුවෙනු කපිතාන්වරයා දුටු අතර පාලක මැදිරියට වහා දන්වා සිටියේය. මේ ආලෝකය ගුවන් යානයට කෙළින් ප‍්‍රතිවිරුද්ධව වේගයෙන් ඉදිරියට එන බව කපිතාන්වරයා වහාම වාර්තා කළේ මහත් කලබලයෙනි. කපිතාන් වරයා වහා ආරක්‍ෂක විධි ක‍්‍රියාත්මක කොට මගීන් දැනුවත් කරමින් කඩිනම් ක‍්‍රියාමාර්ග ගනිමින් යානය ධාවනයවන මාර්ගය ක්‍ෂණයකින් වෙනස් කළේ ගැටීම වැළැක්වීම සඳහාය. මේ සිද්ධිය රෙඩාර් යන්ත‍්‍රවල පැහැදිලිව සටහන් විය. එපමණක් නොව මහපොළවේ සිට දහස් සංඛ්‍යාත පිරිසක් මේ සිද්ධිය නිරීක්‍ෂණය කිරීම විශේෂ සිද්ධියකි. මේ යාත‍්‍රාව තව දුරටත් ගුවන් යානයට හිරිහැර කරන්නට විය. රාඩා යන්ත‍්‍රවල මේ තත්වය සටහන් වෙත්ම ප‍්‍රහාරක ජෙට් යාත‍්‍රා දෙකක් ගුවනට පිටත්කර යැවීමට සූදානම් විය. නාඳුනන පිටසක්වළ යාත‍්‍රාව ගුවන් යානයට හිරිහැර කිරීම මඟහැර නොපෙනී ගියේ ප‍්‍රහාරක ජෙට් යානා යැවීමත් සමඟය. මෙම සිදුවීම් ලොව ගුවන්යානා නියමුවන් විසින් වාර්තාකල ඉතා සුලු සිදුවීම් කිහිපයකි. මෙම අතුරුදන් වූ යානයේ සිටි අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා සිට තිබෙනවා යානයේ සිටි තම ඥාතීන්ගේ ඡංගම දුරකථන ක්‍රියාරකරන බව..... එසේනම් මෙම ඡංගම දුරකථන ක්‍රියාත්මක වන්නේ කුමන ප්‍රෙද්ශයක සිටද යන්න සෙයා බැලීම ඉතා සුලු දෙයක් නොවන්නේද? යානයේ කලු පෙට්ටියෙන් සංඥා නිකුත් නොවන්නේද? අතුරුදන් වූ යානයක් සොයාගැනීමට තරම්වත් තාක්ෂණයක් පෘතුවි වාසීන්ට නැතිවීම ඉතා කණගාටුදායක නොවන්නේද? පෘථුවි අකාශයේ කක්ෂගතකොට ඇති අතිප්‍රබල චන්ද්‍රිකාවන්ගෙන් මෙවැනි සුලු දෙයක්වත් සොයාගැනීමට අපොහොසත්ද? ඇසට පෙනෙන දේ වලට වඩා ඇසට නොපෙනෙන දේද පවතින බව විද්‍යාඥ්ඥයින්ට තේරුම්කරදිය යුතුව ඇත. විද්‍යඥ්ඥයින් සහ විද්වතුන් යනු යමක් ඔප්පුවන තුරුම පිලිනොගන්නා කොට්ඨාශයකි. යමක් ඔප්පුවූ පසු ඔහුන් ගොලු වන්නේය. ඉතිහාසයේ සිදුවූ බෝහෝ දේද එවැනිය. පිටසක්වල ඡීවින් අනාධිමත් කාලයක සිට පෘතුවිය සමග සබදතා පවත්වන බව විවිධ කරුණු ඔස්සේ ගෙනහැර දැක්විය හැකිය. (නදී)

:       0       0

ශේවීන් Wednesday, 19 March 2014 09:16 PM

ගුවන් යානය පැහැර ගන්න ඇති? (දී)

:       0       0

රොෂාන් වෙරෝනා Sunday, 23 March 2014 03:37 AM

ඇත්තටම කියවන්න හොද ලිපියක්.(නදී)

:       0       0

ගීතික Friday, 21 March 2014 07:22 PM

කළු පෙට්ටියෙන් එන සිග්නල් වලට මොකද උනේ? (අ)

:       0       0

දිලූ Thursday, 03 April 2014 12:39 PM

නියම ලිපියක් මේක. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේකෙන්. (ස)

:       0       0

ගාමිණී ගමගේ Thursday, 20 March 2014 12:16 PM

මෙම කරුණු මත පැහැදිලි වන්නේ මෙය සොරකමක් බවයි.(නදී)

:       0       0

රෝහිත් Friday, 04 April 2014 12:11 AM

ලොව ප්‍රධාන පෙළේ යැයි සිතන රටවලින් එකක් පිටසක්වලයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ලොවින් සඟවා තබන්න ලොකු උත්සාහයක් දරනවා. පෘතුවියට පැමිණ විවිධ හේතූන් නිසා පෘතුවියට කඩා වැටුණ යානා හා ඒවායේ සුන්බුන් හා පිටසක්වල ඡීවීන් ග්‍රහණයට නතුකරගෙන සිටින තැන් පිළිබඳව අප හොඳින්ම දන්නවා. ඇමරිකාවේ ඇතැම් චන්ද්‍රිකා ඉතාම දියුණු තත්වයක පවතිනවා.මෙම චන්ද්‍රිකා වලින් පැය 24ම පෘතුවිය සම්පූර්ණයෙන්ම නිරීක්ෂණයට ලක්වෙන අතර දීර්ඝ ලෙස පටිගතවීම්ද සිදුවෙනවා. හඳුනා නොගත් පියාසර වස්තූන් වර්තමානය වන විට වැඩි වශයෙන් දර්ශනය වීම හා ගුවන් යානා හා විවිධ පුද්ගලයින් අතුරුදන්වීම් හා පැහැරගෙන යාම් වැඩි වීම යන කරුණු නිසා මේ වන විට පිටසක්වල බුද්ධිමත් ඡීවින් පෘතුවියට පැමිණෙන බව සඟවා තැබීමට උත්සාහගන්නන්ට එය එසේ කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙමින් පවතී. මා දැනට අවුරුදු 20ක සිට මෙම වස්තූන් සම්බන්ධව තොරතුරු සොයාබැලීම් හා ඉතා කුඩා පරීක්ෂණ කරමින් සිටිනවා. ඇතැම් විද්‍යාඥයින් විශ්වයේ ඡීවීන් සිටින ග්‍රහලොවක් පවතීද යන්නට බොහෝ සාක්ෂි තිබියදීත් බොරුවට සෙවීම ඉතා විහිලුසහගත කරුණක් බවට පත්වීම මා හට නම් ඉතා පුදුමසහගතයි. (නි)

:       0       0

ගාමිණි Saturday, 29 March 2014 07:20 AM

මම නම් හිතන්නේ මේක යානයේ දෝෂයක් කියලා. මම හැමදාම පත්තර වල බලනවා මේ යානයට මොකද වුණේ කියලා. මේකත් හොඳ ලිපියක්. තවත් වැඩි විස්තර දාන්න. (නි)

:       0       0

දිල්රුක් Thursday, 27 March 2014 09:55 PM

බොහොම හොද ලිපියක්. ගොඩාක් කරුණු දැනගත්තා. බොහොම ස්තුතිවන්ත වෙනවා. (නි)

:       0       0

අරුණ දම්මික Friday, 21 March 2014 12:28 AM

කනගාටුයි.(නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 25 March 2014 07:05 AM

එතකොට මේ යානයේ ගමන් දිශාව වෙනස්කලේ පිටසක්වල ජීවින් නොවේ. මෙතැනදී නම් සිදුවෙලා තියෙන්නේ වෙනත් දෙයක්.(නදී)

:       0       0

ලක්මන් Wednesday, 19 March 2014 10:03 PM

ගුවන් යානය තියෙනවාජිනීවා සමුළුවෙන් පසුව එවනවා (අ)

:       0       0

රවීන් Thursday, 20 March 2014 01:28 PM

මේක ලෝකෙට හොඳ අවස්ථාවක්, ආසියාවේ අගලක් නැර චන්ද්‍රිකා චාය රූප පරික්ෂාරක තොරතුරු සටහන්කරගන්නවා, ඒ ඒ රටවල ගුවන් සීමාව උල්ලංඝනය කර ඒ රටේ අවසර සහිතව තොරතුරු රැස්කිරීමක් සිදුවෙනවා,කල දුටුකල වල ඉසගැනීමේ ක්‍රියාවලියක්. (නදී)

:       0       0

බන්දු Thursday, 20 March 2014 01:46 PM

කවුද කිව්වා නේද 29 මධ්‍යම රාත්‍රියෙන් පස්සේ වැදගත් තොරතුරු හමුවෙයි කියලා. එතෙක් ඉවසමු. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5124 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site