අජන්තා එල්ලෝරා යනු එකට කියවෙන ලොකු කුඩා කවුරුත් දන්නා නමකි. නමුත් ඇතැම් අය සිතා සිටින්නේ අජන්තා එල්ලෝරා යනු එක ස්ථානයක් බවයි. නමුත් සැබවින්ම මේ ස්ථාන දෙකකි. අජන්තා සහ එල්ලෝරා කිලෝමීටර 11 ක පමණ දුරකින් පිහිටා ඇති තරමක් එකසමාන ලක්ෂණ වලින් යුක්ත නමුත් හාත්පසින් වෙනස් ස්ථානයන් දෙකකි. එල්ලෝරා ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ අරුන්ගාබාද් හි පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ලෝක උරුමයකි. එල්ලෝරා යනු පිටසක්වල ජිවින්ගේ සහය ඇතිව නිර්මාණය කරන ලද නිර්මාණයක් ලෙස ඇතැම් ඉන්දියානුවන්ගේ විශ්වාසයයි. ඊට හේතුව එවැනි නිර්මාණයක් සිදුකිරීමට එවකට පැවති තාක්ෂණයේ දියුණුවත් සමග විශ්මය ජනක කරුණක් වීමයි. මෙම ඉදිකිරීම් සිදුකර ඇත්තේ 6 වන සහ 9 වන සියවස්වලයි. එල්ලෝරා යනු ගල්ගුහා සංකීර්ණයකි ඒ ගුහා තුල සිදුකර ඇති නිර්මාණයන් රැසකි. එසේම ගුහා වලට අමතරව ගලෙන්ම නිර්මාණය කරන ලද ගොඩනැගිලි රැසකි. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික පාෂාණය ඉහල සිට පහලට නෙලාගෙන පැමිණ ඇතුළට සිදුරු කරගෙන නිර්මාණයන් සිදුකිරීමයි. මෙහි ගල්ගුහා හෝ ගලින් නිමවන ලද ගොඩනැගිලි ඇතුලත ඇති සියලු ප්‍රතිමා සහ වෙනත් දේ එම ස්වභාවික ගලෙන්ම නෙලන ලද ඒවා වීම මෙහි විශ්මය ජනක කරුණයි. පිටතින් නෙලා ඇතුලට ගෙනගොස් සවිකරන ලද ඒවා නොවේ. මේ සියල්ලම එකම පාෂාණයක කොටස් වීම මෙහි ඇති අපුර්වත්වයයි.
යුනෙස්කෝ සංවිධානය මගින් මෙම ස්ථානය ලෝක උරුමයක් බවට නම්කර ඇත. මෙය ගුහා සංකීර්ණයකි. ශෛලමය ගල්ගුහාවල ඇති ගෘහ නිර්මාණ ලක්ෂණ විවිධ ශෛලීන් ගනියි. ප්‍රධාන වශයෙන් ගල්ගුහා 34 ක් මෙහි ප්‍රමුඛ වේ. බෞද්ධ, හින්දු සහ ජෛන ආගම් වලට අයත් ලෙන් දැකගත හැකිය. බෞද්ධ ලෙන් විහාර ථේරවාද සහ මහායාන සම්ප්‍රදායන් නියෝජනය කරන පරිදි වෙන වෙනම සකස් කර තිබේ.
බෞද්ධ ආගමික ලෙන් විහාර 12 කි. ඉන් කිහිපයක් ථෙරවාද සම්ප්‍රදායට අනුව සකස්කරන ලද ඒවා වන අතර කිහිපයක් මහායාන සම්ප්‍රදායට අනුව සකස් කර ඇත. ඇතුලත සහ පිටත මනරම් කැටයමින් යුක්තව සකස් කරන ලද මෙම බුද්ධ මන්දිර ඇතුලත වෙන වෙනම භාවනා කිරීම සදහා කුටි සකස්කර තිබෙනු දැකගත හැකිය. ඇතුලට පැමිණීමේදී සෘජුවම විශාල බුදු පිළිමය ප්‍රදර්ශනය වන පරිදි ඇතුලත සකස් කර ඇති අතර දෙපැත්තෙන් වන්දනා කිරීමටත් භාවනා කිරීමටත් කුටි සකස් කර තිබේ. ඇතැම් ගුහා තට්ටු හතරක් පමණ වන ලෙස මහල් ආකාරයෙන් සකස් කර ඇත. ඇතැම් කුටිවල සැතපීම සදහා සයනයක් ආකාරයෙන් කොටසක් ගලෙන්ම නිමකර තිබෙනු දැකගත හැකිවේ. මෙම ගල්ගුහා ඉදිකිරිම පස්වන සහ සත්වන සතවර්ශවල වූ බවට විශ්වාස කෙරේ. මෙම ගල්ගුහා වල ඉදිකර ඇති ගොඩනැගිලි විහාර වල ස්වරුපයක් ගනියි.බුද්ධ ප්‍රතිමා වලට අමතරව බෝධිසත්ව ප්‍රතිමාද දැකගත හැකිය.
ඉතාම ප්‍රසිද්ධියකින් යුක්ත ලෙන් විහාරය වන්නේ චේතිය ශාලාව නමින් හදුන්වන ලෙන් අංක 10 යයි. මෙම විහාරය විශ්වකර්ම ලෙන වශයෙන්ද හදුන්වනු ලබයි. මෙම ලෙන් විහාරයේ විශේෂත්වය වන්නේ ඉතාම සැලසුම් සහගත ලෙස ප්‍රවේශවීමේ දොරටු සහිතව නිර්මාණය කර තිබීමයි. මෙම විහාරයේ මධ්‍යයේ අඩි පහලවක් පමණ උසකින් යුක්ත බුදු පිළිමයක් ඇත. මේ සියල්ලේ විශේෂත්වය වන්නේ තනි පාෂාණයක් සැලසුම් සහගත ලෙස නෙලීම මගින් මේ සියල්ල නිර්මාණය කර තිබීමයි. විශ්වකර්ම විහාරය ඇතුලත ඇති නිර්මාණ අජන්තා ලෙන් විහාර වල දක්නට ඇති නිර්මාණයන් හා සමාන ලක්ෂණ දරයි. නමුත් අජන්තා හි නිර්මාණ සහ එල්ලෝරා හි නිර්මාණ වෙනස් තත්වයන් දෙකක් වේ. අජන්තා ලෙන් විහාර නිර්මාණය කර ඇත්තේ පහල සිට ඉහලට පාෂාණය නෙලීම මගිනි එල්ලෝරා හි නිර්මාණය සිදුකර ඇත්තේ පාෂාණයේ ඉහල සිට පහලට නෙලිමෙනි.
හින්දු ගල් ගුහා 6 වන සියවසේ මැද භාගය සහ 8 වන සියවස අවසන් භාගයේදී වන විට නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ගල්ගුහා අංක 17 සිට 29 දක්වා ඇත්තේ මෙම හින්දු සම්ප්‍රදායට අයත් ගුහාය. මෙම ගුහා අන්තර්ගතයේ විශාල දේව ප්‍රතිමා නිර්මාණය කර ඇත. විශේෂයෙන් ශිව දෙවියන්ගේ මුර්ති මෙහි දක්නට ලැබේ. හින්දු ගල් ගුහා වලට අමතරව මෙහි ශිව දෙවොලක් ඉදිකර ඇත. එය සම්පුර්ණයෙන්ම තනි ගලකින් නිර්මාණය කරන ලද්දකි. දෙවොල ඇතුලත ඇති සියලු මුර්ති සහ ඇතුලත කොටස් සියල්ල එම පාෂාණයේම කොටස් වේ. ඉහල සිට පහලට දෙවොල නෙලාගෙන පැමිණි පසු දෙවොල ඇතුලතට පාෂාණය සුදුසු පරිදි සිදුරු කරමින් ගොස් ඇතුලත කොටස් සියල්ල එකම පාෂාණයෙන් නිර්මාණය කර ඇත. මෙම දෙවොලේ ඇතුලත ඇති කිසිවක් පිටතින් රැගෙන විත් සවිකරන ලද්දක් නොවේ. සියල්ලම මව් පාෂානයට බද්ධව පවතියි. මෙම දෙවොල කෛලාශනාථ දෙවොල වශයෙන් හදුන්වයි. මෙහි ඇති ගෘහ නිර්මාණ ලක්ෂණ සහ ඵෙතිහාසික වැදගත්කමත් යන කරුණු දෙකම මත ඉන්දියාව තුළ ඉතාම ප්‍රසිද්ධියට පත් දෙවොලකි. මෙම දෙවොල ක්‍රිෂ්ණා නමැති රජු විසින් ඉදිකරන්නට ඇති බවට විශ්වාස කෙරේ. එය පල්ලව සම්ප්‍රදායට අනුව ඉදිවූවකි. එහි පදනම මීටර් 82 ක් සහ මීටර් 46 ක දිග පළලකින් යුක්ත වේ. ශිව පාර්වතී මුර්ති වලට අමතරව විෂ්ණු දෙවියන්ගේ දස අවතාරය සහිත මුර්තිද මෙම සංකීර්ණයේ දක්නට ලැබේ. කෙසේ නමුත් සියලු හින්දු ලෙන් වල ප්‍රධාන ස්ථානයක් දී ඇත්තේ ශිව දෙවියන්ටයි.
නමවෙනි සහ දහවෙනි ශතවර්ෂ වලදී ජෛන සම්ප්‍රදායට අයත් ගල්ගුහා නිර්මාණය කර තිබේ. ජෛන දර්ශනයේ ඇති විවිධ ලක්ෂණ නිරුපනය කරමින් ඉදිවී ඇති නිර්මාණ ප්‍රධාන එල්ලෝරා ලෙන් සංකීර්ණයෙන් තරමක් දුරින් පිහිටා ඇත. සංචාරකයන්ට එම ස්ථානයට ලගාවීම සදහා බස්රථ යොදවා තිබෙනුද දැකගත හැකි නමුත් පයින් ගමන්කිරිමටද හැකිය. මෙහි ඉන්ද්‍රා සභා යනුවෙන් තනි ගලින් නිමවන ලද ගොඩනැගිල්ලක් ඇත. සැබවින්ම මෙම පාෂාණය ලෙනක් ලෙස නිර්මාණය නොකර මහල් ගොඩනැගිල්ලක් ලෙස නිර්මාණය කරන ලද්දකි.
එල්ලෝරා යනු ඉන්දියාවේ පවතී ආගම් දර්ශනවාද තුනක් එක්තැන් කල ස්ථානයකි. මෙම ස්ථානය හුදෙක් පුරාවිද්‍යාත්මක සහ සංචාරක ස්ථානයක් බවට පමණක් පත්ව ඇත. ලංකාවේ සංචාරකයන් වැඩි වශයෙන් ඉන්දියාවේ සංචාරයේ යෙදුනද මෙම ස්ථානය දැකබලා ගැනීම සදහා පැමිණෙන්නේ ඉතාම දුලබ වශයෙනි. එයට හේතුව මෙම ස්ථානය ආගමික වතාවත් සිදුකරන ස්ථානයක් නොවී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථානයක් වීම යැයි සිතිය හැක. එසේම මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඉදියාවේ පිහිටා තිබෙන ප්‍රධාන බෞද්ධ සංධිස්ඨාන වලට තරමක් ඈතිනි. නමුත් මෙම ස්ථානය මිට වසර ගණනාවකට පෙර ථේරවාද සහ මහායාන භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළ භාවනා යෝගීව දිවිගෙවූ ස්ථානයන් වේ. මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සංචාරයේ යෙදෙන්නේ නම් ඔබ අනිවාර්යයෙන්ම පැමිණිය යුතු ස්ථානයක් ලෙස එල්ලෝරා ලෙන් සංකීර්ණය හදුන්වා දිය හැකිය. පුරාවිද්‍යාත්මක වටිනාකම මෙන්ම එම නිර්මාණයන්ගේ දක්නට ලැබෙන විසල්බව සහ ආශ්චර්යය දෙස් විදෙස් සංචාරක නෙත් සිත් ආකර්ෂණ කර හමාරය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොවම මවිත කළ එල්ලෝරා
ශශික Friday, 22 July 2016 09:33 AM
ස්තූතියි ලංකාදීප! මේක නම් පුදුමාකාරයි. පුලුවන්නම් තව විස්තර හා පුරාවිද්‍යා මත සහිතව ලිපිපෙළක් ඉදිරිපත් කරන්න. අධ්‍යාපනික වශයෙන් ඉතා වටිනවා. (නි)
ගයාන් Thursday, 04 August 2016 05:20 AM
ඉතා හොඳ වැදගත් ලිපියක්.තවත් මෙවැනි ලිපි ඉදිරිපත් කරන්න (ම)
ඉන්දු Thursday, 21 July 2016 11:26 PM
ඉතාම වැදගත් ලිපියක්. ස්තුතියි ලංකාදීප! (නි)
තුසිත Friday, 22 July 2016 05:27 AM
ගොඩාක් ස්තුතියි ලංකාදීපයට සහා නන් අයුරින් සහාය දැක් වූ සැමට .ඒ වගේම නොදන්නා දේවල් ගැන දැනුවත් කළාට . ස්තුතියි ..(බ)
අසේල Friday, 22 July 2016 07:07 AM
හොඳ ලිපියක් (නි)