IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


වටුවන් වගේ සමගිය ඇත්නම් ප‍්‍රබල විපක්‍ෂයක් ගොඩ නැඟේවි

1984 වසරේ සිට 2012 ජනවාරි 31 දින දක්වා මෙරට අධිකරණ ක්‍ෂේත‍්‍රයේ කීර්තිමත් නාමයක් දිනා ගත් හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතා සිය සේවා කාලයේ දුන් අවසන් නඩු තීන්දුව වූ සුප‍්‍රකට සුදු කොඩි නඩු තීන්දුවත් සමග මෙරට දේශපාලන සහ අධිකරණ අංශවල මහත් කථා බහට ලක් වූ සුවිශේෂ චරිතයකි. සුදු කොඩි නඩු තීන්දුවෙන් පසු ටික දිනකින් මහාධිකරණ විනිසුරු ධුරයෙන් විශ‍්‍රාම ගත් වරාවැව මහතා මේ දිනවල ඒකාබද්ධ විපක්‍ෂයක් ගැන කතා කරයි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා විද්වත් කතිකාවතක් අවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි. පවත්නා දේශපාලන තත්ත්වයල රටේ ඉදිරි අනාගතය හා විපක්‍ෂයේ කාර්යභාරය පිළිබඳව ඒ මහතා සමග ”ලංකාදීප”ය කළ සංවාදයකි මේ. ප‍්‍රශ්නය:- මොකක්ද මේ ඒකාබද්ධ විපක්‍ෂයක කථාව. ඔබ ඒ වෙනුවෙන් ඉටු කරන්නේ කුමන කාර්යභාරයක්ද? පිළිතුර:- ඇත්තෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයක අවශ්‍යතාවය තදින්ම රටට දැනෙන කාල වකවානුවක් මේක. විපක්‍ෂය දුර්වලවීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ලවන බරපතල තර්ජනයක්. ඒ නිසා රටේ අනාගතය ගැන සිතන රටට ආදරය කරන සියලූ දෙනා ශක්තිමත් විපක්‍ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා. අපි හැකි අයුරින් ඊට දායක වෙනවා. ප‍්‍රශ්නය:- විපක්‍ෂය දුර්වලයි කියන එක අද රටේ  පොදු මතයක් වෙලා. ඔබට පුළුවන්ද මේ දුර්වල විපක්‍ෂය ගොඩ ගන්න. පිළිතුර:- අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබුණත් දිගින් දිගටම විපක්‍ෂය දුර්වල තත්ත්වයකට ඇදදමා තිබෙනවා. 1978 ව්‍යවස්ථාවෙන් පටන් ගත් මේ තත්්ත්වය දිගින් දිගටම වර්ධනය වෙමින් අද වන විට අර්බුද රැසක් නිර්මාණය කැර තිබෙනවා. ඔබ බලන්න එක්සත් ජාතික පක්‍ෂයෙන්, විපක්‍ෂයෙන් ඡුන්දය ඉල්ලා දිනපු හැට ගණනක් පමණ විවිධ වරප‍්‍රසාද ඇමැතිධුර අරන් ආණ්ඩුවට ඇවිත් ආණ්ඩුව ආරක්‍ෂා කරනවා. ඡුන්ද දායකයා ඡුන්දය දුන්නේ ඔවුන්ගේ හෘද සාක්‍ෂියට අනුව. නමුත් ඔවුන්ගෙ ඡුන්දයෙන් දිනපු අය හෘද සාක්‍ෂියට අනුව කටයුතු කරන්නෙ නැහැ. ඔවුන් විවිධ වරප‍්‍රසාදවලට යටවෙලා. ඔවුන් පත්කළ ජනතාවගේ හෘද සාක්‍ෂිය දෙදරා ගිහින්ග විපක්‍ෂයේ මන්ත‍්‍රී බහුතරය අද සුළුතරය බවට පත්වෙලා. මෙම තත්ත්වය කනගාටුදායකයි. රටට හොඳ තත්ත්්වයක් නොවෙයි. ප‍්‍රශ්නය:- ආණ්ඩුව පසුගිය කාලයේදී රටේ ප‍්‍රධාන ප‍්‍රශ්න විසඳාගන්න විපක්‍ෂයට ආරාධනා කළත් ඔවුන් එම අවස්ථාව මගහැරීම නිසා ඊට එකඟතාවය පළ කළ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් රජයට එක් වුණා නේද? පිළිතුර:- නැහැ. මෙහෙමයි. රජය අවංකව රටේ පොදු යහපත වෙනුවෙන් තීන්දු ගන්නවා නම් කටයුතු කළ යුත්තේ විපක්‍ෂය සමඟයි. එසේ නැතිව විවිධ හේතු මත විපක්‍ෂයේ කොටස් කඩා ගෙන එම කොටස් සමග කටයුතු කරන්න යෑම සාර්ථක නැහැ. රජය එසේ කරන්නේ ඔවුන්ගේ බලය තහවුරු කරගන්න මිස රටේ යහපත උදෙසා නොවෙයි. දැන් බලන්න 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්‍ෂිත කරන ආයතන ගණනාවක් එමගින් ස්ථාපිත කොට තිබුනා. නමුත් පසුව ගෙනා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ සියල්ල ඇහිරී ගියා. ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණ සේවාවක් වැනි අංශ රැසක ස්වාධීනව කටයුතු කිරීමට තිබුණු අවස්ථා ගිලිහී ගියා. ජනාධිපතිවරයාගේ ධුර කාල සීමාවන්ට තිබූ සීමා ඉවත් කළා. ප‍්‍රශ්නය:- ඔබ කියන්නෙ අද රටේ ස්වාධීන ආයතන නැහැ කියලද? පිළිතුර:- ඇත්තෙන්ම ඔව්. අද ස්වාධීනව කටයුතු කරන ආයතන රටේ නැහැ. ඒවා සියල්ල දේශපාලනයට යට වෙලා. පුරවැසියෙක් ලෙස මේවා අනුමත කරන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස කටයුතු සිද්ධ වෙනවද කියන සැකය ජනතාවට තිබෙනවා. ප‍්‍රශ්නය:- අධිකරණයටත් දේශපාලනය ඇතුළු වූ බවට චෝදනා නැගෙනවා. එදා ඔබ දුන් නඩු තීන්දු ගැනත් ජනතාවට සැකයක් තිබෙනවාද? පිළිතුර:- මගේ සේවා කාලයේ මම ස්වාධීනව කටයුතු කැර තිබෙනවා. මා ලබාදුන් සියලූ තීන්දු කිසිදු බලපෑමකට යටත්ව දුන් ඒවා නොවෙයි. මම හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන කෙනෙක්. නමුත් පසුකාලීනව අධිකරණ ක්‍ෂේත‍්‍රයේ සිදුවුණු ඇතැම් දේවල් නිසා අධිකරණය කෙරෙහි මගේ තිබුණු විශ්වාසය බිඳුණා. ප‍්‍රශ්නය:- ඔබ විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක්. ඔබ මේ අර අඳින්නේ දේශපාලනයට එන්න කියල කාටහරි හිතුණොත් එතනදීත් අධිකරණයෙහි ස්වාධීනත්වය ගැන ප‍්‍රශ්න මතුවෙනවා නේද? පිළිතුර:- මම දේශපාලනයට එනවාද නැද්ද යන්න ගැන තාම තීරණයක් නැහැ. කිසිම පාර්ශ්වයකින් මට තාම ආරාධනා ලැබිලත් නැහැ. නමුත් එකක් කිව යුතුයි. මටත් අදහසක් තිබෙනවා. ඡන්දයක් තිබෙනවා. විනිසුරුවරයෙක් වුනා කියල මට මගේ මතය නැති කරගන්න බැහැ. හැබැයි මම කිසිම අවස්ථාවක විනිශ්චය ආසනය මතදී හෝ අධිකරණය තුළදී දේශපාලනය කරල නැහැ. ඒක වගකීමෙන් කියන්න පුළුවන්. ප‍්‍රශ්නය:- කුමන හෝ පාර්ශ්වයකින් ආරාධනා ලැබුණහොත් ඔබ දේශපාලනයට එනවාද? පිළිතුර:- ඒක දැන්ම කියන්න බැහැ. මට කුඹුරු කොටන්න පුළුවන්. වතුපිටි බලාගෙන ඉන්න පුළුවන්. දේශපාලනයට එන්නත් පුළුවන්. මගේ පුරවැසිකම නැතිවෙලා නැහැ. ප‍්‍රජා අයිතිය නැතිවෙලා නැහැ. හොරුන්ට, තක්කඩියන්ට, කුඩුකාරයින්ට, ස්ත‍්‍රී දූෂකයින්ට, බාල අපචාරකාරයින්ට විතරද මේ රටේ දේශපාලනය කරන්න පුළුවන්. ප‍්‍රශ්නය :- අද රටේ ප‍්‍රශ්න ගණනාවක් මතුවී තිබෙනවා. ජනතාව දිගින් දිගටම බැට කමින් සිටිනවා. නමුත් ඔබලා ඔය එකතු කරන්නට හදන විපක්‍ෂය තව තවක් කැඞී විසිරී යනවා? පිළිතුර :- විපක්‍ෂයේ සියලූ පක්‍ෂ එක්විය යුතුයි. විවිධ මත තිබුණත් අද රටේ ඇතිවී තිබෙන ප‍්‍රශ්නවලදී පොදු මතයක් යටතේ සියලූ දෙනාටම එකතු විය හැකියි. මැතිවරණ ක‍්‍රමයට එරෙහිව, අධ්‍යාපන අර්බුදයට හා ආර්ථික ප‍්‍රතිපත්තිවලට එරෙහිව එක්විය හැකියි. එසේ එක්වීමට අවශ්‍ය  ඕනෑ තරම් කාරණා රට තුළ තිබෙනවා. එසේ එකතු නොවන තාක්, ගොඩ ඒමක් නැහැ. අද බලන්න විපක්‍ෂයේ හැමෝටම නායකයෝ වෙන්න  ඕනෑ. පොදු අපේක්‍ෂකයෝ වෙන්න  ඕනෑ. ඔවුන් රට ගැන හිතනවා නම් ජනතාව ගැන හිතනවානම් මේ වාද භේද අත් හැරලා එක්විය යුතුයි. ප‍්‍රශ්නය :- ඔබ පමණක් නොවෙයි මහා සංඝරත්නයත් රටේ බොහෝ ජනතාවත්ල කොටින්ම ආණ්ඩුවේ ඉහළම නායකයොත් විපක්‍ෂය ශක්තිමත්ව පවත්වාගෙන යාම ගැන කියනවා. නමුත් විපක්‍ෂය එකතුවන පාටක් නම් නැහැ? පිළිතුර:- ”සම්මෝද මහා ජාතකයේදී (ජාතක කතා අංක 33) අපේ බෝසතාණෝ එක්තරා වටු රැළක නායකයෙක්ව උපදිනවා. මේ වටු කුරුලූ රැුළ ජීවත්වන ප‍්‍රදේශයේ වැද්දෙක් වටුවන් අල්ලා විකුණා ජීවත් වෙනවා. වැද්දා එළන දැලට වටුවන් හසුවීමෙන් වටු රැළේ පිරිස අඩු වෙනවා. මේ පිළිබඳ කල්පනා කළ වටු රැුළේ නායක වටුවා සමඟිව කටයුතු කැර වැද්දාගෙන් බේරෙන හැටි වටු රැළට කියා දෙනවා. ඒ අනුව වටු රැළ සමගිව වැද්දා එළන දැළ ඔසවාගෙන ගොස් ගස් අතු අතර රඳවා දිවි බේරා ගන්නවා. ටික දිනකින් වටුවන් දඩයම්කිරීමට නොලැබීම නිසා වැද්දාගේ පවුලේ ප‍්‍රශ්න ඇති වෙනවා. වටු රැළ සමගිව සිටින තුරු තමන්ට වටුවෙකු දඩයම නොහැකි බව පෙනී යන වැද්දා විවිධ උපාය යොදමින් වටු රැුළ භේද කරනවා. වැද්දාගේ උපායට හසුවන වටු රැළ එකිනෙකා කුලල් කාගනිමින් වැද්දාගේ ගොදුරු බවට පත් වෙනවා. වටු රැළ සමගි කරන්නට කොතෙක් උත්සාහ දැරුවද ප‍්‍රයෝජනයක් නොවන තැන වටු රැළේ නායකයා වූ බෝසතානෝ එම ප‍්‍රදේශය අතහැර යනවා.”  මට විපක්‍ෂයේ ඉන්න සියලූ දෙනාටමත් කියන්න තියෙන්නෙ මේ කථාව ආදර්ශයට ගන්න. සියලූ දෙනා සමගි වෙන්න කියන විවෘත පණිවුඩය දෙනවා. ප‍්‍රබල විපක්‍ෂයක් ගොඩ නැඟීමෙන් රටේ අනාගතය සුරැකිය හැකියි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකිය හැකියි.



අදහස් (0)

වටුවන් වගේ සමගිය ඇත්නම් ප‍්‍රබල විපක්‍ෂයක් ගොඩ නැඟේවි

ඉන්දිකා Tuesday, 25 September 2012 05:13 PM

ඉතාම හොදයි දිරියටම එන්න..!(නු)

:       0       0

කුමාර Thursday, 27 September 2012 01:32 PM

අන්න කතාව ඇත්ත

:       0       0

ගාමිණි Friday, 28 September 2012 12:44 PM

මෙයාට හොඳටම පිස්සු.... (ස)

:       0       0

සදුන් Tuesday, 25 September 2012 11:44 AM

ඔබ වැනි උගත් බුද්ධිමතුන් පෙරට පැමිණ ජනතාවට සත්‍ය වටහා දෙන්න..(ස)

:       0       0

සුදේශ් Tuesday, 25 September 2012 11:45 AM

කතාව නම් ඇත්ත මහත්තයෝ (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 27 September 2012 02:54 PM

පිස්සු (ස)

:       0       0

හේමන්ත Tuesday, 25 September 2012 04:16 PM

ජනතාව පවතින දේශපාලනය ගැන මීට වඩා බුද්ධිමත් විය යුතුය. අමාරුවෙන් හරිහම්බ කරන දෙයින් විශාල කොටසක් බදු ගෙවන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ප්‍රජාතන්ත්‍රවාදී කියන ඊනියා දේශපාලනය නඩත්තු කරන්නයි. පවතින සත්‍ය විකෘති කර මාධ්‍ය මගින් මවන සුරලොව අනාගත පරපුරම අතරමං කරන්නේ වර්තමාන අඥාන වැඩිහිටි පිරිසමය. සාධනීය යහ පාලනයක් නොලදහොත් මේ සමාජය පරිහානියට යනවාමයි. මොළ ගෙඩි වලට හෙණ ගහලද මිනිසුන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 162 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 561 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 155 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 145 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 339 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 653 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site