IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වගකීම් වගවීම් වැයවීම්


දැනට මතභේදකාරී මාතෘකාවක් බවට පත්වී ඇති ‘එක රටක්, එටක නීතියක්’ යන සංකල්පය ක්‍රියාවට නැගීම සඳහා තමන්ම දින දහයකට පමණ පෙර ගැසට් පත්‍රයක් මගින් පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජික සංයුතිය හා වගකීම් වෙනස් කරමින් ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතා විසින් ඉකුත් 6වැනිදා තවත් ගැසට් පත්‍රයක් නිකුත් කොට ඇත.

ඔහු එසේ කළේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන්  එම කාර්ය සාධක බළකායේ නායකත්වය, සාමාජික සංයුතිය හා කාර්ය භාරය විවේචනයට ලක්වීමෙන් අනතුරුවය. විපක්ෂයේ දේශපාලන පක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සිවිල්  සංවිධාන ද මෙම කාර්ය සාධක බළකාය පිළිබඳ ගැසට් නිවේදනය අහෝසි කළ යුතු යැයි ඉල්ලා තිබිණි.

කාර්ය සාධක බළකායේ නායකත්වයට බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට අමතරව  එහි සාමාජික සංයුතියේ දෙමළ ජනතාවගේ නියෝජනයක් නැතිවීම ඊට පවරා ඇති වගකීම් මඟින් එය අධිකරණ අමාත්‍යාංශයට ඉහළින් කටයුතු කිරීමට හැකිවීම මෙම පිරිසගේ විවේචනයට ලක්වූ කරුණුය.

එතෙක් අලුත් ගැසට් නිවේදනය මඟින් කාර්ය-සාධක බළකායේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නය හැර අනෙක් ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළියම් යොදා ඇත. එනම් කාර්ය සාධක බළකායේ සංයුතියට දෙමළ ජනතාවගේ නියෝජනයක් ඇතුළත් කරනු ලැබ ඇති අතර කාර්ය සාධන බළකායට අධිකරණ අමාත්‍යාංශයේ වැඩ කටයුතු විමසා බලා පිළියම් යෙදීමට දෙනු ලැබ තිබූ බලය ඉවත්  කරනු ලැබ ඇත.

ඔක්තෝබර් 26 වැනිදා නිකුත්  කරනු ලැබූ මුල් ගැසට් නිවේදනය අනුව කාර්ය සාධක බළකායේ සාමාජික සංඛ්‍යාව 13කි. ඉන් නව දෙනෙක් සිංහල අය වූ අතර හතර දෙනෙක්  මුස්ලිම් අය වූහ. ඉන් එක් සිංහල   සාමාජිකයකු හා මුස්ලිම් සාමාජිකයකු පසුව කාර්ය සාධක බළකායෙන් ඉල්ලා අස්වූහ. එහෙත් 6 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ජනාධිපතිවරයා දෙමළ සාමාජිකයන් තිදෙනකු ඊට පත් කළ අතර ඉන් එක් අයෙක් කාන්තාවක් වූවාය. ඒ අනුව කාර්ය සාධක බළකායට දෙමළ නියෝජනයක් මෙන්ම කාන්තා නියෝජනයක්ද  ලැබී තිබේ.

මුල් ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකාව තුළ එක් රටක්, එක් නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක්  කොට එම අරමුණ වෙනුවෙන් පනත් කෙටුම්පතක් සකස් කිරීම කාර්ය සාධක බළකායට පැවරුණු  කාර්ය භාරයන් දෙකෙන් එකකි. මෙම විෂයය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් දැනටමත්  සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත් හා සංශෝධන හා ඒවායේ යෝග්‍යතාව අධ්‍යයනය කොට සුදුසු සංශෝධන කළ යුතුව ඇත්නම් ඒවා සකස් කොට සුදුසු පරිදි එම කෙටුම්පත්වලට ඇතුල් කිරීම ඊට  පැවරුණු දෙවැනි වගකීමයි.

කාර්ය සාධක බළකායේ නායකත්වයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනාසාර හිමියන් පත් කිරීම හා අදාළ සියලු පාර්ශ්ව ඇතුළත් සංයුක්ත සංයුතියක් සහිත නොවීමට වඩා අධිකරණ ඇමැති  අලි සබ්‍රි මහතාට කාර්ය සාධක මණ්ඩලයේ කාර්ය භාරය ගැටලුවක් වූ බව පෙනේ.  ඒ අධිකරණ අමාත්‍යාංශය මගින් අදාළ කාරණය සම්බන්ධයෙන්  සකස් කරනු ලැබූ පනත් කෙටුම්පත් අධ්‍යයනය කොට ඒවාට සංශෝධන ඇතුළත් කිරීමටත් එක රටක්, එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් කාර්ය සාධක බළකායට එමඟින් බලය පැවැරෙන හෙයිනි.

එක් අතකින් කාර්ය සාධක බළකායට නව පනත්  කෙටුම්පතක් සකස් කිරීමේ වකීමක් පැවරෙන අතර අනෙක් අතින් අධිකරණ අමාත්‍යාංශය අදාළ කාරණය සඳහාම සකස් කරන ලද පනත් කෙටුම්පත්වලට සංශෝධන ඇතුළත් කිරීම අතර ප්‍රතිවිරෝධතාවක් තිබුණද තම අමාත්‍යාංශය විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත් සංශෝධනය කිරීමට අධිකරණ පද්ධතියට පිටින් සිටින පිරිසකට පැවරීම නිසා අධිකරණ ඇමැතිවරයාගේ සිත් රිදුන බව පෙනේ. ඒ අනුව ඔහු සිය මන්ත්‍රී ධුරයෙන් හා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාර දුන් බවද ජනාධිපතිවරයා එය භාර නොගත් බවද වාර්තා විය.

ඒ වෙනුවට ජනාධිපතිවරයා කාර්ය සාධක බළකායේ කාර්ය භාරය වෙනස් කළේය. ඒ අනුව 6 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ වගකීම් දෙකක් නොව එකකි. එයද ඉතා අපැහැදිලි හා එක්තරා ආකාරයක දියාරු අදහසකි. ඉන් කියවෙන්නේ එක් රටක් එක්  නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඉදිරිපත් කරන අදහස් සැලකිල්ලට ගෙන මෙම සංකල්පය පිළිබඳව  අධ්‍යයනයක් කොට, ශ්‍රී ලංකාවට නියමාකාරයෙන් ගැළපෙන සංකල්ප රාමුවක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසය.

මේ අනුව අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු පරීක්ෂා කිරීමේ වගකීමක් හෝ හැකියාවක් දැන් කාර්ය සාධක බළකායට නැත. එය කළ යුත්තේ සංකල්ප රාමුවක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමය. කෙසේ වෙතත්  සංකල්පයක්  ක්‍රියාත්මක කිරීම සඳහා සංකල්ප  රාමුවක් සකස් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි නොවැටහේ.

පසුගිය 1 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශයේදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් පැවැති ජනමාධ්‍ය හමුවකදී කාර්ය සාධක බළකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කළේ තමන් නායකත්වය දරන කාර්ය සාධක බළකාය කිසිදු ජනකොට්ඨාසයකට අසාධාරණයක් කිරීමට අදහස් නොකරන හෙයින් එහි දෙමළ ජනතාව නියෝජනයක් නැති වීම කිසිවකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බවය.

එහෙත් ඒ සම්බන්ධයෙන්  එල්ල වූ විවේචන ජනාධිපතිවරයා සැලකිල්ලට ගෙන එම වරද නිවැරැදි කිරීමට කටයුතු කොට ඇත. මන්දයත් ඕනෑම සංවිධානයක හෝ ආණ්ඩුවක කටයුතුවලින් බලපෑමට ලක්වන සියලු පාර්ශ්ව එම සංවිධානය කළ ආයතනය තුළ හා ආණ්ඩුව තුළ භෞතිකව නියෝජනය විය යුතුය යන්න ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සංවේදී සම්ප්‍රදායකි. එය දැන් කාර්යාල, කර්මාන්තශාලා හා විශේෂයෙන්ම ජනමාධ්‍ය ආයතන සම්බන්ධයෙන් අදාළ කරගෙන ප්‍රශ්න දෙස බැලීමට ජාත්‍යන්තර සංවිධාන පෙළඹී ඇත. ඒ සියලු පාර්ශ්වවල නියෝජනය මඟින් යම් යම් පාර්ශ්ව අසාධාරණයට ලක්වීම අවම කරගත හැකිය යන නිගමනය නිසාය.

නියෝජනය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කරමින් ආණ්ඩුව පසුගිය වසරේද කාර්ය සාධක බළකායක් පත් කළේය. ඒ පසුගිය වසරේ ජූනි 2 වැනිදා පත් කරන ලද නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් පිළිබඳ කාර්ය සාධක බළකායයි. එම කර්ය-සාධක බළකායේ සංයුතියද මතභේදාත්මක වූයේ නැගෙනහිර පළාතේ ජනගහනය ආසන්න වශයෙන් සමාන ලෙස සිංහල දෙමළ හා මුස්ලිම් වශයෙන් බේදී තිබුණද මෙම කාර්ය සාධක බළකායේ කිසිදු දෙමළ හෝ මුස්ලිම් සාමාජිකයකු නොසිටීම නිසාය. මෙය එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේද අවධානයට ලක්වී තිබිණි.

නිරපේක්ෂ වශයෙන් ගත් කල ඕනෑම කමිටුවක, දේශපාලන  පක්ෂයක, සංවිධානයක හෝ ආයතනයක ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් බලපෑමට ලක් වන සියලු ජන කණ්ඩායම් නියෝජනය නොවුණද එමගින් කිසිදු ජන කණ්ඩායමකට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව ඒවායේ ප්‍රධානීන්ට ප්‍රකාශ කළ හැකිය. එම ප්‍රකාශ  අවංකද විය හැකිය. එහෙත් මෙය ප්‍රායෝගිකව ඇතැම් විට කළ නොහැකි වනු ඇත. එසේ වන්නේ සෑම කෙනකුටම අනෙක් ජන කොට්ඨාස, ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් හා වෙනත් මතවාද දරන පිරිස් සිතන පතන ආකාරය ඒ අයුරින්ම තේරුම් ගැනීමට සෑම විටම නොහැකි වන නිසාය.

මෙය කොතරම් බැරූරුම් ලෙස ජාත්‍යන්තර වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේද යන්න දැන් ඇෆ්ගනිස්ථාන්  ජනතාව හා තාලිබාන් සංවිධානය මුහුණ දී සිටින තත්ත්වයෙන් පෙනේ. ඉකුත් අගෝස්තු 15 වැනිදා තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය මුළුමනින්ම අත්පත් කර ගත්තද මාස තුනක් ගතවීත් ලෝකයේ කිසිදු රටක් තාලිබාන්වරුන් පිහිටවූ අන්තර් කාල ආණ්ඩුව නීත්‍යානුකූල ආණ්ඩුව ලෙස පිළිගෙන නැත. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එම ආණ්ඩුව තුළ ඇෆ්ගනිස්ථානයේ ජීවත්වන සියලු ප්‍රධාන ජනකොට්ඨාස නියෝජනය නොවීමත් එම පාලනය යටතේ කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ හා රැකියා කිරීමේ නිදහස තහවුරු  නොකිරීමත් නිසාය.

ඇෆ්ගනිස්ථානයේ  පෂ්තූන්, තජික්, උස්බෙක් හා ෂියා දහම පිළිපදින හසාරා යන ප්‍රධාන ජන කොට්ඨාස ඇත. එහෙත් එක් අයකු හැර ආණ්ඩුවේ සියලු තනතුරු දරන්නේ පෂ්තූන් ජාතිකයන්ය. මේ නිසා ඇෆ්ගනිස්ථාන් මහ බැංකුවට අයත් ඩොලර් බිලියන 10කට ආසන්න  මුදලක් ඇමෙරිකාව ප්‍රධාන බටහිර රටවල් නිදහස් නොකොට රඳවා  ගෙන සිටී. එරටට ලැබිය යුතු තවත් ඩොලර් මිලියන 450ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රඳවාගෙන සිටී. ආසියානු සංවර්ධන බැංකුවද විශාල මුදලක් රඳවා ගෙන සිටී. මේ නිසා මිලියන 38ක් වූ එරට ජනගහනයෙන්  මිලියන 23ක් සාගතයකට මුහුණදී සිටින බව එ.ජා. සංවිධානයේ වාර්තාවල දැක්වේ.

සියලු පාර්ශ්ව නියෝජනය කිරීමේ සංකල්පය මෙසේ ලෝකයේ සියලු රටවල් විසින් අවධාරණය කෙරුණද තාලිබාන් නායකයන්ගේ තර්කය වී ඇත්තේ සියලු පාර්ශ්ව ආණ්ඩුව තුළ නියෝජනය නොවුණද කිසිදු පාර්ශ්වයකට තම ආණ්ඩුවෙන්  අසාධාරණයක් සිදු නොවන බවය.

යම් ආයතනයක හෝ සංවිධායක  සියලු පාර්ශ්ව නියෝජනය විය යුතුය යන මතයෙන් පෙන්නුම් කෙරෙන්නේ සියලු මිනිසුන් දෙස සමානව බැලීමට මිනිසුන් තුළ ඇති නොහැකියාවයි. මෙම යථාර්ථය පිළිගත යුතුව ඇත. ජන කොට්ඨාස වශයෙන් බෙදී  දේශපාලන වාසි තකා දේශපාලනඥයන් එම බෙදීම් උපයෝගී කරගෙන  ජනතාවගේ හැඟීම් අවුස්සන සමාජයක මිනිසුන් තුළ මෙම දුබලතාව වඩා ප්‍රබල ලෙස ඉස්මතු විය හැකිය.

මේ රටේ වාර්ගික, ආගමික දේශපාලන පක්ෂවල පැවැත්මට උපකාරී වී ඇත්තේද  මෙම දුබලතාවයි. ප්‍රධාන ජාතික පක්ෂවල අභ්‍යන්තරයේ වාර්ගික මතවාදී නියෝජනය  නිසි ලෙස තිබේ නම් සුළු ජාතීන්ට වාර්ගික  ආගමික දේශපාලන පක්ෂ අවශ්‍ය නැත. ඒවායේ සුළු වශයෙන් පුද්ගල නියෝජනයක් තිබුණද මතවාදී නියෝජනයක් තිබේද යන්න ගැටලුවකි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඊටත් වඩා වෙනත් නියෝජනයන්ට ඉඩ  නැති සුළු ජාතික පක්ෂ තුළ සුළු ජාතීන් කොටුවීමයි. ජාතික පක්ෂවලට සැබෑ ලෙසම සියලු ජනකොට්ඨාසවලට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් ඇත්නම් කල්යාමේදී සුළු ජාතික පක්ෂ වියැකී  යනු ඇත. මන්දයත් මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කළ හැකි ආණ්ඩු පක්ෂ බවට පත්විය හැක්කේ ප්‍රධාන ජාතික පක්ෂවලට පමණි. සුළු ජාතික පක්ෂවලට ඒ බලපෑම සිදුකළ නොහැකිය.

සියලු වාර්ගික, ආගමික මතවාද නියෝජනය කරමින් එක්ව ජීවත්වීම සිත් තුළට කාවැදිය යුත්තේ පාසල් කාලයේදී වුවද පාසල්ද අද වාර්ගික වශයෙන් බෙදී  ක්‍රියාත්මක වේ. ආනන්ද විද්‍යාලයට දෙමළ හා මුස්ලිම් සිසුන්ටත් සහිරා විද්‍යාලයට සිංහල සිසුන්ටත් ඇතුල්වී අධ්‍යාපනය ලැබීමට හැකියාව තිබිය යුතුයැයි පූජ්‍ය ඥානසාර හිමියෝ ඉහත කී ජනමාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළහ. අදහසක් වශයෙන් මෙය ඉතා අගය කළ යුතු වුවද එය ප්‍රායෝගිකව  කළ හැකිද යන්න ප්‍රශ්නයකි. දශක ගණනාවකට පෙර එවැනි  තත්ත්වයක් පැවැති අතර ලියුම්කරුද එසේ අධ්‍යාපනය ලැබීමට වාසනාව ලැබූවෙකි.

අධ්‍යාපනය හා රැකියා සඳහා දරුණු තරගයක් පවතින අතර ජන කොට්ඨාස තව තවත් බෙදා වෙන් කරන සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය තවදුරටත් මිනිසුන් ඈත් කරයි. මේ තත්ත්වය යටතේ පක්ෂ සංවිධාන, ආයතන කමිටු ආදී  සියල්ල අදාළ සියලු කණ්ඩායම් භෞතිකව නියෝජනය කිරීමේ අවශ්‍යතාව වඩා වඩා තදින් දැනේ.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (16)

වගකීම් වගවීම් වැයවීම්

Alfread de Costa Saturday, 13 November 2021 11:41 AM

මෙතන බරපතලම ප්‍රශ්නය මතුවෙන්නේ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙනි. චාරිත්‍රානුකූල නීතියක් ලෙස ඉදිරිපත් කර ඇති මේ නීතිය අනෙක් සියලු ජාතීන් ගොනාට අන්දවා සම්මත කරගෙන ඇති නීතියකි. මන්ද යත් මෙමගින් වයස අවුරුදු 10,12 පවා කුඩා දැරියන් විවාහ කර ගැනීමට නීතියෙන් ඉඩ තිබීමත්, කාන්තාවන් 4ක් විවාහ කර ගත හැකි වීමත්, ත්‍රිත්ව තලාක් ක්‍රමය මඟින් ඉතා පහසුවෙන් පිරිමියාට කාන්තාවක් දික්කසාද කර ගැනීමට හැකි වීමත් නිසායි. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටක චාරිත්‍රානුකූල නීති තිබුණත්, එම නීති රටේ ප්‍රධාන නීති හා මානව හිමිකම් වලට බාධාවක් නොවන ලෙස පවතී. නමුත් ලංකාවේ සිද්ධ වී ඇත්තේ ඒකේ අනිත් පැත්තයි. මේවාගේ ඵල විපාක විඳින්න වෙන්නේ අනාගත පරපුරටයි...

:       3       56

WijesekaraSaturday, 13 November 2021 08:56 PM

හොයලා බැලුවා. කතාව ඇත්ත. මෙච්චර කාලයක් කිසිම ආණ්ඩුවක් ඔය නීතිවලට අත තියලා නැත්තේ ඊළඟ ඡන්දෙන් අනිවාර්යයෙන් ගෙදර යන්න වෙන බව දන්නා නිසා. මොකද මෙතෙක් කල් සුලු ජාතික ඡන්ද කියන්නේ තීරණාත්මක සාධකයක් රජයක් ගෙනියන්න. මේ රජය ඕක කළොත් හොඳයි. ඒත් ගැසට් රිවස් කරන විදියයි,, ගව ඝාතනය තහනම් කරපු හැටියි, දැක්කාම ලොකු විශ්වාසයක් තියාගන්න අමාරුයි...

:       0       18

JohnsinnoSunday, 14 November 2021 10:41 PM

සුළුජාතික ඡන්ද නැතුව ආණ්ඩු කරන්න බැහැ කියන එක බොරුවක් බව ගිය මැතිවරණයේදී පෙන්නුවා. නමුත් සදාකාලික නැහැ.

:       4       1

BamunuarachchiMonday, 15 November 2021 06:59 AM

සුළු ජාතිකයින් නැතුව රට ගෙනියන එක සදාකාලික නැත්තේ සිංහලයාගේ තිබෙන ජාතිකත්වයක් නැති කමයි. රජ ලේ බින්දුවක් වත් නොමැති වඩුගයින් රජකමේ තියාගෙන රාජ පරම්පරා 4 වඩුගයින් යටතේ සිටි සිංහලයාට මේ අය යටතේ සිටීමේ සුළු දෙයක්.

:       2       1

ඉෂාන්Monday, 15 November 2021 11:16 AM

වයස අවුරුදු 10-12 දරුවන් විවාහ කරගත හැකි යි. කියා ඉස්ලාම් දහමේ කොතැනකවත් සඳහන් වී නැත. ඉස්ලාම් දහමේ සඳහන් වන්නේ වැඩිවියට පත් ගැහැණු ළමුන් විවාහ කරදීම සුදුසු ලෙස ය. එයට වයස අදාළ නොවේ. අද රටේ පවතින තත්වය අනුව බලද්දී ගැහැණු දරුවන් වැඩිවියට පත් වූ වහාම විවාහ කරදීම ඉතා සුදුසුයි. මන්දයත් වර්තමානයේ බොහෝමයක් ගැහැණු දරුවන් අතරින් ප්‍රේම සම්බන්ධතා නිසා තම ජීවිත අහිමි කරගත් ළමුන් අනන්ත අප්‍රමාණ ලෙස අපට හමුවේ. ඉස්ලාම් දහමේ ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීමෙන් පසු විවාහ කරදීමට සුදුසු යැයි අනුමත කර ඇත්තේ වැඩිවියට පත්වීමට පෙර විවාහ කර නොදිය යුතු යි යන සංකල්පයක් මතයි. එය බුද්ධිමත් ජනතාවට ඉතා මනාව වැටහේ. ඔබ සඳහන් කළා කාන්තාවන් හතරක් විවාහ කරගැනීමේ ක්‍රමය ගැන. ඔව් ඇත්ත ඉස්ලාම් දහමේ පිරිමියෙකුට අවශ්‍යතාවය පරිදි කාන්තාවන් හතරක් විවාහ කරගැනීමට අනුමැතිය ඇත. එයට හේතුව වැන්දඹු කාන්තාවන් හට ජීවිතයක් ලබාදීම... වැන්දඹු වුව ද ඔවුන්ට ද කායික මානසික අවශ්‍යතාවයන් ඇත. නමුත් ඔවුන්ව තම පළමු භාර්යාව ලෙස විවාහ කරගැනීමට බොහෝ තරුණයින් කැමති නැත. ඒක ස්වභාවික දෙයක්...

:       28       0

Alfread de CostaMonday, 15 November 2021 01:30 PM

ගෑණු දරුවන් වැඩිවියට පත්වෙන්න ගන්නේ 10-12 ඉඳන් තමයි. පුදුම උත්තරත් තියෙනවා ඒවා සාධාරණීකරණය කරන්න. තණකොළ කපන්න කඩු ගෙනාවා කියපු කට්ටියනේ...

:       0       15

Bamunuarachchi Monday, 15 November 2021 06:44 AM

අලිසබ්රිගේ ඉල්ලීමට ජනපති ජාතිය බුද්දාගම පාවා දුන්නා නේද?

:       0       1

ඉෂාන් Monday, 15 November 2021 11:21 AM

ඕනෑම තරුණයෙක් මුස්ලිම් වේවා, දෙමළ වේවා, සිංහල වේවා. කවුරුන් වුවත් තමන් මුලින්ම විවාහ වෙද්දි බලාපොරොත්තු වන්නේ කන්‍යාවියක්... එවිට වැන්දඹු කාන්තාවකින් එය බලාපොරොත්තු විය නොහැක. එවිට වැන්දඹු කාන්තාවන් තම මරණය දක්වාම තමන්ගේ කායික මෙන් ම මානසික අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට සම්මත ක්‍රමයක් ඇයට ලැබෙන්න්‍ෙ නැත. එවිට ඇය පෙළඹෙන්නේ අසම්මත ක්‍රමයක් වන අනියම් සබඳතාවයකටයි. එවිට ඇතිවන ගැටලු, සමාජ විරෝධය මෙන් ම ඇතිවන පවුල් ආරවුල් ගැන ඔබට අමුතුවෙන් පැහැදිළි කර දිය යුතු නැත. එම තත්ත්වය වළක්වාලීම පිණිස තමා පිරිමියෙකුට විවාහ හතරක් කරගැනීමට අවසරය ලබා දී ඇත්තේ... එමෙන්ම තවත් කෝණයකින් බලන කළ. උදාහරණයකට අපි ගමු පොහොසත් කෝටිපති ව්‍යාපාරියෙක් ඔහුට අසීමිත ධන සම්භාරයක් තිබෙනවා නම් ඔහු ඉන්පසු සොයන්නේ සැපවත් ජීවිතයක්. එවිට ඕනෑම පිරිමියෙකුට මෙන් ම ගැහැණියකට උපරිම සැප තියෙන්නේ මේ තුළය. එය මිනිසා මෙන්ම සත්ත්වයින්ට ද පොදු වූ න්‍යායකි. මත්ද්‍රව්‍ය මත්පැන් මේ සියල්ලටම මූලික හේතුව එයයි. එවිට මේ ධනවත් ව්‍යාපාරිකයාට තමන්ගේ භාර්යාවගෙන් පමණක් සෑහීමකට පත්වීමට නොහැකි නම් මොහු මීළගට කරන්නේ කුමක්ද, කිනම් හෝ කාන්තාවක් සමග අනියම් ඇසුරක් පැවැත්වීමයි..

:       20       0

JiwanMonday, 15 November 2021 01:20 PM

අනේ ඔයාලගේ ගොබ්බ නීති මෙහේ බෑ. මෝඩ තර්ක ඉදිරිපත් කරලා මිනිස්සු කේන්ති ගස්සන්නේ නැතුව ඉන්න. මේ රට අවුරුදු දහස් ගාණක් ඔය නීති නැතුව ලස්සනට තිබුණා. අනිවාර්යෙන්ම මේ රටේ ප්‍රධාන නීතිය යටතට අනිත් සියලු නීති පත් කළ යුතුයි. මේ මුස්ලිම් විවාහ නීතිය ඉවත් කර ඒ වෙනුවට ප්‍රධාන නීතිය හැමෝටම ක්‍රියාත්මක කරන්න... එච්චරයි.

:       0       15

BamunuarachchiMonday, 15 November 2021 02:25 PM

නිකන් පිස්සු කියවන්න එපා හලෝ මුස්ලිම් ආගමික නායකයා විවාහ උනේ එයාට වඩා අවුරුදු 25 වැඩිමල් වන්දඹුවක් එක්ක.

:       3       11

BamunuarachchiMonday, 15 November 2021 07:00 PM

කවුරුන් වුවත් තමන් මුලින්ම විවාහ වෙද්දි බලාපොරොත්තු වන්නේ කන්‍යාවියක්ලු. කාල වරෙල්ලකෝ ඒගොල්ලෝ ගාවම තිබෙන්නේ උත්තරය....

:       1       2

BamunuarachchiMonday, 15 November 2021 02:39 PM

ඔය ටික ලියන්නකෝ යූ ටියුබ් එකට මම උත්තර දෙන්නම්.

:       3       5

ඉෂන් Monday, 15 November 2021 11:30 AM

හැකිතාක් පිරිමහගෙන එකට ජීවත්වීමට උත්සාහ කරන්න කියා ඉස්ලාම් ධර්මය මුස්ලිම්වරුන්ට ඒත්තු ගන්වයි. එසේත් කිරීමට නොහැකි ම අවස්ථාවක් ආ විට ත්‍රිත්ව තලාක් ක්‍රමය භාවිතා කළ හැකියි. පිරිමින් හිතුමතේට කාන්තාවන් දික්කසාද නොකළ යුතු නිසා තමයි කාදි උසාවි ක්‍රමය ක්‍රියාත්මක වන්නේ. ඔබටත් විවාහයන් හතරක් කරගැනීමට අවශ්‍ය නම් ඉස්ලාම් දහම වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. එසේත් නැතිනම් ඔබතුමන්ලාටත් විවාහයන් හතරක් කරගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කර දෙන මෙන් ඔබතුමන්ලාගේ සිංහල බෞද්ධ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළ හැකිය. ඔබට දෙවි පිහිටයි.

:       25       0

Alfread de CostaMonday, 15 November 2021 01:26 PM

පිරිමහපු තරම අපි දැක්කා. මුස්ලිම් කාන්තාවන්ම මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියපු ඒවාගෙන්. කාති උසාවියේ විනිසුරුවන්ට ඉන්නේ ගමේ අන්තවාදී පිරිමියෙක්. මිනිහා දික්කසාදේ ඉල්ලපු ගමන් හම්බෙනවා. ගෑණි ළමයි එක්ක මහපාරේ. නඩත්තු වත්, දේපල උරුමයක්වත් නෑ. බල්ලන් වගේ එළියට දාන්නේ... මානව හිමිකම් කාරයින් වෙව්ලනවා මේවා ගැන කතා කරන්න බියෙන්. මේවා කතාකරපු කාන්තාවන්ට ගමේම මිනිස්සු එකතුවෙලා ප්‍රසිද්ධියේ පහර දීලා තිබුණා. මම කතෝලිකයෙක් විදියට තමුන්ලාගේ නීති සහ චාරිත්‍ර පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා...

:       0       13

BamunuarachchiMonday, 15 November 2021 02:30 PM

ඒ වුනාට ළමයි පිරිමහන්න උගන්වලා නැහැ නේද? හම්බ ළමයි භුක්ති විඳින්නේ අපි පිරිමහල අපේ සිංහල දරුවනට ඉතිරිකරන සම්පත් නේද? මුස්ලිම්කාරයෝ ළමයි දෙදෙනාට සීමා කලොත් හොඳයි නැතිනම් අපිට වෙනවා උත්තරයක් හොයන්න.

:       3       13

Bamunuarachchi Monday, 15 November 2021 02:36 PM

ලෝක සම්මත නීතිවලට පිටින් ගිහිල්ලා දුසිම් ගණන් බැන්දාට කමක් නැහැ, මුස්ලිම් රටවල.... මේ සිංහල බෞද්ධ රටේ බුරුතු ගණන් බන්දලා ඇතිකරන ළමයි කන්නේ අපේ ළමයින්ගේ කෑම වේල, භුක්ති විඳින්නේ සිංහල අපි අපේ දරුවන්ට ඉතිරි කරන සම්පත්... ඒ නිසා මොවුන් රටින් පන්නා දැමීමට කටයුතු කළයුතුයි...

:       10       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3785 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12444 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 621 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 967 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1069 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 505 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site