IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ලේ උරාබොන යකින්න

මොනරාගල ප‍්‍රදේශයේ සුන්දර ගම්මානයකි. මෙහි උක් වගාව ජීවනෝපාය කරගත් එක්තරා පවුලක් වාසය කරයි. ජේමිස් මහත්මයාත් ඔහුගේ බිරිඳත් ළමයින් 7 දෙනාත් එම පවුලේ සාමාජිකයෝ වෙති. කෙසේ හෝ නොවිඳිනා දුක් විඳිමින් ළමයින් ටික උස් මහත් කළෝය. කිසිම දරුවකු හරිහැටි අධ්‍යාපනය නොලැබූ අතර නිසි වයස වන විට විවිධ වෘත්තීන් ඉගෙන ගෙන ඔවුහු විවාහ වූහ. අවිවාහකව සිටින්නේ බාලම දරුවා වන සෝමලතා පමණි. ඇය බැලීමට මනමාලයන් කොතරම් පැමිණියද කිසිම එකක් හරියන්නේ නැත. මේනිසා ජේමිසුත් බිරිඳත් හිටියේ තරමක් සිත් තැවුලිනි. දැන් සෝමලතාගේ වයස අවුරුදු 39කි. ඇයට ද ඇගේ ජීවිතේ එපා වී ගොසින්ය. සෑම වෙලේම කලකිරීමෙන්, දුකෙන්, එපා වීමෙන් කල් ගෙවන්නීය. හිතට කිසිම සතුටක් නොදැනෙයි. මේ ප‍්‍රශ්නය ගැන සිතමින් සෝමලතාගේ මවද විඳවයි. මේ කාලයේම සෝමලතාගේ මවද රෝගාතුර වූවාය. කාලයක් තිස්සේම තිබෙන ඇදුම රෝගය දැන් උත්සන්න වී ඇත. රෝගය අඩු පැත්තට නොයන නිසා ඇය රෝහල් ගත කෙරිණි. දරුවන් සියලූ දෙනා මව බැලීමට පැමිණියෝය. නමුත් සෝමලතාට ඒමට ලැබුනේ නැත. මන්ද ළඟම ඥාතියකුගේ මංගල උත්සවයකට තම නිවස නියෝජනය කිරීමට යාමට සිදු වූයේ මැයට වීමයි. දවල් දවසේ මඟුල් ගෙදර ගිහින් හැන්දෑවට අම්මා බැලීමට රෝහලට යාමේ අදහසිනි. නමුත් හවස 2.30ට පමණ අම්මා මෙලොවින් සදහටම සමුගත්තාය. මේ පුවත ඇසූ සෝමලතා එක්වරම සිහිසුන් වූවාය. අවසාන මොහොතේ තමාට ළඟ සිටීමට නොහැකි වීම ගැන ඇය මහත් සේ කම්පා වූවාය. සියලූ දෙනාගේ මැදිහත් වීමෙන් මළ ගම අවසන් කළේය. මව නැති ශෝකයත් මත සෝමලතා තව තවත් මනසින් ඇද වැටුණි. පාලූව හුදෙකලාව තව තවත් වැඩි වන්නට විය. මෙලෙස කලක් ගත වන විට සෝමලතාට මනමාලයකු හරියාගෙන එන ලකුණු පෙනෙන්නට විය. ඔහු වෘත්තියෙන් කම්කරුවෙකි. නමුත් එය සෝමලතාට ප‍්‍රශ්නයක් නැත. තමාගේ කරුම කාලය ඉවරයි ලෙස සිතමින් සිත සතුටු කර ගත්තාය. මාස කීපයකට පසු සෝමලතා එම පුද්ගලයා සමග විවාහ වූවාය. මෙලෙස විවාහයෙන් පසු සෝමලතා සැමියා සමග මහ ගෙදරම පදිංචි වූහ. ඔවුන්ට ළමයින් 3 දෙනෙකි. දරුවන් හදා වඩාගෙන ඉන්නට හැකි වූයේ වසර කීපයක් පමණි. සෝමලතාගේ ස්වාමියා සෝමලතා සමග විරසක වී නිවසින් යන්නට ගියේය. සෝමලතා දරුවනුත් සමග නැවතත් තනිවූවාය. කෙසේ හෝ දරුවන් රැකබලා ගතයුතු නිසා සෝමලතා නිවසක වැඩ කරන්නට ගියාය. ඇයගේ සැමියා සෝමලතාට තියා දරුවන්ටවත් කිසිම උදව්වක් කරන බවක් නැත. කෙසේ හෝ වෙර දරා ළමයින් ලොකු මහත් කිරීමට සෝමලතාට හැකි විය. දැන්  ඉතින් ළමයින්ට තනි තනිවම වුවත් ජීවත් විය හැකියි සිතූ සෝමලතා දෙවතාවක්ම ජීවිතය නැති කරගන්නට උත්සාහ දැරුවාය. දරුවන්ගේ මැදිහත් වීමෙන් ඒවා මඟහරවා ගැනුණි. මෙලෙස ගත වූයේද ටික දිනකි. සෝමලතා එක්වරම සිහිනැතිව ඇදන් වැටුණි. නිවසේ සිට දරුවකු මැදිහත් වී පවන් ගසා මූනේ වතුර ගා ටික වේලාවකින් සිහිය ආවේය. සෝමලතා පවසන්නේ සිදුවූ කිසිවක් ඇය නොදන්නා බවයි. දින කිහිපයකට පසු යළිත් ඇයට සිහිය නැතිවිය. දැන් මේ ආකාරයට දවසට කිහිපවරක්ම සිහි නැතිවේ. වහාම ඇය වෛද්‍යවරයකු කරා ගෙන යාමට දරුවෝ කටයුතු කළෝය. පසුව ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වෙත සෝමලතා යොමු කරන ලෙස වෛද්‍යවරයා සෝමලතාගේ දරුවන්ට කියා සිටියේය. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කළ අතර වෛද්‍යවරයා විසින් සියලූ පරීක්ෂණ කර කියා සිටියේ එවැනි රෝගී තත්ත්වයක් සෝමලතාට නැති බවත් එය මානසික තත්ත්වයක් විය හැකි බවයි. නමුත් එය පිළිගැනීමට පෙර ගුප්ත පැත්තෙන් යම් පිහිටක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් පේනයක් ඇසීමට තීරණය කෙරිණි. ඒ අනුව අඳුන බලා ශාස්ත‍්‍ර කියන අයකු ළඟට සෝමලතා ගෙන ගියේය. බුලත් තබා පැමිණි පිළිවෙළට තමාගේ වාරය එන තෙක් මොවුහු බලා සිටියහ. මොවුන්ගේ වාරය පැමිණිනි. අඳුන බැලීම ආරම්භවිය. වීදුරුවකට වතුර දමා සුදු මල් කිහිපයක් ද එයට දමා ඒ ඉදිරියේ කපු මහතා වාඩි වී සිටී. පසෙක පහනකි. ඔහු වතුර වීදුරුව දෙස බලාගෙනම දැනගන්න අවශ්‍ය කාරණය කුමක්ද යැයි, සෝමලතාගෙන් ඇසීය. අපේ අම්මා මාස කිහිපයක ඉඳන් ලෙඩ වෙනවා. හිටපු ගමන් සිහි නැතිවෙනවා. දොස්තර මහත්තුරු කියනවා ලෙඩක් නෑ කියලා. ‘‘හොඳයි අපි බලමුකෝ’’ කියමින් ගාථාවක් වැනි දෙයක් කියමින් දෙවියන්ට ඔහු කන්නලව් කළේය. ඉන්පසු වතුර වීදුරුව දෙස බලාගෙන මෙලෙස කියන්නට විය. ‘‘අපි මුලින්ම යමුකො ගෙදරට, ප‍්‍රධාන පාරෙන් හැරිලා ඔන්න දැන් ඉන්නේ ගේ ඉදිරිපස, මියගිය ඥාති ස්ත‍්‍රියක් පෙන්නුම් කරනවා. කවුද ඒ යනුවෙන් කපුවා ඇසීය. අපේ ආච්චි වෙන්න ඇති. සෝමලතාගේ දරුවකු පැන්න ගමන් කීවාය. ඇය මේ තැනැත්තියට බන්දලා තියෙන්නේ. ඒ ආත්මය දැන් යක්ෂණියක්. ඇෙඟ් ලේ උරා බොනවා. ඇඟ වැහැරෙනවා. ඒකනම් හරි ඇති, අපේ අම්මා මේ දවස් වෙනකොට හිටපු මහතෙන් බාගෙකුත් නෑ. සෝමලතාගේ දරුවකු පුදුම වූ ලෙසින් කීවාය. ”ඒක අයින් කරන්නේ කොහොමද?’’ යනුවෙන් ඔවුහු ඉවසිල්ලක් නැතිව කපු මහතාගෙන් ඇසූහ. වින කැපිල්ලක් කළයුතු යැයි යනුවෙන් තීරණය කළ කපුවා එය හරියට වෙනවාද යන්න අඳුනෙන් බලාම කළයුතු බවත් කියා සිටියේය. කෙසේ හෝ මෙය කළයුතු නිසා දරුවන් එකතු වී මුදල් සොයාගෙන පූජාව ආරම්භ කෙරිණි. වින කපා අවසානයේ කපුවා කපා ගැලවූ නූලක් ගෙන දුම්මල අල්ලමින් ගැටයක් සාදා තම සහායකයාට දුන්නේය. කපු මහතා අඳුනෙන් බලා ‘‘හරි’’ කිවූ සැණින්ම ගැටය තද කෙරිණි. දැන් යක්ෂ ආත්මය ගැටයට හසුවී ඇත. පසුව මෙම නූල බෝතලයකට දමා සිර කළේය. පසුව මෙය නිදහස් කිරීමට දිනයක් තීරණය කරගෙන කපු මහතා ඇතුළු පිරිස පිටව ගියහ. මහා පුදුමයකි. සෝමලතාට සිහි නැතිවීම සිදුවන්නේ නැත. වෙනදාට වඩා ආහාර ගැනීමට පවා හැකියාවක් ලැබුණි. පොරොන්දු වූ පරිදි පින් දී හිර කළ ආත්මය නිදහස් කිරීමේ දිනය උදා විය. කපු මහතා ප‍්‍රමුඛ පිරිස සමග සෝමලතා එවැනිම ප‍්‍රශ්න තිබූ පවුල් කිහිපයක් බස් රථයක් කුලියට ගෙන කතරගම ගියේය. කිරිවෙහෙර සමීපය බෝතල් කිහිපයක් බැඳ ගෙන ආ කපු මහතා ඒ ඒ පවුල් වල අය ලවා බෝතල් විවෘත කර නූලේ ගැටය ලිහා යක්ෂ ආත්මය සුගතියකට පැමිණෙන්න යැයි කියමින් ඔවුන් නිදහස් කළෝය. සියලූ දෙනාම සතුටින් නිවෙස් කරා පැමිණියෝය. දැන් සෝමලතට සම්පූර්ණයෙන්ම සුව පාටය. ඔවුන් මෙලෙස ගත වූයේ දින කිහිපයකි. එක්වරම හිස වේගයෙන් සොලවන්නට ගත් සෝමලතා උඹලාට පුලූවන්ද මාව එළවන්න යයි කියමින් තම මවගේ යක්ෂ ආත්මය ලෙස කතා කරන්නට වූවාය. උඹලා ඉගෙන ගත්තා මදි මාව එළවන්න. මම එකෙක් අරගෙනම තමයි යන්නේ කියමින් මහ හයියෙන් කෑ ගසන්නට වූවාය. කුමක් හෝ කළයුතු නිසා නැවත පළමු දේවාලයටත් ඉන්පසු මිනිසුන් හොඳයි කියන දේවාල බොහොමයකටත් ගොස් නොයෙකුත් දේවල් කළ අතර ලේ බොන යකින්න, සෝමලතා හැර ගියේ නැත. පසුව ගමේ අයකුගේ ආධාරයෙන් සෝමලතාගේ ප‍්‍රශ්නය විදුල අධිමනෝවිද්‍යා පර්යේෂණ සංගමයට යොමු කරන ලදී. එහිදී සියලූ විස්තර සලකා බැලූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් ස්වාපනය යටතේ සෝමලතාගේ එම තත්ත්වය සාදා විස්තර ඇසීය. සෝමලතාගේ සිරුරට ඇවිත් ඉන්නේ මියගිය මව බවත් ඇය දැන් යක්ෂණියක් වී සිටින බවත් ඇය ලේ උරා බීමෙන් සෝමලතා ලෙඩ කරන බව හා කෙට්ටු කරන බවත් ඇගේ කටින් කියවීය. මොනම විදියකින්වත් ඇය නොයන බවත් පැවසීය. කුලපති මහතා මියගිය තැනැත්තා මියගිය දිනය, උපන් දිනය, විවාහ වූ දිනය ආදී ප‍්‍රශ්න කිහිපයක් ඇසීය. යකින්න ගොළු වූවාය. ඔබ සෝමලතාගේ මියගිය මව නම් ඔබේ උපන්දිනවත් මැරිච්ච දිනවත් දන්නේ නැති දැයි ඇසීය. යක්ෂණීට කටඋත්තර නැතිවිය. ඔබ මිය ගිය ආත්මයක් නොවෙයි. සෝමලතාගේ යටි සිතේ ස්වභාවයක් යැයි පවසා ඇය ස්වාපනයෙන් අවදි කළේය. අම්මා මිය යන මොහොතේ තමාට සැලකීමට බැරි වුණු වේදනාව හා පැමිණි මානසික පීඩාත් මත මැයට අම්මා ආවේශ වුනු බව හැඟුනා.  නමුත් මෙය මුලින්ම ඔළුවට රඳා තිබුනේ කපුවායි. ඒ අනුව එතැන් සිට මවගේ ආත්මය ලෙස හැසිරුණා. මෙම සිදුවීම සිදු වී අද වන විට වසර 2කි. ඉන්පසු කිසිම දිනෙක ලේ බොන යකින්න සෝමලතා සොයා ආවේ නැත. මේවාට කිසිදු යකෙකු, භූතයකු, පේ‍්‍රතයකු දායක වන්නේ නැති බවත් ඒ සියල්ලට හේතුව තමාගේ සිත බවත් වෛද්‍යවරයා පවසයි.

පී. එන්. විද්‍යාකුලපතිගේ මෝහන ප්‍රතිකාර

හබරාදුව - නිමල් අල්ගෙවත්ත



අදහස් (0)

ලේ උරාබොන යකින්න

සුපුන් Sunday, 09 December 2012 01:50 PM

ගෑනුන්ගේ විකාර වලට මේ ලෝකේ බෙහෙත් නෑ  (ස)

:       0       0

වෛද්‍ය කේ ප්‍රනාන්දු Monday, 03 December 2012 07:11 AM

වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි සුදුසුසුකම් සපුරා ඇති කෙනෙක්ද ? (දී)

:       0       0

චන්ද්‍රා Friday, 28 December 2012 04:43 AM

සමහර වෙදුන් මානසික රෝගී ගැහැණුන්ව කාමර වලට දමා දොර වසාගෙන වෙනත් අයුතු ප්‍රයෝජනත් ගන්නවා කියලා මම අහලා තියෙනවා. (නි)

:       0       0

දුමින්ද Saturday, 08 December 2012 11:49 PM

අපෝ මම නම් කියවන්නේ නැහැ මම බයයි (දී)

:       0       0

විමුක්ති දර්ශණ Tuesday, 04 December 2012 03:20 PM

ඔව් ඔහු ඉතාම හොද වෛද්‍යවරයෙක්..!(නු)

:       0       0

ලක්ෂ්මන් Saturday, 08 December 2012 11:16 AM

කපුවත් හරියට අපේ පෙරකදෝරුවෝ වගෙයි. (නි)

:       0       0

දයා සෞදි Sunday, 02 December 2012 05:16 PM

හොද ලස්සන කතන්දරයක්.. බොරු භූත ආවේස මවාගෙන ඉන්න අපේ රටේ කාන්තාවන් සහ පුරුෂ දෙපක්ෂයටම තේරුම් ගත යුතු දෙයක්..!(නු)

:       0       0

සිසිර කුමාර Friday, 07 December 2012 01:39 PM

මීට වඩා අපේ ලේ උරා බොන අය අද අපේ රටේ ඉන්නවා.(ස)

:       0       0

හර්ෂණ Monday, 03 December 2012 07:44 PM

රටට දැයට වැඩක් කරන කෙනෙක් මේ විද්‍යාකුලපති කියන්නෙ ප්‍රනාන්දු මහත්තයෝ..!(නු)

:       0       0

මාධව Thursday, 06 December 2012 06:53 PM

අපි නම් බය නැහැ

:       0       0

ලක්ෂානි Tuesday, 04 December 2012 01:15 PM

කවුරුහරි දන්න කෙනෙක් කියන්නකෝ මේ වෛද්‍යතුමා මට මුණගැහෙන්නේ කොහොමද කියලා මගේ සහෝදරයා මේ වගේ අසනීපයකින් පෙළෙනවා..කරුණාකර අපට උදව් කරන්න..!(නු)

:       0       0

විපුල Saturday, 08 December 2012 09:12 PM

ටිකක් බය හිතෙනවා නමුත් හොදයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 619 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 984 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 141 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 389 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 556 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site