IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි

මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන ලක් මාතාවට ගෞරවයක් අභිමානයක් ගෙනදෙමින් කියූ කතාවකි. ඇත්තෙන්ම මේ රුවැන්තිය කවුරුන් ද?

ඇමෙරිකාවේ ලාස් වේගාස්හි දී රටවල් 40ක රූමතියක් සමඟ කරට කර තරග කරමින් ‘‘2024 ලෝක විවාහක රූ රැජින‘‘තරගාවලියේ අනුශූරතාවය හිමිකරගෙන ලක්මවට කීර්තියක් ගෙනා ඉෂාදි අමන්දාය. නිරහංකාර, ක්‍රියාශීලි, උගත් තැනැත්තියක වන ඇය ‘‘රසවින්දන’’ හමුවේ කතාබහ කිරීමට කැමැත්තක් දැක්වූයේ ඉතාම කාර්ය බහුල තත්වයක සිටිද්දීය. එයට ගරු කරමින් මේ විවාහක රුවැත්තිය සමඟ අපේ කතාබහ ආරම්භ කෙළෙමු.

♦ ආපස්සට හැරී බලද්දී ඔයාට සිතුන ද කවදාහරි මෙහෙම තැනකට එන්න පුළුවන් වෙයි කියලා.

ඇත්තටම මම කවදාවත් සිතුවේ නෑ. මෙහෙම තැනකට එන්න පුළුවන් වෙයි කියලා. හීනයක් වගෙයි. පළමු දවසේ ලංකාවට ඇවිත් ඊළඟ දවසේ ආපස්සට හැරි බලද්දී මම ඇත්තටම සිතුණා හිනයක් මේ කියලා. හැබැයි මම සිතුවා කවදාහරි ලංකාවට දෙයක් කරන්න වෙයි. මාගේ ටැලන්ට් එකෙන් කියලා. හැබැයි මෙච්චර දෙයක් කරන්න පුළුවන් වෙයි කියා සිතුවේ නෑ.

♦ ඉෂාදි කියන්නේ කොයි විදිහේ චරිතයක් ද?

ගොඩක් අවංක, ගොඩාක් ආදරේ ලබන සහ ආදරේ දෙන්න පුළුවන් ශක්තිමත් චරිතයක් කියලා තමයි ඉෂාදි කියන්නේ.

♦ පාසල් කාලයෙ දී ඔබේ ජීවිතය ගත කලේ කොයි ආකාරයට ද?

ලංකාවේ මම පාසල් ගියේ වසර 4ක් විතරයි. ඒ කාලේ ලොකු මානයක් නෑ. මාත් එක්ක හිටිය යාළුවොත්. ගුරුවරු ගැනවත් මට එහෙම ලොකු මතකයක් නෑ. මම ක්‍රීඩා කළ බව ටිකක් මතකයි. ඒ පැත්තට මම දක්ෂයි කියලා මතකයි. ලොකු මතකයක් එහෙම නෑ. ප්‍රංශයට ගියාට පස්සේ පාසල් කාලයේදී මට ටිකක් අමාරු වුණා. මොකද ඒ රටට හැඩ ගැස්වෙන භාෂාව අඳින පළදින විදිහ ඒ සංස්කෘතිය ලංකාවට වඩා ගොඩක් වෙනස් නිසා මම ටිකක් අමාරු වුණා. අනෙක් එක මගේ ඥාතීන් ගොඩක් හිටියේ මෙහේ. මට අමාරු වුණා. ඒත් අමාරුවෙන් හැමදේම බැලන්ස් කරගෙන ගියා.

♦ ඔයා උපාධිධාරිනියක් අධ්‍යාපනය හැදෑරුවේ ඔයා යම් ඉලක්කයකට ද?

ඇත්තටම මම ගොඩක් වෙලාවට සිතන දෙයක් තමයි පොතේ පතේ ඉගෙනීමෙන් පමණක් ඉදිරියට යන්න බැහැ කියලයි. මම උසස් පෙළ කරලා පාසල් යන එක නැවැත්තුවා. මම රැකියාවක් කරන්න පටන් ගත්තා. අවුරුදු ගණනාවක් එක එක විදිහේ රැකියා කළා. රැකියාවක් කරන්න මම පටන් ගත්තේ අවුරුදු 16දී. එතකොට මම හැම විදිහේ රැකියාවක් කළා. මටම සල්ලි හම්බ කරන. අත්දැකීමට ගන්න මම වැඩ කළා. ඊට පස්සේ මම ආපහු ඉගෙන ගන්න පටන් ගත්තා.

ඇත්තටම මම උපාධිය කළේ විවාහ වුණාටත් පස්සේ මොකද එතැනට මට හොඳ දැනීමක් තිබුණා. හරි දේ වැරැදි දේ තෝරා ගැනීමේ අත්දැකීමේ අත්දැකීම් තිබුණා. මම යන්න ඔනේ මොන පැත්තෙන් ද කියා මට වැටහුණා. ඒ නිසා මාකටිං හා මැනේජ්මන්ට් පැත්තෙන් තමයි මම උපාධිය කළේ. ඉතිං මම හිතන්නේ ඩ්‍රිගි එකක් තියෙන එක හොඳයි. හැබැයි අත්දැකීම්, පළපුරුද්ද තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒයින් තමයි කෙනකුගේ පාර්සල් නම් එකක් එන්නෙත්. හැදෙන්නෙත් සමාජ ජීවිතයේ දී ඒ හින්දා මට සමාජයේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිහ හැසිරෙන විදිහ සියල්ල හොඳටම දන්නවා.

මම දන්නේ නෑ. කොහෙන්ද ඒ ශක්තිය ආවේ කියලා. පොඩි කාලයේ ඉදලම මම අම්මටයි තාත්තටයි කිව්වා ජොබ් එකක් කරන්න ඕනෑ කියලා. ඒ අය මට ඒකට ඉඩ දුන්නා. ඉතිං පාරේ සීතලේ කොළ බෙදලා තිබෙනවා. ඇඳුම් විකුණන කඩේකට. බේබි විසිං කරලා තිබෙනවා බබෙක් බලාගන්න. පොඩි කාලෙම ඉදලා මට මගේම නිදහස් ජීවිතයක් ගත කිරීමේ වුවමනාවක් තිබුණා. ඉතිං ඒ අතින් මම අම්මලාටත් ගොඩක් උදව් කළා. ඒ අයත් වෙන රටකට ගිහින් දරුවෝ ?????දන්නෙත් විදිහට හරි අමාරුවෙන් ගත කළේ. හැමදේටම මම එයාලට උදව් කළා.

භාෂාව වෙනස් ඉංග්‍රීසි කතා කරනවා වගේ නොවෙයි. අම්මලාට අමාරු වුණා. ඒ භාෂාව ඉගෙන ගන්න. ඒ හැම දේකටම මම උදව් කළා. ඔවුන්ට අම්මලාට විතරක් නොවෙයි ඒ වටේ හිටිය අයටත් ලියුම් ලියලා මට පුළුවන් හැම උදව්වක්ම කළා. මම ඉක්මනටම ජීවිතය ගැන ගොඩක් ඉගෙන ගත්තා. පොළොවේ පය ගහලා ඉන්න විදිහ ඉක්මනින් ඉගෙන ගත්තා.

♦ ඔයා ප්‍රංශයේ ඉදලා දරුවා හා පවුල අතහැරලා ලංකාවට ඇවිත් මේ තීරණය ගත්තේ. ඒක කොහොමද වුණේ.?

ඒ තීරණය ගොඩක් අමාරු වුණා ගන්න. මොකද පුතාට අවුරුදු 4යි. ගොඩක් කල්පනා කරලා. මේ තීරණය ගත්තේ. ඒකට මගේ හස්බන්ඩ්ගේ සහයෝගය ලැබුණා. එයා කිව්වා, ඔයා යන්න මම බලාගන්නම් කියලා. ඒ වගේම මගේ යාළුවොත් කිව්වා ඔයා යන්න අපි බබා බලාගෙන හස්බන්ඩ්ව වුවමනා වෙලාවට උදව් කරන්නම් කියලා. යාළුවෝ වගේම මලේ මල්ලි. අම්මා, තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා එහේ වැඩවල දී. මම බයත් නැතුව මෙහෙට ආවා. ඒ ගොල්ලො ඒ අය බලාගන්න ගිහින්. ඒත් ලොකු බයක් එක්ක මෙහේ ආවේ. මම මෙහේ ජීවත්වුණු කෙනෙක් නොවෙයි. ඒ දේවල් ගැන පොඩි බයක් එක්ක තමයි ආවේ.

♦ ලංකාවේදී විවාහක රූ රැජින වෙන්න අදහසක් ආවේ කොහොමද ? මීට කලින් විවාහයට පෙර ඔයා රූ රැජින තරගවලට ඉදිරිපත් වුණේ නැද්ද?

තිබෙනවා. 2009 දී ‘මිස් සවුත් එෂියා’ තරගයේ දී ජයග්‍රහන හිමිකරගෙන තිබෙනවා. ඊටත් පස්සේ තව තරගාවලියකට සහභා වුණා එදා ඉදලා මම ඒ පැත්තට හුරුයි. මම ‘මිස් ශ්‍රී ලංකා’ කරන්න තමයි පවුලේ කට්ටිය හා ගොඩක් දෙනා කිව්වේ. ඒත් මට ඒක කරන්න කාලය හා වුවමනාව තිබුණෙත් නෑ. අනෙක් එක විවාහ වුණාට පස්සේ මවක් වුණාට පස්සේ ගොඩක් මම ගැන තෙරුම් ගත්තා. ඉතිං මට මා ගැන ආත්ම විශ්වාස වැඩි වුණා. ඒ විශ්වාසයක් එක්ක දැන් තමයි හරිම කාලය කියලා සිතුවා. මගේ ලස්සන ශක්තිමත් හා ආත්ම විශ්වාසය එකතුවෙලා මෙවැනි දෙපයට මුහුණ දෙන්න. ඒ නිසයි මම විවාහ රූ රැජින තරගයට ඉදිරිපත් වුණේ.

♦ ලෝක විවාහක රූ රැජින තරගයට ගිය විට දී ඔබට රටවල් 30ක් එක්ක තරග කරද්දී මොක ද සිතුණේ ?

ලංකාව කුඩා රටක් වුණත්, අපි කොච්චර ඉදිරියෙන් සිටිනවා ද කියලත් මට සිතුණා. මොකද මා එයට ගියේ හොඳ පුහුණුවක් ඇතුවයි. මට ඇත්තටම අඩු වුණේ කාලය විතරයි. කාලය මට තිබුණා නම් මීට වඩා ලොකු තැනක් රටට අරන් දෙනවා. කාලය අඩුකම විතරයි අඩුපාඩුව. නැත්නම් මට හොඳ පුහුණුවක් රුක්මාල් සර්, තාරක සර්, චන්දිමාල් සර් එකතුවෙලා ලබා දුන්නා. ලංකාව ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. මේ තරගවල ඩිසයින් පැත්ත බලද්දී ලංකාවේ නිර්මාණය කළ ඇඳුම්, ජුවලරි මට ලබා දුන්නා. මේ තරගයට යන්න ලොකු සහයෝගයක් ඒ අය මට ලබා දුන්නා. ඒ දේවල්වලින් මුල ඉදලම මම තරගාවලියේ හොඳට විස්තර කළා.

විනිශ්චය මණ්ඩලයේ අයටත් මා දැනෙන්න ගත්තා. ඒ විතරක් නොවෙයි අනෙක් තරගකාරියන්ටත් මම හොඳ තරගයක ඉන්නේ කියලා දැනුණා. මොකද මට ඒක දැණුනා. සමහරු ඇවිල්ලා කිව්වා ඔයා තමයි වින් කරන්න ඕනේ කියලා. ඒ වගේ අයත් එතන හිටියා.

♦ අවසාන තරගකාරියන් 6 දෙනාට, අවසාන දෙදෙනාට එනවිට ඔයාගේ හදවත ගැහෙන්න ඇති නේද?

ඔව්, මම අන්තිම හය දෙනාට එයි කියලා ෂුවර් එකේ තිබුණා. හොඳ තරගයක් තිබුණා. අන්තිම තිදෙනාටත් එයි කියලා මට විශ්වාසය තිබුණා. මට තිබුණු එකම බය මම දිනයි ද කියලා ඇත්තෙන්ම ඕනෑම තරගයක විනිශ්චය මණ්ඩලය කියන්නේ එක එක විදියට ලස්සන දකින අය. අනක් එක එයාලා මුල ඉදලා එතන නෑ. ඒ සම්බන්ධයෙන් තමයි මම බයවෙලා හිටියේ. මම අන්තිම 3 කියද්දී මම ජයග්‍රහණය වෙයිද කියන සිතුවිල්ලේ තමයි හිටියේ.

♦ කාන්තාවක් විදිහට ඔයා එඩිතර ලෙස මුහුණ දී මේ තරගය ජය ත්තේ. ඒ ආත්ම විශ්වාසය ලාංකිය කාන්තාවන්ට හොඳ උත්තේජනයක්. ඇත්තටම ඒක ඔබට දැනුණේ කොහොමද?

මම සමාජය ගැන හොඳට තේරුම් ගත් කෙනෙක්. මම හොඳට මිනිස්සු අඳුරගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. මගේ ජීවිතය අත්දැකීම් එක්ක ඒ ආත්ම විශ්වාසය ඇවිත් තිබුණා. මම කවුද කියලා මුලින් හඳුනාගෙන තිබුණා. මම මොනවගේ කෙනෙක්ද? මිනිස්සු මොන වගේද මම දන්නෙ කියන ඒ දේවල් සම්බන්ධව හොඳ දැනුමක් හා විශ්වාසයක් තිබෙනවා. මම හොඳට දන්නවා. ඇතුළාන්තයෙන් මම මොනගේ කෙනෙක්ද කියලා. හැම තිස්සෙම මම කියන දෙයක් තමයි ලස්සන තිබෙන්නේ එළියට පේන දෙයක් නොවෙයි. කොච්චර මුහුණවල් හැදුවත්, ඇඟවල් හැදුවත් වෙනස්වලින් ඒ ආත්ම ශක්තියවත් ඒ දේවල් එන්නේ නෑ. ඒ දේවල් එන්නේ තමන් කවුද? තමාගේ ඇතුළාන්තයෙන් මොන වගේ කෙනෙක්ද? හොඳ කෙනෙක්ද කියලා දන්නවානම් පමණයි.

♦ මින් පසු ඔයාගේ ගමන් මඟ කෙබඳු එකක් වේවිද?

පළමුවැනි දේ මට මගේ කියලා බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕනේ. ඉතිං ඒ දේවල්වලට මහන්සි වෙනවා. මටම ආවේනික ඉමේජ් එකක් තිබෙනවා. මට සමාජ මාධ්‍ය තිබෙනවා. ඒක ලොකු ශක්තියක්. එයට මහන්සි වෙනවා. ඊට අමතරව රඟපාන්න හොඳ නිර්මාණයක් ලැබුණොත් කරන්න ආසයි. ඒ දේ ලැබෙන තුරු මම ඉගෙන ගන්න ඕනේ. රංගනය පිළිබඳව ඉස්සර මම පොඩි දේවල් කිහිපයක් කළා. ඒ තරම් අවබෝධයක් නැතිව සමාජ මාධ්‍ය හරහා මට බ්‍රෑන්ඩ් එක්ක වැඩ කරන්න පුළුවන්. මම ආසයි රටවල්වලට ට්‍රැවල් කරන්න. මගේ තිබෙන දක්ෂතාවලින් හරි මම ආස කරන අය හබ්බවෙන්න ආසයි. මේ කිරුළත් එක්ක එය ලැබෙයි. කියා හිතනවා. ට්‍රැවල් කරන එකේ හොඳ අත්දැකීමක්.

ඉදිරියේ දී මා දන්නා දේ මගේ ෆර්සනැල්ටි එකට අනුකූලව මට ලැබෙන ව්‍යාපෘතිවලට දායක වෙනවා. ලංකාව නියෝජනය කරන්න සංචාරක කර්මාන්තය වෙනුවෙන් ලංකාවට දෙයක් කරන්න පුළුවන් නම් මම සතුටු වෙනවා. මම හිතනවා ලංකාව ගැන කියලා මම ලංකාව වෙනුවෙන් කළ දැයට, ඒ වගේ තැනක් මට ලබාදෙයි. කියලා ලංකාව වෙනුවෙන් පෙනී සිටින්න.

♦ මේ පුංචි රට ගැන අද දවසේ දී ඔහුට මොකද හිතෙන්නේ ?

මට ඇත්තටම තේරුණා. මේ පුංචි රට කොච්චර ශක්තිමත්ද කියලා මට ලැබුණු ප්‍රතිචාර සහයෝගය කොච්චර ශක්තිමත්ද කියලා මට ඉදිරියට යන්න කියන එක දැනුණා. පිටරටක අපි හිටියත්, කොච්චර ඈතක හිටියත් මට පුළුවන් වුණා. අපේ රට වෙනුවෙන් මහන්සිවෙලා ඒ ජයග්‍රහණය කරගන්න. ඒ රටවල්වල ඉන්න අප මට උදව් කළා. රටක් විදිහට අපි හරි ශක්තිමත් මොන දෙයම මුහුණ දුන්නත්, මොන දේ ඇවිල්ලා ඈත් වුණත් රණ්ඩුවුණත්, රටක් විදිහට අපි ලංකාවට ආදරෙයි. ඉතිං ඒත් මට හොඳට දැනුණා. මගෙන් ගොඩක් කට්ටිය එකමුතු වුණා. මේ කිරුළෙන් එකතු වුණ පිටරටවල සිටින සියලු ලාංකිකයන්. ඒ වගේම ජයග්‍රහණයේදීත් පරාජයේදීත් අපි රටක් විදිහට එකමුතු වෙමු කියලයි මා ඉල්ලන්නේ.

කලාව ජීවිතය පිළිබඳව ඔයාට දැන් මොක ද හිතෙන්නේ ?

කලාව ගැන කිව්වොත් රඟපාන අප කරන්නේ ලොකු කැපවීමකින් පොඩි කාලයක් මම රඟපාද්දී මම ඒ අත්දැකීම ලබා ගත්තා. ඉතිං අපි ඒ කලාවට ගරු කරන්න ඕනේ. මොක ද ගොඩක් වෙලාවට අපේ ජීවිතයේ ප්‍රශ්න අමතක වෙන්නේ නාට්‍යයක්. චිත්‍රපටයක් බලලා ඒ අයට අපි තැනක් දෙන්න ඕනේ. ඒ අයට යම් දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි කියා සිතනවා. සමාජ මාධ්‍යවලින් අද රඟපාන නළු නිළියන්ට හොඳ ලබාගන්න පුළුවන්. හොඳ ආදායක් ලබාගන්නත් පුළුවන්. කලාව කියන්නේ හරිම ලස්සන දෙයක්. සමහර මිනිස්සු කලාවටම මහන්සිවෙලා මැරිලා යනවා. ඒ අයට කලාව දැනෙන්නේ පිහිටන්නේ හරිම පුදුම දෙයක් විදියටයි. මම ඒ අය ආශ්‍රය කරලා තිබෙනවා.

ජීවිතය දෙස බැලුවොත් මම කියන්නේ තමන්ට කුමක් හෝ අරමුණක් තිබිය යුතුයි කියලයි. ඒ අරමුණ කරන අපි ශක්තිමත් වෙලා හරි මිනිස්සු එකතු කරගෙන යන්න පුළුවන්. ඔක්කොටම ඉස්සෙල්ලා තමා, තමා ගැන දැන ගන්න ඕනේ. තමන්ගේ වපසරිය තමා වටේ ඉන්න අය ගැන දැනගත යුතුයි. තමාගේ එනර්ජි එක තමා වෙනුවෙන් දැම්මොත් අනෙක් අයට කරදරයක් නොවෙන විදිහට ඉදිරියට යන්න පුළුවන්. මම මගේ ශක්තියෙන් මේ දේ කළා. අද වනතුරු මගේ සමාජ මාධ්‍යවලින් කාටවත් කිසිම දෙයක් කියලා නෑ. විවේචන කරලා නෑ. පුළුවන් තරම් මම ඒ දේවල්වලින් ඈත්වෙලා ඉන්නේ.

කතාබහ කෙළේ

සමන්ත යහම්පත්.

 

 



අදහස් (0)

ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි
2025 පෙබරවාරි මස 07 979 0

මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන


සහල් පිළිවෙතේ විකෘතිය
2025 පෙබරවාරි මස 07 59 2

ආණ්ඩුව දිගින් දිගටම බත පිළිබඳ ගැටලුව අනා ගනිමින් සිටින බව පෙනේ. සහල් ප්‍රශ්නය අනාගත් ආණ්ඩුව දැන් වී ප්‍රශ්නය ද එසේ වන තැනට කටයුතු කරමින් සිටී. පසුගිය බද


USAID සහාය ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ඉරණම
2025 පෙබරවාරි මස 06 506 0

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Age


සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 70ක් වතුරේ
2025 පෙබරවාරි මස 06 163 1

“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ”‍ යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක්


වාහන ආනයන සීමා ලිහිලේ හොඳ නරක
2025 පෙබරවාරි මස 06 104 0

වාහන ආනයන සීමා වසර පහකට පසු ලිහිල්වී මෙම මස පළමුවැනිදා සිට වාහන ආනයනයට අවසර ලැබී තිබේ. එය රටේ ආර්ථිකයටත්, විවිධ ක්ෂේත්‍රවලටත් අංශ කිහිපයකින් බලපාන කාර


ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය
2025 පෙබරවාරි මස 05 1884 0

හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 99 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 811 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 756 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site