IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ලේවැල්ල තොටුපොළේ දී මුතුකුඩේ බිසවට එරෙහිව කළ කුමන්ත‍්‍රණය

04-Rasa-p6-3  

සෙංකඩගල පුරවර ඉතිහාසය මිහිරි අමිහිරි සිදුවීම්වලින් ගහනය. ඒ අතර බොහෝ දෙනෙක් නොදන්නා සිදුවීම් රාශියකි. දෙවැනි විමලධර්මසූරිය රජතුමා (කි‍්‍ර.ව. 1687-1707) එම යුගයේ සිටි යහපත් පාලකයෙකි. එතුමාගේ පාලන කාලය තුළ සාමකාමී පරිසරයක් පැවතුණි. තුන්මහල් ප‍්‍රාසාදයක් ඉදිකර දර්ශනීය රත්න චෛත්‍යයක් හා සමාන වූ කරඬුවක් සාදා, එහි රන් ආලේප කර නවරත්න මැණික් ඔබ්බවා දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරන ලද්දේ ද මෙම රජතුමා විසිනි. එතුමාගේ වසර විස්සක රාජ්‍ය පාලන කාලයේ අපූර්ව සිදුවීම් කිහිපයකි. ඉන් එකක් නම් ”ලේවැල්ල” තොටුපොළේ දී අන්තඃපුර කාන්තාවන් විසින් ”මුතුකුඬේ බිසව” මරා දමන්නට සිදු කළ කුමන්ත‍්‍රණයයි.  මෙම ප‍්‍රදේශයට ”ලේවැල්ල” යන නම භාවිතයට පැමිණ තිබෙන්නේ ද බිහිිසුණු ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලයක් වශයෙනි.


ලක්දිවට ගොඩබැස ටික කාලයක් ගත වෙද්දී ලන්දේසීන් රට අභ්‍යන්තරයට පැමිණියේ කන්ද උඩරට සාරය උරා ගැනීමටයි. අතිශය සුන්දර වන ලැහැබ්, ඇළ දොළ ගංගාවලින් පිරී පැවතී ක්ෂේම භූමියක් බඳු වූ සෙංකඩගල පුරවරය ආරක්ෂා වූයේ වන ගහනයෙන් යුත් කඳු සහ ගංගා නිසා ය. කෙසේ හෝ ලන්දේසි සෙබඵ පිරිසක් සෙංකඩගල රාජ්‍යයට ඇතුඵවීමේ අදහසින් මහවැලි ගංගාව අසලට පැමිණෙමින් සිටියහ. අතිශය දුෂ්කර ගමනක නිමාවට ඇත්තේ තවත් හෝරා කිහිපයකි. කපිතාන්වරයෙකුගේ අණදීමෙන් පැමිණි ඔවුන් සෙංකඩගල පුරවරයට ඇතුඵවීමට නම් තරමක් විශාල ලෙස පළල්ව පිහිටි මහවැලි ගං කොමළිය තරණය කළ යුතුව තිබේ. එහි එක්තරා ස්ථානයක පිහිටි තොටුපොළක් අසළට පැමිණ ඔවුන් නතර වූයේ විඩාබර ගතියෙනි. එදවස තුරුලතාවලින් ප‍්‍රදේශය පිරී පැවති නිසා නිසි කාලයට වර්ෂාව ලැබිණි. පායන කාලයේ වුවද ගෙඟහි ජලය උතුරා යයි. ඉවුරු දෙක නොපෙනෙන තරමට ගඟ පළල්ය. පිහිනා එතෙරවීම ලෙහෙසි නැත. සාමාන්‍ය පුද්ගලයන්ට එගොඩ මෙගොඩ විය හැක්කේ ඔරුවක් හෝ පාරුවක් ආධාරයෙන් පමණි. රොබට් නොක්ස්ගේ ”එදා හෙළදිවෙහි” ද මේ බව සඳහන් කර තිබේ.

එදවස පැවතියේ කුඩා ඔරු පාරු පමණකි. සෙබඵ තොටුපොළට පැමිණ හෝරාවක් පමණ ගත විය. අඳුර වැටීමට ආසන්නය. මිහිඳුම අතරින් පාරුවක්  ඈතින් එනු පෙනේ. එහි සිටින තොටියා කඩවසම් තරුණයෙකි... ලන්දේසී සතුටින් ඉපිළ ගියහ. තොටියාට ලන්දේසීන්ගේ භාෂාව තේරෙන්නේ නැත... ඒ සමඟම සෙබඵ කිහිපදෙනෙක් පාරුවට ගොඩවීමට උත්සාහ කරයි... තොටියා... මොහොතක් කල්පනා කර..... ඔහු අත් දෙක භාවිත කර... පාරුවෙන් යාමට හැකියාව තිබෙන්නේ එක් අයෙකුට පමණයි..... ජල පහර සැරයි.... එමනිසා වරකට එක් අයෙකු බැගින් එතෙර කරවන්නම්... කීය. ලන්දේසී එයට එකඟ වූහ.. තොටියා ලන්දේසීන් එකා බැගින් පාරුවෙහි නංවා එගොඩ ගොඩට රැුගෙන යයි... එගොඩ වන සෙබළා... ගඟ අයිනේ ඇති පඳුරු, මානා අතරින් නොපෙනී යන්නේ මිහිඳුම අතරිනි. මේ නිසා මෙගොඩ සිටින අනෙක් ලන්දේසීන්ට එගොඩ සිදුවෙන කිසිවක් පෙනෙන්නේ නැත.. අවසාන සෙබළා ද එගොඩට ගෙනා තොටියා ඉන් බැස ඔහු පසුපසින් ගියේ ය. ක්ෂණයකින් ඉදිරියට පැමිණි සිංහල තරුණයන් පිරිසකි. සෙබළාට හිතා ගැනීමටවත් කාලයක් නොතබා වෙරළහිදී ම එක කඩු පහරකින් ඔහුගේ ගෙල කපා දැමී ය. අනෙක් සෙබඵන් ද මුහුණ දී තිබුණේ එම ඉරණමට ය. ඔවුන්ගේ ලේ වැලි සමඟ මිශ‍්‍රවීම නිසා පසුව එම ප‍්‍රදේශය ‘‘ලේවැල්ල” යන නමින් ප‍්‍රසිද්ධියට පත් විය.

 

04-Rasa-p6-5

 


ලේවැල්ල තොටුපොළේදී මුතුකුඬේ බිසව මැරීමේ කුමන්ත‍්‍රණය...

කි‍්‍ර.ව. 1687 දෙසැම්බර් මාසයේ දෙවැනි රාජසිංහ රජුගේ මරණයෙන් පසු දෙවන විමලධර්මසූරිය නමින් රජ වන්නේ ඔහුගේ පුත් කුමරාය. එහෙත් කුමාරයාට තම කුමාර ජීවිතය ගත කිරීමට සිදුවූයේ රහසිගතව ය. එයට හේතු වූයේ කි‍්‍ර.ව 1664 දී ඇති වූ නිල්ලඹේ කැරැුල්ලයි. එම කැරැුල්ල මෙහෙයවන ලද්දේ අඹන්වෙළ රාළ ය. එහිදී රාජ අණින් තම එකම පුත් කුමරා මරා දමන ලද බවට ප‍්‍රචාරය විය. ලන්දේසීන් වෙත ද එම පුවත නිල වශයෙන් වාර්තා කරන ලද බව පැවසේ. එනමුත් සිදු වී තිබුණේ රජුගේ විරුද්ධවාදීන්ගෙන් කුමාරයා ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා රහසිගතව බෞද්ධ විහාරස්ථානයකට යැවීම ය. එහිදී ආරක්ෂිතව ඔහු හැදී වැඩුණි. මේ බව දැන සිටියේ රජුට සමීප කිහිපදෙනෙක් පමණි. තම පියාගේ මරණයෙන් පසු පාරම්පරික උරුමයට අනුව දෙවන විමලධර්මසූරිය කුමාරයා රජ වුවද, රාජ්‍ය පාලනය ගැන කිසිදු අවබෝධයක් ඔහුට තිබුණේ නැත. කුඩා කාලයේ සිටම ආගමික පරිසරයක ජීවිතය ගත කළ බැවින් යුද්ධය ප‍්‍රිය කළේ නැත. මෙයින් වාසි ලබා ගත්තේ ඇමැතිවරුන්ය. රජු ලන්දේසීන් සමඟ සටනට ගියේ ද නැත. මේනිසා රට තුළ පැවතිියේ සාමකාමී පරිසරයකි.

වසර කිහිපයක් ගත විය. රජතුමාගේ අන්තඃපුරයේ උඩරට ප‍්‍රභූ රදළ පවුල්වල මෙන්ම දකුණු ඉන්දීය නායක්කාර වංශික බිසෝවරුන් ද බොහෝ දෙනෙක් සිටියහ. එහෙත් එම බිසෝවරුන්ගෙන් කිසිවෙකුටත් පිරිමි දරුවකු ලැබුණේ නැත. මේ පිළිබඳව රජතුමා පසු වූයේ දැඩි කණස්සල්ලෙනි. තවත් දවස් කිහිපයක් ගතවීමෙන් පසු රජතුමාගේ අග බිසව පදවිය හෙවත් ”රන්දෝලි” තනතුරට වත්තේගම ප‍්‍රදේශයේ ප‍්‍රභූ පෙළපතකට අයත් ”මුතුකුඬේ” නම් රූමත් යොවුන් තරුණියක් කැඳවා ගෙන පැමිණියා ය. අතිශය රූමත් ඇය කෙටි කාලයකින් රජතුමාගේ ආදරය දිනා ගත්තා ය. මාස කිහිපයක් ගත වෙද්දී මුතුකුඬේ බිසව ගැබ් ගෙන ඇති බව දැන ගැනීමට ලැබිණි. රජතුමාගේ ආදරය තවත් වැඩි විය. විශේෂ වරප‍්‍රසාදයක් ලෙස ඇයට පරිවාර ස්ත‍්‍රීන් කිහිපදෙනෙක් ලැබුණේ මේ අතරතුරේ දී ය. තම මව්පියන් බැලීම සඳහා යාමට බිසවට අවසර ලබා දී තිබිණි. වත්තේගමට යන ගමන් මාර්ගය වැටී තිබුණේ මහවැලි ගෙඟ් ”ලේවැල්ල” තොටුපොළ හරහා ය.  දළදා මාලිගාව අසල වූ රජ මාලිගාවේ සිට පරිවාර ස්ත‍්‍රීන් සමඟ තල්වත්ත (ලේවැල්ල) ගංගාරාම විහාරය ළඟින් වැටී ඇති මාර්ගය ඔස්සේ ලේවැල්ල තොටුපොළට යයි. එතැන් සිට තොටුපොළේ ඇති ඔරුවෙන් එගොඩ වී දෝලාවේ නැඟ වත්තේගම පිහිටි තම නිවෙසට ගොස් දවස් දෙක තුනක් නැවතී සිට ආපසු එයි... සාමාන්‍යයෙන් ඇය මාසයකට හෝ මාස කිහිපයකට වරක්, දෙවරක් මේ අයුරින් කටයුතු කරනු එදවස සුලබ දසුනකි.  

තවත් මාස කිහිපයක් ගත විය. මුතුකුඬේ බිසව ලස්සන කුමරෙක් බිහි කළාය. රජතුමාගේ ආදරය තව, තවත් වැඩි වෙන්නට පටන් ගත්තේ ය. අන්තඃපුර නායක්කාර බිසෝවරු අතුඵ බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් සිටියේ කෝ්පයෙනි. ඒ ඔවුන්ට රජතුමාගේ ආදරය ”මුතුකුඬේ” බිසවට තරම් නොලැබීම හේතුවෙනි. අන්තඃපුර බිසෝවරු තමන්ට හිතවත් ඇමතිවරුන්ගේ උදව් උපකාර ඇතිව විවිධ සැලසුම්, උපක‍්‍රම කිහිපයක්ම ක‍්‍රියාත්මක කළ ද,  ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. මේ අතර රජතුමා කුමාරයා සුරතල් කිරීමටත්, ඔහු සමඟ වැඩි කාලයක් ගත කිරීමටත් පෙළඹුණි. මේ නිසා මුතුකුඬේ බිසව ගත කළේ තෘප්තිමත් ජීවිතයකි. ළදරු කුමාරයා තරුණ වියට පැමිණ රජ වුවහොත් ඔහුගේ පරම්පරාවටම ලැබෙන සැලකිලි, තනතුරු නම්බු නාම ගැන අනෙක් බිසෝවරු නිතර හමු වී කතා කිරීමට පුරුදු වූහ. අවසානයේ ළදරු වියේදීම කුමාරයා මුතුකුඬේ බිසව සමඟ මරා දැමීමට රහසේ සැලසුමක් සකස් කෙරිණි. ඒ සඳහා තෝරා ගත්තේ වත්තේගම නිවෙසට යන දිනයකි. මෙම සැලසුම දැන සිටියේ බිසෝවරු කිහිපදෙනෙක් සහ ඇමතිවරුන් කිහිපදෙනෙක් පමණි.  

අතිශය රහසිගත අයුරි04-Rasa-p6-8න් ක‍්‍රියාත්මක වූ මෙම කුමන්ත‍්‍රණය ගැන කිසිවක් නොදත් ”මුතුකුඬේ” බිසව රජතුමාගේ අවසරය ලබා ගෙන තම ළදරු කුමාරයා සහ පරිවාර ස්ත‍්‍රීන් සමඟ ලේවැල්ල තොටුපොළට පැමිණියේ ආදරණීය මව්පියන් බැලීමට යාම සඳහා ය. කුමාරයා කැටුව යන බැවින් මෙදින ඇයගේ ආරක්ෂාවට රාජ පුරුෂයන් කිහිපදෙනෙක් ද සේවයේ යොදවා තිබිණි. වර්ෂාව පැවති කාලයක් වන  බැවින් ගෙඟහි ජලය බොර පැහැතිය. දහවල් කාලයේත් රැුහැයි නාදය කන් බිහිරි කරමින් පැතිරෙයි... මව්පියන් අසනීපයෙන් නිසා බැලීමට යා යුතුය... ලේවැල්ල තොටුපොළට පැමිණ සිටින රාජ ¥ත පිරිස තොටියා හඳුනා ගත්තේය..... තොටුපොළ හරහා එගොඩ මොගොඩ ගියේ එක ඔරුවකිනි. සියලූ දෙනම එකවර එගොඩ කිරීමට හැකියාවක් නැත. මේ නිසා පළමුව බිසව, කුමාරයා සහ පරිවාර කාන්තාවන් තුන් දෙනෙක් සමඟ එගොඩ කර දෙවනුව ඉතිරි පරිවාර රාජ ලඳුන්ද, අවසානයේ රාජපුරුෂයන් ද රැුගෙන එතෙර කරන්නම් යැයි තොටියා පැවැසීය... ඒ අදහසට පිරිස එකඟ වූහ.... කතා කර ගත් පරිදි බිසව කුමාරයා සහ පරිවාර කාන්තාවෝ තිදෙනෙක් ඔරුවට නැග වාඩිවූහ. තොටියා ඔරුව එගොඩට රැුගෙන ගියේ ය. ගඟ මැද දී ඔරුව දිය සුළියකට හසු වූ ආකාරයෙන් කැරකෙන්නට පටන් ගත්තේ ය. ගතවූයේ මොහොතකි... ඔරුවේ ගමන් ගත් සියඵ දෙන ගඟට වැටිණි. බිසව කුමාරයා තම ළයට තුරුඵ කර ගෙන ආධාර ඉල්ලා හඬ නැඟුවාය. පෙරඵණු ඔරුව ගඟ පතුළට යනු මෙගොඩ සිටි ආරක්ෂකයෝ බලා සිටියේ කිසිවක් කර කියා ගත නොහැකිව ය. ජලය උතුරා පිටාර යන ගඟට පැන ඔවුන් බේරා ගැනීමට සෙබළුන්ට වේලාවක් තිබුණේ නැත. තොටියා ද පේන තෙක් මානයක දක්නට නොමැත.   

එහා ගං ඉවුරේ ඔරුව පැමිණෙන තෙක් බලා සිටින තරුණයෙකුට ආධාර ඉල්ලා කෑ ගසන කාන්තාවකගේ කටහඬ ඇසිණි. දියේ ගසා ගෙන යන්නේ කවුරුන්දැයි ඔහු දැන සිටියේ නැත.. වහාම ගඟට පැන දියේ පාවී යන බිසව සහ ළදරු කුමාරයා තම පිට මත තබා ගෙන ගං ඉවුරට රැුගෙන ආවේ ය. නැවත ජලයට පැන පරිවාර ස්ත‍්‍රීන් ද බේරා ගත්තේ ය. සාමාන්‍යයෙන් තොටියෙකුට පිහිනා දිවි ගලවා ගැනීමට හැකියාව පැවතිය ද ඔහු දක්නටවත් නොමැත. වහාම මේ බව රජතුමාට දන්වා යැවීය.. රාජපුරුෂයෝ පැමිණ සෝදිසි කළහ. එගොඩට පිහිනා පලා යන තොටියා රාජකීය අසරු හමුදාවට හසුවූයේ ඒ අනුව ය. පසුව සියල්ල හෙළි විය.. අන්තඃපුර ලඳුන්ගේ බලවත් ඉල්ලීම උඩ ලේවැල්ල ගඟ මැද දී ඔරුව ගිල්වා ළදරු කුමාරයා සහ බිසව මරා දැමීමට එකඟ වූ බව තොටියා පාපොච්චාරණය කළේ ය. මෙම අසාර්ථක කුමන්ත‍්‍රණයට හවුල් වූ අන්තඃපුර කාන්තාවෝ හිස මුඩු කර කස පහර දී අන්තඃපුරයෙන් නෙරපන ලදී. මෙයට සම්බන්ධ ඇමතිවරයකු තනතුරෙන් පහකොට දේපළ රාජසන්තක කර හිස ගසා දමා මරණයට පත් කළහ. තොටියා මහනුවර නගරයේ වීදි දිගේ, අත් බැඳ වද බෙර ගසමින් රැුගෙන ගොස් ගෙළ සිඳ මරා දැම්මේ ය.


බිසව සහ ළදරු කුමාරයා ඇතුඵ පිරිස බේරා ගත්තේ උඩදුම්බර මඩුගල්ලේ නම් තරුණයෙකි... ඔහු රජවාසල මහ ගබඩා නිලමේ තනතුරට පත් කර උඩදුම්බරින් නින්දගම් රාශියක් පවරා දුණි....  

පසු කාලයක ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ (කි‍්‍ර.ව. 1707-1739) නමින් කුණ්ඩසාලේ රජු වශයෙන් කිරුඵ පළදින්නේ ගෙඟ් දියේ ගිලී ජීවිතය බේරා ගත් දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගේ මෙම පුත් කුමාරයා ය.  

 


ලේවැල්ල ”රිටිගල” දී රාජසිංහ රජතුමා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය

මෙය සිංහලයේ අවසන් රජතුමා මුහුණ දුන් සිදුවීමකි. සෙංකඩගල රාජධානිය පාලනය කළ රජවරු දළදා මාළිගාව පිහිටි ස්ථානය අසළම මාළිගාවක් සාදා රාජ්‍ය විචාළ හ. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව. 1798-x1815) ද ජල ක‍්‍රීඩාවට කැමැත්තක් දැක්වූ රජෙකි. ඒ සඳහා යාමට පුරුදුව සිටියේ ලේවැල්ල තොටුපොළට තරමක් පහළින් ගං ඉවුරේ පිහිටි ”රිටිගල” නමැති ස්ථානයට ය. රිටක් ආකාරයෙන් පිහිටි ගල් කුළුණ නිසා එයට එම නම ලැබී ඇත. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ”රිටිගල” ට නැඟ ගෙඟහි ජලයට පැන ක‍්‍රීඩා කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. රිටිගලට අඩි කිහිපයක් නුදුරුව ගං ඉවුරේ ”යහන්ගල” නමැති ස්ථානයක් ද තිබේ. ඇඳකට සමාන වන අයුරින් ගලින් නිම කර ඇති බැවින් එයට ”යහන්ගල” යැයි ව්‍යවහාර කෙරේ. ස්නානයට ප‍්‍රථමව රජතුමා යහන් ගලෙහි හිඳ අවට පරිසරය නැරඹීම ද සාමාන්‍ය පුරුද්දකි. දවසක් ස්නානය සඳහා පැමිණි රජතුමා යහන් ගලෙහි හාන්සි වී රිටිගල දෙස බලා සිටියේ ය. ‘‘බත්කූරෙකු” රිටිගල ඉදිරියේ ඇති ජලයේ එකතැන සිටින අයුරු දුටු රජතුමාට මෙය බලවත් ප‍්‍රශ්නයක් වූයේ බත්කූරෙකුට ඒ ආකාරයෙන් එකම ස්ථානයක රැුදී සිටීමට අපහසු බැවිනි. රාජපුරුෂයන්ට ඒ ගැන සොයා බැලීමට අණ කළේ ය... එහිදී දක්නට ලැබුණේ උල් කරන ලද කිතුල් කණු කිහිපයක් ජලයේ සිටුවා ඇති බවත්, ඉන් එක කණුවක් ජලයෙන් තරමක් උඩට මතුව එහි බත්කූරා වසා ඇති බවකි.  රිටිගල ට නැඟ ජලයට පැනීමේදී කිතුල් කණුවල ඇනී රජු ජීවිතක්ෂයට පත් කිරීමේ අදහසින් ඒවා සිටුවා ඇති බව හෙළි විය...  එදා රජතුමාගේ ජීවිතය බේරී ඇත්තේ අනූනවයෙනි... එහෙත් වර්තමානයේ යහන්ගල තණ කොළ සහ පඳුරුවලින් වැසී ගොස් තිබේ.  

 

අභය මුද්‍රාව සහිත විහාර ගෘහයක් තුළ නෙළා ඇති එකම සෙල් පිළිමය ද ලේවැල්ල ගංගාරාමයේ ය.

”යහන්ගල” නාන තොටුපොළට යන පාර වැටී තිබුණේ ලේවැල්ල (එදා තල්වත්ත) ගංගාරාම රාජ මහා විහාරය අසලිනි. මෙය ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයකි. මෙම රාජ මහා විහාරස්ථානයට ”ගංගාරාම” යන නම ලැබී ඇත්තේ මහවැලි ගෙඟන් වට වී ඇති නිසා ය. කි‍්‍ර.ව 1747 වසරේදී පමණ කීර්ති  ශ‍්‍රී රාජසිංහ රජතුමා විසින් බොහෝ පැරණි වෙහෙර විහාර ප‍්‍රතිසංස්කරණය කිරීමේදී ගංගාරාම රජ මහා විහාරයේ කළු ගලකින් රියන් දහ අටක් (18) ක් උස අභය මුද්‍රාව සහිත ශෛලමය බුද්ධ ප‍්‍රතිමාවක් නිර්මාණය කර තිබේ. සෙංකඩගල රාජධානියේ විහාර ගෘහයක් තුළ නෙළා ඇති එකම සෙල් පිළිමය මෙය වන අතර, මුහුණ, අත්, පාවල රත‍්‍රන් ආලේප කර තිබීම ද විශේෂත්වයකි. අභය, සමාධි, භූමි, ස්පර්ශ, විතර්ක, වරදාන සහ ධර්මචක‍්‍ර යනුවෙන් මුද්‍රා කිහිපයකි. මේ අතුරින් ”වරදාන” මුද්‍රාව ශ‍්‍රී ලංකාවේදී දක්නට ලැබෙන්නේ අඩුවෙනි. පොලොන්නරුවේ ගල්විහාරයේ ”පාරදුක්ඛ දුක්ඛ ලක්ඛණ මුද්‍රාව” දක්නට ලැබෙන අතර, මෑතකදී හතරලියද්ද වැලිකන්ද විහාරස්ථානයේද මෙම මුද්‍රාව සහිත බුද්ධ ප‍්‍රතිමාවක් නෙළා ඇත. ඉන්දියාවේ ”ඉඳි” බුද්ධ ප‍්‍රතිමාවල ”අභය” මුද්‍රාව තිබෙන අතර, ලංකාවේ හිටි බුද්ධ ප‍්‍රතිමාවල පමණක් මෙය දක්නට ලැබේ.

මෙම ශෛලමය බුදුන් වහන්සේගේ සිවුර නිර්මාණය කර ඇත්තේ දිය ඇල්ලක් ගලන ආකාරයෙනි. රැලි තරමක් ලොකුය. රතු වර්ණය භාවිත කර තිබේ. අනුරාධපුර යුගයේ සිවුරේ රැලිවල ප‍්‍රමාණයට වඩා කුඩා ය. දකුණු ඉන්දියානු ආභාෂය මෙහි ඇති බව බොහෝ දෙනෙකුගේ මතය වේ. ප‍්‍රතිමාවේ ශාන්ත බවක් දක්නට නොලැබේ. භයානක ගතියක් දක්නට ලැබේ. ශෛල ප‍්‍රතිමාවේ නේත‍්‍ර ප‍්‍රතිෂ්ඨාපන මංගල්‍ය ශක වර්ෂ 1674 (කි‍්‍ර.ව. 1752) පොසොන් මස පුර අටවක සඳු දින සිදු කළ බව ද, එහි සන්නස පිළිගැන්වීමේ පිංකම සඳහා රිදී කාසි දහසය දාහක් වියදම් කර ඇති බවත් සඳහන් ය.

ශෛලමය බුදුන් වහන්සේගේ වැඩහිඳින බුදු ගෙය තුළ සහ පිටත බිතු සිතුවම් නිර්මාණය කර ඇත්තේ සිනමාපටයක් ආකාරයෙනි. අභිනිෂ්ක‍්‍රමණයේ සිට පරිනිර්වාණය දක්වා තොරතුරු එහි අඩංගුය. සිදුහත් කුමරු උයන් කෙළියේ ගිය ආකාරය, සුජාතා දේවිය සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට කිරිපිඬුදානය පූජා කිරීම, තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයන් විසින් ගෞතම බුදුරජාණන් වහන්සේට විළද මීපැණි පිළිගැන්වූ ආකාරය, බුදුන්වහන්සේට බිම්බිසාර රජතුමා හමුවීම, නාලාගිරි දමනය ආදී සිතුවම් රාශියකි. බුදුරජාණන්වහන්සේ අවස්ථා තුනකදී ලංකාවේ දහසය (16* ස්ථානයකට වැඩිය සේක. එම ස්ථාන මෙහි සිතුවම් කර තිබේ. මෙම විහාරස්ථාන වහළයේ ලියවැල්, නෙඵම්පෙති, පලාපෙති ආදිය භාවිත කර අලංකාර වියනක් නිර්මාණය කර ඇත. එය මහනුවර දළදා මාළිගාවේ ඇති වියන හා සමාන ලෙස සාදා තිබීම විශේෂත්වයකි. ලී කොට භාවිත කර ඒ මත චිත‍්‍ර ඇද තිබේ. විහාරස්ථානයේ ඇතුළත බිත්තියේ කොකු පේලි දෙකක් ඇත. ඒ අයුරින් කොකු එල්ලා ඇත්තේ තිර ඇදීමට හෝ විදුලි ලාම්පු එල්ලීම සඳහා ය. විහාරස්ථානයට ජනේල නොමැති අතර එක දොරක් පමණක් තිබේ. එහි පියන් දෙකකි. පිටපැත්තේ (එළියේ* සිට බලන්නෙකුට විහාරස්ථානය තට්ටු දෙකක මන්දිරයක් ලෙස දිස්වේ. එහෙත් සැබවින්ම ඇත්තේ එකකි.

විහාරස්ථානය සෑදීමේදී ගල් කණු 18 ක් මත පළමු වහළය ඉදි කර ඇත. විහාරස්ථානයේ පිට පැත්තේ ඇති චිත‍්‍ර දීර්ඝ කාලයක් හුණු බදාමවලින් වසා තිබිණි. එයට හේතුව වශයෙන් පෙනී යන්නේ පසු කාලයේ සෙංකඩගල පුරවරයට පැමිණි විවිධ ආක‍්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එසේ කළ බවය. මෙය දළදා මාළිගාවට අනුබද්ධ විහාරයක් වන බැවින් තේ්වාව සිදු කරයි. එය මහනුවර යුගයට ආවේණික ලක්ෂණයකි. විහාරස්ථානයට ඇතුලූවීමට දොරටු සතරකි. එහි ගල් පඩිවලට පහතින් ති‍්‍රකෝණාකාර සඳකඩ පහනකි. අනුරාධපුර යුගයේ සඳකඩ පහන අඩසඳක හැඩය ගත්තකි. මෙම සඳකඩ පහනෙහි ඇත්, අස්, සිංහ, ගව ආදි සතුන් නෙළා නැත. දෙපසින් ලියවැල් ද මැද පියුම තරමක් උසින් ද, ඉර හඳ සංකේතවත් කර තිබීම ද තවත් විශේෂත්වයකි.  තේවාව පැවැත්වීම සඳහා විහාරය ඉදිරියෙන් මඟුල් මඬුවකි. එය දැව භාවිත කර සාදා ඇත. මෙම විහාරස්ථානයේ විශාල බෝධියකි. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු අනුරාධපුරයෙන් වැඩම කළ බෝධීන් වහන්සේලා සතර නමගෙන් එක් බෝධියකි. ගංගාරාම විහාරය සතුව ශිලා ලේඛනයක් ද තිබේ. එහි විහාරය නඩත්තු කිරීම සඳහා අමුණු 83 ක ගම්බිම් පූජා කර ඇති බවත්, ඒවා බදු දී ඇති ආකාරය සහ බදු ගෙවිය යුතු ආකාරයත්, බදු නොගෙවන්නේ නම් ඔවුන් කාක, පේ‍්‍රතාදීන් වී ඉපදේවා යනුවෙන් වූ ප‍්‍රාර්ථනයක් ද එහි දැක්වේ.

ගංගාරාමය මල්වතු මහානායක ස්වාමින් වහන්සේගේ පදවියට හිමි වන විහාරස්ථානයක් වන බැවින් යුගයෙන් යුගයට මෙහි භාරකාරත්වය වෙනස් වේ. වර්තමානයේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භාරයේ පවතී.                 

ස්තුතිය - මහනුවර, ලේවැල්ල ගංගාරාම විහාරවාසී ශාස්ත‍්‍රවේදී, දේශක මඩාටුගම සෝරත හිමි, ගංගාරාම විහාර භාරකාරත්වය දරන මහනුවර සංඝරාජ පිරිවෙනේ පරිවෙනාධිපති නැහිනවල පියදස්සී, විහාරාධිකාරීත්වය දරණ සිිරිමල්වත්තේ ආචාර්ය ශාස්ත‍්‍රපති වටපාන සරණංකර යන නායක ස්වාමීන් වහන්සේලාට.


m



අදහස් (0)

ලේවැල්ල තොටුපොළේ දී මුතුකුඩේ බිසවට එරෙහිව කළ කුමන්ත‍්‍රණය

රුචිර Tuesday, 14 October 2014 03:26 PM

ඉස්සර ඉඳලම අපේ රටේ මිනීමැරුම්, පාවාදීම්, කුමන්ත්රණ, සුලබව තිබිලා තියන හැඩය දැන්වත් මෙම තත්වය වෙනස් කලයුතුයි.(හේ)

:       0       0

උදය Thursday, 27 November 2014 07:33 AM

ඉතාම වැදගත් වටිනා ලිපියක්. මෙවැනි ලිපි තවත් පල කරන්න. (නදී)

:       0       0

අජිත් Thursday, 09 October 2014 02:25 PM

ඉතාම වටිනා ලිපියක්. දැන් මට පොඩි සැකයක් තියෙනවා ජැක්සන් මහතාගේ මේ දිනවල යන ටෙලි නාටකය ගැන එහි යම් යම් දෝස තිනෙනවා කියා. මෙය මගේ මතය. *නදී)

:       0       1

ඩිලාන් Friday, 10 October 2014 11:45 AM

ඉතිහාස කතා චිත්‍රපට ටෙලි නාට්‍යගත කරනවිට ඉතා ප්‍රවේශමෙන් කළයුතුයි යන්න මගේ අදහසයි. ඇතැම් විට ඉතිහාසයේ නොවුණ චරිත පවා ඒ කතා වලට එක්කිරීමට යාමෙන් නොදැනුවත්වම ඉතිහාසය විකෘති විය හැකි නිසා. (නි)

:       0       0

රූපවති Saturday, 11 October 2014 01:44 PM

ගොඩාක් ආසාවෙන් කියෙව්වා ලස්සන වැදගත් වටිනා මනසින් අපේ ඉතිහාසයට කැදවාගෙන ගිය අපුරු ලිපියක්..අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට ඉතා වටිනා සිහි කිරීමක් .(හේ)

:       0       0

සඳුනි Friday, 10 October 2014 04:14 PM

අජිත්.. ඩිලාන්..ඔයාලගේ අදහස් නිවැරදියි. ඉතිහාසය මත පදනම් වූ බොහෝ කතාවල යම් විකෘතිතාවයන් තිබුනා. ටෙලි නාට්‍ය හා සිනමාව ප්‍රබල මාධ්‍යයන්. ප්‍රශ්නය තියෙන්නේ මේවා ළමා පරපුර සැබෑ ඉතිහාසය සේ කල්පනා කිරීමයි. විද්වත් මණ්ඩලයක පරීක්ෂාවට මේවා ලක් වෙන්නේ නැද්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 138 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 796 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1322 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 182 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 417 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 585 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site