කඩොලාන ආරක්ෂා කර රටේ පරිසරය ආරක්ෂා කරගත හැකි නම් ගොඩබිම ඇති පරිසර පද්ධතිය ආරක්ෂා කර ගත නොහැක්කේ මන්දැයි යන ගැටලූව පැන නගින්නේ අපේ රටේ පරිසරය විනාශවෙන අන්දම දකිනවිටය. විශේෂයෙන්ම මෙම පරිසර හානිය පිටුපස සිටින්නේ දේශපාලකයින් වීමම එහි භයංකාර තත්ත්වය පෙන්නුම් කිරීමකි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ බොරළු කැපීම හා වැලිහෑරීමට එරෙහිව දැඩි නීති රීති පැනවීමත්, විල්පත්තු වන සංහාරයට එරෙහිව කටයුතු කිරීමත්, පැසසිය යුත්තකි. එහෙත් තවමත් ඉතා හොඳින් ක‍්‍රියාත්මක වෙන පස් කැපීම හා කුඹුරු ඉඩම් ගොඩ කිරීම වැනි පරිසර හානි රටට දැඩි අහිතකර විපාක ඇති කිරීමට සමත් වී තිබේ.
නව රජය මගින් අදියර තුනකින් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂිත උතුරුඅධිවේගී මාර්ගය සඳහා ”පස්” විශාල වශයෙන් අවශ්‍ය වේ. මේ නිසා ගම්පහ සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කවල ජලපෝෂක කඳුපන්ති රැුසක් ඉදිරියේදී ”පස්” බවට පත්වීම නොවැළැක්විය හැක්කකි.
අධිවේගී මාර්ග වැනි සංවර්ධිත ව්‍යාපෘති වලට පස් අත්‍යවශ්‍ය වූවකි, පස් ජාවාරම්කරුවන්ට මෙම පස් කොන්ත‍්‍රාත්තුව ලබාදුන් විට ඔවුන් විනාශ කරන්නේ පරිසර සමතුලිතාවට අනුකූලතාව දක්වන ජලපෝෂක කඳුපන්තීන්ය. පරිසරයට සිදුවන හානිය පිළිබඳව ඔවුන්ට කිසිදු හැඟීමක් හෝ වැදගත් හෝ වැදගත්කමක් නැත.
වසර ගණනාවක් තිස්සේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ සිදු වූ පස් කඳු සංහාරය නිසා ප‍්‍රදේශ ගණනාවක්ම මේ වන විට ජල උල්පත් සිඳීගිය කාන්තාර බවට පත්ව තිබේ. විශේෂයෙන්ම මිනුවන්ගොඩ හා දොම්පේ කොට්ඨාසවල දශක දෙකක කාලයක් තිස්සේ පැවැති අනවසර පස් ජාවාරම නිසා බොහෝ ප‍්‍රදේශ වල පානීය ජල ගැටලූව උග‍්‍ර වී තිබේ. එසේ හෙයින් උතුරු අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කිරීමට ප‍්‍රථම පරිසරයහානි නොවන ලෙස පස් සපයා ගැනීමට වගකිවයුත්තන් අවධානය යොමු කළ යුතුය.
දේශපාලන බලය යොදා ආරම්භ කරන ලද මිනුවන්ගොඩ හා දොම්පේ ප‍්‍රදේශවල පස් ජාවාරම තවමත් අනවසරයෙන් සිදු කෙරෙන අතර, දොම්පේ ප‍්‍රදේශයේ එය භයානක අන්දමින් ක‍්‍රියාත්මකය. දේශපාලකයකු විසින් ආරම්භ කරන ලද දොම්පේ පස් ජාවාරම තවමත් ක‍්‍රියාත්මක වෙන්නේ එම දේශපාලනඥයාගේ පිහිටෙනි. ප‍්‍රදේශය නියෝජනය කරන යහපාලන රජයේ බලධාරින් ද ඇස් කන් වසාගෙන සිටින්නේ එම පස් ජාවාරමෙන් තමන්ගේ සාක්කුවටත් යම් මුදලක් ලැබෙන නිසාදැයි සැක සහිතය. විශේෂයෙන්ම පහළ දොම්පේ ප‍්‍රදේශයේ තවමත් මහා පරිමාණයෙන් සිදුකෙරෙන පස් ජාවාරමට පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලත්, දෙපාර්ශවයේම දේශපාලන බලධාරින්ගේත්් ආශිර්වාදය හිමිව ඇති බව නම් පැහැදිලිය.
අනවසරයෙන් සිදු කෙරෙන මෙම පස් කැපීමෙන් ලබාගන්නා පස් යොදා ගොඩකරනු ලබන්නේ ද අපේ රටට බත සපයන කුඹුරුය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක්තරා දේශපාලනඥයකු තමන්ගේ නමින්ම දේපළ වෙළෙඳ සමාගමක් පිහිටුවා ගත්තේය. ඔහු ඉඩම් නිර්මාණය කර ගනු ලැබූවේ කුඹුරු ගොඩකිරීමෙනි. ගම්පහ හා යක්කල ප‍්‍රදේශ වල කුඹුරු ඉඩම් ගොඩකිරීමට මෙම දේශපාලනඥයාට කිසිදු තහනමක් නොතිබිණි. රුපියල් දාහට, දෙදාහට කුඹුරු ඉඩම් පර්චසයක් මිලට ගත් දේශපාලකයා ඒවා ගොඩකර විකුණනු ලැබූවේ පර්චසය මිලියන ගණනකටය. ඔහුගේ මෙම අන්තනෝමතික කුඹුරු ගොඩකිරීම පසුගිය කාලයේදී ගම්පහ නගරය ජලයෙන් යට කරන්නට ද සමත් විය.
පේ‍්‍රමදාස පාලන සමයේ නියෝජ්‍ය ඇමතිවරයකු ගම්පහ අවට කුඹුරු යායක බලය යොදා අනවසරයෙන් ගොඩකර සුවිසල් හෝටලයක් ඉදි කළේය. කුඹුරු අක්කර විශාල ප‍්‍රමාණයක් ගොඩකර ඉදිකළ මෙම හෝටලය නිසා තමන්ගේ සාක්කුවට එන සුවිසල් මුදල ගැන පමණක් සිතූ දේශපාලකයාගේ මෙම පරිසර විරෝධී ක‍්‍රියාව නිසා අදටත්, එම ප‍්‍රධාන මාර්ගය වැසිදාට ජලයෙන් පිරීගොස් මහා ගංවතුරක් ඇති කරයි. පසුව බලයට පත් වූ රජයට පක්ෂපාතී වී එම රජයේ ප‍්‍රබලයකුටම රුපියල් කෝටි 05ක මුදලකට එම හෝටලය විකුණා ගන්නට දේශපාලකයා සමත් වූයේය.මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය නොකළ දේශපාලනඥයකු ද කුඹුරු යායක් මේ දින වල ගොඩ කරමින් සිටියි. පසුගිය මැතිවරණ කාලයක තමන්ගේ කාර්යාලයක් ද මෙම ඉඩම තුළ දේශපාලඥයා විසින් පවත්වා ගෙන ගනු ලැබූ අතර නගරයට ගංවතුර තර්ජනයක් එල්ල විය හැකි අනතුරක් පෙනි පෙනීම විපක්ෂය නියෝජනය කරන මෙම දේශපාලනඥයාගේ පරිසර විරෝධී ව්‍යාපෘතිය ඉදිරියේ යහපාලන රජයේ වගකිවයුතු දේශපාලනඥයින්ද මුනිවත රැුකීම ද ජු‍්‍රගුප්සාජනකය.
දේශපාලකයකු ගොඩකරමින් සිටින ප‍්‍රධාන නගරයක් අසල කුඹුර |
පරිසරයට හානි කරන කර්මාන්තශාලා ද අපේ රටේ බොහෝ තිබේ. බොහෝ ඒවා දේශපාලනඥයින්ට අයත් ඒවාය. නැති නම් ඔවුන්ගේ ඥාතීන්ය. නැතිනම් හිතවතුන්ගේය. රතුපස්වල වැනි මතභේදාත්මක කර්මාන්තශාලා ද දශක ගණනාවක් පුරා පරිසරය දූෂණය කළේත්, පරිසර නීති රීති තුට්ටුවකට ගණන් නොගත්තේද කර්මාන්තශාලාවට තිබූ දේශපාලන ශක්තිය නිසාය.
දොම්පේ ප‍්‍රදේශයේ ද පරිසරයට හානි කර කර්මාන්තශාලාවකි. කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කෙළින්ම බැහැර කරන්නේ අසල පිහිටි ඇළ මාර්ගයටය. වසර හතරක පහක සිට සිදුවන මෙම පරිසර හානිය නිසා අවට කුඹුරු අක්කර සිය ගණනක් අස්වැද්දීමට නොහැකිව ගොස් ඇත. ගොවිතැන් කිරීමට කුඹුරුවලට බසින ගොවියන්ගේ කකුල් කුණු වෙන්නට පටන් ගත්තේය. ඇළ මාර්ගයෙන් ජලය බිව් ගවයින් රැසක් මරණයට පත් විය. ඇළ මාර්ගය ඔස්සේ කෘමිනාශක ගලාගෙන විත් දොම්පේ-පහුරුවිල පරිසර කලාපයම දූෂණය වී එහි සිටි මාළු දහස් ගණනක් මිය ගියහ.
මේ ගැටලූවට ප‍්‍රදේශයේ දේශපාලකයාගෙන් විසඳුම් ගන්නට සිතූ ප‍්‍රදේශයේ ජනතාව දේශපාලකයා වෙත ගොස් සිද්ධිය දැනුම් දුන්හ. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ දූෂිත කර්මාන්තශාලාවෙන් තම පරිසරය ආරක්ෂා කරදෙන ලෙසය. දේශපාලනඥයා ප‍්‍රදේශයේ ගොවියන්ද ගෙන්වා කර්මාන්තශාලාවේ රැුස්වීමක් තිබ්බේය. දේශපාලනඥයා කර්මාන්තශාලාවේ සේවකයින් අමතා ප‍්‍රශ්න කළේ ”මේ කර්මාන්තශාලාවේ වැඩ කරලා ඔයගොල්ලෝ කාගේ හරි කකුල් කුණුවෙලා තියෙනවාද? විෂවෙලා කවුරු හරි මැරිලා තියෙනවාද?’’ යනුවෙනි. සේවකයෝ කිසිවෙක් කතා නොකළහ.
”පේනවා නේද මේ වැඩපළේ වැඩ කරන අයට හානියක් නැතිනම් අනිත් අයට හානියක් වෙන්නේ කොහොමද?” කියමින් දේශපාලනඥයා කර්මාන්තශාලාවට පක්ෂව තීන්දුව දුන්නේය. එදිනම විශාල මුදල් කුට්ටියක් රැගෙන දේශපාලනඥයා කර්මාන්තශාලාවෙන් එළියට ආ බව දන්නෝ දනිති. ඇළේ වතුර විෂ වී තම හරකුන් මිය ගිය ගොවි මහතුන් ආපසු ගියේ හිස් අතිනි. එහෙත් හරකා කවුරුන්දැයි ඔවුන්ට තේරුම් ගොස් තිබුණි.
කඩොලාන ශාක රැුකීම අතින් අපේ රට අගැයීමට ලක්වූවද මීගමුව කළපුව ආශ‍්‍රිතව කඩොලාන ශාක විනාශ කර හෝටල් ඉදිකර ඇති අන්දම අප නිරීක්ෂණය කළේ එහි කළ සංචාරයකදීය. කඩොලාන ශාක කපා දමා බොහෝ හෝටල් ඉදිකර ඇති අතර, තවත් බොහෝ හෝටල් වලට සෙවණ ගෙන දෙන්නේ කඩොලාන ශාකයි. පසුව අපට අනාවරණය කරගත හැකි වූයේ පරිසර විරෝධීව කළපුවේ ඉදි කර ඇති මෙම හෝටල් බොහෝමයක් දේශපාලනඥයන්ට අයත් ඒවා බවය.
රටක ආර්ථික, සමාජීය හා සංස්කෘතික දියුණුවත් සමග පරිසරය ආරක්ෂාව ද සමගාමීව ගමන් කළ යුතුය. පරිසරයෙන් තොර දියුණුවක් නොමැති බව දියුණුවට පත් බොහෝ රටවල් සනාථ කර තිබේ. ඩුබායි, අබුඩාබි හා සාජා වැනි කාන්තාර වැනි රටවල අප කළ සංචාරයකදී පෙනී ගියේ දුෂ්කර කාන්තාර වැනි ඒ රටවල ද මහත් අපහසුවෙන් වූූවද ගස්වැල් සිටුවා ඒවාට සත්කාර කරන ආකාරයයි. ආර්ථික අතින් කෙතෙක් දියුණුවක් ලැබුණත්, පරිසරය මැළවෙන තත්ත්වයක පවතී නම් එම රටේ දියුණුව ද මන්දපෝෂණයට ගොදුරුවනු නිසැකය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වගුරු බිම් ගොඩකරන දේශපාලකයෝ